Posts Tagged ‘students’


අග්‍ර විනිශ්චය කාර ශිරානි බණ්ඩාරනායක මහත්මිය උසස් පෙළ විභාගය කරන කාලයේ අද මෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වර්ජනයක් තිබුනා නම් ඇයට අග්‍ර විනිශ්චයකාර කමට එන්නට ඉඩ නොලැබෙන බවත් , ඇයට සිදු වන්නේ ගෘහනියක් වී පොල් අතු විවීම වැනි දේවල් කර ගෙන සිටීමට බවත් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්දන මහතා පසු ගියදා පැවසුවේය. ඇටමැස්සා ඒ කතාව ඇසුවේ මෙවැනි විහිලු කතා හා මළ මිනි විකිණීම හැර අන් යමක් තම ප්‍රවෘත්ති විකාශ තුලින් නොකරන ස්වර්ණවාහිනියෙනි.

මෙහෙව් කතාවක් කියන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සාධාරණ වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා මුදල් නැතැයි කියමින් රාජ්‍ය විශ්විද්‍යාල පද්ධතියම අකර්මන්‍යව කඩා වැටෙන්නට ඉඩ හැර ඒ අතරම තම සුඛ විහරණය සඳහා මහජන මුදල් කෝටි ගණන් වැය කරන ආණ්ඩුවක ඇමැතියෙකි

ඔහු මේ කතාව කියන්නේ සරසවි ඇදුරන්ගේ උසස් පෙළ විභාග උත්තර පත්‍ර සමීක්ෂණය වර්ජනය කඩා කප්පල් කිරීමට පාසල් ගුරුවරුන් යොදා ගැනීමට තැත් කරන අතර වාරයේය. ප්‍රබල ගුරු සංගම් කිහිපයක්ම එම ප්‍රයත්නයට මේ වන විටත් තම විරුද්ධත්වය පල කර ඇත. ඒ සිසුන් ලක්ෂ ගණනක් පෙනී සිටින ඔවුන්ගේ ඉරණම තීරණය කරන එම විභාගයේ ප්‍රමිතීන් රැක ගැනීම වෙනුවෙනි.

අග්‍රවිනිශ්චය කාර පදවියට ඒමට තරම් කුසලතාවක් තිබෙන අයවලුන්ට පොල් අතු විවීමට හෝ දර පැලීමට සිදු වන්නේ සරසවි ඇදුරන්ගේ හෝ වෙන කාගේවත් වර්ජන නිසා නොව බන්දුල ගුණවර්ධන වැනි ඇමතියන්ගේ ක්‍රියා නිසා බව ඒ අනුව ඉතාමත් හොඳින් පෙනී යයි.

ඇත්තටම බන්දුල ගුණවර්දන ඇමතිවරයා කියන පරිදි සරසවි ඇදුරු වර්ජනයක් නිසා යමෙකුට පොල් අතු විවීම හෝ වෙනත් එවැනි රැකියාවන් ට යාමට සිදු වීමට ඉඩ තිබුණි නම් , බන්දුල ගුණවර්දන ඇමති වරයා උසස් පෙළ විභාගය කරන සමයේ එවන් වර්ජනයක් නොතිබීම ගැන අපි ඉතාමත් කම්පා වෙමු.

මක් නිසාද යත් එසේ වුවා නම් බන්දුල ඇමති වරයාට ද සරසවි යාමටද , ඉන්පසු ටියුෂන් ගුරුවරයෙකු වීමටද , ඉන්පසු ඒ අනුහසින් ඇමතිවරයෙකු වීමටද නොහැකි වන්නේය. එසේනම් ඔහුද පොල් අතු වියා හෝ කොහේ හෝ හෝටලයක දර පලා හෝ ඉන් ලැබෙන මුදලින් හවසට කසිප්පු ටිකක් බී නම්බුකාර ජීවිතයක් ගෙවනවා ඇත.

රටේ මහජන මුදලින් කා බී මෙවැනි මළ විකාර මෝඩ කතා කියනවාට වඩා ඇත්තෙන්ම එය නම්බුකාරය. එය රටටද හොඳය.

.

