Archive for July, 2011

අපේ රටේ එක එක කාලෙට එක එක බාසා ගැන උණක් පැතිරිලා යනවා. මිනිස්සු හිතනවා දැන් මේ  බාසාව ඉගෙන ගත්තොත් තමා ලොක්කෙක් වෙන්න පුලුවන්, සල්ලි හම්බ කරන්න  පුලුවන්, එහෙම නැත්නම් හයි ක්ලාස් එකට යන්න පුලුවන් කියලා.ඉතින් පණ දාගෙන ඒ බසාව ඉගෙන ගන්නවා, ලමයින්ට උගන්නන්න හදනවා. හැම තැනම ක්ලාස් දාලා ගුරුවරු වැහි වැහලා.

මුලින්ම ආවේ ඉංග්‍රීසි උණ. එක එක ජාතියේ ඉංග්‍රීසි. ඔන්න ටික කාලයක් ගිහින් ආවා ප්‍රංශ , ජර්මන් ඉතාලි වගේ යුරෝපීය බාසා උණක්. ඒ සංචාර කර්මාන්තෙ නැගලා යෑමත් එක්ක. ඒ වගේම ඔය රටවල් වලට පැන ගන්නත් සෑහෙන දෙනෙක් ට්‍රයි කලා. සමහරු හයි ක්ලාස් කියලා පෙන්නන්න ත් ප්‍රංශ ජර්මන් වගේ භාෂා ඉගෙන ගත්තා, ඇලියොන්සේ ෆ්‍රාන්සස් , ගොතේ ආයතනය වගේ තැන් වල.

ඊලඟට ජපන් බාසාව ඉගෙන ගන්න උගන්නන්න දඟලපු කාලයක් තිබුනා.

අන්තිමට මේ දවස් වල තියෙන්නේ කොරියන් උණ. ඒක හැදිලා තියෙන්නේ නැති බැරි දුප්පත් තරුණ  තරුණියන්ට. කොහොම හරි කොරියන් ටිකක් ඉගෙන ගෙන කොරියාවෙ රස්සාවකට පැන ගන්න.

මිනිස්සු කීයක් හරි හොයාගන්න නේ රට පනින්න හදන්නේ ආසියාවේ ආශ්චර්යේ ඉඳලා ජීවත් වෙන්න බැරි වුනාම.   48 ඉඳන් රට කොරවපු බාසා වෙල්ලන්ගේ වැඩ නිසා තමා මිනිස්සුන්ට ඒ දේ වෙලා තියෙන්නේ.

කොහොම වෙතත් ඉස්සරහට අපේ ජාතික බාසාව වෙන්න නියමිත බාසාව ගැන දාපු දැන්වීමක් ඇටමැස්සා ඊයේ පෙරේදා දැක්කා.
ඒක තමා සංචාරක හා හෝටල් කලමනාකරන ආයතනයයි  කොලඹ විශ්වවිද්‍යාලයයි එකතු වෙලා පවත්වන්න යනවාලු චීන බාසා වැඩ සටහනක්.

ඇටමැස්සා දකින්නේ මේක නම් ඉතාමත් හොඳ වැඩ සටහනක්. අපි හැම තිස්සෙම ආන්ඩුවට බනිනවා කියලානෙ කට්ටිය කියන්නේ. ඔන්න ආන්ඩුවේ හොඳකුත් කියන්න අපිට චෑන්ස් එකක් ඇවිත්. එහෙම කියන්නේ ගොඩක් හේතු ඇතිව.

දැන් ලංකාවට වැඩියම ණය දෙන්නේ චීනය. එක එක ව්‍යාපෘති වලට ණය දීලා නිකම් ඉන්නේ නෑ. ඒ ව්‍යාපෘතිය කිරීමේ කොන්ත්‍රාත්තුවත් චීන සමාගමකටම බාර දෙනවා. ඊට පස්සේ ඒකේ වැඩ කරන සමාගම් ලොක්කන්ගේ ඉඳලා , ඉංජිනේරුවෝ , තාක්ෂණික ශිල්පීන් විතරක් නෙවේ කම්කරුවොත් ගේන්නේ චීනෙන්.

ඉතින්  ඔය චීන්නුත් එක්ක අපේ රටේ මිනිස්සුන්ට කොහොම වෙතත් ගෑනුන්ටවත් කතා බහ කරලා ඉන්න වෙනවනේ. හොඳයි නැත්ද මං කියන්නේ.

 

උතුරට තෑගි

Posted: July 29, 2011 in Uncategorized

පහුගිය දා  තිබ්බ පලාත් පාලන චන්දේදි , ආන්ඩුව තමන්ගේ මුලු ශක්තියම යෙදෙව්වේ උතුර ජය ගන්න. ජනාධිපති, ඔහුගේ පුත්‍රයා හා මුලු ආණ්ඩු පක්ෂයත්, නිලධාරිනුත් විතරක් නෙවේ, පොලෝසිය, හමුදාවත් වැඩේට බැස්සා.විවෘත කිරීම්, මුල් ගල් තැබීම්, අල්ලස්, බොරු ප්‍රචාර,තෑගි, තර්ජන , පහර දීම් , කඩාකප්පල් කිරීම්, මේ හැම දෙයක්ම යොදා ගත්තත් උතුර අල්ල ගන්න ආණ්ඩුවට බැරි වුනා. උතුරේ ජනයා තමන් ආණ්ඩුවත් එක්ක නැහැ කියලා පෙන්නුවා.
 
