Archive for September, 2011

 
 
මිළ මුදල්, යාන වාහන ,
ඉහළ තනතුරු,
රට සවාරි වලට
ලොබ බැඳ
මැති ඇමතින් ලඟ
 දණින් වැටී
උන්ගේ  පා වැඳ
ඉන් නොනැවතී
තම දිවෙන් උන්ගේ
පා දුහුවිලි පිස දමන
මදි නම් තම අඹුවත් උන්ට පුදන
මහ උන් සිටින රටක
මොන තරම් ලොක්කෙකුටවත්
දණ නොනමන
ෂේදු රාගවන්
උඹ නම් හැබෑ වීරයෙක්
 
Advertisements

පාවිච්චි කලාට පසු කොන්ඩම් එකෙන් වැඩක් නැත. ඉවත දැමිය යුතුය. මේ ආණ්ඩුව තමන්ගේ මිතුරන්ට සලකන්නේ කොන්ඩම් තියරියට අනුව යැයි බොහෝ දෙනා කියති.

රාජපක්ෂලාට  බලයට ඒමට උපකාර කළ බොහෝ දෙනෙක්  රාජපක්ෂලා විසින් ඉවත විසි කරනු ලැබ සිටිති. මංගල සමරවීර, විජේදාස රාජපක්ෂ, සරත් සිල්වා, යුදය දිනා දුන් ජෙනරාල් ෆොන්සේකා,ආදිය මේ අතර ප්‍රමුඛ වේ.

එසේම 2005 දී මහින්ද බලයට ගෙන ඒමට අති විශාල කාර්ය භාරයක් කල ජවිපෙටද ආණ්ඩුව සැලකුවේ ඒ අකාරයෙන්ම  බව අපි මේ තාක් වෙන තුරු සිතා සිටියෙමු.

එහෙත් එය එසේ නොවන බවත් , කළ ගුණ  සැලකීම් ආදි උතුම් ගුණාංග මේ තවමත් තිබෙන බව  ආණ්ඩුවේ ප්‍රබල ඇමත්තෙක් වන නිමල් සිරිපාල ඊයේ පෙරේදා කියු කතාවකින් ඔප්පු විය. එපමණ්ක් නොව ඒ බව ක්‍රියාවෙන්ද ඔප්පෙ කරමින් සිටියි.

එතුමා කිව්වේ  ජනතා විමුක්ති පෙරමුනෙන් ඉවත් වන අයට කැලෑ වදින්නට ඉඩ නොදෙන බවයි. ජවිපෙ කට්ටියක් කැලෑ වදින්නට ඉන්නවා යැයි එතුමාට කිව්වේ වීරවංශ දැයි අපි නොදනිමු.

ඒ කෙසේ වෙතත් කැලෑ වදින්නට නම් කැලෑ තිබිය යුතුය. කැලෑ නැත්නම් කැලෑ වදින්නේ කොහාටද?

 ඒ අනුව ජවිපෙ කට්ටිය කැලෑ වැදීම නතර කිරීමට ඇති හොඳම මාර්ගය කැලෑ නැති කිරීමය. දුප්පත් කම නැති කිරීමට දුප්පතුන් නැති කරනවා වැනිය.
 
ජාතියේ ලොකු පුතාගේ අනුග්‍රහයෙන් සිංහරාජය විනාශ කිරීම පටන්ගන්නේ ජවිපෙ කැලෑ වැදීම නතර කිරීමටය.  සෝමාවතියේ අක්කර දහස් ගණන් කැලෑ විනාශ කර කෙසෙල් වවන්නේත් ඒ නිසාය.
 
මේ ආකරයට ලංකාවේ ඇති කැලෑ සියල්ල විදේශ සමාගම් වලට බදු දුන් පසු ජේවීපී කාරයින් කැලෑ වැදී හමාරය. ආන්ඩුව ජවිපෙට කල ගුන සලකන්නේ එසේය.

