Archive for March, 2012

ඉහතින් දැක්වෙන්නේ ගූගල්, ජීමේල්, කොකාකොලා වර්ජනය කර සිටින ගරු විමල් වීරවංශා තුමාගේ වෙබ් අඩවියේ පල වූ ප්‍රවෘත්තියකි. ඔබත්  කැමතිනම් දී ඇති සබඳිය හරහා එම පහසුකම සක්‍රීය කර ගත හැකියි. මෙයට ප්‍රවෘත්තියක් කියනවාද වෙලඳ දැන්වීමක් කියනවාද යන්න ඔබම තීරණය කර ගන්න.

ඇටමැස්සාගේ බ්ලොග් කෙරුවාවට අදට වසර දෙකකි. මෙය  පම්පෝරි කියන්නට තරම්  දෙයක් නොවුනත් පම්පෝරියක් කියන්නට සිතේ.ඒ පම්පෝරිකාරයින්  පිරී සිටින රටක එසේ නොවී සිටීමේ පලක් නැති නිසාය. ඉහින් අපේ පම්පෝරිය හෝ ඕබට සිතෙන වෙන ඕනෑම නමක් දමා ගත හැකි හෑල්ල මෙසේය.

බ්ලොග් යනු මහජන පුවත්පත් කලාව්යි. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුල ඉඩ කඩ නැති අප වැනි අහිංසක දුප්පත් එසේම තමන්ට ලිවීමේ හැකියාව ඇතැයි සිතන ( එහෙත් ඇත්තටම එසේ නැති) උන්ගේ මාධ්‍යයයි. ඉතින් අප එයින් උපරිම ප්‍රයෝජනය ( ?) ගනිමු.

විශේෂයෙන් ප්‍රධාන මාධ්‍ය සියල්ල හැලපයට යට වී ඇති මෙවැනි යුගයක මෙවැනි විකල්ප මාධ්‍ය වලට මහත් වූ කාර්ය භාරයක් කිරීමට හැකිය. එය නොකෙරෙන බවද සත්‍යයකි.

ඇත්තම කිවහොත්  අද බ්ලොග්කරුවන් වන අපද වැඩ කරන්නේ ආණ්ඩුව  කියන පරිදිය. එය තරමක් දුරට පුදුමසහගහත කියමනක් වුවද තිත්ත ඇත්ත එයයි.පසුගිය වසර දෙක පුරාවට අප ලියූ බ්ලොග් සටහන් කියවා බැලීමෙන් ඔබට එය තේරුම් ගත හැක.

අද ශ්‍රී ලංකාව ආර්ථික  හා සාමාජීය වශයෙන් මහත් වූ ප්‍රපාතයකට ඇද වැටෙමින් තිබේ. එය වලක්වා ගැනීමට රාජපක්ෂ රෙජිමයට හැකියාවක් හෝ උවමනාවක් නැත. ඔවුන්ට අවශ්‍ය එකම දෙය හැකිතාක් කල් බලයේ සිටිමින් ධනය ගොඩ ගසා ගැනීම පමණි.

ඒ තරම පාලකයින් හා ඔවුන්ගේ ඇම්බැට්ටයින් ,ජීවන අරගලයේ කරවටක් ගිලී සිටින ජනතාව තමන්ට එරෙහිව නැගී සිටිතැයි බියෙන් ඔවුන්ගේ අවධානය වෙනතක යොමු කරවනු  වස් නොයෙක් ආකාරයේ ගුලි ,චූර්ණ හා කල්ක  වරින් වර ඔවුන්ට පොවති.

