Archive for August, 2010

 

 

සිරිලකම  රඟ මඩලකි
නලුවො වෙමු අප එහි
අසම සම නලුවා නුඹ
දුෂ්ඨ  චරිතය ගස් බැඳි
 
නුඹ සුපිරි තරුවකි
හෙල කලා ලොව බබළන
මහ රජුගේ චරිතය ඇඳි
නලුවාද නුඹට පැරදිනි
 
දයාසිරි රෝසා පබා
රාමනායක කලා රිටවල්
දණ ගසා වැඳ වැටේ
නුඹේ පඬි වදන් අසමින
 
විනය මණ්ඩල ක‍ටු කන
සිරිසේන කොලු අසරණ
නලු බට්ටන්ය නුඹ අභියස
සුභපැතුම් පිලිගන්න මැතිසඳ
 

ආපහු සැරයක් ගොවියෝ ශක්තිමත් කරන්න ආණ්ඩුව කටයුතු කරලා. මේ සැරේ ශක්තිමත් කරන්න යන්නේ යාපනේ ගොවියෝ.

මේ දවස් වල උතුරෙන් රතු ළුණු හා ලොකු ළුණු තොග ලැබෙමින් පවතින නිසා ආනයනික රතු ළුණු ,ලොකු ළුණු හා පරිප්පු වලට පනවලා තිබුණු බදු වැඩි කරපු බව වෙළඳ ,තීරුබදු ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නෙවිල් ගුණවර්දන ලංකාදීපයට කියලා තිබුනා.

මේ අනුව රතු ළුණු හා ලොකු ළුණු කිලෝවක් සඳහා පනවල තිබුණු බද්ද රුපියල් 10 සිට 25 දක්වා රුපියල් 15 කින් වැඩි කරලා. පරිප්පු කිලෝවක් සඳහා පනවලා තිබුණු බද්ද රුපියල් 2 සිට 15 දක්වා රුපියල් 13 කින් වැඩිකරලා.

දැන් අපිට පොඩි ප්‍රශ්නයක් මතු වෙනවා. මේක මේ අපි ආර්ථික විද්‍යාව නොදන්නා කමට හිතෙන දෙයක්ද මන්දා.

ආනයනික ළුණු වලට පනවලා තියෙන බදු වැඩි කලාම අපේ රටේ ළුණු ගොවියෝ ශක්තිමත් වෙනවා කියමුකෝ.

 ඒත් යාපනෙන් ළුණු තොග ලැබෙන හින්දා පරිප්පු වලට පනවපු බද්ද වැඩි කලේ ඇයි  කියලා අපිට නම් තේරෙන්නේ නැහැ.

සමහර විට  ආණ්ඩුව , තමන්ට මහාපරිමාණයෙන් චන්දෙ දුන්න ජනතාව දිගින් දිගටම පරිප්පු කනවා දැකලා දුක හිතිලා  පරිප්පු මිල වැඩි කළා වෙන්නත් පුළුවන්.
 
 
මේක ඉතින් පොදු ජන ආණ්ඩුවක් නොව.
 

මේවා  තේරෙන්න නම් ආචාරිය උපාධියක්ම ඕනේ  .

මොනවා උනත් මෙච්චර දවසක් බඩු මිල වැඩි කලාම මේ වගේ ගොන් කතා කියන්න ඉස්සරහට ආවේ දේශපාලුවෝ විතරයි.

දැන් කොන්ද පණ නැති නිවට නිලධාරිනුත් ඒ වැඩේට බැහැල වගෙයි පේන්නේ.

එස්. බී දිසානායක මහතා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ භාර ගෙන යම්තම් මාස හතරකි. ඒ කාලය තුල  ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල තිබු  සියලු ප්‍රශ්න ඔහු විසින් විසඳා හමාරය.
 
සියයට තුන්සීයක වැටුප් වැඩි වීමක්   ලැබූ ආචාර්ය වරු ප්‍රීතියෙන්  පිනා  ගොස්  ඉමහත් උනන්දුවකින් යුතුව සිසුන්ට ඉගැන්වීමෙහි යෙදෙති . ඒ මතු නොව නොයෙක් පර්යේෂණ   කටයුතුවලද  යෙදෙමින්  ශ්‍රී ලංකා නාමය ලොව පතල  කරති. ශ්‍රී ලංකා සරසවි ආචාර්යවරුන්ට ගෙවන අධික වැටුප්  නිසා විදේශ  වල සේවය කරන බුද්ධිමතුන්ද පැමිණ මෙරට සරසවි සේවයට බැඳෙන නිසා මෙතෙක් කල් තිබු ගුරු හිඟය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී ඇත.
 