 
අපේ රටේ පාලකයින් ඉතා ශූර විජ්ජා කාරයින්ය. ජනතාවගේ සියලු ප්‍රශ්න වලට විසඳුම් තමන් ළඟ ඇතැයි ද , තමන බලයට පත් වුනාම ඒ සියලු ප්‍රශ්න විසඳා රට සුර පුරයක් බවට පත් කරන බවටත් පොරොන්දු දී බලයට එන මොවුන් , බලයට පත් වූ පසු ජනතාව විසඳුම් ඉල්ලන විට නොයෙක් ආකාරයේ විජ්ජා පෙන්වා ඔවුන් මුලා කරති. උපවාස විජ්ජා, ගස් බැඳුම් විජ්ජා , වරාය  විජ්ජා , කොට ගවුම් විජ්ජා ආදිය මෙසේ පසු ගිය කාලයේ අපිට පෙන්වූ විජ්ජාය.
 
වීරවංශ , මර්වින්  ආදීන්  අප රටේ ප්‍රසිද්ධ විජ්ජා කාරයින්ය. මේ විජ්ජා කාරයින් අතරට පැන විජ්ජා පෙන්වීමට අලුතෙන් ම සැට් වී ඇත්තේ මෙතෙක් කල් හීන්  නුලෙන් ඇඹරූ  විජ්ජාවෙන්  නතාව මුලා කරන ලොකු බණ්ඩාර උතුමාණන්ය.
 
එතුමා පෙන්වන්නේ බෞද්ධ විජ්ජාය. පැය අටේ වැඩ නීතිය පවා උල්ලංගනය කරමින් සබරගමුවේ පළාතේ රාජ්‍ය සේවකයින්ට උදේ අටට වැඩට ඇවිත් පන්සිල් ගන්නයි එතුමා නියෝග කලේ ඊයේ පෙරේදාය.
 
දැන් එතුමා තව එකක් නිකුත් කර තිබේ. ඒ පළාතේ සියලු පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහ ගුරුවරු ගුරුවරියන් සෑම පෝයකටම අට සිල් සමාදන් විය  යුතුයි කියලා.
 
එදිනෙදා වෙලා ගැට ගහ ගන්න බැරිව ඉන්න මිනිස්සුන්ට මේ වැඩෙන් දැන් පෝයට දාන මාන ලෑස්ති කරගෙන පන්සල්  ගානේ යා යුතුය. දානයක් දෙන කොට ගෙදර කන විදියට දෙන්ටත් බැරිය.තමන්ට කන්න නැතත් දානය හැකි ඉහලින්ම දීම අපේ රටේ අහිංසක ගැමියන්ගේ  පුරුද්දකි. පොල් ගෙඩිය හැටට අර ගෙන දන් දෙන්ට වීම මේ දුප්පතුන්ට දරා ගත නොහැකි දෙයක් වනු ඇත.
 
 අනිත් කාරණය මේ විජමු උන්නැහේලා බුද්දාගම තේරුම් අරගෙන ඇති විදියයි. පන්සිල් ගැනීම හොඳ වුවත් එය නීති මගින් කල හැකිද ? අට සිල් ගැන්නවීම නීති මගින් කල හැකිද? අනික යම් කිසිවෙක් දිනපතා පන්සිල් ගත යුතුද? පන්සිල් හා අට  සිල් යනු යම් යම් පොරොන්දු කීපයකි. ඒවා ආරක්ෂා කරන්නේ නම් හැමදාම කියවමින් සිටිය යුතු නැත.
 
මම බොරු නොකියමි යි, මම සොරකම් නොකරමියි  හැමදාම කියමින් සිටිය යුත්තේ ඒවා ආරක්ෂා නොකරන මිනිසුන්ය. එනම් බොරු කාරයින්ය, හොරුන්ය.  අපේ රටේ රාජ්‍ය සේවකයින් හා සිසු සිසුවියන් බොරු කාරයින්, බේබද්දන්, සල්ලාලයින් , හොරුන් යයි එතුමා සිතන්නේද? නොඑසේනම් මෙලෙස පන්සිල් හා අටසිල්  පිලිබඳ නීති දමන්නට අවශ්‍ය නැත.
 
මෙතුමා මෙසේ කරන්නේ  නායකයාට මේවා පෙන්වා  තමනුත් වැඩ කරන බවා අඟවා ලකුණු දමා ගැනීමට බව අපේ හැඟීමයි.  එසේම ගම් වල සිටින අහිංසක බෞද්ධන් රවටා චන්දය කඩා ගැනීමත් මීට ඇතුලත්ය. කෙටියෙන් කිව්වොත් තමන්ගේ ප්‍රතිරූපය හදා ගැනීමටය. හැබැයි එතුමාගේ වයසේ හැටියට අපිට හිතෙන්නේ වෙන දෙයකි. ඒ එතුමාගේ පුත්‍රයාට ඉහලට නැගීමට ඉනි මගක් තනා ගැනීමට විය යුතු බවයි. 
 
