ප්‍රාජිතගේ තුන් පිම්ම

Posted: June 19, 2019 in Uncategorized
Tags:

aaaaaaaaa

ප්‍රා-ජිත තුමා නැවත වතාවක් පැනීම සඳහා ඉව අල්ලමින් සිටී. 2020 ජනාධිපතිවරණයට ඉව අල්ලමින් සිටි එතුමා මීගමු රෝහලේ දී ජනතාව විසින් ලබා දුන් හූ පූජාවේ මහිමයෙන් අඩි කිහිපයක් පස්සට තබා ආරක්ෂාකාරි පියවරක් වශයෙන් නැවත වතාවක් පිල් මාරුවකට අර අඳියි.

මහජන පක්ෂය, ශ්‍රිලනිප, බහුජන පෙරමුණ, එජාප ,පොදුජන පෙරමුණ හරහා නැවත එජාපයට කරණම් ගැසූ ප්‍රාජිතයානෝ, ගිලෙන නැවෙන් මීයන් පනින්නා මෙන් පනින්නට අතක් හා හේතුවක් හොයමින් සිටිද්දී මන්සිරි පින්ගල චීන සිගරට්‍ටුවක් උස්සාගෙන අවුත් ප්‍රාජිතගේ මූනේ ඇතුල්ලුවේය .අම්මට උඩු එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාගැනීමේ මහඟු අවස්තාව කෙසේ නම් පැහර හරින්නද? සිලෝන් ‍ටුබැකෝ හොඳ ලකුණු පොතට මෙන්ම අසහාය සිගරට් විරෝධියා චරිත දෙකම එකවර ලැබෙන්නේ වෙන කවුරුන්ටද?

මේ කරණම හරි ගියහොත් එතුමාට නැවත වතාවක් ජාතික දේශප්‍රේමී ගොඩට එක්වීමට මෙන්ම එතුමාට චන්දය දෙන ජහමනයාට ඒ පුණ්‍ය කර්මය සඳහා දායක වීමටද අවස්තාව ලැබෙනු ඇත.

සිද්ධි රස්තු

ආමෙන්

Leave a comment