ගුරුන් පමණක් නොව සිසුහුද ඉමහත් ප්‍රීතියෙනි. මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 10,000 දක්වා වැඩි කර ඇත. සිසු සිසුවියන් සැම දෙනාටම නේවාසිකාගාර පහසුකම් ලැබී ඇත. ඇත්තෙන්ම කිවහොත් සිටින සිසුන් ගණනට වඩා නේවාසිකාගාර ඉදි කර ඇත. ඒ ඉදිරි වසර පණහක් දෙස බලා සැදු සැලසුමකි.
 
පුස්තකාල පොත පතින් ඉතිරි යයි. සැම සිසුවෙකුටම  පරිගණක පහසුකම් ලබා දී ඇත. ක්‍රීඩා පහසුකම්, පිහිනුම් තටාක, විද්‍යාගාර  පහසුකම් ආදිය මේ මාස හතර තුල කොතෙක් දියුණු වී ඇත්ද යත් සැම සරසවියක්ම කොළඹ රාජකීය  විද්‍යාලය බඳු යයි කෙනෙකුට සිතෙන තරම්ය.
 
සම සෞඛ්‍ය  විද්‍යා ප්‍රශ්නය.. ? ඒ මොකක්ද? එය විසඳා මාස තුනක්ම ගත වී ඇත.
 
උසස් පෙළ සමත් වෙන සියලු දෙනා බඳවා ගත හැකිවන පරිදි සරසවි  පද්ධතිය පුළුල් වී ඇත.
 
ගුරු සිසු මතු නොව අනිකුත් සේවකයින්ද සතුටින් උදම් වෙමින් සිටිති. වැඩි වැටුප්, කලට උසස් වීම්, නිල නිවාස ප්‍රශ්න සියල්ල විසඳිලාය.
 
මෙවන් වූ   දියුණුවක් රාජ්‍ය විශ්වවිද්‍යාල අත් කරගෙන ඇති නිසා ඒ හා තරඟයෙන් පරාජය නියත බව දන්නා ආයෝජකයෝ තම පෞද්ගලික සරසවිත්  හකුලා ගෙන ආපසු සිය රටවල් බලා ගොසිනි.
 
මෙසේ සිවු මසක් තුල මෙරට සරසවි පද්ධතියේ සියලු ප්‍රශ්න විසඳා ලු එස්. බී ඇමත්තානන් , දිනෙක උදෑසන හඟුරන්කෙත පිහිටි තම මාලිගාවේ සීමැදුරු කවුළුවෙන් හිස එලියට දමා බලන විට මෙතෙක් විසඳීමට අමතකව  ගොස් තිබු අවසන් ප්‍රශ්න දෙක දැක වහාම ඒ ප්‍රශ්න දෙකද විසඳා දැම්මේය. 
 
ඒ අනුව ඔහු කැලණිය විශ්වවිද්‍යාලය , විද්‍යාලංකාරය  ලෙසද, ජයවර්දනපුර විශ්වවිද්‍යාලය විද්‍යෝදය ලෙසද නම් කළේය.
 
අල ගෙඩියටත්  කෙලියා අපේ තාත්තා 
 
රුපියල් තිහකින්ම වැඩි කෙරුවලු බද්ද
 
ගොයියා නග්ගන්නටයි මේක කොලේ
 
 දත් මැද මැද කියනවලු  පා ගොයි ඇමති නඩේ
 
 
 
 
බඩු මිල වැඩියි කිව්වොත් උඹ දේශ ද්‍රෝහියෙකි
 
හම්බන්තොට ගොහින් චීනාගේ වරායට වැඳලා
 
බදු අඩු නිසා බෙන්ස් කාර් තම්බාගෙන කාපන්
 
කුම්පලා මාළු  කෑවා නම් තුක විඳපන් පලලෝ
 
 
 
-රංචාගොඩ ළමයා
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් සීගිරි බිතු සිතුවම් මත ආලේප කළ   රසායනික ද්‍රව්‍ය නිසා එම සිතුවම් වලට හානි සිදු වී ඇති ඇතැම් මාධ්‍ය  ගෙනයන ප්‍රචාරය අමූලික බොරුවක් බවත්, එම සිතුවම් වලට කිසිදු හානියක් සිදු වී නැති බවත්, එම ප්‍රතිමා අවර්ණ වීම පටන් ගෙන ඇත්තේ 1930 ගණන් වල සිට බවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  නිලධාරින්  විසින්ම  කල පරීක්ෂණයකින්  හෙළි වී ඇතැයි  පුරා විද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.
 