උතුර ජය අරගෙන , උතුරේ ජනයා තමන් එක්ක ඉන්නේ කියලා ලෝකෙට පෙන්නලා, ජාත්‍යන්තරෙන් තමන්ට එන චෝදනා බොරු කියලා ඔප්පු කරන්න  බලා ගෙන හිටපු ආණ්ඩුවට මේක හොඳට රිදෙන කණේ පාරක් වුනා.ඒ මදිවට හතර විලි ලජ්ජාව. ඇයි හැත්ත බුරුත්ත ඔක්කොම බැහලත් වැඩේ කර ගන්න බැරි වුනානෙ.
 
තමන්ට විරුද්ධව චන්දේ පාවිච්චි කරපු ජනයාට හොඳ පාඩමක් උගන්වන්න හිතපු ආණ්ඩුව , ආතතිනන්දගේ අනුප්‍රාප්තිකයා ලවා දුන්නා වැඩක්.
 
මෙච්චර කාලයක් යාපනේ දිස්ත්‍රික්කෙට තිබුණු පාර්ලිමේන්තු ආසන දහය  අඩු කරලා හයක් දක්වා. මේකට හේතුව යාපනේ ජනගහනය  ලක්ෂ තුනකින් අඩු වීමලු.අඩු කරපු ආසන හතර දකුණේ දිස්ත්‍රික්ක අතර බෙදා හැරලා.
 
 මේක තමා සහජීවනය, සාමය සාමදානය කියන්නේ. එහෙම තමා උතුරේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්න හදන්නේ. එහෙම තමා එයාල විහින්ම හැම තිස්සෙම පතුරු ගහන ජාත්‍යන්තර විවේචන වලට උත්තර දෙන්නේ.
සටහන- මැතිවරණ දිස්ත්‍රික්කයක ජනගහණය අඩු වෙන කොට ඒකට අයිති මන්ත්‍රී ගාන අඩු කරන්න ඕනේ,ඒක තම නීතිය. මේ ඇටමැස්සා බොරුවට ආණ්ඩුවට බනිනවා කියලා ජයශ්‍රිලා, රාලලා, රෙදි උස්සාගෙන එන හැටි ඇට මැස්සාට මැවිලා පේනවා.
හැබැයි ඒ ගැන කියන්න තියෙන්නේ , උතුරේ ජනතාව නැවත පදිංචිය තවමත් අවසන් නැති තත්වයක් තුල, ඒ පලාත්වල ජීවත් වූ ජනයාගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් තවමත් අවතැන් කඳවුරු වල ජීවත් වෙද්දි මේ විදියට ආසන ගනන අඩු කරන්න තිබුන  හදිසිය මොකක්ද.
 
අනික පළාත් පාලන චන්දේ ඉවර වුණු ගමන් මේක කලේ පණිවිඩයක් දෙන්න නෙවේද? 
 
උඹලා චන්දේ දෙන්නේ ටී එන් ඒ  එකට නේ , හොඳයි දීලා බලාපල්ලකෝ , අපිත් දෙන්නම් වැඩක් . ඕක නේද මේ  කියන්නේ?

පිදිය යුත්තන් පිදිය යුතුය. බුදු හාමුදුරුවෝත් එසේ කියා ඇත. මට මේ පිදිය යුත්තන් ගැන සිහි වුනේ ඊයේ දිනමිණ පත්තරේ තිබුනු වාර්තාවක් දැකලා.

හිටපු ඇමතිවරයෙකු වෙන හේමකුමාර නානායක්කාර මහත්තයාට පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් පිරිනමලා.
ඔන්න මේක නම් අර මර්වින් සිල්වා , සෝමා එදිරිසිංහ ,ගංගොඩවිල සෝම වාගේ කට්ටියට හම්බවුනු ජාතියේ එකක් නෙවේ. මේක මෙයාට ලැබිලා තියෙන්නේ කාබනික පොහොර භාවිතය ගැන ලියපු තිසීසයකටලු.
 
ඒ වගේ දෙයක් කරන්න පුලුවන් දේශපාලකයෝ ඉන්න එක නම් හොඳයි. ඒත් පොඩි පුරස්නෙකට තියෙන්නේ මෙහෙව් ආචාර්ය හේමකුමාර නානායක්කාරට තමන්ගේ මැතිවරණ  ටිකට් එක අර යකඩ බට කපන මුතු හෙට්ටිගම වගේ අයට දීලා එලියට බහින්න වුනු එක.
 
අනික ඉතින් ඔය මොන ආචාරියා ආණ්ඩු පක්ෂේ හිටියත් ඉන්න වෙන්නේ බලු කුක්කෝ වගේනෙ. පේන්නේ නැත්ද මහාචාර්ය ජී.එල්. , ආචාර්ය අමුණුගම වගේ අය ඉන්න හැටි.
 
