Archive for April, 2011

 
තුන්දාහකුත් එකක් බොරු පොරොන්දු දී ජනතාවගේ චන්ද බලය ගසා කා බලයටපැමිණ ආණ්ඩුව දැන්   මූන් නමැති බිල්ලා පේනවා මැයි දිනයද ගසා කෑමට සැරසේ. 
 
ආණ්ඩුව  තමන්ගේ සෑම ජනතා ද්‍රෝහී හෙළුව  වසා ගන්නට අඳින ඊනියා දේශප්‍රේමයේ කඩමාල්ල නැවත වතාවක් මැයි  දිනයේදීත් අඳින්නට සැරසෙමින් සිටී. 
 
 බොරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් පෙන්වමින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අර්ථසාධක අරමුදල ගසා කෑම ට ගොස් සේවක විරෝධතා හමුවේ පස්ස බිම ඇන ගත්   මොවුන්  මැයි  දිනයේදී  තමන්ට එල්ල විය හැකි දරුණු  විරෝධය  වෙනතක හැරවීමට විකටවංශ වැනි ජාතිවාදී   වචාලයන් යොදවමින් ජනතා අවධානය නැවත වතාවක් 2009 මැයි දක්වා රැගෙන යාමට  උත්සහ කරමින් සිටී.
 
ජනතාවට දුන් සියලු පොරොන්දු කඩ කරමින්, සියලු අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට අධික බදු පනවමින් සිටින මොවුන් දැන් කීසිම වැදගැම්මකට නැති බෑන් කී මූන් වාර්තාවේ එල්ලී ජනතාව රවටමින් සිටිනු මදිවාට  ඒ බොරුව වෙනුවෙන් මැයි දිනයද යොදා ගැනීමට සැරසේ.
 
මේ බොරුව පරාජය කල යුතුය.
 
ඒ නිසා මෙවර  මැයි දිනයේදී , මෙම ජනතාව රවටන ,ඊනියා දේශප්‍රේමී විගඩම පරාජය කරමින්  අර්ථසාධක අරමුදල, සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල හා විශ්‍රාම පාරිතෝෂිකය කොල්ල කෑම ට එරෙහිව  , පොරොන්දු වූ වැටුප් වැඩි කිරීම් ලබා නොදීමට එරෙහිව ,  බහු ජාතික සමාගම් වල අවශ්‍යතා වෙනුවෙන් ජනතා ඉඩම් කොල්ල කෑම ට  එරෙහිව,  හඬ නැගීමට සියල්ලන්  එක් විය යුතුය.
 
එසේම දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට, මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ නැගීමට මෙවර මැයි දිනය යොදා ගනිමු.
 
  ජනතා මුදල් ගසා කමින් බොරු දේශප්‍රේමයක් පෙන්වන විකටයින්ට දිය හැකි හොඳම පිළිතුර එයයි.
Advertisements
“අපි උපන් බිම බේරා ගත් නිර්භීත නායකත්වයක් වෙනුවෙන් පන්ති බේද, පක්ෂ බේද ,කුල බේද අත හැර එකම ජාතියක් උදෙසා සියලු රට වැසියන් එකතු වන්න. “
 
 
    ඇට මැස්සා කොහොමටත්  දේශප්‍රේමියානේ. ඒ නිසා   කොටුව ස්ටේෂම ඉස්සරහ විශාල   පුවරුවක ලියලා  තිබුණු  ඔය අකුරු පේලි දකින්නත් කලින්ම  බන් කී මූනාට විරුද්ධව වැඩේට  සෙට්  වෙන්නයි  හිතන් හිටියේ.   අනික   මේ දවස්  වල   උදේ හවා , අයි ටී එන් එකේ, ජාතික රූපවාහිනියේ, ස්වර්ණවාහිනියේ දෙරණේ, ලක් හඬේ මෙකී නොකී හැම මාධ්‍යකම  කෙරෙන ආරාධනා ඇහුවාම මේ මහා දේශප්‍රේමී අරගලයට සැට් නොවී කොහොමද?
 
