Posts Tagged ‘ස්වර්ණවාහිනි’

PC-Boycott-03-300x212

ස්වර්ණවාහිනිය යනු පාහර වාහිනියක් බව අප මීට පෙර කිහිප වතාවක් ම කියා ඇත්තෙමු. ඒ ඔවුන් කරන ජඩ වැඩ නිසාය.
සෑම දිනකම මලමිනියක් විකුණා කා ජීවත් වන මේ පාහරවාහිනියේ ජඩ මාද්දිය කරුවෝ නුවර පලාතේ සිටින අමුම අමු හොර තක්කඩි පූසාරියෙක් සමග එක්ව අහිංසකයයින් රවටමින් රත්තරං ජාවාරමේ යෙදෙයි.

මේ සියලු පාහර වැඩ පරදන වැඩක් ඔවුන් ඊයේ රාත්‍රි ප්‍රවෘත්ති වලින් කලේය.

ඒ පාසල් සිසුවෙකු හරක් හොරෙකැයි කියමින් අමන මිනිසුන් පිරිසක් විසින් ගස් බැඳ තිබු ඒ යොවුන් සිසුවා රටටම ප්‍රදර්ශනය කිරීමය. මේ දරුවා ඇත්තටම හොරෙක්දැයි අප නොදනිමු. සමහර විටක ඔහුත් සමග ඇති අමනාපයකට ඔහු අල්ලා ග බැන්දා විය හැකිය. ඔහු නිර්දෝෂිද නැත්ද යන්න  තීරණය කල යුත්තේ උසාවියයි. එතෙක් ඔහු නිර්දෝෂී මිනිසෙකි. නීතියේ මේ අවම මූලධර්මය ගැන තුට්‍ටුවකට මායිම් නොකළ ස්වර්නවාහිනි ජඩමාද්දිය කරුවෝ ඔහු වරද කරුවෙකු කොට රටටම ප්‍රදර්ශනය කලේ එම සිසුවාගේ ආත්මයම විනාශ කරමිනි.

ලොකු ලොක්කන් බිලියන් ගනනින් ජාතික ධනය සොරා කද්දි ඒ ගැන වචනයක් වත් නොකියන මේ ස්වර්නවාහිනි කරුවෝ පාසැල් සිසුවෙකු අල්ලා ගෙන මහා වීරකමක් කලා මෙන් හැසිරෙති.

මෙය ජඩකමක් නොවේනම් අන් කුමක්ද?

මෙවන් ජඩකම් කරන මේ පාහරවාහිනිය මිනිස්කමට ගරු කරන සියලු දෙනා විසින් වර්ජනය කල යුතුය.

 
සුවර්නවාහිනිය හිතන හැටියට මේ රටේ පොදු ජනයා නිතරම වැරදි කරන පිරිසකි. ඒ නිසා කවදාවත් වැරදි නොකරන සුවර්නවාහිනියේ සෝමා නෝනා ඇතුලු කට්ටිය එයාලගේ ලයි ඇට් එයිට් ප්‍රවෘත්ති ප්‍රචාරයේදී මේ රටේ ජනයාට වැරදි නොකර ජීවත් වෙන හැටි කියාදෙන්නට පටන් ගෙන තිබේ.
 
ඒ සඳහා රටේ මිනිස්සු කනකොට ,බොන කොට ,ඇවිදින කොට, වාඩි වෙනකොට, නාන කොට නිදාගන්නකොට සහ තව තව දේවලදී කරන වැරදි හොරෙන් වීඩියෝ කරගෙන ඇවිත් පෙන්වා මේ වැරදි කරන්න එපායැයි කියති.
ඊයේ ඔවුන් මේ සඳහා ‍තෝරාගෙන තිබුනේ අපේ රටේ ජනයා කෝච්චියට නගින කොට කරන වැරදිය.  ඊයේ ලොකේෂන් එක වුනේ වැල්ලවත්ත ස්ටේෂන් එකයි.
 
ඉතින් සුවර්නවාහිනිය අපිට  ප්ලැට්ෆොර්ම් එකේ සිට  කෝච්චියට නොනැග රේල් පාරට බැස පාරේ අනිත් පැත්තට ගොස් කෝච්චියට ගොඩ වෙන මිනිසුන් පෙන්වා එහෙම කරන එක හොඳ නැති බව කියයි.ඊලඟට නියමිත ගේට්‍ටුවෙන් ස්ටේෂමට  ඇතුල් නොවී වෙනත් තැන් වලින් ඇතුල් වී කෝච්චියට නගින මිනිස්සු හා අන්තිම මොහොතේ දුව ගෙන ඇවිත් කෝච්චියේ එල්ලෙන මිනිස්සු පෙන්වා ඔවුන් හොරෙන් යන අය බවත් , ඔවුන්ට දඩ වදින බවත් කියයි.
 
