Archive for January, 2012

ජේවිපියත් මේ සිරිලකට
තියෙන්නට ඕනෑමයි කියලා
වීරවංශ උතුමාණෝ කියා තිබේ
කිව්වේ  කටෙන්දැයි  කියලා ලියා නැත.

එකට ආපු මිත්තරයොත් දාලා ගිහින්
එලියට ගිහින් තනියෙම මක් කරන්නද
ගිලෙන නැවෙන් පැනගත්තොත් මී රාලේ
ආපහු පරණ ගෙටවත් රිංගා ගන්ට

-රංචාගොඩ ළමයා-

Advertisements

පසුගියදා මාධ්‍යවේදින්(journalists ) යැයි කියා ගත් පිරිසක් විසින් පැවත් වූ කලු ජනවාරිය (January) උද්ඝෝෂණය මවුබිම (motherland) අපකීර්තියට පත් කිරීම සඳහා පැවත් වූ එකක් බව වාර්තා ( report ) වේ. මෙය සංවිධානය (organize) කිරීමට අවශ්‍ය මුදල් (money ) ලැබී ඇත්තේ බටහිර රටවලින් (western countries ) බව දැන ගන්නට ලැබී ඇත.

මෙම ව්‍යාපාරය පි‍ටුපස (behind ) කොටි සංවිධානය (LTTE)   හා ජනතා විමුක්තී පෙරමුණේ කැරලිකරුවන් ද සිටී( sit) . ඔවුන් රජයට (government) එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම(completely ) අසත්‍ය බව රජය (government) කියයි.

මේ අතර ප්‍රකාශයක් (statement) කරන ජනමාධ්‍ය ඇමතිවරයා(minister )   මාධ්‍යවේදීන්(journalists)  වෙනුවෙන් පෙනී සිටින බවට  බොරු බේ ගල්( bay stone) ඇදබාමින් මහ මඟ (road ) බෝඩ් (board) ල්ලාගෙන කෑගසන පුද්ගලයන් (people ) ක්‍රියාකාරීව(active ) මාධ්‍යයේ නියැළෙන්නන් නොවන ( not)  බවත් ඔවුන්ගේ වෑයම රටට එරෙහි කුමන්ත්‍රණ කිරීමේ කොන්ත්‍රාත්තුව(contract )  ඔස්සේ හැකි තරම් ඩොලර් (dollar ) උපයා ගැනීම බවත් පවසයි(said ) .

මේ අය  කිසිවෙකු මාධ්‍යයට  ආදරයක් (media love ) නොමැති බවත් ඔවුන්ගේ ආදරය (theri love )  පවතින්නේ රට පාවා දී ඩොලර්(dollar )  උපයා ගැනීමට පමණක්(only  )බවත් හෙතෙම පැවැසීය.

අද  රට තුළ පවතින්නේ සැබෑ නිදහසක් (freedom ) මෙන්ම සැබෑ මාධ්‍ය නිදහසක් වුවත් එය භුක්ති නොවිඳ( not eating )  රට හැර ගොස් සිටින මාධ්‍ය නඩයට( meedia team ) ඒ ගැන කතා කිරීමට අයිතියක් නැති (no right ) බවද ඇමැතිවරයා (minsiter) කීය.

මේ අතර අතුරුදහන්(vanished )  වී ඇතැයි කියූ ප්‍රගීත් එක්නැලිගොඩ(Eknaligoda )  නැමති දේශද්‍රෝහියා විදේශ රටක (foriegn country ) සැඟවී සිටින බවට හිටපු (ex) නීතිපතිවරයා කල හෙලිදරව්ව් සමග මෙරට (this country) සිටින දේශද්‍රොහී කල්ලි බලවත් (very much)  කලබලයකට පත්ව මෙම උද්ඝෝෂණය සූදානම් කල බවට වාර්තා(report ) ලැබී තිබේ.

