Posts Tagged ‘දිවයින’

logo

නලින් සිල්වා, ගුණදාස අමරසේකර, චම්පික රණවක, විමල් වීරවංශ පමණක් නොව බ්ලොග් අවකාශයේ සැරිසරු පෙරමුණේ රාල, රංග මිගාර වැනි  සකල විධ සිංහල ජාතිවාදි උම්මත්තක පැසිස්ට්වාදිනුත්    අයි ටී  එන් දිණමින , දිවයින වැනි පඩංගු මාධ්‍යයත්  පසු ගිය කාලය පුරාවටම ශ්‍රී ලාංකීය සමාජය තුල වැපිරූ ජාතිවාදි බීජ  දැන් පැලවී පල දරමින් තිබේ.

දෙමල කම්කරුවෙකු තමන්ට සර් නොකීවා යැයි උරණ වූ හමුදා සෙබලෙකු ඇතුලු  වර්ගවාදි උම්මත්තකයින් පිරිසක් ඇල්පිටිය දිවිතුර ප්‍රදේශයේ වත්තකට කඩා පැන වතු කම්කරු නිවාස තිහක් පමණ මංකොල්ල කා ගිනි තබා විනාශ කර ඇත.

මේ ක්‍රියාත්මක වන්නේ පසුගිය කාලය පුරාවටම දිවා රෑ දෙකෙහිම රට තුල ප්‍රචාරය කල මහා සිංහල වර්ගවාදයයි. මේ ක්‍රියාත්මක වන්නේ දේශප්‍රේමය යනුවෙන් හඳුන්වමින් හීන් සීරුවේ ජනතා සිත් තුලට එන්නත්  කල හිට්ලර් පන්නයේ වර්ගවාදයයි. කපටි අමන ජාතිවාදි දේශපාලුවන්  විසින් රවටනු ලැබු නූගත් ගැමියන් තමන්ගේම සහෝදර දෙමල ජනයාට පහර දෙති.

ජාතිවාදය හා ආගම්වාදයට  නූගත්ගැමියන් පමණක් නොව උගතුන් යැයි සැලකෙන උන් පවා ඉතාමත් ලෙහෙසියෙන් ගොදුරු කර ගත හැකි ය. වීරවංශලා හා රණවකලා මේ දෙකම තම බල ව්‍යාපෘති වෙනුවෙන් ඉතාමත් කපටි ලෙස භාවිතා කරමින් සිටිති. මහජන මුදල් රිසී සේ සොරා කමින් , සුර සැප විඳින මේ විගඩමුන්  ඒ සැප සම්පත් දිගටම තබා ගැනීම වෙනුවෙන් නග්න ලෙස ජාතිවාදය හා ආගම්වාදය භාවිතා කරති.

මේ ආකාරයේම කපටි හා තුච්ච දේශපාලුවන් විසින් රවටනු ලැබු ජනතාව මීට පෙරද, 1958, 1977 හා 1983 දී  මෙරට ගිනි තැබූහ.

වීරවංශලා තමන්ගේ ප‍ටු අභිමතාර්ත වෙනුවෙන් අද  මේ රට නැවතත් දක්කා ගෙන යමින් තිබෙන්නේ එතැනටය.

ඔවුන්ගේ මේ උත්සාහය වහාම පරාජය කල යුතුව ඇත. ජාතිවාදයේ ගිනි දැල් ඇවිලවීමට තම අනුගාමිකයන් පොලඹවන මේ තක්කඩි රොත්ත  පරාජය කල යුතුය. එසේ  නොකලොත් හෙට දිනය දැනට තිබෙනවාටත් වඩා බොහෝ කලුවර වනු ඇත.

සටහන- සිංහලුන්ට නැති දෙමලුන්ට ඇති ප්‍රශ්න මොනවා දැයි කැළණියේ නාථදේවාලයේ ප්‍රධාන කපු තැන්පත් නලින් ද සිල්වා ප්‍රමුඛ ජාතිවාදින් නිතර අසන ප්‍රශ්නයකි. මේ තිබෙන්නේ ගාල්ලේ ජාතිවාදින් විසින් ඊට දී ඇති පිලිතුරයි.

