Posts Tagged ‘මර්වින් සිල්වා’

හා පිංවතුනි ධර්ම දේශනයට සවන් දීමට කලින් නමස්කාරය කියලා තුනුරුවන් සරණ යමු, කියන්න පිංවතුනි

නමෝතස්ස මරවිනෝ සුම්මා සම්බුද්දස්ස

මැරවින් සරණං ගච්ඡාමි
හෙරොයින් සරණං ගච්ඡාමි
කප්පම් සරණං ගච්ඡාමි

දැන් සාදු කියන්න පින්වතුනි

අනේ පිංවතුනි  බලන්න මේ දුර්ජනයෝ අපේ මැරවින් තුමාට කොච්චර අපහාස කරනවාද?

එතුමා වගේ අහිංසක , නිර්මල, සැදැහවත් , සුපිරිසිදු ,අවංක, ශීලාචාර , බෞද්ධාගමට ලැදි , ජන නායකයෙකුට ඒ වගේ කතා කියන එක කොච්චර වැරදිද පිංවතුනි.

එතුමා බෞද්ධ ශාසනයට මොනතරම් නම් සේවාවක් කරලා තියෙනවාද? අපි දන්නවා පිංවතුනි එතුමා හතර පෝයට සිල් ගන්නවා , මත් පැන් බිංදුවක් කටේ තියන්නේ නැහැ.

ඔය පිංවතුන් පොතකවත් දැකලා තියෙනවද අපේ මැරවින් ඇමති තුමා ප්‍රාණඝාත කරනවා කියලා. නැහැ, පිංවතුනි, එතුමා ඒ වගේ අකුසල කරන්නේ නැහැ. එතුමා හොරකම් කරන්නේ නැහැ,දූෂණ වංචා කරන්නේ නැහැ, එතුමා සද්ගුණවත් බෞද්ධ නායකයෙක්. ඒවගේ නායකයෝ ලබන රටක් පිං කරපු රටක් පින්වතුනි. ඒ වගේ රටක ඉන්න ඔබලාත් පිංකරපු උදවිය පින්වතුනි.

පින්වතුනි බුදු හාමුදුරුවන්ටත් හතුරෝ හිටියා, ඔය දෙවිදත්ත වගේ අය, එතකොට චිංචිමානවිකාව වගේ අය,

දැන් මේ කැළණියේ දෙවිදත්තලා අපේ කැළණියේ බුදු සාදුට ගල් පෙරලන කොට එතුමා මද කිපුනාද පිංවතුනි. ?
 නැහැ…

එතුම කිපුණේ නැහැ, එතුමා කෙලින්ම දුව ගෙන ආවේ අපේ පංසලට පින්වතුනි, විශ්වාස කරන්න .
එතුමා ඇවිල්ලා ඇහුවා අනේ හාමුදුරුවනේ මේ  දෙවිදත්තරලා මට අපහාස කරනවා , මගේ හිත කම්පා වෙලා , මගේ හිත හැදෙන්න බණක් කියන්න කියලා
අන්න එහෙමයි පිංවතුනි එතුමා හැසිරුනේ.

ඒ වගේ පුන්‍යවන්තයෙකුට තමා මේ දෙවිදත්තරලා අපහාස කරන්නේ

උන්ටනම් හෙණ හතම වදින්න ඕනෑ ,අම්මපා(සොරි සොරි පින්වතුනි )

අපි අපේ පිංකඳට යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන සාදු කියන්න  කියන්න පිංවතුනි

කැළණියේ  ආචාරිය සිල්වලා දෙදෙනෙක් සිටිති. එක්කෙනෙක් කැළණිය නාථ දේවාලයේ කපු ධුරන්දර ආචාරිය මඤ්ඤං සිල්වාය. ඇත්තටම මේ කපු තුමා මහාචාරිය කෙනෙක්ය. අනික් ආචාරිය තුමා කැළණිය විෂ්ණු දේවාලයේ අයිතිකාර ආචාරිය මැරසිල්වාය.

මේ දවස් වල දකින්ට අහන්ට ලැබෙන ප්‍රවෘත්ති වල හැටියට මේ ආචාරිය දෙන්නාගෙම කල දසාව හොඳ නැත.

නාථ දේවාලයේ ආචාරිය තුමාට දැනටම කෙලවිලාය. එතුමා මැරෙන කල් දේවාලයේ ඉන්ට ප්ලෑන් ගැහුවත් , එතුමා යටතේ හිටිය කට්ටිය එතුමාගේ පිස්සු කෙලිල්ල ඉවසා ගෙන ඉන්ට බැරිම තැන  එතුමා එලවන්න කියලා කල කෝලහල කරන කොට එතුමා ජැනටල් මෑන් වගේ අස් වෙලා යන්ට ගියේ ,  පිං පිරිහුණු නාථ දෙවියන් වගේය.

දැන් කැළණියේ අනිත් සිල්වාටත් විරුද්දව කැරළි කෝලහාල,විරෝදතා  ඇති වී තිබේ. පිට අය නොව අර කලින් සිල්වාට වගේම ගෝලබාලයින්ගෙන්ය. මොකද මේ මෙච්චර කාලයක් එක පතේ කෑ උන් අපේ සිල්වා උන්නැහේට විරුද්ඩව කැරලි ගහන්නේ .කියලා හොයලා බලන්ට වටින කාරණයක්ය.

දැනට අපිට පේන්ට තියෙන හැටියට නම් වෙන කිසිම දෙයක් නොවේය.මේ හොරකම් කරපු මංකොල්ල කාපුවා බෙදා ගන්ට බැරිව හොර රංචුවක් කරන පොරයක්ය.  ලොකු කුට්ටිය අයිති කර ගෙන ඉන්න ලොකු හොරාට විරුද්දව පොඩි හොරු කරන සටනක්ය.මෙච්චර කාලයක් එක ට හොරකම් කරමින්, මංකොල්ල කමින්, කප්පම් ගනිමින් උන් ටිකක් දැන් විරසක වෙලා එකිනෙකාට විරුද්දව කරන සටනක්ය.

