Archive for December, 2010

 
” රටක   ආර්ථික සංවර්ධනය සඳහා ස්ථාවර ආණ්ඩුවක් තිබිය යුතුය. රටේ දේශපාලන ස්ථාවර භාවයක්  තිබිය යුතුය. ”
 
මේ පහු ගිය කාලය පුරාවටම  පට්ට ගහපු වාක්‍ය දෙකක්.
 
පහු ගිය මැතිවරණ වලදී තුනෙන් දෙකක් ඉල්ලන කොටත් , 18 වෙනි සංශෝධනය ගෙන කොටත් ආණ්ඩුව  කීවේ මේ කතාව. ඒ වගේම විපක්ෂයේ හිටි බල්ටි කාරයෝ , කරණම් කාරයෝ ආණ්ඩුවට පනින්න දෙපු හේතුවත් ඕකම තමා. ( යුද්දේ තියෙන කාලේ පැනපු අය නම් කීවේ රට ජාතිය බේරා ගන්න දෑත් ශක්තිමත් කරන්න යනවා කියලා. )
 
දැන් ජනාධිපති කමත් තියෙනවා. තුනෙන් දෙකක් තියෙනවා. දහ අටත් හරි.
 
දැන් ආණ්ඩුව ශක්තිමත්ද? ස්ථාවර ද ?
 
නැහැ. 
 
මේක තමා නිදහසින් පස්සේ බිහි වෙච්ච දුර්වලම ආණ්ඩුව.
 
කළු ගල් වලින් හැදුව ශක්තිමත් මහා බලකොටුවක් වගේ පෙන්න ගෙන හිටියට ආණ්ඩුව.  හුළං පාරකින් කැඩිලා බිඳිලා යන   කඩදාසි මාලිගාවක් වගේ.
 
ආණ්ඩුවත් දන්නවා තමන් දුර්වලයි කියලා.හෙල්ලෙන දතක් වගේ තියෙන ආණ්ඩුව වට්ටන්න ඕනේ ඒක තල්ලුවයි. ඒ තල්ලුව දෙන්න ජනතාව ඒකරාශි වෙයි කියලා ආණ්ඩුව බයයි.
 
ඒක නිසා තමා ආණ්ඩුව තමන්ට විපක්ෂ බලවේග දුර්වල කරන්න හදන්නේ. විපක්ෂයට පෝස්ටරයක්වත් අලවන්න නොදෙන්නේ, පත්‍රිකාවක් බෙදන්න නොදෙන්නේ .
 
විපක්ෂ ක්‍රියාකාරීන් හිරේ දාන්නේ , ඔවුන්ගේ ඔලු ගෙඩි පලන්නේ ඒ නිසයි.
 
තමන්ට පාලනයක් නැති මාධ්‍ය තර්ජන කරලා  , අල්ලස් දීලා  පාලනය කරන්න හදන්නේ ඒ නිසයි.
 
තව අවුරුදු  විස්සකට රට පාලනය කරන්නේ තමන් කියලා හැමදාම උදේ ඉඳන් රෑ වෙන කම්  කියවන්නෙත් ඒ නිසයි.
 
 ලුණු වතුර පුරවපු වලවල්,පොඩි පොඩි උමං ,වාන් දමන ජලාශ පෙන්න පෙන්නා මිනිස්සු රවට්ටන්නේ ඒ නිසයි.
 

 
මේ විදියට ජනතාව රවට්ට ගෙන , බය කරගෙන සදා කාලේටම බලේ ඉන්න පුළුවන් කියලා හිතපු පාලකයෝ මීට කලිනුත් හිටියා .
 
හැබැයි ඒ ගොල්ලෝ කාටත් සිද්ද වුනේ පැදුරටත් හොරා තමන්ගේ රටවලින් පැනලා යන්න.
 
ආණ්ඩුව ශක්තිමත් නම් මේ විදියට හැසිරෙන්න ඕනේ නැහැ.