ඇත්තය. සහතික ඇත්තය. ප්ලැට්ෆොර්ම් තියෙද්දි රේල් පාරට බැසීම හොඳ නැත. එය අනතුරුදායකය. ඒත් මේ වැඩිහිටි මිනිසුන් එසේ කරන්නේ විනෝදයට නොවෙන බව සුවර්නවාහිනියේ සර්ව‍තෝභද්‍ර මහත්වරුන් නොදන්නවා නොවේ. ඔවුන් එසේ කරන්නේ ප්ලැට්ෆෝම් එක පැත්තේ හිටියොත් සමහර විට කෝච්චියට නගින්නටද බැරි වන නිසාය. කෝච්චිය එතෙන්ට එන්නේ පෙට්ටිය ඇතුලේ ඉන්නවාට වඩා පිරිසක් දොරවල් වල එල්ලා ගෙන නිසාය. පලමුවෙන් එන කෝච්චියේ කොහොම හරි යන්න හදන්නේ ඊ ලඟට එන කෝච්චිය ෂුවර් නැති නිසාය. කෙටියෙන් කිවහොත් ලංකාවේ දුම්රිය සේවය සම්පූර්ණයෙන්ම ෆේල් නිසාය.
 
ඒ  අසමත් කම ගැන වචනයක්වත් නොකියන සුවර්නවාහිනිය මුලින්ම එන කෝච්චියේ කොහොම හරි ගෙදර යන්න උත්සාහ කරන මිනිස්සු පෙන්වා පොරවල් වීමට හදයි.
 
ඊ ලඟට මෙයාලා කියනව  මිනිස්සු අන්තිම මොහොතේ දුව ගෙන ඇවිත් කෝච්චියේ එල්ලෙන්නේ ටිකට් ගන්නේ නැතිව  කෝච්චියේ යන්නලු. අනේ හාමිනේ ඔහේ දන්නේ නැත්ද හැමදාම කෝච්චියේ වැඩට එන මිනිස්සු , ගෑනු හැමදාම ටිකට් ගන්නේ නැතිය, ඒ වෙනුවට එයාලා මාසෙකට හරි මාස තුනකට සැරයක් සීසන් ටිකට් එකක් ගන්නවා කියලා. ඒ මිනිස්සු හොරෙන් වීඩියෝ කරලා පෙන්නලා ඔවුන්ට අපහාස කරනවා ටිකට් නැතිව හොරෙන් යනවා කියලා.
 
අනේ අපි නොදන්න හරින්දයාගේයි සෝමගෙයි  මැනර්ස් පාඩම්

 

මා වැනි බිලින්දා
ඩෙංගු හැදිලා මැරෙන හන්දා
හරින්දා හා අපේ  සෝමා නැන්දා
කැවුම් කිරිබත් කයි නිබන්දා

සටහන- ඩෙංගු වෙනුවට ඕනෑම හේතුවක් ආදේශ කර ගත හැක

නෙත් එෆ් එම් යනු මෙරට ඇති නාලිකාවලින් යම් තරමකට හෝ ප්‍රගතිශීලි ලක්ෂණ පෙන්වන ගුවන් විදුලි නාලිකාවකි. එය සමාජයට විනකරන මිනිසුන් හෙලිදරව් කිරීමෙහිලා එය හොඳ ධෛර්යක් පෙන්වයි.

 විශේෂයෙන්ම, ස්වර්ණවාහිනිය නැමති මලමිනී නාලිකාවෙ පූර්ණ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන , රාජසභිකයන්ගේ  පවා අනුග්‍රහය ලබන ,ගාලේ තැන්නේ ආනන්ද ගාමිණි නැමති හොර තක්කඩි දේවගැතියා  හෙලිදරව් කිරීම ඉන් ප්‍රමුඛ තැනක් ගනී.
 
එසේම ඔවුන් පසු ගියදා අවිස්සාවෙල්ලේ සෝභිත නමැති ජාවාරම්කාර භික්ෂුව ගැනද අපූරු වැඩ සටහනක් ඉදිරිපත් කරමින් ඔහුව සම්පූර්ණයෙන්ම නිරාවරණය කලේය.
එම ක්‍රියාදෙකම ඉතාමත් අපූරුය. හොඳ වැඩට හොඳයි කියා කිව යුතුය. (අපේ විචාරකයින් නිතරම කියන්නේ අප එසේ නොවන බවයි. )
 
මේ තක්කඩින් දෙදෙනාම මිනිසුන් මුලා කලේ දේව භක්තිය හා ජ්‍යෝතිෂය ගැන මිනිසුන්ට ඇති අන්ධ භක්තිය ප්‍රයෝජනයට ගනිමිනි.
 
එම තක්කඩින්ගේ තක්කඩි ක්‍රියා එසේ හෙලිදරවු කල නෙත් එෆ් එම් චැනලයම තක්කඩි ජ්‍යෝතිෂකාරයෙක් යොදා ගනිමින් මිනිසුන් මුලා කරමින් ඔවුන්ව අමාරුවේ දැමීම විස්තර කල යුත්තේ කෙසේදැයි අප නොදනිමු.
ඔවුන් විසින් පවත්වාගෙන යන ජ්‍යෝතිෂ වැඩ සටහනකට පසු ගියදා ඇටමැස්සාට අහම්බෙන් අසන්නට ලැබුනේය.අසන්නන් දුරකතනයෙන් අසන ප්‍රශ්නවලට ජ්‍යෝතිෂවේදියෙක් විසින් පිලිතුරු දෙනු ලැබේ. ඔහු විසින් අසන්නාගෙ අනාගතය ගැන එහිදී උපදෙස් දෙයි. ඒ සඳහා ඔහුට අවශ්‍ය අදාළ පුද්ගලයාගේ උපන්දිනය හා වේලාව පමණි.
 
