Archive for June, 2011


මීට ටික කාලෙකට කලින් දෙරණ නාලිකාවේ 360 වැඩ සටහනට , දේශපාලනය ගැන මෙලෝ දෙයක් නොදන්න අහිංසක පබා නොහොත් උපේක්ෂා ස්වර්ණමාලී ව ගෙන්නගෙන බයිට් කරලා තමන් මහා දැනුමති, විදග්ධ , බුද්ධිමත් මාධ්‍යවේදිනියක් බව ලෝකෙට පෙන්නන්න හදපුරන ඩිල්කා සමන් මලී තම්න් මහා මෝඩ කන්දක් බව ආයෙත් සැරයක් පහුගිය 27 දා පෙන්නුවා.

ඒ විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක මහිම් මෙන්ඩිස් එක්ක කොරපු සාකච්ඡාවෙදී .

මේ රටේපාලකයින් කොපමණ අඥාණයින් දැයි කිවහොත් පසු ගිය කාලයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් උදේ හවස ලකුණු කිරීම සඳහා ඇඟිලි සළකුණු යන්ත්‍ර සවි කිරීමට උත්සහ කල බව ආචාර්ය මෙන්ඩිස් මහත්තයා මේ සාකච්ඡාවෙදි කිව්වා.

මේක ඇහුනා විතරයි අපේ මහා ප්‍රඥාසම්පන්න මාධ්‍යවේදි තුමිය පරල වුනා වගේ අහන්න තිබා ගත්තා.

” ඇයිඇයි,ආචාර්ය තුමා ඒ ඒ ඒඒ ඒකේ ඇති වැ‍රැද්ද මොකක්ද ? ඇයි ඇයි ඇයි ඔබලා ඔබලා ඒකට කැමති නැත්තේ ඇයි ඇයි ඇයි ” කියලා

ඒ වෙලාවෙ ආචාර්ය මෙන්ඩිස් බොහොම නිස්කලන්කව පැහැදිලි කරලා දුන්නා විශ්වවිද්‍යාල ආචාර්ය කමක් කියන්නේ පැය අටේ සේවයක් නොවෙයි. මේක පැය 12, 16 18 සමහර වෙලාවට පැය 24 වුනත් සේවය කරන්න වෙනවා කියලා.

හැබැයි වැස්සකටවත් කැම්පස් එකකට ගොඩ වෙලා නැති මේ ඔල මොට්ට්ල ස්ත්‍රියට ඒක තේරුනේ නැහැ. ඈට මුලු සාකච්ඡාව පුරාම තිබුනේ එක සිහියයි.

ඒ තමා සරසවි ආචාර්යවරුන්ගේ සටනට මඩ ගහලා තමන්ගේ හාම්පුතුන්ගේ හිත පිනවන්න. මුලු සාකච්ඡාව පුරාම ප්‍රශ්න අහන්න ඉඩ දුන්නේ මේ සරසවි සටනට අකුල් හෙලන ආණ්ඩුවේ ඒජන්තයින්ට විතරයි. මේ සටනට පක්ෂව එක ප්‍රශ්නයක් අහන්න දුන්නේ නැහැ.

ඉතින් ඈ ආපහු මෙහෙම කියනවා

” ඉතින් ඉතින් ඉතින් ආචාර්ය තුමා, ආචාර්ය තුමා, ඔබලාට පුලුවන්නෙ පැය අටෙන් යනකොට ,හරි පැය දහසයෙන් යනකොට හහරි ඒ යන යන වෙලාව දාල ඇඟිලි සළකුණු තියලා යන්න. පැය විසිහතරම ම වැඩ කලොත් පහුවෙනිදා උදේ යනකොට සලකුනු තියලා යන්න ප්ප්ප්පුපුපුලුවන්නේ.”

ඔන්න ඔය වෙලාවේ තමා මට හිතුනේ මේ ස්ත්‍රියාව නම් විශ්වවිද්‍යාලෙකට තියා ඉස්කෝලේ දෙකේ පංතියටවත් ගොහින් නැතිව ඇති කියලා.

ඇයි යකඩෝ ගොන් බඳින කණුවකට වුනත් තේරෙන්න එපයි උගන්වන්වා කියන්නේ , විශේෂයෙන්ම විස්ස විද්දියාලෙක උගන්වනවා කියන්නේ පැය අටක් හරි දහසයක් හරි ඔ‍ෆිස් එකක ඉඳගෙන ඉඳලා අත්සන් කරලා ගෙදර යන්න පුලුවන් රස්සාවක් නෙවෙයි කියන එක. පුස්තකාලෙට යන්න, පොතපත කියවන්න, සම්මන්ත්‍රණ,සාකච්ඡා, දේශන වලට යන්න. පර්යේෂණ කරන්න යන්න. ඊලඟට විශ්වවිද්‍යාල ලමයින්ගේ සුබසාධක කටයුතු , විශ්වවිද්‍යාලයේ කලා කටයුතු ,විනය කටයුතු, මේ හැම දෙයක්ම කරන්න ඕනෑ .