 

Advertisements
මම ඔබෙන් අහන්න යන්නේ අමුතු හා අමාරු ප්‍රශ්න දෙකක් .හොඳින්  කල්පනා කරලා බලා උත්තර දෙන්න. ඔබ ලෝකය දකින විදිය හරිද කියලා තේරුම් ගන්න පුළුවන් ඔබ දෙන උත්තර එක්ක .
  
මේක ඇට මැස්සාට  ලැබුනේ මේ දිනවල සංසරණය වෙන ඊ මේල් එකක් මාර්ගයෙන්.
 
පළමුවෙනි ප්‍රශ්නය:
  
එක ගැබිණි මවක් ඉන්නවා . ඇයට දැනටම දරුවෝ අට දෙනෙක් ඉන්නවා. ඉන් තුන් දෙනෙක් බිහිරියි. දෙන්නෙක් අන්ධයි. තව එකෙක් මන්ද බුද්ධිකයි. මේ කාන්තාව සිෆිලිස් රෝගයෙන් පෙළෙනවා. මේ කාන්තාව ගබ්සාවක් කර ගැනීමට සිතනවා. ඔබ එය අනුමත කරනවාද?
 
මේ ප්‍රශ්නයට දී ඇති උත්තර දෙස බැලීමට කලින් දෙවෙනි ප්‍රශ්නය බලන්න.
 
 
දෙවෙනි ප්‍රශ්නය:
  
ලෝකයේ නායකයා තේරීමේ චන්දය පැවැත්වෙනවා . චන්ද බලය තියෙන්නේ ඔබට විතරයි. ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෝ තුන් දෙනාගේ විස්තර මෙන්න.
 
A  අපේක්ෂකයා.  
තක්කඩි වංචනික දේශපාලකයෝ එක්ක හාද කම් පවත්වන,  නක්ෂත්‍රය විස්වාශ කරන, හොර ගෑනු දෙන්නෙක් ඉන්න ,එක දිගට දුම් බොන බේබද්දෙක්.
 
 
B  අපේක්ෂකයා.  
දෙසැරයක් තනතුරෙන් පහ කරපු , දවල් වෙනකම් නිදා ගන්න, ඉස්කෝලේ යනකාලේ අබිං උරපු ,හවසට විස්කි කාලක් ගහන හාදයෙක්.
 
 
C  අපේක්ෂකයා.  
මස් මාළු නොකන , දුම් නොබොන, ඉඳ හිට බියර් එකක් බොන, තමන්ගේ බිරිඳව කිසිම දාක රවට්ටලා නැති යුද වීරයෙක්.
 
මේ තුන් දෙනාගෙන් ලෝක නායකයා විදියට ඔබේ තේරීම කවුද?
 
බලන්න….
….
 
……
 
………
 
………..
 
…………..
 
………………
 
…………………..

——————————————————


 A – ෆ්රෑන්ක්ලින් ඩී රූස්වෙල්ට් 

 B – වින්ස්ටන් චර්චිල් 

 C – ඇඩොල්ෆ් හිට්ලර් 

  මුලින් අහපු ගබ්සා ප්‍රශ්නෙට ඔබේ  උත්තරේ ඔව්    නම්  ශ්‍රේෂ්ට  සංගීතවේදී  බීතෝවන්  උපදින්නත්  කලින්  මරාදාන්න  ඔබ    තීරණය   කරලා.    

 
  

ආදර්ශය- සිල් රෙදි   පොරවා ගෙන  එන හැම  උපාසකයාම විස්වාශ නොකරන්න  

 
මීට කලින් අපි බුද්ධදාස විතානාච්චි මහතා ගැන කතා කලේ 2010 මහා මැතිවරණයෙන් ඒ මහතා පරාජය වී  නහයෙන්   අඬමින්   සිටිද්දීය .

 

http://gadflyzone.wordpress.com/2010/04/25/

තමා චන්දයෙන් පැරදුනේ  සන්ධානයේ දූෂිත  දේශපාලනඥයන් විසින් තම මනාපය කොල්ල කා ගැනීම නිසා යැයිද ඒ මහතා ඒ වෙලාවේ හොටු පෙරමින් පැවසුවේය. ඒ මොහොතේ අප ඔහුට කිව්වේ තල වපුරා තල මිසක් උඳු ලබා ගත නොහැකි බවයි.

