Posts Tagged ‘ජනතා විමුක්ති පෙරමුණ’

1990 ගණන් වලදී කො‍ටුව දුම්රිය ස්ථාන අසල මාධ්‍යවේදින් පිරිසක් මාධ්‍ය නිදහස ඉල්ලා කල උද්ඝෝෂණයකට තම මැරයින් ලවා ප්‍රහාරයක් එල්ල කරවූ එවකට තිබූ එජාප ආණ්ඩුවේ නායක ජනපති  විජේ තුංග හෝ වෙන නායකයෙක්  , ඒ ගැන විපක්ෂය ( අද ආණ්ඩු පක්ෂය) ප්‍රශ්න කල විට කියා සිටියේ ,කො‍ටුව දුම්රිය ස්ථානය අසල උද්ඝෝෂණයක් කිරීම නිසා කෝප වූ දුම්රිය මගීන් එම පහර දීම කර ඇති බවයි.

මෙම ප්‍රකාශය එම කාලයේ විපක්ෂයේත් , විකල්ප මාධ්‍ය වලත් මහත් සේ හාස්‍යයට ලක් වූවක් විය.

ඉන්පසු ශ්‍රිලනිප ප්‍රමුඛ සන්ධාන ආණ්ඩු බලයට පත් වූ පසු ඔවුන් විසින්ද ඒ ආකාරයේ ප්‍රකාශ අවස්ථා බොහෝ ගණනාවකම සිදු කලේය.

තමන්ගේ දේශපාලන ප්‍රතිවාදින්ට ශාරිරිකව පහර දී එයට එරෙහිව ජනමතයක් ගොඩ නැගේ යැයි බිය වී ඒ ආකාරයේ නන් දෙඩවීම ලංකා දේශපාලනයේ සාමාන්‍ය  දර්ශනයකි. එය ශ්‍රිලනිප හා එජාප පක්ෂ දෙකම කිසිම ලැජ්ජාවකින් තොරව කළේ රටේ සියලු දෙනා කිසිත් නොතේරෙන මන්දබුද්ධිකයන්  යැයි සිතාය.

ඒ ආකාරයේ කසි කබල් දේශපාලනයට පහර දෙමින්,   එම පක්ෂ දෙකටම විකල්පයක් වීමෙනුත්, පාර්ලිමේන්තු දේශපාලනය තුල ආදර්ශමත් ලෙස කලක් හැසුරුනු ජනතා විමුක්ති පෙරමුණද දැන්  ඒ අකාරයේ විහිලු සපයන්නට පටන ගෙන තිබේ.

පසුගියදා ජවිපෙන්  කැඩී ගිය ජන අරගල කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක්  හම්බන්තොට ප්‍රදේශයේ සාකච්ඡාවක් කරමින් සිටින අතර එතැනට කඩා වැදුනු මැර පිරිසක් ඔවුනට පහර දී පලා ගොස්  ඇත.

මේ ගැන ප්‍රකාශයක් කරන ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා කියා ඇත්තේ , තමන්ට නැති වී යන මහජන සහය ලබා ගැනීම සඳහා ජන අරගල කණ්ඩායමම කිහිප දෙනෙක් යොදවා තමන්ටම පහර දී ගෙන ඇති බවයි.

මේ ප්‍රකාශය කර ඇත්තේ එජාප හෝ ශ්‍රිලනිප නායකයෙක් නොව දේශපාලන සදාචාරය ගැන මහ ඉහලින්  කතා කරන ජවිපෙ නායකයෙක්ය.ඔහු මේ ප්‍රකාශය කරන්නේ ඇයිදැයි රටම දනී.

මේ වැනි ලැජ්ජා නැති ප්‍රකාශ නිකුත් කර පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුලු පක්ෂය වෙනුවෙන් මියැදුනු පිරිසට අපහාස නොකර පක්ෂය විසුරුවා හැර කෙලින්ම එජාපයට හෝ ශ්‍රිලනීපයට බැඳීම වඩාත් සුදුසුය.