මම මේ පෝස්ට් එක ලියන්න ගත්තේ නානායක්කාරගේ උපාධිය ගැනම  ලියන්න නෙවේ.
 
නානායක්කාර වගේ ලංකාවේ නාමය තමන්ගේ පර්යේෂන වලින් ඉහලට ඔසවලා තියපු ඒ වගේම ඇකඩමික්ස් ලා කීප දෙනෙක් ගැන විස්තර කියන්න. මම නම් හිතන්නේ මෙයාලා කරලා තියෙන ශාස්ත්‍රීය හා පර්යේෂණ කටයුතුවලටත් ආචාර්ය උපාධි දෙන්න සුදුසුයි. ජපුර , කැළණියේ විද්‍යා පීඨය වගේ තැන් වලට කිව්වොත් නොදී ඉන්න එකක් නැහැ.
 ආචාර්ය උපාධිය දෙන්න සුදුසු කට්ටියගේ ලිස්ට් එක මෙන්න.
 
1. ආහාර ගැනීම හා  ස්ත්‍රී දූෂණ අතර සම්බන්ධය  සොයා ගැනීම නිසා දි.මු තුමාට ,පෝෂණ විද්‍යාව හා අපරාධ විද්‍යාවට කළ සේවය වෙනුවෙන්.
 
2. ඉදිරි වසර ලක්ෂ පහක් සඳහා ලංකාවේ නිවාස සංවර්ධන වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරමින් පෙන්වූ අසහාය අනාගත දැක්ම වෙනුවෙන් ,  වීරවංශ තුමාට. වසරකට නිවාස දෙක බැගින් ඉදි කරමින් නිවාස දස ලක්ෂයේ වැඩ සටහන සම්පූර්ණ කිරීමට වසර ලක්ෂ පහක් ගත වේ.

3. ඉන්දියාවෙන් පොල් , කුකුල් මස් හා බිත්තර ආනයනය  කරමින් ලංකාවේ පශු හා කෘෂි ක්ෂේත්‍රයට කරන සේවය වෙනුවෙන් ජොනී  තුමාට

4. ජලය හා පෙට්‍රල් කලවම් කරමින් වාහන දිවවීමට ඇති හැකියාව ගැන කරන ලද පර්යේෂණ වෙනුවෙන් සුසිල්  තුමාට
5.විදුලි ඉංජිනේරු විද්‍යාව නව මානයකට ගෙන යමින් විදුලිය නොකපා විදුලිය සීමා කරන ආකාරයක් සොයා ගත් අසහාය විදුලි ඉංජිනේරු චම්පක  තුමාට

6. රුපියල් 75,000 කට ලැප්ටොප් විකිණීම නොමිලේ දීමකැයි සොයා ගනිමින් නව ආර්ථික විද්‍යා සිද්ධාන්තයක් ඉදිරිපත් කල සුදු බංඩා  තුමාට

7. තාර වෙනුවට රත්තරං පාරවල්වලට දැමීම ලාභදායකයැයි සොයා ගත් බැසිල් තුමාට

8. ……….

 

තව ඉන්නවා මේ හදිසියට ඔක්කොම ලියන්න බැහැ.. මතක් වුනොත් පහලින් ලියලා යන්න,පිදිය යුත්තන් පුදන්න එපයි, පුදන කොටම කාපී යකා කිව්වත්

 
 
“පසුගිය කාලයේදී දිනූ සෙසු ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා මැතිවරණ, ප්‍රාදේශීය සභා මැතිවරණ, සුළු නගර සභා සහ මහ නගර සභා මැතිවරණ යනාදී වශයෙන් වූ සියලු ඡන්දවල දේශපාලන තාරකාව මහින්ද රාජපක්‍ෂ ය. ඔහු හරියට යාපනයට බැස දේශපාලන වේදිකා හත අටක කතා කර දෙමළ කිරි දරුවන් දෙදෙනකු වඩා ගත්තේ නම් සෙනසුරාදා පැවැති පළාත් පාලන ඡන්දයෙන් දෙමළ සන්ධානයට ලැබුණු ඡන්ද එක්‌ලක්‍ෂ හැටනව දහසෙන් සෑහෙන කොටසක්‌ කැඩෙන්නට ඉඩ තිබිණ. “
 
ඉහත කොටස උපුටා ගත්තේ අද දිවයින පත්‍රයේ කර්තෘ වාක්‍යයෙන් . 
 
මේ කසිකබල් වර්ගවාදී පත්තර කඩමාල්ල ගැන ලිවීම  කොතරම අප්‍රසන්න වුවත් ඔවුන් මේ විදියට රටේ ජන කොටසකට අපහාස කරන විට  ඒ ගැන නොලියා සිටීමට නොහැක. මේ කර්තෘ මහතා කියන පරිදි රැවටිය හැක්කේ ඔහුද , මේ බ්ලොග් කරුවාද ඇතුලත් සිංහලුන් මිස තමන් නොවන බව දෙමල ජනයා ඉතා හොඳින් ඔප්පු කර ඇත.
 