මෙහිදි ඔහු ලබා දුන් සමහර පිලිතුරු හාස්‍යජනක වූ අතර සමහර උපදෙස් ඉතාමත් මෝඩ ඒවා විය.
 
අවුරුදු දහයට අඩු ලමයින් ගැන මවු වරුන් ප්‍රශ්න ඇසූ සෑම විටම ඔහු කියා සිටියේ එම ලමයාට ඒරාෂ්ටකයක් ඇති බැවින් අවුරුදු 12 හෝ 15 වනතෙක් දරුවා ගින්දරින් , විදුලියෙන් හා ජලයෙන් ආරක්ෂා කර ගත යුතු බවයි. එසේම නිතරම දරුවා ගැන ඇස ගසා ගෙන සිටිය යුතු බවයි.
 
අවුරුදු 10 ට අඩු දරුවන් හොඳින් බලා ගතයුතු බවත්, ගින්දරට හෝ විදුලියට නිරාවරණය වුවහොත් හානි සිදුවන බවත් කියන්නට උපන් වේලාව කිමකටදැයි අපට නම් නොතේරේ.
 
එසේම තම දරුවා ගැන ඇසූ  තවත් මවකට මෙම පුද්ගලයා කියා සිටියේ ඔහු කෙලිලොල් බවත් මහන්සි වුවහොත් විභාගය ජයගත හැකි බවත්ය. මහන්සි වුවහොත් විභාග ජයගත හැකි බව කියන්නට අපට නම් කාගේවත් උපන්දිනය හෝ උපන්  වෙලාව අවශ්‍ය නැත.
 
මේ සියල්ලටම වඩා කාලකණ්නි පිලිතුරක් මෙම තක්කඩියා ලබා දුන්නේ තම දහ හැවිරිදි දියනිය ගැන ඇසූ මවකටය. ඔහු එහිදී කියා සිටියේ එම දියණිය  සෙල්ලමට බර බවත් ඇය කිසි විටෙක නිවසින් පිට නවත්වා අධ්‍යාපනය ලබා දීමට සූදානම් නොවිය යුතු බවත්ය.
 
මෙම තක්කඩියාගේ උපදෙස් නිසා එම දියණියට සමහර විටෙක ජීවිතයේ අනගි අවස්ථාවන් අහිමි වන්නට ඉඩ ඇත.
 
තමන් මහා ප්‍රගතිගාමි සමාජ මෙහෙවරක් කරන බව කියමින් අනුන්ගේ ඇද සොයන නෙත් එෆ් එම් නාලිකාව මුලින්ම කල යුත්තේ මිනිසුන්ගේ , ගැහැණුන්ගේ හා දරුවන්ගේ ජීවිත අඳුරට හෙලන මෙවන් විකාර වැඩ සටහන් නැවැත්වීමය.
 
එස් බී නමැති මුග්ධ   දේශපාලකයාගේ  මුග්ධ  අදහසක්  අනුව  ක්‍රියාත්මක  කල  සරසවි සිසුන්   සඳහා ලබාදුන් ඊනියා නායකත්ව පුහුණුව හෙවත්  ආණ්ඩුවේ  නිල    නවක  වධය  පිලිබඳ  සැබෑ  තතු   අප මීට  පෙර  හෙළි කළෙමු
 
එම හමුදා  පුහුණුවේදී  සිසු සිසුවියන්   කොතරම්  අපහසුතාවයන්ට  ලක් කරන්නේදැයි යන්න  එයට සහබාගි වූ  වූවන්  විසින්ම   හෙලිකරද්දීත්තමන් එම පුහුණුවට සහබාගි වුවන් ලෙස හඳුන්වා  ගනිමින් එම ලිපියට  කොමෙන්ටු    දැමු  සමහරුන් ආණ්ඩුවට කඩේ යමින් කියා  සිටියේ අදාළ ලිපිය ලියා ඇත්තේ එම පුහුණුවට සහබාගි වුවෙකු නොවන බවත් එය හුදු මඩ ගැසීමක් පමණක් බවත්ය.
 
 එතැනින් නතර නොවූ මේ  බත්  බැලයන්  කියා සිටියේ අදාළ පුහුණුව මාර ආතල් එකක් වූ බවත් තමන් ජීවිතේ කිසි දිනෙක එවැනි සැපක් නොවිඳි  බවත්ය.
 
දියතලාව යුද හමුදා කඳවුරේ මේ පුහුණුවට සහබාගි වෙමින් සිටින   අතරතුර රෝගාතුරවූ 20 හැවිරිදි නිශාන්ති මධුෂානි නමැති ශිෂ්‍යාව  බදුල්ල රෝහලේදී මියගොස් තිබේ.ඇයගේ මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ අධික දූවිලි සහිත පරිසරයක ගැවසීම නිසා පෙනහලුවලට විෂබීජයක් ඇතුළුවී ඇති නිසා මෙම මරණය සිදුව ඇති බවයි.
 
සිසුන්ට රිදවා කුරිරු සතුටක් ලබන  මානසික රෝගී ඇමතියන්ද,  පුහුණුව අනිවාර්ය කරමින් , පුහුණුවට සහබාගි නොවන්නන්ට සරසවි ඒමට නොදෙන්නේ යි කියමින් පාරම් බෑ බඩ තඩි ලේකම්ලාද , පුහුණුවේ ආතල් ගැන කුලියට ලියු බැලයන්ද ,  දැන් මුක පූට්ටු  කරගෙන සිටිති.
 
