Archive for May, 2011


ඔබ ශ්‍රේෂ්ඨයි ,ඔබ ශ්‍රේෂ්ඨයි ,
ඔබ ශ්‍රේෂ්ඨයි ,ඔබ ශ්‍රේෂ්ඨයි ,
ඔබ ඉතා ශ්‍රේෂ්ඨයි ,ඔබ ශ්‍රේෂ්ඨයි ,
ශ්‍රේෂ්ඨතමයා ඔබයි

දු‍ටුගැමුණුත් ඔබෙ නෑයෙක්
බුදුරජුනුත් ඔබේ නෑයෙක්
පැරකුම්බා ඔබේ සීයා
විජයබාහු ඔබෙ මුත්තා

ඔබ අසම සමයි,ඔබ අසමානයි
ඔබ විශිෂ්ටයි,අති විශිෂ්ටයි
ඔබ අංජලිකරණීයයි,ඔබ අනුත්තරයි
ඔබ, ඔබ , ඔබ,ඔබ,ඔබ,ඔබ
බුහ් ,බුහ්,බුහ්,බුහ්,බුහ්,බුහ්,බුහ්,

මීට ඔබේ කීකරු බලුකුක්කා පැබ්ලෝ

Advertisements


තමන්ගෙ මුදල් කොල්ල කෑමට පැමිණි මංකොල්ලකරුවන් පිරිසක් පරාජය කිරීමට පසු ගියදා ශ්‍රි ලාංකීකයින් පිරිසකට හැකි විය.

ඒ වීරයින් අන්කිසිවෙක් නොව ඊනියා විශ්‍රාම වැ‍ටුප් පනත හරහා තමන්ගෙ ඊපීඑෆ් හා ඊටීඑෆ් අරමුදල් කොල්ලකන්නට පැමිණි ආණ්ඩුව තාවකාලිකව හෝ පරාජය කල පෞද්ගලික අංශයේ සේවය කරන හැට පන් ලක්ෂයකට ආසන්න කම්කරු පිරිසයි..

ජනතාව මෙම පනතට කැමති වනතෙක් එය තාවකාලිකව හකුලා ගන්නා බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා කී බව ඊයේ පුවත් පත් වාර්තා කර තිබිණි.කවුරු විරුද්ධ වූවත් මෙම පනත ගෙන බවට පසු ගිය කාලයේ කළ පාරම් බෑම් ගෑන සළකා බලන විට තාවකාලිකව වුවත් මෙය ඉතා වටිනා ජයග්‍රහනයකි.

මෙම ජයග්‍රහණයේ අගය තවත් වැඩි වනුයේ තමන් කිසිදා පරාජය කල නොහැකියැයි සිතා සිටි රෙජිමයකට එරෙහිව ලබා ගත් ජයක් බැවිනි. 2009 මැයි මාසයේ සිට මේ දක්වාම පරාජය යනු කුමක්දැයි නොදන්නා රෙජිමයකට එරෙහිව ලබා ගත් ජයක් බැවිනි. දේශප්‍රේමි මැජික් වලින් සියල්ලන්ව නොවේ නම් අති මහත් බහුතරයක් මුලාවට පත් කරමින් සිටින හා සදාකාලිකවම එසේ කල හැකි යැයි සිතු රෙජිමයකට එරෙහිව ලබා ගත් ජයක් බැවිනි.

ඇත්තෙන්ම පාලකයින්ට මෙවර වැරදුනේද ඒ නිසාමය. ඔවුන් භයානක ලෙස තමන්වම මහා අධිතක්සේරුවකට ලක් කර ගෙන සිටියේය. තමන් පරදනු හැකි කිසිවෙක් මිහිපිට නැතැයි ඔවුහු සිතුහ. විශ්‍රාම පනතට මෙතරම් විරෝධයක් එනු ඇතැයි ඔවුහු නොසිතූහ. නො එසේනම් කුප්‍රකට උපවාස වීරයා ලවා හෝ ජනතාවගේ සිත් සතන් ත්‍රාසයෙන් භීතියෙන් ඇළලී යන මහා සෙප්පඩ විජ්ජාවක් කරනු ඇත.

