Archive for May, 2010

 
ප්‍රවීණ පුවත් පත් කලාවේදී රිචර්ඩ් විජයසිරි මහතා ලිවූ  මේ ලිපිය ඇට මැස්සා උපුටා ගත්තේ මනහර සඟරාවේ 1982  දෙසැම්බර්  කලාපයෙන්.
 
චන්දයයි උණ්ඩයයි
 
 
බොහෝ අය කල්පනා කරන්නේ රටක ඒකාධිපතියකු බවට කිසියම් කෙනෙකුට පත් විය හැක්කේ හුදෙක් විප්ලවයක් හෝ හමුදා කුමන්ත්‍රනයක් මගින් පමණක් බවයි.
 
එහෙත් ඒකාධිපතියකු පහල වීම සඳහා විප්ලවයක් හෝ හමුදා කුමන්ත්‍රණයක් අනිවාර්යෙන්ම අවශ්‍ය නැති බව ලෝක ඉතිහාසය විසින් නොයෙක් වර ඔප්පු කර තිබේ.
 
විප්ලවයක් හෝ හමුදා කුමන්ත්‍රණයක් මගින් රටක් ජනතාවක් ඒකාධිපති ග්‍රහණයට හසු කරගන්නා විට එය කෙලින්ම රටටත් ලෝකයටත් පැහැදිලිව පෙනෙන දෙයකි. එවන් කරදරයකට හෝ අසීරුවකට පත් වන්නේ නැතිව ” ගානෙන්  ගානෙන් තම්බි ගෙට ගොඩ වුනා ” සේ ආඥාදකයත්වයේ සිංහාසනයට  නැග  ගැනීමේ  සූක්ෂ්ම ක්‍රමයක්ද තිබේ.
 
ලෝකයේ වඩා කෛරාටික හා බල ලෝභී දේශපාලනඥයන් , ඒකාධිපතියන් වීමට යොදා ගෙන ඇත්තේ තම්බි ගෙට ගොඩ වීමේ උපක්‍රමයයි.
මේ  උපක්‍රමය  නම් චන්ද බලය, මැතිවරණ ක්‍රමය හා පාර්ලිමේන්තුව ඔස්සේම ඒකාධිපති බලතල ආරුඩ කර ගැනීමය. ඒකාධිපති අභිප්‍රායන් ඇති පුද්ගලයා මේ සටප්‍රයෝගය යොදා ගන්නේ තම සුදනකු බව අඟවමින් මහජනයා ගේ ඇසට වැලි ගැසීමටය.
 
මැති සබය තුල වැඩි චන්දයක් ඇති නායකයාට තමන්ට අවනත “සිග්නල් කණුවල” මාර්ගයෙන් එහිදී ඕනෑම දරුණු නීතියක් සම්මත කරගත හැක. බොහෝ  විට සිග්නල් කණු පවා එවන් නීති වලට අත ඔසවන්නේ ඒකාධිපති තොණ්ඩුව තමන්ගේ බෙල්ලට ද කවදා හෝ හිර වීමට ඉඩ ඇති බව නොදැනය.
 
මැති සබය වූ කලි මහජනයා විසින් තෝරා ගනු ලබන නියෝජිතයන්ගෙන් සැදුම් ලද්දා වූ ද,  මහජනයාගේ  පරමාධිපත්‍ය ගැබ් ව ඇත්තා වූද , පරමෝත්කෘෂ්ට   බලමුළුව  වන නමුත් එහිම සම්මත කරගන්නා නීති මගින් බලමුළුව  “බලු මුළුවක්”  බවට පත් කොට මැති සබයේ  නටබුන්  තුලින්  ඒකාධිපති  මාරයෙකුට හිස එසවිය හැක්කේය. මෙය ඌරාගේ  මාළු  ඌරාගෙම පිට උඩ තබා කැපීමක් හැර අන් කුමක්ද? 
 
උණ්ඩ බලයෙන් රට පාලනය කරනු පිණිස චන්ද බලය උපයෝගී කරගත් ඉතිහාසගත අනගිතම නිදර්ශනය නම් ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් ය.
 