ව්‍යාජ (false) මාධ්‍යවේදීන් මෙසේ රට අපකීර්තියට පත් කිරීමට එරෙහිව?(against )  දේශප්‍රේමි මාධ්‍යකරුවන් එක්ව සුදු (white) පෙබරවාරිය නමින් උද්ඝෝෂණයක් කිරීමට සූදානම් (ready) වේ. මහින්ද ගොමසුන්දර, ගාමිණි සුලුදියසේකර, කුනුකනදාස සූරියාරච්චි හා ලැප්ටොප්කුමාර රාමවික්‍රම ආදි දේශප්‍රේමී මාධ්‍යවේදින් මේ සඳහා පෙරමුණ( front )  ගෙන සිටිති.

……………..(අප) කීර්ති පාටකුලසූරිය)…………..

 

“මෙය ශ්‍රි ලංකාවද අඩු වැඩි වශයෙන් අත් විඳිමින් සිටින අප්‍රසන්න  තත්වයක් ලෙස සැලකිය හැකිය. නීතියට ඉහලින් සිටීමේ අයිතිය කිසිවකුට නොතිබිය යුතු නැතිනම් එම ප්‍රතිපත්තිය අන්තර්ජාලයටද අදාළ විය යුතු බව මෙම විවාදයේදී රාවය පල කල මතය විය.එසේම සියලු ප්‍රවෘත්ති වෙබ් අඩවි වල සිදු කැරෙන වාර්තාකරණයන් සඳහා ජනමාධ්‍ය විෂයයෙහි පිළිගත් සදාචාර ප්‍රතිපත්ති අදාළ විය යුතු බවද රාවයේ මත විය……

……..   සමහර වෙබ් අඩවි සැලකිය හැක්කේ ත්‍රස්තවාදි ව්‍යාපාරයකටත් වඩා විනාශකාරි ව්‍යාපාර ලෙසය. ඔවුන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීම සේම ශ්‍රී ලංකාව සඳහාම පල කැරෙන වෙබ් අඩවි නීතියේ පාලනයට යටත් තත්වයක ගැනීම රටේ යහපත් ඉදිරිපත් ගමනක් සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි. “

රාවය යන නම දෙතැනක සටහන් නොවන්නට ඉහතින් දැක්වෙන කොටස උපුටා ගත්තේ ආණ්ඩුවේ දිනමිණ පත්‍රයෙන් හෝ ස්වාධීන රූපවාහිනියට මහින්ද අබේසුන්දර ලියන  විමසුම වැඩ සටහනෙන් යැයි කෙනෙකුට සිතෙනු ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් අන්තර් ජාල කටයුතු වාරණය සඳහා ගෙන ඒමට උත්සාහ කල සෝපා හා පයිපා යන පනත් දෙක ගැන මෙවර රාවයේ කතුවැකිය ලෙස ලියවුනු  ඉහත  කොටසද අඩංගු ලිපිය , රචනා ශෛලියත් අන්තර්ගතයත් අනුව ලියා ඇත්තේ අන් කිසිවකු නොව ලඟදීම පටිසෝතාගාමි 25 වසරක් සමරන රාවයේ අයිතිකාර වික්ටර් අයිවන්ම විය යුතුය. ඒ මෙවන් කාලකන්නි ලිපියක්  ලියන්නට තරම් වෙන එකෙක් රාවයේ නැති බැවිනි.

වෙබ් අඩවි වලට නීතියට ඉහලින් සිටිය නොහැකි බවට කෙස් පලන  මොහුට  ශ්‍රීලංකාවේ පාලකයින් සිටින්නේ නීතියට ඉහලින් බව පෙනෙන්නේ නැත. ඔවුන් නීතිය කෙලසමින් සිටිත්දී ඒ ගැන ඔහු අන්ධය.

රාජ්‍ය මාධ්‍ය හා ආණ්ඩුපක්ෂයට වහල් කම් කරන පෞද්ගලික මාධ්‍ය  මාධ්‍ය භාවිතයේ සියලු සදාචාර සීමාවන් ඉක්මවා යද්දී ඒ ගැන බිහිරෙකු  හා ගොළුවෙකු මෙන් සිටින අයිවන් , වෙබ් අඩවිවල සදාචාරය ගැන කථා කරයි.