අණ්ඩුව ඉදිරියේදී තම මුළු වැර යොදා ඊනියා විශ්‍රාම වැ‍ටුපට එරෙහි හඬ යටපත් කිරීමට උත්සාහ කරනු ඇත. එහි ප්‍රතිපලය කුමක් වුවද කම්කරුවන් මෙතෙක් කල් තමන්වම සිර කරගෙන සිටි කූඩු වලින් එලියට පැමිණ දේශප්‍රේමි ආණ්ඩුවට එරෙහිව එලිපිටම යුද ප්‍රකාශ කර ඇත. ඔව්හු කිසි බියක් නැතිවම ලොකුගේ ප්‍රමුඛ ඇමතිවරුන් ප්‍රශ්න කළහ. ඔවුන් සිනහවට ලක් කළහ.

මේ අතර සරසවි ඇදුරන්ද තවමත් තම සටන අතහැර නැත. සුපුරුදු ලෙස ආණ්ඩුවේ පිලිවෙතට එරෙහි වන හා එය විවේචනය කරන සැමට සිදු ලෙස සරසවි ඇදුරන් වෙතද දේශද්‍රෝහි ලේබලය ඇලවෙමින් තිබේ. මෙවරනම් එය බොහෝ දෙනෙකුන්ගේ හාස්‍යයට ලක් ව තිබේ.

මේ සටන් අපට කියන්නේ මධු සමය අවසන් වෙමින් ඇති බවයි. එලඹෙමින් තිබෙන්නේ සටන් යුගයක් බවයි . ජනතාවගේ කුසගින්න තව දුරටත් දේශප්‍රේමි සීනි බෝලවලින් හෝ මැජික් වලින් යටපත් කල නොහෙන බවයි. පාලකයින් කියන දෙයට නිවට ලෙස යටත් නොවී එය ප්‍රශ්න කිරීමට හා විවේචනය කිරීමට බිය නැති ජනතාවක් බිහි වෙමින් තිබෙන බවයි.


මේකනම් පුදුම ආණ්ඩුවක්ය. පුදුම කිව්වාට පුදුමත් නැත. පුදුම නැහැ කිව්වට පුදුමත් තමයිය.
ඒකේ විස්තරේ මෙහෙමය.
මේ ආණ්ඩුව දන් දෙන්ට හරි කැමතිය. චන්ද කාලෙට මන්දිරේම ස්ථීර දන් සල් හදා ගෙන දන් දෙනවාය. දන් දෙන්නේ බලෙන් අඬ ගහලය. අම්මට සිරි!බලන්ට ඕනේ දන් සලේ සාරසුබාවය. ඕනේ දෙයක් කැමති හැටියටය.කුරහන් පිට්ටු නම් එහෙමය.මඩු පිට්ටු නම් එහෙමය . වෙන පිට්ටු ජාති නම් එව්වත් එහෙමය. මන්දිර වල දී මත් වෙන ජාති මද පමණට කරාට කමක් නැහැ කියලා කිව්වේ එල්ලා වල්ලේ සාධුය.ඒනිසා එව්වත් එහෙමය.

චන්ද කාලෙට විතරක් නෙවේය. මේ ආණ්ඩුව අනිත් කාල වලටත් එහෙමය. අත දිග ඇරලා දන් දෙනවාය. ඉල්ලන්ට ඕනෙත් නැත. දෙන්ට ඕනේ කියලා හිතුනොත් ආණ්ඩුව දෙනවාය.

දැන් බලන්නකෝ, පහු ගිය දවස් වල ඇමති කම් දී ගෙන දීගෙන ගියේය. අන්තිමට බැලුවාම තුනෙන් දෙකක්ම ඇමතිලාය.ඒකෙන් නැවතුනේ නැත. ඇමතිකම් නැති මන්ත්‍රී උතුමන්ට පැජෙරෝ ,මොන්ටෙරෝ දන් සලක් ද දුන්නේය. එයාලා පැජෙරෝ ඕනේ කියලා උපවාස කරෙත් නැතිය,ස්ට්‍රයික් කරෙත් නැතිය . ආණ්ඩුවට දෙන්ට හිතුනා , දුන්නා .