 හැබැයි ඉතින් අපිට නම් පේන්නේ එතුමාගේ පුත්‍රයාට වුනත් යා  හැකි උපරිම දුර වැඩිම වුනොත් ඇමති කමක් හෝ කතානායක කම වැනි සොච්චම් දුරකට බවයි. ඒත් මදෑ, සොහොන් කොතේ හිටපු  කථානායක   කියලා කොටවා ගන්න පුළුවන්නේ.
 
සටහන- ඇට මැස්සාට  මතක හැටියට ජේ ආර්ගේ කාලෙත් දේශපාලකයෝ මේ වගේ ව්‍යාපෘති කරා තමන්ගේ ප්‍රතිරූපේ හදා ගන්න.  ප්‍රේමදාස  උදාගම කළා, ලලිත් මහපොළ කළා, ගාමිණි මහවැලිය කළා. ඒ වැඩ වලින් එයාලා ගැන කපා ගත්තත් මොකක් හරි වැඩක් රටට වුනා. උදාගමේ ගෙවල් හැදුණා, මහපොලින් ශිෂ්‍යත්ව දුන්නා.   ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු ගත්තත්    මහවැලිය ඉවර කළා. හැබැයි මේ කාලේ ඒ වගේ වැඩ කරන්න පුළුවන් , ගානක් හම්බ වෙන ඔක්කොම ප්‍රොජෙක්ට් කරන්නේ සහෝදර සමාගම. විජමු වගේ සොක්කොන්ට  තියෙන්නේ ඔය පන්සිල් , අටසිල් ,  කොට ගවුම් වගේ ප්‍රොජෙක්ට් විතරයි.
 
 
 
 
සරසවි නැවත  වතාවක් ගිනියම් වී දැවෙමින් පවතී. සෙසු සමාජයම සීතලෙන් ගල් වී දිගු සිසිර නින්දකට සැරසෙද්දී , සරසවි පද්ධතිය පමණක් මෙසේ ගිනි ගෙන දැවෙමින් පවතී.
 
පාලකයින් මර්ධනකාරී අනපනත් ගෙන එමින්, රටේ නීතිය පවා තමන්ට අවැසි පරිදි සකසා ගනිමින් සිටින මේ මොහොතේ මෙතෙක් කල් සමාජය ඉදිරියේ විප්ලවාදින්, හා වාමාංශික රැඩිකලුන්  ලෙස පෙනී සිටිය උන් පවා තමන්ගේ උදර පෝෂණය වෙනුවෙන් පාලකයින් ඉදිරියේ දනින් වැටී උන්ගේ  පා ලෙව කමින් සිටිති.  පීඩනයට හා මර්ධනයට ලක් වූවන් පවා මේ වෙලාවේ තෝරාගනිමින් සිටින්නේ තමනට එල්ල වන පීඩනයට එරෙහිව සටන් වැදීම නොව පාලකයින් හා හවුල් ව ජාම බේරා ගැනීමය. හැකිනම් උන් හා එක් ව උන් භුක්ති විඳින දෙයින් කොටසක්වත් කඩා ගැනීමටය. අද දින ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තත්වය එයයි.
 
මේ සාමාන්‍ය තත්වයෙන් බැහැරව තම අයිතීන් වෙනුවෙන් සටන් වැදීමට තීරණය කර සිටින්නේ සරසවි සිසුන් පමණි. අන් සියල්ලන් දනින් වැටී පා ලෙව කෑම තෝරා ගනිද්දී ඔව්හු අරගලය තෝරාගෙන සිටිති.
 සිසුන් පිටුපස සිටින බලවේග ගැනත් ,තවත් නොයෙක් දේ ගැනත් කියමින් ඔවුන්ව විවේචනය කල හැක. එහෙත් වඩා වැදගත් වනුයේ මේ මොහොතේ ඔවුන් සටන් වැද සිටීමයි .
 