1964 මැයි දිනය කොලඹ නගරය රතු පාටින් වැසී ගිය දිනයක් විය. සමසමාජ හා  කොමියුනිස්ට් පක්ෂ එකතු වී වමේ හවුලක් පිහි‍ටුවාගෙන තිබූ අතර ලඟ එන මැතිවරණයේදී වාමාංශික ආණ්ඩුවක් පිලිබඳ සිහින ප්‍රගතිශීලි ජනතාවගේ සිත් තුල මැවෙමින් තිබිණි. එතෙක් ලාංකීය  ඉතිහාසයේ දු‍ටු දැවැන්තම රතු මැයි පෙලපාලිය එම පක්ෂ දෙක විසින් මැයි මාසයේ පැවත්වූ අතර ඉන් මාසයකට පසු වාමාංශික හවුල බිඳ දමමින් ඇන් ඇම් ගේ සමසමාජය සිරිමාගේ ශ්‍රිලනිපය සමග සභාගයකට එක් විය. ඉන් මඳ කලකට පසු කොමියුනිස්ට් පක්ෂද එම මගේම ගමන් ගත්තේය.

එම සභාග දේශපාලනයේ ප්‍රථිපලයක් ලෙස 1970 මහ මැතිවරණයේදී ශ්‍රිලනිපය සමග හවුල්ව තරඟ වැදුනු එම වමේ පක්ෂ දෙක තම මැතිවරණ ඉතිහාසයේ ලබා ගත්  වැඩිම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව දිනා ගත්තේය. ඒ සමසමාජයට ආසන 19 ක් හා කොපයට ආසන 6ක් ද වශයෙනි.
ඉන්පසු 1970-77 කාලය තුල ශ්‍රිලනිපය සමග එක්ව ඔවුන් කල සියලු දෑට තම දෑතම ඔසවමින් මෙම ඊනියා වාමාංශිකයෝ හවුල් වූහ. 1971 තරුණ ඝාතනය, හාල් පොලු/මිරිස් පොලු, දූෂණ හා නාස්තිය, ඥාති සංග්‍රහ, ආදි මේ සියල්ල සිදු වූයේ වමේ සහයෙනි.
1977 මහ මැතිවරණයේදී ජනතාව මෙම වමේ නායකයන්ට සභාග දේශපාලනය ගැන අමතක නොවන පාඩමක් උගැන්වූ අතර ඔවුන් සියලු දෙනාම පාර්ලිමේන්තුවෙන් හැඳි ගෑවී ගියහ. ලංකාවේ සම්ප්‍රායදායික වමේ අවසානය එය විය. එයින්  පසු කිසිම දිනෙක ඔවුනට තම පරණ කීර්තිය නොලැබුණු අතර ඔවුනට කළ හැකි එකම දෙය වූයේ සාරි පොටක හෝ සාටකයක එල්ලී පාර්ලිමේන්තු ආසන දෙක තුනක් දිනා ගැනීමත් ,ඉන්පසු නාහෙන් අඬා ඇමති කමක් උප ඇමති කමක් ලබා ගැනීමත් පමණි.
 
මේ පරණ වමේ සභාග දේශපාලනයට හා පාවා දීමට එරෙහිව රෝහණ විජේවීර විසින් 1965 දී ජනතා විමුක්ති පෙරමුණ පිහි‍ටුවන ලදි.1971 අරගලයෙන් පසු බන්ධනාගාර ගතව සිටි නායකයන් 1978 දී නිදහස ලබා ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනයට එක් වූ අතර මැතිවරණ වලටත් තරඟ කරමින් සෙසු වමේ පක්ෂ අබිබවමින් ඉදිරියට පැමිණියේය. එහෙත් 1983 දී අභූත චෝදනා නගමින් පක්ෂය තහනම් කල විට ඔවුන් නැවතත් වනගත විය. පක්ෂ නායකයෛන් සියල්ලම පාහේ ඝාතනය වූ  1989 බිහිසුණු  මර්ධනයෙන් පසු නැවතත් 1994 දී  එලියට බැස දේශපාලනය කරන්නට ගත්තේය.
 