මර්වින් සිල්වා බඳු මැරයින්ගේ ග්ස් බැඳීම් ජවනිකා, වීරවංශලාගේ උපවාස හා ඇමෙරිකානු වර්ජන, බන්ධුල ගුණවර්ධනගේ 7500 කතාව බඳු මැටි කතා,නලින් සිල්වාගේ නාථ දේව නාඩගම හා ජීනිවා නාඩගම ආදි සියල්ල පාලකයින්ගේ මේ උවමනාව වෙනුවෙන් සැකසූ  ඒවාය. එසේ නොවේනම් එවැනි ක්‍රියා හා කතා කරන උන්ගේ මැටිකමට කියන කරන  දෑ පාලක කල්ලිය විසින් තමන්ගේ පැවත්ම වෙනුවෙන් යොදා ගනී.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සියල්ල ඒවාට උපරිම ප්‍රසිද්ධියක් දෙමින් ජනතාව තමන්ගේ සැබෑ ප්‍රශ්න වලට යොමු වීම වලකමින් සිටී. ඒ සඳහා ඔවුන්ට මාසයකට වරක් හැලපය බැගින් ලැබේ.

අප බඳු බ්ලොග් කරුවන්ද පසුගිය කලය පුරාවටම කර ඇත්තේ එයයි. වීරවංශ ඇඟපත පුරා මල පහ කර ගෙන නටන විට අප ඔහු ගැන ලියමු. මර්වින් පාරේ මල පහ කරන විට අප ඒ ගැන ලියමු. බන්ධුල මුවෙන් මල පහකරද්දී ඒ ගැනත් ලියමු. ඉන්පසු සියලුදෙනා එක්වී එයට සිනහසී අමතක කර දමා එවන් තව සිද්ධියක් වන තෙක් බලා සිටිමු.අද අපද ඇතුලු බොහෝ බ්ලොග්කරුවන් කරන්නේ එයයි.

මෙයින් වෙනස් වූ එකෙක් දෙන්නෙක් නැතුවාද නොවේ. කෙසේ වෙතත් පොදු තත්වය එයයි.

මෙයින් වෙනස්වීමසඳහා බරපතල හැදෑරීම් හා කැපකිරීම් අවශ්‍යය.  කොතරම් බාධක තිබුනත්  ඒ සඳහා අප උත්සාහ කල  යුතුය.

 

ඇටමැස්සාගේ ඉවසීමේ සීමාව පැන තිබේ. ඒ බව ඉහත මාතෘකාවෙන්ම පෙනී යනු ඇත. ඌට මල පැන්නේ අද වීරවංශ පාටියේ තට්ට විජේනායක කී කතාවක් ඇසීමෙන් පසුය.

ඒ කතාව සරලව කිව්වොත් මෙසේය.

” ලංකාවේ ජනයා එක මතයක නැත. ඒ නිසා එක එක එවුන්ට මේ ජනයා ඕනෑ ඕනෑ විදියට නැටවිය හැක. උදාහරණයක් ලෙස වී මිල රුපියල් හතලිහ කරන මෙන් ඉල්ලා ගොවීන් පාරට බසින්නේ ඒ නිසාය. එම නිසා ජනතාව සියලු දෙනා එකම මතයකට ගෙන ආයුතුය.වී මිල වැඩි කල විට හාල් මිල වැඩි වී ජනයා පාන් කයි. එවිට බඩේ පාර වදින්නෙද ගොවියාටමය ”
දැන් මූ කියන්නේ අපූරු කතාවකි. රටේ සියලු දෙනා එකම විදියට හිතිය යුතුය. මුන් එකම විදිය කියන්නේ වෙන විදියක් නොව මේ ජාතිවාදි ගෝත්‍රවාදි නඩය සිතන විදියමය. ජනයා සියලු දෙනා ජාතිවාදින් විය යුතුය. මුන් කරන සියලු නොසන්ඩාල වැඩ  මුන් කියන දේශප්‍රේමය  වෙනුවෙන්  ඉවසිය යුතුය. මුන් රට හූරාගෙන  කන විට ඊට විරුද්ධ නොවිය යුතුය. ජනයා බඩගින්නේ මැරුනත් සටන් නොකල යුතුය. වීදි නොබැසිය යුතුය. කොටින්ම කිව හොත් ජනතාව සිතීම නවත්වා මුන් ගේ විධාන වල කීකරුව බල්ලන් මෙන්  ජීවත් විය යුතුය.