ඇට මැස්සා වැඩේට සෙට් වුනා විතරක් නෙවේ, මේ වෙලාවේ මේ මහා දේශප්‍රේමී අරගලයට එකතු වෙන්න කියලා මෙන්න  මේ පිරිසටත්  ආරාධනා කරනවා.
 
1.හිරේට දාල ඉන්න ජෙනරාල් සරත් ෆොන්සේකා  හා පවුලේ උදවිය
 
2. අතුරුදන් කරපු ප්‍රගීත් එක්නැලිගොඩ ගේ  බිරිඳ හා දරුවෝ
 
3. ලසන්ත වික්‍රමතුංග පවුලේ උදවිය
 
4. පහු ගිය කාලයේ ලංකාවේ ඉන්න බැරිව පිටරටට පැනලා ගිය මාධ්‍ය වේදියෝ
 
5. බෙනට් රූපසිංහ උන්නැහේ
 
6. තමන්ගේ අයිතිවාසිකම ගැන කතා කරන්න ගිහින් නිල නොනිල හමුදා අතින් , ඔලු පලා ගත්තු, පන්ති තහනම් වුනු, ශිෂ්‍ය බාවය අහෝසි වුනු, හිරේ විලංගුවේ වැටුණු  විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ
 
7. පහු ගිය චන්ද වලදී ආණ්ඩු පක්ෂ මැරයෝ අතින් ඔලු පලා ගත්තු , අත පය කඩා ගත්තු , ජවිපෙ ,එජාප ආධාර කාරයෝ
 
8. යුද්දය  අවසන් වුනු දා ඉඳලා අනාත  කඳවුරු    වල ගාල් කරලා ඉන්න දෙමල ජනතාව
 
9. කිසිම චෝදනාවක් ඉදිරිපත් කරන්නේ නැතිව අවුරුදු  ගණන් හිරේ තියාගෙන ඉන්න ත්‍රස්තවාදී සැක කාරයෝ
 
10. තමන්ගේ පාරම්පරික ගොවි බිම් වලින් පලවා හරින  උතුරු නැගෙනහිර දෙපළාතේ ගොවි ජනතාව
 
11. තමන්ගේ ගේ දොර අහිමි කරලා මහපාරට ඇදලා දානකොලඹ වතු    වල ජීවත්  වෙන ජනයා
 
12. පදික වේදිකාවලින්  පලවා හැරලා ජීවනෝපාය අහිමි වුනු ජනයා
 
13……………………………( ලැයිස්තුව තව දිගුය )
 
කට්ටියම යමුද මූනාට වැඩක් දෙන්න?  
 

මූන්, මූන්, මූන්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්, මූන්, මූන්, මූන්,  මූන්, මූන්, මූන්,  මූන්,  මූන්,  මූන්,  මූන්,  ජීවන වියදම , මූන්,  මූන්, මූන්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්,  මූන්, මූන්, මූන්,මූන්, මූන්,ඩෙංගු , මූන්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්,  මූන්,  මූන්, මූන්, පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් ,මූන්, මූන්, මූන්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්, මූන්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්, මූන්,බඩු මිල ,මූන්, මූන්, මූන්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්, මූන්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්, මූන්,මූන්, මූන්,සරත් ෆොන්සේකා ,මූන්, මූන්, මූන්, මූන්, මූන්, න්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්,  මූන්, මානව හිමිකම් , මූන්, මූන්, මූන්, මූන්, මූන්, මූන්,,දූෂණ, මූන්, මූන්, මූන්, මූන්, මූන්, මූන්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්, මූන්,  මූන්,මූන්, මූන්, මූන්, සුදු වෑන්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්, මූන්, මූන්, මූන්,මාධ්‍ය නිදහස ,මූන්, මූන්, මූන්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්, මූන්,  මූන්,මූන්, මූන්, මූන්, මූන්, මූන්,මූන්, මූන්, පවුල් පාලනය ,මූන්, මූන්, මූන්, මූන්, මූන්,විශ්ව විද්‍යාල ප්‍රශ්න ,මූන්, මූන්, මූන්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්, මූන්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්,  මූන්,  මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්,  මූන්,  මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්, මූන්,මූන්, මූන්, මූන්, මූන්,  මූන්,  මූන්, මූන්
අන්දන්නට අවශ්‍ය රෙද්දේ පාට කී විට රෙදි මිලට ගෙන ,කපා මස්සවා ගෙන අඳින  ශ්‍රී ලාංකීය දේශප්‍රේමී ,දේශ මාමක ජනතාව ,මූන්ට කෙළින්නට ,මූන්ව හම ගසන්නට, මූන්ව වල පල්ලට යවන්නට සැට් වෙමින් සිටින අතර ආණ්ඩුව ඒ ජනතාවගේ පස්ස පැත්තට අප්‍රේල් මාසය තුල දෙවැනි වතාවටත් දේශප්‍රේමී පා පහරක් දී තිබේ.( නැත්නම් තුන්වෙනි වතාවටද? )
 