තමා කැලණියේදී සමෘධි නිලධාරියෙකු ගස් නොබැන්ද බවත් , ඩෙංගු මර්ධනය සඳහා  තමා ගෙනයන වැඩ පිළිවෙල ගැන පැහැදී, එයට සහයෝගයක්  දෙනු වස්  ,රටට ආදර්ශයක් වශයෙන් එම නිලධාරියා තමන්වම ගස් බැඳ ගත් බවත් එම නිලධාරියා ඒ බව පවසමින් තමාට ලියුමක් දී ඇති බවත්ආචාර්ය මර්වින් සිල්වා මහතා පැවසිය.
මේ ආචාරියලා දෙදෙනාගේම හැසිරීම් රටාව එකක් වීම හුදු අහම්බයක්ද නැතිනම් ජානගත සංසිද්ධියක්ද?
 
 
මර්වින් සිල්වාගේ  ඇමතිකම ආපහු  දෙන්ට
කැලණියේ සංවිධායක කමත් එක්කම
සඟ සමුළුවක් සම්මන්ත්‍රණ ශාලාවේ
ගනින්නාන්සේලා රොත්තක් එකතුවෙලා
 
 
ඒ සමුළුවට උන්නැහේලා වඩින්නේ
සිවුරු ඇඳගෙනද  අඳනය විතරක්ද
එහෙම නැතුව  අමුඩය  පිටින් මද
ජෛන ආගමේ විදියට හෙලුවෙන්ද?
 

වීරවංශ ඇමත්තා තමන්ගේ ඇම්බැට්ටයොත් එක්ක පහු ගිය දාක එක්සත් ජාතින්ගේ කාර්යාලය වට කරලා ඒකේ හිටිය ගැබිණි අම්මලායි, අනිත් නිලධාරින්වයි ප්‍රාණ ඇපයට ගත්තා. උන්නැහෙලා එතෙන්ට ආවේ මහා පෙරලියක් කරගෙන, මාර්ග බාධක  පෙරලගෙන ,යකඩ වැටවල් බිඳ ගෙන. හැබැයි පොලිසියේ මහත්තුරු ඒවා නවත්තන්න කිසි දෙයක් කලේ නැහැ. ඒ විතරක් නෙවේ ,ඉහලින් ආපු අණට කීකරු වෙලා එතැනින් ඉවත් වුනා. එතන හිටපු නියෝජ්‍ය පොලිස් පති තුමා ගේ තොප්පිය පැහැර ගන්න කොට වත් එතුමා නෙවේ නිකමටවත් අතක් ඉස්සුවේ.

එක්සත් ජාතින්ගේ කාර්යාලයේ හා නිලධාරින්ගේ ආරක්ෂාවට පොලිසිය මැදිහත් වුනේ නැත්තේ ඇයි කියලා අහන කොට ජී.ඇල්. පීරිස් ඇමත්තයා කිව්වේ උද්ඝෝෂණය කරන්න රටේ ජනතාවට අයිතියක් තියෙනවාය, ඒ ප්‍රජාතන්ත්‍රිය අයිතියට  රජය බාධා කරන්නේ නැතිය කියලා.