1994දී හම්බන්තොටදී දිනා ගත් එක ආසනයකින් පටන් ගත් ඔවුනගේ ගමන  2000 දී ආසන දහයක් හා 2001 දී 16ක් වශයෙන් ශීඝ්‍ර වර්ධනයක් පෙන්වමින් සිටියේය.
 
1964 දී පරණ වමට හැදුනු අසනීපය ජවිපෙට හැදෙන්නේ 2001 දීය. එම වසරේදී පරිවාස ආණ්ඩුවක් ගසමින් චන්ද්‍රිකාගේ රජය රකින මොවුන් 2004 දී ශ්‍රිලනීපය සමග සභාගයකට එක්ව තම මැතිවරණ ඉතිහාසයේ වැඩිම ආසන ගණන එනම් ආසන 39 ක් දිනා ගනී. හරියටම කිව හොත් 1970 දී සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ තම ඉතිහාසයේ වැඩි ආසන ගණනක් දිනා ගත්තා මෙනි.
 
2010 දී සිදු වූ දෙය අප සියලු දෙනා දනිමු. ජවිපෙට තිබූ ආසන 39 ආසන 4 ට අඩු විය. අපගේ ගණන්  බැලීම් අනුව,  ෆොන්සේකා සාධකය නොවන්නට මෙම ආසන ගණන බොහෝ විට දෙකකට සීමා වන්නට ඉඩ තිබිණි. මෙවරද ඔවුන් තරඟ කලේ ෆොන්සේකා හා තවත් කණ්ඩායම් ගණනක් සමග සභාගයක් වශයෙන්  වූ අතර ,එසේවීත් 2000 හා 2001 දී ඔවුන් තනිවම තරඟ කර ලබා ගත් ආසන ගණන දිනා ගන්නට නොහැකි විය. එසේම අති විශාල මර්ධනයකින්  පසු නන්නාඳුන්නන් වශයෙන් එලියට පැමිණ දිනා ගත් හම්බන්තොට අසුන පවා ජවිපෙට අහිමිව තිබිණි.
 
1970 හා 1977 දී පරණ වම අත් දු‍ටු තත්වයන්  පිලිබඳව විග්‍රහ කර එය වළක්වා ගැනීමට හැකියාව තිබියදී ජවිපෙ 2004 හා 2010 දී තමන්ම එම වැ‍රැද්ද නැවත කළේය. කොටින්ම කිවහොත් පරණ වම රෑ වැ‍ටුණු වළේ ජවිපෙ වැ‍ටුණේ මහ දවල්ය.
ජවිපෙ තුල අද ඇති වී තිබෙන  අර්බුදය මෙම සභාග දේශපාලනයට පක්ෂ හා විපක්ෂ කණ්ඩායම් අතර ගැ‍ටුමක් බවත් ජවිපෙ සභාගවාදි දේශපාලනයෙන් මුදා ගැනීම ඔවුනගේ අරමුණ බවත් කියැවේ. සභාග දේශපාලනයෙන්  වමට අත් විය හැකි ඛේදජනක ඉරණම පිලිබඳ හොඳම උදාහරණ  දෙකක්  (ඉන් එකකට  ජවිපෙම සම්බන්ධ  අතර) ලංකාව තුලින්ම තිබියදී සභාග දේශපාලනයට එරෙහිව පක්ෂය තුල මාරන්තික අරගල කිරීමට සිදුවීම නම් හරිම අපූරුය.
 

 

බේගල්හාමි

Posted: September 22, 2011 in Uncategorized
පසු ගියදා ලෝකයේ හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව ලෙසින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්  පිදුම් ලැබූ පොලොන්නරුවේ ලලිතා පද්මිණි මහත්මිය ලෝක බේගල් කාරයෙකුට අසු වී ඇතැයි වාර්තාවේ. ඒ පිලිබඳ කතාව මෙසේය.
 