තමන්ගේ චන්ද තම සගයින් විසින්ම කොල්ල කෑමෙන් පසු පවා ඔහුට තම සන්ධානයෙන් එලියට එන්නට ධෛර්යක් නොවීය. නො එසේනම්   එය සන්ධානයෙන් එලියට එන්නට තරම් කාරණයක් නොවීය. ඒ අවස්ථාවේ පවා ඔහු කලේ නාහෙන් අඬා නිශ්ශබ්ද වීමය.

දැන් ඔහු එලියට බැස තිබේ . දැන් නැවතත් ඔහුට හදිසියෙන්ම දේශපාලන සදාචාරය  මතක් වී තිබේ.  ලංකාවේ දූෂිත දේශපාලන ක්‍රමය ගැන තමන්ට ඇත්තේ පිළිකුලක් බව ඔහු කියයි. හරිම අපූරුය. මාරය.මෙවන් වූ ප්‍රජාතන්ත්‍ර වාදීන්  සිටින රටක,  මෙවන් පිරිසිදු දේශපාලන කන්‍යාවන් සිටින රටක ජීවත්වන්නට ලැබීම මොනතරම් භාග්‍යක්ද?  

නමුත් අප පෘතග්ජන හිත් වල  යම් යම් ප්‍රශ්න මතුවේ. ඒවා අපි මේ බැරෑරුම් දේශපාලන කරුණු නොදන්නා කම නිසාම මතුවන අහිංසක ප්‍රශ්න මිස අපි බෑන් කී මූන්ගේ ඒජන්තයින් නිසා මේ මුදු හිත් අපහසුතාවට ලක් කරන්නට අසන ප්‍රශ්න නම් නොවේ.

 තම අසහාය   නායක  විකටවංශ ඇතුළු පිරිස්  රාජ්‍ය සම්පත් යොදා ගනිමින් ඉතිහාසයේ පැවති දූෂිතම මැතිවරණ පැවැත්වූ පසු ගිය කාලයේවත් නොවුණු තරම් සිත කල කිරෙන්නට තරම්  මේ මහා කලාකරුවාණන්ගේ   සිත තැලුයේ කවුරුන්ද?

තමන්ගේ මනාප කොල්ල කන විට පවා එපා නොවුණු ලාංකීය දේශපාලනය දැන් ඔහුට එපා වුයේ මක් නිසාද?

නියත ලෙසම මනාප කොල්ලයටත්  වඩා බරපතල දෙයක් විය යුතුය.

මේ කලාකරුවාණන්ගේ මුදු සිත මෙතරම් පෙලූ , කාරණය කුමක් විය හැකිද?

එය අමාත්‍යංශයේ තනතුරක් නොලැබීමයයි කියන දේශද්‍රෝහීන් ගොඩට අපි එක් නොවෙමු. එසේ අසන්නේ විජාතික ඒජන්තයින්ය. අපි එසේ නොවෙමු. අපි ඔහුගෙන්ම එය අසන්නේ ඒ නිසාය.

ඔහු එය අපට කියයිද?

 අප බලා සිටිමු !!!!

අවංක වූ, පාරිශුද්ධ වූ දේශප්‍රේමියාණනි !!!!

කියනු මැනව!!

  

 
 
 
සිරි ලංකාවේ පොල් හිඟයක් ඇති වී තිබෙන්නේ 1989 දී ජේ වී පී  කාරයින් පාරවල් අවහිර කිරීමට පොල් ගස් කපා දැමීම නිසා යයි පොල් සංවර්ධන ඇමති තුමා සොයාගෙන තිබේ. මේ වගේ කතාවක් මීට කලින් කිව්වේ හෙලය වෙනුවෙන් හෙලුවෙන්ම පෙනී සිටින ගොම්මන්පිල ශූරින්ය.  ඒ කොලඹ නගරය ගංවතුරෙන් යට වුනේ ඉංග්‍රීසින් යටත් විජිත කාලයේ කල කුමන්ත්‍රණයක් කියාය. මෙහෙව් ඇමති තුමන්ලා අපේ රටේ සිටීම කොතරම් වාසනාවක් දැයි සිතෙන්නේ මේ කතා ඇසෙන විටය. මෙතුමාලා නැතිනම් අපේ රට මොනවගේ එකක් වෙන්ට තිබුනේ දැයි කියා හිතන විටත් ඇඟ  හිරි වැටී යයි.
 