ඒ අප  ඊයේද කියූ පරිදි සකල විධ රාජ්‍ය බලයද යොදමින් මානසික අල්ලස් හා භීෂණය පතුරවමින් ආණ්ඩුව තම මුළු ශක්තිය යොදමින් ද සිටි තත්වයක් තුලය. එසේම චන්ද සටන  තමන්ට අවාසි බව දැනගත් ජනාධිපතිවරයා ඔය කර්තෘ තුමා  කියන අයුරින්ම හරියට යාපනේට බැස තිබියදීත්ය.
 
ඒ නිසා අපට නම් මේ දිවයින පත්තර කඩ මාල්ලේ  විලාපය පෙනෙනුයේ තම ස්වාමීන්ට උතුරේදී  ලැබුණු පරාජය ගැන දුකට කියන කවි ලෙසිනි. දිවයින කර්තෘ මහතාණනි. ඔබේ පක්ෂපාතිත්වය තම ස්වාමීන්ට ප්‍රදර්ශනය  කලාට අපට කම් නැත. එහෙත් ඔබේ වර්ගවාදී සෙළුව පෙන්වමින් දෙමල ජනයාට අපහාස නොකරන්න.

 සටහන –
“මෙහිදී ලිබියාවේ ගඩාපි   ඒකාධිපතියකු බව අප පිළිගන්නේ නැත. ගඩාපි  ඇමරිකන් න්‍යාය පත්‍රයට යටත් වූයේ නැත. එබැවින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සහ නේටෝ සංවිධානය අල්ලාගත් ඇමරිකාව ගඩාපි  ඒකාධිපතියකු බව කියමින් එරටට බෝම්බ දමන්නට පටන් ගත්තේය.”

මේ ඉහත  දැක්වෙන කොටසද උපුටා ගත්තේ එම කර්තෘ වාක්‍යයෙන්මය.වසර හතළිහකට ආසන්න කාලයක් තම රට ඒකාධිපති හස්තයකින් පාලනය කල ගඩාෆි ඒකාධිපතියෙකු නොවේනම් හිට්ලර්ද ඒකාධිපතියෙකු විය නොහැක.

මෙහි ඇති විහිලුව නම් මේ කතාව කියා ඉන්පසු ඔහු මෙසේද කීමයි.
 
රාජපක්‍ෂ සහෝදරවරුන්ට මෙකී ඒකාධිපති උණ නැත. එම උණ ඔවුන්ට සාදවන්නට ඇතැම් මාධ්‍ය සහ දේශපාලන පක්‍ෂ උත්සාහ කළ ද එය සාර්ථක වන ලකුණු පෙනෙන්නේ ද නැත. දෙමළ ජාතික සන්ධානයට නම් මහින්ද රාජපක්‍ෂ ඒකාධිපතියෙකි.
 
මේ ගරු කර්තෘ තුමා ඒකාධිපතියෙක් යන්න අර්ථ දක්වන්නේ කෙසේද යන්න   ගැන අපි නොදනිමු. එහෙත් ඔහු මුලින්ම තමන්ගේම ජනයාගේ හිස් මතට බෝම්බ හෙලු ගඩාෆි එකාධියෙක් නොවෙන බව කියයි. ඉන්පසු ඒ අයුරින්ම රාජපක්ෂලාද ඒකාධිපතියන් නොවේ යයි කියයි. ස්තුතියි කර්තෘ තුමනි, දැනුවත් කිරීමට.  
 
“පසුගිය සතියේ දේශපාලන කරලිය තුළ කැපී පෙනුන වැදගත්ම ජවනිකාව වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ යාපනය කිලිනොච්චි සංචාරයයි. ඔහු එහි ගියේ ඉකුත් 18 වැනි සඳුදා හවසය.
ජනපති මහින්ද යාපනයේදී මුලින්ම සහභාගි වූයේ කයිට්‌ස්‌ දූපතේ කටයුතු රැසකටය. වේලනිය ප්‍රාදේශීය සභා ඡන්දය වෙනුවෙන් කයිට්‌ස්‌ දූපතේ පැවැති මහජන රැස්‌වීමට ගිය ජනාධිපතිතුමන්ව එහිදී ඉතා උණුසුම් අයුරින් පිළිගැනිණි.
ජනාධිපතිවරයා කයිට්‌ස්‌ ජනතාව අමතා කතා කළේය. පසුගිය ජනාධිපතිවරණයේදී තමන් වෙනුවෙන් කයිට්‌ස්‌ දූපත්වල ජනතාව ඉතා උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කර තිබූ බවත් තමන් කෙරෙහි ලොකු විශ්වාසයක්‌ තබා තිබූ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එම රැස්‌වීම ඉවර වන විට තරමක්‌ හවස්‌ වී තිබිණි. එනිසා ජනාධිපතිවරයා ඊළඟට ගියේ එදා රාත්‍රිය ගතකිරීමට යොදාගෙන තිබූ කන්කසන්තුරයේ තල්අරණ නිවාඩු නිකේතනයටය. තල්අරණ තුළ සිටින තමන්ව හමුවී තමන් සමඟ එදින රාත්‍රි භෝජන සංග්‍රහයට සහභාගිවන ලෙස ජනාධිපතිවරයා පුංචි ඡන්දය වෙනුවෙන් යාපනයේ වැඩකරන සියලුම මැති ඇමැතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට ආරාධනා කර සිටියේය.

