Posts Tagged ‘ව්‍යවස්ථා සංශෝධනය’

නැවත වතාවක් මහා දේශප්‍රේමි සැණකෙලියක් ඇරඹී තිබේ.

රූපවාහිනි නාලිකවල ගිනි විසි වෙන දේශප්‍රේමි කතා ඇසේ. ගුවන් විදුලි නාලිකාවල උදේ සිට රෑ වන තෙක් දේශප්‍රේමී ,දේශාභිමානි ගී ඇසෙන්නේ   70 ගණන් වල වගා සංග්‍රාම කාලයේ දේශාභිමානි ගී ඇසුනාමෙනි. ඒ කාලයේ සිටි පාලකයෝ උන් බාසුමති හාලේ බත් කද්දී ජනතාවට මඤොක්කා කැවූහ. වෙනසකට ඇත්තේ දැන් පාලකයින් ජනතාවට කවන්නේ ඊනියා දේශප්‍රේමයේ  වස මිශ්‍ර කල පිදුරු වීමයි.

ආණ්ඩුව ලබන 27 දා මහා දේශප්‍රේමී අරගලයක් සඳහා  ජනතාව වීථි වලට කැඳවමින් සිටියි.  ඒ වෙනුවෙන් වැ‍ටුප් සහීත නිවාඩු, නොමිලේ ප්‍රවාහන පහසුකම් හා බාගෙට කුණු වූ බත් පැකට් පමණක් නොව අරක්කුද යහමින් සැපයෙනු ඇත.

ඒ කුමකටද?

27දා ජීනිවාහි ඇරඹෙන මානව හිමිකම් කොමිසම් සභා සැසිවාරයේදී ලංකාව මතට න්‍යෂ්ඨික බෝම්බයක් හෙලීමට යෝජනාවක් සම්මත කර ගනියිද? එසේ නැත්නම් ලංකාව සුනුවිසුණු කරන හමුදා මෙහෙයුමකට බටහිර බලවතුන් සූදානම් වෙයිද?

එසේත් නැත්නම් වීරවංශලාගේ මුකරි කටවලින් කියන පරිදි ලංකාවේ ජනාධිපතිවරයා ඇතුලු නායකයින් කුදාලාගෙන ගොස් එල්ලීමට හෝ විදුලි පු‍ටුවේ යැවීමට පිඹුරුපත් සැකසෙමින් තිබේද?

මේ සියල්ලටම පිලිතුර නැත යන්න බව අපිටත් වඩා හොඳින් දන්නේ රාජපක්ෂලා හා වීරවංශලාය. ආර්ථික ක්ෂේත්‍රයේ ඔවුන් කියන ඕනෑම දෙයක් දෙකට නැමී පිලිගන්නා රාජපක්ෂලා එලවීමට බටහිර බලවතුන්ට කිසිම උවමනාවක් නැත.

මේ ජිනීවා සමුලුවේ සිදු වෙන්නට යන්නේ , ශ්‍රී ලංකා ආණ්ඩුව  විසින්ම පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසංස්කරණ කොමිසම විසි න් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඒ ආණ්ඩුවෙන්ම ඉල්ලීමයි. ඒ හැර ආණ්ඩුව පෙන්වීමට උත්සාහ දරන අන්දමේ මහා කුමණ්ත්‍රනයක් නැත. නමුත් ආණ්ඩුවට අවශ්‍ය එවැන්නක් කර ගැනීමට හෝ අඩුම තරමේ එවැනි කුමන්ත්‍රණයක් ඇති බවක් මෙරට ජනයාට පෙන්වීමටය.

මේ මහා දේශප්‍රේමි වලිප්පුව ඒ වෙනුවෙනි.

ආණ්ඩුවේ ඉහල සිට පහල දක්වා දෝරේ ගලන්නා වූ දූෂණය, වංචාව හා නාස්තියත් කළමනාකරණයේ නොහැකියාවත් නිසා දිනෙන් දින අගාධයට යන්නා වූ ආර්ථිකය හමුවේ නැග එන ජනතා විරෝධය  යටපත් කර ගැනීම සඳහා මේ අසමත් ආණ්ඩුවට වෙන විකල්පයක් නැත. ඔවුන් දන්නේ එපමණකි. දේශප්‍රේමය අලෙවි කිරීම පමණි.

