Archive for November, 2011

කාගෙද ගොන්වස්සා
බෝතලයෙන් ගස්සා
හත් දවසක් කොස්සා
අසරණ ගොන් වස්සා

ගම්පහ ගොන් වස්සා
චබකුගේ ගොන් වස්සා
බෝතලයක් උස්සා
පණ නහගත් වස්සා

උදිතයි රොසනුයි ලලිතුයි ලොහනුයි
මැරවින්  විජමුනි  හා අලුත්ගමයයි
ලොක්කගේ සතුටට බිරු තැන මේකයි
 සරණට විතරක් අබ කොල  සරණයි

වැදි බණ

Posted: November 29, 2011 in Uncategorized

” හ-හ මම දැන් , නවෝද්‍යා , ඉන්ටර්නැෂනල් හැරල්ඩ් ට්‍රිබියුන් පත්තරේ තිබ්බ කතාවක් කියන්නම්,හ-හ, පසු ගිය දවසක ලිබියාවේ හ-හ නයිජර් දේශසීමාවේ කාන්තාර ප්‍රදේශයකදී ,කැරලිකාර හමුදා ,නවෝද්‍යා , නැවත්තුවා,හ-හ වාහන දෙකක්.

මිනිස්සු දහ දෙනෙක් විතර හිටියා ,හ හ පිටිපස්සේ වාහනේ තුන්දෙනයි හ-හ – එයින් එක්කෙන්ක් තමා සයිෆ් අල් ඉස්ලාම් ,හ-හ නවෝද්‍යා ,ගඩා‍ෆිගේ පුත්‍රයෙක්, එයා බැහැලා කිව්වා හ-හ  මම තමා සයිෆ් අල් ඉස්ලාම් කියලා.

ඔබට කියන්න නවෝද්‍යා එයා ඇඳලා හිටියේ හිටියේ කැමල් මෑන් කෙනෙක් විදියට, හ-හ- බැහැලා කිව්වා මම තමා සයිෆ් කියලා හ-හ-එයා කිව්වා ෂූට් කියලා හ-හ

දැන් හැරල්ඩ් පත්තරේ තියෙනවා නවෝද්‍යා හ-හ එයාට විරුද්දව ජාත්‍යන්තර අධිකරණයේ නඩු දානවලු හහ එහෙම කොහොමද නඩු දාන්නේ ? එහෙම බැහැ හහ නඩු දානවා නවෝද්‍යා හහ

එහෙම බැහැ, නඩු දානවනඹ්  ප්‍රංශයේ සාර්කෝසිටත් නඩු දාන්න හ-හ- ,තව එංගලන්තේ කැමරන්ට , විරුද්ධව ,හ-හ- ජ, එයාත්‍යන්තර අපරාධ අධිකරණය සාධාරණ නැහැ හහ, එයාලා තමා බෙංගාසි කැරලිකරුවන්ට ආයුධ දුන්නේ , අයිසීසී එක සාධාරණ නැහැ ,හ හ සාධාරණයි කියලා කියන්න බැහැ,හ-හ-දෙන් ට්‍රිපොලිවල නඩු කියන්නලු, සාධාරණ නැහැ, හ-හ-

මේ අන්තර්ජාතික උසාවිය හරිම පක්ෂග්‍රාහියි හ-හ, මේකෙන් සාධාරණයක් වෙන්නේ නැහැ හ-හ, අසාධාරණයි”

සටහන- අන්තර් ජාතික අපරාද අධිකරණය අසාධාරණ යැයි මෙසේ හඬ තලන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට අයිති අයි ටී එන් නොහොත් ස්වාධීන රූපවාහිනි නාලිකාවේ උදෑසන “World Today  ” නමින් විදෙස් විත්ති විචාරයක් ගෙන එන ලලිත් සිල්වා –  හ-හ-නමැත්තාය.    හ-හ- ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට හ-හ-

 

දක්ෂිණ අධිවේගී මාර්ගය නොහොත් ශ්‍රි ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත් කරන ආශ්චර්යේ පිවිසුම  ඊයේ   උත්සව ශ්‍රීයෙන් විවෘත කොරා . 