මේ වගේ කතා වලට අනේ හු— නන්නානේ නොකියා වෙන මක් කරන්නද?

සටහන1- වී මිල හතලිහට නොව තිහට තිබුනත් හාල් මිල තීරණය කරන්නේ ඩඩ්ලි (මල්ලි ) මුදලාලි හා සිරිපාල මුදලාලිතුමා බව හැංගීම   තට්ට විජේනායක ගේ  බබා හුකුන් ය.ඒවාට ‍රැවටෙන්නේ සී නිව්ස් විතරක් බලන බයියන් පමණි.

සටහන2- මේ කතා අසා ඇටමැස්සාට කොතරම් තද වුනේද යතොත් ඊයේ අයින් කල ඔබ්සර්වගේ හා කන්ඩුලගේ කමෙන්‍ටු දෙක පවා ආපහු දැම්මේය.

 

 

දෙදහස් පන්සීයක් ඇතිය මාසය ජීවත්වෙන්ට
කියලා යලිත් තප්පුලයි බන්දුල ඇමති තුමා
ගනන් හදලා බැලුවාම කන විදිය
අසූ තුනයි ශත තිස්තුනයි දවසකට

පාන්ගෙඩිය රුපියල් පනහක්  කෙරුවාය
රුපියල් තිහක් දී හොදි දීසියක් ගෙන
තුනට බෙදලා තුන් වේලට කාලා
සිහිකර නිදාගමු ඇමතිගේ අම්මා

-රංචාගොඩ ලමයා-

 

මහා දේශප්‍රේමි , දේශහිතෛෂී , ජාතිමාමක විමල් වීරවංශා මැතිතුමාගේ ඇමෙරිකානු භාණ්ඩ වර්ජන වැඩ සටහනේ පහත පරිදි සංශෝධනය කරන බව සියලු දේශප්‍රේමි ජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

“සියලු ඇමෙරිකානු භාණ්ඩ වර්ජනය කරනු”  යන්න “ KFC (කේඑෆ්සී)හැර සියලු ඇමෙරිකානු භාණ්ඩ වර්ජනය කරනු ” යනුවෙන් සංශෝධනය විය යුතුය.

ඒ අනුව මින්පසු KFC (කේ එෆ් සී)  වෙත යාම දේශද්‍රොහී ක්‍රියාවක් වශයෙන් නොසලකනු ලැබේ. ඇත්ත වශයෙන්ම එය දේශප්‍රේමි ක්‍රියා යටතට ගැනෙන බව සියලු දෙනා සැලකිය යුතුය.

ඔබත් අදම KFC වෙත ගොස් දේශප්‍රේමියෙක් වන්න

සටහන- තෑන්ක් යූ ඔබ්සර්වර්

නෝනා වරුනි, මහත්වරුනි

අප ඊයේ පැවැත්වූ ඒ මහා දේශප්‍රේමී තරඟයේ ප්‍රතිපල එලි දැක්වීමටයි මේ සූදානම.

ඔව් ඔබට මතක ඇති අප ඔබට කිව්වා, ජීනිවා නාඩගම හමාර වී වැලේ වැල් නැතිව සිටින අපේ ජනතාව සතියක කාලයකට අල්ලා තබා ගැනීම සඳහා ඉද්‍රිරිපත් කරන හොඳම දේශප්‍රේමි ටොපියට ඉතා වටිනා තෑගි දෙන බව.

ඔව් පිලිගන්න මෙන්න ජයග්‍රාහකයා, අප වෙත ඉදිරිපත් වූ සියයකට අධික යෝජනා අතරින් ජය ගන්නේ ,………………………

සතියකට නොව මාස තුනකට අධික කාලයක් දවසේ පැය 24 ම ක්‍රියාත්මක කල හැකි ඒ අසහාය යෝජනාව, රට පුරා තාප්ප වනසමින් උදේ රෑ නැතිව යකඩ කටෙන් සටන් කරමි න් , රූපවාහිනි, ගුවන් විදුලි, පත්තර තුලට පවා කා වදින  ඒ අසිරිමත්  යෝජනාව…………

පිලිගන්න මෙන්න  ජයග්‍රාහකයා, මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීමටම උපන් පුතයා…………….