ලංකාව තුල සියලු මාධ්‍ය , අයිවන්ගේ රාවයද ඇතුලුව , රාජපක්ෂ රෙජිමයේ නිල හෝ නොනිල ග්‍රහණයට හසුව , ඔවුන්ට ගැතිකම් කරමින් සිටින මේ මොහොතේ ඊට එරෙහි විකල්ප මාධ්‍ය මෙහෙයක් යම් තරමකට හෝ ඉ‍ටු කරන්නේ වෙබ් අඩවි මගිනි.

විශේෂයෙන් ශ්‍රි ලංකාව තුල ශීඝ්‍රයෙන් හිස ඔසවමින් එන අතුරුදහන් කිරීම් ,මාධ්‍ය මර්ධනය ඇතුලු මානව හිමිකම් උල්ලංඝනයන්ට එරෙහිව මෙම වෙබ් අඩවි ගෙනයන ප්‍රචාරය රජයට බලවත් හිස රදයක් වී ඇත.

වික්ටර් අයිවන් තම කතුවැකි හා දේශපාලන ලිපි මගින් මේ උත්සාහ කරමින් සිටින්නේ ඉදිරියේදී ඒමට නියමිත එම වෙබ් අඩවි මර්ධනය වෙනුවෙන්  අවශ්‍ය පසුබිම සකස් කර  දීමයි. ඒ වෙනුවෙන් ඔහුට කීයක් ලැබේ දැයි අපි නොදනිමු. ජුදාස් නම් ජේසු තුමන් පාවා දුන්නේ රිදී තිහකටය.

මීට වසරකට පමණ පෙර සබරගමු ආණ්ඩුකාර විජමු ලොකු බණ්ඩාර , පලාතේ රාජ්‍ය සේවකයින් උදේ අටට  පෙර සේවාස්ථානයට පැමිණ පන්සිල් ගතයුතු යැයිද ,පෝයට පන්සල් නොගියහොත් වැ‍ටු වර්ධක නොදෙන්නේ යැයිද ගුරුවරුන් හා සිසුන් සෑම පෝයකටම පන්සිල් ගත යුතු යැයිද ආදිවශයෙන් වූ නොයෙක් නීති පනවන බවට දෙඩෙව්වේය.

අප සිතුවේ රාජපක්ෂ පවුලේ අනෙකුත් අන්තේවාසිකයන් කරන පරිදි මෙයත් හුදෙක් ලකුණු ටිකක් දමා ගැනීම සඳහා කරන ප්‍රකාශයක් පමණක් බවයි.

එහෙත් අද දින රාවය පුවත් පතේ සඳහන් වන පරිදි එය එසේ නොවේ.

සබරගමු පලාතේ රාජ්‍ය සේවකයින්ට වාර්ෂික වැ‍ටුප් වර්ධක ලබා දීමේදී ඔහු හෝ ඇය පන්සල් ගියාදැයි බැලෙනු ඇත. මෙසේ කියා ඇත්තේ දේශපාලකයෙක් නොව පලාතේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වන  ප්‍රධාන ලේකම් වරයාය.

ඔහු කියන පරිදි යමෙකු පෝයට පන්සල් නොගියහොත්  එසේ කිරීමට නීතියක්  නැතත් , වැ‍ටුප් වර්ධක අහිමි වනු ඇත.එසේම පෝය දිනයේදී කරන රාජකාරි වලට අතිකාල දීමනා නොගෙවන බවද ඔහු කියයි.

මේ අමන දේශපාලකයින්  හා මොට්ට නිලධාරින් කියන පරිදි ක්‍රිස්තියානි, මුස්ලිම් , හා හින්දු භක්තිකයන්ද පෝයට පන්සල් යා යුතුද? නැතිනම් මෙලෙස ආගම ඇදැහීම ගැන නීතියට යටත් වන්නේ බෞද්ධ සේවකයෛන් පමණක්ද?එසේ නම් එය  ඔවුන්ගේ  මූලික අයිතිවාසිකමක් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. 