ලේසි පාසු වැඩක් හෙම නොවේ , කිලෝමීටරයකට රුපියල් මිලියන් 850 ක් වියදම් කරලා තියෙනවා. ඒ කියන්නේ කෝටි 85ක්. එතකොට මීටරයකට රුපියල් 850,000 කි. ඕකේ වියදම සෙන්ටිමීටරේට ගන හදලා තිබ්බ ,W3Lanka  එකේ අජිත් ගොයියා. ඊරිසියා කාරයෝ.

ඒ වගේද පින්නදූවේ ඉඳලා කොට්ටාවට පැයෙන් යන එක. කොට්ටාවේ ඉඳලා කො‍ටුවට යන්න තව පැය දෙකක්  යනවාය, එතකොට ගාල්ලේ ඉඳලා කො‍ටුවට කොහොමටත් පැය තුනක් යනවාය කියලා සමහරු කියනවාය. ඒක නම් ඇත්තය. ඒත්  ඒක වෙනම කතාවක්ය. ඒත් මේ වගේ සුබ මොහොතක ඔයවගේ අවලං කතා ඇදලා ගන්නේ රට සංවර්ධනය වෙනවා දකින්න අකැමති කුහක ඊරිසියා කාරයෝය. අපි එහෙම  නැත. අපි කොහොමටත් අධිවේගයට කැමතිය. අතිධාවනකාරිය.

දැන් ඉතින් අපිට කිසි ප්‍රශ්නයක් නැතිය. අධි වේගයෙන් යා හැකිය.  වේගය පිනවයි කියලා පාරවල් අයිනේ බෝඩ් ලෑලිත් ගසා තිබෙනවා නොවැ. හැබැයි ඊට යටින් තියෙන්නේ මරුවා කැඳවයි කියලාය. ඒකට කමක් නැත. අධිවේගී පාරක් ගොහින් මලත් මොකද. අපිත් දැන් ලෝක අධිවේගි මාර්ග ක්ලබ් එකේ සාමාජිකයන්  වෙමුය.  කොච්චර ගෞරවයක්ද?

මේ වගේ පාරවල් හදනවා නම් පඩි වැඩි නොකරාට , බඩු මිල ටිකක් වැඩි උනාට මක් වෙනවාද?

කරාපිටිය ඉස්පිරිතාලේ බෙහෙත් නැත්නම් අධිවේගේන් කොලඹට ඇවිත් බෙහෙත් ගන්න ඇහැකිය. කොලඹ මහ ඉස්පිරිතාලේත් බෙහෙත්  නැත්නම් නවලෝකෙට හරි ඇපලෝ එකට -සමා වෙන්න , ලංකා හොස්පිටල් එකට – හරි යන්න ඇහැකිය.

රටේ රස්සා ප්‍රශ්නෙත් අධිවේගෙන්ම විසඳාගන්න පුලුවන. අධිවේගි පාර දෙපැත්තේ තේ කඩ, බුලත් විටි කඩ ටිකක් දා ගත්තත් සල්ලි නොවැ. ඒ මුකුත්ම බැරි නම් අධිවේගේ යන ලංගම බස් වල කඩල වික්කත් මදෑ.

ගමේ ඉස්කෝලේ වැහුනොත් අධිවේගේ ඇවිත් කොලඹ රෝයල් එකට යනවාය. නැත්නම් කොලොම්බු ඉන්ටර්නැෂනල් යනවාය. අධිවේගේ තියෙනවා නම් කරන්න දේවල් ද නැතිවෙන්නේ.

අපේ විමලේ මලයත් අධිවේගේ ගැන රෝන් ටෝක් වගයක් දීලා තිබුනේය. ඔය වැඩේ ඔච්චර වැරදිනම් හදන්න කලින්ම ඔය වග කියන්න තිබුනා නොව. හදලා ඉවර උනාට පස්සේ කට පත්ත අදින්නේ . අනික ඔය කතා තැන් තැන් වල කිය කිය ඇවිදින්නේ කැබිනට් එකේදී ලොක්කාගේ මූනටම කියලා දැම්මා නම් අහවරයිනේ. මොකද ඔය කතා අපිට, මේ අහිංසක ජනතාවට, කියන්නේ . අපිද අධිවේගේ හැදුවේ ? ඔය වෛරේ පිට කොරේ පහුගියදාක ගස් හි‍ටුවීමේ උත්සවේ මුල් පෙලේ පු‍ටුවක් නොදුන්න එක ගැන කියලයි ආරංචිය. ඒ නිසා ඕවා එච්චර ගනන් ගන්න ඕනේ නැතිය.