මේ කතාව අහගෙන හිටපු ප්‍රජාතාන්ත්‍රික ජාතික පෙරමුණේ පිරිසක් පහු ගිය 12 වැනිදා ගාල්ලට ගිහින් ,ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන්න කියලා උද්ඝෝෂණය කරා. නිදහස කොහොම වෙතත් , පොලිසිය ඇවිත් කට්ටියට කඳුලු ගෑස් ගහලා ,හොඳ හැටි පහර දීලා දහ දොලොස් දෙනෙක්ව ඇදගෙන ගිහින් පොලිස් කූඩුවට දැම්මා. ඊ ලඟට මේක ගැන පැමිණිලි කරන්න පොලිසියට ගිය ඒ පෙරමුණේ මන්ත්‍රිවරු තුන් දෙනෙක්ව බොරු චෝදනා කරලා කූඩුවට දැම්මා.( හැබැයි මෙතනදි නම් පොලිසිය පොට වරද්ද ගත්ත බවක් පේන්න තියෙන්නේ , ඒ තුන් දෙනා එක්ක පොලිසියට ගිය අර්ජුන රණතුංග  මන්ත්‍රිවරයා ආපහු එවීම නිසා. ඇතුලේ වුන සිද්දිය ගැන සාක්කි දැන් එලියේ තියෙනවා)

මොකක්ද මේ වුනේ. ජී.ඇල්.පීරිස් මහත්තයා ජූලි මාසේ තියෙනවැයි  කියපු ප්‍රජාතන්ත්‍රික අයිතින් අගෝස්තු මාසේ වෙන කොට  අහෝසි වෙලා ගිහින්ද. එහෙම නැත්නම්, රටේ අනිත් හැම සම්පතක්ම වගේ ප්‍රජාතන්ත්‍රයත් තියෙන්නේ රජ පවුලටයි, ඒ වටේ ඉන්න හෙන්චයියොන්ටයි විතරක්ද?

පහු ගිය මාසේ රටේ ලොකු දේශපාලන වෙනසක් නොවුනු නිසා ජූලි මාසේ තිබුනු ප්‍රජාතන්ත්‍ර අයිතින් අගෝස්තු මාසේ වෙන කොට නැති වෙන්න බැහැනේ.

ඒ නිසා අපිට හිතාගන්න තියෙන්නේ , ජී.ඇල්. පීරිස් මහත්තයා රටේ ජනතාවට උද්ඝෝෂණය කරන්න නිදහස තියෙනවැයි කියන කොට ඒකෙන් අදහස් කරන්නේ රාජපාක්ෂිකයෝ පමණයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. 

ප්‍රජාතන්ත්‍රවාදයේ මවු බිම වුනු ග්‍රීසියේ වත් හැමෝටම චන්ද බලය තිබුනේ නැහැ. එහෙදිත් ඔය අයිතිවාසිකම් භුක්ති වින්දේ පුර වැසියෝ කියලා හඳුන්වා ගත්තු සුලු පිරිසකට විතරයි. වහලුන්ටවත් කාන්තාවන්ටවත් චන්ද බලය තිබුනෙ නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදයේ මවු බිමෙත් එහෙම නම් අපි විතරක් මොකටද කොල්ලටයි බල්ලටයි හැම එකාටම  ඔය පොරොජාතන්තරේ දෙන්න යන්නේ.

ඒක නිසා ජී.ඇල් පීරිස් මහත්තයා මෙ රටේ උද්ඝෝෂණය කරන්න නිදහස තියෙනවැයි කියන කොට ඒ නිදහස තමන්ටත් තියෙනවා කියලා හිතා ගෙන උද්ඝෝෂණ කරන්න ගිහින් පොලිස් කූඩු වල ලගින්න වුනාට  පීරිස් උන්නැහැ පලි නැහැ.

කොහොමටත් මේ ගොල්ලෝ තමන්ගේ පවුලේ උදවිය ඇරෙන්න අනිත් ඔක්කොම තමන්ගේ වහල්ලු කියලා හිතා ගෙන ඉන්න බවක් තමා මේකෙන් ඔප්පු වෙන්නේ. කොච්චර දැඟලුවත් , වීරවංශ ලාගේ, ජී. ඇල්. ලාගෙ තත්වයත් ඒකයි. වහල්ලු දඟ නොකර ඉන්න කම් ඉඳුල් ටිකක් හම්බ වෙයි.  රජ්ජුරුවන්ට කොච්චර  වහල් වැඩ කලත් වහලා වහලා මයි, කවදාවත් ඔ‍ටුන්න හම්බ වෙන්නේ නැහැ.

මේ රජ ගොල්ලෝ  ජනතාව තමන්ගේ වහල්ලු කියලා හිතන් ඉන්නවා මදිවට ජනතාව හිතන්නෙත් තමන් රජ්ජුරුවන්ගේ  වහල්ලු  කියලා.