ඊ ලඟට මේ ඊයේ පෙරේදා සංස්ථා සභාපතිලාට,අධ්‍යක්ෂකලාට පඩි 90,000 , 80,000 කලේ ඒ ගොල්ලෝ ඉල්ලලාද? නැතිය. ඔහේ දෙන්ට හිතුනාම දෙනවාය.දීලා දානවය. දාන පාරමිතාව පුරන උත්තමයෝ එහෙමය.

පෞද්ගලික අංශයේ සේවක උන්නැහේලාට විශ්‍රාම වැටුපක් දෙන්ට ඕනේ කියලා හිතුනෙත් ඒ නිසාය. ඒ පින් බලේටය. එහෙම දානේ දෙන්ට හිතෙන්නේ පින් කරපු ඇත්තන්ට විතරය. ඒත් කොහෙද මේ පවුකාර හැත්තට ඒක ගන්ට පින් නැතිය. උන් ඒක එපා කියනවාය.

ආණ්ඩුවත් අරින්නේ නැත. කොහොම හරි මේ පුණ්‍ය කර්මය කරන්ටම බලනවාය. මේ මහඟු පින් කමට දායක වෙන්ට කියලා හිටපු විප්පලවාදී කන්කරු නායක වාසුදේව උන්නාන්සේත්, විජේනායක උන්නාන්සේත් ,මල්වංශ උන්නාන්සේත් ඇවිල්ල මේ දවස් වල බණ කියනවාය. ඒ වුනාට මේ පවු කාරයෝ කනකට ගන්නේ නැතිය.එපාම කියනවාය.

අම්මප මුන්ට ස්වල්ප සල්ලියක්ද ආණ්ඩුව ගානේ දෙන්ට යන්නේ . එකෙකුට රුපියල් එකයි ශත පනස් හතරක්ම දෙනවාය. මේ කාලකන්නි හැත්තෑ එපා කියන්නේ එහෙවු සල්ලි කන්දරාවක්ය.

ආණ්ඩුවත් අරින්නේ නැතිය. කොහොම හරි දෙන්ටම හදනවාය.

මුං පාරට බැහැලා එපා කියලා කෑ ගහනවාය. කඩාකප්පල් කාරී වැඩ කරනවාය.

දැන් මුන්ට පැන්සන් දෙන්ට වෙලා තියෙන්නේ පොඩි කාලේ බත් කන්නේ නැතිව කට්ටි පනින්න හදන කොට අම්මලා පස්ස පැත්තට දෙකක් ගහලා බත් ගුලි ගිල්ලන විදියටය.

ඊයේ පෙරේදා කටුනායක පැත්තේදී පොලෝසිය දාල දෙකක් අන්නන්ට වුනේත් නාහෙට අහන්නේ නැති උන් තිහ හතළිහක් අල්ලන් ගිහින් කූඩුවට දාන්ට වුනෙත් ඒකය. එහෙම නැතුව හොඳින් කියලා නම් මුං එක්ක කරන්ට බැරිය.

මුං පැන්සන් එපා කියලා නිකම් ඉන්නවා නම් කමක් නැත. එහෙම ඉන්නෙත් නැත. ආණ්ඩුව මේ හදන්නේ මුං ගේ සල්ලි ටිකට කෙලින්නලු. 100 ක් කපලා 60 ක් ගෙවන්නේ මොකද කියලා අහනවාය. මැරුනොත් සල්ලි ටික ආණ්ඩුව ගන්නවා නේද කියලා අහනවාය. මුං හිතන් ඉන්නේ මුන්ගේ රිප්පිඩිය නැත්නම් ආණ්ඩුවේ ලොකු මහත්තුරු සා ගින්දරේ මැරෙයි කියලාය. ඒ උත්තමයන්යින්ට තියෙන සල්ලි කන්දරාව උන් දන්නවා නම් ඔහොම කතා කියන්නේ නැතිය.

දෙන දෙයක් කාල ඉන්නේ නැතිව ……..

අපේ රටේ ආණ්ඩුව පුදුමාකාර එකක් කිව්වේ ඔන්න ඔය නිසාය. මේ වගේ පොල්ලෙන් ගහලා සල්ලි බෙදන දානපති ආණ්ඩුවක් වෙන කොහෙද තියෙන්නේ.