එහෙම නැතිව මේ අර හොඳ මහත්වරු ටිකක් නරක සිල්වාට විරුද්දව ,සිල්වාගේ නරකට විරුද්දව කරන සටනක් නොවේය.ගිලෙන නැවකින් පනින මීයන්ගේ කැ‍රැල්ලක්ද නොවේය.මේ සටනෙන් මොකා දිනුවත් ඉතුරු වෙන්නේ පල් හොරුන්ය.

ඒක නිසා මේ සටන දැකලා අපිට දිවයින මුදලාලිට, විජේවර්දන හාමුට, තිලංග බේබිට වගේ චූන් වෙන්නේ නැත.

අනික, මේ සටනේ ජය පරාජය තීරණය වෙන්නේ රාජකරුණාව ලැබෙන පාර්ශ්වයට බව නිසැකය. දැනට තිබෙන සලකුණු අනුව නාථ දෙවියන්ට බලයක්  විෂ්ණු දෙවියන්ට තියෙනවාය. ඒ නිසා කැළණියේ මහාචාරිය සිල්වාට නොලැබුණු  රාජ අනුග්‍රහයක් කැළණියේ ආචාරිය සිල්වාට තිබෙන බවකි.

ඒ නිසා එතුමා මනාප චන්ද එක්ලක්ෂ පණස් දාහක් තමන්ට දුන්න කැළනිය ඇතුලු ගම්පහ ජනතාවට තව චිරාත් කාලයක් , තම ලොක්කාගේ පිං පිරිහෙන තෙක්ම , සේවය කරනවා ඇත. ඒක නවත්තන්ට ඔය ප්‍රාදේශීය සබා කබ්බන්ට බැරිය.

 

සහෝදර ප්‍රේමයේ හැටි එහෙමය. තම පණ දී හෝ සහෝදරයන්ගේ පණ බේරා ගන්නේය. අපේ ආණ්ඩුවේ ඉන්න සුප්‍රසිද්ධ ආචාරියතුමා ගේ සහෝදර ප්‍රේමය මේ දවස් වල උතුරා ගලා යන  බවක් පෙනේ.  ඒ තුමා   හොය හොයා ගොස් කරදරයට පත්ව සිටින තම සහෝදරයන් බේරා ගන්නේය. 
 
 හලාවත ගොස් බිලි පූජාවකට දීමට ගෙනවුත් සිටි එළු රංචුවක් බේරා  ගැනීම නිසා ඒ තුමාට නපුංසක  පෙරමුණේ රාල ,දිවයින මුදලාලි ඇතුලු නඩයෙන් ලැබුන චියර් එක නිසා හොඳටම චූන් වී ඇති බවක්ද  පෙනෙන්නට තිබේ.
 
එසේ නපුංසක රාලාලා දුන් චූන් එක පිට සහෝදර ප්‍රේමයද  උත්සන්න වී ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ගවමස් කඩ වසන බව කී ආචාරිය තුමා දැන් මොණරාගල පැත්තේ ගවමස් කඩ ටෙන්ඩරයක් අරගෙන ඇත. පොඩි ගණනකටත් නොවේය. රුපියල්ම ලක්ෂ දොලහකටය..
 
එසේ මස් කඩ ටෙන්ඩරය උන්නාන්සේ ගත්තේ ඒ මස් කඩය වසා දැමීමටලු. දැන් පුලුවන් නම් හරක් මස් කාපියව් කියා එතුමා ස්වර්ණවාහිනියෙන් කියන හැටි බලන්නට ආශා උනත් ඒ  නාලිකාව බැලීමට ගෙදර උන්දෑ  අප්පිරිය  නිසා ඒ ආශාව   ඉ‍ටු  කර ගන්නට  ලැබෙන්නේද  නැතිය. කැමති කෑමක් කන්ට නැති අප වැනි තුන්වැනි පංතියේ ජනතාවට පහල වෙන ඒ වගේ අහිංසක ආශාවක්වත් ඉ‍ටු කරගන්නට නොලැබෙන හැටි.
 
කොහොම වෙතත් ආචාරිය සිල්වාගේ මේ ක්‍රියාවෙන් අපිට පෙන්වන්නේ මීට පස්සේ මේ රටේ ජනතාව ආහාරයට ගත යුත්තේ සිල්වලා අපි කෑ යුතු යැයි තීරණය කරන දේ පමණක් බවයි.
 
අපේ ගෙවල් වල කාමර ඇතුලට වී දොර වසාගෙන කළ යුත්තේ මොනවා දැයි තීරණය කිරීමේ බලයද පොලීසියට දී ඇති නිසා මේ ගැන පුදුම වෙන්නට දෙයක්ද නැතිය.
 
අනික් අතින් ගත්තම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කියන බටහිර ලොක්කන්ට ත් මේ ක හොඳ කණේ පාරක්ය.
 
ඕනෑම නම් හරක් මස් කෑම නීතියෙන් හෝ අවනීතියෙන් තහනම් කරන්න පුලුවන් විධායක බලයක් විතරක් නොව තුනෙන් දෙකේ බලයකුත් තියෙන මේ ආණ්ඩුව එහෙම නොකර ඉතාම ප්‍රජාතන්ත්‍රවාදි විදියට තමන් දැහැමෙන් සෙමෙන් හම්බ කල මුදල් යොදවා මස්කඩ මිලට ගෙන ඒවා වසා දමයි. බලන්න කොච්චර අපූරුද? අපිට තියෙන්නේ ඒ වගේ මානුසික ආණ්ඩුවක් කියලා බටහිරයන්ට පෙන්නන්න මීට වඩා හොඳ ක්‍රමයක් තවත් තියෙනවද?
 
ආණ්ඩුව අරං යන මේ මානුෂික මෙහෙයුම ගැන තව උදාහරණ තියෙනවා.
 
තමන්ට විරුද්ධව අදහස් පල කරන මාධ්‍ය  තහනම් නොකර ඒවා සල්ලි වලට ගැනීමත් , මාධ්‍යකාරයොන්ගේ කකුල් නොකඩා උන්ගෙ දරුවන්ට ශිෂ්‍යත්ව දීලා   හීලෑ කෑ ගැනීමත් මොනතරම් නම් මානුසිකද?
 
චන්දවලට ඉදිරිපත් වෙන විරුද්ධ පක්ෂවල අපේක්ෂකයෛන්ගේ ඔලු නොපලා , උන්ව නොමරා, හිරේ නොදා, උන්ට සල්ලි කීයක් හරි දීලා තමන්ගේ පැත්තට නම්ම ගන්න එක කොච්චර සුන්දර දෙයක්ද ? පොඩි අඩු පාඩුවකට තියෙන්නේ ඒ කඳුලු හල හලා ලියන්න  සුනිල් මාධවට සිළුමිණේ අට වැනි පි‍ටුවක් නැති එක .
 
සටහන- සහෝදර ප්‍රේමය කියලා අපි විහිලු කොරාට මේ මැරවින් උන්නැහේ හදිසියේ නින්දෙන් අවදි වෙලා වගේ හරක් මස් කෑම නතර කරන්ට තනන්නේ මහ තැන වෙච්ච බාරයක්වත් ඔප්පු කරන්ඩද කියලාත් සැකයි.
 

 

කවුරුන් විසින් හෝ උසාවි නියෝගයක් ලබාගෙන මුන්නෙශ්වරමේ බිලි පූජාව නැවැත්වූ පසු  සරම කරට ගෙන එම ස්ථානයට ගොස් මහා ලොකු සද්දයක් දැමූ මැරවින් සිල්වා උතුමාණෝ ,එම ක්‍රියාවට පෙරමුණේ රාල , දිවයින කතෘ  ඇතුලු වර්ගවාදින්ගෙන් ලැබුනු හුරේ පාර නිසා හොඳටම චූන් වී දැන් තවත් නාඩගමකට අර අඳිමින් සිටී.

 ඒ අනුව ඔහු ගම්පහ දිස්ත‍්‍රික්කයේ මස් කඩවල ගව මස් විකිණීම ලබන සතියේ සිට තහනම් කර තිබේ.  කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටුකරන ගවයා මෙරටට සම්පතක් බවත්,  එවැනි සතෙකු මරා මස් කෑම මහා පාප කර්මයක් බවත්,ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් රටටම ආදර්ශයක් ගෙන දීම සඳහා තමා මේ තහනම පැනවූ බවත් ඔහු කියා තිබේ.
 
ශ්‍රි ලංකාව බහු ජාතික බහු ආගමික  රටකි.   එහි නොයෙක් ජාතින් වෙසෙති . ඔවුන්ගේ සිරිත් විරිත්, ගති පැවතුම්, ආගමික මතාන්තර එකිනෙකට වෙනස්ය.
 
එසේ වෙසෙන විවිධ ජාතින්ගේ විවිධ ආහාර පුරුදු ගැන තඹ දොයිතුවකට නොතකමින්  මේ මැටි මෝල් තීන්දුව ගෙන ඇත්තේ සහෝදර ප්‍රේමය උත්සන්න වීම නිසාදෝයි ජනතාව සැක කරති.
එක්සත් ජාතික පක්ෂය සම්බන්ධව ඊයේ සිදු වූ දෙය බොහෝ දෙනෙකු අන්ද මන්ද කර දමා ඇති බවක් පෙනේ. වෙන එකක් තබා W3LANKA   බ්ලොග් අඩවිය පවා මීට පෙර  රනිල් හා සජිත් පිලිබඳව තමන් දැරූ මතය  ඊයේ සිදු වීම් මත සම්පූර්ණයෙන්ම වෙනස් කර ගෙන ඇත.
 
ඇත්තෙන්ම රජයේ  සහයෝගය හිමි වන්නේ රනිල් පිලටද සජිත් පිලටද?
 
අප ඊයේ සිදු වීම් දෙස බලමු.
 
රනිල් පිල ඊයේ පැවත්වූ කෘත්‍යාධිකාරි මණ්ඩල ‍රැස්වීමට විරුද්ධව සජිත් පිල සිරිකොත ඉදිරියේ සත්‍යග්‍රහයක් කිරීමට සූදානම් විය. එයට එරෙහිව රනිල්ටත් පෙර ප්‍රකාශයක් නිකුත් කලේ ආණ්ඩුවේ මර්වින් සිල්වා ඇමති වරයාය.ඔහු පැහැදිලිවම කියා සිටියේ රනිල්ට එරෙහිව උද්ඝෝෂණ පැවත්වීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවයි.
ඉන්පසු පොලිසීය සත්‍යග්‍රහයට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගත්තේය. මේ අතර මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා යැයි කියමින් සිරිකොත ඉදිරිපිට මාර්ගය රජය විසින් වසා දැමුණු අතර හදිසියේම තාර දමන්නට පටන් ගත්තේය.
 
බැලූ  බැල්මට පෙනී යන්නේ සජිත්ගේ උද්ඝෝෂණය කඩා කප්පල්  කිරීමට රජය රනිල්ට සහය වී ඇති බවයි. ඊයේ උද්ඝෝෂනයට සහභාගි වූ කථකයෝද මේ බව පුන පුනා ප්‍රකාශ කලෝය.
 
දැන් රනිල්ට එරෙහිව දිගින් දිගටම පැරදෙන චෝදනාවට අමතරව ආණ්ඩුවේ සහයෙන් එජාප උද්ඝෝෂණ මර්ධනය කිරීමද එල්ල වේ. රනිල් විරෝධීන් කියන්නේ රනිල්ට රජය පෙරලීමට කිසි උවමනාවක් නැති බවත් ඔහු මහින්දගේ කීමට නටන රූකඩයක් බවත්ය. ඊයේ සිදු වීමෙන් මේ බව තවත් තහවුරු වූ බවත්ය.
 
ඇත්තටම රජය සහය දෙන්නේ රනිල්ට නම් , රනිල් දිගටම විපක්ෂ නායක කමේ තබා ගැනීමට මහින්දට අවශ්‍ය නම් ඔහුව තම පක්ෂය තුලම අපකීර්තියට ලක් වෙන පරිදි මෙසේ එලිපිටම සහය දෙයිද?  රනිල් එසේ සහය ලබා ගනියිද?
 
අනිත් අතට රජයේ සහය ලැබෙන්නේ සජිත්ටනම්, රජයට අවශ්‍ය රනිල්ව පාක්ෂිකයන්  අතර අපකීර්තියට ලක් කර ඔහුව එලවීමට නම් කල යුත්තේ මෙසේ එලිපිට ඔහුට සහය දීම නොවේද?
 
මර්වින් සිල්වා බඳු පුද්ගලයින් ලවා රනිල්ට සහය පල කරවීමෙනුත් ,  පාරවල් වසා දැමීමෙනුත් එජාප සාමාජිකයන් අතර අපකීර්තියට ලක් වෙන්නේ රනිල්ම නොවේද? සජිත්ගේ උද්ඝෝෂණ මැඩලීමට රනිල්ට රජයේ සහය හිමි වන බව මෙසේ පෙන්වීමෙන් වාසි ලැබෙන්නේ සජිත්ටම නොවේද?
 
රජයට රනිල්ව දිගටම  තබා ගැනීමට අවශ්‍ය නම් මෙසේ ඔහුව පක්ෂය තුල අවලංගු කාසියක් බවට පත්වන ක්‍රියා මාර්ග ගනියිද?
 
අපට නම් පෙනී යන්නේ රජයට අවශ්‍ය රනිල්ව එලවා සජිත්ට එජාපයේ බලය හිමි කර දීම බවයි.  ඒ සඳහා බොහෝ හේතු  තිබේ.
 
එයින් ප්‍රධානතම එක වන්නේ රනිල්ට ඇති අන්තර්ජාතික සම්බන්ධතා හා පිලිගැනීමයි. එසේම ඔහු බොහෝ පලපුරුදු දේශපාලකයෙකි.
අනිත් අතට සජිත් ප්‍රේමදාස යනු කිසි පලපුරුද්දක් හෝ දේශපාලනය ගැන කිසිදෙයක් නොදන්නා අත දරුවෙකි. ඔහු දේශපාලනය යැයි සිතා සිටින්නේ කොහෙන් හෝ කාගෙන් හෝ ලබා ගන්නා මුදල් හෝ මහන මැෂින් පිනට දීමයි.
 
එබැවින් සජිත් වැන්නෙකු එජාප නායකත්වයට පත් වුවහොත් තව වසර ගනනක් යන තෙක් තම ආධිපත්‍යයට ඔහුගෙන් කිසි තර්ජනයක් නැති බව රජය දනියි. ඒ සමග ඔහුට රජය සමග ඇති සම්බන්දකම්ද එතරම් පැහැදිලි ඒවා නොවේ. තමන් විසින් කරගෙන යනු ලබන සසුනට අරුණ වැඩ සටහනට මුදල්  ලැබෙන මාර්ගය ඔහු මෙතෙක් හෙලි කර නැති බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුය.
 
මේ අනුව අපට පෙනී යන්නේ ඊයේ සිදුවීමේදී රජය රනිල්ට සහය දක්වන බවක් පෙන්වමින් ඇත්තටම සහය දක්වා ඇත්තේ සජිත්ට බවයි. ආණ්ඩුව සමග ඩීල් දමා ඇත්තේ රනිල් නොව සජිත් බවයි.  
මේ පාරෙන් යන්න….. වරදින්නේ නෑ  !
 
දිවයින පත්තර මුදලාලි මේ කැප්ෂන් එක දාලා තිබුනේ රටේ නායකයා ඉස්සරහ තුන්කුදු වෙලා , බයාදු විදියට ආචාර කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ගේ පින්තූරෙකට.
 
ඒ  කතාව සම්පූර්ණයෙන් ඇත්ත.  ඒ පාරෙන් ගියොත් නම් වරදින්න විදියක් නැහැ. ඒ කියන්නේ දන ගහලා පාද නමස්කාර කරන අයට, සපත්තු පොලිෂ් කරන අයට  වරදින්න විදියක් නැහැ. මේක ඉතින් සුමනසේකර උන්නැහේ අපි කාටත් වඩා අත් දැකීමෙන්ම දන්නවනේ .ඒකනේ එතුමා ශිෂ්‍යන්ටත් ඒ පාරෙන්ම යන්න කියන්නේ .මේ එයා මොන පාරෙන්ද යන්නේ කියලා කල්පනා කරනවා .
 
 
බලන්නකෝ හරි පාර තෝරා ගත්තාට පස්සේ මෙයාට  හරි ගිහින් තියෙන හැටි
 
 
ඊ ලඟට දැන් ඔය ශිෂ්‍යයෝ ඔය පාරෙන් යවන්න හදන තව එක්කෙනෙක් තමා ඇස් බී උන්නැහේ. එතුමා වෙන වෙන පාරවල් වල යන්න ගිහින් කෙලවගත්තා නේ.
 
 
දැන් යහපත් අවවාද අනුශාසනා ලැබිලා හරි පාර තෝරාගෙන බලන්නකෝ ජොලියේ ඉන්න හැටි. ආදරේ හිතෙනවා නේද හිනා ඩිංගට.මෙයා ශිෂ්‍යයන්ටත් එහෙම ඉන්ට කියලානේ හැම තිස්සෙම කියන්නේ .
 
 
මේ හරි පාර තෝරා ගත්ත තව එක්කෙනෙක් , කොහොමද නැවිල්ල. මෙයාවත් යවන්න පුළුවන්  අර හමුදා පුහුණුවේදී ශිෂ්‍යයන්ට නැවෙන හැටි කියලා දෙන්න.
 
 
 
මේ තව හාදයෙක්. මෙයා නම් ඒ පාරේ ඉස්සරහම යන්නේ . නැත්නම් මෙහෙම තැඹිලි වතුර පොවාවිය ?
 
 
 
මේ කට්ටියත් ඉතාමත් නුවණක්කාර විදියට හරි පාර තෝරා ගත්තු පිරිසක්. මෙයාලටත් වරදින්නේ නැහැ.
 
 
 
මේන් ඉන්නවා මෝඩයෝ. වැරදි පාරවල් වල ගිහින් කෙලව ගෙන . අපිට ඕවට කරන්න දෙයක් නැහැ. පාර දන්නේ නැත්නම් සුගාරගෙන් හරි කසුරි ගෙන් හරි එහෙම නැත්නම් මහින්ද අබේසුන්දරගෙන් හරි අහන්න තිබුනානේ .
 
 
ඔය දෙපැත්ත ගැනම උදාහරණ නම් අනන්තයි. ඒක නිසා ඒවා ගැනත්  මොලේ කල්පනා කරලා සුගාරලා කියන හැටියට හරි පාරෙන් යන්න හොඳේ.  වරදින්නේ නැහැ.අත් දුටුවයි . සත්තයි. හැබැයි ඉති ඊට කලින් හොඳ ඉස්පිටිතාලෙකට ගිහින් කශේරුකාවයි මොලෙයි  අයින් කර ගත්තොත් ඔය පාරේ යන්ට හරිම  ලේසියි.
 
අපේ රටේ පාලකයින් ඉතා ශූර විජ්ජා කාරයින්ය. ජනතාවගේ සියලු ප්‍රශ්න වලට විසඳුම් තමන් ළඟ ඇතැයි ද , තමන බලයට පත් වුනාම ඒ සියලු ප්‍රශ්න විසඳා රට සුර පුරයක් බවට පත් කරන බවටත් පොරොන්දු දී බලයට එන මොවුන් , බලයට පත් වූ පසු ජනතාව විසඳුම් ඉල්ලන විට නොයෙක් ආකාරයේ විජ්ජා පෙන්වා ඔවුන් මුලා කරති. උපවාස විජ්ජා, ගස් බැඳුම් විජ්ජා , වරාය  විජ්ජා , කොට ගවුම් විජ්ජා ආදිය මෙසේ පසු ගිය කාලයේ අපිට පෙන්වූ විජ්ජාය.
 
වීරවංශ , මර්වින්  ආදීන්  අප රටේ ප්‍රසිද්ධ විජ්ජා කාරයින්ය. මේ විජ්ජා කාරයින් අතරට පැන විජ්ජා පෙන්වීමට අලුතෙන් ම සැට් වී ඇත්තේ මෙතෙක් කල් හීන්  නුලෙන් ඇඹරූ  විජ්ජාවෙන්  නතාව මුලා කරන ලොකු බණ්ඩාර උතුමාණන්ය.
 
එතුමා පෙන්වන්නේ බෞද්ධ විජ්ජාය. පැය අටේ වැඩ නීතිය පවා උල්ලංගනය කරමින් සබරගමුවේ පළාතේ රාජ්‍ය සේවකයින්ට උදේ අටට වැඩට ඇවිත් පන්සිල් ගන්නයි එතුමා නියෝග කලේ ඊයේ පෙරේදාය.
 
දැන් එතුමා තව එකක් නිකුත් කර තිබේ. ඒ පළාතේ සියලු පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහ ගුරුවරු ගුරුවරියන් සෑම පෝයකටම අට සිල් සමාදන් විය  යුතුයි කියලා.
 
එදිනෙදා වෙලා ගැට ගහ ගන්න බැරිව ඉන්න මිනිස්සුන්ට මේ වැඩෙන් දැන් පෝයට දාන මාන ලෑස්ති කරගෙන පන්සල්  ගානේ යා යුතුය. දානයක් දෙන කොට ගෙදර කන විදියට දෙන්ටත් බැරිය.තමන්ට කන්න නැතත් දානය හැකි ඉහලින්ම දීම අපේ රටේ අහිංසක ගැමියන්ගේ  පුරුද්දකි. පොල් ගෙඩිය හැටට අර ගෙන දන් දෙන්ට වීම මේ දුප්පතුන්ට දරා ගත නොහැකි දෙයක් වනු ඇත.
 
 අනිත් කාරණය මේ විජමු උන්නැහේලා බුද්දාගම තේරුම් අරගෙන ඇති විදියයි. පන්සිල් ගැනීම හොඳ වුවත් එය නීති මගින් කල හැකිද ? අට සිල් ගැන්නවීම නීති මගින් කල හැකිද? අනික යම් කිසිවෙක් දිනපතා පන්සිල් ගත යුතුද? පන්සිල් හා අට  සිල් යනු යම් යම් පොරොන්දු කීපයකි. ඒවා ආරක්ෂා කරන්නේ නම් හැමදාම කියවමින් සිටිය යුතු නැත.
 
මම බොරු නොකියමි යි, මම සොරකම් නොකරමියි  හැමදාම කියමින් සිටිය යුත්තේ ඒවා ආරක්ෂා නොකරන මිනිසුන්ය. එනම් බොරු කාරයින්ය, හොරුන්ය.  අපේ රටේ රාජ්‍ය සේවකයින් හා සිසු සිසුවියන් බොරු කාරයින්, බේබද්දන්, සල්ලාලයින් , හොරුන් යයි එතුමා සිතන්නේද? නොඑසේනම් මෙලෙස පන්සිල් හා අටසිල්  පිලිබඳ නීති දමන්නට අවශ්‍ය නැත.
 
මෙතුමා මෙසේ කරන්නේ  නායකයාට මේවා පෙන්වා  තමනුත් වැඩ කරන බවා අඟවා ලකුණු දමා ගැනීමට බව අපේ හැඟීමයි.  එසේම ගම් වල සිටින අහිංසක බෞද්ධන් රවටා චන්දය කඩා ගැනීමත් මීට ඇතුලත්ය. කෙටියෙන් කිව්වොත් තමන්ගේ ප්‍රතිරූපය හදා ගැනීමටය. හැබැයි එතුමාගේ වයසේ හැටියට අපිට හිතෙන්නේ වෙන දෙයකි. ඒ එතුමාගේ පුත්‍රයාට ඉහලට නැගීමට ඉනි මගක් තනා ගැනීමට විය යුතු බවයි. 
 
 හැබැයි ඉතින් අපිට නම් පේන්නේ එතුමාගේ පුත්‍රයාට වුනත් යා  හැකි උපරිම දුර වැඩිම වුනොත් ඇමති කමක් හෝ කතානායක කම වැනි සොච්චම් දුරකට බවයි. ඒත් මදෑ, සොහොන් කොතේ හිටපු  කථානායක   කියලා කොටවා ගන්න පුළුවන්නේ.
 
සටහන- ඇට මැස්සාට  මතක හැටියට ජේ ආර්ගේ කාලෙත් දේශපාලකයෝ මේ වගේ ව්‍යාපෘති කරා තමන්ගේ ප්‍රතිරූපේ හදා ගන්න.  ප්‍රේමදාස  උදාගම කළා, ලලිත් මහපොළ කළා, ගාමිණි මහවැලිය කළා. ඒ වැඩ වලින් එයාලා ගැන කපා ගත්තත් මොකක් හරි වැඩක් රටට වුනා. උදාගමේ ගෙවල් හැදුණා, මහපොලින් ශිෂ්‍යත්ව දුන්නා.   ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු ගත්තත්    මහවැලිය ඉවර කළා. හැබැයි මේ කාලේ ඒ වගේ වැඩ කරන්න පුළුවන් , ගානක් හම්බ වෙන ඔක්කොම ප්‍රොජෙක්ට් කරන්නේ සහෝදර සමාගම. විජමු වගේ සොක්කොන්ට  තියෙන්නේ ඔය පන්සිල් , අටසිල් ,  කොට ගවුම් වගේ ප්‍රොජෙක්ට් විතරයි.
 
 
 
පහු ගිය  කාලය දිහා ආපහු හැරිලා බැලුවොත් පේන්ට   තියෙන දෙයක් තමා ඒ ඒ කාලවල පැවතිච්ච ආණ්ඩු තමන්ට විරුද්ධව සටන් කරපු ව්‍යාපාර , එහෙම නැත්නම් ඒ ආණ්ඩු කියන විදියට ත්‍රස්තවාදයට විරුද්ධ සටන හැම තිස්සෙම කරලා තියෙන්නේ පෙරමුණු දෙකකින් කියන කාරණය.
 
89 කාලයේ ජේ වී පීයට විරුද්ධව එක පැත්තකින් රජයේ හමුදා  සටන් කරන අතරේ තව පැත්තකින් කොළ කොටි, කහ බළල්ලු , ප්‍රා , ශ්‍රා, වගේ නොනිල හමුදා ක්‍රියාත්මක වුනා. කොටි සංවිධානෙට විරුද්ධ සටනත් එහෙමයි. ආණ්ඩුවේ හමුදා වලට අමතරව කරුණා අම්මාන් , ඊපීඩීපී වගේ යත් සටන් කළා. එහෙම තමා සටන් කරන්න ඕනේ.
 
මේ දවස් වල නැගල යන අලුත් ම සටන වෙන එළවළු    ත්‍රස්තවාදයට එරෙහි සටනත් සුළු පටු එකක් නෙවේ වගේ පෙන්නේ ආණ්ඩුව පෙරමුණු දෙකකින්ම සටන පටන් අරගෙන තියෙන නිසයි.
 
එක පැත්තකින් හමුදාව දා ගෙන මුහුණට මුහුණට සටනක් පටන් අරගෙන තියෙනවා.  ඒක නම් සීරියස් සටනක්. එළවළු   ත්‍රස්තවාදී බල ඇණි කීපයකටම විරුද්ධව තමා සටන අර ගෙන යන්නේ.ගොවීන්ගෙන් එළවළු මිලට ගන්න සුළු වෙළෙන්දා, එයාගෙන් මිලට ගන්න නගරයේ වෙළෙන්දා, ඊ ලඟට කොළඹ මැනිං මාර්කට් එකේ වෙළෙන්දා  වගේ  ත්‍රස්ත වාදියෝ   පිරිසක් ම ඉන්නවා . එයාලට සහයට  ගමේදී ලොරියට බඩු පටවන කොලු ගැටවු, නගරේ නාටමිලා , බඩු ප්‍රවාහනය කරන ලොරි අයිති  කාරයෝ, ලොරි ඩ්‍රයිවර්ලා , ක්ලීනර්ලා. කොච්චරක් නම් ත්‍රස්තවාදියෝද?
 
 එළවළු හමුදා මෙහෙයුම මාස දෙක තුනක් කර ගෙන ගියොත් ඔය ත්‍රස්තවාදීන්ගෙන් සෑහෙන පිරිසක් නට්ටම් වෙලා යයි. පොඩි පොඩි වෙළෙන්දෝ එළවළු  වෙළඳාම අත් අරියි. වෙල්ගමලා වගේ ලොකු ලොරි කාරයෝ ඇරෙන්න අනිත් පුංචි පහේ ට්‍රාන්ස්පෝර්ට් කාරයෝ ලොරි ටිකත් විකුණලා දායි. නාටාමිලා වහ බොයි. කොටින් කිව්වොත් එළවළු ත්‍රස්තවාදියෝ  සුන්නත්දුලි වෙලා යයි.
 
මේ අතරේ මර්වින් ඇමති තුමා මේ එළවළු  ත්‍රස්තවාදයට එරෙහිව තව පෙරමුණකින් සටන් අරඹලා. එළවළු  වර්ග තුනක් ද හතරක්ද කැලණියේ විකුණන්නට දෙන්නේ නැහැල්ලු.තක්කාලි, වැටකොළු ,අමු මිරිස් සහ බණ්ඩක්කා.
 
මේකත් කරන්ටම ඕනේ වැඩක්. එක පැත්තකින් එළවළු  ත්‍රස්තවාදයට විරුද්ධ සටන යන අතරේ එළවළු  වෙළෙන්දන්ගේ  අරගෙන කෑම ඒ සටන පාවාදීමක්. ද්‍රෝහිකමක්. ඒවාට ඉඩ දෙන්න බෑ. ද්‍රෝහිකම් කරන්න දෙන්න බැහැ. ඔය ද්‍රෝහී කම් කරලා අහු උනොත් දෙන දඬුවමත් මේ ගමන කිව්වා නම් තව වටිනවා. ගස් බඳිනවද , කට කපනවද කියලා හරියටම කියන්න ඕනේ.
 
අනික ඔය වැඩේ කැලණියට සීමා කරලා හරියන්නේ නැහැ. රටේම කරන්න ඕනේ. එතකොට එළවළු ත්‍රස්වාදයට එරෙහි හමුදා මෙහෙයුමෙන්  ඉතිරි වෙලා ඉන්න ද්‍රෝහීන් රටෙන්ම සුන් කරලා දාන්න පුළුවන්.
 
එතකොට අපිට පුළුවන් තව සැරයක් කිරිබත් කන්න.
 
සටහන- කොහොමටත් ඊට පස්සේ අපිට කිරිබත් තමා කන්න වෙන්නේ. එළවළු  නම් කන්න වෙන්නේ නැහැ. හමුදාව ඔය කියපු   එළවළු  විකුනන්ට කැලණියට ආවාම  එතුමා මොනවා කරයිද කියන එක තමා මේ දවස් වල මට තියෙන එකම ප්‍රශ්නේ

මාර ආතල්ය. වීරවංශට ත් පෙරමුණේ රාලටත්  තව තව කට්ටියටත් හොඳටම  ආතල්ය. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉස්සරහ යකඩ වැට වල් පෙරලන කොට ෆුල් ආතල්ය. මේවා බලන් ඉන්න අපිටත්  ඩබල් ආතල්ය.condem එක condom  එකක් වුනා නම් අපිට තව ආතල් ගන්න තිබ්බේය.  

ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලේ එක්ක තරහ වුනාට ඔක්ස්පර්ඩ් ඩික්ෂනරියක් හරි බලලා condemn  කියන එක හරියට ලියා ගෙන ආවානම් අපිට මෙච්චර ආතල් නැතිය.

පෙරමුණේ රාල ත් ඉන්නේ ෆුල් ආතල් එකේය.ජනපති මහින්ද ඩයස්පෝරාවට බියේ තම දේශනය අවලංගු කල බව කියන මාධ්‍ය වාර්තා බොරු  බව ඔක්ස්ෆර්ඩ් සිසු සමුළුව ඉදිරිපත් කල නිවේදනයෙන් ඔප්පු වුන බව ඔහු කියයි.

ඒ නිවේදනයෙන් කියන්නේ දේශනය නැවත්වුයේ ආරක්ෂාව  නිසා බවයි  පෙරමුණේ රාල කියන්නේ.ආරක්ෂාව නිසා නවත්වන්නේ  මොනවා හරි කරදරයක් වේ යයි  බිය නිසා නොවේදැයි අපිට අහන්නට  හිතෙන්නේ නැත. එහෙම අසා ආතල් කඩන්නේ මොකටදැයි අපිට හිතේ.

එක පැත්තකින් ඔක්ස්පර්ඩ් සංගමයේ නිවේදනයකින් හෙළුව වහගන්න පෙරමුණේ රාල ඊළඟට ඔක්ස්පර්ඩ් සිසු සංගමයට , කථනයේ නිදහස ගැන දේශනා පවත්වයි. රාළට අනුව මින් පසු මේ කවුරුන් හෝ අපිට ( මේ අපිට කියාගන්නේ පෙරමුණේ රාල ඇතුළු පිරිස රෙදි නැතුවම කඩේ යන ආණ්ඩුව මිස මෙරට පොදු ජනයා  නෙවේ) කථනයේ නිදහස ගැන කතා කිරීම ගණිකාවක් පතිවත ගැන කතා කිරීම බඳු වේලු.

 පෙරමුණේ රාළට කථනයේ නිදහස මතක් වෙන්නේ දැන්ය. තමන්ගේ ලොක්කා පච වූ පසුය. එංගලන්තයේ කතන නිදහස ගැන ප්‍රශ්න කරන නමින් පෙරමුණේ වුනත් වැඩවලින් පසුමුනේ රාලට  , තමන්ගේ රටේ නිදහස් කථනය ගැන වගක් නැත.

තමන්ගේ රටේ මාධ්‍ය කාරයින් , විපක්ෂ ක්‍රියා කාරිකයන් වල පල්ලට යැවීම  , අතුරු දැන් කිරීම , ඔලු පැලීම  කතන නිදහසට අදාළ නැත. පෝස්ටරයක් අලවන , අත් පත්‍රිකා බෙදන විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අල්ල ගෙන ගිහින් කූඩු කරන එක ඒ නිදහසට අයිති නැත. මාධ්‍ය ආයතන වලට ගිනි තැබීම, පහර දීම හා සීල තැබීම මාධ්‍ය නිදහසට අදාළ නොවේ.  

මේ පෙරමුණේ රාල ලාට කථන නිදහස මතක් වී ඇත්තේ දැන්ය. තමන්ගේ ලොක්කා ගේ කතාව නතර කළ පසුය. එක දේශපාලකයෙකුගේ  කතාවක් ඔහුගේ ආරක්ෂාව නිසා කියමින් නතර කිරීම නිසා ඔක්ස්පර්ඩ් සංගමය අසාර්ථක ආයතනයක් , එංගලන්තය  අසාර්ථක  රාජ්‍යක් නම් නම් ඉහත කී කරුණු නිසා ලංකාව අසාර්ථක රජයක් නොවන්නේ මක් නිසාද?

අනික අනුන්ට අසාර්ථක රාජ්‍ය කියලා ඇත දික්  කරන මේ උන්නැහේලාට ඇයි බැරි වුනේ  , තමන්ගේ ගමනට මේ විදියේ විරෝධතාවක්  එයි  කියලා කලින් දැන ගන්න. එතෙන්දීම රාලාලයි , රාලගේ ගුරා වන වීරවංශයි එයාගේ ආණ්ඩුවයි ඔක්කොම ෆේල් නේද?

එහෙම නැත්නම් මේ වගේ විරෝධාතාවක් එන බව දැනගෙනම ගියාවත්ද? කොහොමටත්  මාස තුන හතරකට සැරයක් වත් මෙයාලට  මේ  විදියේ විශාල  රංගනයක් ඕනේ වෙනවා ආණ්ඩුව පවත්වා ගෙන යන්න. අතර මැදින් ඔය ගස් බැඳීම් , වරායවල් , උමග , වගේ  පොඩි පොඩි කොමික් කෑලි දැම්මත් , මේ වගේ මෙගා නාට්‍යයක් නැතුව බැහැනේ දේශප්‍රේමය තියා ගන්න. මීට කලින් බෑන් කී  මූන් අල්ලාගෙන අර විහිලුවංශ මේ විදියෙම නාඩගමක් නැටුවානේ. ලොක්කා හිතුවද දන්නේ නැහැ, මේ සැරේ තමන්ම ප්‍රධාන නළුවට අඳින්න . ගිය සැරේ නළුවා වැඩේ කා ගත්තා නේ.

කරන්ට ගිය කතාව කර ගන්න බැරිව ආපහු හරි ඒමට සිදු වීම පෙරමුණේ රාළලාට අනුව ජයග්‍රහණයකි. එක ඇත්තය. ඒ මේ රට ඇතුලේය. මොනවා උනත් අය වැය ගැන, පඩි වැඩි වීම් ගැන , බඩු මිල ගැන  කතා නොකර ඉන්නවා නම් මාර ජයග්‍රහණයක් නේ නේද? හැබැයි අන්තර්ජාතික  වශයෙන් …………..   හපොයි.. මාර ආතල්..

 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් සීගිරි බිතු සිතුවම් මත ආලේප කළ   රසායනික ද්‍රව්‍ය නිසා එම සිතුවම් වලට හානි සිදු වී ඇති ඇතැම් මාධ්‍ය  ගෙනයන ප්‍රචාරය අමූලික බොරුවක් බවත්, එම සිතුවම් වලට කිසිදු හානියක් සිදු වී නැති බවත්, එම ප්‍රතිමා අවර්ණ වීම පටන් ගෙන ඇත්තේ 1930 ගණන් වල සිට බවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  නිලධාරින්  විසින්ම  කල පරීක්ෂණයකින්  හෙළි වී ඇතැයි  පුරා විද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.
 
තමා කැලණියේදී සමෘධි නිලධාරියෙකු ගස් නොබැන්ද බවත් , ඩෙංගු මර්ධනය සඳහා  තමා ගෙනයන වැඩ පිළිවෙල ගැන පැහැදී, එයට සහයෝගයක්  දෙනු වස්  ,රටට ආදර්ශයක් වශයෙන් එම නිලධාරියා තමන්වම ගස් බැඳ ගත් බවත් එම නිලධාරියා ඒ බව පවසමින් තමාට ලියුමක් දී ඇති බවත්ආචාර්ය මර්වින් සිල්වා මහතා පැවසිය.
මේ ආචාරියලා දෙදෙනාගේම හැසිරීම් රටාව එකක් වීම හුදු අහම්බයක්ද නැතිනම් ජානගත සංසිද්ධියක්ද?