මෙහිදී මතුවන අනිත් ප්‍රශ්නය නම් කෙනෙකු  බෞද්ධයෙක්  නම් ඔහුගේ ආගමික වතාවත් කිරීමට  අනිවාර්යෙන්ම පන්සල් යා යුතුද යන්නයි. යමෙකු ආගමක් අදහන විදිය තීරණය කිරීමට  තමන්ට හැකි යැයි මේ මොට්ටයින්ට සිතා සිටින්නේ ඔවුන් බුදු හාමුදුරුවන්ටත් වඩා ලොක්කන් නිසා විය යුතුය. අප දන්නා බුදු දහමේ නම් මෙවැනි අමන නීතී නැත. මෙවැනි නීති ඇත්තේ තලේබාන් රාජ්‍යයන් වල පමණි. විජමුලාගෙ අරමුණ ශ්‍රී ලංකාව තුල බෞද්ධ තලේබාන් රාජ්‍යයක් බිහි කිරීමයි.

මේ නීතිය අනුව ඇටමැස්සා සබරගමු පලාතේ රාජ්‍යසේවකයෙක්ව සිටියේනම් ඔහුට කිසිදාක වැ‍ටුප් වැඩි වීම් නොලැබෙනු ඇත. මක් නිසා යත් ඔහු කිසි ආගමක්  නො අදහන්නෙකු බැවිනි. උපතින් බෞද්ධයෙක් වූවත් , දැනුම් තේරුම් ඇති වයසට එන විට , ආගම් වලින් මිනිසුන්ට වන්නේ හොඳකට වඩා නරකක් බව අවබෝධ වීම තුල ඔහු සම්පූර්ණයෙන්ම ආනාගාමිකයෙක් විය.

මිනිසෙකුට කැමති ආගමක් ඇදහීමට මෙන්ම ආගමක් අදහා නොසිටීමේ අයිතියද තිබිය යුතුය. එය මිනිසාගේ මූලික අයිතියකි. එය අහිමි කිරීමට අමන දේශපාපාලුවන්ටවත්  ඔවුන්ගේ පස්සේ යමින් ගොං පස් අල්ලන තකතිරු නිලධාරින්ටවත් ඉඩ දිය යුතු නැත.

මෙවැනි  මෝඩ තීරණ සඳහා ඔවුන් යොමු කරන එක් සාධකයක් වනුයේ ශ්‍රී ලංකාවේ ආගම හා රජය අතර සම්බන්දයයි. එනම් බුද්ධාගම ශ්‍රී ලංකාවේ රාජ්‍යාගම යනුවෙන් නීතිගත වීමයි. මේ තත්වය වෙනස් කල යුතුය. රාජ්‍යාගම් අවශ්‍ය නැත. ආගම හා රජය වෙන් කල යුතුය.

 බුද්ධාගම ඇතුලු සෑම ආගමකටම දී ඇති වරප්‍රසාද ඉවත් කල යුතුය.එක් ආගමකට අනෙකට වඩා වරප්‍රසාද නොතිබිය  යුතුය. ඒ අතරම කැමති කෙනෙකුට කැමති ආගමක් ඇදහීමේ නිදහස මෙන්ම ආගමක් නො අදහා සිටීමේ නිදහස ද ලබා දිය යුතුය. ආගමික උම්මත්තකයින්ගෙන් පිරි තලේබාන් රාජ්‍යයක් බිහි වීම වලක්වා ගත හැක්කේ එලෙසය.
 

 

 

කල්‍යාණ මිත්‍රයෝ බිතු සිතුවම් රූ මෙන් පි‍ටු නොපා සිටිය යුතු බව කිව්වේ පුරාණ කවියෙක්ය.