පපර පපර පාං

විමල් පපර පෑන් වීරවංශ!!!!!!!!!!!!!!!!!

ඇමෙරිකන් භාණ්ඩ බොයිකොට් කිරීම  වැනි අදහස් ගෙන ආ  ඒ අභීත දේශප්‍රේමියා ඉදිරිපත් කල ඒ අසම සම යෝජනාව,

පිලිගන්න

” එල් එල් ආර් සී යෝජනා ක්‍රියාත්මක කරනවාද නැත්ද යන්න ජනමත විචාරණයකින් තීරණය කල යුතුයි”

පපර පපර පාං ….

සටහන– ඒ මහතාට තෑගි වශයෙන් ජිනීවා වල කවුදෝ අමතක කර ආ ඒ කලිසම් ජෝඩූ රාජයා හිමි වෙනවා ඇත.

 

 

ජීනිවා ඉවරය. වැඩිම උනොත් තව සතියක් හමාරකින් එහි ‍රැස් බසිනු ඇත. කොතරම් උත්සාහ කලත් අවශ්‍ය ප්‍රමාණයට එය නැවත එසවීමට සක්‍රයා ආවත් බැරිය.

වීරවංශගේ අමෙරිකානු බොයිකොට්  කතාවද ජෝක් එකක් වී තිබේ. ගුණදාස අමරසේකර වැනි අවලංගු කාසි පෙරට දමා එම කතාව සීරියස් එකක් කර ගැනීමට ගන්නා උත්සාහයද හරි යන පාටක් පේන්නට නැත.

එම නිසා රුපියල බාල්දුවත් සමග ඉහල යන බඩු මිල හමුවේ ඇඩ්‍රස් නැති වී තිබෙන ජනතාවට දීම සඳහා දේශප්‍රේමී වර්ගයේ අලුත් ටොෆී අවශ්‍ය ව තිබේ.

ඔබත් නිර්මාණ ශීලි පුද්ගලයෙක් නම් ලියන්න අපිට.

patriottofee@goo.mail.com

කොන්දේසි.

1. ඉන්දියාවට විරුද්ධව කිසි දෙයක් නොකිය යුතුය.

2. අමෙරිකානු පුරවැසි කම් ගැන කතා නොකල යුතුය.

ඉහත කොන්දේසි යටතේ අඩුම තරමෙන් සතියක්වත් අල්ලා ගෙන යා හැකි දේශප්‍රේමි ටො‍ෆි ඉදිරිපත් කරන අයට බර තෑගි.

පලමු වැනි තෑග්ග — ජීනිවා නුවරින් එවා තිබූ පරණ කලිසම දෙකක්

චීනය යනු හොඳ මිත්‍රයෙකි. ලංකාව ජිනීවා හි අමාරුවේ වැටී ඉන්නා වෙලාවේ  නොසෑහෙන්න උදව් කලේය. ලංකාව වෙනුවෙන් රට රටවල් කැන්වස් කලේය. අවසානයේ රටවල් 15ක්ම ලංකාව වෙනුවෙන් චන්දය දෙන තැනට ගෙනාවේය. ඇත්තටම මේ චන්ද 15න් වැඩි හරියක් චීනයට දුන් චන්ද මිස ලංකාවට ලැබුනු ඒවා නොවේ. හැබෑ යාලුවෝ එහෙමය.