සටහන- හැබැයි පුතෝ බලෙන් ගන්ට ආවොත් නම් ….. ඔය විශ්වවිද්‍යාල ආචාර්ය කාරයෝ වගේ…….., හහ්, එව්වා කොහෙද ?

කුමාරන් පද්මනාදන්  හෙවත් කේ.පී පහු ගියදාක ඉන්දීය මාධ්‍ය වලට ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක් කරලා තිබුනා,  එජා සංවිධානයයි  බටහිර රටකුයි එකතු වෙලා ප්‍රභාකරන් බේරාගන්න නැවක්  එවන්න ලේස්ති වුනාය, රජිව් ගාන්ධිගේ ඝාතනයට කරුනානිධිත් හවුල්ය ආදීවශයෙන් .
 
මේ මාධ්‍ය සාකච්චාවෙන් එලියට දාලා තිබුනේ කොටස් කීපයයි. මෙන්න එකේ ඉතුරු කොටස.බොහොම අමාරුවෙන් හොයා ගත්තේ.
 
– දැන් කේ.පී මහත්තයා ඔබ කියන්නේ ප්‍රභාකරන් බේරාගන්න එක්සත් ජාතීන්ගේ  සංවිධානය නැවක් එවන්න  සූදානම් වෙලා හිටියා කියලද?
 
– ඔව්, ඉතාමත් පැහැදිලිව ඔවු. මේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම බෑන් කී  මූන් මහත්තය පෞද්ගලිකවම මෙහෙයෙව්වේ.
 
– ඔබ කියන දේ ඔබට විශ්වාසද?
 
– ඔව්, සත්තකින්ම.
 
-මේ මෙහෙයුම ගැන අපිට විස්තර කරන්න පුලුවන්ද. මම හිතන්නේ ඔබත් මේ මෙහෙයුම ගැන දැන ගෙන ඉන්න ඇති.
 
– දැන් මෙහෙමයි, බෑන් කී මූන් මහත්තයයි , දරුස්මාන් මහත්තයයි ,එතකොට තව සෝල්හයිම් මහත්තයයි නැවක් අරගෙන එනවා මුලතිව් මුහුදට. ඊට පස්සේ සෝල්හයිම් මහත්තය නැවේ තියලා මූන් මහත්තයයි දරුස්මාන් මහත්තයයි මුහුද යටින් කිමිදී ගෙන එනවා ප්‍රභා ඉන්න තැනට . ඊට පස්සේ ප්‍රභාවත් එකතු කරගෙන ආපහු පීනාගෙන යනවා නැවට. ඕක තමා පළමු වෙනි සැලැස්ම . ඕක වැරදුනොත්   දෙවෙනි එකකුත් තිබුනා.
 
– ඒ මොකක්ද
 
– මූන් මහත්තයයි දරුස්මාන් මහත්තයයි ආපහු නැවට පීන ගෙන ගිහින් නැවේ තියෙන හෙලිකොප්ටර් එකක් අරගෙන එනවා. ඇවිත් ප්‍රභා ඉන්න තැනට පාත් කරලා ලනුවක් දානවා පහලට. එතකොට මූන් මහත්තයා ලනුව දිගේ පහලට බැහැලා ප්‍රභාවත් අරගෙන හෙලිකොප්ටරේට  ගිහින් නැවට යනවා.
 
– මං හිතන්නේ ඉතාමත් විශිෂ්ට සැලැස්මක් , ඇඟ කිලි පොලා යනවා.
 
– ඒ විතරක් නෙවේ මේ සැලැස්මට ජනතා විමුක්ති පෙරමුණත් සහය දුන්නා .
 
– හැබෑ ට ?
 
-ඔව් ඔව්,සෝමවංශ ,අනුර කුමාර, විජිත හේරත් තුන් දෙනාම මේකට හවුල්,
 
– ඒ කොහොමද හවුල් වුනේ?
 
