Posts Tagged ‘නිදහස’

“ශ්‍රී ලංකාවේ නිදහසට අත තියන්න එපා”

ඔයබ් තියෙන්නේ 64 වෙනි නිදහසට විදේශ නායකයෝ ලංකාවට සුබ පැතුම් එව්වා කියලා දිනමිණේ තිබුනු ප්‍රවෘත්තියේ හෙඩිම.

සුභ පැතුම් එවපු කට්ටිය තමා ,පකිස්ථානේ, බුරුමේ ,චෙක් රටේ , ඔස්ට්‍රියාවේ,  සිංගප්පූරුවේ,තායිලන්තේ, ඉන්දියාවේ,කමොබෝජේ, මැලේසියාවේ නායකයෝ.

මම මේ තාම කල්පනා කරන්නේ බැරිවෙලාවත්  කවුරු හරි ලංකාවට අත තිබ්බොත් ඔය කියන කට්ටිය මොනවා කරයිද කියලා.

ප.ලි. – තුන්වෙනි ලෝක යුද්දේ පටන් ගනියිද ?

ප.ප.ලි- කා‍ටුන් එකත් දිනමිණෙන් හොඳේ,.

 
ඇට මැස්සාගේ බ්ලොග් කෙරුවාවට අදට අවුරුද්දකි . මීට වසරකට පෙර ඔහු බ්ලොග් ලිවීම  අරඹන්නේ විකල්ප මතවාදයන්ට ඇති ඉඩකඩ සමාජයෙන් ක්‍රම ක්‍රමයෙන් තුරන් වෙමින් පැවති යුගයකය. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය  සියල්ලම  පාහේ  එකම අරමුණකින් සැදී තම එකම කාර්ය බවට ප්‍රශස්ති ගායනා කිරීම පත් කරගනිමින්  සිටි යුගයකය .   ජනතාවගෙන්  බහුතරයක් තමන් අවට සිදු වන දෑ දකිමින් නොදුටුවාක් මෙන් සිටි යුගයකය. මේ පවත්නා කණගාටුදායක  තත්වයට එරෙහිව  යමක් කිරීම ,තම හැකි පමණින් යමක් කිරීම තම වගකීමකැයි ඔහු සිතුවේය.
 
බ්ලොග් අඩවි හෝ ෆේස් බුක් මගින් සමාජ අරගල කල හැකි යැයි ඇට මැස්සා විශ්වාස නොකරයි. එහෙත් සියල්ල රැල්ලට හසුව   ගසා යන යුගයක  එල්ලෙන්නට පිදුරු ගහක් හෝ තිබීම වැදගත් යැයි ඔහු සිතුවේය. වසරක් පුරා ඔහු පෝස්ටයන් දෙසීයකට  ආසන්න ප්‍රමාණයක් ඔහු ලියන්නේ එබැවිනි. තම කාලයත් ධනයත් වැය කරමින් ඔහු ලියන්නේ එබැවිනි. ඔහු ලියන්නේ  මිනිසුන්  කැමැත්තෙන්ම හෝ බලෙන් වහලුන් බවට පත් කිරීමට  එරෙහිවය. ඒ ඔහු නිදහස් මිනිසෙක් ගැන විශ්වාස  කරන බැවිනි.
 
ඔහු ලිවීමට පෙලඹවූ තවත් කරුණක් ඇත. ඒ ඔහු මෙන්ම මිනිස් නිදහස ගැන  සිතන  තවත් බොහෝ දෙනෙකුන් සමාජය තුල  සිටින බව ඔහු දන්නේය.  ඔවුන් හුදකලා වී නොමැති බවත් බලාපොරොත්තු අත හැර  නොගත යුතු බවත් ඔවුනට දැන්වීමට  ඔහුට උවමනා විය.  
 
ඇට මැස්සාගේ අඩවිය අරඹා වසරකට පසු අද දක්නට ඇත්තේ කුමක්ද? තත්වය වඩාත් කණගාටු දායකය. මෙතුවක් කල් සයිබර් අවකාශයේ හෝ තිබු නිදහස පවා අද අහිමි වෙමින් තිබේ. ඉතා නිදහස් ලෙස තම මතවාදයන් සමාජ ගත කරමින් සිටි  බ්ලොග් අඩවි කීපයක්ම හැකරුන්ගේ ප්‍රහාරයට ලක්ව ක්‍රියා විරහිතව ඇත.
 
ඔවුන් ලියු දේ පිළිබඳව එකඟතාවක් බොහෝ විට නොමැති වුවත් , නිරන්තරයෙන්ම ඇට මැස්සා ආසුරු කල බ්ලොග් අඩවි  වන ටැබූ සබ්ජෙක්ට් හා බියොන්ඩ් ෆ්‍රේම් වැනි බ්ලොග් අඩවි මේ ඉරණමට ලක් ව ඇත. ඇත්තටම ගත හොත් ඇට මැස්සා  බ්ලොග් ලිවීමට පෙලඹවූ බ්ලොග් අඩවි අතර ඉහත අඩවි දෙකට මුල් තැනක් හිමිවෙයි.   රාමචන්ද්‍රගේ අඩවිය හා W3Lanka  අඩවිය ද ඒ සඳහා විශාල  බලපෑමක්    කළේය .
 
දැනට ඇති තත්වය එයයි. ඔහුගේ ලිවීමෙන් කිසිවෙකුට සෙතක් වුවාදැයි ඔහු  නොදනී . එහෙත් එක පුද්ගලයෙකු හෝ තම බ්ලොගය කියවා සැබවින්ම අවට සිදුවන්නේ කුමක් දැයි බැලීමට උනන්දු වූවා නම්, තවත් අයෙකු තමන් හුදකලාව වී නොමැති  බවත් නිදහස පිළිබඳව සිහින දකින තවත් මිනිසුන් සිටින බව දැන ගත්තේ නම් ඇට මැස්සාට එය ප්‍රමාණවත්ය.  ජීවත් වුවත් මිය ගියත් ඔහු වාසනාවන්ත මැස්සෙක් වන්නේ එවිටය.