උණ්ඩයෙන් බලයට අවුත් චන්දය නැති කරනවට වඩා චන්දයෙන් බලයට අවුත් චන්දය නැති කිරීම වඩා පහසු ක්‍රමයක් බව සිල් රෙදි පොරව ගත් හැම හොර උපාසකයෙක්ම දනී.
 
හැබැයි උපාසක උන්නැහේ දුම්මැස්ස අත ගාන ශබ්දය ඇසෙන විට සිහි බුද්ධිය ඇති පුද්ගලයන් ප්‍රවේශම් විය යුතුය.
 
හිට්ලර් වැනි හොර උපාසක ඒකාධිපතියන් චන්ද බලය හා මැතිවරණයේ අගය අහස උසට වණන විට සාමාන්‍ය මහජනයාට ඔවුන් පෙනෙනුයේ අහිංසක ගැරඬින් සේය.  එහෙත් මහජනයාගේ ඇසට වැලි ගසා බලයට පත් වූ ඒකාධිපතියා එතැන් පටන්  පෙනය පුප්පන්නට පටන් ගත් විට චන්ද පෙට්ටිය තුලින් එලියට ආවේ අනුකම්පා විරහිතව මහජනයාට දෂ්ට කරන දුෂ්ට නාගයකු බව ඔවුනට ඒත්තු යයි. එවිට පමා   වූවා   වැඩිය. නාග දෂ්ටයෙන් බේරෙන්නට නම් ඌ චන්ද පෙට්ටිය තුලදීම නෂ්ට කර දැමිය යුතුය.
 
ඒකාධිපති අදහස් ඇති පුද්ගලයෙකු සිල් රෙදි පොරවා ගෙන දෙසන වැදි  බණ වලට රැවටීම නිසා ජර්මන් ජනතාවට අන්තිමේදී සිදු වූයේ ඉතාම දුක්ඛිත හා බිහිසුණු ඉරණමකට මුහුණ පෑමටය.
 
ඉතා කීකරු “සුවීනිත” ධර්මිෂ්ට සතකු ලෙස පෙනී සිටි කොටියකු පිට නැගී විනෝද සවාරියක් ගැසූ රීගා  ප්‍රදේශයේ මෝඩ තරුණියකට අත් වූ ශෝචනීය ඉරණම විස්තර කෙරෙන ලස්සන කාව්‍යයක් රුසියානුන් අතර ප්‍රචලිතය. 
 
 එම රුසියානු කාව්‍යයේ සිංහල අනුවාදය මෙසේය.
 
 
 
රීගා පළාතේ – විසූ එක ලලනාවක්
 
කොටියකු පිට නැගී- පාමින් ලොකු සිනාවක්
 
ගසා පොඩි රවුමක්- ආපසු පැමිණියා  මුත්
 
ඇය දක්නට නොමැත- කොටියා නම් සිනාසෙයි
 
– රිචඩ්  විජයසිරි විසිනි
 
( සටහන- 1982 ඔක්තෝබරයේ පැවති ජනාධිපතිවරණයෙන් ජය ලැබූ  ජේ .ආර්. ජයවර්ධන ජනාධිපති වරයා  මැතිවරණයක් නොපවත්වාම   පාර්ලිමේන්තුවේ ආයු කාලය වසර 6 කින් දිගු කර ගැනීම සඳහා  ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආවේය. එහෙත් එය ජන මත විචාරණයකින්  අනුමත විය  යුතු බව උසාවිය තීන්දු කළේය. ඒ අනුව 1982 දෙසැම්බරයේදී  අදාල  ජනමත විචාරණය පැවැත්වෙන විටදීය , රිචඩ් විජයසිරි තම සංස්කාරකත්වයෙන්   යුතු මනහර සඟරාවේ 1982 දෙසැම්බර් කලාපයේ මේ ලිපිය පල කලේ. එම වසරේ ඔක්තෝබරයේදී  පැවති ජනාධිපතිවරණයෙන්  ජය ලබා තව වසර හයක් නියත ලෙසම රට පාලනය කරන නායකයා ගේ දෑත ශක්තිමත් කිරීමට නොගොස් , රට ඉදිරියේ ඇති  සැබෑ  අනතුර කුමක් දැයි ජනතාවට අවබෝධ කර දීමට ඔහු උත්සාහ කළේය. ඔහුගේ එම උත්සාහය වත්මන් ප්‍රවීනයි කියාගන්නා පුවත් පත් කලාවේදීන් ගේ හා කලක්  ආමර්  වීදියේ තැබෑරුම් වල විප්ලව කිරීමට උත්සාහ කල ඊනියා සත්‍ය වාදීන්ගේ ක්‍රියා කලාපය හා සසඳා බලනු  පිණිස මේ ලිපිය උපුටා පල කලෙමි. )
 