මේ මානව හිමිකම් සභාවාරය එනතෙක් ආණ්ඩුව බලා සිටියේ නො ඉවසිල්ලෙනි. ඒ අන්කිසිවකට නොව එයට මුවා වී ඉතිහාසයේ කවර කලකටත් වඩා වූ ප්‍රතිශතයකින් ඉන්ධන මිල වැඩි කර ගැනීමටය. විදුලි මිල ගෑස් මිල වැඩි කර ගැනීමටය. හරියට කල් යල් බලා ජිනීවා සමුලුවට දින කිහිපයක් තියා මිල වැඩි කලේ  එබැවිනි. එවිට එම මිල වැඩි කිරීමට එරෙහි වන ජනතා හඬ විදුලි පු‍ටු හා කුමන්ත්‍රණ ගැන ගල් පැලෙන බේගල් කියා යටපත් කල හැකි බවට හොඳ හැටි ගනන්  බලාගෙනය.

එම නිසා මේ 27දා ජනතාව පාරට බැසීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පමණක් නොව ජනතාවද පල් මෝඩයන් බව නැවත වතාවක් ඔප්පු වීමයි. ඒ හැර  අන් දෙයක් නැත.

මාර ආතල්ය. වීරවංශට ත් පෙරමුණේ රාලටත්  තව තව කට්ටියටත් හොඳටම  ආතල්ය. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉස්සරහ යකඩ වැට වල් පෙරලන කොට ෆුල් ආතල්ය. මේවා බලන් ඉන්න අපිටත්  ඩබල් ආතල්ය.condem එක condom  එකක් වුනා නම් අපිට තව ආතල් ගන්න තිබ්බේය.  

ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලේ එක්ක තරහ වුනාට ඔක්ස්පර්ඩ් ඩික්ෂනරියක් හරි බලලා condemn  කියන එක හරියට ලියා ගෙන ආවානම් අපිට මෙච්චර ආතල් නැතිය.

පෙරමුණේ රාල ත් ඉන්නේ ෆුල් ආතල් එකේය.ජනපති මහින්ද ඩයස්පෝරාවට බියේ තම දේශනය අවලංගු කල බව කියන මාධ්‍ය වාර්තා බොරු  බව ඔක්ස්ෆර්ඩ් සිසු සමුළුව ඉදිරිපත් කල නිවේදනයෙන් ඔප්පු වුන බව ඔහු කියයි.

ඒ නිවේදනයෙන් කියන්නේ දේශනය නැවත්වුයේ ආරක්ෂාව  නිසා බවයි  පෙරමුණේ රාල කියන්නේ.ආරක්ෂාව නිසා නවත්වන්නේ  මොනවා හරි කරදරයක් වේ යයි  බිය නිසා නොවේදැයි අපිට අහන්නට  හිතෙන්නේ නැත. එහෙම අසා ආතල් කඩන්නේ මොකටදැයි අපිට හිතේ.

එක පැත්තකින් ඔක්ස්පර්ඩ් සංගමයේ නිවේදනයකින් හෙළුව වහගන්න පෙරමුණේ රාල ඊළඟට ඔක්ස්පර්ඩ් සිසු සංගමයට , කථනයේ නිදහස ගැන දේශනා පවත්වයි. රාළට අනුව මින් පසු මේ කවුරුන් හෝ අපිට ( මේ අපිට කියාගන්නේ පෙරමුණේ රාල ඇතුළු පිරිස රෙදි නැතුවම කඩේ යන ආණ්ඩුව මිස මෙරට පොදු ජනයා  නෙවේ) කථනයේ නිදහස ගැන කතා කිරීම ගණිකාවක් පතිවත ගැන කතා කිරීම බඳු වේලු.

 පෙරමුණේ රාළට කථනයේ නිදහස මතක් වෙන්නේ දැන්ය. තමන්ගේ ලොක්කා පච වූ පසුය. එංගලන්තයේ කතන නිදහස ගැන ප්‍රශ්න කරන නමින් පෙරමුණේ වුනත් වැඩවලින් පසුමුනේ රාලට  , තමන්ගේ රටේ නිදහස් කථනය ගැන වගක් නැත.