මේ වාගේ දෙයක්වත් නොතේරෙන ඩිල්කා වගේ තොත්ත බබලා තමා අද මාධ්‍ය ඔස්තාර් ලා වගේ පිනුම් ගහන්නේ .

ලූලා නැති වලේ කණයා නොවේ තිත්තයොත් පණ්ඩිතයො වෙලා.

Advertisements

පසු ගිය සෙනසුරාදා පැවති රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ නිලවරණයෙන් සේනාරත්න/බිමන්ත රාජපක්ෂවාදි කණ්ඩායම පරදා පාදෙනිය කණ්ඩායම ජයග්‍රහණය කොට ඇත. මෙය ඉතා වැදගත් ප්‍රතිපලයකි.

ප්‍රතිපත්ති වශයෙන් ගත් කල පාදෙණිය කණ්ඩායමේ හෝ ඔවුන්ගේ ප්‍රතිවාදින්ගේ කිසිම වෙනසක් නැති තරම්ය. පාදෙනියලාගේ ජය නිසා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අබ මල් රේණුවක යහපතක් නොවනු ඇත. එසේ නම් මෙම ප්‍රථිපලය වැදගත් වන්නේ කෙසේද?

සේනාරත්න කණ්ඩායම මුලු ඡන්ද ව්‍යාපරය පුරාම භාවිතා කලේ පාලක රෙජිමය හා තමන්ගේ ඇති සම්බන්ධයයි. තමන් එම සම්බන්ධය භාවිතා කොට වෛද්‍යවරුන්ට ස්වර්ගයක් මවන්නට ඔවුන් පොරොන්දු විය. එය අසාර්ථක වන විට මැර බලය යෙදුවේ ඔවුන්ගේ ස්වාමීන්ව පූර්ණ වශයෙන් අනුකරණය කරමිනි. තමන්ට විරුද්ධ කිසිවෙකුටවත් ඡන්දය දින කැළණියෙන් මෙහාට ඒමට ඉඩ නොදෙන බවට ඔව්හු තර්ජනය කලහ.ප්‍රතිවාදින් ජනරාල් ෆොන්සේකාගේ අනුගාමිකයින් යැයි ප්‍රචාරය කලහ. අවසානයේ ඒසියල්ල අසාර්ථක බව දැන හොර ඡන්ද මිටි පිටින් දැම්මවීය.

නූගත් දේශපාලකයින්ගේත් උගත් යැයි කියාගත් මෙම වෛද්‍යවරුන්ගේත් කිසිම වෙනසක් තිබුනේ නැත.

නමුත් අවසානයේ මෙම රාජ අනුග්‍රහය , අල්ලස්, තර්ජන හා හොරකම් තිබියදීත් සේනාරත්න කණ්ඩායම අන්ත පරාජයක් ලැබීය.වැදගත් එයයි.

තමන් රාජ්‍ය නායකයාගේ උදේ තේ මේසයේ මිතුරා බවට පාරම් බෑවෙකු පරාජය කිරීමට රජයේ වෛද්‍යවරුන් තීරණය කර තිබීමයි. ඔවුන් ඡන්දය භාවිතා කිරීමෙදී සේනාරත්න කණ්ඩායමේ රාජපක්ෂික භාවය තුට්‍ටුවකට නොසැලකීමයි. එම නිසා මෙය රාජපක්ෂ පාලනය ගණන් නොගෙන , භාවිතා කල ඡන්දයකි.සමහර විට මෙහි චන්දය භාවිතා කල බොහෝ දෙනා එසේ කරන්නට ඇත්තේ තමන්ට ආවේණික වූ හේතු නිසා වන්නට ඉඩ තිබුනත් ඔවුන් බිය නොවී එම හේතුව වෙනුවෙන් හෝ ඡන්දය භාවිතා කිරීම වැදගත්ය.

බහුතරයක් දෙනා රාජපක්ෂ නාමයට වැඳ වැටෙන රටක මෙය ඉතා වැදගත්ය. මෙය අඩුම තරමේ තමන්ට පහර වදින විට වත් මිනිසුන් පාලකයින්ට එරෙහිව නැගී සිටීමට ඉඩ ඇති බව පෙන්වන සලකුණකි. තමන් පාලකයින්ගේ අති ජාත මිත්‍රයින් යැයි ද ඒ නිසා ම අනික් උන් තමන්ට ඡන්දය දිය යුතු යැයිද සිතා සිටි කල්ලියකට එරෙහිව ඡන්දය භාවිතා කිරීමට තරම් කොන්දක් වෛද්‍යවරුන්ට තිබීම ගැන අපි සතු‍ටු වෙමු.