 
ස්වස්ති   
 
 ඇට්මැස්මි
 
බෙයන්ද් නැගී
 
රන්වනුන් බැලුමෝ
 
මෙපැවසී  මග බලයි
 
දිගැස් පුරවා කන්දුලින්
 
මියරිසි පත් සෙයි
 
කුම් හෙයින් අස දනිමෝ
 
මිහින්ද් නරනින්ද්  සෙන්  අවුජ්
 
ගිනිපෙත්  ගැසියි
 
කසුප්  රජ්පයි  බමර   සෙන්
 
එපිය තබයි ගිය සෙන්
 
රක්නට් රන්වනුන්
 
නට් අදත්ම සෙවින්
 
තැවෙයි හද දඅගැස්සන්
 
කුඹල්  සෙන් වුජ්  
 
බියපත් වැ හුන්
 
කිසේයිනි තර් සා නිවයි
 
උකැටලි  වී ඇට්මැස්
 
ගිරියෙන් යමෝ
 
නොලියි ගී කැට්බිත

සුප්‍රකට ලේඛක ආතර් සී ක්ලාර්ක් මහතා තම 2001 A Space Odessy කෘතියේ සිසිර තාරක නින්ද නම් වූ අපූරු සංකල්පයක් ඉදිරිපත් කරයි. රසායනික ක්‍රම මගින් මෙම නින්දට පත් කරනු ලබන මිනිසුන්ට එක දිගට වසර ගණනක් නිදා ගැනීමට හැකිය. තම කෘතියේ එක තැනක ක්ලාර්ක් මහතා මෙය හඳුන්වන්නේ ” සිහින පවා නොදකින සිසිර තාරක නින්ද ” ලෙසිනි.

සමස්ත ශ්‍රී ලාංකීය ජාතියම පසු ගිය කාලයේ මෙසේ සිසිර තාරක නින්දක ගැලී සිටි බව දැන් හෙළි වෙමින් පවතී. නමුත් ආතර් සී ක්ලාර්ක් මහතාගේ සිසිර තාරක නින්ද මෙන් නොව මෙහිදී ඔවුන් අපුරු සිහින දැක තිබේ. අප සමීක්ෂණ කණ්ඩායමක් රට පුරා ගොස් එම සිහින පිළිබඳව සොයා බැලූ අතර පුදුමයකට මෙන් සියලු දෙනාම දැක ඇත්තේ එකම ආකාරයේ සිහිනයන් ය.

ඔවුන් නිතරම දකින බව කියන  සිහින කිහිපයක් පහත දැක්වේ

1. පසු ගිය අප්‍රේල් 8 වැනිදා දක්වා වූ වසර ගණනාවක් ම මෙරට ආණ්ඩු කර ඇත්තේ යු ඇන් පී ආණ්ඩුවකි.

2. එම ආණ්ඩුවේ ඇමැතින් මහා පරිමාණ දුෂණ හා නාස්ති කරමින් රට විනාශ කළහ.

3. එම ආණ්ඩුවේ අධ්‍යාපන ඇමති කම දර ඇත්තේ එජාප මහා ලේකම් තනතුරද හෙබවූ ප්‍රේමජයන්ත නමැත්තෙකි. ඔහු රටේ අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම කාබාසිනියා කර දැම්මේය.

4. එහි සෞඛ්‍ය ඇමති වුයේ තවත් ප්‍රබල එජාප නායකයෙකු වූ සිරිපාල සිල්වා නමැත්තෙකි. ඉතාම දුෂිත පුද්ගලයෙක් වූ ඔහු බෙහෙත් පෙත්තෙන් පවා හොරකම් කළේය. ඔහුගේ කාලයේ රටේ සෞඛ්‍ය සම්පුර්ණයෙන් ම විනාශ විය.

5. එජාපයේ තවත් පැරණි නායකයෙක් වන ජෝන් සෙනෙවිරත්න විදුලි බල ඇමති කම දරමින් විදුලි බල මණ්ඩලය කෝටි  දහස් ගණනක් පාඩු ලබන තත්වයට පත් කළේය.

6. එකොන් නමැති තුප්පහි ගායකයා ලංකාවට ගෙන්වා නිර්මල බෞද්ධ සංස්කෘතිය  කෙළවන්නට උත්සාහ කර ඇත්තේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායකයකු වන සංචාරක ඇමති අචල ජාගොඩ විසිනි.

 7.පසු ගිය ජනාධිපති වරණයේදී සරත් ෆොන්සේකා මහතා රුපියල් 12,500 කින් පඩි වැඩි කරන බවට පොරොන්දු දී ඇත.

 8. මෙරට ප්‍රගතිශීලී ජනතාව ජනපති වරණයෙන් හා මහා මැතිවරණයෙන් දුෂ්ට එජාප ආණ්ඩුව  පරදා ජන හිතවාදී ආණ්ඩුවක් බලයට පත් කර ගෙන ඇත.

සටහන- ඉහත සියල්ල මෙරට ජනතාව දුටු සිහින වේ. නමුත් ඒවා තමන් දුටුවේ සිහිනෙන්ද , හැබහින්ද යන්න තවමත් තේරුම් ගැනීමට නොහැකිව සිටින්නේ වත්මන් ආණ්ඩුවේ ඇමති වරුන් විසින් අප්‍රේල් 8 පෙර තිබු ආණ්ඩුවේ ඇමති වරුන් පතුරු ගසන අන්දම දකින විටය. තමන් දීර්ඝ නින්දක සිටි ඒ කාලයේ ඇත්තටම තිබුනේ එජාප ආණ්ඩුවක් දැයි ඔවුන්ට සමහර විට සිතේ.

කිරිබත්ගොඩ ලොකු ස්වාමින්වහන්සේ රහත් පල ලබා ඇත්දැයි gadfly ඇසූ ප්‍රශ්නයට උන් වහන්සේගේ අනුගාමික පින් වතුන් කිහිප දෙනෙකුන්ට අසුහාරදාහට යකා නැග ඇති සෙයක් දිස් වේ. ඔව්හු අපට ඇට නැති මැස්සා යැයි අපහාස කරති.තව නොයෙක් පරුෂ වචන බෙනෙති. ( ඇත්තෙන්ම ඔලුවක් නැතිව සිටිනවාට වඩා ඇට නැතිව සිටීම හොඳය. )

කිසිවෙකුට අපහාස කරන්නට අපට වුවමනා නැත. අපට අවශ්‍ය සත්‍ය දැන ගැනීම පමණි. එය මේ පින්වතුන් අදහන දහමට අනුව මේ තරම් විශාල වරදක් බව අප නොදැන සිටියෙමු. අප කුඩා කළා උගත් බුදු දහමට අනුව බුදුන් වහන්සේ පවසා ඇත්තේ තමා කියන දෙයක් වුවද අන්ධ ලෙස නොපිලි ගන්නා ලෙසයි. අනුන්ට පරුෂ වචනයෙන් බැන නොවදින ලෙසයි.

ඒ අනුව අපට තවත් ප්‍රශ්නයක් මතුව ඇත. එසේනම් මේ යකා නටන පින්වතුන් බුද්ධාගමේ ද යන්නයි. ඔවුන් කියන පරිදි හා අපට දැකීමට හැකි පරිදි ඔවුනුත් බෞද්ධයන්ය. දැන් තර්කය ඉදිරියට ගෙන යන්නේනම් ඔවුන් අප ඉගෙන ගෙන ඇති බුද්ධාගමේ විය නොහැක. මක් නිසාද යත් ඒ බුදු දහමට අනුව බෞද්ධයන්ට මෙසේ හැසිරිය නොහැකි බැවිනි.

එසේ නම් අපට සිතා ගත හැක්කේ එකම එක දෙයක් පමණි. නව බුද්ධගමක් ලංකාවේ බිහිව ඇත. නව බුද්ධාගමක් බිහි කරන්නට නම් නව බුදුන් කෙනෙක් ද අවශ්‍ය වේ. ඔවුන් මේ තරම් භක්තියෙන් අදහන , මහා පෙළහර පාන ලොකු ස්වාමින් වහන්සේ බුදු වී වත් ඇත්ද? පෙනෙන්නට ඇත්තේ එයයි.

අහෝ එසේ නම් අප නොදැනුවත්ව දෙඩූ බස් වලට කමත්වා. ගෝල බාලයින් කෙසේ වෙතත්  උන්වහන්සේ මහා කරුණාවෙන් අප දෙස බලා කමා කරන බව අපි දනිමු. ඒ බුදුන්ගේ හැටිය.

නව රජයේ ඇමති තනතුරු බෙදීම කිසිම විද්‍යාත්මක පදනමකින් තොරව සිදු කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. නමුත් ඉතා සුපරික්ෂාකාරිව මේ බෙදීම දෙස බැලුවොත් මේ තරම් විද්‍යාත්මක ලෙස ඇමති කම් බෙදීමක් අප ඉතිහාසයේ කවර කලකවත් සිදු නොවී ඇති බව ඔබට තේරුම් යනු ඇත.

මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති , හිටපු සෞඛ්‍ය ඇමති, බදුල්ල දිස්ත්‍රික් මහජන මන්ත්‍රී, ජ්‍යෙෂ්ට ශ්‍රීලනිප නායක හා අගමැති පොරයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයකුත් වන සභානායක නිමල් සිරිපාල මහතාට මෙවර ලබා දී ඇති ඇමති ධුරයයි . ( ඔහු සෞඛ්‍ය ඇමති කම දැරූ කාලයේ රටේ සෞඛ්‍ය වල පල්ලට ගොස් මහත් අර්බුධ කාරී තත්වයක් ඇති වුවද , බදුල්ලේ තාම ආධාර කරුවන් දහස් ගානකට සනීපාරක්ෂක කම්කරු හා රියදුරු රැකියා ලබා දී රටේ සියලුම සෞඛ්‍ය ආයතන බදුලු කරණයට ලක් කිරීම නිසා පසු ගිය මහා මැතිවරණයේදී බදුල්ලේ ඉහලම මනාප ලබා ගැනීමට ඔහු සමත් විය. ඒ නිසාම රටේ සෞඛ්‍ය නැති භංග වුවත් ඔහුට තව දුරටත් අගමැති කම ගැන සිහින දැකීමට ඉඩක් ඇති විය. ඔබට මේ කතාව අවිශ්වාස නම් ඔබ කලයුත්තේ රටේ ඕනෑම රෝහලකට ගොස් රෝහල් භූමියේ ඇති පඳුරකට පයින් පාරක් දීම පමණි. එවිට බදුල්ලෙන් ආ රියදුරන් හතර පස් දෙනෙකුත් කම්කරුවන් දහ දොළොස් දෙනෙකුත් එළියට විසි වනු ඇත. )

මෙවන් වූ සිරිපාල මහතාට මෙවර ලැබී ඇත්තේ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයයි. . මෙම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කිරීමට ඇති ප්‍රධානතම ව්‍යාපෘතියක් වනුයේ උමා ඔය ව්‍යාපෘතියයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල ප්‍රශ්නයට විස්හඳුමක් ලෙස ඉදිරිපත් වී ඇති මෙම යෝජනා ක්‍රමය මගින් බදුල්ල හරහා ගලන උමා ඔයේ ජලය හම්බන්තොටට යවනු ඇත. දැනටත් බදුල්ලෙන් විරෝධතා එල්ලවෙමින් පවතින මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බදුල්ලේ මහජන මන්ත්‍රී, අගමැති අපේක්ෂක සිරිපාල මහතාට භාර දීම කොයි තරම් නම් විද්‍යාත්මක දැයි මොහොතක් සිතන්න. තම නායකයාගේ සිත් ගැනීම සඳහා ඔහු මේ ව්‍යාපෘතිය සාර්ථකව නිම කලොත් බදුල්ලේ ගොවීන්ගෙන් සිරිපාල මහතාට ලැබිය හැකි ප්‍රතිචාර ගැන සිතා බලන්න.නිසැක ලෙසින්ම ඔහුගේ බදුලු දේශපාලනයේ අවසානය එයයි.

අනිත් අතට ඔහු තමන්ගේ බදුලු දේශපාලනය ගැන සිතා මේ කාර්ය නිසි පරිදි ඉටු නොකොළොත් …….? ජනාධිපති වරයාගේ දිස්ත්‍රික්කයට ජලය ලබා දෙන ව්‍යාපෘතියක් අසාර්ථක කල අයෙකුගේ දේශපාලන අනාගතය…. … එවැන්නක් අප දන්නා ලාංකීය දේශපාලනයේ යථාර්තයක් නොවේ.

මේ අනුව පෙනී යන්නේ ගරු සිරිපාල මැතිතුමා මුහුණ දී ඇත්තේ ගෙදර ගියත් තෝ නසී, මග සිටියත් තෝ නසී පන්නයේ උභතෝකෝටිකයකටය.. මේ වැඩේ කලත් නොකලත් එතුමාගේ දේශපාලන අනාගතය කම්මුතුය, කපෝතිය, කුජීතය. ඉතින් මේ ඇමතිකම් බෙදීම විද්‍යාත්මක නැතැයි ඔබ තවමත් සිතන්නේද.?

 ( කොහොමද ටිකිරි මොලේ)

කොටි  සංවිධානය පරදවා  රජයේ හමුදා ලැබූ ජයග්‍රහණය  පසුගිය මැයි  19 වැනිදා ඉමහත් උත්සව ශ්‍රීයෙන් සමරනු ඇතැයි අපි බලාපොරොත්තු උනෙමු. අප ඒ බව මේ බ්ලොග් අඩවියේද සටහන් කළෙමු. වැස්සක් වැනි සුළු සිද්දියක් නිසා එවන් වූ සැමරුමක් කල් දමනු ඇතැයි  අප කිසිසේත් නොසිතුවෙමු. එළඹෙන්නේ අන්තර් මෝසම බවත් , අකුණු කුණාටු සහිත වැසි බලාපොරොත්තු විය යුතු බවත් අප දැනසිටියෙමු. එහෙත් ඒ වැසි මැද වුවත් සැමරුම පැවැත්වෙනු ඇතැයි අප සිතුවේ අප තුල වූ වැරදි විශ්වාසයක් නිසාය. එය කිසිසේත් රජයේ දේශප්‍රේමී බව පිළිබඳව  නම් නෙවේ. මෙය වෙනත් පුද්ගලයෙකුගේ පිලිබඳ ප්‍රශ්නයකි.
 
එවන් වැසි වැටුනත් කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් තම මහා බලය යොදවා ඒ වැසි මල් වැසි කරනු ඇතැයි   අප සිතුවෙමු. නමුත් අපට බරපතල ලෙස වැරදි ඇත.   උන්වහන්සේ එසේ කලේ නැත. ඒ වෙනුවට කලේ මහා වැසි වැටී ඒ අනගි අවස්ථාව  සේදී යන සැටි ඔහේ බලා සිටීමය.
 
උන්වහන්සේට වැසි නැවැත්වීමේ මහා බලයක්  ඇති  බව අප හොඳින්ම දනිමු. ඒ බව අපිට කියන්නේ උන්වහන්සේගේම ගෝල බාලයන් මය. බලන්න BEYOND FRAME  තැබූ බ්ලොග් සටහනකට උන්වහන්සේගේ අත වැසියන් වන මහාමෙවුනා  භාවනා  අසපු සංචිතය කියන කතාව
 
“පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මඩ ගැසීමේ කුහක උත්සාහයක් මෙහි ඇති බව පෙනේ. උන් වහන්සේ මෙසේ මඩ ගසා නිහඬ කළ හැකි උත්තමයකු නම් නොවේ. ඊයේ උන් වහන්සේගේ පින්බර මෑණියන් වහන්සේගේ අවමඟුල බොරැල්ලේ කනත්තේ පැවති අවස්ථාවේ උදේ වරුව මුළුල්ලේ පැවති දැඩි වැසි නැවතී මල් වැසි පමණක් කනත්තට ඇද හැලීම උන් වහන්සේගේ පින් බලය මනාව ප්‍රකට වූ අවස්ථාවක් සේ සැලකිය හැකිය.”
 
 එසේම උන්වහන්සේ පසු ගියදා  සෝමාවතිය අසල කුමන නම් ප්‍රාතිහාර්යක් පෑවේද? කුමන නම් ආශ්චර්යයක්   පෑවේද? එවන් වූ උතුමෙකු අප ජාතිය  නිදහසින් පසු ලබා ගත් විශාලම  ජයග්‍රණය මෙසේ කඩා කප්පල් වන්නට හැරියේ මන්ද?
 
ඒ සඳහා තිබිය හැක්කේ හේතු දෙකකි. එක්කෝ එතුමා මහා ජාති ද්‍රෝහියෙක් විය යුතුය. වීරවංශ ලා  ගේ වචන වලින්ම කියන්නේ නම් බටහිර ගැති   අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවෙක් විය යුතුය. එහෙත් මේ පින් පිඬට එසේ කියන්නට අපේ දිව නැමෙන්නේ නැත.
 
තිබිය හැකි අනිත් හේතුව නම් උන්වහන්සේ මෙවැනි ලෞකික සිද්ධි පිළිබඳව කිසි සේත් නොසලකන අරහත් පල ලැබූ  මහා උතුමෙකු විය යුතුය. ඇත්තෙන්ම වී ඇත්තේ එයයි. උන්වහන්සේ පාන ප්‍රාතිහාර්ය පිළිබඳවත් ඇති හොඳම පැහැදිලි කිරීම එයයි.
 
 නොයෙක් පද කියා උන්වහන්සේව හෑල්ලුවට ලක් කරන Beyond Frame වැන්නවුන් ආනන්තරීය  පාප කර්මයකට සමාන පවක් කරගෙන ඇත. උන්ට යන්නට වෙනම අපායවල් හැදීමට සිදුවනු ඇත.
 
සාධු  සාධු  සාධු
 
 
 
යුද ජයග්‍රහණයේ ප්‍රථම සංවත්සරය උදා වී ඇත. එය මහා ඉහලින් සමරන්නට සියල්ල සූදානම් වෙමින්  පවතී . අභිමානවත් හමුදා ආචාර                    පෙළපාලි    ,  මහා පිරිත් සංදර්ශන ආදියෙන් මේ උත්සව අලංකාර වනු ඇත. රුපියල් කොටි ගනං වියදම් කරමින් ආචාර වෙඩි මුර , මල්ටි  බැරල් සංදර්ශන, ගුවන් කරනම්, පැරෂුට් පිමි, නාවික අභ්‍යාස පැවැත්වෙනු ඇත.  පදික වේදිකාවේ  වෙළෙඳාම  තහනම්  නොකරන්නට  ජාතික  කොඩි විකුණා  හොඳ  ගතමනාවක්  හොයා ගන්නට පවා යමෙකුට ඉඩ තිබිණි.  මේ අතරේ සමහර රූපවාහිනී නාලිකා ද නැවත වතාවක් යුද්ධ ක්‍රීඩා පටන් ගෙන ඇත. යුද්ධය පවතී කාලයේ මෙන් ඔව්හු නැවතත් දිනපතා යුද බිමේ දර්ශන විකුණමින් සිටිති. ජනතාවගේ මානසිකත්වය පසු ගිය මැයි 19 දා තිවුණු තත්වයට ගෙන එන්නට සියල්ල සූදානම් වෙමින් පවතී.  අඩු පාඩුවකට ඇත්තේ පාරවල් අයිනේ කිරිබත් පිස කන්නයි කරන ඉල්ලීම් පමණි..
 
