Posts Tagged ‘13+’

මෙතුවක් කල් මේ ආණ්ඩුවේ ආරක්ෂකයින් වශයෙන් පෙනී සිටිමින්  දේශභිමානි  දේශප්‍රේමී ගී ගැයූ වීරවංශ  සහ චම්පික උතුමන්ලාගේ රාජකාරිය හමාර වී තිබෙන බවකි. දැන් අවශ්‍යව ඇත්තේ 13 + වෙනුවෙන් නොබියව පෙනී හිටින වීරයන්ය. ඒ ජාතියේ එක වීරයෙක් දැනටම කල එලි බැස තිබේ. ඒ ඇමති ඩිලාන් පෙරේරාය. මේ ඇසෙන්නේ එතුමාගේ හඬය. 

උතුරේ සාමාන්‍ය මිනිහටයි දකුණේ සිංහලයන්ගේ සාමාන්‍ය මිනිහටයි ප්‍රශ්නයක් නැහැ.

ඒ අයට දහතුනද දහතුන ධන එකද දහතුන රින එකද කියන එක ‍නෙවෙයි ප්‍රශ්නය පාර,ලයිට්, ප්‍රජා ශාලාව, ඉස්කෝලෙ, ඉගෙනගත් අයට රැකියාවක්. ඒවට ප්ලස්  ඒ නිසා 13ට විරුද්ධවන උතුරේ ඉන්න අයටත් 13ට විරුද්ධ වන දකුණේ ඉන්න අයටත් 13 රින එක ධන එක කියාගෙන බෙරිහන්දෙන උතුරේ ඉන්න අයටත් දකුණේ ඉන්න සමහර උරුමේ කියාගන්නා කරුමක්කාරයන්ටත් මට කියන්න තියෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට ඕනෑ තමාගේ පළාතේ ඉඩම් ටික, තමාගේ පළාත්වල ‍පොලීසියවල වැඩකරනකොට තමාගේ භාෂාවෙන් වැඩකරගෙන තමාගේ පළාතේ තිබෙන ඉස්කෝල ටික ඒ පලාතට ඕනෑ විදියට පාලනය කරගන්න.

මගෙන් කවුරුහරි ඇහුවොත් බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන පාසල් ටික පාලනය කිරීම බන්දුල ගුණවර්ධන මහත්තයට දෙනවද නැතිනම් ඌව පළාත් අධ්‍යාපන භාර ශෂීන්ද්‍ර මහත්තයට දෙනවටද කැමැති කියල මං අත්දෙකම උස්සලා කියන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්තයට දෙනවට කැමැතියි කියලා.

මොකද ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්තයට තමයි අපේ පළාතේ අධ්‍යාපනය ගැන  තේරෙන්නේ. එතුමාට  දුන්න නම් කවදාවත් එතුමා මේ ද්විතීක පාසල් ක්‍රමය මේතරම් ඉක්මනට ගෙනැල්ල මේ අධ්‍යාපන අවුල ඇති කරන්නේ නැහැ.

ද්විතීක අධ්‍යාපන ක්‍රමය හොඳයි ගේන්න ඕනෑ සැලසුමක් ඇතිව සූදානමක් ඇතිව ක්‍රමානුකූලවයි.

අපි පුංචිකා‍ලේ කරුමක්කාරයෝ කියල නව කතාවක් තිබුණා. ඒක ලිව්වේ ගුණදාස අමරසේකර කියන මහත්තයෙක් ඒකේ තිබ්බේ හද්ද කුණුහරුප අපේ හාමුදුරුවනේ ඒකේ තියන සමහර කුණුහරුප මට මෙතැන කියන්න බැහැ. බැහැයි ඒ කුණුහරුප ලියපු සමහර මහත්තුරු දැන් අපේ උරුමය ගැන කතා කරනවා. හැබැයි ‍පොතේ තියෙන්නේ කුණුහරුප.”