ඒ අනුව එදා රාත්‍රි තිස්‌ස කරලියද්ද, පවිත්‍රා වන්නිආරච්චි, එස්‌. එම්. චන්ද්‍රසේන, දයාශ්‍රිත තිසේරා, ඩග්ලස්‌ දේවානන්ද, සරත් වීරසේකර ආදී ඇමැතිවරු ද ශෂීන්ද්‍ර රාජපක්‍ෂ ඇතුළු පළාත් සභාවේ මැති ඇමැතිවරු ද පළාතේ ආණ්‌ඩුකාරවරුද ජනාධිපති නිලධාරීහු ද රැසක්‌ පැමිණ සිටියහ. මේ සියලු කටයුතු සංවිධානය කර තිබුණේ බස්‌නාහිර පළාත් සභාවේ නිමල් ලන්සා ඇමැතිවරයාය.

පැමිණ සිටි ඇමැතිවරුන් හා සුහදව කතා බහ කරන අතර ජනාධිපතිවරයා අපූරු උපදෙස්‌ රාශියක්‌ ද දුන්නේය.

මෙතනදී අපේ ප්‍රධාන විපක්‍ෂයයි ටී. එන්. ඒ. එකයි අනෙකුත් විරුද්ධ බලවේගයි අපට නඟන චෝදනා රාශියක්‌ තියෙනවා. එයාල කියනවා අපි යාපනයේ සංවර්ධන කටයුතු අරඹලා තියෙන්නේ මේ ඡන්දය නිසාය කියලා. කියන කෙනෙක්‌a ඕන දෙයක්‌ කියපුදෙන්. නමුත් අපි යුද්ධය ඉවර කරලා ඊට පස්‌සේ උතුරේ සංවර්ධන කටයුතුවලට මුල පිරුවේ ඡන්දය බලාගෙන නොවෙයි. ඒ 9 පාර හැදුවේ දුම්රිය පාර නැවත හදන්න පටන් ගත්තේ කන්කසන්තුරේ වරාය හා ජැටිය හදන්න ගත්තේ ගෙවල් දොරවල් හදල දුන්නේ ලයිට්‌ වතුර දුන්නේ මිනිස්‌සුන්ගේ ඡන්ද කඩාගන්න නොවෙයි. අනිත් එක ඒවා ආරම්භ කළේ අද ඊයේ නොවෙයි. ඒක නිසා අපි විරුද්ධවාදීන්ට උත්තර දෙන්න යන්න අවශ්‍ය නැහැ. අපි අපේ වැඩේ පාඩුවේ කරගෙන යමු. අපි කටින් නොවෙයි එයාලට වැඩවලින් උත්තර දෙමු.

මේ මොහොතේ මැති ඇමැතිවරු තමන්ට මෙහිදී විඳින්නට සිදු වූ දුෂ්කරතා ගැන කියන්නට පටන් ගත්හ.( පව් නේ කට්ටිය හුඟක් දුක් විඳලා )

අන්න ඒ වෙලාවට තමයි අපි පරිස්‌සම් වෙන්න ඕන. දකුණේදී වගේ නොවෙයි අපි උතුරේදී පුළුවන් තරම් ඉවසලා වැඩ කරන්න ඕන. ප්‍රශ්න අනවශ්‍ය විදියට අප් ඇඟේ දාගන්න නරකයි. මැතිවරණ නීතිරීති උල්ලංඝනය වෙන්න දෙන්න එපා. නීතියට පිටින් ගිහින් වැඩ නොකර පුළුවන් තරම් නීතිය සමඟ සහජීවනයෙන් වැඩ කරන්න බලන්න.

මෙසේ ජනාධිපතිවරයා හා ඇමැතිවරුන් අතර කතාබහ එදා බොහෝ රෑ බෝවනතුරු ද පැවතුණි.

පසුදා උදේ වේලාසන නැඟිට ඉක්‌මනින් ලක ගැහැස්‌ති වූ ජනාධිපතිවරයා කෝපායි ප්‍රදේශයට ගියේය. කෝපායි පාසල වෙනුවෙන් ඌව පළාත් සභාව විසින් නව දෙමහල් ගොඩනැඟිල්ලක්‌ ඉදිකර තිබිණි. ජනාධිපතිවරයාට ආරාධනා කර තිබුණේ එම දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරා දීම සඳහා ය.