-ඔය නැවට තෙල් ගහන්න සල්ලි දුන්නේ ජේ වී පී එකෙන්නේ. ඊට අමතරව අර හෙලිකොප්ටරේ ගන්න බ්‍රෝකර් කම කලෙත් ජේවීපී ඒක. මං හිතන්නේ නැව ගන්නත් ගානක් එයාලා දුන්නා. ඊට කලින්  කොටි සංවිධානය එක්ක ජේවීපී එක සෑහෙන කාලයක් හවුලේ වැඩ කළා
 
– මොනවද ඒ කරපු වැඩ,ඔබට කියන්න පුලුවන්නම්.
 
– ඇත්තටම  කිව්වොත් ඔය ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගහපු එකත් ප්ලෑන් කලේ ඔය දෙගොල්ලොනේ.ඊට පස්සේ තමා ඒක අල්කයිඩා එකට බාර දුන්නේ ක්‍රියාත්මක කරන්න.
 
– හැබෑ ට ?
 
-ඔව් ඔව්,  ඒ වැඩේට නම් මංගල සමරවීරගෙයි  චන්ද්‍රිකාගෙයි සපෝර්ට් එකත් ලැබුනා. තව රනිලුත් හුඟක් උදව් කළා.
 
-හ්ම් හ්ම් …  එතකොට ඔබ කියලා තිබුනා රජිව් ඝාතනයට කරුණානිධි හවුල් කියලා. මම අහන්නේ ……
 
– ඔව් ,කරුණානිධිට අවශ්‍ය මතවාදීමය සහය ලබා දුන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් වගයක්  , එයාලා තමා කිව්වේ ප්‍රභාටයි කරුනානිධිටයි බල කලේ මේ වැඩේ කරන්නම ඕනේ කියලා.
 
– ආචාර්ය වරුන්  කිව්වට ඔබට  විශේෂ පුද්ගලයෙක් ,එහෙම නැත්නම් පුද්ගලයින්  එහෙම නම් කරන්න පුලුවන්ද මේ වැඩේට හවුල් වුනු?
 
-අපොයි පුළුවන් …. ම්ම්ම්ම් … මට නම මතකයි…  අපිත් එක්ක සාකච්චා කරපු .. ම්ම්ම්  .. නිමල් ? නැහැ නිමල් නෙවේ හරි…. මතක් වුනා………….
 
– මොකක්ද නම ,කවුද ඔහු ?
 
නිර්මාල් රන්ජිත් දේවසිරි , ඔහු තමා රජිව් ඝාතනයට අපිව පෙලෙඹුවේ.
 
සටහන – මට ලැබුණු සී ඩී තැටියේ සටහන් වී තිබුනේ එපමණකි. මේ සාකච්චාව තව දුරටත් කෙරී ඇති බවටත් කේ පී විසින් සෑහෙන රහස් තොගයක්  හෙළි කර ඇති බවටත් තොරතුරු දැනගන්ට තිබේ . යම් හෙයකින් ඔබට ඒවා ලැබුනොත් අප වෙත එවීමට කාරුණික වෙන්න. ඔබගේ අනන්‍යතාව ආරක්ෂා කරනු ලැබේ.
 
මේ පාරෙන් යන්න….. වරදින්නේ නෑ  !
 
දිවයින පත්තර මුදලාලි මේ කැප්ෂන් එක දාලා තිබුනේ රටේ නායකයා ඉස්සරහ තුන්කුදු වෙලා , බයාදු විදියට ආචාර කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ පින්තූරෙකට.
 
ඒ  කතාව සම්පූර්ණයෙන් ඇත්ත.  ඒ පාරෙන් ගියොත් නම් වරදින්න විදියක් නැහැ. ඒ කියන්නේ දන ගහලා පාද නමස්කාර කරන අයට, සපත්තු පොලිෂ් කරන අයට  වරදින්න විදියක් නැහැ. මේක ඉතින් සුමනසේකර උන්නැහේ අපි කාටත් වඩා අත් දැකීමෙන්ම දන්නවනේ .ඒකනේ එතුමා ශිෂ්‍යන්ටත් ඒ පාරෙන්ම යන්න කියන්නේ .මේ එයා මොන පාරෙන්ද යන්නේ කියලා කල්පනා කරනවා .
 