ඒ නිසා මේ  වහල් බවට පත් වෙලා නිදා ගෙන ඉන්න සමාජය අවදි  කරන්න නම් ස්පාර්ටකස් කෙනෙක් ම ඕනෙ වෙයි වගේ.

විමල් වීරවංශ ගේ තුම්මුල්ලේ නාඩගම අවසන් වූ විකාර රූපී ලෙසින්ම මර්වින් සිල්වාගේ කැළණි නාඩගමද හමාර විය.

මර්වින් සිල්වා ඇමති කමිනුත් පහ කර ශ්‍රීලනිප සාමාජිකත්වයෙන් ඉවත් කර ඇත. හරිම අපූරුය. සුන්දරය.

මහා රජාණන්ගේ අභීත නායකත්වය ගැන , සියල්ලන්ටම සම ව සලකන ධාර්මික බව ගැන කව් ගී පබැඳිමට දැන් අපට හැකිය.

හරියටම කිවහොත් තම පැටියා රිය සකට යට කර මරා දැමීමට එරෙහිව පැමිණිලි කල එළ දෙනට සාධාරණත්වය ඉටු කර එම රිය සකටම තම පුත් කුමරුන් යට කර මරා දැමු එළාර රජුන් මෙනි. ( අප මහ රජුන් එළාරට සම කිරීම ගැන සියලු සිංහල දේශප්‍රේමියෝ අප කමත්වා)

මෙතරම් සාධාරණ ධර්මිෂ්ට සමාජයක් මෙලක මින් පෙර නොතිබූ බව සැක හැර කීමට මහින්ද අබේසුන්දරට , ජැක්සන් ඇන්තනි ට ,ජේ. ආර්.පී සූරියප්පෙරුම ට , විමල් වීරවංශට හා අතුරලියේ රතන ට දැන් හැකිය.

මර්වින් තුමාණන්ට එරෙහිව , අපරාධ නීතිය යටතේ ක්‍රියා නොකරන්නේ මන්දැයි අසන්නේ බෑන් කී මූන් ගේ ඒජන්තයින්ය. ඒ මේ කරන ලද්දා වූ ශ්‍රේෂ්ට ක්‍රියාවේ රැස් බාල කිරීමටය. උන්ට ශාප විය යුතුය.

අති ගරු උතුමාණන් විසින් කල මේ අතිධර්මිෂ්ට , සාධාරණ ක්‍රියාව නිසා වඩාත්ම ප්‍රීති ප්‍රමෝදයට පත් වන්නේ ස්වර්ණ වාහිනී ප්‍රේක්ෂක ජනතාවය. මක් නිසාද යත් මර්වින් සිල්වා ගරුතර මැතිඳුන්ගේ සාධාරණ විනිශ්චයට බඳුන් වනු වස් එතුමා ඉදිරියේ රංගනයේ යෙදෙන දයාසිරි ජයසේකරට , රන්ජන් රාමනායකට හා පබා කුමරියට දැන් තම ඇඳුම් උනා තබා නිරුවතින්ම නැටුමෙහි යෙදීමට හැකි නිසාය. මොවුනට යම්තම් හෝ විලි ලැජ්ජාවක් ඉතුරුව තිබුණා නම් මේ සිදු වීමත් සමග ඒ සුඟද අහෝසි වී යන බැවිනි. රෝසි සේනානායක මැතිනියටද අවැසි නම් එලෙසම නග්නව, සිල්වා මැතිදුන් පසෙකින් අසුන් ගෙන තම විනිසුරු කාර්යයේ යෙදිය හැක.

මෙතරම් ධාර්මික රජෙක් පහලව සිටින රටක දැන් ඉතින් අපට කුමන ප්‍රශ්නද?

මරා දමන ලද සුසන්ත බණ්ඩාර සිසුවාත්, අතුරුදන් කරන ලද ප්‍රගීත් එක්නැලිගොඩ ත් දැන් අපට ප්‍රශ්න නොවේ.

බඩු මිල අහස උසට ගියත් අපට කම් නැත.

පඩි වැඩි වීම් අපට අවැසි නැත.

ඩෙංගු රෝගය වැළඳී රටේ ජනගහනයෙන් භාගයක් මියැදුනත් අපට කීම. 
 
 අම්පාරේ මෝඩ ගොවීන්   විකුණාගත නොහැකි වන වී ගිනි තබනු නොහැකිනම් මුහුදට දැමුවාවේ.