ඔවුන් අද සටන් වදින්නේ ආත්මාරක්ෂාව සඳහා වුවද , එම සටන  ඉදිරියේදී පොදු සමාජ ප්‍රශ්න හා බද්ධ කල හැකි බව හා එසේ වනු ඇති බව වෙන කාටත් වඩා හොඳින් රජය දනියි. සිසුන්ගේ මෙම සටන කෙරෙහි මඩ පහරවල්  එල්ල කර අපකීර්තියට ලක් කර සමාජයෙන් කොන් කර හුදකලා කිරීමට රජය තම මුළු ශක්තිය යොදවන්නේ ඒ නිසාය.
 
රාජ්‍ය මාධ්‍ය වලට අමතරව දිවයින, ලංකාදීප  වැනි පත්තර කඩමාළුත්, මළමිනී ස්වර්ණවාහිනිය හා වරුණිගේ පච දෙරණ ත් නිර්ලජ්ජිතව සිසුන්ට පහර දෙන්නේ ඒ වෙනුවෙනි. මේ පිළිකුල් සහගත මාධ්‍ය මෙහෙයුම් තුලින් සරසවි සිසුවා යනු දුටු තැන මරා දැමිය යුතු තිරිසනෙකු බවට මත පල කරමින් සිටිති. ඔවුනගේ හිස් කුඩු පට්ටම් කර මරා දැමිය යුතුයි මේ මාධ්‍ය ඔස්තාර්ලා අපට නොකියා කියති. ඔවුනට අනුව සරසවි සිසුන් යනු මෙතෙක් ලංකාව තුල පහල වූ අන්ත අධම පාහර     සතුන් විශේෂයකි. ඔවුන් සහමුලින් විනාශ කර දැමිය යුතුය.
 
ඊයේ (27 දා)   කැලණිය සරසවිය අසලදී , තමන් සරසවි සිසුන්ගේ මවුන් යයි කියා ගත්,දේශපාලකයෙක් විසින් මත්පැන් පොවා ගෙනා මොලේ නැති ගණිකාවන් පිරිසක් විසින් සිසුවෙකුට කල පහර දීම මේ මාධ්‍ය ප්‍රචාරය සඳහාම කල දෙයකි. ඔවුනට අවශ්‍ය එයයි. එනම් පොදු ජනතාව විසින් සිසුනට පහර දීමයි. ඊයේ කලේ ඒ වෙනුවෙන් පෙරහුරුවකි. පෙළඹවීමකි.
 
රජය සරසවි සිසුනට මෙතරම් පහර දෙනුයේ මන්ද?  මානසික රෝගීන්ට උසස් අධ්‍යාපනය බාර දෙන්නේ මන්ද? 
 
හුදෙක්ම සරසවි සිසුන්ගේ අරගලකාරිත්වයට බිය වීද? එයද එක් හේතුවක් විය හැක. එහෙත් තවත් හේතුන් ගණනාවක්ම ඇත.
 
දිනෙන් දින උග්‍ර වෙන ආර්ථික අර්බුධය හමුවේ තව දුරටත් සරසවි අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කිරීම අසීරු වෙමින් පවතී. එහෙත් එක් වරම ඒවා කප්පාදු කිරීමද කල නොහැක්කේ ජනතා විරෝධයක් නැග ආ හැකි බැවිනි. ඒ නිසා රාජ්‍ය සරසවි යනු කිසිම කමකට නැති තැනක් ලෙසත්, ඒ සඳහා මුදල් වැය කිරීම අපරාධයක් ලෙසටත් මහජනයා තුලට කාවැද්දීම පළමුවෙන් කල යුතුය. එවිට රාජ්‍ය සරසවි වසා දමා ඒවායේ සම්පත්ද සූරාගෙන පෞද්ගලික සරසවි ඇති කර අන්තරයේ බාධා කිරීම් වලින් තොරව පවත්වා ගෙන යා හැක.
 
රජය සිසුන් හා ගැටෙන අනිත් කරුණ වන්නේ, මෙරට රජයන් විසින් තම නොහැකියාව හා දූෂණ වසා ගන්නට , පසු ගිය වසර තිහ මුළුල්ලේම ජප කල කොටි මන්තරය තව දුරටත් වලංගු නොවීමයි. 2009 මැයි මාසයේදී ප්‍රභාකරන් මරා දමමින් කර ගත් බරපතල වැරැද්ද නිසා , ජනතාව  ඇන්දවීම සඳහා සතුරෙක් සොයා ගත යුතුව ඇත.
 