 
බලන්නකෝ හරි පාර තෝරා ගත්තාට පස්සේ මෙයාට  හරි ගිහින් තියෙන හැටි
 
 
ඊ ලඟට දැන් ඔය ශිෂ්‍යයෝ ඔය පාරෙන් යවන්න හදන තව එක්කෙනෙක් තමා ඇස් බී උන්නැහේ. එතුමා වෙන වෙන පාරවල් වල යන්න ගිහින් කෙලවගත්තා නේ.
 
 
දැන් යහපත් අවවාද අනුශාසනා ලැබිලා හරි පාර තෝරාගෙන බලන්නකෝ ජොලියේ ඉන්න හැටි. ආදරේ හිතෙනවා නේද හිනා ඩිංගට.මෙයා ශිෂ්‍යයන්ටත් එහෙම ඉන්ට කියලානේ හැම තිස්සෙම කියන්නේ .
 
 
මේ හරි පාර තෝරා ගත්ත තව එක්කෙනෙක් , කොහොමද නැවිල්ල. මෙයාවත් යවන්න පුළුවන්  අර හමුදා පුහුණුවේදී ශිෂ්‍යයන්ට නැවෙන හැටි කියලා දෙන්න.
 
 
 
මේ තව හාදයෙක්. මෙයා නම් ඒ පාරේ ඉස්සරහම යන්නේ . නැත්නම් මෙහෙම තැඹිලි වතුර පොවාවිය ?
 
 
 
මේ කට්ටියත් ඉතාමත් නුවණක්කාර විදියට හරි පාර තෝරා ගත්තු පිරිසක්. මෙයාලටත් වරදින්නේ නැහැ.
 
 
 
මේන් ඉන්නවා මෝඩයෝ. වැරදි පාරවල් වල ගිහින් කෙලව ගෙන . අපිට ඕවට කරන්න දෙයක් නැහැ. පාර දන්නේ නැත්නම් සුගාරගෙන් හරි කසුරි ගෙන් හරි එහෙම නැත්නම් මහින්ද අබේසුන්දරගෙන් හරි අහන්න තිබුනානේ .
 
 
ඔය දෙපැත්ත ගැනම උදාහරණ නම් අනන්තයි. ඒක නිසා ඒවා ගැනත්  මොලේ කල්පනා කරලා සුගාරලා කියන හැටියට හරි පාරෙන් යන්න හොඳේ.  වරදින්නේ නැහැ.අත් දුටුවයි . සත්තයි. හැබැයි ඉති ඊට කලින් හොඳ ඉස්පිටිතාලෙකට ගිහින් කශේරුකාවයි මොලෙයි  අයින් කර ගත්තොත් ඔය පාරේ යන්ට හරිම  ලේසියි.


විශ්ව විද්‍යාල කොල්ලෝ කෙල්ලෝ කිසි විනයක් නැති නායකත්වයක් නැති උන් නිසා උන්ට විනය, නායකත්වය , කන හැටි බොන හැටි ඇතුළු තවත් නොයෙක් දේ හැට හුට හමාරක් හමුදා කඳවරු වලට යවා උගන්නන්ට ඕනේ යයි ආණ්ඩුව තීරණය කළේය.

ඒ වැඩේට හොඳම තැන හමුදාව යැයි ආණ්ඩුව තීරණය කලේ විනය නායකත්වය ආදිය රටේ වෙන කාටත් වඩා ඉහලින්ම තියෙන තැනක් නිසා වෙන්ට ඇතිය.

මේ වැඩේට විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන් ලවා කරවන්ට බැරි ඇයි දැයි සමහර මෝඩයින් අහන්ට පුළුවන. ඔය ආචාර්ය මහාචාර්යවරුත් කිසිම විනයක් නැති කට්ටියක් ය. විනයක් තියේ නම් පඩි ;ඉල්ලා ස්ට්‍රයික් කරන්නේ නැත.එහෙවු අය ශිෂ්‍යයන් හදන්නේ කොහොමද?

අනික මීට පස්සේ ආචාර්යවරු , අනික් සරසවි සේවකයෝ ස්ට්‍රයික් කරන කොට පොලීසිය ගේනවට ඕනේ නැත. ශිෂ්‍යයෝ ලව්වාම ස්ට්‍රයික් කාරයින්ගේ ඔලු පලන්ට පුළුවන.