මිය ගිය සිසුවිය ගැන වග කියන්නට එකෙක්වත් නැත.අඩුම තරමේ ඇය මිය ගිය පුවත පුවත  , මල මිනි  විකුණා  කෑම   තම ජීවිකාව කරගත්  ස්වර්ණවාහිනියට  පවා  පුවතක්  නොවේ. 
 
මෙම පුහුණුව පැවැත්වීමට මෙම මිස්ටර් බීන් ලාට තිබුනේ පුදුම තදියමකි.  දැනුම් දී දින කිහිපයක් තුල එයට සහබාගි වීමට සිසුන්ට සිදු විය.  ඒ බරපතල ලෙස ඔවුන් බිය ගන්වා තිබියදීය. 
 
මෙම පුහුණුවට සහබාගි  නොවන්නේ  නම් සරසවි  ඒමට නොදෙන්නෙමි යි  කියන වහසි බස් තුල සිසු සිසුවියන්  තමන්ට   කුමන   රෝග  තත්ත්ව තිබුනද,  ඉතා අමාරුවෙන් දිනා ගත්    සරසවි වරම් මෙම  ඔල මොට්ටල දේශපාලන තීන්දු නිසා අහිමි   වේ යයි සිතා  එයට සහබාගි විය. දෙමවුපියන්ද බියේ ගැහෙමින් තම දරුවන් කඳවුරු වෙත එවීය.
 
කෙසේ නමුත් අවසානයේ සිදුව ඇත්තේ අහිංසක දෙමවුපියන් විසින් වසර විස්සක් තිස්සේ අසීරුවෙන් හදාවඩා ගත් දියණියක , අමන දේශපාලකයින්ගේ ඔලමොට්ටල තීන්දු නිසා ඔවුන්ට අහිමි වීමය. 
 
 
සටහන –  ඇය මිය ගොස් ඇත්තේ උපතේ පටන් තිබු රෝගයකින් යයි මේ බැලයන් ළඟදීම සොයා ගැනීමට ඉඩ ඇති අතර  දිවයින, ස්වර්ණවාහිනිය ප්‍රමුක  බත් බැල පුවත්පත් හා රූපවාහිනී  නාලිකා වලින් ඒ බව ජනතාවට දැනුම් දෙනු ඇත. ජනතාවද ඒ බව හිස් මුදුනින් පිලි ගනු ඇත.
 
කුඩා ළමයින්ගේ මොලයේ ක්‍රියාකාරිත්වයට හානිදායක ඊ  319 නමැති රසකාරකය  ඇස්ට්‍රා මාජරින් වල අඩංගු බව හෙළිදරව් වීම නිසා  එහි දවටනයේ අවුරුදු  3 න් පහල ළමයින්ට හානිදායක බව සටහන් කල යුතු යැයි කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය ඇස්ට්‍රා නිෂ්පාදකයින්වන ලිවර් සමාගමට නියෝග   කර ඇත.
 
මෙම ඊ-319 සංයෝගය මොලයට  පමණක් නොව වකුගඩු හා ස්නායු පද්ධතියටද හානි කරන අතර බොහෝ බටහිර රටවල එය ආහාර සඳහා යෙදීම තහනම් කර ඇත.
 
මෙම සිදු වීම සිදු වී දැනට දින කිහිපයක්  ගත වුවද කිසිම ප්‍රධාන මාධ්‍යයක මේ ගැන සටහන් වුයේ නැත. අපේ රටේ මාධ්‍ය  තරම් පොදු ජනයාට පක්ෂපාත ,ආදරේ, අනුකම්පා කරන මාධ්‍ය ලෝකයේ වෙන   කොහේ වත්  තිබේ දැයි සැක සහිතය.  ඒවායේ වැඩ කරන  මාධ්‍යවේදින්ද  ඊට දෙවැනි නැත. ඔවුන්ගේ ඉහින් කනින් මානව භක්තිය බේරෙනවාය . සර්වාංගයම මානව දයාවෙන් පෙඟීලාය.
 
පොදු ජනයාට අසාධාරණයක් වන විට ඔවුන් යක්ෂයන් මෙන් ආවේශ වී පුවත් පත් පිටු ගණන් පුරවති. රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා තුලා පැය   ගණන් කඳුළු සලති. කුඩා දරුවෙකු හදිසි අනතුරකින් මිය ගිය විට මළකඳ පෙන්වමින් ස්වර්ණවාහිනියේ  මිනී කාක්කන් හඬන සැටි බලා ඉන්නට අජූවය.
 
එවන් වූ මානව හිතවාදීන් මෙම බහු ජාතික සමාගම් ජාතියේ කුඩා දරුවන්ට වස කවන විට ඒ ගැන වචනයක්වත් නොපවසත්.  මෙවැනි අධිකරණ තීන්දුවක් ඇති බව දැන දැනත් ඔව්හු තවමත් ඇස්ට්‍රා වෙළඳ දැන්වීම් පල කරති.
ජාතියේ සෞඛ්‍ය බාර මාධ්‍යවේදිනිය වන ඒමන්ති නෝනා මේ ගැන  තම  දේශප්‍රේමී  දිවයින  පුවත් පතේ  ඉතා කුඩාවට  ලිපියක්  පළකරන්නේ අදාළ නිෂ්පාදනයේ නම පවා සටහන් නොකරය. 
 