 

 

 

“නඩු නැති රටට මොකට පායනවද සූරියා”

එහෙම ඇහුවේ ප්‍රදීපා ධර්මදාසය. ඒ හුඟාක් කාලෙකට කලින්ය. කොච්චර කලින්ද කිව්වොත් තමන් එහෙම කතාවක් කියලා තියෙනවා කියලා අද ප්‍රදීපාටවත් මතක නැත.ඒ ගැන ප්‍රදීපාට දොස් කියන්න බැරිය. එව්වා එහෙම තමාය.ඒකට කියන්නේ පරිණාමය කියලාය.

හැබැයි ඩාර්වින් කියා දුන් පරිණාමය නෙවේය. ඒ පරිණාමය අනුව ජීවින් එන්ට එන්ට සංවර්ධනය වෙමින් ඉස්සරහට යනවාය. මෙතැන වෙන්නේ ටිකෙන් ටික , ආපස්සට යාමය. ඒ  නිසා මේකට විපරිණාමය කියා කියන්ටත් පුලුවන්ය.

1993 කුප්‍රකට දකුණු පළාත් සභා චන්දේට  ඒ කාලයේ හිටි ජනප්‍රිය, එඩිතර , මානවහිතවාදි ,නිර්භීත පත්තර කාරයෙක් වෙන ඩලස් අලහප්පෙරුමද ඉදිරිපත් වුනාය. ජවිපෙ හිතවාදි කට්ටිය සමග ඒ ගොල්ලොම කරපු ලක්දිව, හිරු වගේ පත්තර වල හිටි ඩලස් ,ශ්‍රිලනිපයෙන් චන්දේ ඉල්ලන්නේ ඇයි කියා ඇහුවම අපූරු උත්තරයක්  දුන්නේය.

රේස් එක දුවන්න අශ්වයෙක් නැත්නම් ඉන්න බූරුවාගේ පිටේ නැගලා හරි දුවන්න එපැයි

ඒකත් හැබැයි කී ප්‍රගතිශීලී ජනතාව වැඩි චන්දෙන් ඩලස් පළාත් සභාවට යැව්වෝය.

ඊ ලඟට 94 මහ චන්දේ ආවේය. ඒ චන්දේට ජේවීපීයත් (ප්‍රගතිශීලි පෙරමුණ ) තරඟ කලේය. හැබැයි ඩලස් පරණ පුරුදු විදියටම ශ්‍රිලනීපෙන්ම තරඟ කලේය. ඩලස් එක්ක සැට් වෙලා පාර්ලිමේන්තු යන්න බලා හිටි විමලසිරි ගම්ලත් සහෝදරයාට මල පැන
” රේස් දුවන්න අශ්වයෝ නැති කාලේ නම් බූරුවෙක් පිටේ ගියාට කමක් නැත, දැන් අශ්වයත් රේස් එකට බැහැලා ඉන්න කොටත් ඩලස් තාම බූරුවා පිටේ යනවා “
ආදි කතා කියමින් ඩලස් ට බැන බැන රට වටේ ගියාය.

ඒ 94 දීය. දැන් 2012 වෙනකොට විමලුයි  ඩලසුයි දෙන්නම එකම බූරුවා පිටේ යනවාය. එව්වා එහෙම තමාය. පරිණාමය හා විපරිණාමය ආදි වශයෙනි.

එදා වගේම අදත් නඩු නැත.

ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කොට අවුරුදු දෙකකටත් වැඩිය. තමන්ගේ අර්ථසාධක අරමුදල කොල්ල කන්නට එපා යැයි කියු රොෂේන් මරා දැමුවේය. දෙමල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය ඉල්ලූ ලලිත් හා කුගන් අතුරුදහන්ය. ඒත් ඒ කිසිම දෙයක් ගැන නඩු නැත. එහෙව් නඩු නැති රටට මොන සූරියා දැයි අහන්නට ප්‍රදීපලාත් නැත. පිලිම නෙලා නැති විරුවන් ගැන කියන්නට නන්දලාත්  නැත.