තමන්ගේ රටේ මාධ්‍ය කාරයින් , විපක්ෂ ක්‍රියා කාරිකයන් වල පල්ලට යැවීම  , අතුරු දැන් කිරීම , ඔලු පැලීම  කතන නිදහසට අදාළ නැත. පෝස්ටරයක් අලවන , අත් පත්‍රිකා බෙදන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අල්ල ගෙන ගිහින් කූඩු කරන එක ඒ නිදහසට අයිති නැත. මාධ්‍ය ආයතන වලට ගිනි තැබීම, පහර දීම හා සීල තැබීම මාධ්‍ය නිදහසට අදාළ නොවේ.  

මේ පෙරමුණේ රාල ලාට කථන නිදහස මතක් වී ඇත්තේ දැන්ය. තමන්ගේ ලොක්කා ගේ කතාව නතර කළ පසුය. එක දේශපාලකයෙකුගේ  කතාවක් ඔහුගේ ආරක්ෂාව නිසා කියමින් නතර කිරීම නිසා ඔක්ස්පර්ඩ් සංගමය අසාර්ථක ආයතනයක් , එංගලන්තය  අසාර්ථක  රාජ්‍යක් නම් නම් ඉහත කී කරුණු නිසා ලංකාව අසාර්ථක රජයක් නොවන්නේ මක් නිසාද?

අනික අනුන්ට අසාර්ථක රාජ්‍ය කියලා ඇත දික්  කරන මේ උන්නැහේලාට ඇයි බැරි වුනේ  , තමන්ගේ ගමනට මේ විදියේ විරෝධතාවක්  එයි  කියලා කලින් දැන ගන්න. එතෙන්දීම රාලාලයි , රාලගේ ගුරා වන වීරවංශයි එයාගේ ආණ්ඩුවයි ඔක්කොම ෆේල් නේද?

එහෙම නැත්නම් මේ වගේ විරෝධාතාවක් එන බව දැනගෙනම ගියාවත්ද? කොහොමටත්  මාස තුන හතරකට සැරයක් වත් මෙයාලට  මේ  විදියේ විශාල  රංගනයක් ඕනේ වෙනවා ආණ්ඩුව පවත්වා ගෙන යන්න. අතර මැදින් ඔය ගස් බැඳීම් , වරායවල් , උමග , වගේ  පොඩි පොඩි කොමික් කෑලි දැම්මත් , මේ වගේ මෙගා නාට්‍යයක් නැතුව බැහැනේ දේශප්‍රේමය තියා ගන්න. මීට කලින් බෑන් කී  මූන් අල්ලාගෙන අර විහිලුවංශ මේ විදියෙම නාඩගමක් නැටුවානේ. ලොක්කා හිතුවද දන්නේ නැහැ, මේ සැරේ තමන්ම ප්‍රධාන නළුවට අඳින්න . ගිය සැරේ නළුවා වැඩේ කා ගත්තා නේ.

කරන්ට ගිය කතාව කර ගන්න බැරිව ආපහු හරි ඒමට සිදු වීම පෙරමුණේ රාළලාට අනුව ජයග්‍රහණයකි. එක ඇත්තය. ඒ මේ රට ඇතුලේය. මොනවා උනත් අය වැය ගැන, පඩි වැඩි වීම් ගැන , බඩු මිල ගැන  කතා නොකර ඉන්නවා නම් මාර ජයග්‍රහණයක් නේ නේද? හැබැයි අන්තර්ජාතික  වශයෙන් …………..   හපොයි.. මාර ආතල්..

 

    

ඔන්න පහුගියදා ව්‍යවස්ථා සංශෝධනේට පක්ෂව පෙලපාලි ගිහින් , පත්තර පි‍ටු පුරවලා, බ්ලොග් ලියලා, වොයිස් කට් දීලා, කෝච්චියේ බස් වල ,ඔ‍ෆිස් වල වාද විවාද කරල ,  විරුද්ද නොවී නිස්සද්දව ඉඳලා ,  ආදී නොයෙක් ආකාරයට මේ රටේ දේශප්‍රේමි, කලගුන දන්නා ජනතාව දීපු සහයෝගෙට ආන්ඩුව තවත් තෑග්ගක් එවලා.    