සටහන- අධිවේගේ විවෘත කොරන උත්සවේට අකාශි උන්නැහෙත් ඇවිල්ලාය. මේ අර පහුගිය කාලේ ජපාන විශේෂ නියෝජිත කියලා හඳුන්වපු යශුෂි අකාශි වෙන්න බැරිය. උන්නැහේ , කොටි හිතවාදීයෙක්ය, අපේ මව්බිමට විරුද්ධ කුමන්ත්‍රණ කාරයෙක් කියලා අපේ දේශප්‍රේමි ඇත්තෝ කොච්චර නම් බණ අඬ ගැහුවද? එහෙව් කොටි පිල්ලියක් මේ වගේ වැදගත්  උත්සවේකට ගෙන්නයිද අපේ ලොකු ලොක්කෝ.මේ වෙන අකාශි කෙනෙක් වෙන්න ඇති

සොයිසා වාට්‍ටුව ලඟ ජරමරයක්
ගේට්‍ටුවේ එල්ලීලා අපේ පොලිස්
මොකදැයි කියලා එබිලා බැලුවාම
ඇන්නෑවයි කියලා හිතුනි මට

වාට්‍ටුවේ ඇඳක් අල්ලා ගන්ටයි
පොරකන්නේ මේ  තකහනියක්
ලක්ෂෙට කොඩිය පැටියා ගෙට ගන්ට
ඊලඟ අය වැයට කලින්

-රංචාගොඩ ළමයා-

(මේ කවි  පෙල  අපට  ඊ මේලයකින් ලැබුනේ කලකට ඉහතය. සමහර විට ඔබත්  මෙය මීට කලින් කියවා තිබෙන්නට ඇත. ඊනියා බජට්‍ටුව් ස්පීච්චුවට පසු නිකමට පාහෙ මෙය පල කරන්නෙ වෙන යමක් ලියන්නටත් අද කම්මැලි නිසාය. )

Tax his land, tax his bed,
Tax the table at which he’s fed.
Tax his tractor, tax his mule,
Tax his cow, tax his goat,
 Teach him taxes are the rule.

Tax his work, Tax his pay,
He works for peanuts Anyway!
Tax his pants, T ax his coat.
Tax his ties, tax his shirt,
Tax his work, tax his dirt.

Tax his tobacco, tax his drink,
Tax him if he tries to think.
Tax his cigars, Tax his beers,
If he cries tax his tears.
Tax his car, Tax his gas,
Find other ways to tax his ass.

Tax all he has, then let him know
That you won’t be done, till he has no dough When he screams and hollers;
Then tax him some more, Tax him till he’s good and sore.
 
Then tax his coffin, Tax his grave,
Tax the sod in which he’s laid.
Put these words upon his tomb,
‘Taxes drove me to my doom…’
 
When he’s gone, do not relax,
Its time to ap ply the inheritance tax

– O.M Weerasooiya

 

මාධ්‍යකරුවන්ගේ වැදගත් කම  ජනාධිපතිවරයා හොඳින්ම දනී.  ඔවුන් තමන්ගේ  කිහිල්ල යටින් තියා ගැනීම  ඉතාමත් වැදගත් බවත් එතුමා දනී.   මාසයකට සැරයක් මාධ්‍ය ලොක්කන් මාලිගාවට ගෙන්වා කෑම බීම දී ඔවුන් සතප්පන්නේ ඒ නිසාය. කෙසේ වෙතත් ඉදිරියේ එන කාලය අමාරු බවත් මාධ්‍ය කරුවන් පාලනය කිරීම සඳහා කෑම බීම පමණක් ප්‍රමාණවත් නැති බවක් එතුමා සිතා ඇති බව මෙවර අය වැයෙන් පෙනෙන්නට තිබේ. ඒ එතුමා වරද්දා ගත් එක තැනකි. අපේ රටේ මාධ්‍ය ඔස්තාර් ලාට ඔය තරමට  සැලකිලි දැක්වීමට අවශ්‍ය නැත. ගල් අරක්කු භාගයක් හා වඩේ  කිහිපයක් දුනහොත් ඔවුන් නොලියන දෙයක් නැත.