නාමල් ලා යෝෂිතලා විතරක් නොව තමන්ගේ දරු දෙදෙනාත් වේලක් හැර වේලක් කා හෝ ජීවත් විය යුතු යැයි කියන්නට පාරට බැස්ස ඇන්ටනි ප්‍රනාන්දු ඔලුව හිල් වෙන්නට වෙඩි තියා මරා දැම්මේය. එදා රතු කමිස ඇඳගෙන වීදි සටන් වලට ජනතාව කැඳවපු වීරවංශ නොහොත් විමලසිරි , ධීවරයින්ට වෙඩි තිබ්බේ ඔවුන් ප්‍රචණ්ඩකාරි විදිහට හැසිරුන හින්දා යැයිද ඒ උද්ඝෝෂණ පිටිපස්සේ ඉන්නේ එන් ජී ඕ යැයිද කියන්නේය.

මිනිසුන් ඌරන් බවට පරිණාමය වීම  ගැන ඩාර්වින්ගේ පොත් වල තියේදැයි අපි දන්නේ නැත. ඒත් එහෙම වෙන බවනම් ෂුවර්ය.

සටහන- අපිට මේ සටහන ලියන්නට හිතුනේ , හිටගෙන ආණ්ඩුවට කඩේ යන දිවයින පත්තරේ වැඩ කරන හෘද සාක්ෂිය තියෙන මිනිස්සු දෙන්නෙක්  ලියු “හලාවත ධීවර ඝාතනයේ ඇසින් දුටු සාක්‌කි කියන නඩු නැති රටක කතාව ලිපිය කියවූ පසුය. ඔබත් එය කියවිය යුතුය. මේ රටට මොකට සූරියා  පායනවාදැයි ඔබට හිතෙනු ඇත.

 

 

 

කලකට ඉහත රූපවාහිනියේ Early Edition  නම් වූ මාලා නාටකයක් විකාශය විය. එහි ප්‍රධාන චරිතය වූ තරුණයාට කලු පූසෙක් විසින් උදයේ පාන්දර පුවත්පතක් ගෙනවුත් දෙයි. එම පුවත් පත අනාගතයට අයිති පුවත්පතකි. එහි තිබෙන වාර්තා දෙස බලා අනාගතයේ සිදු වන විනාශ වැලක්වීමට එම තරුණයාට හැකිය.

මේ ආකාරයේ කලු පූස් මිත්‍රයෙක් ඇට මැස්සාටද සිටියේය. ඔහුගේ පිහිටෙන් ඇටමැස්සා පසුගිය කාලයේ  තම ලිපි ගණනාවක්ම  ලියා අනාගත ලංකාව ගැන අනාවැකි පැවසීය.

ඇටමැස්සා හිතා හිටියේ ලංකාවේ  එවන් කලුපූස් මිත්‍රයෙක් සිටින එකම පුද්ගලයා තමා පමණක් බවයි. එහෙත් එය එසේ නොවන බව පසුගිය දා දැන ගන්නට ලැබුණි.

ඉහල   යන  ජීවන   වියදම  හමුවේ  දිනෙන්   දින  වැඩි  වන  ජනතා  විරෝධය  තොරොම්බල් කර ගැනීම සඳහා ආණ්ඩුව මේ දිනවල නටන ජීනීවා නාඩගමට බෙර ගැසීම සඳහා  අලුතෙන්ම කල එලි බැස ඇති , කලක්  ගඩා‍ෆිට චරිත සහතික ලියමින් සිට හිටි ගමන් ස්වයං අතුරුදහන් වීමකට ලක් ව  සිටි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය නම් වූ සංවිධානයක මහ ලේකම් යැයි කියා ගන්නා වසන්ත බණ්ඩාර නමැත්තාටද කලු පූස් යාලුවෙක් සිටින බව  ඔහු පසුගියදා  වීරවංශගේ වෙබ් අඩවියට ලියූ ලිපියකින් හෙලි වේ. මෙම ලිපිය  බොහෝ විට  දිවයින නම් වූ ජාතිවාදි පත්තර කඩමාල්ලේද පලව තිබෙන්නට ඉඩ ඇත.