තමන්ට ලැබුණු සම්මානය ගැන පුවත් වාර්තා කරුවෙකුට සාකච්ඡාවක්  දෙන අතර තුර ලලිතා පද්මිණි මහත්මිය තමන් ලෝක සම්මානයකින් පිදුම් ලැබුවත් ජීවත් වීමට නිවසක් නොමැතිව පවුලේ සාමාජිකයන් සමග ඉතා දුක සේ ජීවත් වන බව පැවසුවාය.
 
ඇයගේ ඒ කතාව ඇසු කිහිපදෙනෙකුන්ම ඇයට නිවසක් තනා දීමට ඉදිරිපත් විය.
 
අපේ බේගල්හාමි ඉදිරිපත් වන්නේ මේ අවස්ථාවේය. ඒ වෙන කවුරුන්වත් නොව ලෙමන් පෆ් කමින් උපවාස කිරීමේ කලාව ලොවට හඳුන්වා දුන් කුප්‍රකට උපවාස වංශමය. තමනට අදාල වූවත් නොවූවත් , වලං කඩේට වැදුනු මී හරකෙක් මෙන්  ඕනෑම තැනකට කඩා පැන පිස්සු නටා දේශපාලන ලකුණු දමා ගැනීමට දඟලන මොහු මෙතැනටත්  කඩා පැන ලලිතා පද්මිණිට නිවාසක් ලබා දීමට පොරොන්දු වූයේ , එසේ කිරීමට මහරාජා තුමා තමාට උපදෙස් දුන්  බවත් කියමිනි.
 
මේ ගැන පසු ගියදා දෙරණ නාලිකාවට ප්‍රකාශයක් කල ලලිතා පද්මිණි කියා සිටියේ තමන්ට තවමත් නිවසක් නොලැබුණු බවත් , මේ ගැන දිගින් දිගට අදාල ඇමතිවරයාගේ අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කල විට පැමිණි නිලධාරියෙකූ  අවශ්‍ය නම් රුපියල් ලක්ෂ දෙකක ණය මුදලක් ලබා දිය හැකි බව කියු බවත්ය.
 
අදාල දේශපාලකයා  තමන්ට නිවසක් ලබා දෙන බවට ප්‍රසිද්ධියේ මාධ්‍ය මගින් කළ ප්‍රකාශය නිසා නිවසක් තනා ගැනීමට ආධාර කිරීමට ඉදිරිපත් වු  අනිත් අයද ඉන් ඉවත් වූ බවත්  අවසානයේ තමන්ට කිසිවක් නොලැබුණු බව ඇය වැඩි දුරටත් කියා සිටියේය. 
 
මේ ගැන දෙරණ නාලිකාව බේගල් කාර ඇමතිවරයාගෙන් විමසු විට ඔහු කියා සිටියේ ලලිතා පද්මිණි ඉතා විශාල මුදලකට ඇස්තමේන්තු කල සැලස්මක් ගෙන ආ බැවින් ආපසු හරවා යැවූ බවත් ලක්ෂ 15 කට අඩු සැලස්මක් ගෙන ආවොත් ආධාර කරන බවත්ය.
එහෙත් ලලිතා පද්මිණී කියා සිටියේ තමන් කිසි දිනෙක එම ඇමතිවරයා ලඟට කිසි සැලස්මක් ගෙන නොගිය  බවත් , එම අමාත්‍යාංශයෙන් ලැබුණු එකක පොරොන්දුව වූයේ ලක්ෂ දෙකක ණය මුදලක් ලබා දීම පමණක් බවත්ය.
 
 
සටහන– ආණ්ඩුවට හිට ගෙන රෙදි නැතිව කඩේ යන දෙරණ නාලිකාව රජයේම ඇමති වරයෙකුට විරුද්ධව මෙසේ ප්‍රවෘත්තියක් විකාශනය කිරීම තුලින් පෙනී යන්නේ විකටවංශ තුමා රාජ උදහසට ලක් ඇති බවක්ද? එසේම තමන්ගේ බල ප්‍රදේශයේ මෙන්ම අමාත්‍යාංශයද සම්බන්ධ සිදු වීමකට කොහෙවත් යන මී හරකෙක් කඩා පැනීම ගැන පොලොන්නරුවේ දේශපාලන බලවතාද රටේ සෞඛ්‍ය ලොක්කාද වන සිරිසේන උන්නැහේද මල පැන සිටින්නට ඇතුවා නිසැකය.

2009 මැයි මාසයේ එල් ටී ටී ය සමූලඝාතනය කිරීමත් සමග අප රටේ පාලකයින් පත් වූයේ බලවත් අසීරු තත්වයකටය.  වසර තිහක් මුලුල්ලේ කොටි බිල්ලා පෙන්වමින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යට ගැසු ඔවුන් ආර්ථික හා දේශපාලන කරුණු මත ජනතාව ආණ්ඩුවට විරෝධතා පල කරන විට ඔවුන්ගේ අවධානය වෙනතකට හැරවීම සඳහා නොයෙක් ආකාරයේ අලුත් අලුත් බිල්ලන් මවා පෙන්වයි.

බෑන් කී මූන්, නවනීදම් පිල්ලෙයි, ග්‍රීස් යකුන්, ඇමෙරිකාව, යුරෝපය, ඉන්දියාව ,රෝ සංවිධානය, ටී ඇන් ඒ , විරුද්ධ පක්ෂ, සුලු ජාතින් ආදින් විටින් විට ඒ සඳහා ‍තෝරා ගෙන ඒ ‍තෝරා ගත් අයට විරුද්ධව රාජ්‍ය මාධ්‍යද, රාජ්‍යයට කඩේ යන මාධ්‍යද භාවිතා කරමින් පහර දෙයි. ඔවුනට විරුද්ධව වෛරය වපුරයි. ජාතිවාදය වපුරයි.

මේ අංශයේ පෙරමුනේම සිටින්නේ ඕනෑම ජරාවක් ගිල දැමිය හැකි හා ඕනෑම කුණුහරුපයක් ඇද බෑ හැකි කුණු කනුවක් බඳු කටකුටක් හිමි විකාරවංශයි.
 
පසුගියදා ලංකාවට පැමිණි බ්ලේක් නම් වූ ඇමෙරිකානු නිලධාරියාට එරෙහිව මේ පුද්ගලයා කල ප්‍රකාශයක් ඔහු විසින් පවත්වාගෙන යන වර්ගවාදි  වෙබ් අඩවියක පසු ගියදා පලව තිබූ  පහතින් දැක්වෙන්නේ විකාරවංශලා විසින්  වපුරන උමතු  වර්ගවාදී විෂබීජ වලින් මනස රෝගී වූ පුද්ගලයෙකු  එහි ලියූ කොමෙන්‍ටුවක් පහත දැක්වේ. උපවාස වංශලා, නලින්ද සිලවා ලා, අමරසේකරලා ඇතුලු  ජාතිවාදි පිස්සන් මේ රට තල්ලු කරන්නේ කොතැනටද යන්න මෙයින් හොඳටම පැහැදිලි වේ.

 

“මේකට හොදම විසදුම අපි ආයුද සන්නදවෙලා ජනතාව හැටියට අතිරේක සිවිල් හමුදාවක් හැටියට ලෑස්තිපිට ඉන්න මේ face බූක් විප්ලව කාරයෝ පාරට බැස්සොත්මුන්ගේ අඬු කඩන්න බෙලි කපන්න බොකු එලියට අදින්න . යකෝ හමුදා කදවුරුවලට ගහන්න සුළුජාතික බැල්ලිගෙ පුතාල ආයෙත් ලැස්ති උනොත් සුදානම් කරන්න බස්, අපිට යන්න මුන්ගේ පළාත් වලට ගිහිල්ල මුන්ව මට්ටු කරන්න . උන් ජනතාව හැටියට හමුදා කදවුරු වටකරන්න පුලුවන්නම් අපිට ජනතාව හැටියට හමුදා කදවුරු වටකරන එවුන්ගේ කොදු කඩන්න අයිතිය තියෙනවා . බැහැපියව් පරබල්ලෝ facebook වීරයෝ සහන් ෆෙරනාදෝ ල .රොඩියල තොපේ බොකු adala මරන්න . ඒ එක්කම මුන්ගේ මුලස්ඨාන වටකරමු ngo කාර බල්ලන්ගේ තිප්පොළවල් . හෙට පොත් ප්‍රදර්ශනයේ අමතක නොකර ngo කාරයන්ගේ (මුන්ගේ ආයතන වලින් පොත් විකුණනු ලබයි ) මූණු මතක තියාගන්න පසුව ප්‍රයෝජනයට ගන්න . වරෙව් විප්ලව කරන්න අපි සුදානම් තොපි මරන් කන්න”

 

තාප්පයකින් වට කරන ලද නිවසක  කාමරයක් තුලට වී දොර වසාගෙන නිරුවතින් අසභ්‍ය වීඩියෝ පටයක් බලමින් සිටි යුවලක් පොලෝසිය විසින් අත් අඩංගුවට ගත් බව ඊයේ ලංකාදීපය වාර්තා කර තිබිණි.  අපේ පොලෝසිය  දැන් මාර කාර්යක්ෂමතාවකින් වැඩ කරන බවත් දැන් රටේ කෙරෙන ලොකුම හා එකම අපරාධය ගෙවල් ඇතුලේ හෙලුවෙන් සිටීම බවත් මේ අනුව පෙනී යයි.

මින් පසු නිවසේ නාන කාමරය  තුල දිය නෑමේදීත් දිය රෙදි ඇඳ ගෙන නෑමට සියලු දෙනා සිතට ගත්තොත් එය ඇඟට ගුණදායක වනු ඇත.
 
සටහන- ඔබට නිරුවතින් සිටීමට අවශ්‍යම නම් කලුතර කැලිඩෝ වෙරළට යන්න . වෙන තැන් වල එය තහනම්ය.

කවුරුන් විසින් හෝ උසාවි නියෝගයක් ලබාගෙන මුන්නෙශ්වරමේ බිලි පූජාව නැවැත්වූ පසු  සරම කරට ගෙන එම ස්ථානයට ගොස් මහා ලොකු සද්දයක් දැමූ මැරවින් සිල්වා උතුමාණෝ ,එම ක්‍රියාවට පෙරමුණේ රාල , දිවයින කතෘ  ඇතුලු වර්ගවාදින්ගෙන් ලැබුනු හුරේ පාර නිසා හොඳටම චූන් වී දැන් තවත් නාඩගමකට අර අඳිමින් සිටී.

 ඒ අනුව ඔහු ගම්පහ දිස්ත‍්‍රික්කයේ මස් කඩවල ගව මස් විකිණීම ලබන සතියේ සිට තහනම් කර තිබේ.  කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකරන ගවයා මෙරටට සම්පතක් බවත්,  එවැනි සතෙකු මරා මස් කෑම මහා පාප කර්මයක් බවත්,ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් රටටම ආදර්ශයක් ගෙන දීම සඳහා තමා මේ තහනම පැනවූ බවත් ඔහු කියා තිබේ.
 
ශ්‍රි ලංකාව බහු ජාතික බහු ආගමික  රටකි.   එහි නොයෙක් ජාතින් වෙසෙති . ඔවුන්ගේ සිරිත් විරිත්, ගති පැවතුම්, ආගමික මතාන්තර එකිනෙකට වෙනස්ය.
 
එසේ වෙසෙන විවිධ ජාතින්ගේ විවිධ ආහාර පුරුදු ගැන තඹ දොයිතුවකට නොතකමින්  මේ මැටි මෝල් තීන්දුව ගෙන ඇත්තේ සහෝදර ප්‍රේමය උත්සන්න වීම නිසාදෝයි ජනතාව සැක කරති.