චීනය ලංකාවට ගිනි පොලියට ණය දී ඒවායෙන් රටටවත් මිනිස්සුන්ටවත් වැඩක් නැති ව්‍යාපෘති කරන්නට චීනුන්ම කොන්ත්‍රාත් අරගෙන කම්කරුවා හා උන් කන එලවලුවේ පටන් චීනෙන් ගෙනවුත් ඒ මුදල් ආපසු චීනෙට අදින බවත් අන්තිමේදී ලංකාවට ඉතුරු වන්නේ ගිනි පොලියට ගත් ණය කන්දක් හා නැව් නො එන වරාය, ගුවන් යානා නො එන ගුවන් තොට හා නාට්‍ය නොපෙන්වන රඟහල් පමණක් බවත් ඒ නිසා චීනය අපට කරන්නේ උදව්වක් නොවන බවටත් දේශපාලන කුහකයෝ කියන කතා අප ගණන් ගත යුතු නැත.

ඇමෙරිකන් කාරයා ලංකාවට අත දැම්මේත් චීනුන් ඕනෑවට වඩා ලං කර ගත් නිසා බවත් , ඉන්දියානුවන් පවා අපට විරුද්ද උනේ ලංකාවේ චීන බලය වැඩි වෙන නිසා බවත් උන් නොකිව්වොත් පුදුමය.  ඔය මොන කතා කිව්වත් යාලුවා යාලුවාමය. චීනා කරපු උදව්ව කෙරුවාමය. ඒක නෑ කියන්ට බැහැය.

අපේ ප්‍රශ්නය ඒක නොවේය. ඔන්න චීනා නම් හැබෑ යාලුවා කවුද කියලා පෙන්නුවාය. ලංකාවටත් දැන් තමන්ද ඒ වගේ , කරදරේ වැටිච්ච යාලුවන් අත නොහරින රටක් බව පෙන්වන්න පුලුවන් අවස්ථාවක් ලැබුනේය.

අපිට පාර්ට් දැමු ඇමෙරිකන් කාරයා අපේ අතිජාත මිත්‍රයෙක් වන ඉරානයේ අහමඩින්ජානිටත් සැර දමමින් සිටී. මේ වන කොටත් ඉරානයට සම්බාධකත් දාලාය. ඇමෙරිකන් කාරයාට රිදෙන්නත් වීරවංශගේ ඇමෙරිකන් විරෝදයට තලුවක් දෙන්නත් එක්ක අපි කරන්න තිබ්බේ දිගටම ඉරානෙන් තෙල් ගන්න එකය.හැබෑ යාලුවෙක් වගේ ඉරානයත් එක්ක දිගටම ඉන්න එකය. චීනා ලංකාවත් එක්ක හිටියා වගේ ඉන්න එකය.

ඒ වුනත් අපේ ඇමෙරිකන් විරෝධී, අධිරාජ්‍ය විරොධී ප්‍රගතිශීලි ආණ්ඩුව ඉරානෙන් තෙල් ගන්න එක නවත්තලාය. ඊයේ ඕමානෙන් තෙල් ගන්න ගිවිසුමක් අත්සන් කරලාය.

ඕන්න අපේ වැඩ.කෝ අර ස්ටේජ් උඩ දෙන පොර ටෝක්?

පහතින් පල වෙන්නේ පසු ගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලා දේශයට පරාද වීම ගැන වූ පුවතක් වීරවංශගේ වෙබ් අඩවියේ පලවු විට එම අඩවියේ පාඨකයින් ලියු කොමෙන්‍ටුය. මේ පිරිස එම වෙබ් අඩවියේ පදිංචි වී සිටින එහි පලවන පුවත් හැර වෙන කිසිවක් නොකියවන පිරිසකි. ඔවුන් මෙසේ පලකර ඇති කොමෙන්‍ටු හා වීරවංශ පසු ගියදා ගූගල් හා ජී මේල් ගැන කියූ කතාව සසඳන්න . 