අපේ ලොකු තැනට යාලුවෝ ඉන්නේ ස්වල්ප දෙනෙක්ය. ලිබියාවේ ගඩා‍ෆි ඒ අතර හිටි හොඳම යාලුවෙක්ය. ඒ උනාට ගඩා‍ෆි  ලඟින් ඉඳගෙන ගඩා‍ෆිගේ අත තමන්ගේ  කරේ  දාගෙන ගුවන් කරණම් බලපු ලංකාවේ කළ්‍යාණ මිත්තරයා ගඩා‍ෆිට කෙලවෙන කොට ඇහක් ඇරලා බැලුවේ නැත.

කාණුවක් අස්සේ හැංගිලා හිටි ගඩා‍ෆිව ඇදගෙන ගිහිල්ලා බල්ලෙක් වගේ මරා දාන කොට මීක් කිව්වේ නැත. ගඩා‍ෆි කියන්නේ කවුදැයි නොදන්නවා වගේ අහක බලාගෙන හිටියේය. යාලුවෝ දෙන්නා කරේ අත දාගෙන උන්න හැටියට අපි හිතුවේ , ගඩා‍ෆිට ගහන කොට මෙහෙ දෙකක් වෙන්න නටලා උඩ පැනලා හමුදාවකුත් අරගෙන ලිබියාවට යයි කියලාය.

ඒත් අන්තිමට ගඩා‍ෆි මලාම කොලේ ඔය වගේ වාත කේස් වලට දාලා බලන්න මුට්ටියට තියං ඉන්න වීරවංශ ගොය්යයි එයාගේ පුරෝහිත දත් දොස්තරයි ලව්වා සුද්දන්ට නොතේරෙන්ට සිංහල බාසාවෙන්ම ශෝක ප්‍රකාශයක් ලොරි මුදලාලිගේ කැලෑ පත්තරේ පල කිරීමය.

ගඩා‍ෆි ගියයින් පස්සේ  අපිට ඉන්න හොඳම යාලුවා තමා ඉරානයේ  අහමඩින්ජාඩ් තුමා. කොච්චර යාලුවෝද කියනවා නම් දැක්ක තැන බදාගෙන ඉඹිනවා. උම්මා දෙනවා. වැඩ කෝටියයි.

ගඩා‍ෆිට වගේම ඒ යාලුවගෙත් හෙනහුරු දසාව දැන් ලබලා. ඇමෙරිකාවයි, යුරෝපා සංගමෙයි ඉරානෙට විරුද්ධව සම්බාධක දාල. ඉරානෙන් තෙල් ගන්න එකත් නවත්තලා.විදේශ වත්කම් තහනම් කරලා. ඉදිරියේදී ගඩා‍ෆිට දුන්නා  වගේ බැටේ දෙන්න යන්නේ.

ඔන්න වෙලාව , යාලුකම පෙන්වන්න. ඇමෙරිකාවයි යුරෝපා සංගමෙයි කරන්න  වැඩේ වැරදියි කියලා ඊට විරුද්දව සටන කරන්න. ඉස්සරහදී සම්බාධක තවත් වැඩි කරලා ඉරානෙත් ගනුදෙනු සම්පූර්ණයෙන්ම තහනම් කොලොත් ඒ සම්බාධක ගනන් නොගෙන ඉරානෙත් එක්ක දිගටම ගනුදෙනු කරන්න. අන්න එහෙමයි හැබෑ යාලුවෝ වැඩ කරන්න ඕනේ. බිතු සිතුවම් රූ වගේ ඉන්න ඕනේ. කරදරේ වැ‍ටුනාම පස්ස හරවන්න හොඳ නෑ. හැබෑ අධිරාජ්‍යවිරෝදියෝ වැඩ කරන්න ඕනේ. අධිරාජ්‍යවාදින්ගේ තීන්දු තීරණ වලට හිස නොනමා සටන් කරන්න ඕනෑ.

ගඩා‍ෆිට වුන දේ වුනා. ගියදේ ගියාවේ. අපි බලමු මේ සැරේවත් යාලු මිත්‍රකම්  හරියට වැඩ කරයිද  කියලා.