අපට සාධාරණ රජෙක් පහලව ඇතේ.

ආයු බෝ වේවා මහ රජාණනි.

 සටහන-1 ඇත්තෙන්ම අපට ප්‍රශ්න නැතිවා නෙවේ. අපට ඇති එක ප්‍රශ්නයක් නම් මර්වින් සිල්වා මැතිඳුන්ට සමෘධි ඇමති කම දෙන්නේ කවදාද යන්නයි. හැකි ඉක්මනින් එය වෙනවා නම් අප කැමතිය.

සටහන-2 අප රජාණෝ මෙතරම් යුක්ති ගරුක අයෙකු නම් මෙට පෙර ආචාරියානෝ රූපවාහිනී සංස්ථා වට කඩා වැදුණු වෙලේ හෝ සිරසට පහර දුන් වෙලේ හෝ මේ ක්‍රියා මාර්ගය නොගත්තේ මන්දැයි කියා දේශ ද්‍රෝහීන් අපෙන් අසනු ඇත. අප උන්ගෙන් අසන්නේ මෙයයි .

” මොකද ගහක බැඳිලා ඉන්න ඕනෙද? “

සියලුම ශ්‍රී ලාංකීකයන්ට ගැලපෙන
 
අවශ්‍ය වන
 
කදිම ටී ෂර්ට් එකක්
 
විපක්ෂ ක්‍රියාකාරීන්ට හා
 
  විකල්ප මාධ්‍යවේදීන්ට කදිමයි
 
ඔවුනට පමණක් නොව
 
කවර තරාතිරමක  වුව  ශ්‍රී ලාංකීකයින්ට
 
ගැලපෙන ලෙස
 
නිර්මාණය කර ඇත.
 
රජයේ සේවකයින්ට  විශේෂ  වට්ටම්.
 
ඔබට මෙය නොගැලපේ යයි
 
මිල දී නොගෙන ඉන්න එපා
 
අද නොගැලපුනත් ඔබටත් මෙය ඇඳීමට දිනක්
 
ළඟදීම උදා වෙනු ඇති.
 
අදම මිල දී ගෙන තබා ගන්න
 
සියලු විමසීම්
 
ඇට මැස්සා ගෙන්
 
.
.
.
.
.
 

ලංකාවේ ජන මාධ්‍යට එරෙහිව මහා මර්ධනයක් තියෙනවා යැයි කියන මතය , ආයෙත් සැරයක් සමාජයේ උඩට ඇවිල්ලා, සියතට එල්ල වුනු මැර ප්‍රහාරයත් එක්ක.

ඇත්තටම එහෙම මර්ධනයක් තියෙනවාද ?

ජනමාධ්‍ය මර්ධනයක් තියෙන්න නම් ජනමාධ්‍ය තියෙන්න ඕනේ. ඒත් ලංකාවේ තියෙන්නේ ආණ්ඩුවෙන් ලැබෙන දැන්වීම් ටික වෙනුවෙන් ආණ්ඩුව කියන ඕනෙම දෙයක් කරන , ආණ්ඩුවේ කුණු රෙදි හෝදන ලොන්ඩරි මිසක් ජන මාධ්‍ය නෙවේ.

ඒ වගේම තමා අරක්කු වීදුරුවට ,බත් පාර්සලේට ඕනෑම දහදුරා වැඩක් කරන්න බලාගෙන ඉන්න ලියන අප්පුලා මිසක් ලංකාවේ මාධ්‍යවේදියොත් නැහැ. ( බොහොම අතලොස්සක් ඉන්නවා-අතේ ඇඟිලි ගානට )

එතකොට සියතට ගැහුවේ? සියත කියන්නෙත් ඒ ජාතියේම තවත් කුණු ගොඩක් විතරයි. අනෙක් ජනමාධ්‍ය කරන දේම සියතට ත් බොහොම අපූරුවට කර ගෙන ඉන්න තිබුනා පහු ගිය ජනාධිපතිවරණයේදී බරපතල විදියට ගණන් වරද්දගෙන සරත් ෆොන්සේකා පස්සේ නොගියා නම්.