මේ දිනවල ජීනිවා හි පවතින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභා වාරයේ න්‍යාය පත්‍රය ගැන ඔහු මෙසේ ලියයි.

“න්‍යාය පත‍්‍රයේ පළමු අංගය වන්නේ ඊනියා දරුස්මාන් වාර්තාවේ නිර්දේශ සමාලෝචනය කිරීමයි. ඊට පසු දෙවන අංගය වන්නේ උගත් පාඩම් කොමිසම් වාර්තාවේ යම් කොටස් දැඩි ලෙස විවේචනය කිරීම සහ ඒ සමගම යම් කොටස් ක‍්‍රියාත්මකකර පෙන්වන ලෙසට රජයට අභියෝග කිරීමයි.”

මොහු මේ කතා කරන්නේ තවම කිසිවෙක් දැක නැති, ඇත්තටම කිවහොත් තවම හදා පවා නොමැති න්‍යාය පත්‍රයක් ගැනය.එහි අඩංගු තාක්ෂණික කරුණු ගැන මෙසේ අති විශ්වාසයෙකින් කතා කරන්නට නම් මොහුට අනිවාර්යෙන්ම කලු පූසෙක්ගේ සහය ලැබිය යුතුය.

ඇමෙරිකානු න්‍යාය පත්‍රයක් ගැන ඔහුට මෙසේ හෙලි කරන කලු පූසා කවුද?

 1989 න් පසු 2004  වනතෙක්ම සැඟවී සැක කටයුතු අතීතයක් ගත කල මොහුගේ කලු පුසා සීඅයි ඒ සංවිධානයද?

සොයා බැලිය යුතු කරුණකි. සියලු දේශප්‍රේමින්ගේ අවධානය පිණිසයි!

1989 භීෂණ සමයේ විදුහල්පති පුත්‍රයා සමග ඇති වූ සුලු ආරෝවක් නිසා විදුහල්පතියා හමුදාව ලවා අහිංසක පාසල් සිසුන් ගණනාවක් මරා දැම්මවීය.

පසුව  1994 දී සූරියකන්දේ වලලා තිබූ එම සිසුන්ගේ ඇටක‍ටු ගොඩ ගත් චන්ද්‍රිකා බන්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රිලනීප නායකයින් එම ඇටක‍ටු විකුනමින් බලයට පැමිනියේය.

ඉන් අනතුරුව 1999 දී එම සිසුන් සිහි කරනු වස් පාර්ලිමේන්තු පාරේ ” අහිංසකයින්ගේ ආරාමය” නමින් ස්මාරකයක් ගොඩ නගන ලද අතර එම ශ්‍රිලනිපය බලයේ සිටිද්දි පසු ගියදා එම ස්මාරකය හොර රහසේම ගලවා දමන ලදි

පහතින් දැක්වෙන්නේ සත් ගුණවත් වෙල්ගම මුදලාලිගේ අර්ථපතිත්වයෙන් යුතුව මහා මානවප්‍රේමි, සකල කලා වල්ලභ ගාමිණි සුමනසේකර ශ්‍රිමතාණන්ගේ කර්තෘත්වයෙන් යුතු දිවයින පත්‍රයේ පසු ගිය ඉරිදා කලාපයේ කිං බානට් තීරුවේ එම ස්මාරකය හැඳින්වීමට යොදා ගෙන තිබුනු වචන කීපයකි. .
” ලස්‌සනට අයිසින් කරපු කේක්‌ ගෙඩියක්‌ උඩ තිබ්බ වසුරු පි`ඩක්‌ වගෙ කැත පස්‌ කන්දක්‌ “.