1.මගේ ජීවිතයේ ශ්‍රී ලංකාව මැච් එකක් පරදිනවා ආසාවෙන් බලාහිටපු එකම දවස. හිත ඇතුලේ දුකක් නැතුවාම නොවෙයි නමුත් මේ පරාජය අපට අවශ්‍ය දේයක්. හැබැයි අපි අනිවාර්යෙන්ම එංගලන්තයට එරෙහිව තරඟ දිනන ඕන. උනුත් අපට හතුරුකම් කරන එවුන්. අපිට එකට එක කරන්න පුලුවන් හැම පොඩි අවස්තාවක්ම අපි පාවිච්චි කරන්න ඕන.

2.1000% true මගේ ජීවිතයේ ශ්‍රී ලංකාව මැච් එකක් පරදිනවා ආසාවෙන් බලාහිටපු එකම දවස..

3.oyaage kathaawa eththa.. mamath paradinawa aasaawenma balapu match eka…

4.ජිනීවාහිදී ඉන්දියාව අපිට විරුද්දව ක්‍රියාකරන එකට මුල්ම කනේ පාර අපේ ක්රිච්කෙට් ටීම් එකෙන් ලබාදීම ගැන අපෙය් උත්ටමච්ටාරාය පර ඉන්දියාවට බංගවේවා.

5.නියමයි!!අපි මොකට ඉන්දියාව සතුටු කරන්න දිනන්නේ!පැරදුන එකමයි හොද..

6.පරදුනාමත් නටන්න හිතුන එකම මැච් එක මේක තමයි මාමේ…

7.බංගලියන්ට පරදින කොට මෙච්චර ආතල් එකක් තියෙයි කියල මම හීනෙකින්වත් හිතුවේ නෑ :D

8.සක්කිලි ඉන්දියාව ගෙදරයැවූ අපෙ වීරයන්ට තුති……..
පළමු වතාවට ලංකාව පැරදුනවිට සිතට සතුටක්……
(ජිනීවා හිදි අපට විරැද්ධවන සක්කිලි මිතුරා ඉවතට විසිවීමෙ සතුට)

9.අපේ කොල්ලො ටික පැරදුණ එකටනම් ගොඩක් දුකයි.. හැබැයි සක්කිළි ඉන්දියාවට ෆයිනල් එකෙන් වීසි වුණ එකටනම් මාර සතුටුයි….අපේ කොල්ලන්ට එංගලන්තය සමග පවත්වන සියළුම තරග ජයගැනීමට හැකි වේවා…!
බංගලාදේශයට සහ පකිස්ථානයට ජය ‍වේවා…!!
සක්කිළි ඉංදියාව සහ උංගේ ක්රිකට් අනාගතය සම්පූර්ණයෙන් විනාශ වේවා…!!!

10.අද පැරදුන එකට දුකක් නෑ . හැමදාම තමන්ගේ වාසිය ගැන විතරක් හිතපු , කලාපයේ සක්කිලි බලවතාට ඔහොම හරි පොඩ්ඩක් රිද්දුවම සතුටක් දැනෙනවා .

සටහන- වීරවංශගේ දේශපාලන උපදේශකයෙක් වෙන මොලේ කොලොප්පම් දත් දොස්තර ගුනදාස ඉන්දියා අගමැති මන් මොහන් සිං ගැන කියූ කතාවද මේ කතා සමග පෙලට තබා කියවීමට වටින එකකි. මුන් අතරින්  හොඳම මඤ්ඤමා සොයා ගැනීම ලඟ ලඟ එන අලුත් අවුරුදු උලෙලවල් වල ක්‍රීඩා ඉසව්වක් වශයෙන් යොදා ගැනීමට වුවද හැකිය.

තුන්දෙනෙකුන්ගෙන් යුත් පවුලකට මාසයක් යැපීමට රුපියල් 7500 ක් ප්‍රමාණවත් බව ලංකාවේ සිටින ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයෙක් මෙන්ම හිටපු වෙලඳ ඇමති හා වත්මන් අධ්‍යාපන ඇමති වන ගෞරවාර්භ බන්දුල ගුණවර්ධන උතුමාණන් පසු ගියදා ‍රැස්වීමකදී කියා තිබේ.