 කාපාන් පාන් කියලා පාන් ගෙඩියක මිල රුපියල් තුනකින්ම වැඩි කරලා.    

කොච්චර අපූරුද? යුද්දය දිනවපු  නායකයට  රටේ ජහමනයා  කලගුන සැලකුවා වගෙම උන්නැහෙත්  තමන්ට උදව් කරපු උදවියට කලගුන සලකනවා  .    

මේ වගේ කලගුන සලකන ජනතාවක්, නායකයෝ ඉන්නේ වෙන මොන රටේද? 
(හැබැයි පොඩි පුරස්නෙකට තියෙන්නේ, ඔය උදව්, ප්‍රති උදව් , මොනවටවත් සම්බන්ද නැති අපි වගේ දේශද්‍රෝහින්ටත් මේ විදියේ තෑගි ලැබෙන එක.මේ විදියට තෑගි එවන කොට මීට පස්සේ තම්න්ගේ ගෝල බාල රොත්තට විතරක් එවන්ඩ් බැයිද කියලා අහන්ඩ කැමතියි.)    

දැන් මේ පාන් ගෙඩියක මිල වැඩි කරන හේතුව පිටි සමාගම් මෙතුවක් කාලයක් බේකරි හිමියන්ට පිටි කිලෝ එකකට දුන්නු රුපියල් තුනක වට්ටම අයින් කිරීමලූ.    

පිටි සමාගම් පාන් පිටි කිලෝ එකක මිල රුපියල් තුනකින් වැඩි කරන කොට ග්‍රෑම් 450 බර පන් ගෙඩියක මිල රුපියල් තුනකින්ම වැඩි වෙන්නේ කොහොමද කියලා අපි දන්න ගනිත සාස්තරේට නම් තේරෙන්නේ නැහැ.    

සමහර විට කුරුනෑගල පැත්තේ ඉස්කෝල වල නමයේ පන්තියේදි උගන්නන්නේ මේ විදියේ ගනන් වෙන්න ඇති.    


හැබැයි ඊයේ නම් මේ ගැන කතා කරන්න ඉස්සරහට එව්වේ උප ඇමති තුමා. උන්නැහෙත් මේ ගනිත සාස්තරේ සූරයෙක් වගේ තමා කතා කොලේ. අල්ලපු දිස්ත්‍රික්කේ නොවැ.
    


උන්නැහැ ඇවිත් බේකරි හිමියන්ට කියනවා දැන් පාන් මිල වැඩි කරපු නිසා  නියම බරට පාන් ගෙඩිය  දෙන්න කියලා.
 
බේකරි හිමියොත් කියනවා ” හරි, හරි, පාන්ගෙඩියක මිල රුපියල් තුනකින්ම වැඩි කරපු නිසා අපි ට්‍රයි එකක් දෙන්නම්” කියලා.    

දැන් මේ ප්‍රකාශ වලින් අපිට නොකියා කියන්නේ මොනවාද?    

1.පිටි සමාගම්  කරපු මිල වැඩි කිරීම ගැන ආන්ඩුව කිසි දෙයක් කරන්නේ නැහැ. 
 
2. පිටි කිලො එකක මිල රුපියල් තුනකින් වැඩි කරන කොට පාන් ගෙඩියක මිලත් රුපියල් තුනකින්ම වැඩි කරන එක ගැනත් ආන්ඩුව නිස්සද්දයි. 
 
3. මෙච්චර කාලයක් බේකරි හිමියෝ පාන් ගෙඩිය අඩු බරට හැදුවේ ආන්ඩුවේ දැනුම හා සහයෝගය ඇතුව. 
 
4.මේ වෙලාවේ ආන්ඩුවට කොරන්න පුලුවන් හා කරන එකම දේ තමා නියමිත බරට පාන් හදන්න කියලා ආයාචනයක් කරන එක. 

 

   
කොහොම වෙතත් ඉස්සරහට මේ වගේ තෑගිනම් දිගටම ලැබෙයි වගේ. දැනටමත් කිරි පිටි වලටයි , බස් ගාස්තු වලටයි ඉල්ලීම් ඇවිල්ලානෙ තියෙන්නේ.  