 ලංකාවේ පිරිහුණු ජනමාධ්‍යවලට තියෙන හොඳම උදාහරණේ තමා ස්වර්ණවාහිනිය . මේ නාලිකාව තනිකරම ජීවත් වෙන්නේ මළමිනී විකුණලා. ලංකාවේ කොයි හතර දිග්බාගේ මරණයක් වුනත් , ඒක විකුණා ගන්න පුළුවන් නම් , තමන්ගේ ප්‍රවෘත්ති මැදිරියට ඒක උස්ස ගෙන ඇවිත් අඬ අඬ විකුණන හැටි බලා ගෙන ඉන්න අප්‍රසන්නයි.

ස්වර්ණවාහිනිය දීන බවේ කොයි තරම් අන්තයකට ගිහිල්ල ඉන්නවද කියලා තේරුම් ගන්න පුළුවන් ප්‍රවෘත්තියක් ඊයේ පෙරේදා ඒ ගොල්ලෝ පෙන්නුවා.

ඒක ජංගම දුරකථන ගාස්තු ගැන මෑතක වුනු වෙනස් වීම් ගැන ප්‍රවෘත්තියක්. ඒ ප්‍රවෘත්තිය ඉදිරිපත් කල හරින්ද්‍ර ජයලාල් උත්සාහ කලේ , විදුලි සංදේශන නියාමන කොමිසම , ජංගම දුරකථන සඳහා අවම ගාස්තුවක් නියම කරපු ඒක සාධාරණයි කියලා පෙන්වන්න.

මුලින්ම ඔහු කියනවා TRC එක මේ වැඩේ කලේ තරඟකාරීත්වය නිසා පාඩු ලබන දුරකථන සමාගම් බේරාගන්න කියලා. ඊ ලඟට ඒ කටින්ම කියනවා මේ විදියට අවම ගාස්තුවක් නියම කරාම එකෙන් වාසි වෙන්නේ පාරිභෝගිකයන්ට කියලා. ඔහු කියනවා ආණ්ඩුව කරපු මේ වැඩේ නිසා දුරකථන සමාගම් වලට හිතු හිතු ගාස්තු අය කරන්න බැහැ කියලා.

මේක ඔප්පු කරන්න ඩයලොග් සමාගමෙන් අල්ල ගත්තු ගොබිලෙකුයි , මහා ජනතාව කියලා හඳුන්වා දුන් මැටි මෝල්ලු කීප දෙනෙකුයි යොදා ගත්තා. මේ අපුරු ජහමනයා රජයට ස්තුති කරනවා අවම මිලක් නියම කරලා තමන්ව සමාගම් වල ගසා කෑමෙන් බේරා ගත්තු එක ගැන. ඒ වගේම ඒ පියවර තමන්ට ලොකු සහනයක්ලු.

දැන් ස්වර්ණ වාහිනියට අනුව භාණ්ඩයකට අවම මිලක් නියම කිරීම ජනතාවට වාසියක්. එතකොට උපරිම මිලක් නියම කරලා මීට වඩා මිලකට විකුනන්න බැහැ කියන කොට එක  ජනතාවට අවාසියි. අම්මප මුන් ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන තියෙන්නේ බන්දුල ගුණවර්දනගේ ටියුෂන් වලින්ම වෙන්න ඕනේ.

රජය ගත්තු මේ තීරණය නිසා ජනතාවගේ සාක්කු සුද්ද වෙන බව කියන්න කොන්දක් නැත්නම් මුකුත් නොකියා නිකම් නොඉඳ මේ විදියට ජනතාව රවට්ටන එක මොන තරම් කාලකන්නි වැඩක්ද?

මේකේ හොඳම හරිය එන්නේ ඊට පහු වෙනිදා ප්‍රවෘත්ති ප්‍රකාශයේ.

එදා මේ උන්නැහේල කියනවා TRC එකේ තීරණය විරුද්ධව දුරකථන සමාගමක් පවරපු නඩුව පරාදයි කියලා.

 ඊ ලඟට මේ නිවේදකයා මෙහෙම කියනවා.

” දැන් මෙරට පාරිභෝගික ජනතාවට , රජය විසින් ලබා දුන් ඒ වාසිය කිසි බාධා කිරීමකින් තොරව භුක්ති විඳිය හැක ”

ඉතින් මම අහන්නේ මේ වගේ මාධ්‍ය මොකටද මර්ධනය කරන්නේ.

මේවා වර්ධනය කරන්න නේ ඕනේ.