ලංකාවේ ඉන්නා එවැනි සුපිරි ආර්ථික දැන මුත්තෙක් යමක් කියන්නේ කට කහනවට නොවන නිසා අපද ඒ ගැන සොයා බැලුවෙමු.  එතුමා කියා ඇති කතාව සහතික ඇත්තය.

තුන්දෙනෙක් සිටින පවුලකට රු.7500ක් මාසයක් ජීවත් වීමට ඉහටත් උඩින්ය.

ඇටමැස්සා මේ කතාවේ ඇත්ත නැත්ත සෙවීම සඳහා තමන්ගේ නිවසේ පසු ගිය මාසයේ වියදම් ගණන් හදා බැලුවේය.අප විසින් කරන ලද සමීක්ෂණයේදී සොයා ගත් කරුණු අනුව තුන් දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක කාලයකට මුදල් වැය වෙන්නේ මෙසේය.

මෙම වියදම් සකස් කලේ අහල පහල අයට පමණක් නොව උන්ගේ බල්ලන්ද කෑම කන්නේ මේ නිවසින් බව සිතා ගෙනය.

එසේ සිතා වියදම් ලේඛන සැකසූවත් අද පවතින බඩු මිල අනුව  රු.7500ක් යන්නේ නැත. ඒ අනුව අපට පෙනී ගියේ   එතැනදී එතුමා කියූ කතාව හරියට වාර්තා කර නැති බවයි. එතුමා කියන්නට ඇත්තේ , එතුමා කිව යුතුව තිබුනේ ,තිස් දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක වියදම රුපියල් 7500 ක් පමණ බවයි.තුන් දෙනෙකුට නොවේ.

මෙන්න ඊයෙන් අවසන් වූ දින තිහ සඳහා තුන් දෙනෙකුගෙන් යුත් ඇට මැස්සාගේ පවුලේ වියදම

 හාල් කිලෝ  60 ක් එකක් රුපියල් 10 බැගින් දින තිහට රු. 600

තුනපහ, මිරිස් පොල් ආදිය සඳහා- රු. 2.09

පාන් ගෙඩි තිහයි එකක් රුපියල් 3.50 බැගින්     රු. 135.00

කුකුළු මස් කිලෝ 10 රු. 30 බැගින් රු.300.00

මාලු කිලෝ 10. රු. 25 බැගින් රු. 250.00

එලවලු ගැනීමට .( එක් වේලකට අවම වශයෙන් එලවලු 4ක් වත් )  රු. 35.00

බිත්තර 90 රු. 2 බැගින් රු. 180.00

සීනි කිලෝ 5යි රු. 9.00 බැගින්  රු. 45.00

තේ කොල කිලෝ 1යි රු. 7.75

ගෑස් සිලින්ඩරයක්  ගැනීමට රු. 22.17

මෝටර් බයිසිකලේට පැට්‍රල් ලී.1 රු. 13 බැගින් රු. 130.00

විදුලි බිල ඒකක 450 සඳහා රු. 18.50

ජල බිල ශත 28

 දවස් දෙක බැගින් පීසා හට් ගොස් පීසා කෑමට  රු. 2.87

ලමයාගේ පාසල් වෑන් එකට මාසික බිල ( දිනක දුර කි.මී 15 ) රු. 60.00

විෂයන් 4 කට ටියුෂන් ගාස්තු. රු.10.89

ලෙඩ රෝග සඳහා වියදම් – සම්පූර්ණයෙන්ම නොමිලේ

සිකුරාදා සවස විස්කි අඩියක් ගැසීමට- රු. 1.33

කාර් රේස් බැලීමට නුවර යාමට සී ප්ලේන් එකට රු. 22.75

ක්වීන්ස් හෝටලයේ රෑ නැවතීමට රු. 11.07
පේනවනේ …. අම්මපා බන්දුල ගොයියගේ කටේ දාන්න ඕනෑ   ශත දෙකහමරේ කාසියක්