“නඩු නැති රටට මොකට පායනවද සූරියා”

එහෙම ඇහුවේ ප්‍රදීපා ධර්මදාසය. ඒ හුඟාක් කාලෙකට කලින්ය. කොච්චර කලින්ද කිව්වොත් තමන් එහෙම කතාවක් කියලා තියෙනවා කියලා අද ප්‍රදීපාටවත් මතක නැත.ඒ ගැන ප්‍රදීපාට දොස් කියන්න බැරිය. එව්වා එහෙම තමාය.ඒකට කියන්නේ පරිණාමය කියලාය.

හැබැයි ඩාර්වින් කියා දුන් පරිණාමය නෙවේය. ඒ පරිණාමය අනුව ජීවින් එන්ට එන්ට සංවර්ධනය වෙමින් ඉස්සරහට යනවාය. මෙතැන වෙන්නේ ටිකෙන් ටික , ආපස්සට යාමය. ඒ  නිසා මේකට විපරිණාමය කියා කියන්ටත් පුලුවන්ය.

1993 කුප්‍රකට දකුණු පළාත් සභා චන්දේට  ඒ කාලයේ හිටි ජනප්‍රිය, එඩිතර , මානවහිතවාදි ,නිර්භීත පත්තර කාරයෙක් වෙන ඩලස් අලහප්පෙරුමද ඉදිරිපත් වුනාය. ජවිපෙ හිතවාදි කට්ටිය සමග ඒ ගොල්ලොම කරපු ලක්දිව, හිරු වගේ පත්තර වල හිටි ඩලස් ,ශ්‍රිලනිපයෙන් චන්දේ ඉල්ලන්නේ ඇයි කියා ඇහුවම අපූරු උත්තරයක්  දුන්නේය.

රේස් එක දුවන්න අශ්වයෙක් නැත්නම් ඉන්න බූරුවාගේ පිටේ නැගලා හරි දුවන්න එපැයි

ඒකත් හැබැයි කී ප්‍රගතිශීලී ජනතාව වැඩි චන්දෙන් ඩලස් පළාත් සභාවට යැව්වෝය.

ඊ ලඟට 94 මහ චන්දේ ආවේය. ඒ චන්දේට ජේවීපීයත් (ප්‍රගතිශීලි පෙරමුණ ) තරඟ කලේය. හැබැයි ඩලස් පරණ පුරුදු විදියටම ශ්‍රිලනීපෙන්ම තරඟ කලේය. ඩලස් එක්ක සැට් වෙලා පාර්ලිමේන්තු යන්න බලා හිටි විමලසිරි ගම්ලත් සහෝදරයාට මල පැන
” රේස් දුවන්න අශ්වයෝ නැති කාලේ නම් බූරුවෙක් පිටේ ගියාට කමක් නැත, දැන් අශ්වයත් රේස් එකට බැහැලා ඉන්න කොටත් ඩලස් තාම බූරුවා පිටේ යනවා “
ආදි කතා කියමින් ඩලස් ට බැන බැන රට වටේ ගියාය.

ඒ 94 දීය. දැන් 2012 වෙනකොට විමලුයි  ඩලසුයි දෙන්නම එකම බූරුවා පිටේ යනවාය. එව්වා එහෙම තමාය. පරිණාමය හා විපරිණාමය ආදි වශයෙනි.

එදා වගේම අදත් නඩු නැත.

ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කොට අවුරුදු දෙකකටත් වැඩිය. තමන්ගේ අර්ථසාධක අරමුදල කොල්ල කන්නට එපා යැයි කියු රොෂේන් මරා දැමුවේය. දෙමල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය ඉල්ලූ ලලිත් හා කුගන් අතුරුදහන්ය. ඒත් ඒ කිසිම දෙයක් ගැන නඩු නැත. එහෙව් නඩු නැති රටට මොන සූරියා දැයි අහන්නට ප්‍රදීපලාත් නැත. පිලිම නෙලා නැති විරුවන් ගැන කියන්නට නන්දලාත්  නැත.