මාස කිහිපයකට ප්‍රථම විකටවංශ ඇමති වරයා විසින්  බෑන් කී මූන් ට එරෙහිව කල සටනද ඒ සඳහා වූ ප්‍රයත්නයකි. එහෙත් ප්‍රතිභා හීන   පුද්ගලයෙක් වන විකටවංශ විසින් නිර්මාණය කල සතුරා හා ඔහුට එරෙහි සටනෙහි කිසිම  ජීවයක් නොතිබිණි. සිදු වුයේ ලෙමන්  පෆ් කමින් උපවාස කරන්නට ගොස් ලෝකයා ඉදිරියේ විහිලුවට ලක් වීම පමණි. අනික ඒ සටන දිනුවා කියා ලැබෙන දෙයක්ද නැත. ( කොහොමටත් දිනන්නටද නොහැක.)
 
එහෙත් සරසවි සිසුනට එරෙහි සටන එසේ නොවේ. එය ජීවමානය. ලයිව්@ 8 තුලින් පෙන්වා සිසුන් පතුරු ගැසීම සඳහා ආතල් කෑලි දිනපතා මවා ගත හැක. ( හරියටම උතුරේ යුද්ධය වාර්තා කළා මෙනි) . අනික අන්තරය විනාශ කිරීම තම පරපුරේ උන්ගේ සුභ අනාගතයක් වෙනුවෙන් ඉතාමත් වැදගත්ය.
මේ අන්තරයේ උන් ශක්තිමත් ව සිටියහොත් , අනාගතයේ තමන්ගේ පවුලේ සුභ සාධනයට එතරම් සුභ නොවනු ඇත. ඔවුන් ඒවාට එරෙහි වනු ඇත. සටන් වදිනු ඇත. හූ කියනු ඇත. ඒවාට ඉඩ දිය නොහැක. ඒ නිසා මේ සර්පයින් හිස් පොඩි කර තලා දැමිය යුතුය. නමුත් එක් වරම එය කල නොහැක. සමාජය එසේ කරන මෙන් ඉල්ලා සිටිය යුතුය. බල කල යුතුය. සමාජය එතනට ගෙන ඒම මාධ්‍ය වල වගකීමයි. සුගාරලා , කසුරිලා , සුනිල් මාධවලා සිටින්නේ ඒකටය.
 
එලෙස තම ආධිපත්‍යට එරෙහි වන අවසන් බලකොටුවද සුන් කිරීමෙන් අනතුරුව තැනට රිසි සේ සමාජය භුක්ති විඳිය හැක. මුළු රටම තමන්ගේ කර ගත හැක. තමන්ගේ පන්තියේ උන්ට පෞද්ගලික සරසවි අරඹා ගොවි කම්කරු දරුවන් කැලෑවට එලවා දැමිය හැක. පදිකා වේදිකාවේ ඉන්න වෙළෙඳුන් ද මුඩුක්කු වල සිටින   දිලිඳුන්ද      පලවා හැර නගර ලස්සන කල හැක. ගොවියන් ගොවි බිම් වලින්ද , ධීවරයින් වෙරලින්ද එලවා , ඒවා තමන්ටම නතු කර ගත හැක. කිසිම විරෝධයක් නැතිවම නතු කර ගත හැක. රිසි සේ භුක්ති  විඳිය හැක.
 
කොටින්ට  එරෙහිව ඇරඹු මානුෂික මෙහෙයුම කොටින් හා කොටින්ට විරුද්ධව සටන් කල ජෙනරාල්ලාද ගිල ගනිමින් දැන් සරසවි සිසුන් කරා පැමිණ ඇත. පොදු සමාජය තවමත් අත්පොලොසන් දෙමින් ඒ දෙස බලාගෙන සිටිති. ඒ අද සරසවි සිසුන්ගේ හිසට ඉහලින් කැරකෙන ඒ මාරක මුගුර තම හිසට එල්ල වන තෙක්ය. අපි බලා සිටිමු. ඒ අතර අලුත් සතුරා විනාශ වූ විට මහා පාරේ කිරිබත්ද පිස කමු.
 