ඒ මෝටර් රථ වාහන සඳහා අය කරන බදු මුදල් වැඩි කිරීමෙනි. මෙහි ඇති විශේෂත්වය නම් එන්ජින් ධාරිතාව අඩු වාහන වලින් අය කරන බදු මුදල් පමණක්  වැඩි කිරීමයි. සිලින්ඩර ධාරිතාව 1000ට අඩු  පෙට්‍රල් මෝටර් රථ සඳහා  අය කරන 95% ක බද්ද  120% දක්වාද සිලින්ඩර ධාරිතාව 1000 – 1600 වාහන සඳහා වූ  119 % ක බද්ද 128%  දක්වා ද වැඩි කර තිබේ.ධාරිතාව 1600 ට වැඩි වාහන සඳහා වූ බද්දේ වෙනසක් නැත. ත්‍රි රෝද රථ සඳහා වූ 38% ක බද්ද  ඩීසල් සඳහා 60% ක්ද පෙට්‍රල් සඳහා 50% ක්ද වශයෙන් වැඩි කර ඇත.
 
කුඩා එන්ජින් ධාරිතාව සහිත මිල අඩු හා ඉන්ධන පිරිමහන වාහන වැඩි වශයෙන් භාවිතා කරන්නේ , ආණ්ඩුවට වැඩියෙන්ම කඩේ යන පහල මධ්‍යම පන්තික ජනතාවය. ත්‍රී රෝද රථ භාවිතා කරන්නේ ද ඔවුන් හා ඔවුන්ටත් පහළ සමාජ කොටස්ය.
 
එසේ නම් ආණ්ඩුව තමන්ගේ මිත්‍රයන්ට මෙසේ සලකන්නේ මන්ද?  ලඟදි මැතිවරණ  නැති නිසා දැන් ඔවුන්ගෙන් වැඩක් නැත්ද? නො එසේනම් ඔවුන් මූන් විරෝධයෙන් මත් වී සිතන මොහොතක වැඩේ දෙන්නටට සිතුනාවත්ද?
 
එසේත් නැත්නම් වෙනමම කාරණයක්ද?
 
ධාරිතාව 1000 ට අඩු වාහන  සැලකු විට අද ලංකාවේ වෙළඳ පොලේ විශාල කොටසක් හිමි කරගෙන සිටින්නේ ඉන්දියාවේ නිෂ්පාදිත මරුටි සුසුකි හා ඇල්ටෝ වර්ගයේ වාහනය. අඩු මිල හා අඩු ඉන්ධන වියදම නිසා මේවා ලිපිකරුවන්,  ගුරුවරුන් , කුඩා ව්‍යාපාරිකයන් ආදී කොටස් අතර ඉතා ජනප්‍රියව තිබේ. ඔවුන් මෙම වාහන වුවද මිලට ගන්නේ ඉතා අසීරුවෙනි. බැංකු ණය, ලීසිං ආදිය යොදා ගනිමිනි.
 