පාදෙණියලා පවා අවසන් විග්‍රහයේදී ,සමහර විට ඊට බොහෝ මෙහා විග්‍රහ වලදී පවා නවතින්නේ පාලකයින්ගේ තුරුල්ලේ වුවත් මේ නිශ්චිත මොහොතේ ඔවුන්ගේ ජයග්‍රහණය වැදගත්ය. ඒ භීතියට හා මෝහනයට පත්ව සිටින මිනිසුන්ට එය යම් තරමක හෝ අස්වැසිල්ලක් වීමට ඉඩ ඇති නිසාය.

එතරම් අවධානයකට ලක් නොවුනත් මෙම සිදු වීමද වර්තමාන දේශපාලන ලෝකයේ සෑහෙන වැදගත් සිදුවීමක් වන්නේ එබැවිනි.


කොල්ලෝ පොල්ල ගෙනෙන් බල්ලෝ මරන්න
ලිප්ටන් එකෙ බල්ලෝ මරන්න
ඔය බල්ලෝ හරි වසයි
කෑවොත් අපි කූජිතයි
කොල්ලෝ පොල්ල ගෙනෙන් බල්ලෝ මරන්න

තුන්දෙනාට බෝතලයක්
බයිට් වලට පන්සීයක්
යමන් කොල්ලෝ බල්ලෝ මරන්න
ලිප්ටන් එකේ බල්ලෝ මරන්න
කොල්ලෝ පොල්ල ගෙනෙන් බල්ලෝ මරන්න

උදේ පාන්දර කසිප්පු දෙන්නම්
වැඩේට යනකොට පොල්ලක් දෙන්නම්
හැන්දෑවට කුඩු පැකට් බෙදන්නම්
පොලෝසියෙන් ආරක්ෂාවත් දෙන්නම්
බල්ලෝ පොල්ල ගෙනෙන් කොල්ලෝ මරන්න

( පසුගියදා ක‍ටුනායක පොලිස් ප්‍රහාරයට විරුද්ධව ජවිපෙ ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂනයක් පවත්වන අතරතුර ඒ අසල රොක් වෙමින් සිටි පොලු ‍රැගත් මැර හමුදාව අත් අඩංගුවට නොගත්තේ මන්දැයි ඇසු විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ ඔවුන් පොලු ‍රැගෙන එන්නට ඇත්තේ බල්ලන්ගෙන් ප්‍රවේශම් වීමට විය හැකි බවයි)

මා ඇතුළත් වූ කඳවුර සදහා පැමිණි සිසුන්ගේ දෙමව්පියෝ සර් සර් කියමින් හමුදා නිලධාරීන් ඉදිරියේ වැඳ වැටුණහ. උදෑසන ලියාපදිංචි වීම සඳහා පෝලිම් සෑදී සිටියෙදී ක්ලාන්ත වුණු ගැහැණු ළමයෙකු හමුදා කඳවුරු ඇතුළට ගෙන ගියේ දෙමාපියන්ගේ බලවත් විරෝධය මැදය. ඒ අසරණ දෙමාපියෝ හඬ හඬා සවස 5 වන තුරුත් තම දියණිය පිළිබඳ යම් තොරතුරක් දැන ගැනීමේ අපේක්ෂාවෙන් ගේට්ටුව අසල රැදී සිටියහ.

මේ නායකත්ව පුහුණුව තුළ සැඟවී ඇත්තේ හමුදා පුහුණුවක් බව ඉවෙන් මෙන් දැනගත් මගේ දෙමවුපියෝ පුහුණුව දන්වා එවූ ලිපියේ ඇති දුරකතන අංක වලට අමතා ශාරීරක පුහුණුව ගැන විමසා සිටියහ. එහිදී ඔහු පැවසුවේ තමන් අකමැති නම් ශාරීරික ව්‍යායාම නොකර පංති කාමර වැඩසටහන් වලට පමණක් සහභාගී විය හැකි බවයි. ආතරයිටීස් රෝගයෙන් පෙළෙන මා කඳවුරට ගියේ වෛද්‍ය සහතිකයක්ද රැගෙනය. නමුත් මා භාරව සිටි හමුදා නිලධාරිණිය හමුදා අණින් පැවසුවේ “ශාරීරක අභ්‍යාස කම්පල්සරි නැති වුණාට මෙහෙට ආවට පස්සේ අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. අඩුම තරමේ ශාරීරක අභ්‍යාස වෙළාවට අව්වේ හිට ගෙන ඉන්න ඕනේ…” යනුවෙනි. මගේ ප්‍රශ්ණය, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වරුන් කියා ගන්නා මහත්වරුන් පිටත සිට මෙසේ බණ කියන්නේ කඳවුරු ඇතුළත දී තරුණ තරුණියන්ට සිදු වන දේ සැබවින්ම නොදැනද? නැතිනම් රාජපක්ෂ ආණුඩුවේ පිට කැසීමටද? යන්නයි.