ඌව මහඇමැති ශෂීන්ද්‍රගේ හා ආණ්‌ඩුකාර නන්ද මැතිව්ගේ ඉල්ලීම පිළිගෙන එහි පැමිණි ජනාධිපතිවරයා සිසුජන උපහාර ගංගාවක්‌ මැද ගොඩනැඟිල්ල විවෘත කළේය. ඌව හා උතුරු මිත්‍රත්ව පදනම මගින් ඉදි කළ මෙම ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත්කර ජනාධිපතිවරයා විශේෂ කතාවක්‌ ද කළේය.

කෝපායි මහජන රැස්‌වීමට අති විශාල ජනකායක්‌ පමණ සිsටියහ. ජනතාව අමතා ඔහු කීවේ සිංහල, දෙමළ, මුස්‌ලිම් සහෝදරත්වය, සහජීවනය, තිරකාලීන සාමය වෙනුවෙන් බුලත් කොළයට ඡන්දය දෙන්න කියා ය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ කයිට්‌ස්‌, චාවාකච්ෙච්රි හා කෝපායි සංචාරයන් ඉතා සාර්ථක, ප්‍රතිඵල සහිත සංචාරයන් විය. ඒ හැම තැනකදීම පුළුල් මහජන ප්‍රසාදයක්‌ හා පිළිගැනීමක්‌ ලැබී තිබීම ජනාධිපතිවරයාගේ හද සතුටු කළේය. අවසානයේ යාපනය ප්‍රදේශයේ රැස්‌වීම් හා වැඩකටයුතු සියල්ල ඉවර කළ ජනාධිපති මහින්ද ඊළඟට කෙළිsන්ම කිලිනොච්චිය බලා පිටත්ව ගියේය.

කිලිනොච්චියේත් ඇමැතිවරු ගණනාවක්‌ ජනාධිපතිවරයා එනතෙක්‌ පුල පුලා බලා සිටියහ. මහින්දානන්ද අලුත්ගමගේ එහි සියලු කටයුතු සංවිධානය කර තිබූ අතර ඩිලාන්, ජොන්ස්‌ටන්, සුසන්ත පුංචි නිලමේ ඇතුළු ඇමැතිවරු පිරිසක්‌ ඔහුගේ සහායට සිටියහ.
කිලිනොච්චියේදී ද විවෘත කිරීම් රැසකට ජනාධිපතිවරයා සහභාගි වූයේය. එදින කිලිනොච්චියේ මහජන රැස්‌වීමක්‌ ද තිබිණි. පුනරින් නව රෝහලට මුල්ගල තබා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය කර කිලිනොච්චි මහජන රැස්‌වීමටද සහභාගි වූ ජනාධිපතිවරයා එදින හවස යළිත් කොළඹ බලා පිටත්ව ආවේය.”

 

 දිවයින පත්තරේ නාගසේන නමින් ඕපාදුප තීරුව ලියන උන්නැහේ විසින් ලියු ඔය  ලිපියෙන් හොඳට පේනවා ආණ්ඩුව කොච්චර  වලි කෑවද   කියාලා   උතුරු පළාතත් තමන්ගේ අනසකට යටත් කර ගන්න. ආණ්ඩුවේ මැති ඇමති වරු පළාත් සබා ලොක්කෝ , නිලධාරි හැත්ත  බුරුත්ත ඔක්කොම අර ගෙන ගිහින් පදිංචි වෙලා ඉඳලා චන්ද වැඩ කලත් වැඩක් උනේ නැහැ. විවෘත් කිරීම් ,මුල්ගල තිබීම් වගේ  ඊනියා සංවර්දන මැජික් වලින්  ඒ ගොල්ලෝ රවට්ටන්න බැරි වුනා .

 

හැබෑට  නාගසේන උන්නැහේ කෝ ඔය කියපු මහා ජන ගඟ , අති විශාල මහා ජනකාය . කවුරු හරි කියවන  දෙයක්  එහෙමම   ගෙඩි පිටින් ලියන්නේ නැතිව හූනු බිජ්ජක් විතර තියෙන මොළෙත් ටිකක් පාවිච්චි කරොත් හොඳ නැත්ද , එක උඩ ඉඳගෙන ඉන්නේ  නැතිව.


 

 අද  ආයේ සැරයක් ඡන්දයක්  තියෙනවා.චන්ද වලින්  අඩුවක්  නැති  රටක් නේ මේක.   ඇටමැස්සා මේ දවස්  ටිකේම කල්පනා කර කර හිටියේ කොයි පැත්තටද  ඡන්දේ දෙන්නේ කියලා.අහස  පොලව ගැට ගහන්න කල්පනා කලත් හිතා ගන්න බැරි වුනා  කාට දෙනවාද කියලා.

ඔන්න ඔය වෙලාවේ තමා  අහම්බෙන් වගේ  මිනිහාට අහන්න ලැබුනේ  පහුගිය දාක තිබුනු මොකක්ද දේශපාලන සංවාද වැඩසටහනක්.   මේක මොකක්ද කියලා ඇටමැස්සට මතක නැහැ.. එක්කෝ ජනහඬ , නැත්නම් වාදපිටිය.නමෙන් වැඩක් නැහැනේ. ඒකට ආපු අය කියපු කතා තමා වැදගත්.