මේ වැඩේට ගැලපෙන්නේ හමුදාව පමණිඒ වගේම මීට පස්සේවිශ්ව විද්‍යාලයට ආචාර්ය වරු බඳවා ගන්න කොටත් හමුදා කඳවුරු වලට යවා පුහුණුවක් දෙන්ටඕනෙය. එහෙම නැත්නම් කෙලින්ම හමුදාවේ කට්ටියම බඳවා ගන්නත් ඇහැකිය.

ගලහ පාර දිගේ හරි , තුන්මුල්ලහන්දියේ හරි දෙපෙලියක් හැදිලා ආචාර්යවරුන්ගේ කොමාන්ඩ් එකට වම දකුණ කියමින් සරසවි ශිෂ්‍යයෝ එන කොට කොච්චර අපූරුද?
“කණ්ඩායම රසායන විද්‍යා පරීක්ෂණාගාරය කරා ගමනේ යා ”
” කණ්ඩායම විභාගයට උත්තර ලිවීම අරඹනු ”
කොච්චර ශෝක්ද? කොච්චර ලස්සනද?
ඊ ලඟට මේ වැඩේ ටික ටික දියුණු කරලා ඉස්කෝලේ පළමු වැනි ශ්‍රේණියට බඳවා ගන්න කොල්ලන්ට කෙල්ලන්ට මේ පුහුණුව දෙන්ට ඕනෙය. එතකොට පොඩි කාලේ ඉඳලාම තමන්ට ඕනේ හැටියට උන්ව හදා ගන්ට පුළුවන.

ඒ විතරක් නෙවේ මීට පස්සේ රාජ්‍ය සේවයට බඳවා ගන්න හැම එකාටම එකීටම හමුදා පුහුණුවක් දෙන ගානට මේ වැඩේ ඉස්සරහට අරන් යන්ට ඕනෙය. . එහෙම නැත්නම් රාජ්‍ය සේවයේ සේරම වැඩ හමුදාවටම බාර දෙන්ටත් පුළුවන. (කොහොමටත් වැඩ සිද්ද වෙන්නේ ඒ වගේය)

සටහන- විනිශ්චය කාර වරුන්ගේ විනය, නායකත්වය හොඳ මදි කියලා එයාලාට හමුදා පුහුණුව දෙන එකනම් දැනටම පටන් අරගෙන බව ආරංචිය. ඊයේ මාතරින් මේ වැඩේ පටන් අරගෙන තිබේ. මේ සිද්දිය ආරංචි වුනු ,අද හමුදා පුහුණුව ආරම්බ කරන කොල්ලන් කෙල්ලන්ගේ දෙමවුපියන් තමන්ගේ දරුවාට මාතර හමුදා කඳවුරේම පුහුණුව ඕනේ යයි ඉල්ලා ලිප්ටන් වට රවුමේ උද්ඝෝෂණය කරන්ට ඉඩ තිබේ.


පහු ගිය දවස් වල වීර මල්වංශ තුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයටත්,එහි ලොක්කා බෑන් කී මූන් ටත් ඇමෙරිකාව හා එංගලන්තයටත් විරුද්ධව මහා ජල්ලියක් ඇල්ලුවේය. මුලින්ම එජා කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණ කර ඉන්පසු ලෙමන් පෆ් කමින්, තැඹිලි වතුර බොමින්, රෝහලාංතික මහා උපවාසයක් කළේය.

ඒ අතර එතුමාගේ අනුගාමිකයෝ කොන්ඩම් පැළඳ ගෙන උපවාස කුටිය වට ගරා යකුම නටමින් බෑන් කී මූන් ගේ පඹයන් සදා ගිනි තබමින් මහා විකාරයක් කලෝය. මෙවර මැයි දිනයේදී මල්වංශ පක්ෂයේ පෙළපාලියේ මිනිසුන්ට වඩා සිටියේ බෑන් කී මූන් පඹයන් ය.

