Posts Tagged ‘Politics’

z_p11-Universities-02

නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහත්මා විසින් වෛද්‍ය උපාධී විකිණීමට පවත්වාගෙන යනු ලබන සයිටම් හොර කඩය /කලු කඩය වෙනුවෙන් පෙනී සිටින හිටපු වාමාංශිකයන් ඇතුළු සයිටම් වාදින් විසින් කියනු ලබන පරිදි එය අධ්‍යාපනයේ නිදහස මූර්තිමත් කරන සංකේතයකි. මේ කට්ටඩියන් තමන්ගේ පිලිකුල් සහගත තර්කය සාධාරණීකරණය සඳහා ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා යැයි සැලකෙන සී.ඩබ්.ඩබ්. කන්නන්ගරයන්ද යොදා ගැනීමට නින්දිත වූ උත්සාහයක නිරත වේ. මේ ඊනියා මහත්වරුන් කියන පරිදි කන්නන්ගර ගේ අරමුණ වූයේ අධ්‍යාපනයේ නිදහස මිස නිදහස් අධ්‍යාපනය නොවේය. මෙම මතය සයිටම් වාදි නඩය විසින් සමාජ ගත කිරීමට උත්සාහ කරන පට්ට පල් කෙබරයක් මිස අන් කිසිවක් නොවේ. එය කන්නන්ගර නාමයට කරනු ලබන තුච්ඡ නින්දාවකි.

තමන් විසින් වෙනත් ක්ෂේත්‍ර තුල ලබා ගත් කීර්තිය නෙවිල් ප්‍රනාන්දු මුදලාලිගේ රුපියල් වලට උකස් කර කෑ ගසන කුහක නරුමයන්ට එරෙහිව කන්නන්ගරයන් ම පිළිතුරු දෙන්නේ මෙසේය.

“ගඩොලින් තනා තිබූ රෝමය කිරි ගරුඬින් නිම කළ බව ශ්‍රේෂ්ඨ ඔගස්ටස් අධිරාජ්‍යයා ආඩම්බරයෙන් පැවසුවා.මිල අධිකව තිබූ අධ්‍යාපනයේ මිළ අඩු කළ බවත්, වසා තිබූ පොතක් විදිහට අපිට දිස් වුණු අධ්‍යාපනය විවෘත ලියවිල්ලක් බවට පත් කළ බවත්, ධනවත් අයට උරුමව තිබූ අධ්‍යාපනය දිළින්දන්ගේ උරුමයක් බවට පත් කරපු බවත් සාඩම්බරයෙන් පවසන්නට රාජ්‍ය මන්ත්‍රණ සභාවට පුළුවනි නම්, ඒ ආත්ම වර්ණනාව ඔගස්ටස් අධිරාජ්‍යයාගේ ආත්ම වර්ණනාව වඩා කොයිතරම් ශ්‍රෙෂ්ඨද ? ” (හැන්සාඩ් 1944/946 පි‍ටුව)

  • (1944 ජුනි 02 දා නිදහස් අධ්‍යපන පනත පිලිබඳ රාජ්‍ය මන්ත්‍රණ සභා විවාදයේදී අධ්‍යාපන ඇමතිවරයා ලෙස සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා කළ කතාව)
Advertisements

අපේ ජනාධිපතිතුමා පහුගියදාක උදේ පාන්දරම ක්‍රීඩා ඇඳුමකුත් ඇඳගෙන ඉස්තරම් නයික් සපත්තු දෙකකුත් දාගෙන ගෝල්පේස් එකේ ජොගින් කරන කොට රට්‍ටු නොයෙක් කයි කතන්දර කීවෝය. W3LANKA  කීවේ ජෝගි නටනවා කියලාය. දේශප්‍රේමි රයිකයද තව මොකක්දෝ කතාවක් කීවේය. අරලිය මන්දිරේ ජිම් එකේ සෙල්ලම් නොකර මේ කුණු ගොඩේ මොන ජෝගියක් නටනවා දැයි අපිටත් හිතුනේය.

කවුරු මොනවා කිව්වත් නොසැලෙන එතුමා කුණු ගොඩේ දුවන පිංතූර කීපයක් මාධ්‍ය වලද පල කරන්නට  දුන්නේය.  මේ මොන මගුලක් දැයි තේරුම් ගන්නට බැරිව අපි ඔලුව පිපිරෙන්නට කල්පනා කරමින් ඉන්නා අතරේ එතුමා මාර කතාවක් කියා අපි මේ රටේ දේශපාලනය ගැන මෙලෝ දෙයක් නොදන්න බව පෙන්නා දුන්නේය. ඒ විතරක් නෙවෙ, තමන්  දුර දක්නා නුවණකින් යුතු, සියල්ල මනාව  සැලසුම් කරන  නායකයෙක් බවත් එතුමා පෙන්නුවේය.
 
මෙන්න ඒ කතාව
 
ක‍්‍රීඩා නොකළ අය දේශපාලනයට ඇවිත් පරාජය භාර ගන්න බැරිව රටත්, ජාතියත් පාවා දීමට කටයුතු කරනවා” .
 
මේ කතාව කියන්නට කලින් එතුමා ගෝල්පේස් එකේ රවුමක් දිව්වේ ඔන්න ඕකටය.  එහෙම දිව්වම එතුමා ක්‍රීඩකයෙක් බව ඔක්කොම දැන ගන්නවාය. මන්දිරේ ඇතුලේ ජිම් එකේ දිව්වට කවුරුත් දැන ගන්නේ කොහොමද?
 
මෙහෙම  දුවන එතුමා  රට පාවලා දෙනවා කියලා කාටවත් කියන්න බැරිය .
 
මොකද කිව්වොත්  රට පාවලා දෙන්නේ ක්‍රීඩා නොකරපු අයනෙ.
 
දැක්කා නේද ලංකාවේ  ක්‍රීඩාව හා දේශපාලනය කරන්න ඕනේ විදිය.