ඒ කෙසේ වෙතත්  තමන්ට මෙතරම් කලක් හොඳින් සැලකූ මාධ්‍ය කරුවන්ට මහජන බදු මුදලින් සැලකිය යුතු යැයි සිතු එතුමානෝ උන්ට වාහන මිල දී ගැනීම සඳහා පොළී රහිත ණය මුදලක් ලබා දීමට මෙවර අය වැයෙන් යෝජනා කර සිටියි. එයින් එතුමා බලාපොරොත්තු වූ දෑ අය වැය පාර්ලිමේන්තුවේ සම්මත වීමටත් ප්‍රථම  මස්තක්ප්‍රාප්ත වී ඇති බව අද දින දිවයින පුවත් පතේ කතු වැකිය කියවූ විට පෙනී යයි.

එම කතු වැකියේ මාතෘකාවම යොදා ඇත්තේ “ළය ඇති අය-වැය” යනුවෙනි. ඔයාකාර පොලී රහිත ණය මුදලක් දුන් පසු වෙන කෙසේ ලියන්නද?

අදාල ණය මුදල නිසා අප කතු තුමානෝ කොතරම් චූන් වී ඇත් දැයි කිවහොත් ලෝක ආර්ථිකය කඩා වැටෙද්දීත් ශ්‍රි ලංකාව හොම්බ බිම ඇණ නොගෙන සිටීම මාරයි කියා කියයි. ඇත්තටම මාරය. හොම්බ බිම ඇනී ඇත්තේ ආන්ඩුවේ නොව එදා වේල හම්බ කරගෙන කන දුප්පත් ජනයාගේය. උන්ගේ සීනි ටිකට , කිරි පැකට් එකට ගසන බදු මුදලින් මිලියන දහසකට වැඩියෙන් වියදම් කරමින් රොත්ත බුරුතු පිටින් ගොස්  කැරීබියානු දූපතක මගුල් නැටූ හැටි අප හොඳින්ම දු‍ටු නිසා උන්ගේ නම් හොම්බ බිම ඇනී නැති බව අප දනිමු. හොම්බ බිම ඇනී ඇත්තේ අපගේ එනම් පොදු ජනයාගේය.මේ අය වැයෙන් රුපියල 3% කින් අවප්‍රමාණ කිරීම බිම ඇනුනු හොම්බ බිම ඇතිල්ලීමක් බඳුය.

දිවයින කතෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තුමාට අනුව  මේ අය වැය ජාතික අභිලාෂයන් බිලි නොදුන් අය වැයකි. ජාතික අභිලාෂයන් ගැන කතා කරන විට මතු විය හැකි ප්‍රශ්න  ගැනද අප කතුතුමාට අවබෝධයක් ඇති බව පෙනී යන්නේ එතුමා කෝකටත් කියා ” වර්තමාන රජය එවැන්නක්, එනම් ජාතික අභිලාෂයන් බිඳ දැමීමක් ‌ කර ඇත්නම් ඒ නොකර බැරිම තැනකදී බව පැහැදිලියැයි කියන බැවිනි. ) 

ගරුතර  කතුතුමා 10% වැ‍ටුප් වැඩි කිරීමක් ගැන ද කතා කරන්නේ එය නම් මෙරට ඉතිහාසයේ සිදු වූ පලමු වැ‍ටුප් වැඩි වීම ලෙසය. එහෙත් මෙය වැ‍ටුප් වැඩි වීමක් නොව හුදෙක් ඕනෑම වෙලාවක ගලවා දැමිය හැකි ලෙස වැ‍ටුපට එල්ලු දීමනාවක් පමණක් බවත් නොකියයි.
එයින් නොනවතින අප කතු තුමා රණවිරුවන් ගැනද මොනමොනවාදෝ කියයි. මේ කියන්නේ සමහර විට අර ලක්ෂ පැටියා ගැන විය යුතුය.