මේ පුහුණුව ලැබීමට තමන් මානසිකව සූදානම් බව සදහන් වන ප්‍රකාශයක් අත්සන් කිරීමට මෙහි යන සෑම සිසුවෙකුටම සිදුවේ. එවිට පුහුණුව අතර මගදී යම් අනතුරක් සිදු වුවද කිසිම අයෙකුට නීති මාර්ගයට පිවිසිමට නොහැකිය. මන්ද මේ හමුදා පුහුණුව අපි සිය කැමැත්තෙන් කරන බවට අත්සන් කර ඇති නිසාය.” මේ පුහුණුවට කැමති අයට විතරක් එන්න කියලා ලියුමේ ගැහුවනම් මේ ප්‍රශ්ණ මුකුත් නෑනේ.” යනුවෙන් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා පවසනු මට අද ඇසුණි.

උදෑසන 10 සිට පෝලිමේ සිටි අපව ලියාපදිංචි කර අවසන් වූයේ සවස 2ටය. ඒ වන තුරු වතුර පොදක්වත් නොමැතිව දෙමව්පියන්ද සමග අව්වේ සිට ගෙන සිටීමට අපට සිදු විය. දිවා ආහාරය දුන්නේ සවස 3යට. දිවා ආහාරය ලැබුණු බව අම්මාට දැනුම් දීමට දුරකතනය අතට ගත් මා හට හමුදා නිලධාරියෙකු කඩා පැන්නේ “ඕවා මෙහේ බෑ. ඔය ටෙලිෆෝන් ඕෆ් කර ගන්න” යනුවෙන් කෑ ගසමිනි. අද මා දවසම සිටියේ වෛද්‍ය මධ්‍යස්ථානයේය. ඊයේ දිනයම අවුවේ සිට ගෙන සිටි නිසා සිසුන් බොහෝ දෙනෙකු අද හිස කැක්කුමට ප්‍රතිකාර ලබා ගත්හ.

ඊයේ දිනයේදී මට අසන්නට ලැබුණු හොදම පුවත මෙයයි. එක් ගැහැණු ළමයෙකු ක්ලාන්ත වී වමනය කරන්නට වූ නිසා වෛද්‍ය මධ්‍යස්ථානය භාර වෛද්‍යවරයා ඇයව දෙමාපියන්ට භාර දිය යුතු බව අදාල නිලධාරීන්ට දන්වා සිටියේය. මෙය අනිවාර්ය පුහුණුවක් බව දන්වා තිබුණු බැවින් එම ශිෂ්‍යාව තමන්ට විශ්ව විද්‍යාලයට ඇතුළ් වන්නට නොහැකි වේ යැයි බියෙන් ඒ ගැන වෛද්‍ය වර‍යාගෙන් විමසා සිටියේය. එවිට ඔහු පැවසුවේ “ආ මේ ට්‍රේනින් එක කම්පල්සරි නෑ. ඒක ප්‍රශ්නයක වෙන්නේ නෑ. යුනිවර්සිටි එන්ට්‍රන්ස් එකට මේ ට්‍රේනින් එකේ සම්බන්ධයක් නෑ. ඒ නිසා බය නැතුව ගෙදර යන්න” යනුවෙනි. එය ඇසීමෙන් මගේ සිතට දැණුනේ අප්‍රමාණ සතුටකි. මන්ද මේ පණිවුඩය මගේ රටට කීමෙන් අසරණ දෙමවුපියන්ගේ සහ විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ සිහිනයේ දොරකඩ සිටින් සහෝදර සහෝදරියන්ගේ බිය නැති කිරීමට හැකි වන නිසාය.

හමුදා නිලධාරීන් අපට කතා කළේ “ළමයි” යනුවෙනි. ඇතැම්විට එම නිලධාරීන්ට අපේ වයසේම පසුවන්නන් විය හැකිය. අපව “ළමයි” කිරීමටත් ඔවුන් “සර්” කිරීමටත් හේතු වූයේ අප උසස් පෙළ සමත් වීම සහ ඔවුන් උසස් පෙළ අසමත් වීමදැයි මට සිතුණි. ඇතැම් විට එය ඔවුන්ගේ නිල ඇඳුම ද වන්නට පුළුවන. මට නැගැණු ලොකුම ගැටළුව වූ සුළු හෝ ගෞරවයකට පාත්‍ර වීමට මේ රටේ පුරවැසියන් ලෙස අපට අයිතියක් ඇති බව කිසිදු දෙමව්පියෙකුට හෝ සිසුවෙකුට මතක් නොවීමයි. මගේ නමින් ඇමතුම් ලැබීමට ඇති අවම අයිතියද නායකත්ව වද කඳවුරේදී අපට අහිමි වී ඇත.