 
 
 
ඊයේ සවස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දෙසට  උද්වේගකර ලෙස   ඇදුණු  සරසවි සිසු පෙළපාලිය දෙස ඒ අසල තිබුණු ගොඩනැගිල්ලක ඉහල මාලයේ ජනේලයකින්  බලා සිටියෙමි. තමන්ට සිසුන්  හූ කීම නිසා ඔවුන් සමග වෛර  බැඳ  ගත්    එස්. බී ඇමතිවරයා  සරසවියේ සිටින නිවට පාලකයින් ලවා බොරු චෝදනා කොට අත් අඩංගුවට ගෙන සිර කොට සිටින සිසුන් නිදහස් කරන මෙන් ඉල්ලමින් ඇදුණු මේ  පෙළපාලිය   ගමන් කරනු අයුරු බැලීම සඳහා අප ආයතනයේම සේවය කරන තරුණ කම්කරුවන් කීප දෙනෙක්ද  එක් වී සිටියහ. මෙම කම්කරුවන් අතුරින් කීප දෙනෙක් ඈත දුෂ්කර ගම්වලින් කොළඹට පැමිණිය වුන් වෙන අතර අනෙකුන් කොළඹ හා ඒ අවට ජීවත් වන දුප්පත් තරුණයින්ය.
 
ඔවුන්ගේ පසුබිම කුමක් වුවත් ,ඔවුන් සියලු දෙනාම පෙළපාලිකරුවන් කෙරෙහි දැක්වුයේ එකම ආකල්පයකි. එය සුහද එකක් නම් නෙවේ. මේ කම්කරුවන් පෙළපාලිය නරඹමින් කල කතා බහේ සාරාංශය වුයේ ඉගෙන ගැනීමට යැයි පැමිණ දෙමවුපියන්ගේ මුදල් නාස්ති කරමින් මෙසේ කාලය කා  දමන මොවුන්ගේ  හිස් හා ඇටකටු  පොලීසිය ලවා  කුඩු කරවිය යුතු බවයි.
 
විප්ලයේ ගිනිසිළුව යැයි ලෙනින් විසින් වරෙක හැඳින්වූ සිසුන් ගැන විප්ලවයේ ගාමක බලවේගය වන කම්කරුවන්ගේ ආකල්පය එබඳුය.
 
මිනිසුන් වනචාරිව කුඩා ගෝත්‍ර ලෙස ජීවත් වූ සමයේ වෙනස් ගෝත්‍ර  දෙකක මිනිසුන් එකිනෙකා හමු වූ විට මාරාන්තික යුද්ධ ඇතිවීමත් එකිනෙකා මරා ගැනීමත් සාමන්‍යයය.
 
එලෙසම නූගත්   කම්කරුවන් පිරිසක්  ,මේ ශිෂ්‍යයන් තම ගෝත්‍රයෙන් පිට උන් ලෙස හඳුනා ගෙන සතුරුකම් දැක්වීම  , සිසුන් හා කම්කරුවන් යනු සම්පූර්ණයෙන්ම වෙනස්  පංති දෙකක් බැවින් අපට තේරුම් ගත හැක. එහෙත්   තමන් උගතුන් , බුද්ධිමතුන් ලෙස හඳුන්වා ගන්නා හා අසමාන ,  නොනැමෙන කම්කරු  සටන් කරුවන් ලෙස පෙනී සිටින උදවිය පවා එකම ක්ෂේත්‍රයේ රැකියා කරන තම සගයින්ට එරෙහිව මෙලෙස සතුරු  ආකල්ප දැරීම අප තේරුම් කර ගත යුත්තේ කෙසේද? මේ සඳහා බොහෝ උදාහරණ අප රටේ වෘත්තීය සමිති සටන් තුල දැකිය හැක.
 
 
 
 හෙදි වෘත්තීය සමිති  විසින්  කලක සිට ගෙන ගිය සටනේ ප්‍රථිපලයක්  ලෙස දිනා ගත් හෙද ව්‍යාවස්තාව ක්‍රියාත්මක කිරීම නැවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය උත්සාහ දැරීම  ඒ සඳහා ඔවුන් දෙන හේතු වලින්  කිසිසේත් සාධාරණීකරණය කල හැකිද?
 
ඔවුනට ඇති ප්‍රශ්නය මෙම ව්‍යවස්ථාව නිසා හෙදියන් පරිපාලන කටයුතු වලට පත් වීමත් එවිට හෙදියන් තම පාලනයට නතු නොවීමත් ඔවුනට ඇති ගැටලුවයි. මෙය පුදුම සහගත තත්වයකි. හෙදියන් වෛද්‍යවරුන් යටතේ ඔවුන්ගේ සුවච කීකරු දාසයන් සේ සිටිය යුතුයි මොවුන් සිතන සෙයකි.
 