“මේ කිසිම හැඩයක්‌ නැති මේ පස්‌ කන්ද ..?”

” අංගවිකලාරාමයනේ…”

” අටමගලක්‌… “

“හරියට වර්චස්‌  පිඩක්‌ වගේ ඒක… “

 හැලපාරාමය… මෙලෝ රහක්‌ නෑ…

නිකම්ම නිකම් පස්‌ ගොඩක්‌…”

” හුචක්‌කුව …”

” මේ ඌරු බෙට්‌ට …”

 අවමංගලාරාමේ …”

මේ සුමනසේකරලා පසු ගිය කාලයේ ඇඹිලිපිටිය සිසුන් ගැනත් මෙම ස්මාරකය ගැනත්  කිඹුල් කඳුලු හෙලමින් ලිපි කී සීයක් ලිව්වා දැයි අපි නොදනිමු.

දැන් ඔවුන්ට අහිංසකයින්ගේ ආරාම පෙනෙන්නේ වසුරු ගොඩවල් ලෙසය. 

දැන් අහිංසකයින්ගේ කාලය හමාරය.මේ උදාවී ඇත්තේ සංවර්ධන යුගයයි. පොදු ජනයාගේ සංවර්ධනය නොව රජ මැති ඇමතින්ගේ බැංකු ගිණුම් සංවර්ධන  යුගයයි.අහිංසකයින්ගේ ආරාම එයට බාධාවක් නම් ඒවා ඉවත් කරනු ඇත. සුමනසේකර  බඳු උන්ගේ කාර්ය වනුයේ එම ලොක්කන් කරන සෑම දෙයක්ම හරි යැයි තම පුවත් පත් තුලින් පැවසීමය. ඒ වෙනුවෙන් ඔවුන්ට සොච්චම් ගෙවීමක්ද  ලැබේ. 

ඔවුන් එම සොච්චම වෙනුවෙන් ඕනෑම දෙයක් ලියනු ඇති බවට හොඳම උදාහරණය මේ ලිපියයි.

 

 

 

ශීඝ්‍රයෙන් බිඳ වැටෙන  රුපියලේ සැබෑ අගය අති විශාල විදේශ විනිමය ප්‍රමානයක් වියදම් කරමින් සඟවා ගෙන සිටියත් කොයි මොහොතේ හෝ කඩා වැටීම සිදු වෙනු ඇත.එම නිසා දරා ගත නොහැකි ජීවන වියදම හමුවේ ඉස්සරහට එන නරක කාලයේ වැඩ වර්ජන ‍රැල්ලක් ඇති වෙන්නට හැකි බවට ආණ්ඩුව ගනන් බලා තිබෙන අතර  එම නිසා  දැන්මම  වැඩ වර්ජන වලට කුඩු වෙන්නටම  පහර දීමට ආණ්ඩුව තීරණය කර තිබේ. 

මේ සඳහා අවශ්‍ය පසු බිම සකසා මර්ධනය සාධාරනීකරනය කිරීම  පහුගිය දාක අරලිය මන්දිරේ ගොස් හැලප කා තේ බී පැමිණි බෝතල් පත්තරකාර නඩේටත් රෙදි නැතිව ආන්ඩුවට කඩේ  යන ඊනියා බුද්ධිමතුන්  බුඩ්ඩිමතුන් කිහිප පොලකටත්  පවරා තිබේ.

තේ බී පැමිණ දින දෙකටට පසු වැඩට බසින දිවයින  කර්තෘ මෙසේ කියයි. මෙසේ ඔහු කියන්නේ පසු ගියදා පැවති දුම්රිය වර්ජනය පාදක කර ගනිමිනි.

රජය විසින් කළ යුතු වැදගත් කාරණයක්‌ තිබේ. එනම් එවැනි හදිසි අවස්‌ථාවල සේවයෙහි යෙදවීම සඳහා යුද හමුදාව පුහුණු කිරීමය.

