රුපියල් අටදාහකට නිවාසයක්

Posted: March 5, 2011 in Uncategorized
 
  ”ජන සෙවණ” නිවාස වැඩසටහනට මුදල් වෙන්වෙලා නැහැ කියලා අසරණ වුණු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ප‍්‍රකාශ කරනවා.ඒක අසත්‍යයක්. වසර 6 කින් නිවාස දශ ලක්ෂය ඉදිකිරීමට අදාළ මුදල එක් වර්ෂයක අයවැය කතාවේ නැහැ. මේක තේරුම්ගන්න බැරි විපක්ෂය ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ කොහොමද? මේ වසරේ පළමු කාර්තුව සදහා දැනටමත් මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 360 ක් ලැබී තිබෙනවා.”
 
මෙහෙම කියන්නේ වීරවංශ ඇමති තුමා . එයාගේ අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරලා තියෙන ජන සෙවන නිවාස දශ ලක්ෂයේ වැඩ සටහනට අයවැයෙන් මුදල් වෙන් කරලා නැතිය , ඒ වැඩසටහන නිකම් බොරු පම්පොරියක් විතරය කියල විපක්ෂය නගන චෝදනා වලට පිළිතුරු විදියට තමා එතුමා මේ ප්‍රකාශය කරලා තියෙන්නේ, අමාත්‍යංශයේ නිලධාරි පිරිසක්  ඉස්සරහ.
 
අම්මපා ඇත්තනේ ! එක කාර්තුවකට රුපියල් මිලියන  360 ක් කියන්නේ ලොකු ගානක් . ටාර්ගට් එකට යන්න පුළුවන් වෙයි කියලා  බැලූ බැල්මට හිතෙනවා.
 
ටාර්ගට් එක ගෙවල් දශ ලක්ෂයක් අවුරුදු හයකට .
 
එතකොට අවුරුද්දකට ගෙවල් 166,667 ක්
 
කාර්තුවකට ගෙවල් 41667 ක් . 
 
අය වැයෙන් සල්ලි වෙන් කරලා නැත්නම් ලැබෙන්නේ කොහෙන්ද කියලා අහලා දේශද්‍රෝහියෙක් වෙන ඕනේ නැහැ. අපි සුබවාදීව හිතමුකෝ . 
 
 මිලියන 360 ඒ ගානෙන් බෙදුවාම   එක ගෙයකට රුපියල් අටදාස් හයසිය තිස් නමයයි ශත අනූ තුනක් (8639.93 ) ක්  ලැබෙනවා.
 
ඒ ගානට ගන්න පුළුවන්  වැලි කියුබ් බාගයක්ම .
 
මං හිතන්නේ එතුමා හදන්න යන්නේ වැලි මාලිගා වෙන්න ඕනේ .
 
එතකොට සිමෙන්ති,  ගඩොල් , උළු පරාල , යකඩ ඕනේ වෙන්නේ නැහැනේ . අනික තමන්ටම හදා ගන්න පුළුවන් . බාස් කුලියක් යන්නෙත් නැහැ. අඩු වියදම් නිවාස.
 
කොහොමද එතුමාගේ ටිකිරි මොලේ.
 
  
Comments
  1. nemo says:

    මේ මදැයි..ඔය තියන්නේ තට්ටු දෙකේ ගෙයක්ම 😀

  2. ranaberaya says:

    ethuma hadai!!!

  3. Buwa says:

    හෙ හෙ එකත් අර සජිත් කිව්ව රු 9 ආහාර සලාකෙ වගෙ තමයි එහෙනම්

  4. දේශප්‍රේමී vimal_P_mahatha says:

    මේ මම නම් දේශ ද්‍රෝහියෙක් නෙවී ඔන්න ඒත් ඔය කෝටි 36න් 10ක් විතර සමාරම්භක උත්සවයට ඉතුරු 26 එතුමාට. හරිනේ… ගෙවල් වල ෆොටෝ අයිතිකාරයින්ට.