ඒකට වාද කරන්න ආපු  හෙල උරුමයේ ගම්මන්පිල උන්නැහේ කියනවා   මේ පලාත්පාලන චන්දේදී  ආණ්ඩුවට චන්දේ දෙන්න ඕනෙ  කියලා. එයා ඒකට හේතුවකුත් දෙනවා.

බටහිරයෝ බලාගෙන ඉන්නේ අපිට පහර දෙන්න.අපිව වට්ටන්න, පෙරලන්න, බිම දාන්න හාන්සි කරවන්න, අපේ නායකයෝ විදුලි පු‍ටුවට යවන්න . කොටින්ම කිව්වොත් අපිව නැති කරන්න.

හැබැයි අපේ රටේ ජනතාව ආණ්ඩුව එක්ක ඉන්නවා කියලා පෙන්නුවොත් ඔය බටහිරයෝ පස්ස ගහනවා අපේ රටට අත දාන්න. ජනප්‍රිය ආණ්ඩුවලට අත තියන්න ඔය බටහිරයෝ බයයි. එහෙමයි ගම්මන්පිල උන්නැහේ කියන්නේ.

ඕක මොන හේතුවක්ද උන්නැහේ ? මම දෙන්නම්කෝ එකට සීයක් හේතු ආණ්ඩුවට චන්දේ දෙන්න ඕනෑ ඇයි කියලා.

අහගන්නවකෝ එහෙනම් මතක් වෙන විදියට කියන්නම්.

1. වතුර කලවම් වූ පෙට්‍රල් ගෙනවුත් ජනතාවට විකිනීම
2. හෙජිං නම් වූ  උප්පරවැට්ටියක් කර  මහජන මුදල් කෝටි 5000 ක් පමණ විදේශීය බැංකු වලට පිදූ දේශප්‍රේමි ආණ්ඩුවක් වීම
3. කම්කරුවන් එපා කියද්දීත් කම්කරුවන් මරා හෝ   උන්ට විශ්‍රාම වැ‍ටුප් දෙන්නට යෑම
4. රුපියල් කෝටි දහස් ගණන් වියදම් කර නැව් ආ නොහැකි වාරයවල් ගල් පර්වත උඩ හැදීම හා ඒවා තුන් හතර වතාවක් විවෘත කිරීම
5. රෑට හොරෙන් හොරෙන් විදුලිය කප්පාදු කලත් කිසි දිනෙක එලිපිට එවැනි දේ නොකිරීම
6. රටේ ජනගහණය පාලනය කිරීමටත් ,හිර ගෙවල් වල තද බදය අඩු කිරීමටත්  ඩෙංගු රෝගය, මී උණ  වැනි ස්වාභාවික ක්‍රම පාවිච්චි කිරීම
7. තමන්ගේ සාධාරණ වැ‍ටුප් සටනක් කරපු  සරසවි ආචාර්ය වරුන්ගේ ඉල්ලීම් නොදී පොර ටෝක් දෙමින් මාස ගනනක් සරසවි වසා තැබීම.
8. රට පුරා මාලිගාවල් තනමින් පුරාණ ශ්‍රී විභූතිය නැවත පෙන්වීම
9. බලු ඔලු වැටවල  ගසමින් අලුත් උද්‍යාන අලංකාර ක්‍රම අඳුන්වා දීම
10.ශ්‍රී ලංකාවට මෙතෙක් අඩුවක්ව පැවතී ක්‍රීඩා රූපවාහිනි විකාශයක් ආණ්ඩුවේ සම්පත් යොදාගෙන පටන් ගැනීම.
11. රගර් ක්‍රීඩාවට අලුත් නීති රීති හා තුවක්කු ,පිස් ‍තෝල   වැනි අලුත් ක්‍රීඩා භාණ්ඩ අඳුන්වා දීම
12. ලෝකයේ ලොකුම ඇමති මණ්ඩලය සිටීම
13.ඇමති කම් නැති මන්ත්‍රීන්ට පජෙරෝ තෑගි කිරීමට තරම් ත්‍යාගශීලි වීම

14.ජනාධිපතිවරණයේ ප්‍රධාන විපක්ෂ අපේක්ෂකයා හිර කර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම

15 අවුරුදු 30 ක් පමණ මැතිවරණ  නොතිබු උතුරේ ජනතාවට චන්දය දමන්නේ කෙසේදැයි නිල නොනිල හමුදා යොදා ටියුෂන් දීම

16 යට ඇඳුම් ඇඳීම අනිවාර්ය කිරීම

17 කොළඹ , නැගෙනහිර ,උතුරේ දකුණේ ,රටේ හතර දිග්බාගේම ඇති ඉඩම් වලින් ජනතාව පන්නා ඒ ඉඩම් චීනකරණය කිරීම 

18. ගෝල් පෝස්ට් බහුකාර්ය කිරීම

19………..

 ඔය හේතු කරණා  ඉහටත් උඩින් මදෑ දේශප්‍රෙමි ආණ්ඩුවට චන්දේ දෙන්න…
මතක් වුනොත් ඔහෙලාත් යටින් ලියන්න. ජනතාවට නිවැරදි තීරණයක් ගන්න උදව්
කරන එක පිනක් නොවැ.