නාමල් ලා යෝෂිතලා විතරක් නොව තමන්ගේ දරු දෙදෙනාත් වේලක් හැර වේලක් කා හෝ ජීවත් විය යුතු යැයි කියන්නට පාරට බැස්ස ඇන්ටනි ප්‍රනාන්දු ඔලුව හිල් වෙන්නට වෙඩි තියා මරා දැම්මේය. එදා රතු කමිස ඇඳගෙන වීදි සටන් වලට ජනතාව කැඳවපු වීරවංශ නොහොත් විමලසිරි , ධීවරයින්ට වෙඩි තිබ්බේ ඔවුන් ප්‍රචණ්ඩකාරි විදිහට හැසිරුන හින්දා යැයිද ඒ උද්ඝෝෂණ පිටිපස්සේ ඉන්නේ එන් ජී ඕ යැයිද කියන්නේය.

මිනිසුන් ඌරන් බවට පරිණාමය වීම  ගැන ඩාර්වින්ගේ පොත් වල තියේදැයි අපි දන්නේ නැත. ඒත් එහෙම වෙන බවනම් ෂුවර්ය.

සටහන- අපිට මේ සටහන ලියන්නට හිතුනේ , හිටගෙන ආණ්ඩුවට කඩේ යන දිවයින පත්තරේ වැඩ කරන හෘද සාක්ෂිය තියෙන මිනිස්සු දෙන්නෙක්  ලියු “හලාවත ධීවර ඝාතනයේ ඇසින් දුටු සාක්‌කි කියන නඩු නැති රටක කතාව ලිපිය කියවූ පසුය. ඔබත් එය කියවිය යුතුය. මේ රටට මොකට සූරියා  පායනවාදැයි ඔබට හිතෙනු ඇත.

 

 

 

ජේවිපියත් මේ සිරිලකට
තියෙන්නට ඕනෑමයි කියලා
වීරවංශ උතුමාණෝ කියා තිබේ
කිව්වේ  කටෙන්දැයි  කියලා ලියා නැත.

එකට ආපු මිත්තරයොත් දාලා ගිහින්
එලියට ගිහින් තනියෙම මක් කරන්නද
ගිලෙන නැවෙන් පැනගත්තොත් මී රාලේ
ආපහු පරණ ගෙටවත් රිංගා ගන්ට

-රංචාගොඩ ළමයා-

පසුගියදා මාධ්‍යවේදින්(journalists ) යැයි කියා ගත් පිරිසක් විසින් පැවත් වූ කලු ජනවාරිය (January) උද්ඝෝෂණය මවුබිම (motherland) අපකීර්තියට පත් කිරීම සඳහා පැවත් වූ එකක් බව වාර්තා ( report ) වේ. මෙය සංවිධානය (organize) කිරීමට අවශ්‍ය මුදල් (money ) ලැබී ඇත්තේ බටහිර රටවලින් (western countries ) බව දැන ගන්නට ලැබී ඇත.

මෙම ව්‍යාපාරය පි‍ටුපස (behind ) කොටි සංවිධානය (LTTE)   හා ජනතා විමුක්තී පෙරමුණේ කැරලිකරුවන් ද සිටී( sit) . ඔවුන් රජයට (government) එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම(completely ) අසත්‍ය බව රජය (government) කියයි.

මේ අතර ප්‍රකාශයක් (statement) කරන ජනමාධ්‍ය ඇමතිවරයා(minister )   මාධ්‍යවේදීන්(journalists)  වෙනුවෙන් පෙනී සිටින බවට  බොරු බේ ගල්( bay stone) ඇදබාමින් මහ මඟ (road ) බෝඩ් (board) ල්ලාගෙන කෑගසන පුද්ගලයන් (people ) ක්‍රියාකාරීව(active ) මාධ්‍යයේ නියැළෙන්නන් නොවන ( not)  බවත් ඔවුන්ගේ වෑයම රටට එරෙහි කුමන්ත්‍රණ කිරීමේ කොන්ත්‍රාත්තුව(contract )  ඔස්සේ හැකි තරම් ඩොලර් (dollar ) උපයා ගැනීම බවත් පවසයි(said ) .