පොල් ගෙඩියක  මිල ඉහල ගියත් ආණ්ඩුවට බැණ බැණ ඉන්නේ නැතිව එතුමාලා කියන දේවල් ඔලුවට අරගෙන ඒ විදියට හිතන්න  පුරුදු වෙන්න ඕනේ  යැයි ඇට මැස්සාට  හිතුනේය.
 
පහතින් තියෙන්නේ එහෙම කල්පනා කරද්දී ඇට මැස්සාගේ ඔලුවට ආ සංකල්පනාය. ඕනෙම ඇමති කෙනෙක් ඒවා පාවිච්චි කරාට ඇට මැස්සාගේ  අකැමැත්තක්    නැත. ඇත්තෙන්ම මේවා බ්ලොග් එකේ දාන්නෙත් එතුමා ලාට උපකාරයක් විදියටය.
 
1. පාන් පිටි මිල ඉහල යන්නේ ජේවීපී කාරයෝ පෝස්ටර් අලවන්ට පාන් පිටි ගන්න නිසාය. ඒක පාන් පිටි ත්‍රස්තවාදයටද සම්බන්ධය.
 
2. ෆිඩෙල් කැස්ට්‍රෝ අල්ලාගෙන සීනි මිල වැඩි කෙරෙව්වේ ද මේ ජේ වීපී කාරයන්ය.
  
3.සැමන් මිල වැඩි කිරීමට සිදු වුනේ 71 දී ජේවීපී කාරයින් සැමන් ටින් වලින් බෝම්බ සැදූ නිසාය
 
4.කුකුල් මස් හා බිත්තර  හිඟ වුනේ ජේවීපී කාරයින් 71 දී කුකුල් කූඩුවක් ගිනි තැබූ නිසාය.
 
5. පරිප්පු මිල වැඩි වුනෙත්  ජේවීපිය හින්දාය. (මහින්ද බලයට ගෙනත් සෑහෙන්න පරිප්පුවක් කෑවේය.)
  
6. පහු ගියදා වැස්සට කොළඹ යට වුනේ ජේවීපී කාරයෝ කොළඹ කානු වලට මූත්‍රා කරලා ඒවා උතුරා ගිය නිසාය.(මේ කතාව ගොම්මන්පිලගේ සුද්දොන්ගේ කතාවට අමතරවය.)
 
7.පෙට්රෝල් මිල වැඩි 89 දී පෙට්‍රල් ෂෙඩ් වසා තැබීමට සිදු වූ නිසාය. ඕනෙම නම් මේකට යූ ඇන්පියත් පටලවා ගත හැක. ඒ පහුගියදා සිරිකොත ඉස්සරහා ගිනිතබා ගත් යූඇන්පි කාරයා හරහාය.
  
 මේවා කියවන අපෙ හිත මිත්‍රාදින්ටත් මේ වගේ අදහස් පහල වෙනවා නම් ලියා තබා යන්නැයි ඉල්ලා සිටිමු. අපේ නායක කාරකාදින්ට උදව් කරන එක අපේ යුතුකමක් නොවැ.
 
 
මේ  සිරි ලංකාවේ රජයේ නිලධාරින් කියන්නේ ඉතාමත්ම බලවත් පිරිසක් බව මීට මාස කීපයකට කලින් වීරවංශ ඇමති තුමාගේ අග්‍ර පුරෝහිතයෙක්  වෙන වසන්ත බණ්ඩාර දොස්තර මහත්තයා හොයාගෙන තිබුනා. ඒ  ආණ්ඩුව සීපා ගිවිසුම අත්සන් කරන්ට ගිය වෙලාවේ. එතුමා කිව්වේ සීපා ගිවිසුම කියන්නේ නිලධාරින් කීප දෙනෙක් එකතු වෙලා කරපු වැඩක්ය, ඒ ගැන ජනාධිපති තුමාවත් රජයවත් දැන ගෙන හිටියේ නැහැ කියලා.
 