” ළදරුවන්ට හා ළමයින්ට හානිකර ඊ 319 නමැති රසකාරකය අඩංගු මාජරින් වර්ග දෙකක්‌ හා බිස්‌කට්‌ වර්ග කීපයක්‌ දේශීය වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එල්. පී. රෝහණ මහතා “දිවයින” ට පැවසීය.”
සමහර විටක මේ දේශප්‍රේමී මාධ්‍යකරුවන්ට ජාතියේ ළමා පරපුරට වඩා බහුජාතික සමාගම් වලින් ලැබෙන වෙළඳ දැන්වීම් හා තුටු පඬුරු වැදගත් වනවා වෙන්නට ඇත.

සටහන- කවදත් මුදලට විකිණෙන මාධ්‍ය කරුවන් තබා  පසු ගිය දිනවල ආසනික් ගැන මහත් සේ තප්පු ලෑ ජාතික චින්තකයින්වත් ,  උන්ට උඩ  ගෙඩි දුන් කුප්‍රකට උපවාස කරුවන් හෝ පාර්ලිමේන්තු ගිය ගනින්නාන්සේලාවත් මේ ගැන මුව සෙලවූයෙවත් නැත.  මේ සියලු දෙනාම අද සිටින්නේ ඇස්ට්‍රා කෑ ගොළුවන් සේය.


අග්‍ර විනිශ්චය කාර ශිරානි බණ්ඩාරනායක මහත්මිය උසස් පෙළ විභාගය කරන කාලයේ අද මෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වර්ජනයක් තිබුනා නම් ඇයට අග්‍ර විනිශ්චයකාර කමට එන්නට ඉඩ නොලැබෙන බවත් , ඇයට සිදු වන්නේ ගෘහනියක් වී පොල් අතු විවීම වැනි දේවල් කර ගෙන සිටීමට බවත් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්දන මහතා පසු ගියදා පැවසුවේය. ඇටමැස්සා ඒ කතාව ඇසුවේ මෙවැනි විහිලු කතා හා මළ මිනි විකිණීම හැර අන් යමක් තම ප්‍රවෘත්ති විකාශ තුලින් නොකරන ස්වර්ණවාහිනියෙනි.

මෙහෙව් කතාවක් කියන්නේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සාධාරණ වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා මුදල් නැතැයි කියමින් රාජ්‍ය විශ්විද්‍යාල පද්ධතියම අකර්මන්‍යව කඩා වැටෙන්නට ඉඩ හැර ඒ අතරම තම සුඛ විහරණය සඳහා මහජන මුදල් කෝටි ගණන් වැය කරන ආණ්ඩුවක ඇමැතියෙකි

ඔහු මේ කතාව කියන්නේ සරසවි ඇදුරන්ගේ උසස් පෙළ විභාග උත්තර පත්‍ර සමීක්ෂණය වර්ජනය කඩා කප්පල් කිරීමට පාසල් ගුරුවරුන් යොදා ගැනීමට තැත් කරන අතර වාරයේය. ප්‍රබල ගුරු සංගම් කිහිපයක්ම එම ප්‍රයත්නයට මේ වන විටත් තම විරුද්ධත්වය පල කර ඇත. ඒ සිසුන් ලක්ෂ ගණනක් පෙනී සිටින ඔවුන්ගේ ඉරණම තීරණය කරන එම විභාගයේ ප්‍රමිතීන් රැක ගැනීම වෙනුවෙනි.

අග්‍රවිනිශ්චය කාර පදවියට ඒමට තරම් කුසලතාවක් තිබෙන අයවලුන්ට පොල් අතු විවීමට හෝ දර පැලීමට සිදු වන්නේ සරසවි ඇදුරන්ගේ හෝ වෙන කාගේවත් වර්ජන නිසා නොව බන්දුල ගුණවර්ධන වැනි ඇමතියන්ගේ ක්‍රියා නිසා බව ඒ අනුව ඉතාමත් හොඳින් පෙනී යයි.

ඇත්තටම බන්දුල ගුණවර්දන ඇමතිවරයා කියන පරිදි සරසවි ඇදුරු වර්ජනයක් නිසා යමෙකුට පොල් අතු විවීම හෝ වෙනත් එවැනි රැකියාවන් ට යාමට සිදු වීමට ඉඩ තිබුණි නම් , බන්දුල ගුණවර්දන ඇමති වරයා උසස් පෙළ විභාගය කරන සමයේ එවන් වර්ජනයක් නොතිබීම ගැන අපි ඉතාමත් කම්පා වෙමු.

මක් නිසාද යත් එසේ වුවා නම් බන්දුල ඇමති වරයාට ද සරසවි යාමටද , ඉන්පසු ටියුෂන් ගුරුවරයෙකු වීමටද , ඉන්පසු ඒ අනුහසින් ඇමතිවරයෙකු වීමටද නොහැකි වන්නේය. එසේනම් ඔහුද පොල් අතු වියා හෝ කොහේ හෝ හෝටලයක දර පලා හෝ ඉන් ලැබෙන මුදලින් හවසට කසිප්පු ටිකක් බී නම්බුකාර ජීවිතයක් ගෙවනවා ඇත.