කෙටියෙන්ම කිවහොත් අප ගරු ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදිතුමාට අනුව මේ අයවැය නිර්මාණශීලි,නවීන ශක්තිමත් හා පොදු ජනයා ගැන හිතු අය වැයකි.

තමන්ට ලැබුණු සොච්චම් ලූනු බිකක් වෙනුවෙන් මේ  කතුතුමා මෙලෙස  කඩේ යන්නේ , ජනහිතකාමි අය වැයක් යැයි කියන්නේ, පොදු ජනයාගේ වාහනය වන ත්‍රී වීලරටයත් බදු ගසා , එම බදු මුදල් තම සුඛවිහරණයට වැය කරන , රජ පැටවුන්ට මිලියන් බිලියන් ගනන් විනාශ කිරීමට ඉඩ දී ඇති රජයක අය වැයක්  වෙනුවෙන්ය.

අප රටේ සිටින මහා මානවවාදි , මානවප්‍රේමි,මාධ්‍යවේදි න් යැයි කියා ගන්නා අයගේ කෙරුවාව එබඳුය.

සටහන- ඔය සොච්චම් ණය මුදලක් වෙනුවෙනි. වාහනයක් නිකම් දුන්නානම් කොහොමට හිටීවිද?

උසස් අධ්‍යාපනය බාර ඇමත්තා සිය  අධෝ මුඛය නැවත වතාවක් විවෘත කර ඒ අසලම තැන්පත් කර ඇති ස්වකීය මෂ්තිස්කයට ගැලපෙන ප්‍රකාශයක් කර තිබේ.විශ්වවිද්‍යාලවල සාමය ‍රැකීමට ඒවා තුල පොලිසී පිහිටවන බව ඔහු කියයි.

මීට ප්‍රථමයෙන් ලංකාවේ සරසවියක් තුල පොලිස් ස්ථානයක් පිහිටවූයේ 1984 දී වන අතර සිසුවෙකුගේ ජීවිතයක් බිල්ලට ගැනීමෙන් අනතුරුව එය ඉවත් කර ගැනීමට ජූනියස් ජයවර්ධනට සිදු විය.දහසකුත් එකක් පීඩනයන්ට යට වී අධ්‍යාපනය ලබන ,ඒ නිසාම ආවේගශීලි හා කැරලිකාර සරසවි සිසුන් පාලනයට පොලිසීය යෙදවීමට, එවන් වූ සිසුන් දහස් ගණනක් වෙසෙන සරසවි තුල පොලිසි පිහි‍ටුවීමට සිතන්නේ   අංශු මාත්‍රයක්වත් මොලයක් ඇති අයෙක් විය නොහැක. නමුත් අප රටේ පාලකයින් සිතන්නේ එලෙසය. උන්ට ඡන්දය දෙන චන්දදායකයිනුත් උන්ට දෙවැනි නැත. කරන තරමක් කරන්නේ ගොන් කම්ය.

 මෙසේ හදිසියේම සරසවිවල ආරක්ෂාව පිලිබඳව ප්‍රශ්නයක් මතු වූයේ ඇයි. සරසවි තුල පොලිස් ස්ථාන පිහි‍ටුවීමට තරම් ප්‍රශ්නයක් තිබේද?

රටේ විපක්ෂය බේද බින්න වී නන්නත්තාර වී ඇති තත්වයක් තුල ආණ්ඩුව ගෙන යන ඒකාධිපති ක්‍රියාදාමයට යම්තම් හෝ ප්‍රතිරෝධයක් නැගෙතැති සිතිය හැකි සරසවි ප්‍රජාව තමන්ගේ අණසක යටතට ගැනීමට ආණ්ඩුවේ ඇති නග්න ආශාව, ඒකාධිපති වියරුව  මිස මෙය අන්කිසිවක් නොවේ.

