ගොංපාට්‌ ආරාමය සහ වසුරු පුවත්පත් කලාව

Posted: February 14, 2012 in Uncategorized
Tags: ,

1989 භීෂණ සමයේ විදුහල්පති පුත්‍රයා සමග ඇති වූ සුලු ආරෝවක් නිසා විදුහල්පතියා හමුදාව ලවා අහිංසක පාසල් සිසුන් ගණනාවක් මරා දැම්මවීය.

පසුව  1994 දී සූරියකන්දේ වලලා තිබූ එම සිසුන්ගේ ඇටක‍ටු ගොඩ ගත් චන්ද්‍රිකා බන්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රිලනීප නායකයින් එම ඇටක‍ටු විකුනමින් බලයට පැමිනියේය.

ඉන් අනතුරුව 1999 දී එම සිසුන් සිහි කරනු වස් පාර්ලිමේන්තු පාරේ ” අහිංසකයින්ගේ ආරාමය” නමින් ස්මාරකයක් ගොඩ නගන ලද අතර එම ශ්‍රිලනිපය බලයේ සිටිද්දි පසු ගියදා එම ස්මාරකය හොර රහසේම ගලවා දමන ලදි

පහතින් දැක්වෙන්නේ සත් ගුණවත් වෙල්ගම මුදලාලිගේ අර්ථපතිත්වයෙන් යුතුව මහා මානවප්‍රේමි, සකල කලා වල්ලභ ගාමිණි සුමනසේකර ශ්‍රිමතාණන්ගේ කර්තෘත්වයෙන් යුතු දිවයින පත්‍රයේ පසු ගිය ඉරිදා කලාපයේ කිං බානට් තීරුවේ එම ස්මාරකය හැඳින්වීමට යොදා ගෙන තිබුනු වචන කීපයකි. .
” ලස්‌සනට අයිසින් කරපු කේක්‌ ගෙඩියක්‌ උඩ තිබ්බ වසුරු පි`ඩක්‌ වගෙ කැත පස්‌ කන්දක්‌ “.

“මේ කිසිම හැඩයක්‌ නැති මේ පස්‌ කන්ද ..?”

” අංගවිකලාරාමයනේ…”

” අටමගලක්‌… “

“හරියට වර්චස්‌  පිඩක්‌ වගේ ඒක… “

 හැලපාරාමය… මෙලෝ රහක්‌ නෑ…

නිකම්ම නිකම් පස්‌ ගොඩක්‌…”

” හුචක්‌කුව …”

” මේ ඌරු බෙට්‌ට …”

 අවමංගලාරාමේ …”

මේ සුමනසේකරලා පසු ගිය කාලයේ ඇඹිලිපිටිය සිසුන් ගැනත් මෙම ස්මාරකය ගැනත්  කිඹුල් කඳුලු හෙලමින් ලිපි කී සීයක් ලිව්වා දැයි අපි නොදනිමු.

දැන් ඔවුන්ට අහිංසකයින්ගේ ආරාම පෙනෙන්නේ වසුරු ගොඩවල් ලෙසය. 

දැන් අහිංසකයින්ගේ කාලය හමාරය.මේ උදාවී ඇත්තේ සංවර්ධන යුගයයි. පොදු ජනයාගේ සංවර්ධනය නොව රජ මැති ඇමතින්ගේ බැංකු ගිණුම් සංවර්ධන  යුගයයි.අහිංසකයින්ගේ ආරාම එයට බාධාවක් නම් ඒවා ඉවත් කරනු ඇත. සුමනසේකර  බඳු උන්ගේ කාර්ය වනුයේ එම ලොක්කන් කරන සෑම දෙයක්ම හරි යැයි තම පුවත් පත් තුලින් පැවසීමය. ඒ වෙනුවෙන් ඔවුන්ට සොච්චම් ගෙවීමක්ද  ලැබේ. 

ඔවුන් එම සොච්චම වෙනුවෙන් ඕනෑම දෙයක් ලියනු ඇති බවට හොඳම උදාහරණය මේ ලිපියයි.

 

 

 

Comments
  1. KIMBAnat says:

    කිම්බා-නට් නේද?

  2. ඇයි ඒක උපහාසාත්මක ලිපියක් නොවෙයිද? නොට් ගේට් එකකින් දාලා ගන්න.

    • gadfly says:

      අපහාසය සහ උපහාසය දෙකක් කසූ

    • TG says:

      “නොට් ගේට් එකකින් දාලා ගන්න.”
      සමහර දේවල් පාගා ගෙන ඉන්න අයට දුන්නු හොඳ පිළිතුරක්. හරිම සරලයි. කට උත්තරත් නෑ.

  3. rajasingha says:

    xcvzvv

  4. rajasingha says:

    eyage lamai dfnnata janadipati aramudalin pitarata scholarship dekak dunnata thamai oya kahinne

  5. එරන්ද සමරකෝන් says:

    හෙන එන්න ඕනි….හෙන…..

Leave a comment