වීර මල්වංශ හා සගයින් බෑන් කී මූන් , එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමෙරිකාව, එංගලන්තයා හා අනිකුත් බටහිර රටවල් ගැන හැසිරුනේ තම තරහ කාරයින් ගැන ගමේ ගොඩේ චන්ඩින් හැසිරෙන “මගේ අතට ඕකුන් අහු උනොත් කනවා ” යන විලාසයටය.

වෙනකක් තියා මේ මල්වංශ ,දැන් තියෙන එජා සංවිධානයෙන් අයින් වී වෙනම එකක් හදා ගන්න බවටත් කට පත්ත බෑවේය. මේවා දුටු පෘතග්ජනයින් වන අපි හිතුවේ මූ නම් මාර පොරක් ය, මූට බටහිරයන් පෙන්ට බැරිය, ජාතිය බේරා ගන්ට ආ දියසේන කුමාරයා නම් මූ ය, ලංකාවේ චාවේස් මූය , ලංකාවේ කස්ත්‍රෝ මූ ය. ආදී වශයෙන් වූ දේශප්‍රේමී, මල්වංශ ප්‍රේමි, විප්ලවාවාදී සිතුවිලිය. ඇත්තටම ළඟ පාතක හිටියා නම් උම්මා එකක් දෙන තරම් ආදරයක්ය.

එහෙවු මල්වංශ නිව්යෝර්ක් වල කොහෙද පන්සලක ඉන්න හාමුදුරු කෙනෙක් සම්බුද්ධත්ව ජයන්තියට එන්නයි කියූ විගස දේශප්‍රේමී කම ඇඳ ගෙන සිටි රෙදි වල ඔතා ඒ රෙදි කටුනායක තියා විභූති පුත්‍රයාත් සමග නිව්යෝර්ක් වලට වැඩම කළේය. අපි හිතුවේ මූ මේ ගමන් ඉතින් නම් මූන්වත් ඉවර කර උගෙන් සම්බල් හදලාම එයි කියලාය.

ඒ අපිට හිතුන හැටිය. ඒ වුනත් ….

බෞද්ධ උත්සවයේ දී මූන් කතා කරන විට මේසයක් යට හැංගී හිටි මේ දේශප්‍රේමියානෝ මූන් සභාවෙන් ගියපසු වචන දෙක තුනක් එතන හිටි මේ රටේ අයට පමණක් තේරෙන සිංහලෙන් දෙසා බා අඩියට දෙකට මාරුය. ලංකාවේ ඉන්න මැට්ටන්ට නොතේරුනාට නිව්යෝර්ක් වල ඉන්න ලාංකිකයන් සතා කවුදැයි දන්නා නිසා උද්ඝෝෂනයද හබක්ය. ඉන්පසු කෙලින්ම දේශප්‍රේමී විදියට නයගරා ඇල්ලටය.

චේ ගුවේරා වගේ අයත් එජා සංවිධානයේට ගොස් ඇත. හැබැයි මේ වගේ පච වෙන්නට වත් , ජනතා මුදල් වලින් නයගරා ඇලි බලන්නටවත් නොවේ ය. ඔවුන් නියම විප්ලවවාදීන් විදියට එජා මහා සභාවේ කොන්ද කෙලින් තියා ගෙන කතා කලෝය. මුන්දලා වගේ තමන්ගේ රටේ දී අධිරාජ්‍යවාදීන් පතුරු ගසා , මූලස්ථානයේදී ඔවුන් හමු වූ විට හැන්ගුනේ නැතිය. ඒ කට්ටිය එහෙමය .

අපේ දේශප්‍රේමී කට්ටිය මෙහෙමය. යන්නේ මහජන මුදලින් ආතල් ගන්නටය. පිට රටක යන්නට තිබේ නම් බුදුන් හෝ දේශප්‍රේමය නොව අම්මා වුවත් විකුණා යනු ඇත.

සටහන- බටහිරයන්ට විරුද්ධව උදේ හවස උඩු බුරන මේ මල්වංශ තුමාගේ පුත්‍රයා උගන්නේ එංගලන්තයේ ය. සමහර විට එංගලන්ත කාරයින්ට දේශප්‍රේමය උගන්නන්ට යැව්වා වෙන්ට ඇතිය.