Posts Tagged ‘ප්‍රභාකරන්’

කුමාරන් පද්මනාදන්  හෙවත් කේ.පී පහු ගියදාක ඉන්දීය මාධ්‍ය වලට ආන්දෝලනාත්මක ප්‍රකාශ කීපයක් කරලා තිබුනා,  එජා සංවිධානයයි  බටහිර රටකුයි එකතු වෙලා ප්‍රභාකරන් බේරාගන්න නැවක්  එවන්න ලේස්ති වුනාය, රජිව් ගාන්ධිගේ ඝාතනයට කරුනානිධිත් හවුල්ය ආදීවශයෙන් .
 
මේ මාධ්‍ය සාකච්චාවෙන් එලියට දාලා තිබුනේ කොටස් කීපයයි. මෙන්න එකේ ඉතුරු කොටස.බොහොම අමාරුවෙන් හොයා ගත්තේ.
 
– දැන් කේ.පී මහත්තයා ඔබ කියන්නේ ප්‍රභාකරන් බේරාගන්න එක්සත් ජාතීන්ගේ  සංවිධානය නැවක් එවන්න  සූදානම් වෙලා හිටියා කියලද?
 
– ඔව්, ඉතාමත් පැහැදිලිව ඔවු. මේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම බෑන් කී  මූන් මහත්තය පෞද්ගලිකවම මෙහෙයෙව්වේ.
 
– ඔබ කියන දේ ඔබට විශ්වාසද?
 
– ඔව්, සත්තකින්ම.
 
-මේ මෙහෙයුම ගැන අපිට විස්තර කරන්න පුලුවන්ද. මම හිතන්නේ ඔබත් මේ මෙහෙයුම ගැන දැන ගෙන ඉන්න ඇති.
 
– දැන් මෙහෙමයි, බෑන් කී මූන් මහත්තයයි , දරුස්මාන් මහත්තයයි ,එතකොට තව සෝල්හයිම් මහත්තයයි නැවක් අරගෙන එනවා මුලතිව් මුහුදට. ඊට පස්සේ සෝල්හයිම් මහත්තය නැවේ තියලා මූන් මහත්තයයි දරුස්මාන් මහත්තයයි මුහුද යටින් කිමිදී ගෙන එනවා ප්‍රභා ඉන්න තැනට . ඊට පස්සේ ප්‍රභාවත් එකතු කරගෙන ආපහු පීනාගෙන යනවා නැවට. ඕක තමා පළමු වෙනි සැලැස්ම . ඕක වැරදුනොත්   දෙවෙනි එකකුත් තිබුනා.
 
– ඒ මොකක්ද
 
– මූන් මහත්තයයි දරුස්මාන් මහත්තයයි ආපහු නැවට පීන ගෙන ගිහින් නැවේ තියෙන හෙලිකොප්ටර් එකක් අරගෙන එනවා. ඇවිත් ප්‍රභා ඉන්න තැනට පාත් කරලා ලනුවක් දානවා පහලට. එතකොට මූන් මහත්තයා ලනුව දිගේ පහලට බැහැලා ප්‍රභාවත් අරගෙන හෙලිකොප්ටරේට  ගිහින් නැවට යනවා.
 
– මං හිතන්නේ ඉතාමත් විශිෂ්ට සැලැස්මක් , ඇඟ කිලි පොලා යනවා.
 
– ඒ විතරක් නෙවේ මේ සැලැස්මට ජනතා විමුක්ති පෙරමුණත් සහය දුන්නා .
 
– හැබෑ ට ?
 
-ඔව් ඔව්,සෝමවංශ ,අනුර කුමාර, විජිත හේරත් තුන් දෙනාම මේකට හවුල්,
 
– ඒ කොහොමද හවුල් වුනේ?
 
-ඔය නැවට තෙල් ගහන්න සල්ලි දුන්නේ ජේ වී පී එකෙන්නේ. ඊට අමතරව අර හෙලිකොප්ටරේ ගන්න බ්‍රෝකර් කම කලෙත් ජේවීපී ඒක. මං හිතන්නේ නැව ගන්නත් ගානක් එයාලා දුන්නා. ඊට කලින්  කොටි සංවිධානය එක්ක ජේවීපී එක සෑහෙන කාලයක් හවුලේ වැඩ කළා
 
– මොනවද ඒ කරපු වැඩ,ඔබට කියන්න පුලුවන්නම්.
 
– ඇත්තටම  කිව්වොත් ඔය ඇමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගහපු එකත් ප්ලෑන් කලේ ඔය දෙගොල්ලොනේ.ඊට පස්සේ තමා ඒක අල්කයිඩා එකට බාර දුන්නේ ක්‍රියාත්මක කරන්න.
 
– හැබෑ ට ?
 
-ඔව් ඔව්,  ඒ වැඩේට නම් මංගල සමරවීරගෙයි  චන්ද්‍රිකාගෙයි සපෝර්ට් එකත් ලැබුනා. තව රනිලුත් හුඟක් උදව් කළා.
 
-හ්ම් හ්ම් …  එතකොට ඔබ කියලා තිබුනා රජිව් ඝාතනයට කරුණානිධි හවුල් කියලා. මම අහන්නේ ……
 
– ඔව් ,කරුණානිධිට අවශ්‍ය මතවාදීමය සහය ලබා දුන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් වගයක්  , එයාලා තමා කිව්වේ ප්‍රභාටයි කරුනානිධිටයි බල කලේ මේ වැඩේ කරන්නම ඕනේ කියලා.
 
– ආචාර්ය වරුන්  කිව්වට ඔබට  විශේෂ පුද්ගලයෙක් ,එහෙම නැත්නම් පුද්ගලයින්  එහෙම නම් කරන්න පුලුවන්ද මේ වැඩේට හවුල් වුනු?
 
-අපොයි පුළුවන් …. ම්ම්ම්ම් … මට නම මතකයි…  අපිත් එක්ක සාකච්චා කරපු .. ම්ම්ම්  .. නිමල් ? නැහැ නිමල් නෙවේ හරි…. මතක් වුනා………….
 
– මොකක්ද නම ,කවුද ඔහු ?
 
නිර්මාල් රන්ජිත් දේවසිරි , ඔහු තමා රජිව් ඝාතනයට අපිව පෙලෙඹුවේ.
 
සටහන – මට ලැබුණු සී ඩී තැටියේ සටහන් වී තිබුනේ එපමණකි. මේ සාකච්චාව තව දුරටත් කෙරී ඇති බවටත් කේ පී විසින් සෑහෙන රහස් තොගයක්  හෙළි කර ඇති බවටත් තොරතුරු දැනගන්ට තිබේ . යම් හෙයකින් ඔබට ඒවා ලැබුනොත් අප වෙත එවීමට කාරුණික වෙන්න. ඔබගේ අනන්‍යතාව ආරක්ෂා කරනු ලැබේ.
 
Advertisements
 
සංගක්කාර ඇතුළු ක්‍රිකට් නඩය ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තානම්   ඒක ඇතුලට බැහැලා මාසයක් දෙක දිය බුන් ගහන්නට බලා ගෙන හිටි ආණ්ඩුවට ක්‍රිකට් කණ්ඩායමේ දේශද්‍රෝහී කම නිසා  එල්ලෙන්නට වැලේ වැල් නැතිව ගියේය. එහෙවු  ආණ්ඩුවට බෑන් කී මූන් හොඳ මහත කඹයක් අඹරා දී තිබේ. එල්ලෙන්නට පමණක් නොව ඕනේ නම් මේ අවුරුදු මාසයෙත් වෙසක් මාසයෙත් ඔන්චිලි පදින්නටද ඒ කඹය  ප්‍රමාණවත්ය.
 
බෑන් කී මූන් ගේ උපදේශක කමිටු වාර්තාවට විරුද්ධව මහා පරිමාන යුද්ධයක් ආරම්භ කිරීමට ආණ්ඩුව සැරසෙන බවක් පෙනෙන්නට  ඇතිය. ලෝක කම්කරු දිනයද ඒ වැඩේට යොදා ගන්නට යන බවකි. කොහොම හරි වැඩේ මාස දෙකක් ඇද ගත්තොත් ගොඩය.  ඒ වෙනකොට අලුතින් කුමක් හෝ දෙයක් ලැබෙනු ඇත. දැන් කල යුතුව ඇත්තේ මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමය. 2009 මැයි මාසයෙන් පසු මෙවැනි ආතල් එකක් ලැබී නැති නිසා වැඩේ හරියට   කර  ගත යුතුව ඇත. පෙනෙන  හැටියට නම් වැඩේ නැගලා යනු ඇත. 
 
ඒ සඳහා මාධ්‍ය හරහා යුද්ධය පටන් ගෙන ඇත. එහෙත් තවම වීදි සටන් ආරම්භ වී නැත. දැන් ඒ සඳහා කාලයයි. තවත් පමා විය යුතු නැත.
 
ආරම්භයක් වශයෙන් මල්වංශ යොදා ගෙන  එජා කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් හෝ දෙකක් කල හැක. එයට හොඳ ගරා යකුමක් ද ඇතුල්  කල යුතුය. බෑන් කී මූන්ගේ හා උපදේශක කමිටුවේ පඹයන් කීප දෙනෙකුඳ ගිනි තබා විනාශ කල යුතුය. මිනිහා කොහොමටත් තියාගෙන ඉන්නේ ඔයාකාරයේ වැඩට නොව.
 
ඉන්පසු ලෙමන් පෆ් පැකට් කීපයක් සොයා දී ඔහු ලවාම  උපවාසයක් කර වීම  මනාය. මේවා සියල්ල රූපවාහිනියෙන් සජීවීව  පෙන්විය යුතුය.  ජනතාවට ගැම්මක් එන්නේ එවිටය. උපවාසය  කරන අතර වටේ සිටින සපෝටර් ලාට කෑම බීම අරක්කු ආදිය සප්ලයි කිරීමට  අමාත්‍යාංශයට අයිති සංස්ථා වලටම පැවරිය හැකිය. අවවාදයක් වශයෙන් දිය යුත්තේ එතුමා බංගලාදේශයට ගොස් ආපසු එන තෙක් උපවාසය පටන් නොගන්න ලෙසය. නැත්නම් වතුර පොවන්නේ කවුද?
 
චම්පික උන්නැහේද අමතක කල යුතු නැත. උන්නැහේටත් ලොකු කාර්ය භාරයක් තිබේ. අඩුම තරමේ පෙළපාලි කීපයක් වත් සංවිධානය කර ගැනීමට.
 
එසේම ඇට්ටි හැලෙන ප්‍රවෘත්ති කඳුළු ගලන , කර්තෘ වාක්‍ය පල කිරීමෙන් , ගාමිණී සුමනසේකර හා කරුණාදාස සූරියාරච්චිටත්  හොඳ සපෝර්ට්  එකක් දිය හැක. මහින්ද අබේසුන්දර ගේ විමසුම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැත. වික්ටර් අයිවන්ටත් සෑහෙන වැඩ කොටසක් බාර දිය හැක. එයා කොහොමටත් වැඩේට බසිනු ඇත.
 
ඒ ලියන දේවල් ගැන  පලිප්පු  දමමින්  ස්වර්ණවාහිනියේ මුල් පිටුවේ කියවීමට බන්දුල පද්ම කුමාර උන්නැහේට හැකිය. ස්වර්ණවාහිනියේ  හා-රේන්ද   ට ද  මල මිනි විකිණීමට අමතරව  බෑන් කී මූන් පට්ට  ගැසීමට විනාඩි  කීපයක් වෙන් කර දිය යුතුය.
 
මේ හා සමාන තව බොහෝ දේවල් ඉදිරියේ සිදු වෙනු ඇත. ඒ අතරේම මෙතරම් ජාතික විපත්තියක් හමුවේ බස් ගාස්තු, කිරිපිටි ආදියේ මිල ගැනද කතා කරන දේශද්‍රෝහීන් ද සිටිනු ඇත. අප ජනයා උන්ගෙන් පරිස්සම් වීම මැනවි.
 
 කෙටියෙන් කිව්වොත් සිද්ද වෙන්නට යන්නේ නැවත උපන් ප්‍රභාකරන් හෙවත් බෑන් කී මූන් හා අපේ මහා දේශප්‍රේමින් අතර සටනකි. එයට එරෙහි වන්නන් යනු දේශද්‍රෝහීන් ය. ඔබ දේශප්‍රේමියෙක්ද දේශද්‍රෝහියෙක්ද යන්න ඔබ දැන් තීරණය කර ගත යුතුය.
 
 
සටහන- 1 විපක්ෂයද නිකම් ඉන්නේ නැති බවකි. සජිත් ප්‍රේමදාස නම් තමාගේ පමා වූ දේශප්‍රේමයේ හිඟ පාඩු               අල්ලන්නට   මෙන්  ආණ්ඩුවටත් කලින් වැඩේට බැස ඇත.
 
සටහන -2 අපේ බ්ලොග් කරුවන්ට ද  පරණ පවු  සෝදා ගැනීමට, හැක් නොවී සිටීමට , විදේශ ගතව සිට පොර ටෝක් දෙමින් සිටි අයට, නැවත හොඳ පොතට නම දා ගැනීමට අවශ්‍ය නම් මෙය කදිම අවස්ථාවකි. එන්න ප්‍රයෝජනයට  ගන්න
 
 
ඩෙංගු මර්ධනයට කියුබාවෙන් ගෙන්වනවා යයි කියූ බී ටී අයි   බැක්ටීරියාව   දැන් වසරකට ත් වැඩි කාලයක් සිට තාමත් නැවේය. දේශීයව නිෂ්පාදනය කල  බැක්ටීරියාව  භාවිතයට  එරෙහිව රජයේ ආයතන විසින් ම නොයෙක් ආකාරයේ බාධක පනවමින් සිටී.
 
මේ අතර ඩෙංගු රෝගීන්  වෙනුවෙන් භාවිතා කිරීම සඳහා එන්නතක්   තායිලන්තයෙන්   ගෙන්වන  බව සොඛ්‍ය බලධාරීන් පැවසුවත් එයට ද  බීටී අයි  බැක්ටීරියාවට අයත් වූ ඉරණම ම අත් නොවේ යැයි  කිසිම  සහතිකයක්  නැත.
 
මේ අතර පසු ගිය මාස හයක  කාලය තුල  23,000 කට  වැඩි පිරිසකට රෝගය වැළඳී  ඇති අතර ඉන් 164 දෙනෙක් මරණයට පත්ව ඇත. රජය රූපවාහිනියෙන් හා අනිකුත් මාධ්‍ය භාවිතා  කරමින් ඩෙංගු රෝගයට එරෙහිව වහසි බස් දොඩමින් සිටිති. එහෙත් රෝග මර්ධනයට කිසිම පලදායි දෙයක් නොකරයි. රෝගීන් සිය ගණනක් මිය යති.
 
තත්වය කෙතෙක් බරපතල ද යත් , තම ප්‍රදේශයේ  යමෙකු ඩෙංගු රෝගය වැළඳී මිය ගිය හොත් , පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා , ග්‍රාමසේවක ඇතුළු පිරිස් මළගෙදර  ඉදිරිපිට ගස් බඳින බව එවැනි වැඩවලට පරසිදු ඇමතියෙක්  පැවසුයේ ඊයේ පෙරේදාය. ඒ ඩෙංගු රෝගයට ඔහුගේ මොලයේ පරිමාව අනුව දුන් විසඳුමයි.
 
කරුණු කාරණා සිද්ධ වෙන ආකාරය දෙස හොඳින් බැලූ  විට පෙනී යන්නේ  තමන්ට අහිමි වූ ප්‍රභාකරන් නම් සතුරා වෙනුවට රජය විසින් තෝරා ගෙන ඇති අලුත් සතුරන් අතර ප්‍රමුඛයෙක්  වනුයේ ඩෙංගු රෝගය බවයි. සටන සිදු වන්නේ ඒ අයුරින්මය.
 
රජයට අවශ්‍ය  සදාකාලික  සතුරෙකි. ප්‍රභාකරන් මෙන් මාරක සතුරෙකි. ඩෙංගු රෝගයට ඒ සියලු සුදුසු කම් ඇත.
 
ඩෙංගු සමග සසඳා බලන කල  වීරවංශ තමන්ගේ හා රජයේ සතුරා ලෙස තෝරා ගත්  බැන් කි මූන්   පණුවෙකි.  බැන් කි මූන්  ට එරෙහි සටන ජනතාව අතර විහිළුවක් බවට  පත්  විය. 
 
 මේ අනුව රජයට ඉතිරිව ඇත්තේ ඩෙංගු රෝගය පමණි. ප්‍රභාකරන්  විනාශ කළා මෙන් ඩෙංගු රෝගය පරදවා තමන්ගේ එකම  ගැලවුම් කාරයා අහිමි කර ගැනීමට අවශ්‍ය කාටද ?  අපට නම් නෙවේ.
 
දැන් අපට අවශ්‍ය අලුත් සටන් පාටය. අලුත් වර්ගයේ දේශප්‍රේමයකි. එහි සතුරා ඩෙංගු රෝගයයි.
 
 කෙටියෙන් කිවහොත්  තත්වය  මෙසේය.
 
ඩෙංගු රෝගය අප මවු බිම  ආක්‍රමණය කරමින් සිටිති. එයින් මවු බිම මුදා ගත  යුතුය.  මෙය සමස්ත ජාතියම ඩෙංගු රෝගයට  එරෙහිව සටන් වැදිය යුතු වෙලාවකි. මෙය දේශප්‍රේමී  සටනකි. 
ඩෙංගු රෝගය වැළඳී මිය යන්නවුන් යනු මේ සටනේදී මවු බිම වෙනුවෙන් දිවි පුදන්නවුන්ය. ඔවුන් මළ පසු නැළවෙන්නේ සුන්දර සුරඹුන්ගේ අතේය. ඔවුන්ට ගරු කිරීම් වස් විශාල ස්මාරකයක්ද  ඉදි කල යුතුය.
 
අනිත් අතට ගත් කල ඩෙංගු රෝගය මර්ධනය නොකරන්නේ යැයි රජයට දොස් නගන්නේ දේශද්‍රෝහීන්ය.
මේ තීරණාත්මක අවස්ථාවේ වැඩි පඩි ඉල්ලන්නේ   එන්ජීඕ  කාරයින්ය.
පෙළපාලි යන්නේ  බටහිර ඒජන්තයින්ය.  
සරසවි සිසුන් සම්පූර්ණයෙන්ම   යුදෙව්වන්ය.

ඩෙංගු රෝගය  හා සටන් වැද තම දිවි පුද කලවුන්ට  මේ ද්‍රෝහීන් කරන්නේ අපහාසයකි. ඔවුන් ඩෙංගු රෝගයටම බිලි කල යුතුය.

 
සටහන.  –  ජාතික වීරයෙක් වීමට ඇති පහසුම මග ඩෙංගු රෝගය හදා ගෙන මිය  යාමය.