නමුත් කිරිබත් කෑම නම් ජනතාව අඩු නැතිව කරන බව හෙළි කරන  ප්‍රවෘත්තියක් පසු ගියදා  පුවත් පතක පල වී තිබිණි. මේ කතාව පුවත් පතට පවසා තිබුනේ පසු ගියදා පදික වේදිකාවලින් පලවා හැර තමන්ගේ ජීවනෝපාය   අහිමි කල පදික වෙළෙන්දෙකුගේ බිරියකි. කුඩා දරුවන් සිටින මවකි. ඇය කියන පරදී ඔවුන් මේ දිනවල තුන්වේලටම කන්නේ කිරිබත්ය. ඒ ඔවුන්ගේ ජාත්‍යාලය උතුර ගලා යන නිසාවෙන් නම් නොවේ. පදික වේදිකාවෙන් පලවා හැර තම එකම අදායම් මග ද අහිමි කට ඇති ඔවුනට වෙන විකල්පයක් නැති නිසාය. උදයේම හාල් ටිකක් ලිප තබා එයට පොල් කිරි හා  ලුණු ස්වල්පයක් එක්කර පිස ගන්නා කිරි බත ඔවුනට තුන් වේලටම ආහාරය වේ. මෙහි  ඇති වාසිය නම් එවිට එළවලු වලට වියදම් කිරීමට සිදු නොවීමයි.
 
කුඩා දරුවන්ට දිය යුතු ආහාර වට්ටෝරු ගැන , ඒවායේ පෝෂණ ගුණයන් ගැන, විටමින් හා ප්‍රෝටීන් ගැන උදයේ සිට රෑ මැදියම වන තෙක්  රූපවාහිනී නාලිකා වලින් පෝෂණ විශේෂඥයන් දෙන උපදෙස්   අසන  මෙරට ජනතාව ආහාර ගන්නේ  එලෙසය. මේ කතාව දුටු මට මීට වසර බොහෝ ගණනකට පෙර සිදු වූ සිද්දියක් මතක් විය. එකල කුඩා දරුවන් ව සිටි අපේ පන්තියේ  වූ එක් සිසුවෙක් , දිනක් බද රිදෙනවා යැයි හඬන්නට විය. පන්ති භාර ගුරුවරිය ඔහු කැඳවා විස්තර විමසද්දී එදින උදයේත් එට පෙර දින රාත්‍රියේත්  ඔහු ආහාර වශයෙන් ගෙන ඇත්තේ කිරි පැණි බව කියවිණි. මේ පිළිබඳව ඒ කුඩා දරුවාගෙන් ඊට වඩා විස්තර දන ගත නොහැකි වූයෙන්, අප ගුරුතුමිය ඉහල පන්තියක් සිටි ඔහුගේ වැඩිමහල් සොහොයුරා ගෙන්වා ඒ ගැන තොරතුරු විමසුවේ මේ දරුවන් ආර්ථික වශයෙන් ඉතා අපහසුවෙන් ජීවත් වන බව ඇය දැන සිටි නිසා විය යුතුය.
 
ඔවුන් ආහාරයට ගත කිරි පැණි මොනවාදැයි ඔහු හෙළි කළේය. කුමක් දෝ ආහාර වැඩ සටහනකින් ඔවුනට  පාන් පිටි හා සීනි ලැබේ. ජලය උණු කොට පාන් පිටි එයට දමා  ලැබෙන පාප්පයට සීනි ටිකක් දමා හදා ගන්නා කිරි පැණි ඔවුනගේ ආහාරයයි. ඒ මීට වසර ගණනකට පෙරයි.
 
අපේ පරම්පරාවේ උන් කිරිපැණි කෑ අතර , අපේ දරු පරම්පරාව  දැන් කිරිබත් කමින් සිටි.  අපේ රට යමින් සිටින්නේ කොයිබටද?