නව බදු නිසා මෙම කුඩා මෝටර් රථ වල මිල රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා මිලකින් වැඩි වනු ඇත. මෙම ලක්ෂයේ හෝ දෙකේ සීමාව පැනීම බොහෝ දෙනෙකුට අසීරු කටයුත්තක්  වනු ඇති අතර නිසැකවම ඉන්දියන් වාහන සඳහා ඇති ඉල්ලුම ශීග්‍රයෙන් අඩු වනු ඇත.
 
අවශ්‍ය එයද?
 
අයි පී එල් ගිය ක්‍රීඩකයන් ආපසු කැඳවුවාක් මෙන් මෙයත්  පසු ගියදා   පැවති   ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ ම ප්‍රතිපලයක්ද?
 
 
” සවන් දෙන්න , කරුණා කර සවන් දෙන්න. මේ දැන් මලබාර් යුධ පෙරමුණෙන් අප වෙත ලැබුණු ප්‍රවෘත්තියක්, දකුණු ඉන්දියාවේ සටන් වදින අපගේ වීර හමුදාව විශාල ජයග්‍රහණයක්  ලබා ඇත. මේ ජයග්‍රහණය හේතු කොට ගෙන දැන් පවතින යුද්ධය අවසන් කිරීම අත ළඟ බව ඔබට පැවසීමට මට අවසර ලැබී ඇත. මේ ජයග්‍රහණය පිලිබඳ විස්තර …..”
 
” මේ නම් අසුභ ආරන්චියක පෙරනිමිති  යැයි වින්ස්ටන් ට සිතිනි. ඔහු සිතුවා සේම යුරේශියානු හමුදා සේනාංකයක් මුළුමනින්ම විනාශ කල බවද ,භටයන් විශාල සංඛ්‍යාවක් මරා දමා ,තවත්  විශාල පිරිසක් යුධ සිරකරුවන් ලෙස අල්ලා  ගත බවත් පවසා නිම කරත්ම චොකලට් කෝටාව ග්රෑම් තිහේ සිට ග්රෑම් විස්ස දක්වා අඩු කරන බවද කියවිණි. “
 ….
 
“එක්කෝ ලැබූ ජයග්‍රහණය සමරන්නට නැතහොත් චොකලට් පංගුව අඩු කිරීම අමතක කරවන්නට , ඕෂනියා ,ඔබටයි ඕෂනියා ජාතික ගීය ටෙලි ස්ක්‍රීනයෙන් පිට වන්නට විය.
 
( උපුටා ගැනීම , ජෝර්ජ්  ඕවල්ගේ 1984 කෘතියෙන් . පරිවර්තනය ආරිවංශ රණවීර )
 
අපේ රට හරහා දැන් නැවතත්  දේශප්‍රේමී  අරගලයක කාහල නාදය පැතිර යමින් තිබේ. මැති ඇමැත්තෝ ඇතුළු සියලු දේශප්‍රේමින් වේදිකා මත කෙසර සිහ නද දෙමින් සිටිති. සියලු පුවත් පත්, රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා , බෑන් කී මූන් ට එරෙහිව ශුද්ධ වූ යුදයට   එකතු වන මෙන් ජනයාගෙන් එක හඬින් ඉල්ලමින් සිටිති. රණ ගී වයමින් සිටිති. තමන් යටතේ  ඇති බස්  කීපය පාලනය කර ගත  නොහැකි පෞද්ගලික බස් අමාත්‍යාංශය මූන්ට එරෙහිව අත්සන් එකතු කරමින් සිටියි.
 
මේ රණ ගී ඇසෙන විට ඇට මැස්සාගේ සිතට එන්නේ බෑන් කී මූන් හෝ ඔහුගේ ඊනියා වාර්තා ගැන නොවේ. අපේ චොකලට්  සලාකය ගැනය. එනම් කිරි පිටි , ගෑස් , ඉන්ධන මිලට මක් වේද කියාය. හාල් මිල හා සීනි මිල ගැනය. පරිප්පු හා අර්තාපල් ගැනය. මාළු හා සමන් ගැනය. බස් ගාස්තු ගැනය.
 