 ඒ හොයා ගැනීම අපිට ලොකු දෙයක් වුනා . මොකද අපිත්  කල්පනා කර කර හිටියේ මේ වීරවංශ තුමා  වගේ ජාතික වාත්සල්‍යයෙන් ඔද වැඩී දේශප්‍රේමින්  ඉන්න ආණ්ඩුවක්  සීපා ගිවිසුම අත්සන් කරනවා වගේ දේශද්‍රෝහී වැඩක් කොහොම කරයිද කියලා.
 
ඔන්න දැන් ආයේ සැරයක් මේ කාලකන්නි නිලධාරි රොත්ත වැඩට බැහැලා . ඒ වීරවංශ තුමාගේම  ගෝලයෙක් වෙන විජේනායක තුමා කියන  විදියට  අර බෑන් කී මූන් කියන බටහිර ඒජන්තයා පත් කොරාපු විශේෂ කමිටුවට ලංකාවට එන්න  මේ නිලධාරි හැත්ත අවසර දීලා. බලන්න පින්වතුනි. මේ නිලධාරි උල තිබ්බට ඇතිද  කරන වැඩ වලට. අහිංසක ජනාධිපති තුමයි , වීරවංශ  තුමා  ඇතුළු ඇමති ගොල්ලයි රවට්ට ගෙන මුන් කරන වැඩ … නේද? 
 
අපේ ජනාධිපති  තුමා එහෙම දැනගෙන හිටියා නම් මෙහෙම දෙයක් එතුමා ටක් ගාලා නවත්වනවා ඔය  වැඩේ. ඒත් ඉතින් එතුමාටත් හොරෙන් නේ ඔය තීරණ අරගෙන තියෙන්නේ.
 
කවුරු හරි කට කැඩිච්ච එකෙක් අහයි ද දන්නේ නැහැ , ඔය වගේ බැරෑරුම් තීරණ ගන්නේ තනි කරම  නිලධාරින් විතර නම් රටකට ආණ්ඩුවක් මොකටද කියලා, අර දයාසේන ගුණසිංහ මහත්තයා ඇහුවා වගේ ජේ. ආර් ගෙන්.
 
 එහෙම නැත්නම් අහයි, ප්‍රසිද්ධ වැසිකිලියක් හැදුවත් ඒක තමන්ට ඕනේ තැනක ඕනේ විදියට , ඕනේ කෙනෙක් ලවා කරවාගෙන , අහවල් චින්තනය යටතේ , අහවල් තුමාගේ අධීක්ෂණය යටතේ , අහවල් තුමාගේ සහභාගිත්වයෙන් ඉදිකරන ලද මේ වැසිකිලිය කියලා බෝඩ් එල්ලන දේශපාලකයෝ ඔය වගේ බරපතල දේවල් වලදී ඇයි නිස්සද්දව හිටියේකියලා.
 
තව මොකෙක් හරි අහන්න පුළුවන් “එතකොට සරත් ෆොන්සේකා යුද්ද කලෙත් එයාට ඕනේ විදියට නේද”  කියලා .  ඔය වගේ ප්‍රශ්න අහන්නේ දේශද්‍රෝහියෝ. ඕවාට සැලෙන්න හොඳ නැහැ. 
 
