නිර්මල බුදු දහම අනුව කල යුතු දේ

Posted: March 23, 2011 in Uncategorized

පහතින්  දැක්වෙන්නේ පහු ගිය පෝය දවසේ ලංකාදීප පත්තරෙත් එක්ක දීපු පෝය අතිරේකෙන් උපුටා ගත්ත කොටස් කීපයක්.
 

විහාරස්ථානය අරඹා හරියටම වසරක් ගත වන තැන සතියක් පුරා මහා දැන් දී සත් පිරිත් දේශනා කොට ශ්‍රී දෙවුරම් වෙහෙර නිල වශයෙන් විවෘත කරනු ලැබුණි. එදා පටන් මේ වනතුරු ජනතාව තම දුකේදීත් සැපයෙදීත් පිහිට පතා යන ආගමික ස්ථානයක් බවට මෙකී පුද බිම පත්ව තිබේ.
 
2004 දී ලංකාවට බල පෑ  සුනාමි ව්‍යාසන අවස්ථාවේදී මෙම විහාරස්ථානය මූලික කරගෙන ආගමික වතාවත් රැසක් සිදු විය. මහා සාගරය කැළඹීමෙන්  සිදු වූ  විපත් නිසා නැවතත්  එවැනි විපතක් පැමිණෙතැයි කියා ජනතාව බිය වූහ. මාධ්‍ය හරහාද ඒ ගැන විවිධ ප්‍රචාර පැතිරුණි. මේ ඛේදවාචකය නිසා සුමංගල හිමියෝද මහත් සේ කම්පාවට පත්ව සිටියහ. උන්වහන්සේ ජනතාවට පිහිට වන්නට සිතා ගත්හ.
 
නිර්මල බුදු දහම අනුව කල යුතු දේ ගැන උන්වහන්සේ දායක දායිකාවන් සමග කතා බස් කළහ. මෙහිදී උන්වහන්සේගේ සිතට එක කරුණක් ගැන සිහියට නැගුණි. ඒ සිදුහත් කුමරාගේ මවු මහමායා මාතෘ දිව්‍ය රාජයාණන් තවු තිසා දෙව් ලොව ජීවමානව වැඩ සිටින බවයි. මවකට දරුවකුගේ දුක් ගින්දර බොහෝම ඉක්මනනට දැනෙනවා. වැටහෙනවා, තේරෙනවා. එනිසා මහමායා දේවියට සිදුහත් කුමරුගේ මවුට මුහුද ගොඩ ගැලීමෙන් සිදු වූ විපත ගැන සිහි කලොත් මවු ගුණයෙන් අපව ආරක්ෂා කර ගනීවියයි සුමංගල හිමියෝ සිතුහ.
 
එදා සිට සතියක් පුරාම ඔපහන් දල්වමින් රැස් කර ගත් ශීල භාවනා ප්‍රතිපත්ති පින් ,මාතෘ දේව රාජායනන්ට අනුමෝදන් කොට එවැනි විපතක් නැවත සිදුවන්නට එපා යැයි කියා උන්වහන්සේ  ප්‍රර්ථනා කළහ. එහෙත් නැවත මුහුද ගොඩ ගලාවිය යන බිය සැවොම තුලම වූහ. ඉක්මනින් ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙස මාධ්‍ය පුන පුනා කීහ.
 
ඒ වන විටත් මවු දෙව් රැජිනට පහන් දල්වමින් සත් ක්‍රියා කරමින් ආගමික වතාවත් දෙව්රම් වෙහෙර විහාරස්ථානයේ දී  සිදු විය . ඒ පින් බලෙන් සාගරය ගොඩ ගැලීම නතර විය. මහා සාගරය මද පිපිරීම් කීපයක් ඇතිවුවත් සාගරය ගොඩ බිමට පැමිණියේ නැත. ලක් දෙරණට මවු දෙව් රැජිනගේ ආශිර්වාදය  හා බැල්ම වැටුණි. මේ ආශ්චර්වත් සිදු වීම නිසා එදා පටන් මහමායා දේවිය වෙනුවෙන් පූජනීය වූ දෙවොලක් දෙව්රම් වෙහෙර පින්බිමේ ඉදි විය . එසේම මවු දෙව් රැජිනට කෘතවේදී වූ ජනතාවක් මුළු ලෝකය පුරාවටම ඇති කිරීමට ද  සුමංගල හිමියෝ එදා සිතා ගත්හ. “
 
 
අනේ දෙයියනේ මේ ගැන ජපානෙට කියන්න තරම් එකෙක් හිටියේ නැහැනේ මේ සිරි ලංකාවේ. එහෙම කලින් කියලා තිබුනා නම් එයාලත් දේවාලයක් හදා ගෙන පුද පූජා කරලා ඔය පහු ගිය දවස් වල ආපු සුනාමියෙන් බේරෙනවා නොව. අපි නම් හරිම කෙලෙහි ගුණ නොදත් ජාතියක් ඒ අතින් බැලුවාම. සුනාමියෙන් බේරෙන්න මෙච්චර ලේසි ක්‍රමයක් තියෙද්දී එක අනිත් රටවලට නොකියා ඉඳීම නම් හොඳ නැහැ. නොමිලේ දෙන්ට ලොබ නම් ගානක් අරගෙන කියලා දෙමු. නරකද අපේ හාමුදුරුවනේ ඔය ක්‍රමේ ගැන පේටන්ට් එකක් එහෙම අරගෙන වැඩේට බැස්සානම්.
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: අනුව, කල, දහම, දේ, නිර්මල, බුදු, […]

  2. “නිර්මල බුදු දහම” නමින් මිත්‍යාවන් සමාජගත කිරීම බරපතල ඛේදවාදකයකි.

  3. මම පහුගිය පොයට දෙවුරම් වෙහෙරට ගියා… දැන් නම් එතන යන්නේ තනිකරම බිස්නස් එකක්… සුමංගල හාමුදුරුවොත් මෙහෙම කරනව නම් ඉතින් අපි කාට කියන්නද????

  4. මේවගේ මොඩ ආතල් නිසා බුදු දහමට වෙන්නෙ සුලුපටු විනාසයක් නෙමේ… කනගාටුවට කරුන නම් වගකිවයුතු කිසිවකුගේ අවදානය මෙවන් දේ කෙරේ යොමු නොවීමයි.

  5. අන්ධභක්තියෙන් ක්‍රිස්තියානිකරණයට විරුද්ධ වන අයට සුමංගල මේ සංකල්පය හොරකම් කළේ ‘කන්‍ය මරියා” සංකල්පයෙන් කියලා නොතේරෙන එකනේ වැඩේ. එහෙම බැලුවම සුමංගලත් විජාතික කුමන්ත්‍රණයක හවුල්කාරයෙක්වත්ද?

  6. Vipul says:

    තමන් ගිය ආත්මෙක ආනන්ද මහතෙරුන්ගේ ගෝල නමක් කියල කීවෙත් මෙයානේ. බුද්ධාගම මාකට් කරන අනිත් චීවරධාරින්ට වඩා මෙයා ඇන්දවීම අතින් ගොඩක් සාර්ථකයි.

  7. ජුලියස් සීසර් says:

    ඔතන යන්නෙ බිස්නස් එකක් බව පොඩ්ඩක් සිහිබුද්ධියෙන් බලන ඕන කෙනෙකුට පේන්න ඕනෙ… නමුත් බුදුදහමේ හරය වෙනුවට ජනප්‍රිය ඇදහිල්ලක් පසුපස අන්ධ භක්තියෙන් යන අපේ බොහෝ උපාසක උපාසිකාවන්ට ඕක නොතේරෙන එකයි කරුමෙ…!!!
    දෙව්රම් වෙහෙරට පොඩ්ඩක් ගිහින් බලන්න මොන විකාරද ඒකෙ තියෙන්නේ කියලා…

  8. budhajeewa says:

    rassigeadaviya කියල තියනව වගේ කතෝලිකයන්ට මරිය තුමිය අදහන්න හොඳ නං බුද්දාගංකාරයොන්ට (බුද්ධ දර්ශනය අනුගමනය කරන්නන් නොවේ!) “මාතෘ දිව්‍ය රාජයා” ඇදහන්න හොඳ නැද්ද?!

  9. Ravi says:

    අනේ මන්දා, මේ මළ විකාර ගැන කතා කරලත් බැහැ, නොකරත් බැහැ, එක අතකින් මොනව කිව්වත් අපේ මෝඩ රැල රෙදි උස්සං මෙව්ව පස්සෙ දුවන එකනම් මේ කපේදි නතර කරන්නෙ නැහැ, මෙව්ව කියවල ඇඟේ ඉතුරු වෙලා තියෙන ලේ සොච්චම දාල පිච්චිල යන එක විතරමයි අන්තිමට වෙන්නෙ,

  10. කර්නල් බබන්ගිඩා says:

    අයි ඉතිං අර කිරිබත්ගොඩ බඩවඩානන්ද එක බනකට රුපියල්ම 40,000 ක් ගන්නෙ. මේවට තමා අති නිර්මල බුදු දහම කියන්නෙ.

  11. arjuna says:

    තමන්ගේ අයට වැඩිය අනුන්ගේ අය මැරැන්න කියල පිරිත් කියන නිර්මල බුදු දහමක්නෙ අපිට තියන්නේ

    • To arjuna: මොකක් ගැන ද ඔයා ඔය කියන්නේ? කවුද එහෙම පිරිත් කියන්නේ? එහෙම පිරිතක් කොහෙද තියෙන්නේ?

  12. @ ඇටමැස්සා
    මම ලියන පෝස්ට් එකක් වෙනුවෙන් මෙහි සඳහන් ඇතැම් කරුණු උපුටාගත්තාට කමක් නැද්ද?

  13. Anonymous says:

    කෝ බොලව් මේ පෙරමුණේ රාල, නො ෆ්‍රේම් , පද්දා එහෙම. මක්ක වෙලාද උන්ට? මේ දේශද්‍රෝහී කතාවට උත්තර දෙන්ට එන්නේ නැතුව මක් කරනවාද?

    • Anonymous says:

      @ඇනෝ, මට පේන විදියට මේ කස්ටිය දැන් හොයා ගෙන තියෙනවා මතවාදීව හැප්පෙනවාට වඩා ප්‍රතිවාදීන්ව හැක් කරල, තර්ජන කරල, බය කරල දිනන එක ලේසියි කියල. ඒකයි ඔය.

  14. Lankapriya says:

    නුතන චීවරදාරි අබවුද්දයින් බුද්දාගමට කරන හානිය ඇත්තටම වෙන ආගම් ප්‍රචාරය සඳහා කරන උපක්‍රම වලින් වෙන හානියට වඩා දහස් ගුණයකින් වැඩියි.. මගේ බ්ලොගේ මමත් කියන්නේ ඕකයි.. දැන් මේ කාලේ බුදු හාමුදුරුවෝ හිටියනම් ඉන්නේ කැළේ .. ඒ මොකද ප්‍රදානම සතුරු බලවේගය වෙන්නේ මේ අයම තමයි…

Leave a comment