මේ අය  කිසිවෙකු මාධ්‍යයට  ආදරයක් (media love ) නොමැති බවත් ඔවුන්ගේ ආදරය (theri love )  පවතින්නේ රට පාවා දී ඩොලර්(dollar )  උපයා ගැනීමට පමණක්(only  )බවත් හෙතෙම පැවැසීය.

අද  රට තුළ පවතින්නේ සැබෑ නිදහසක් (freedom ) මෙන්ම සැබෑ මාධ්‍ය නිදහසක් වුවත් එය භුක්ති නොවිඳ( not eating )  රට හැර ගොස් සිටින මාධ්‍ය නඩයට( meedia team ) ඒ ගැන කතා කිරීමට අයිතියක් නැති (no right ) බවද ඇමැතිවරයා (minsiter) කීය.

මේ අතර අතුරුදහන්(vanished )  වී ඇතැයි කියූ ප්‍රගීත් එක්නැලිගොඩ(Eknaligoda )  නැමති දේශද්‍රෝහියා විදේශ රටක (foriegn country ) සැඟවී සිටින බවට හිටපු (ex) නීතිපතිවරයා කල හෙලිදරව්ව් සමග මෙරට (this country) සිටින දේශද්‍රොහී කල්ලි බලවත් (very much)  කලබලයකට පත්ව මෙම උද්ඝෝෂණය සූදානම් කල බවට වාර්තා(report ) ලැබී තිබේ.

ව්‍යාජ (false) මාධ්‍යවේදීන් මෙසේ රට අපකීර්තියට පත් කිරීමට එරෙහිව?(against )  දේශප්‍රේමි මාධ්‍යකරුවන් එක්ව සුදු (white) පෙබරවාරිය නමින් උද්ඝෝෂණයක් කිරීමට සූදානම් (ready) වේ. මහින්ද ගොමසුන්දර, ගාමිණි සුලුදියසේකර, කුනුකනදාස සූරියාරච්චි හා ලැප්ටොප්කුමාර රාමවික්‍රම ආදි දේශප්‍රේමී මාධ්‍යවේදින් මේ සඳහා පෙරමුණ( front )  ගෙන සිටිති.

……………..(අප) කීර්ති පාටකුලසූරිය)…………..

 

අපේ රටට ජාත්‍යන්තරව සිටින්නේ ඉතා සුළු මිත්‍රයින් ගණනක්ය.  ඒ අපේ පාලකයින්ගේ ඔල මොට්ටල කම් වලට පිං සිද්ද වෙන්නටය.රුසියාව ,චීනය, ඉරානය හා ටික කාලෙකට  කලින් නම් ලිබියාවත් අපේ අතිජාත  මිත්‍රයින්ය. නැත්නම් එහෙම හිතාගෙන ඉන්නවාය.

මේ අයගෙන් චීනයත් රුසියාවත් අපේ මිත්‍රයින් වී ඉන්නේ අපට ඇති ආදරයකට නොව ඔවුන්ගේ ව්‍යාපාරික වුවමනා එපා කම් වෙනුවෙන් බව නොදන්නේ අපේ රටේ සිටින දේශප්‍රේමින් පමණක්ය.  ගිනිකන පොලී මුදලාලි කෙනෙකුන් වන චීනය අධික පොලියට ණය දී අපිව සූරා කන්නේය. ඒ අතර රුසියාව අපේ මුහුදු තීරයේ ඇතැයි කියන තෙල් සම්පතට කෙල හලමින් සිටින්නේ මස් කට්ටක් දු‍ටු  බල්ලෙකු පරිදිය.

ඒකාධිපති ,මානව විරෝධී ,නායකයන් සිටින  ඉරානය වැනි රටවල් අපව ආශ්‍රය කරන්නේ ඔවුන්ටද අපට වී ඇති සන්තෑසියම වී ඇති නිසාය. එනම් ඔවුනටද වෙන මිත්‍රයන්  නැති නිසාය.