ඉතින් වීරවංශ තුමා වුනත්  විරුද්ධ වුනාට  වැඩක් තියෙනවද මේ වගේ කාලකන්නි නිලධාරි ඉන්න රටක. ඒක නිසා  වෙන්නැති එතුමා මේ දවස් වල සද්දයක් නැත්තේ. එහෙම නැත්නම් එතුමා කල්පනා කර කරා ඇති මේ සැරේ උපවාසේ කරන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉස්සරහද, විදේශ අමාත්‍යාංශය ඉස්සරහද ,එහෙම නැත්නම් ස්ලීඩා ඒක ඉස්සරහද කියලා. කොහේ හරි හොඳ තැනක් හොයාගෙන කියන්නකෝ. අපිත් එන්නම් සපෝර්ට් එකට ලෙමන් පෆ් එහෙම අරගෙන.
 
 
 
අපේ ආණ්ඩුව හරිම හොඳය. ජනතාවට අත දිග හැර සලකන මේ වගේ ආණ්ඩුවක් වෙන කොහෙවත් නැත. මිනිස්සුන්ට ප්‍රශ්නයක්  ඇති වුනු වහාම එකට විසඳුම් දෙන්නේය.
ජනතාව රෙදි සෝදන යන්ත්‍ර , ජංගම දුර කතන , රූපවාහිනී යන්තර නැතිව දුක් විඳින බව දැන ගත් වහාම ඒවායේ බදු අඩු කර දුන්නේය.
 
රටේ ප්‍රවාහන සේවය හොඳ නැති බවත් , ගැමුණු විජේරත්නගේ බස් සංගමය  පිස්සු කෙලින බවත් ආරංචි වුන ආණ්ඩුව කාර් වලට පනවලා තිබ්බ බද්ද සියයට 50 කින්ම ලෝස් නැතිව අඩු කළේය.දැන් ජතවාට තම්ගේම කාර් එකකින් හිතේ හැටියට ගමන් බිමන් යා ගන්න හැකිය.
 
 අපේ ආණ්ඩුව එහෙමය. ජනතාවට විතරක් නෙවේය. ජනතාව  වෙනුවෙන් දුක් විඳින ජනතා නියෝජිත තුමන්ලාට වුනත් සලකන්නේ ඒ විදියටය. එතුමලා වැඩි දෙනෙකුට ඇමති කම් දෙන්නේ ඒ නිසාය. ඇමති කම් නැති අයට කරදරයක් නැතිව ජනතා සේවය කරන්න පුළුවන් විදියට කොටි එකහමාරේ දෙකේ ප්‍රාඩෝ ගෙන්වලා දෙන්නෙත්  ඒ නිසාය.
 
ඉස්සරහට එන්නේ උත්සව කාලයක්ය. රට ශීග්‍රයෙන් සංවර්ධනය වී , ජනතාවගේ අත මිට සරු නිසා මේ උත්සව කාලයේදී ජනතාව උස්මුරුත්තාව හැදෙන කල් කා බී ලෙඩ වෙයි කියලා ආණ්ඩුව කරවන හිතුවේය. තමන්ගේ  තුනෙන්  දෙකක්ම දී  ආණ්ඩුව  බලයට පත් කරපු ජනතාවට එහෙම වෙනවාට ආණ්ඩුව කැමති නැත.
 
ඒක නිසා පහු ගිය දෙසැම්බර් විසි වෙනිදා සිට කෑම බීම වලට අමතර බද්දක් පනවන්ට ආණ්ඩුව කල්පනා කළේය . මේ බද්ද කිලෝ එකකටය.
අල- රුපියල් 10
ලොකු ළූණු- රුපියල් 10
රතු ළූණු -රුපියල් 25
කරවල -රුපියල් 30
සුදු ළූණු -රුපියල් 10
පරිප්පු- රුපියල් 15
මිරිස් -රුපියල් 20
සීනි  – රුපියල් 5  
 මීට අමතරව   සැමන් ටින් එකකට බද්ද  රුපියල්  85
 
දැන් හොඳය. අපිට දැන් වොෂින් මැෂින් එකෙන් රෙදි ටික හෝද ගෙන ,කාර් එක උඩ ඒවා වනා , මොබයිල් ෆෝන් එක කනේ ගහගෙන ටී වී බල බල ඉන්ට පුළුවන. බඩ ගිනි වුනොත් ෆෝන් එක ම කන්ට ඇහැකිය.
 