මේ පුහුණුවට පැමිණීමට පෙර තොරතුරු විමසූ අවස්ථාවේ උසස් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් පැවසුවේ මෙය හමුදා පුහුණුවක් නොවන බවත් මෙතරම් පුද්ගලයන් ප්‍රමාණයකට නැවතීමේ පහසුකම් ලබා දිය හැකි එකම ස්ථානය වන්නේ හමුදා කඳවුරු වන නිසා මේ පුහුණුව හමුදා කඳවුරු වලද පැවැත්වීමට සිදු වී ඇති බවයි. නමුත් හමුදාව යටතේ හමුදා නිලධාරීන්ට අවශ්‍ය අන්දමට හැසිරිය යුතු ඇදිය පැළදිය යුතු, කෑම කා යුතු, නිදා ගත යුතු, ඔවුන්ට සර් කිය කියා පෝලිමේ යා යුතු තත්ත්වයක් හැදින්වීමට හමුදා පුහුණුව යන වචනයට වඩා වෙනත් වචනයක් මට සොයා ගත නොහැකිය.

එක් දෙමාපියෙකු ඇසූ ප්‍රශ්නයකට හමුදා නිලධාරියෙකු කෑ ගසමින් පිළිතුරු දුන්නේ “මෙතන වැඩ වෙන්නේ අපිට ඕනේ විදියට. ළමයි ටික නවත්තලා අනිත් අය දැන් යන්න…” යනුවෙනි. වන්නියේ දෙමළුන් සොය සොයා මරා දැමූ අපේ වීරෝධාර හමුදාව, තමන්ට විරුද්ධ වන සිංහළුන්ව ද මරා දමන කාලය එතරම් ඈත නොවන බව මට හැගුණි. මේ වද කඳවුර තුළ යහළුවන් පමණක් නොව එකම පාසලේ අයවද එක කාමරයට දමන්නේ නැත. ඒ සිසුන් කතා බහ කොට මේ වැඩසටහන් වලට විරුද්ද වේ යැයි බියෙනි. පූර්ණ වශයෙන් සිසුන්ව මානසිකව මෙන්ම ශාරීරිකවද හුදකලා කොට ඔවුන්ගේ ආත්මය හමුදා සපත්තුවට යටපත් කිරීම මෙම වද කදවුරු වල අරමුණ බව මට දැන් හොදින්ම පැහැදිළිය.

උදෑසන දුම්රිය මග හැරුණු ශිෂ්‍යාවක් ඇගේ දෙමව්පියන්ද සමග හවස 4 සිට 6 වන තුරු කඳවුරු එළියේ සිටුවා තබන ලදී. ඒ දඬුවමක් ලෙසය. දරුවන් විශ්ව විද්‍යාලයට සමත් වූ පලියට දෙමවුපියන්ද දඩුවම් විදිය යුතුද? හමුදාවට යන දුප්පත් තරුණ තරුණයන් මෙන්ම මේ ශිෂ්‍යාවන්ට ද මුදල් අගහිඟ කම් බොහෝමයක් තිබෙන්නට ඇත. ඇයට වාහනයක් කුලියට එන්නට මුදල් නැතිව ඇති. ඒ සරල යථාර්ථයවත් මේ විරෝධාර හමුදා සොල්දාදුවන්ට තේරුම් ගන්නට මොළයක් නැද්ද?

මේ කඳවුරේ පහසුකම් තියෙන්නේ 500කට විතරයි. ඉතින් අපිට ප්‍රමාණවත් ලෙස වතුර වත් නෑ. අද වතුර බිවුවේ ෂවර් එකෙන් කෝප්පෙට පුරවගෙන. ඒකටත් හැම වෙලේම පෝලිම. 10ට ලයිට් නිවනවා. රෑ 10න් පස්සේ වැසිකිළියටවත් යන්න බෑ. මුත්‍රා කරන්න අවශ්‍ය වුණොත් උදේ වෙනකම් ඉන්න ඕනේ. අපේ ෆෝන් උදේට එකතු කරනවා. රෑ 10යට තමා ආයෙත් දෙන්නේ. ඉතින් ඒ වෙලාවට ගෙදරටවත් කෝල් එකක් දෙන්න බෑ.

අපිට එවපු ලියුමේ තිබුනේ සාරි දෙකක් ගේන්න කියලා. එත් දැන අපිට හැමදාම සාරි අදින්න සිද්ද වෙලා තියෙනවා. උද්ට එකයි. හවසට එකයි. ඇදුමක් හෝද ගන්න කිසිම පහසුකමක් නෑ. ඉතින් සාරි දෙක කොහොමද හැමදාම අඳින්නේ? අපිට කැමති ඇඳුමක් අදින්නවත් නිදහසක් මෙහේ නෑ. ඒක හින්ද තමයි මේකට වද කඳවුරක් කියන්නේ. අපි හුස්ම ගන්නත් ඕනේ මෙහෙ ඉන්න හමුදා නිලධාරීන්ට ඕනේ විදියට.

මේ මුල් දින දෙන පමණයි. මේ වද කඳවුරේ ජීවත් වී සිටින්නට වරම් ලැබුණොත් මට තවත් කුරිරු දේ අත් දකින්නට හැකි වේවි.

මෙයට,
වද කඳවුරේ සිටන ශිෂ්‍ය පිරිස වෙනුවෙන්,අපි.