 රජයේ මාධ්‍ය  මර්ධනයට එරෙහිව ලබන 25 දා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් පැවත්වීමට  නියමිත කලු ජනවාරිය වැඩ සටහන  බටහිර කුමන්ත්‍රණයක් බව වීරවංශ සහ සමාගමේ වෙබ අඩවිය මෙසේ වාර්තා කරයි.

“කළු ජුලියට සමානව කළු ජනවාරිය නමින් ශ‍්‍රී ලංකාවට අවමන් කිරීම සඳහා මෙම මස 25 වැනිදා සිට දියත් කර ඇති වැඩපිලිවෙලක් ගැන ආරක්‍ෂක අංශ විමර්ශණයක් ආරම්භ කර ඇත.

මෙම  වැඩපිළිවෙලේ පුරෝගාමියා නොර්වේ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධානයක් බව හෙලිව තිබේ. ශ‍්‍රී ලංකාව තුල බිහිසුණු මාධ්‍ය මර්ධනයක් ඇති බව ජාත්‍යන්තර ප‍්‍රජාවට ඒත්තු ගැන්වීම සඳහා මෙකී ක‍්‍රියාදාමය අරඹා ඇතැයි සනාථ  වී තිබේ. මෙම රාජ්‍ය නොවන සංවිධානයට සම්බන්ධ තවත් දෙදෙනෙක් ඇමරිකාවට හා ස්විට්සරලන්තයට පැනගොස් තිබේ.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලබන 27 වැනිදා ඇරඹිසට නියමිත අතර ඊට සහාය වීම සඳහා ‘කළු ජනවාරිය’ නමින් වැඩපිලිවෙලක් අරඹා ඇතැයිද රජයට තොරතුරු ලැබී ඇත”

ඒ ආකාරයේම තවත් කුමන්ත්‍රණයක් පිලිබඳ තොරතුරක්  ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් අප වෙත ලැබුණු අතර ඒ පිලිබඳ විස්තරය  මෙසේය.

” විදේශ ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාව අවමානයට පත් කිරීම සඳහා බඩගිනි යැයි කියමින් අඬමින් සිටි  අවුරුදු දෙකක් වයසැති දරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර මේ පිලිබඳ පුලුල්  විම්රශනයක් පැවත්වේ. ශ්‍රී ලංකාවේ දරුවන් බඩ ගින්නේ සිටින බව කියමින් රට අපකීර්තියට පත් කිරීමේ ව්‍යාපාරයක් ඇතැයිද එය පි‍ටුපස නෝර්වේ හා ඇමෙරිකාව ඇතැයිද මේ වන විට සනාථ වී තිබේ. ඔවුන් සමග ශ්‍රී ලංකාවේ එන්ජී ඕ කීපයක්, හිටපු එල්ටීටීඊ සාමජිකයන් හා ජවිපෙන් කැඩී ගිය කණ්ඩායමක් සිටින බවද මෙම වැඩ පිලිවෙල අරඹා ඇත්තේ ලබන  ඔක් ‍තෝබර් 16 දා පැවත්වෙන ලෝක ආහාර දිනයට සමගාමිව බවද  වාර්තා වේ. කුඩා දරුවන් බඩගිනි යැයි කියමින් හඬන්නේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් වශයෙනි.

එම නිසා  යම්කිසි දරුවෙකු බඩගිනි යැයි කියමින් හඬන්නේ නම් ඔහු කුමන්ත්‍රණ කරුවන්ගේ ග්‍රහනයට හසු වූ කෙනෙක් බැවින් එවැනි ලමයින් වහාම ලඟම ඇති පොලිස් ස්ථානයට බාර දෙන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි. “

ඇමෙරිකන් ඩොලර් මිලියන් 100ක් නොහොත් රුපියල් මිලියන එකොලොස්දහසක් නොහොත් රුපියල් කෝටි 1100 ක වියදමින් ගොඩ නැගෙන නෙළුම් කුළුණ නම් වූ මීටර් 350ක් වන සම්ප්‍රේෂණ කුලුණ ට පසු ගිය දා මුල් ගල තැබිණි.