 

සටහන – වොෂින් මැෂින් එක අතින් කරකවන්ට ගැජට් එකක් හයි කරගත්තොත් තවත් හොඳය. ඒ විදුලි බිල වැඩි වෙන නිසා නොවේ . ව්‍යායාම කිරීම සෞඛ්‍යයට හොඳ නිසාය

 
 
 
 
ගරු කතානායක තුමනි. කාලීන වශයෙන් වැදගත් වන මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට අවසර ලබා දීම පිළිබඳව මම ඔබතුමන්ට ස්තුතිවන්ත වෙමි.
 
සකල විධ විජාතික බලවේගයන් පරදවමින්, අපේ අනභිබවනීය අති ශ්‍රේෂ්ඨ  ජනාධිපති මහින්ද චින්තනය, ජය ග්‍රහණයන් උදුරා ගැනීමට, ඉදිරි ගමන පරාජය කිරීමට, ප්‍රතිගාමි බලවේග භෞමික අඛණ්ඩතාවය හා ඒකාග්‍රතාවය බටහිර කුමන්ත්‍රණ   බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන්කොටි ත්‍රස්තවාදීන්  සන්නද්ධ හමුදාවන්ට  දුෂ්ට හා සාහසික ත්‍රස්ත ක්‍රියා නෝර්වේ  එරික් සොල්හයිම්  බාන් කී මූන්  වීරෝදාර ශ්‍රී ලංකා රාජ්‍යයේ නීතිය හා විධානය නීත්‍යානුකූල ස්වෛරී රාජ්‍ය නිවට නෝර්වීජියානුවා කොටි ත්‍රස්තවාදීන්  , රාජ්‍ය නොවන සංවිධාන මහින්ද චින්තනය මාෆියාවේ  ඉරණම  කොටි රූකඩ ඒජන්සිය,ජාත්‍යන්තර සංවිධානත්, බාන් කි මූනා බෙදුම්වාදී ත්‍රස්තවාදීන්   ආණ්ඩුව  ඊනියා සටන් විරාම ගිවිසුමෙන්   මහින්ද චින්තනය පසුව  ජාත්‍යන්තර ප්‍රජාවට එක්සත් ජාතින්ගේ සංවිධානය  ජනතාවගේ ඉරණම රුදුරු ත්‍රස්ත ක්‍රියා සිංහල, දෙමළ හා මුස්ලිම්  මහින්ද චින්තනය සන්ධාන ආණ්ඩුව  මහින්ද චින්තනය ත්‍රස්තවාදීන් තිරසාර සංවර්ධනයක්, ජීවත්වීමේ අයිතිය සමඟ ඊනියා සටන් විරාම ගිවිසුම අස්සන් කිරීමෙන්  වගකිව යුතු පාලනයකට බාන් කී මූන්  කොටි ත්‍රස්තවාදීන්,ජාති ද්‍රෝහින්, ප්‍රාණ ඇපකරුවන්,මහින්ද චින්තනය කොටි ත්‍රස්තවාදීහු ආරක්ෂක හමුදා ,දේශප්‍රේමින්, උල්ලංඝනය කරමින් මහින්ද චින්තනය  බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට  ආණ්ඩුවට දෙපතුළ ලෙවකා ඊනියා මහින්ද චින්තනය කොමිසම් තුලින්, බාන් කී මූන් , කේවල් කරමින් කොන්දේසි හමුවේ දණ නොගසා  මහින්ද චින්තනය  ත්‍රස්තවාදී    , රටේ ගෞරවය ත්‍රස්තවාදය  පාවා නොදීමේ   බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි සියලු ජනතාව, ආණ්ඩුව මෙන්ම වීරෝදාර ආරක්ෂක හමුදාවන් ඊනියා සටන් විරාම ගිවිසුමට පෙර  දෙපාර්ශ්වයම මහින්ද චින්තනය    කොල්ලුපිටිය අවට  තානාපති කාර්යාලවල නෝනා මහත්වරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මහින්ද චින්තනය ජනවරම.  කිසිදු විජාතිකයකුටවත්   ජාත්‍යන්තර ප්‍රජාවගේ   මහින්ද චින්තනය
  