සටහන- මෙම සටහන මා උපුටා ගත්තේ බූන්දි වෙබ් අඩවියෙනි. මගේ දුප්පත් බ්ලොගයට වඩා බූන්දියට පාඨකයින් වැඩි බව දැනගෙනත් මා එය නැවත මෙහි පල කරන්නේ බූන්දිය නොකියවන එක් අයෙකු හෝ මගේ බ්ලොගයට පැමිනියහොත් ඔහුට/ඇයට කියවනු පිණිසය. ආණ්ඩුවේ පච ප්‍රචාරයන්ට ‍රැවටී සරසවි සිසුන්ට දෙන හමුදා පුහුණුව සධාරණීකරණය කරන්න වුන්ට මෙය අපූරු පිලිතුරකි.
http://boondionline.blogspot.com/2011/06/adahas-boondiya_381.html


රාජපක්ෂ රෙජිමය තමන්ට තර්ජනයක් විය හැකි සෑම සංවිධානයකටම පහර දී දෙකඩ කර දුර්වල කලේය. ඒවායේ සිටි ධනයට ගිජු දුර්වල කොටස් තමන් වෙත බා ගත්තේය.

එජාපය තුල අර්බුදය තවමත් ඉවර නැත. එහි සිටි ප්‍රධාන පෙලේ නායකයින් රොත්තක්ම අද සිටින්නේ ආණ්ඩුව තුලය. ඉතිරිව සිටින උන්ද එකිනෙකා මරා ගනිති.

ජවිපේ දෙකඩ කොට වීරවංශ ඇතුලු පිරිසක් තමන් වෙත බා ගත් අතර අද ජවිපෙට පහර දීම සඳහා උන් භාවිතා කරයි.

මුස්ලිම් කොන්ග්‍රසය, ද්‍රවිඩ සංධානය ආදි කිසිවකට මේ ඉරණමින් බේරීමට නොහැකි විය.

එවැනි දේශපාලන පක්ෂ පමණක් නොව තමන්ට කරදරයක් විය හැකිය යයි ඔවුන් සිතන ඕනෑම සංවිධානයකට මේ ඉරණම අත් කර දීමට, ඔවුන් කොතරම් සුලු සංවිධානයක් වුවත්, මේ පාලකයින් පසු බට වන්නේ නැත.

අද මේ ඉරණමට අලුතින්ම ගොදුරුව සිටින්නේ මෙ රටේ තිබෙන ප්‍රබලම වෘත්තිය සමීතියක් වන රජයේ වෛද්‍ය නිලධාරි සංගමයයි.

ඉදිරියේ ඇති වීමට නියමිත වෘත්තීය අරගල තුල තමන්ට අභියෝගයක් එල්ල කල හැකි මේ ප්‍රබල සමීතිය කෑලි වලට කඩා දමා දුර්වල කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ නිලවරණය මේ ජුනි මස 25 දිනට යෙදී ඇති අතර ඒ සඳහා තමන්ට පක්ෂපාත කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට හැකියාව ලැබී ඇත. ඒ සේනාරත්න/ බිමන්ත කණ්ඩායමයි. රාජ්‍ය නායකයාගේ අතිජාත මිත්‍රයන් වන මෙම කණ්ඩායමේ නායකයින්ට පැවරී ඇති කාර්යය වනුයේ ර.වෛ.නි.ස රජයට බලපෑම් එල්ල කල නොහැකි දුර්වල කණ්ඩායමක් බවට පත් කිරීමයි.

දැනටමත් වෛද්‍ය වෘත්තිකයන් කණ්ඩායම් දෙක එකිනෙකාට විරුද්ධව මාරන්තික ලෙස සටන් වදින කණ්ඩායම් දෙකකට බිඳ දැමීමට රජයට හැකියාව ලැබී ඇත.

ආණ්ඩු හිතවාදි කණ්ඩායම ර.වෛ.නි.සං හි බලයට පැමිණියහොත් නියත ලෙසම එය ශ්‍රිලංකා නිදහස් සේවක සංගමයේ ශාඛාවක් බවට පත් වීම කිසිවෙකුටත් වැලක්විය නොහැකි වනු ඇත.

මෙම නිලවරණයෙන් පාදෙනිය කණ්ඩායම දිනුවත් , ඔවුන් ඉදිරි කාලයේ වෘත්තිය සටන් වල යෙදෙන විට ඒවාට විරුද්ධව හොරිකඩ කම් කිරීමට සේනාරත්න කණ්ඩායම ආණ්ඩුව සමග සිටියි.

ඒ අනුව මෙම නිලවරණයෙන් කවුරුන් දිනුවත් ආණ්ඩුව දිනුම්ය.

කවුරු දිනුවත් ර.වෛ.නි.සංගමය පරාදය.

මේ අනුව පෙනී යන්නේ ප්‍රබල වෘත්තීය සමීතියක් ලෙස ලෙස ර.වෛ.නි. සං ට හිමිව තිබූ තැන මේ මස 25 වෙනි දායින් පසු ඔවුන් විසින්ම අවසන් කර ගනු ඇති බවයි.

සටහන- මීට ප්‍රථමයෙන්ද මෙම සංගමයේ නිලවරණ සඳහා කණ්ඩාවම් කිහිපයක් ඉදිරිපත් වූවත් මෙවර මෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් ඉදිරිපත් වුවන් නොසිටියේය.


ආදරණීය බන් කි මූන් බාප්පා වෙතය.

ජයවේවා!

ඔබේ සුව දුක් කෙසේද? අපි නම් සුවෙමු.

බාප්පා දෙවැනි සැරේටත් සංගමේ මහ ලේකම් කොමට පත් කොර ගත්තා කියා අරංචි වී මම ඉතාමත් සං‍තෝස වුනෙමු. ඔය වැඩේට ගැලපෙන්නේ බන්කි බාප්පා විතරයි කියා අපි මුල හිටම දැන සිටියෙමි. බාප්පාට ඔය තන්තුන තනතුර අරං දෙන්ට අපි වුන මහන්සිය දන්නේ අපි විතරමය.

අපි බාප්පාට විරුද්දව වැඩ කලා කියලා එක එකා නොහොබිනා කතා තුන තුන තැන තැන කියන්නට පුලුවන. බන්කි බාප්පා ඔය එක එකාගේ කතා මායිම් නොකරනු ඇතැයි අපි හිතමි. ඇත්තටම අපි කලේ බාප්පාට තනතුර අරං දෙන්ට ඕනේ එනේ වැඩය.අපි බාප්පාට විරුද්දයි වාගේ පෙන්නුවට අපේ ජීඇල් මහප්පා එවා අපේ චන්දෙත් බාප්පාට දුන්නෙමු

මම එදා වෙසක් මාසේ බාප්පිලාගේ සංගම් කාරියාලෙට ගියෙත් බාප්පා එක්කලා කතා බහ කරලා මං ගැන බාප්පාගේ හිතේ මොකුත් කහටක් තියෙනවා නම් ඒකත් අයින් කරලා මගේ වැඩ වලින් බාප්පාට හිතේ අමාරුවක් හැදුනා නම් සමාවත් ඉල්ල ගෙන එන්ටය.

“පල ,පල ගොහින් බන්කි බාප්පාගෙන් සමාව ඉල්ලගෙන වර ” කියලා මාව යැව්වේ අපේ සභාපති බාප්පාය. මගේ වැඩ නිසා මහ සංගමේ ලේකම් බාප්පා තරහ වුනොත් එහෙම අපේ සබාපති බාප්පා වගේ ශාඛා සංගම් වල ඉන්න ගොබිලන්ට යන එන මං නැති වෙනවා කියා සබාපති බාප්පා කිව්වේය.

අපේ සබාපති බාප්පා එහෙම කියන්නේ මං අර දවසක් බන්කි බාප්පා එලවන්ට ඕනෙය කියා නොකා නොබී වගේ හිටි එක ගැනය. මම එහෙම හිටියේ මගේ ඕනෑ කමට නොවෙමි. මුලින්ම මට නොකා ඉඳපන් කිව්වේ අපේ මායියාය. මගේ බඩ ලොකු බවත් මාත් එක්ක පාරෙ යන්ට ලජ්ජා බවත් කියා උන්දෑ මට වේලක් ඇර වෙලක් කන්ට දෙන්ට ගත්තෙමි. ඒක ආරංචි වුනු අපේ සබාපති බාප්පා මෙහෙ වර කොලුවෝ උඹේ ඔය නොකා ඉඳිල්ලෙන් වැඩක් ගන්ට ඔනේ කියා අපේ ගමේ තියෙන බන්කි බාප්පාගේ කන්‍තෝරුව ඉස්සරහට ගොහින් නොකා නොබී ඉන්ට කිව්වෙමි.

එහෙම කෙරෙව්වේ බන්කි බාප්පා මට කොච්චර ආදරේද කියලා බලන්ටය. මං මැරෙන්ට වැටිලා ඉන්න කොට බාප්පා ඇවිත් වතුර ඩිංගක් පොවයි කියලා මම හීනෙනුත් දැක්කෙමු. ඒත් අන්තිමට ආවේ අපේ සබාපති බාප්පා විතරය. එදා නම් මගේ හිතට හරි දුකක් දැනුනෙමු.

බාප්පා තාමත් මා එක්ක තරහ නම් මම බාප්පාට රහසක් කියන්නම්.

බාප්පා හිතන්නේ මම බාප්පාට විරුද්දව උපවාසයක් කොරා කියලාද?

ඇත්තටම කියනවා නම් බාප්පේ , බාප්පා එලවන්ට කියා මා නොකා නොබී හිටියේ නැත. මම හොඳට කිලෝ දෙකහමාරේ ලෙමන් පෆ් පෙට්ටියක්ම එක රෑට ඇද බෑවෙමු. ඒක නිසා මම ඇත්තටම ගත්තොත් උපවාසයක් කර නැතුවාය.