අනෙක්‌ අතට මෙවැනි අවස්‌ථාවලදී දුම්රිය සේවකයන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට ජනතාව සංවිධානය විය යුතුය. තමන්ට වූ අගතිය වෙනුවෙන් දුම්රිය සේවක සංගම්වලට එරෙහිව අධිකරණයට ගොස්‌ ඒවායේ ප්‍රධානීන් හත් අට මාසයකට, ඔවුන්ට කිට්‌ටුවෙන්ම පිහිටි බන්ධනාගාරයට (වැලිකඩ, බෝගම්බර, මීගමුව, මහර, අනුරාධපුරය, ගාල්ල, යාපනය) ගාල් කිරීමට කටයුතු කළ යුතුය.”

දුම්රිය වර්ජනයේ හරි වැරදි වෙනම සාකච්ඡා කල යුතු දෙයකි. ඔවුන් එම වර්ජනය කල ආකාරයේ කිසි වැ‍රැද්දක් ඇට මැස්සා නොදකී. සෑම වර්ජනයක්ම , උද්ඝෝෂණයක්ම උසාවි නියෝ මගින්  නැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරන විට වෘත්තීය සමිති මේ අයුරින් කටයුතු කිරීම අරුමයක් නොවේ. ඒ ගැන වචනයවත් කතා නොකරන දිවයින පත්තරෙන්    මේ  එලියට එන්නේ හැලප දෙකේ හා කෝපි කෝප්පයට දිවයින බෝතල් පත්තරකාරයා ගෙවන මිලයි.

මේ වැඩේට එක් වෙන රනිල්ගේ මාමගේ මිරර් පත්‍රයේ චම්පිකා ලියනාරච්චි මැතිනිය සිය කතු වැකියෙන් කියන්නේ වෘත්තීය සමිති තහනම් කල යුතු බවයි.

මේ අතරේ ඊයේ අයි ටී එන් නාලිකාවේ ඇතුලාන්තය වැඩසටහනට පැමිණ සිටි , මීට පෙර එක්ස් කණ්ඩායම සමග පශ්චාත් නූතනත්වය ගැන දෙඩවූ ධම්ම දිසානායක   නම් වූ පුද්ගලයා කියා සිටියේ මේ ශක්තිමත් ආණ්ඩුව තමන්ගේ හයිය පාවිච්චි කල යුතු බවයි. කප්පම් ඉල්ලන වෘත්තීය සමිති කුඩු කර දැමිය යුතු බවයි. ඔහුට  අනුව මේ අවස්ථාවේ වැඩි පඩි ඉල්ලා කරන වෘත්තීය අරගල නතර කල යුතුය. ජනතාව කෑමට ඇඟට සීමාවන් හදාගෙන ලැබෙන පරිදි ජීවත් විය යුතුය. ජනතාවගේ අනවශ්‍ය වියදම් වන කිරි බීම ආදියට ජනතාව පොලඹවන  කිරි  වෙලඳ දැන්වීම් තහනම් කල යුතු බවද ඔහු කියයි.

මේ සියලු ගොන්නුන් හැරෙන්නේ පොල් පැලය දිසාවට බව පැහැදිලිය.

මාර්ටින් නිමොලර් මතක්  කර ගැනීමට මේ හොඳම  කාලයයි.

“ඔවුන් යුදෙව්වන් සොයා පැමිණියහ………….”

පසුගියදා මාධ්‍යවේදින්(journalists ) යැයි කියා ගත් පිරිසක් විසින් පැවත් වූ කලු ජනවාරිය (January) උද්ඝෝෂණය මවුබිම (motherland) අපකීර්තියට පත් කිරීම සඳහා පැවත් වූ එකක් බව වාර්තා ( report ) වේ. මෙය සංවිධානය (organize) කිරීමට අවශ්‍ය මුදල් (money ) ලැබී ඇත්තේ බටහිර රටවලින් (western countries ) බව දැන ගන්නට ලැබී ඇත.