සංගමයේ නිලතල හොබවන  තාක් කල් රෝගීන් මාරාන්තික අපහසුතාවන්ට පත් කරමින්  මාරාන්තික වැඩ වර්ජන  ඇතිකරමින් , තමන් හා සෞඛ්‍ය ඇමති අතර ඇති සම්බන්ධය නයි මුගටි පන්නයේ එකක් බව පෙන්වන හා  එයින් පසු  ඇමති වරයාගේ සම්බන්ධිකරණ නිලධාරින් වශයෙන්  කටයුතු කරන නිලධාරීන්ගෙන් සමන්විත  රජයේ වෛද්‍ය නිලධාරි සංගමයෙන් මීට වඩා කුමක් බලාපොරොත්තු විය හැකිද? 
 
මේ සිදු වීමේදී වඩාත්ම ඛේදජනක කරුණ වූයේ    එකම රැකියාවේ , එනම් හෙදි වෘත්තියේම විවිධ සමිති පවා කුලල් කා ගන්න ආකාරයයි. ඇති වී තිබෙන තත්වයට එරෙහිව එක හෙදි සමිතියක් වර්ජනයක් කැඳවූ විට කුප්‍රකට හෙද නායක හාමුදුරුවෝ සහ ඔහුගේ ගෝලබාලයින් එය කඩාකප්පල් කිරීමට එළිපිටම වැඩ කළහ.
 
මෙලෙස වෘත්තීය සමිති එකිනෙකාගේ ගෙල මිරිකා ගැනීම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල කැපී පෙනුනත් , අනිකුත් ක්ෂේත්‍ර තුලද මේ තත්වය අඩු වැඩි වශයෙන් පවතී. නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලනම් තත්වය ඉතා පිළිකුල් සහගතය.
 
හෙදියන් අරගල කර අයිතිවාසිකමක් දිනා ගතහොත් වෛද්‍යවරුන් එයට විරුද්ධය. නැතහොත් රසායනාගාර ශිල්පින් , විකිරණ ශිල්පින් වැනි වෙනත් ශ්‍රේණියක උන් විරුද්ධ වේ. වෛද්‍යවරුන් හා හෙදියන්, වෛද්‍ය වරුන් හා ලියාපදිංචි වෛද්‍යවරුන්, හෙදියන් හා අනිකුත් පාර වෛද්‍ය සේවකයින් , හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවකයින් ආදී වශයෙන් එකිනෙකාට එරෙහිව කුලල් කා ගැනීමේ කෙළවරක් නැත.
 
මොවුන් මේ මරා ගන්නේ ඉතාමත් ප්‍රථමික හා කාලකණ්නි හේතුන් වෙනුවෙනි. වෙන කුලකයකට වැටුප් වැඩි වුවහොත් තම තත්වය පහල යනු ඇතැයිද , තම අධිකාරි බලය නැතිවනු ඇතැයිද තමනට  නැති වරප්‍රසාද අනිකුන්ට හිමි වනු ඇතැයිද ආදී වශයෙන් වූ හේතු වෙනුවෙනි.
 
වෙනකක් තබා මීට වසර කිහිපයකට පෙර පවුල් සෞඛ්‍ය සේවිකාවන් ගේ වැටුප් වැඩි වන විටද වෛද්‍ය වරුන් එයට එරෙහි විය. ඒ  නව වැටුප් ක්‍රමය තුල වසර විස්සකටත්  වඩා සේවයක් ඇති පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ වැටුප ආධුනික වෛද්‍ය වරුන්ගේ වැටුප ඉක්මවන බව කියමිනි. ( මේ ගැන W3Lanka  ද පසු ගියදා පැවසිය)
 
දැන් අලුත්ම ප්‍රශ්නය වී ඇත්තේ සෞඛ්‍ය සේවයේ අවම වැටුප් ලබාගන්න පිරිසගේ හා වෛද්‍ය වරුන්ගේ වැටුප අතර ඇත්තේ 1:4 අනුපාතයක් පමණක් වීමයි. වෛද්‍ය වරුන්ට මෙය මදිය . ඒ නිසා වෛද්‍යවරුන්ගේ වැටුප ලක්ෂ දෙකක් දක්වා වැඩිකර අනිකුන්ගේ වැටුප එලෙසම තැබිය යුතුය. ඒ  වැටුප් පරතරය 1:20 මට්ටමේ  තබා ගැනීමටය . තමන්ගේ වැටුප වැඩි කරන ගමන් අනිකුන්ගේ වැටුප අඩු කිරීමට යෝජනා නොකිරීම ගැන අනිකුත් සෞඛ්‍ය සේවකයින්  මොවුනට ස්තුතිවන්ත විය යුතුය.
 