ගරු කථානායකතුමනි, සමාජ, ආර්ථික, සංස්කෘතික ”යුද්ධය අවසන් වීමට  බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදීන්.  එක්සත් ජාතික පක්ෂයත්, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ  බටහිර ඇතැම් මහින්ද චින්තනය අධිරාජ්‍යවාදී බලවේග සජ.වි.පෙ.ත් බටහිර අධිරාජ්‍යවාදී දේශපාලන ව්‍යාපාරවලට ජනතාවට  මගේ රට වෙනුවෙන් මහින්ද චින්තනය හෘදය සාක්ෂිය ඇතුළේ ගැටුමක් මාතෘභූමිය පිළිබඳව තිබෙන ඇල්ම  කුමන්ත‍්‍රණයක්ය ජනාධිපතිවරණයෙන්  දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහින්ද චින්තනය ජාතික මත වාදය මතවාදී අරගලයෙන්  බටහිර විජාතික බලවේගවල  රනිල් වික්‍රමසිංහ ඒජන්තයෝයි.  රාජ්‍ය නොවන සංවිධානයක   කොසෝවෝ, සර්බියාව  අධිරාජ්‍යවාදීන්ගේ තැරැව්කාරයන්ගේ  රට   ජාත්‍යන්තර අධිරාජ්‍යවාදී බලවේග  රටට සතුරු බලවේගයන්ට  සංවේදී හදවතක්  රට වෙනුවෙන්  මගේ යුතුකම,  මහින්ද චින්තනය  කුමන්ත‍්‍රණකරුවන්     සද්භාවයෙන් ආදරය කරපු මිනිස්සු,  මේ දේශද්‍රෝහී විපක්ෂය ගෙඩිය  කුමන්ත‍්‍රණයත්  ආදරණීය ජනතාවනි අසීරු, මහින්ද චින්තනය දුෂ්කර තීරණ ගන්නට මහින්ද චින්තනය ඉතිහාසය විසින්  . ධෛර්යවත්ව. මාතෘ භූමිය වෙනුවෙන් මා මගේ යුතුකම.බෑන් කී මූන්ගේ මහ ලේකම් එක්සත් ජාතීන්ගේ සංවිධානය මහින්ද චින්තනය මූන්ගේ ක්‍රියාකාරකම්  ජගත් සංවිධානය විනිවිදභාවයෙන් තොර මහින්ද චින්තනය සහ   බෑන් කී මූන් ,පිළිබඳ මෙම  ජාත්‍යන්තර මාධ්‍ය   මහින්ද චින්තනය   මහින්ද චින්තනය……….
  
 
ඒ අනුව ගරු කථානායකතුමනි, මම අවසාන වශයෙන් ප්‍රකාශ කරන්ට ඕනේ, මේ අවස්ථාවෙ මවු බිමට  සැබෑ ලෙසම ආදරය කරන දේශප්‍රේමීන් වශයෙන්  ,බාන් කී මූන් මහතාට අපගේ සම්පූර්ණ සහයෝගය ලබා දිය යුතුයි කියන කාරණය . එසේම අපි මතක් කරලා දෙන්න ඕනේ මෙ නිශ්චිත මොහොතේ ඔහුට හා ඔහු විසින් පත් කල විශේෂ  කමි‍ටුවට එරෙහි වන්නේ මවු බිමේ ද්‍රෝහින් කියන කාරණයත්. මේ මොහොතේ  දේශප්‍රෙමියෙකුගේ යුතුකම හා වගකීම වන්නේ බෑන් කී මූන් මහතාගේ කමි‍ටුවට සහය දීම .ජාතික නිදහස් පෙරමුනේ අපි යුතුකම ඉතාමත් ඉහලින් ඉ‍ටු කරන බව මේ අවස්තාවෙ ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනාවා. මෙම විශේෂ ප්‍රකාශය කිරීමට අවසර දීම පිළිබඳව මා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා…