Posts Tagged ‘බදු’

3_660_072113024849

අපේ ලොක්කාට කවුරුන් හරි රීද්දුවොත් එහෙම ආයේ ඉතින් සොරිම තමාය. කෙලවන එක කෙලවනවාමය

පහුගියදා ජිනීවා වලදී ලංකාවට  විරුද්ධව චන්දේ දීම නිසා  ඉන්දියාව සමග ඇති කරගත් කොක්ක දිගටම පවත්වා ගෙන යාමට ලංකාණ්ඩුව තීරණය කර ඇති බවක් පෙනේ.දැන්  ඉතින් ඉන්දියාව ඉවර  වෙනකම් මේ පහර දීම සිදු වනු ඇතිය.

ඉන්දියාවේ හදන  මරුටි කාර් වලට  ලංකාවේ හොඳ වෙලඳ පොලක් සැදී තිබුනේය. ඒ මිල අපේ රටේ  මධ්‍යම පාංතිකයන් බොහෝ දෙනෙකුන්ට ඔරොත්තු දෙන මට්ටමක  තිබූ නිසාය.ඒත්  පසු ගියදා ආනයනික වාහන වල බදු වැඩි කිරීම නිසා කුඩා මෝටර් රථවල මිල සියයට පනහකටත්  වඩා ඉහල ගියේය.  ලක්ෂ 11කට පමණ තිබූ මරුටි කාරයක දැන්  ලක්ෂ 17 ක් පමණ වේය.  ඒ වැඩේ නිසා  ගුරුවරුන්, ලිපිකරුවන් වගේ අයගේ වාහන හීනය අහෝසි වන අතර අපේ සතුරා වන ඉන්දියාවේ  වාහන වෙලඳ පොලට සෑහෙන කොටසක් නැති වෙන්නේය.

වැඩේ එතැනින් නතර නොකර දිගටම කරගෙන යාමට ලංකාණ්ඩුව තීරණය කර තිබෙන බව පෙනෙන්නේ ඊයේ ගත් අලුත් තීන්දුවක් නිසාය.ඒ අනුව පාවිච්චි කරන ලද වාණිජ වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර 3 1/2 සිට 4 දක්‌වාද, වෙනත් වාහන සඳහා වෙන්කර තිබූ වසරක කාලසීමාව වසර 02 දක්‌වාද දීර්ඝ කිරීමට තීරණය කර තිබේය.

පාවිච්චි කරන වාහන ගෙන්වන්නේ ජපානයෙන්ය. ඉන්දියාවෙන් ගෙන්වන්නේ අලුත් බ්‍රෑන්ඩ් නිව් වාහන පමණක්ය. පරණ වාහන වල කාල සීමාව වැඩි වෙත්දී බද්ද අඩු වෙන්නේය. එම නිසා ජපන් රීකන්ඩිෂන් වාහන වල මිල අඩු වෙන අතර ඉන්දියන් වාහන වල මිල වැඩිය.

කොහොමද ටිකිරි මොලේ. ලංකාව එක්ක හැප්පෙන්ට ලේසි නැති බව මන් මෝහන් සිං දැන් දැන ගන්නවා ඇත.

සටහන 1 – වාහන බදු වැඩි කරේ ඩොලර් සංචිත අඩු වීම නිසා බවට භාණ්ඩාගාර නිලධාරින් යොදවා කරවන ප්‍රකාශ අමු බයිලා බවත් එය තනිකරම දේශපාලන ඉවර තීන්දුවක් බවත් මේ නව නීති වලින් පෙනේ.

සටහන 2-   මේ ආකරයටම 1980 ගනන් වලදී ඉන්දියාවට පාඩමක් ඉගැන්වීමට ගිය ජේ ආර් ට පමණකො නොව මුලු ලංකාවටම රජිව් ගාන්ධි පරිප්පු කැව්වේය. මේ සැරේ මන් මෝහන් සිං මොනවා කවන්ට හිතන් ඉන්නවා දැයි දන්නේ එයාම පමණි.

.

 

Advertisements

 

රේගුව , ආදායම් බදු දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව සාමන්‍යයෙන් ලංකාවේ ආණ්ඩුවට ආදායම් හොයා දෙන ආයතනයි.

වෙන රටවල නම් පොලිසී තිබෙන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමටය. ඒත් ආසියාවේ ආශ්චර්ය වන සිරි ලංකා ඉල්ලංකාවේ පොලිසීයත්  තිබෙන්නේ ආණ්ඩුවට ආදායම් හොයා දීමටය. ලංකාවේ පොලිස් කාරයින්ට ටාර්ගට් දී තිබේ. ඒ ටාර්ගට් කවර් නොකොලොත් බඩුම තමාය. ලොක්කන්ගෙන් බලු බැණුම්ය. ප්‍රොමෝෂන් නැත.

ඒ නිසා මොනවා කර හෝ නියමිත නඩු ගානක් ගෙන ආ යුතුය. දඩ කොල ලිවිය යුතුය. රියදුරන් වැරදි නොකරයි නම් බොරුවට හෝ වැ‍රැද්දක් ලියා දඩ කොල දිය යුතුය. ඉරි දෙක නොකපා යන රියදුරාට වමෙන් ධාවනය නොකලා යැයි කියයි. පැයට කි.මී. 20 ට ගියත් වේගය වැඩිය. කුමක් හෝ වැරද්දක් ලියා නඩු පවරා හෝ දඩ කොල ලියා  ආදායම් එකතු කර දිය යුතුය.

රථවාහන පොලිසීයේ කාරිය විය යුත්තේ අනතුරු වැලක්වීම හා අවම කිරීමය. ඒත් ලංකාවේ කට්ටිය එහෙම නැත. එයාල ‍රැක ගෙන ඉන්නේ අනතුරු සිදු විය හැකි තැන්වල නොවේය. අනතුරු සිදු විය හැකි කලාපය අවසන් වෙන තැන ගහකට මුවා වී හැංගී ගෙනය. උදාහරණයක් ලෙස ඉරි දෙක අවසන් වී කඩ ඉර පටන් ගන්න තැනටත් මදක් ඈතින්ය. ඒ ඉරි දෙක  අවසන් වීමට අඟලක් කලින් එය කපන උන් අල්ලා ගැනීමටය. එහෙම මිස අනතුරු වැලකීමට නොවේය.

කිසිම වැරදි කාරයෙක් සොයා ගන්නට බැරි වුනදාට කඩයක වැසිකිලියක් ඇතුලේ සිගරට් බොමින් සිටින එකෙක් දෙන්නෙක් හෝ අල්ලා ගෙන යයි.නැත්නම් ගෙදර කාමරෙක හැංගී හාමිනෙටත් හොරෙන් අරක්කු බොමින් සිටින එකෙක් අල්ලා ගෙන ප්‍රසිද්ධියේ මත් පැන්  බිව්වා යැයි නඩු දමයි. ඇටමැස්සා දන්නා හඳුනන පොලිස් රාලහාමි කෙනෙක් කිව්වේ තමන්ට අවශ්‍ය නඩු ප්‍රමානය හොයා ගැනීමට බැරි වූ නිසා මත් පැන් ස්වල්පයක් බී ඉතාමත් සාමකාමිව නිවෙස බලා යමින් සිටි තුන් දෙනෙකුන් අල්ලා ගෙන ගොස් නඩු පැවරු බවයි. එසේ නොකලානම් පසු දින ‍රැස්වීමෙදී ලොක්කා තමන්ව නැගිට්ට්වා කලිසම ගැලවෙන්නට බනින බවයි.

මේඇත්ත පසු ගියදා මොණරාගල පැත්තේ ඉන්න ආණ්ඩුවේ උප ඇමතියෙක්ම කියා තිබුණි. මේ ඇමතියා ප්‍රසිද්ධ මොනවාටදැයි ආණ්ඩුවේම හවුල් කාර පක්ෂයක් වෙන හෙලු හෙළ උරුමයේ ඕමල්පේ සොභිත උන්නාන්සේ හෙලි කර තිබිනි. දැන් මේ ඇමතියා තම කතාවෙන් පොලීසීයට කියා තිබුනේ ” පොලීසිය ආණ්ඩුවට බදු එකතු කර දෙන්ට ඕනෑය. ඒත් තමන්ගේ වැයික්කියේ ජනයා හදිසියට බෙහෙත් ටික ගැනීමට රෝහලට යනවිට හෙල්මට් නොදා ගීයා යැයි අල්ලා ගන්ට එපා” කියාය.
ඔහු කියන්නේ එහෙමය . පොලිසීය ආණ්ඩුවට බදු එකතු කර දෙන්න ඕනෑ කියලාය. ආණ්ඩුවේම ඇමත්තෙක් කියූ නිසා ඒක ආණ්ඩුවේ නිල මතය විය යුතුය.

ඒ අනුව අපිට පෙනී යන්නේ අපි ආසියාවේ ආශ්චර්ය කරා අරගෙන යන්න හදන්නේ ජනතාවට දඩ ගසා ලබා ගන්නා මුදලින් බවයි.

සටහන- හෙල උරුමයේ චම්පික උන්නැහේ පරිසර අමාත්‍යාංශය කරන කාලයේ අධෝවාතයට පවා පරිසර බද්දක් අය කර ලොක්කාගේ හොඳ පොතට වැටීමට ට්‍රයි එකක් දුන්නේය.

 
 
 
ශ්‍රී ලංකාව තුල  දියවැඩියා  රෝගය ශීඝ්‍රයෙන්  පැතිර යන බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. මෙය ඉතා බරපතල තත්වයක් බවත් ඉතා ඉක්මනින් යම් පියවරක් නොගතහොත් වැඩි කල් නොගොස්  රටේ ජනගහනයෙන් ඉතා විශාල ප්‍රතිශතයක් මෙම  රෝගයට ගොදුරු විය හැකි බවත්  එම වාර්තා පෙන්වාදෙයි.
 
මෙම වාර්තා ගැන විමසිලිමත් වූ , තමන්ගේ රට වැසියන්ගේ සුව සෙත ගැන නිරන්තරයෙන් සොයා  බලන රජය දියවැඩියාව රෝගයට ජනතාව ගොදුරු වීම  වැලැක්වීම සඳහා ක්ෂණික පියවරක් ගෙන තිබේ.
 
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනය කරන සීනි මත පැනවූ බද්ද වැඩි කර තිබෙන අතර  මෙයින් සීනි කිලෝවක මිල රුපියල් පහකින් ඉහත යනු ඇත.
 
එම මිල වැඩි වීමට සමාන අනුපාතයකින් දිය වැඩියා රෝගීන්ගේ සංඛ්‍යාවද  පහල යනු ඇතැයි  බලාපොරොත්තු වේ.
 
 ශ්‍රී ලංකාව වැනි රටවල් ගිල ගැනීම සඳහා සීනි ත්‍රස්තවාදයක් බිහිව ඇතැයිද , එය පරාජය කිරීම දේශප්‍රේමින් වශෙයන් අපගේ යුතු කම බවත් මේ අතර නිවේදනයක් නිකුත් කරන ජාතික නිරුවත් පෙරමුණේ නායක විකටවංශ මහතා පවසයි.
 
මේ පිළිබඳව ඊයේ පවතී මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ   දත් දොස්තර විකට  බණ්ඩාර මහතා පැවසුයේ සීනි කෑම නිසා කුඩා ළමයින්ගේ දත් පනුවෝ කන බවත් ඒ නිසා සීනි මිල තවත් ඉහල දැමිය යුතු බවත්ය.
 
ළමයින්ගේ දත් නරක් වීම දත් දොස්තර කෙනෙක් වශයෙන් ඔබට වාසි සහගත නොවේදැයි ඇසූ විට ඔහු පවසා සිටියේ  දැන් දත් වෙද කම නොකරන බවත් තමන් දැන් ගොඩනැගිලි ඉදි කිරීම පිලිබඳ විශේෂඥයකු බවත්ය.
 
එසේම එකසිය තිස්දෙනෙකු සමග  ජනාධිපතිවරයා සිදු කල නිව්යෝර්ක් සංචාරයේ වියදම් හා මෙම බදු වැඩි කිරීම්  අතර සම්බන්ධ කම් සොයන්නේ දේශද්‍රෝහීන් බවත් , උන් සීනි ත්‍රස්තවාදීන්ගේ අතකොලු බවත්  වැඩි දුරටත් පැවසු ඒ මහතා උන් අල්ලා දේශද්‍රෝහී ෆොන්සේකා  සමග හිරේට දැක්කිය යුතු යැයිද  යෝජනා කළේය.