ඒ සමග ශ්‍රී ලංකාවට මෙතෙක් තිබූ ලොකුම අඩු පාඩුව සම්පූර්ණ වූ බව ඇට මැස්සා හද පිරි ප්‍රීතියෙන් යුතුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාව මෙතෙක් ඌන සංවර්ධිත රාජ්‍යයක් වශයෙන් හැඳින්වූයේ මෙවැනි කුලුනක් නැති නිසා බවත්, කුලුන සමග ශ්‍රී ලංකාවාසි ජනතාවට බොහෝ වාසි ලැබෙන බවත් ඒ සමග හෙලිදරව් වෙයි.

මෙම මහා කුළුණු රාජයා ඉදි කිරීමත් සමග  මෙතෙක් 25% පමණ වන මෙරට මන්දපෝෂිත ළමා ප්‍රතිශතය මාස දෙකක් ඇතුලත බිංදුවට බසිනු ඇත.ශ්‍රීලංකාවේ සියලු පාසැල් රාජකීය ශාන්ත ‍තෝමස් මට්ටමට එක ‍රැයෙන් උසස් වෙනු ඇත. ඒවාට අවශ්‍ය පමණටත් වඩා  ගුරු වරුන්  , උපකරණ හා ලී බඩු, පුස්තකාල ලැබෙනු ඇත. අධ්‍යාපනය නගරබද ගම්බද බේදයකින් තොරව සියලු දෙනාට ලැබෙනු ඇත.

කුළුන විවෘත කර දින තුනක් ඇතුලත ලංකාවේ සරසවි සියල්ල ඔක්ස්පර්ඩ්, හාවර්ඩ් මට්ටමට ලඟා  වෙන අතර උසස් පෙල විභාගයට පෙනී සිටින සියලු දෙනා සරසවි වලට ඇතුල් කර ගනු ඇත. එක ශිෂ්‍යාට එක්කෙනා බැගින් මහාචාර්යවරු  ලැබෙනු ඇත.

නෙලුම් කුලුන ඉදි කිරීමත් සමග වඩාත් විප්ලවවාදි වෙනසකට භාජනය වනු ඇත්තේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයයි. ඒ අනුව මෙතෙක් රජයේ රෝහල් වල තිබූ බෙහෙත් හිඟය සම්පූර්ණයෙන්ම අවසන් වන අතර මින් පසු එක්ස්-රේ, එම්.ආර්.අයි, සී.ටී , රසායනාගාර ආදි දහසකුත් එකක් පරීක්ෂණ සඳහා මුදල් ගෙවා පෞද්ගලික අංශයය යෑමට මෙරට ජනතාවට සිදු නොවනු ඇත. එසේම රජයේ රෝහල් වල ඇඳන් යට රෝගීන් නිදා ගන්නා දර්ශන මින් පසු දැකීමට නොලැබෙන අතර කුලුන විවෘත කර සතියක් ඇතුල්ත සෑම රෝගියෙකුටම ඇඳක් ලැබෙන අතර මාසයක කාලයක් තුල සෑම රෝගියෙකුටම එක කාමරයක් බැගින්  ලබා දෙනවා ඇත.

උතුරුකරයේ කඳවුරු කූඩාරම් තුල , දකුනේ පැල්පත් මුඩුක්කු වල ජීවත් වෙන සැම පවුලකටම කාමර දහයකින් යුත් දෙමහල් නිවසක් කුලුණේ ආනුභාවයෙන් ලැබීමට නියමිත අතර ඊට අමතරව සෑම පවුලකටම මෝටර් රථය බැගින් ලැබෙනු ඇත.

අප මේ පැවසූයේ නෙළුම් කුළුණ නිසා මෙරට ජනතාවට ලැබෙන වාසි වලින් ඉතාම ස්වල්පයකි. එම නිසා මේ උදාර කුලුනු කටයුත්තට  සිතුවිල්ලකින්වත් විරුද්ධ වී ජාතියට ද්‍රෝහි නොවන මෙන් අප ඔබෙන් ඉල්ලා සිටිමු.

.