  5. දේශප්‍රේමී vimal_P_mahatha says:

    අඩෝ කැ… ඇට මැස්සා උම්බට ගණන් බැරිද 8639.93 වැටයීම කරාම 9000 නේ වෙන්න ඕනේ… උම්බ 639.93 මාටියා ගැහුවා නේද ඇමතිකම් නැතුවම !!! උම්බල වගේ එවුන් නිසා තමා බන් මේ රට හදන්න බැරි. පල් හොරු..

    • ජයශ්‍රී says:

      නෑ ඇටමැස්සා වංචා කරල තියෙන්නේ එක නිවසකින් සත 7 ක් විතරයි(හැබැයි සම්පූර්ණ ව්‍යාප්‍රෘතියෙන් රු 70,000.00ක් වෙනවා.බලන්න පහත ගණනය කිරීම.

      කාර්තුවකට අදාල මුදල (රු.මිලියන) = 360
      වසර 6ට මුලු මුදල (රු.මිලියන) = 360X4X6
      වසර 6ට මුලු මුදල (රු.මිලියන) = 8640
      නිවාස මිලියනයකට මුලු මුදල (රු.මිලියන) = 8640
      එක නිවසකට අදාල මුදල රුපියල් = 8640
      ඇටමැස්සා වංචා කළ මුදල නිවසකින් රුපියල් = (8640-8639.93)
      ඇටමැස්සා වංචා කළ මුදල නිවසකින් රුපියල් = 0.07
      වංචා කළ සම්පූර්ණ මුදල රුපියල් = 0.07X1,000,000
      වංචා කළ සම්පූර්ණ මුදල රුපියල් = 70,000.00

  6. ගොන් කතා වැඩක් නෑ…..
    කොහොමටත් මේ කියන ගානෙන් ඕය කියන ගෙවල් ගාන හදන්න බෑනේ.

    • ජයශ්‍රී says:

      To rassigeadaviya: ඔයාට කේන්ති ගියාද? පොඩි විහිලුවක්නේ කළේ! ඇත්ත මේ වෙන් කරල තියෙන මුදල් ප්‍රතිපාදන වලින් (අවු 6 ටම වෙන් වෙන්නේ ඔය විදියට ම නම්) ගෙවල් දශ ලක්ශයක් තියා දසදහසක් වත් හදන එක සැකයි.

    • ජයශ්‍රී says:

      “මලිත්ට ගහනකොට ඇයි චංචලා අඩන්නේ?”

      • විමල් = මලිත්
        ජයශ්‍රී = චංචලා

        • ජයශ්‍රී says:

          නෑ.

          ඇටමැස්සා = මලිත්
          rassigeadaviya = චංචලා

          (හොදට කියවල බලන්න ජයශ්‍රී ත් මෙතනදී විමල් ට ටොක්කක් ඇනලයි තියෙන්නේ)

  7. විමල් වීරවංශ says:

    මොකද යකෝ බැරි? කොමිනිකේෂන් කට්ටක් දාගෙන නන්නත්තාරවෙවී හ්ටපු මම අවුරුදු දෙකෙන් කෝටි ගානක මාලිගාවක් හදාගත්තෙ?
    තොපිට අටදාහක්ම නිකං දීලත් බැරිද?

  8. අපූර්ව says:

    @ විමල් වීරවංශ

    හැබෑමයි….. කොහෙද මේ දේශද්‍රෝහී නඩේට මොළයක් නෑනේ ඔය ටික තේරුම් ගන්න…

  9. niranjana says:

    මේක තම ලොකෙ එන්න අන්ක 1 වචාලය…අපේ රටෙ එන්න බත් කන හරක් ඔකුන් වගෙ හල් පරුව්න් ට තම චන්දෙ දෙන්නෙ…ඉතින් මෙහෙම රටකට හරිය ඩ…බත් කන හරක්

  10. ජයශ්‍රී says:

    taboosubjects.wordpress.com is no longer available. does anyone know why?

Leave a reply to ජයශ්‍රී Cancel reply