ඉතින් අපිට සිටින මේ මිත්‍රයින්  සුලු පිරිස ගැන අපේ දේශප්‍රේමින් හා දේශහිතෛෂීන් හරියට වද වෙනවාය. ඔවුන්ට මොනවා හරි කරදරයක් වුනොත් ඒක අපිට වූ කරදරයක් වගේ පත්තර වලටත් , සඟරා වලටත් ලියනවාය. රූපවාහිනියෙ, ගුවන් විදුලියෙන් පැය ගනන් කඳුලු හලනවාය.

ලංකාවේ ඉඳගෙන දිවයින පත්තරයටයි වීරවංශ ඇමත්තාගේ ලංකා සී නිව්ස් වෙබ් අඩවියටයි  ලිපි ලියා තම මිත්‍රයින් බේරා ගන්නට පුලුවන් යැයි මේ දේශහිතෛෂී මහත්වරු  හිතයි . පහු ගියදා ලිබියාවේ ගඩා‍ෆි නම් අපේ අති ජාත සුපිරි මිත්‍රයාට පහර වැදෙන කොට ඒ මහත්වරු මෙහෙ ඉඳගෙන ලියපු ලිපිවල තිබුනේ එහෙමය.

ගඩා‍ෆිගේ හමුදාවලට දුවන්නට වදිත්දීත් අපේ දේශහිතෛෂී දොස්තර මහත්තුරු අපිට කිව්වේ ගඩා‍ෆිගේ හමුදා බෙංගාසි කැරලිකාරයින්ට එලවා එලවා ගහනවා කියලාය. සදාම්ට කරපු දේ ගඩා‍ෆිට කරන්න බැරි බවය. අපේ දේශප්‍රේමී මහත්තුරු මොනවා ප්‍රාර්ථනා කලත් අන්තීමේදී ගඩා‍ෆි කාණුවක් පල්ලේ සිට අහුවී මලේය. සී නිව්ස් එකටවත් දිවයින මුදලාලිටවත් ගඩා‍ෆි බේරා ගන්ට ඇඟිල්ලක්වත් උස්සා ගන්ට බැරි වුනේය.

ගඩා‍ෆිත් නැති එකේ මේ ගොල්ලන්ගේ දැන් උත්සාහය රුසියාවේ ජාවාරම්කාර ජාතිකවාදි නායකයා වන පුටින්ට කුමක් හෝ සහයෝගයක් දෙන්නටය. ඒකත් අර ගඩා‍ෆිට දුන් සහය වගේමය. සමහර වෙලාවට මේ වැඩේ මේගොල්ලෝ කරන්නේ ස්වයං වින්දනයට වෙන්නත් පුලුවන්ය.
පහුගියදා පැවති රුසියානු මැතිවරණයේ ප්‍රථිපල වීරවංශගේ වෙබ් අඩවිය වාර්තා කරල තිබුනේ ” රුසියානුවෝ ලෝකයක පැතුම ඉ‍ටු කරති, පුටින්ගේ පක්ෂයට විශිෂ්ඨ ජයක්” කියලා.සී නිව්ස් කට්ටියට ඒ ප්‍රථිපලය පුටින් විශිෂ්ට ජයක් වගේ  පෙනුනට මුලු ලොකේම දැක්කා ඒ චන්දේදී පුටින් ශීඝ්‍රයෙන් පසු බැහැලා තියෙන බව. 2007 අවුරුද්දේ 64% වුනු පුටින්ගේ පක්ෂයේ චන්ද ප්‍රතිශතය මේ සැරේ 50% දක්වා අඩු වෙලා. ඒ ප්‍රතිපලයත් අරගෙන තියෙන්නේ මැර බලය හා චන්ද දූෂණ වලින් කියලයි විපක්ෂය කියන්නේ. ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පල්ලම් බහින පුටින්ට අපේ දේශප්‍රේමියෝ උදව් කරන්නේ එහෙමයි. අපිට ඉතිරි වෙලා ඉන්න යාලු මිත්‍රයෝ කීප දෙනා ගේ ප්‍රතිරූපය ආරක්ෂා කරගන්න එපාය, මොනවා උනත්.

ඒක නිසා ලබන සතීයේ දිවයින පත්තරේට දේශහිතෛෂී දොස්තර මහත්තුරු ලියයි  පුටින්ගේ  ඓතිහාසික ජයග්‍රහණය හා ඒකෙන් බටහිර කුමන්ත්‍රණ කාරයින්ට සිද්ද වෙන හානිය ගැන වගේ දේවල් , ගිය සැරේ ගත්ත 64% වඩා මේ සැරේ ගත්ත 50%  වටින්නේ කොහොමද වගේ දේවල් .පුටින්  රුසියාව ඇතුලේ තමන්ගේ නම සවුත්තු කර ගත්තත් මෙහෙ ඉන්න අපෙ දේශප්‍රේමින්ගේ ගෝල බාලයින්ට ඒ වග දැන ගන්න අරින්න බැහැනේ .  අපිට කියලා ආයේ මහ ගොඩක්  යාලුවෝ  ඉන්නවයැ.ඉන්න එවුන් ටික දෙනා හොඳ හයිය හත්තිය තියෙන පොරවල් කියලා පෙන්නන්න ඕනේ.

සටහන- දේශප්‍රේමින් දේශහිතෛෂීන් එහෙම වැඩ කරන එක පුදුම වෙන්නදෙයකුත් නැහැ, අපේ සමහර වාමංශිකයෝ මේ මැතිවරණ ප්‍රතිපලය විග්‍රහ කරන විදියට. ජනතා විමුක්ති පෙරමුණේ වාම කණ්ඩායම්ට අයිති  ජනරළ පත්තරේ මේ ගැන ලියපු වාර්තාවේ නම ” පුටින් පහළට- වම ඉහළට ” කියලා. මේ කියන්නේ ගෙනාඩි ෂුගානොව්ගේ රුසියන් කොමියුනිස්ට් පක්ෂය මේ චන්දේදී ආසන 92 ක් ලබා ගැනීම. ගිය පාර ගත්ත 57 ට වඩා ඉදිරියට ගිහින්. කෙරෙන්ස්කිටත් වඩා දකුණෙන් ඉන්න ෂුගානොව්ගේ ජය වමේ ජයක් කියලා හිතනවා නම් වමේ සහෝදරවරුන්ටත් අපිට කියන්න තියෙන්නේ සොරි මල්ලි ,කියලා.

“මිනීමරුවන්,ස්ත්‍රී දූෂකයින් නීතියේ ‍රැහැනින් මිදී බලධාරින් වී දසත සැරිසරද්දී නිර්දෝෂී මිනිසුන් සිරගෙට යැවීම ,නිර්දෝෂී මිනිසුන්ට දඬුවම් කිරීම මෙවැනි  බොනපාර්ට් වාදි පාලනයක් යටතේ පුදුමාකාර දේ හැටියට නොගැනෙනු ඇත. අද අපට මේ කොමිෂන් සභාව හමුවට පැමිණීමට සිදු වී ඇත්තේ අප ධනේශ්වර ක්‍රමය තුල පවතින තත්වයන් කෙරෙහි නොසෑහීමට පත් වී ඇති බැවිනි.

 ඒ පෞද්ගලික භාග්‍ය පිලිබඳ නොසෑහීමකට පත් වීමක් නොවේ. අප නොසෑහීමකට පත් ව ඇත්තේ මේ අසාධාරණ සමාජ ක්‍රමය , එහි පවතින විනාශකාරි අනර්ථකාරි තත්වය කෙරෙහිය. අපට අද අයුක්තිසහගත අන්දමින් ,අසාධාරණ අන්දමින් පාලක පංතියේ අභිරුචියට අනුව සිරගත වීමට සිදු වී ඇත්තේ මුළු මිනිස් සංහතියේම ගැටලු විසඳීමට පොහොසත් යැයි අප කල්පනා කරන , අප විශ්වාස කරන අදහස් ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගයන් සු‍රැකීමට ,අප අපේ දැනුවත් ජීවිත කාලය ගෙවා ඇති බැවිනි.

