Posts Tagged ‘මැයි දිනය’

ආණ්ඩුව තමන්ගේ හැම මුකයක්ම  යොදා ගනිමින්   බෑන් කී මූන්ගේ අස්ථි  යුග්මය ගැලවීම සඳහා ජනතාව කැඳවීය.  ජනතාවද    මැයි දිනයදා   ලක්ෂ ගණනින්  කොළඹ ගොස් පිනට ලැබුණු බත් පැකට්ටුව කා , කසිප්පු පැකට්ටුව බී  විකටවංශ ලාගේ  පල් හෑලි     අසා  චූන් වී මග දිගට වමනේ දමමින් ගෙදර ආවේය. ඒ එනවිට   පොඩි  එකාගේ කිරි පිටි පැකට්ටුවට  කෙලාලාය.
 
මේ දිනවල අපේ රටේ දේශප්‍රේමය කොතරම් උතුරා යනවාද කිව්වොත් කිරිපිටි සමාගම්ද දේශප්‍රේමී වෙලාය. කිරිපිටි බී ජනතාව ලෙඩ වෙන නිසා දේශප්‍රේමී විදියට හිතන කිරිපිටි සමාගම් ඒවායේ මිල වැඩි කරලය.
 
දැන් විකටවංශ ගේ  අස්ථි යුග්මයේ එල්ලී සිටින දත් දොස්තරලාට හා කොන්දොස්තරලාට මූන් පතුරු ගැසීමට අමතරව , කිරි පිටි බීමේ අගුණ ගැනද  නැවත වතාවක් දිවයින පත්තරේ පිටු ගණන් ලිපි ලියන්නට  හැකිය.
 
එසේම   මේ විකටයන් ගේ බෙර පදයට නටන දේශප්‍රේමී ජනයාටද තමන්ගේ පොඩි එකා කිරි ඉල්ලා බඩගින්නේ අඬන විට  බෑන් කී මූන් ගේ වාර්තාව මරු  විකල්ලයෙන්  පතුරු ගහන  දිවයින පත්තරේ පුළුස්සා අළු  දියකර සකරින් ටිකක් දමා පොඩි එකාට පෙවිය හැක.
 
කිරිපිටි වගේද දේශප්‍රේමී අරගලය?
 
Advertisements
 
තුන්දාහකුත් එකක් බොරු පොරොන්දු දී ජනතාවගේ චන්ද බලය ගසා කා බලයටපැමිණ ආණ්ඩුව දැන්   මූන් නමැති බිල්ලා පේනවා මැයි දිනයද ගසා කෑමට සැරසේ. 
 
ආණ්ඩුව  තමන්ගේ සෑම ජනතා ද්‍රෝහී හෙළුව  වසා ගන්නට අඳින ඊනියා දේශප්‍රේමයේ කඩමාල්ල නැවත වතාවක් මැයි  දිනයේදීත් අඳින්නට සැරසෙමින් සිටී. 
 
 බොරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් පෙන්වමින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අර්ථසාධක අරමුදල ගසා කෑම ට ගොස් සේවක විරෝධතා හමුවේ පස්ස බිම ඇන ගත්   මොවුන්  මැයි  දිනයේදී  තමන්ට එල්ල විය හැකි දරුණු  විරෝධය  වෙනතක හැරවීමට විකටවංශ වැනි ජාතිවාදී   වචාලයන් යොදවමින් ජනතා අවධානය නැවත වතාවක් 2009 මැයි දක්වා රැගෙන යාමට  උත්සහ කරමින් සිටී.
 
ජනතාවට දුන් සියලු පොරොන්දු කඩ කරමින්, සියලු අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට අධික බදු පනවමින් සිටින මොවුන් දැන් කීසිම වැදගැම්මකට නැති බෑන් කී මූන් වාර්තාවේ එල්ලී ජනතාව රවටමින් සිටිනු මදිවාට  ඒ බොරුව වෙනුවෙන් මැයි දිනයද යොදා ගැනීමට සැරසේ.
 
මේ බොරුව පරාජය කල යුතුය.
 
ඒ නිසා මෙවර  මැයි දිනයේදී , මෙම ජනතාව රවටන ,ඊනියා දේශප්‍රේමී විගඩම පරාජය කරමින්  අර්ථසාධක අරමුදල, සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල හා විශ්‍රාම පාරිතෝෂිකය කොල්ල කෑම ට එරෙහිව  , පොරොන්දු වූ වැටුප් වැඩි කිරීම් ලබා නොදීමට එරෙහිව ,  බහු ජාතික සමාගම් වල අවශ්‍යතා වෙනුවෙන් ජනතා ඉඩම් කොල්ල කෑම ට  එරෙහිව,  හඬ නැගීමට සියල්ලන්  එක් විය යුතුය.
 
එසේම දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට, මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ නැගීමට මෙවර මැයි දිනය යොදා ගනිමු.
 
  ජනතා මුදල් ගසා කමින් බොරු දේශප්‍රේමයක් පෙන්වන විකටයින්ට දිය හැකි හොඳම පිළිතුර එයයි.