රටේ මහජන මුදලින් කා බී මෙවැනි මළ විකාර මෝඩ කතා කියනවාට වඩා ඇත්තෙන්ම එය නම්බුකාරය. එය රටටද හොඳය.

.

 
සංගක්කාර ඇතුළු ක්‍රිකට් නඩය ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තානම්   ඒක ඇතුලට බැහැලා මාසයක් දෙක දිය බුන් ගහන්නට බලා ගෙන හිටි ආණ්ඩුවට ක්‍රිකට් කණ්ඩායමේ දේශද්‍රෝහී කම නිසා  එල්ලෙන්නට වැලේ වැල් නැතිව ගියේය. එහෙවු  ආණ්ඩුවට බෑන් කී මූන් හොඳ මහත කඹයක් අඹරා දී තිබේ. එල්ලෙන්නට පමණක් නොව ඕනේ නම් මේ අවුරුදු මාසයෙත් වෙසක් මාසයෙත් ඔන්චිලි පදින්නටද ඒ කඹය  ප්‍රමාණවත්ය.
 
බෑන් කී මූන් ගේ උපදේශක කමිටු වාර්තාවට විරුද්ධව මහා පරිමාන යුද්ධයක් ආරම්භ කිරීමට ආණ්ඩුව සැරසෙන බවක් පෙනෙන්නට  ඇතිය. ලෝක කම්කරු දිනයද ඒ වැඩේට යොදා ගන්නට යන බවකි. කොහොම හරි වැඩේ මාස දෙකක් ඇද ගත්තොත් ගොඩය.  ඒ වෙනකොට අලුතින් කුමක් හෝ දෙයක් ලැබෙනු ඇත. දැන් කල යුතුව ඇත්තේ මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමය. 2009 මැයි මාසයෙන් පසු මෙවැනි ආතල් එකක් ලැබී නැති නිසා වැඩේ හරියට   කර  ගත යුතුව ඇත. පෙනෙන  හැටියට නම් වැඩේ නැගලා යනු ඇත. 
 
ඒ සඳහා මාධ්‍ය හරහා යුද්ධය පටන් ගෙන ඇත. එහෙත් තවම වීදි සටන් ආරම්භ වී නැත. දැන් ඒ සඳහා කාලයයි. තවත් පමා විය යුතු නැත.
 
ආරම්භයක් වශයෙන් මල්වංශ යොදා ගෙන  එජා කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් හෝ දෙකක් කල හැක. එයට හොඳ ගරා යකුමක් ද ඇතුල්  කල යුතුය. බෑන් කී මූන්ගේ හා උපදේශක කමිටුවේ පඹයන් කීප දෙනෙකුඳ ගිනි තබා විනාශ කල යුතුය. මිනිහා කොහොමටත් තියාගෙන ඉන්නේ ඔයාකාරයේ වැඩට නොව.
 
ඉන්පසු ලෙමන් පෆ් පැකට් කීපයක් සොයා දී ඔහු ලවාම  උපවාසයක් කර වීම  මනාය. මේවා සියල්ල රූපවාහිනියෙන් සජීවීව  පෙන්විය යුතුය.  ජනතාවට ගැම්මක් එන්නේ එවිටය. උපවාසය  කරන අතර වටේ සිටින සපෝටර් ලාට කෑම බීම අරක්කු ආදිය සප්ලයි කිරීමට  අමාත්‍යාංශයට අයිති සංස්ථා වලටම පැවරිය හැකිය. අවවාදයක් වශයෙන් දිය යුත්තේ එතුමා බංගලාදේශයට ගොස් ආපසු එන තෙක් උපවාසය පටන් නොගන්න ලෙසය. නැත්නම් වතුර පොවන්නේ කවුද?
 
චම්පික උන්නැහේද අමතක කල යුතු නැත. උන්නැහේටත් ලොකු කාර්ය භාරයක් තිබේ. අඩුම තරමේ පෙළපාලි කීපයක් වත් සංවිධානය කර ගැනීමට.
 
එසේම ඇට්ටි හැලෙන ප්‍රවෘත්ති කඳුළු ගලන , කර්තෘ වාක්‍ය පල කිරීමෙන් , ගාමිණී සුමනසේකර හා කරුණාදාස සූරියාරච්චිටත්  හොඳ සපෝර්ට්  එකක් දිය හැක. මහින්ද අබේසුන්දර ගේ විමසුම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැත. වික්ටර් අයිවන්ටත් සෑහෙන වැඩ කොටසක් බාර දිය හැක. එයා කොහොමටත් වැඩේට බසිනු ඇත.
 
ඒ ලියන දේවල් ගැන  පලිප්පු  දමමින්  ස්වර්ණවාහිනියේ මුල් පිටුවේ කියවීමට බන්දුල පද්ම කුමාර උන්නැහේට හැකිය. ස්වර්ණවාහිනියේ  හා-රේන්ද   ට ද  මල මිනි විකිණීමට අමතරව  බෑන් කී මූන් පට්ට  ගැසීමට විනාඩි  කීපයක් වෙන් කර දිය යුතුය.
 
මේ හා සමාන තව බොහෝ දේවල් ඉදිරියේ සිදු වෙනු ඇත. ඒ අතරේම මෙතරම් ජාතික විපත්තියක් හමුවේ බස් ගාස්තු, කිරිපිටි ආදියේ මිල ගැනද කතා කරන දේශද්‍රෝහීන් ද සිටිනු ඇත. අප ජනයා උන්ගෙන් පරිස්සම් වීම මැනවි.
 