   

     

  

 

 

 

 

සෑම කළු වළාවකම රිදී රේඛාවක් ඇතැයි යන්න සුප්‍රකට කියමනකි.

18 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා බැඳුන සිද්ධි දාමයේදීත් ඉහත කියමන නැවත වතාවක් සත්‍ය බව ඔප්පු විය.

ඔහුගේ වෙන මොන වැරදි තිබුනත් මේ ගැන අප ස්තුතිවන්ත විය යුත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාටය. ඒ මේ රටේ වාමාංශික දෙබිඩ්ඩන් හෙළිදරව් කිරීම නිසාය.තව දුරටත් තමන්ගේ දෙබිඩි චරිතය කරගෙන යාමට ඉඩ නොදීම වෙනුවෙනි.

මේ ඊනියා වම්මුන් උත්සාහ කලේ පනතට එරෙහි බව රටට පෙන්වමින් ව්‍යාජ විරෝධයක් දක්වන අතරේම මහින්දගේ ඔඩොක්කුවට වී රාජ්‍ය බලයේ වරප්‍රසාද භුක්ති විඳීමටය.

 එහෙත් මහින්ද එයට ඉඩ නොදුන්නේය. ” මගෙන් කනවා නම් මගේ වහල් වැඩත් කරපියව්, නැත්නම් බැහැපියව් එලියට” එක්කෝ පනතට පක්ෂව චන්දය දිය යුතුය. නැතහොත් සියලු වරප්‍රසාද වාසි, අතැර දමා ආණ්ඩුවෙන් එලියට බැසිය යුතුය.

මේ වන විටත් තම විප්ලවකාරී සළු පිලි ගැලවී ගොස් කලක් ගත වී තිබු මුත් දෑතින් හා දිග රවුලින් හෙළුව වසාගෙන විප්ලවකාරී , මාක්ස්වාදී, ට්‍රොට්ස්කිවාදී වාග්පාට දෙසාබාමින් සිටි මොවුන් තමන් සිටින්නේ කෙලෙසකදයි පවා අමතකව දෑතම ඉහලට ඔසවා සංශෝධනයට අනුමැතිය දුන්නේ ලෝකයටම තම නිරුවත පෙන්වමිනි.

මේ තත්වයෙන් ඔවුන් කොතරම් තක්කු මුක්කු වී ගියාද යි කිවහොත් තම පාවාදීම සාධාරණීකරණය කිරීමට හරි හමන් ප්‍රකාශයක්වත් හදා ගැනීමට නොහැකි විය.

තමන් පනතට විරුද්ධ නිසා එයට පක්ෂව චන්දය දෙනවා වැනි අපබ්‍රංශ ඔල්මොරොන්දම් කතා ඔවුන්ට කියැවෙන්නේ ඒ නිසාය.

දක්ෂිනාංශික බලවේග ගැන වීරවංශ පන්නයේ කතා වාසිදේවලාට කියවෙන්නේ ඒ නිසාය. මේ දක්ෂිනාංශික බලවේග මොනවාදැයි ඔහු කියන්නේ නැත.

ඔහු මේ කියන්නේ රනිල් ප්‍රමුඛ යූඇන්පිය ගැනද?

මේ යූඇන්පිය හා අනිකුත් විරුද්ධ පක්ෂ කොතරම් කොතරම් දුර්වලවී ඇත්දැයි මේ මහත්වරුන් විසින් දිනකට කීවතාවක් අපට පවසා ඇත්ද? ඒ නිසා වාසිදේවලා පවසන දක්ෂිනාංශික බලවේග යූඇන්පිය විය නොහැක.

එසේනම් මේ කියන්නේ වීරවංශ කියන විදේශ බලවේග ගැනද?

කව්රු දනිත්ද?

කවුරුන් වුවත් සියලු දක්ෂිණාංශික බලවේග වලට එරෙහිව සටන් කිරීම වීරවංශ තම භුක්තියට පවරාගෙන ඇති නිසා වාසිදේව ඇතුළු කල්ලිය දැන් කලයුත්තේ වීරවංශ ගේ පක්ෂයට බැඳීමය . එවිට ඔවුන්ටත් තුන්මුල්ලේ හෝ වැලමුල්ලේ උපවාස කරමින් සිටිත හැක. .