 
ආර්ථික ඝාතකයින් ලංකාවේ ආර්ථිකය කඩා වැට්ටවීමට කටයුතු කරන බව   විමල් වීරවංශ ඇමති තුමා පහු ගිය දොහක කියලා තිබුනා. රටටත් , ජනතාවටත් හානි කරන මේ  ආර්ථික ඝාතකයින්ට දැඩි දඬුවම් කරන්න ඕනේ බව එතුමා වැඩි දුරටත් කිව්වා.
 
එතුමා ඊට උදාහරණයක් විදිහට අරගෙන තිබුනේ බාල තෙල් ගෙන්වපු නිලදාරි. ( හෙහ්,හෙහ් ඉන්ධන  ඇමතිතුමා ඒකට සම්බන්ධ නෑ හොඳේ)
 
හැබැයි එතුමා නම් කරලා  තිබුනේ නැහැ මේ ආර්ථික ඝාතකයෝ කවුද කියලා. සමහර විට එතුමා හරියටම විස්තරයක් දන්නේ නැතිව ඇති . ඒක නිසා අපි හිතුවා එතුමාට උදව් කරන්න ඕනේ කියලා අපිට පුලුවන් විදියට.
 
 දැන් මේ ආර්ථික ඝාතකයෝ කියන්නේ මහජන මුදල් නාස්ති කරමින් වංචා දූෂණ කරමින් රටේ ආර්ථිකය වට්ටන උදවියනෙ.මෙහෙම කට්ටිය කීප දෙනෙකුන්ගේම විස්තර අපිට ලැබිලා තියෙනවා.
 
හැබැයි මෙයාල නම් ඔය පොඩි පහේ ආර්ථික ඝාතකයෝ.අර හෙජිං කට්ටිය වගේ ලොකු ලොකු ගැහිලි නම් නැහැ.අඩුම තරමෙන් තාම නැහැ.එහෙම නැත්නම් අපිට දැන ගන්න නැහැ.
 
ඔන්න ඇමතිතුමා ආර්ථික ඝාතකයින්ට කෙලින්න හොඳ වෙලාවක්.
 
1. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැ‍ටුප් ගන්න ආරක්ෂක සේවකයෝ දෙන්නෙක් කඩුවෙල චන්දෙට වීරවංශ පාටියෙන් ඉල්ලන අයගේ සපොර්ට් එකට බරටම වැඩ. එයාල සංස්ථාවෙන් පඩි අරගෙන වැඩ කරන්නේ කඩුවෙල. නම් ගම් දෙන්න පුලුවන්. මහජන මුදල්වැරදි විදියට භාවිතා කරන මේ දෙන්නා ගැන ඇමතිතුමා මොකද කියන්නෙ.
 
2. මේ ජාතියෙම තව ආර්ථික ඝාතකයෙක් , ඉංජිනේරු සංස්ථාවේ මානව සම්පත් කළමනාකාර තුමා. එයාගෙත් මේ දවස් වල ඩියුටිය තියෙන්නේ කඩුවෙල. නිල රථයෙන් තමා පෝස්ටර් එහෙම අදින්නේ. විමල් ඇමති තුමා මෙයාවත් ආර්ථික ඝාතකයින්ගේ ගොඩට දාමුද?
 
3. ඒ දෙගොල්ලම ආර්ථික ඝාතකයෝ නොවෙයි නම් මෙන්න නියම බඩුවක්. නියම ඝාතකයෙක්. වේලිලා තියෙන ආර්ථිකය උලා කන ආර්ථික මී හරකෙක්. පුලුවන් දෙයක් කරන්න ඇමතිතුමෝ ,මෙයාලගෙන් ආර්ථිකය බේරලා දෙන්න.

මේ ඝාතකයා පහුගිය දවසක මෙයාගේ ප්‍රයෝජනයට මහජන මුදල්  රුපියල්  කෝටි දෙක හමාරකට වැඩිය වියදම් කරලා වාහන තුනක් ගෙන්නුවා. ටොයොටා ලෑන්ඩ් කෘෂර් දෙකක්, ටොයොටා ක්‍රවුන් කාර් එකක්. ඔබ තුමාලාම කියන විදියට රටේ සංවර්ධනයට වියදම් කරන්න තියෙන මුදල් , මේ අමාරු වෙලාවේ මේ විදියට  නාස්ති කරපු ඝාතකයාට හොඳ පාඩමක් උගන්වන්න ඇමති තුමා හොඳේ.

මේ ඝාතකයා  වෙන කවුරුත් නෙවේ අති ගරු හිටපු විප්පලවාදි වීරවංශ උපවාස සූරින්මැයි.
 
සටහන- තමන් මහජන මුදල් කෝටි ගනන් නාස්ති කරන ගමන් නිකම් බොරුවට කොහෙවත් නැති ආර්ථික ඝාතකයෝ ගැන බයිලා ගැසීම ප්‍රවේශමෙන් කල යුතු දෙයක් ඇමති තුමා.