සෞඛ්‍ය සේවයේ ඇති මේ තත්වය පාලකයින් ඉතා හොඳින් ප්‍රයෝජනයට ගනියි. හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවිකාවන් කරපටියකට මාරා ගැනීමට සුදානම් වෙමින් සිටින බවට සෞඛ්‍ය ඇමතිවරයා ඔච්චම් කලේ මේ මෑතකදිය.මොවුන් මේ ආකාරයෙන් කුලල් කා ගානවා හැර ක්ෂේත්‍රයේ ඇති ,  කඩා වැටීම්,  දුෂණ හා වංචා  ගැන වචනයකුදු දොඩන්නේ නැත.
 
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතු නොව අනිකුත් තැන් වලද තත්වය එලෙසමය.
 
පසුගියදා තමන්ගේ අසමත් බාවය හා රාජාණ්ඩුවට එරෙහිව යාමට තමන්ගේ ඇති බිය පෙන්වමින් සරසවි ඇදුරන් විසින් අතහැර දැමු වැටුප් සටන තුලද එවැනි තත්වයක් උද්ගත විය.
 
ඇත්ත වශයෙන් ගතහොත් ශ්‍රී ලංකාවේ සරසවි ඇදුරන්ගේ වැටුප් තත්වය ඉතා කණගාටුදායකය. කාර්යක්ෂමතා කඩ ඉම සඳහා ආචාර්ය උපාධියක් වැනි බරපතල සීමාවන් ඇති තත්වයක මෙය ඉතාමත් විශේෂ වේ.
 
නමුත්  වැටුප් සටන අරඹන විටම විශ්ව විද්‍යාල පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ මුත්තෙට්ටුවේ  නැමැත්තෙක් නිවේදනයක් නිකුත්  කරමින් කියා සිටියේ සරසවි ඇදුරන්ට වැටුප් වැඩි කරන්නේ නම් තමන්ටද වැටුප් වැඩි කල යුතු බවය.
 
එය කිසි ප්‍රශ්නයක් නැති අහිංසක ඉල්ලීමක්  බව කිසිවෙකුට පෙනී යා හැකිය. නමුත් ඔවුනට වැටුප් වැඩි කරන්නේ නම් තමන්ටද වැටුප් වැඩි කලයුතු යැයි කීම වෘත්තීය සමීතියක ඉල්ලීමක් වන්නේ කෙසේද. මේ නොකියා කියන්නේ ඔවුන්ට දෙන්නේ නැත්නම් තමන්ටද එපා නොවේද ?
 
බළලා මල්ලෙන් එලියට පනින්නේ මුත්තෙට්ටුවේගෙදරගේ ඊ ළඟ වාක්‍යයෙනි. කෙසේ නමුත් මේ අවස්ථාවේ වැටුප් වැඩි  වීමක්  තමන් බලාපොරොත්තු නොවන බව ඊ ලඟට ඔහු කියයි. මේ කුමක්ද මොහු කියන්නේ. සරසවි ඇදුරන්ගේ වැටුප් වැඩි නොකල යුතු බව නොවේද?
 
මෙවන් වූ අපූරු වෘත්තීය සමිති ඇත්තේ මේ ආශ්චර්යලන්තයේ මිස වෙන කොහිද? ඇත්තටම ගතහොත් අප රටේ පසු ගිය කාලය පුරාවට සිදු වූ දේ දෙස බලන විට මේවා එතරම් ගණන් ගත යුතු දේවල් නොවේ. කණගාටු විය යුතුද නොවේ.
 
කණගාටු විය යුත්තේ වෘත්තීය සමිති වල සිටින රාජ්‍ය සේවකයින් ලංකාවේ කම්කරු පන්තිය ලෙස හඳුනා ගෙන ඔවුන් සමග ලාංකීය විප්ලය කිරීමට දරන උත්සාහය ගැනය.