මෙම ව්‍යාපාරය පි‍ටුපස (behind ) කොටි සංවිධානය (LTTE)   හා ජනතා විමුක්තී පෙරමුණේ කැරලිකරුවන් ද සිටී( sit) . ඔවුන් රජයට (government) එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම(completely ) අසත්‍ය බව රජය (government) කියයි.

මේ අතර ප්‍රකාශයක් (statement) කරන ජනමාධ්‍ය ඇමතිවරයා(minister )   මාධ්‍යවේදීන්(journalists)  වෙනුවෙන් පෙනී සිටින බවට  බොරු බේ ගල්( bay stone) ඇදබාමින් මහ මඟ (road ) බෝඩ් (board) ල්ලාගෙන කෑගසන පුද්ගලයන් (people ) ක්‍රියාකාරීව(active ) මාධ්‍යයේ නියැළෙන්නන් නොවන ( not)  බවත් ඔවුන්ගේ වෑයම රටට එරෙහි කුමන්ත්‍රණ කිරීමේ කොන්ත්‍රාත්තුව(contract )  ඔස්සේ හැකි තරම් ඩොලර් (dollar ) උපයා ගැනීම බවත් පවසයි(said ) .

මේ අය  කිසිවෙකු මාධ්‍යයට  ආදරයක් (media love ) නොමැති බවත් ඔවුන්ගේ ආදරය (theri love )  පවතින්නේ රට පාවා දී ඩොලර්(dollar )  උපයා ගැනීමට පමණක්(only  )බවත් හෙතෙම පැවැසීය.

අද  රට තුළ පවතින්නේ සැබෑ නිදහසක් (freedom ) මෙන්ම සැබෑ මාධ්‍ය නිදහසක් වුවත් එය භුක්ති නොවිඳ( not eating )  රට හැර ගොස් සිටින මාධ්‍ය නඩයට( meedia team ) ඒ ගැන කතා කිරීමට අයිතියක් නැති (no right ) බවද ඇමැතිවරයා (minsiter) කීය.

මේ අතර අතුරුදහන්(vanished )  වී ඇතැයි කියූ ප්‍රගීත් එක්නැලිගොඩ(Eknaligoda )  නැමති දේශද්‍රෝහියා විදේශ රටක (foriegn country ) සැඟවී සිටින බවට හිටපු (ex) නීතිපතිවරයා කල හෙලිදරව්ව් සමග මෙරට (this country) සිටින දේශද්‍රොහී කල්ලි බලවත් (very much)  කලබලයකට පත්ව මෙම උද්ඝෝෂණය සූදානම් කල බවට වාර්තා(report ) ලැබී තිබේ.

ව්‍යාජ (false) මාධ්‍යවේදීන් මෙසේ රට අපකීර්තියට පත් කිරීමට එරෙහිව?(against )  දේශප්‍රේමි මාධ්‍යකරුවන් එක්ව සුදු (white) පෙබරවාරිය නමින් උද්ඝෝෂණයක් කිරීමට සූදානම් (ready) වේ. මහින්ද ගොමසුන්දර, ගාමිණි සුලුදියසේකර, කුනුකනදාස සූරියාරච්චි හා ලැප්ටොප්කුමාර රාමවික්‍රම ආදි දේශප්‍රේමී මාධ්‍යවේදින් මේ සඳහා පෙරමුණ( front )  ගෙන සිටිති.

……………..(අප) කීර්ති පාටකුලසූරිය)…………..

 

කැළණියේ  ආචාරිය සිල්වලා දෙදෙනෙක් සිටිති. එක්කෙනෙක් කැළණිය නාථ දේවාලයේ කපු ධුරන්දර ආචාරිය මඤ්ඤං සිල්වාය. ඇත්තටම මේ කපු තුමා මහාචාරිය කෙනෙක්ය. අනික් ආචාරිය තුමා කැළණිය විෂ්ණු දේවාලයේ අයිතිකාර ආචාරිය මැරසිල්වාය.

මේ දවස් වල දකින්ට අහන්ට ලැබෙන ප්‍රවෘත්ති වල හැටියට මේ ආචාරිය දෙන්නාගෙම කල දසාව හොඳ නැත.

නාථ දේවාලයේ ආචාරිය තුමාට දැනටම කෙලවිලාය. එතුමා මැරෙන කල් දේවාලයේ ඉන්ට ප්ලෑන් ගැහුවත් , එතුමා යටතේ හිටිය කට්ටිය එතුමාගේ පිස්සු කෙලිල්ල ඉවසා ගෙන ඉන්ට බැරිම තැන  එතුමා එලවන්න කියලා කල කෝලහල කරන කොට එතුමා ජැනටල් මෑන් වගේ අස් වෙලා යන්ට ගියේ ,  පිං පිරිහුණු නාථ දෙවියන් වගේය.

දැන් කැළණියේ අනිත් සිල්වාටත් විරුද්දව කැරළි කෝලහාල,විරෝදතා  ඇති වී තිබේ. පිට අය නොව අර කලින් සිල්වාට වගේම ගෝලබාලයින්ගෙන්ය. මොකද මේ මෙච්චර කාලයක් එක පතේ කෑ උන් අපේ සිල්වා උන්නැහේට විරුද්ඩව කැරලි ගහන්නේ .කියලා හොයලා බලන්ට වටින කාරණයක්ය.

දැනට අපිට පේන්ට තියෙන හැටියට නම් වෙන කිසිම දෙයක් නොවේය.මේ හොරකම් කරපු මංකොල්ල කාපුවා බෙදා ගන්ට බැරිව හොර රංචුවක් කරන පොරයක්ය.  ලොකු කුට්ටිය අයිති කර ගෙන ඉන්න ලොකු හොරාට විරුද්දව පොඩි හොරු කරන සටනක්ය.මෙච්චර කාලයක් එක ට හොරකම් කරමින්, මංකොල්ල කමින්, කප්පම් ගනිමින් උන් ටිකක් දැන් විරසක වෙලා එකිනෙකාට විරුද්දව කරන සටනක්ය.

එහෙම නැතිව මේ අර හොඳ මහත්වරු ටිකක් නරක සිල්වාට විරුද්දව ,සිල්වාගේ නරකට විරුද්දව කරන සටනක් නොවේය.ගිලෙන නැවකින් පනින මීයන්ගේ කැ‍රැල්ලක්ද නොවේය.මේ සටනෙන් මොකා දිනුවත් ඉතුරු වෙන්නේ පල් හොරුන්ය.

ඒක නිසා මේ සටන දැකලා අපිට දිවයින මුදලාලිට, විජේවර්දන හාමුට, තිලංග බේබිට වගේ චූන් වෙන්නේ නැත.

අනික, මේ සටනේ ජය පරාජය තීරණය වෙන්නේ රාජකරුණාව ලැබෙන පාර්ශ්වයට බව නිසැකය. දැනට තිබෙන සලකුණු අනුව නාථ දෙවියන්ට බලයක්  විෂ්ණු දෙවියන්ට තියෙනවාය. ඒ නිසා කැළණියේ මහාචාරිය සිල්වාට නොලැබුණු  රාජ අනුග්‍රහයක් කැළණියේ ආචාරිය සිල්වාට තිබෙන බවකි.

ඒ නිසා එතුමා මනාප චන්ද එක්ලක්ෂ පණස් දාහක් තමන්ට දුන්න කැළනිය ඇතුලු ගම්පහ ජනතාවට තව චිරාත් කාලයක් , තම ලොක්කාගේ පිං පිරිහෙන තෙක්ම , සේවය කරනවා ඇත. ඒක නවත්තන්ට ඔය ප්‍රාදේශීය සබා කබ්බන්ට බැරිය.