 කෙටියෙන් කිව්වොත් සිද්ද වෙන්නට යන්නේ නැවත උපන් ප්‍රභාකරන් හෙවත් බෑන් කී මූන් හා අපේ මහා දේශප්‍රේමින් අතර සටනකි. එයට එරෙහි වන්නන් යනු දේශද්‍රෝහීන් ය. ඔබ දේශප්‍රේමියෙක්ද දේශද්‍රෝහියෙක්ද යන්න ඔබ දැන් තීරණය කර ගත යුතුය.
 
 
සටහන- 1 විපක්ෂයද නිකම් ඉන්නේ නැති බවකි. සජිත් ප්‍රේමදාස නම් තමාගේ පමා වූ දේශප්‍රේමයේ හිඟ පාඩු               අල්ලන්නට   මෙන්  ආණ්ඩුවටත් කලින් වැඩේට බැස ඇත.
 
සටහන -2 අපේ බ්ලොග් කරුවන්ට ද  පරණ පවු  සෝදා ගැනීමට, හැක් නොවී සිටීමට , විදේශ ගතව සිට පොර ටෝක් දෙමින් සිටි අයට, නැවත හොඳ පොතට නම දා ගැනීමට අවශ්‍ය නම් මෙය කදිම අවස්ථාවකි. එන්න ප්‍රයෝජනයට  ගන්න
 

මේ අවුරුදු කාලේ තෙල් බේරෙන කැවුම් ගෙඩි වාගේ හිනා වේවි ප්‍රීතියෙන් සිටින  ජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු ඇඟවීමක් නිකුත් කරලාය. ඒ රතිඤ්ඤා ගැන නොව ඩෙංගු රෝගය ගැනය. ඩෙංගු රෝගය ආයෙමත් සැරයක් හිස ඔසවමින් ඉන්න බවත් , සෞඛ්‍ය  කොට්ටාස 18 ක් රතු කලාප විදියට නම් කරලා තියෙන බවත් කියනවාය.

මේ අවුරුද්දේ ඩෙංගු රෝගීන් 2969 ක් හම්බ වෙලා . 31 දෙනෙක්  රෝගයෙන් මියැදිලා.

දැන් එතුමලා අපිට අනතුරු අඟවනවා පරිස්සම් වෙන්ට කියලා. ඒක තමා එතුමා ලාගේ, ඒ කිව්වේ සෞඛ්‍ය අමාත්‍යංශයේ,  රාජකාරිය වෙලා තියෙන්නේ. අනතුරු අඟවන එක. ජාතික ධනයෙන් කෝටි දහස් ගානක් අවුරුදු පතා වියදම් කරන්නේ  වසංගතයක් එන කොට ඒ ගැන අනතුරු අඟවන්ට. රෝගිවන්නන්ගේ හා  රෝගයෙන් මිය යන්නන්ගේ සංඛ්‍යා ලේඛන ලබා දීම විතරයිද මන්දා උන්දලා දන්නා රාජකාරිය.

ඩෙංගු රෝගය සම්බන්ධව හැසිරෙන විදිය ගත්තාම නම් ඊට වැඩි යමක් උන්නැහේලා කරන්නේ නැහැ. ඊට වැඩි යමක් කරන්න එයාලට ඕනේ නැතිද? හැකියාවක් නැතිද ? එහෙම නැත්නම් දෙකමද?

වැස්සත්  එක්ක ඩෙංගු පැතිරීම වැඩි වෙන කොට  පටන් ගන්නවා, ගෙවතු සුද්ද කරනවා , ශ්‍රමදාන තියනවා    ,පෝස්ටර් ගහනවා   , ඒ මදිවාට කියුබාවෙන් , අරහෙන් මෙහෙන් බැක්ටීරියා ගේනවා, ඒවා ඉහින්න හදනවා, දේශීය බැක්ටීරියා හදනවා, ටෙස්ට් කරනවා  . මාර වැඩ කෝටියයි.

ඊ ලඟට වැස්ස  පායලා වියලි කාලගුණෙත් එක්ක ස්වාභාවිකවම ඩෙංගු පැතිරීම අඩු වෙන කොට අර ඔක්කොම අමතකයි. සෞඛ්‍ය අමාත්‍යංශයට විතරක් නෙවේ, මිනිසුන්ට, මාධ්‍යවලට කාටත් අමතකයි. ඩෙංගු කියලා එකක් රටේ තිබ්බද කියලත් අමතකයි.

ඩෙංගු මර්ධනය පැත්තකින් තිබ්බත් ප්‍රතිකාර වලට පවා රජයේ රෝහල් වල පහසු කම් ඇත්තෙම නැති තරම්ය.  රෝගය කල් තබා හඳුනා ගත හැකි PCR  පරීක්ෂාවට ඕනේ කරන  උපකරණ එක රජයේ රෝහලකවත් නැතිය. සල්ලි ඇති රෝගීන්ට  අවශ්‍ය නම් පෞද්ගලික රෝහල් වලින් එම පරීක්ෂාවන් කර  ගන්ට හැකිය. .මෙතුමාල  කාබසීනිය  කරන කෝටි   ගානක්  මුදල් වලින් මේ පහසු කම් වැඩි දියුණු කරන්ටවත් හිතන පාටක් නැතිය

ඔන්න ආපහු වැස්ස ඇවිත් ඩෙංගු එනකොට මුන්නහෙලා නින්දෙන් ඇහැරිලා ඇවිත් අනතුරු අඟවනවා. සංඛ්‍යා ලේඛන නිකුත් කරනවා . රටක සෞඛ්‍ය අමාත්‍යංශයක වගකීම ඒකද? ඒක කරන්න ජන හා  සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට බාර දුන්න නම් සෞඛ්‍යට කියා වියදම් කරන කෝටි දහස් ගානක් මුදල් කන්දරාව ත් ඉතුරු වෙයි.

සටහන- දැන් අයෙමත් ස්වර්ණවාහිනියේ හා -රේන්ද ජය ලාල්ට කඳුළු වගුර වගුර හොටු පෙර පෙර  ඩෙංගු වලින් මල මිනිස්සුන්ගේ මල මිනී විකුනන්ට පුළුවන්.

 
අපේ  දේශපාලකයෝ  රටේ ජනතාවගේ  සාක්ෂරතා මට්ටම හරි ඉහලයි කියලා පම්පෝරි ගැහුවට එක එහෙම නෙවෙයි කියලා හිතෙන්නේ  ජනතාවට පත්තර ටික උදෙන්ම කියවලා දෙන්න  රූපවාහිනී නාලිකාවලයි , ගුවන් විදුලි නාලිකාවලයි තියෙන පොරේ දැක්කාම.
 
නා නා ප්‍රකාර  විදියේ කියවන්නෝ ඇවිල්ලා අපිට පත්තර කියවනවා. පුදුම  ආදරය ක්   . හැබැයි ඒ කියවන්නේ එයාලාට ඕනේ පත්තර විතරයි. ඒවායෙනුත් කියවන්න තෝරා ගන්නේ තමන් කැමති ප්‍රවෘත්ති , ලිපි විතරයි.
 
මේ කියවන්නෝ අතරේ ඉන්න ප්‍රධානයෙක් තමා   නමසිය හැත්තෑ ගණන් වල කුමරි, පති පතිනි, වගේ කුණු හරුප පත්තර වලට ලිය ලියා ඉඳලා , දැන් තමන් යටතේ වැඩ කරන කෙල්ලෝ ලව්වා   ජ්‍යෝෂ්ට  මාධ්‍යවේදී  කියලා කියවා ගන්නා  බන්දුල  මල් කුමාරයා.
 
එක මාධ්‍ය ආයතනයක ප්‍රධානියා වෙලා ඉන්න අතරේ තව ආයතනයක කුලියට පත්තර කියවන්න යන තරමට සදාචාරාත්මකව පහල වැටිලා ඉන්න මේ උන්නැහේ පත්තර කියවනකොට කරන දාන ගොන් පාර්ට් නම් හරිම අජූවයි. දෙකේ පන්තියේ ඉන්න ළමයින්ට පවා තේරෙන සමහර කාටූන් මිනිහා තේරුම්  ගන්නේ වැරදි  විදියට .
 
එහෙම නැත්නම් පෙනී පෙනීම තමන්ගේ හාම් පුත්තු සතුටු කරන්න බොරු කියනවා. කොහොමටත් ලේක්හවුස් එකට කෙලවිලා තියෙන කෙලවිල්ලේ හැටියට සපත්තු ලෙව කන්නේ නැතිව  බෙල්ල බේරා ගැනීම  අමාරු නිසා ඒ වගේ වැඩ කිසිම හිරිකිතක් නැතිව කරනවා.
මේ වගේ හාල් පාරුවන් ගැන කාලය නාස්ති කිරීම  තේරුමක් නැති දෙයක් තමා.
 
මේ උන්නැහේ ලා  හිතන්නේ  තමන්ටත් ,  තමන් ලඟ ඉඳ ගෙන පත්තර පිටු පෙරලලා දෙන  හා අනික් ඕනේ  එපා කම් ඉටු කරන කෙල්ලොන්ටත් ඇර ලංකාවේ ඉන්න  වෙන කාටවත් අකුරු බැහැ කියලයි.
 
ඊයේ උදේ ලංකාදීප පත්තරේ කියවන ගමන් .මෙයා කියෙව්වා එක ප්‍රවෘත්තියක්.
 
” කවුඩුල්ල ජාතික උද්‍යානය තාවකාලිකව වසා දමයි — මේ දිනවල පවතින ගං වතුර    තර්ජනය නිසා කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් තීරණය කරයි ”
 
ඔන්න ඔහොමයි මිනිහා කියෙව්වේ.
 
පහු ගිය දවස් වල වැහැපු හැටියට  වනෝද්‍යානය වහන්න නොවුනා  නම් තමා වැඩේ  කියලා හිතපු ඇට මැස්සා නිකමට තමන්ගේ අතේ තිබුණු  ලංකාදීප පත්තරේ දිහා බැලුවා .
 
” කවුඩුල්ල ජාතික උද්‍යානය තාවකාලිකව වසා දමයි — ඊයේ සවස නාඳුනන පිරිසක් විසින් කවුඩුල්ල කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුල පිහිටි  ආයුධ ගබඩාව කඩා ආයුධ තොගයක් පහර ගැනීම නිසා වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් තීරණය කරයි.  ”