Posts Tagged ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය’

වීරවංශ ඇමත්තා තමන්ගේ ඇම්බැට්ටයොත් එක්ක පහු ගිය දාක එක්සත් ජාතින්ගේ කාර්යාලය වට කරලා ඒකේ හිටිය ගැබිණි අම්මලායි, අනිත් නිලධාරින්වයි ප්‍රාණ ඇපයට ගත්තා. උන්නැහෙලා එතෙන්ට ආවේ මහා පෙරලියක් කරගෙන, මාර්ග බාධක  පෙරලගෙන ,යකඩ වැටවල් බිඳ ගෙන. හැබැයි පොලිසියේ මහත්තුරු ඒවා නවත්තන්න කිසි දෙයක් කලේ නැහැ. ඒ විතරක් නෙවේ ,ඉහලින් ආපු අණට කීකරු වෙලා එතැනින් ඉවත් වුනා. එතන හිටපු නියෝජ්‍ය පොලිස් පති තුමා ගේ තොප්පිය පැහැර ගන්න කොට වත් එතුමා නෙවේ නිකමටවත් අතක් ඉස්සුවේ.

එක්සත් ජාතින්ගේ කාර්යාලයේ හා නිලධාරින්ගේ ආරක්ෂාවට පොලිසිය මැදිහත් වුනේ නැත්තේ ඇයි කියලා අහන කොට ජී.ඇල්. පීරිස් ඇමත්තයා කිව්වේ උද්ඝෝෂණය කරන්න රටේ ජනතාවට අයිතියක් තියෙනවාය, ඒ ප්‍රජාතන්ත්‍රිය අයිතියට  රජය බාධා කරන්නේ නැතිය කියලා.

මේ කතාව අහගෙන හිටපු ප්‍රජාතාන්ත්‍රික ජාතික පෙරමුණේ පිරිසක් පහු ගිය 12 වැනිදා ගාල්ලට ගිහින් ,ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරන්න කියලා උද්ඝෝෂණය කරා. නිදහස කොහොම වෙතත් , පොලිසිය ඇවිත් කට්ටියට කඳුලු ගෑස් ගහලා ,හොඳ හැටි පහර දීලා දහ දොලොස් දෙනෙක්ව ඇදගෙන ගිහින් පොලිස් කූඩුවට දැම්මා. ඊ ලඟට මේක ගැන පැමිණිලි කරන්න පොලිසියට ගිය ඒ පෙරමුණේ මන්ත්‍රිවරු තුන් දෙනෙක්ව බොරු චෝදනා කරලා කූඩුවට දැම්මා.( හැබැයි මෙතනදි නම් පොලිසිය පොට වරද්ද ගත්ත බවක් පේන්න තියෙන්නේ , ඒ තුන් දෙනා එක්ක පොලිසියට ගිය අර්ජුන රණතුංග  මන්ත්‍රිවරයා ආපහු එවීම නිසා. ඇතුලේ වුන සිද්දිය ගැන සාක්කි දැන් එලියේ තියෙනවා)

මොකක්ද මේ වුනේ. ජී.ඇල්.පීරිස් මහත්තයා ජූලි මාසේ තියෙනවැයි  කියපු ප්‍රජාතන්ත්‍රික අයිතින් අගෝස්තු මාසේ වෙන කොට  අහෝසි වෙලා ගිහින්ද. එහෙම නැත්නම්, රටේ අනිත් හැම සම්පතක්ම වගේ ප්‍රජාතන්ත්‍රයත් තියෙන්නේ රජ පවුලටයි, ඒ වටේ ඉන්න හෙන්චයියොන්ටයි විතරක්ද?

පහු ගිය මාසේ රටේ ලොකු දේශපාලන වෙනසක් නොවුනු නිසා ජූලි මාසේ තිබුනු ප්‍රජාතන්ත්‍ර අයිතින් අගෝස්තු මාසේ වෙන කොට නැති වෙන්න බැහැනේ.

ඒ නිසා අපිට හිතාගන්න තියෙන්නේ , ජී.ඇල්. පීරිස් මහත්තයා රටේ ජනතාවට උද්ඝෝෂණය කරන්න නිදහස තියෙනවැයි කියන කොට ඒකෙන් අදහස් කරන්නේ රාජපාක්ෂිකයෝ පමණයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. 

ප්‍රජාතන්ත්‍රවාදයේ මවු බිම වුනු ග්‍රීසියේ වත් හැමෝටම චන්ද බලය තිබුනේ නැහැ. එහෙදිත් ඔය අයිතිවාසිකම් භුක්ති වින්දේ පුර වැසියෝ කියලා හඳුන්වා ගත්තු සුලු පිරිසකට විතරයි. වහලුන්ටවත් කාන්තාවන්ටවත් චන්ද බලය තිබුනෙ නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදයේ මවු බිමෙත් එහෙම නම් අපි විතරක් මොකටද කොල්ලටයි බල්ලටයි හැම එකාටම  ඔය පොරොජාතන්තරේ දෙන්න යන්නේ.

ඒක නිසා ජී.ඇල් පීරිස් මහත්තයා මෙ රටේ උද්ඝෝෂණය කරන්න නිදහස තියෙනවැයි කියන කොට ඒ නිදහස තමන්ටත් තියෙනවා කියලා හිතා ගෙන උද්ඝෝෂණ කරන්න ගිහින් පොලිස් කූඩු වල ලගින්න වුනාට  පීරිස් උන්නැහැ පලි නැහැ.

කොහොමටත් මේ ගොල්ලෝ තමන්ගේ පවුලේ උදවිය ඇරෙන්න අනිත් ඔක්කොම තමන්ගේ වහල්ලු කියලා හිතා ගෙන ඉන්න බවක් තමා මේකෙන් ඔප්පු වෙන්නේ. කොච්චර දැඟලුවත් , වීරවංශ ලාගේ, ජී. ඇල්. ලාගෙ තත්වයත් ඒකයි. වහල්ලු දඟ නොකර ඉන්න කම් ඉඳුල් ටිකක් හම්බ වෙයි.  රජ්ජුරුවන්ට කොච්චර  වහල් වැඩ කලත් වහලා වහලා මයි, කවදාවත් ඔ‍ටුන්න හම්බ වෙන්නේ නැහැ.

මේ රජ ගොල්ලෝ  ජනතාව තමන්ගේ වහල්ලු කියලා හිතන් ඉන්නවා මදිවට ජනතාව හිතන්නෙත් තමන් රජ්ජුරුවන්ගේ  වහල්ලු  කියලා.

ඒ නිසා මේ  වහල් බවට පත් වෙලා නිදා ගෙන ඉන්න සමාජය අවදි  කරන්න නම් ස්පාර්ටකස් කෙනෙක් ම ඕනෙ වෙයි වගේ.

Advertisements

 

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඊයේ සවස කැම්බල් පිටියේ පැවත්වූ උද්ඝෝෂණය “අපක්ෂපාති , මාධ්‍යයක්” වන දෙරණ නාලිකාව වාර්තා කලේ මෙහෙමයි.

” ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය අද පැවත් වූ උද්ඝෝෂණයට එම සන්ධානයේ පක්ෂ කීපයක්ම සහභාගී නොවීම විශේෂ සිදු වීමක් විය. ”

ඒක අතකට වරුණි අමුනුගමගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?