 පාන් පිටි හා පාන් මිල නම් දැනටම හරිය. මෙබඳුම උන්මාදයක් ක්‍රිකට් ගැන ගොඩ නගා ඉන්ධන මිලට බැට දී ගතව ඇත්තේ යම්තම් සති තුනක් පමණි.
 
ජෝර්ජ් ඕවල් මීට වසර 63 ට පෙර,   1948 දී කියූ දේ අප  තේරුම් ගන්නේ කවදාද?
 
 
ටයිම්ස් සඟරාව මගින් පැවැත් වූ  2011 වසරේ වැඩිම බලපෑමක් කල හැකි පුද්ගලයා තේරීමේ තරඟයේ අවසන් ලැයිස්තුව දැන්  එලි දක්වා තිබේ.
 

TIME 100-Final List

කොම්පියුටර් ජිල්මාර්ට්  එකක් වත්ද?

 

සුනාමි ගැන බොරු ආරංචි පතුරුවන්නට එරෙහිව තද බල ලෙස ක්‍රියා කරන බව ආණ්ඩුව කියයි. එහෙනම් මුලින්ම අල්ලා ගත යුතු පුද්ගලයා ගැන සටහනකි මේ. මොහු  ගැන අපි මීට කලිනුත් කියා තිබේ.

භූ චලන ඇති වන්නේ කෙසේදැයි තවමත් හරි හමන් අවබෝධයක් ලෝකයේ කිසිවෙකුටත් නැත. ඇත්තේ එක් එක් අය ඉදිරිපත කරන මත පමණි. ඒවා කිසිවක් මෙතෙක් ඔප්පු කර නැත. එවැනි තත්වයක් තුල කෙනෙක්  හුදෙක්  මීට ප්‍රථමයෙන්  සිදු භූ චලන සිදු වූ වකවානු හා ප්‍රදේශ පිළිබඳවත්, තවමත්  විවාදාත්මක මට්ටමේ පවතින භූ චලන වලට ග්‍රහ වස්තු වල බල පෑම ගැනත් සිතා අනාවැකි කියන්නට සැරසෙන්නේ නම් ඔහු හුදු බොරු කාරයෙක් පමණකි.

අනික් අතින් අගත් කල අපි මීට කලින්ද කිවූ පරිදි දිනකට ලොව සිදු වන  භූ චලන සංඛ්‍යාව ගත කල ඉඳ හිට හරියන කනා පොල්ලෙන් ගසන්නාක් බඳු අනාවැකියක් කීමටද බැරි නැත. එහෙත් එවැන්නක් කිරීම උගත් මහාචාර්ය කෙනෙකුට සුදුසු නැති බව ද ඒ සමග පැවසුවෙමු. එයින් වෙන්නේ අහිංසක ජනයා බියට පත් වීම පමණක් බවද අපි පැවසුවෙමු.

දැන් සිදු වුනේ එය නොවේද? බිය පත් ජනයා සනසවන්නට සුනාමියක් නො එන බවට පැයෙන් පැයට නිවේදන නිකුත් කරන්නට රජයට සිදු වුනේ ප්‍රසිද්ධිය පතා මේ  මහාචාර්යවරයා  කල බොරුව නිසා නොවේද? අවසානයේ ඔහුටම පැමිණ තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බව කියන්නට ද සිදු වුනේය.

තමන්ට ප්‍රසිද්ධිය අවශ්‍ය නම් , එසේත් නැත්නම්හොඳ තනතුරකට යාමට  කාගෙන් හෝ ලකුණු  දා ගැනීමට අවශ්‍ය නම් මේ මහාචාර්ය වරු  පොදු ජනයා පීඩවට පත් නොවන ක්‍රියාමාර්ග   තෝරා ගන්නවා නම් වඩා සුදුසුය.

සටහන- රටේ වටිනාම යපස් ඉල්ලම් කුණු කොල්ලෙට මුදලාලිලාට විකීනීමට සැලසුම් කරන මහාචාරිය ලා  සිටින රටක  මීට වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි බවද අපි දනිමු.