පසුගිය දා සරසවි ඇදුරන් ගෙන ගිය වෘත්තීයේ අරගලයත් , පෞද්ගලික වෙද විදුහලට එරෙහිව වෙද සිසුන්ගේ සටනත් නිසා එස්.බී  ලා සිටින්නේ ඔවුන් කෙරෙහි වූ වෛරයෙනි. එම නිසා කුමන හෝ මිලක් ගෙවා සරසවි පද්ධතිය තම පාලනයට නතු කර ගැනීම ඉදිරි දේශපාලන කටයුතු වලට පහසුවක් වනු ඇතැයි ඔවුන් සිතන බව පෙනේ.

විශේෂයෙන්ම ලබන වසර මුලදී පෞද්ගලික සරසවි පිලිබඳ පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන බවට කියවී ඇති මොහොතක සිසුන් පගා දමා මර්ධනය කර ගෙන සිටීම ඉතා වැදගත් වේ. එසේම වත්මන් රෙජිමය ඉදිරි කාලයේ රට පාලනය කරන්නට සැලසුම් කොට ඇත්තේ කෙසේදැයි එස්බී ගේ මෙම ප්‍රකාශයෙන් වටහා ගත හැක.

ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ රක්නා ලංකා නම් ආරක්ෂක සමාගම සරසවි වල ආරක්ෂක කටයුතුවලට යොදවන්නේ සමස්ත සරසවි  ප්‍රජාවම විරුද්ධ වෙත්දී තමන්ට කූටාලිකම් කරන උපකුලපතිවරුන්ගේ සහයෙනි. මෙම ක්‍රියාව නිසා සරසවිවල ආරක්ෂක වියදම තුන් ගුණයකින් ඉහල ගොස් ඇති බව වාර්තා විය.

මෙසේ අධ්‍යාපනයට වෙන් කර ඇති සොච්චම් මුදලින් කොටසක් නැවත වතාවක් වක්‍රව ආරක්ෂක අමාත්‍යාංශයට ගෙන්වා ගන්න අතර එම ක්‍රියාවන්ට එරෙහිව නැගී එන ජන මතය නිහඬ කිරීම සඳහාද යම් වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වන බව පෙනේ.

ආණ්ඩුව , කැළණියේ අනාථ නලින් ද සිල්වා, ජපුර කන්‍යාරත්න වැන්නවුන් හා සිසුන් අතරට රිංගවා සිටින තම තැරව්කරුවන් ලවා සිසු ගැ‍ටුම් ඇති කරවන්නේ ඒ වෙනුවෙනි. විශේෂයෙන්ම කැළණියේ මෑතක ඇති වූ සිසු ගැ‍ටුම ගැන කෙලින්ම ඇඟිල්ල දික් වන්නේ නලින් ද සිල්වා වෙතය. මෙසේ ගැ‍ටුම් ඇති කර ඒවා මැඩ පැවත්වීමට පොලිසීය ගෙන ඒම ඉතාමත් පහසු කටයුත්තකි.

එපමණක් නොව මේ දිනවල මුලතිව් කැලයටත් වඩා අවි ආයුධ මතු වෙන්නේ සරසවි ශිෂ්‍ය නේවාසිකාගාර වල තිබීය. පේරාදෙණියෙන් ටී 56 උණ්ඩත් ජපුරෙන් බෝම්බත් මතු වී තිබේ. සරසවි වලට පොලිසී යෙදවීමට මීටත් වඩා තව අවශ්‍ය මොනවාද? මෙසේ අවි ආයුධ හංගා ගෙන සිටින ශිෂ්‍ය ත්‍රස්තවාදින් මර්ධනයට පොලිසීය යෙදවීම ගැන කවුරු විරුද්ධ වෙන්නද?

සටහන- අවශ්‍යම නම් දේශද්‍රෝහි බෙංගාසියන් බවට පත් වෙමින් සිටින ශිෂ්‍යයන් මර්දනය කිරීම ඉතාමත් දේශප්‍රේමි කටයුත්තක් බවට ප්‍රකාශයක් කලක් හිරු පුවත්පතේ අකුර විශේෂාංගය  කල විමලසිරි ගම්ලත් සහෝදරයා ලවා කරවා ගත හැකිය.