උපවාසයක් කර නැත්නම් ඒක කාට විරුද්දවද කියලා පුරස්නෙකුත් නැති බව බාප්පාට තේරෙනවා ඇතිය.

එතැනින් පස්සේ වෙච්ච හරිය මටත් වඩා හොඳින් බන්කි බාප්පා දන්නෙමු දන්නෙමි. ඒක නිසා මා එක්ක තරහ ගන්ට කාරියක් නැතිය.

බාප්පා අවසර දෙතොත් අපේ සබාපති බාප්පාත් එක්ක ලඟදීම ඔය පැත්තේ එන්ට අදහස් කරමු.අපිත් එක්ක සබාපති බාප්පාගේ අප්පා කුඩප්පාගේ එවුන් හත් අට සීයකුත් ඇන්න එන්ට හිතාන ඉන්නෙමු. උන්ටත් බන්කි බාප්පා බලන්ට ආශයි කියනවාය.

බාප්පාට නාථ දෙවි පිහිටය.

මීට කීකරු
විමලේ කොලුවා

සටහන- ඔය පැත්තේ එන්ට අවසර දුන්නොත් බන්කි බාප්පාට මැරෙන කම් ලේකම් කොමේ ඉන්ට පුලුවන් මන්ත්‍රයක් කියලා දෙනවා කියා සබාපති බාප්පා කීවේය. සබාපති බාප්පා මේ දවස් වල හරි දුකෙන් ඉන්නේ ගඩා‍ෆි මහප්පාට ඒ මන්තරේ කියලා දෙන්ට යන්ට බැරි එක ගැනය.


ආසනික් ගැන පරීක්ෂණ කරන සමහර සමහර සරසවි පර්යේෂකයින්මෙන්ම සහල්වල ආසනික් අඩංගු නොමැති බව කියා සිටින කෘෂිකර්ම ඇමතිවරයා ද බහුජාතික සමාගම්වල මුදලට යටවී ඇතැයිද හදිසියේම නින්දෙන් අවදි වූ ජනිපෙ ලොක්කෙක් වෙන විජේනායක උන්නැහේ පහු ගිය දා මාධ්‍ය සාකච්චාවක් තියල චෝදනා කරා.

මේකත් හරියට අර රාජිත ඇමතිවරයාගේ වේදිකාවල සරම් උස්සා කෑ ගැහීම ගැන කියපු කතාව වගේ.

මේ කතාව කියන විජේනායකලත් ආණ්ඩුවේ කොටස් කාරයෝ. විජේනායකගේ ලොක්කා වීරවංශ , කෘෂිකර්ම ඇමති එක්ක එක කැබිනට් එකේ එකට ඉන්නේ. එහෙනම් කෘෂිකර්ම ඇමති ගැන තමන්ට විශ්වාසයක් නෑ කියලා විජේනායක වගේ පාරාජිකා වුනු සොක්කෝ එවලා මාධ්‍ය සාකච්චා තිය තිය කාලේ නාස්ති කරන්නේ ඕනේ නැහැ. මේ දවස් වල හැංගිලා ඉන්න වීරවංශ ලොක්කාට ම පුළුවන්නේ කෙලින්ම කැබිනට් මීටින් එකකදී මේ ගැන කෘෂිකර්ම ඇමතිගෙන් අහන්න . තමුසේ ගැන අපිට විශ්වාසයක් නැහැ , තමුසේ කොම්පැනි කාරයින්ට යට වෙලා ඉන්නේ කියලා මූණටම කියන්න පුළුවන්නේ.

අනික, මේ ආසනික් කාරයොන්ට පහු ගිය දා දෙහි කපපු තමන්ගේ ආණ්ඩුවේ නායකයාත් ඉස්සරහම ඒ ගැන අහන්න පුළුවන් එතකොට. කොම්පැනි කාරයින්ට යට වෙලා ඉන්නවා කියලා , විජේනායකලා පතුරු ගලවන නිලධාරින් හාල් වල ආසනික් නැතිය කියන කොට ජනාධිපති ඒක පිලි ගත්තා නේ . ඕනේ නම් ඇයි එහෙම කලේ කියලා ජනාධිපතිගෙනුත් මූණටම අහන්න පුළුවන්නේ.

එහෙම කරන්න කොන්දක් නැතිව , නිකම් මහජනයාට පේන්න , සොක්කෝ ලව්වා මාධ්‍ය සංදර්ශන තියලා, පත්තර පිටු ගණන් ලිපි ලියවලා වැඩක් නැහැ . එහෙම කෙලින්ම ප්‍රශ්න කරනවා තියා අඩු ගානේ මේ මාධ්‍ය සාකච්චාවට එන්නවත් විජේනායකගේ ලොක්කට කොන්දක් නැහැ. එහෙව් රටේ ….

ඔය වගේ වැඩට කියන්න තියෙන්නේ ඒකත් අර ඉස්සෙල්ල කිව්වා වගේ මහජනයාට සරම ඉස්සීමක් විතරයි කියලා.