මේ ධනේශ්වර සමාජ ක්‍රමය තුල වෙනත් බොහෝ අය සිතන සහ ක්‍රියා කරන විදියට අපත් සිතුවා නම් ,ක්‍රියා කලා නම් , මේ කිසිත් කරදරයක් නැතිව ,බන්ධනාගාරගත නොවී කෙළවරක් නොමැතිව නින්දා අපහාස නො අසා ,අවලාද අවමාන වලට ගොදුරු නොවී  ධනේශ්වර සමාජය පිළිගන්නා පරිදි “උසස් ජීවිත ” ගත කිරීමට අපටත් හැකියාව තිබුණා නොවේද? නමුත් අප නිර්ධන පංති විප්ලවාදින් වශයෙන්,මාක්ස් -ලෙනින්වාදින් වශයෙන්, බොල්ෂෙවික්වාදින් වශ්යෙන් , අපේ පෞද්ගලික භාග්‍ය ගැන නොව , අපේ ජීවිත වලට පෞද්ගලිකව අත්වන ඉරණම ගැන නොව ,මිනිස්  සමාජයේ පොදු භාග්‍ය ගැන , මානව වර්ගයාගේ ඉරණම  ගැන පොදුවේ කල්පනා කරන්නෙමු.

කම්කරු පංතියේ ,ගොවි ජනතාවගේ විඳ දරා ගත නොහැකි අන්ත දුක්ඛිත ජීවන තත්වය,දිනෙන් දිනම උග්‍ර වන පංති සූරා කෑම  හා පංති පීඩනය ,තරුණ පරපුරේ පුළුල් වන ‍රැකියා වියුක්තිය, අහස උසට නගින ජීවන මිළ , බිඳ වැටෙන ජීවන තත්වය,, වැඩි දියුණු වන දරිද්‍රතාව, ආර්ථික බිඳ වැටීම හා සමාජ පරිහානිය වැනි මේ සියලු දෑ ගණන් නොගෙන  අමතක කර නොසලකා හැරීමට අපට කිසිසේත්ම නුපුළුවන.

අන්න ඒ නිසා මේ සියළු දුර්භාග්‍යයන්ගෙන් තොර , මිනිසාට අද මෙන් තිරිසනකු මෙන් නොව ,මිනිසාට මිනිසකු මෙන් ජීවත් වීමට ඉඩ සලසන මාවත් විවෘත කරන, ඔහුට සතුට සැපත හාසෞභාග්‍ය උදා කරන ,පෞද්ගලික දේපළ ක්‍රමයකින් තොර , මිනිසකු විසින් මිනිසකු සූරා කෑමෙන් තොර , සතුරු පංති බෙදීමකින් තොර , නව සමාජ ක්‍රමයක් ගොඩ නැගීම සඳහා ක්‍රියාකාරි වීමට අපට සිදු වී තිබේ.”

රෝහණ විජේවීර
1971 කැ‍රැල්ල පිලිබඳ මහ නඩුවේදී දුන් ලිඛිත සාක්ෂිය

(අප මරා දැමුවද අප නඟන  හඬ සදා නොමියනු ඇත.- පිට 143/144)

සටහන- රෝහණ විජේවීර ඝාතනය කර අදට වසර 22කි. කවුරුන් මොනවා කීවත් රෝහණ විජේවීර මෙරට සමාජය තුල තබා ගිය සළකුණු ඉතා ගැඹුරුය. ඔහුගේ දේශපාලන භාවිතාව පිලිබඳව හුදු පුද්ගල වන්දනාවෙන් හා වෛරී මඩ ගැසීම් වලින්  ඔබ්බට ගිය විවේචනාත්මක කතිකාවක් තිබිය යුතු යැයි අප විශ්වාස කරමු

1982 දී මෙරට ජනමත විචාරණයක් පැවතිණි. එහි අරමුණ වූයේ ඊ ලඟ වසරේදී පැවත්වීමට නියමිතව තිබුණු මහ මැතිවරණය පැවත්විය යුතුද නැත්ද යන්නයි. වෙනත් විදියකින්  කිවහොත් තම නියෝජිතයන් ‍තෝරාගැනීමේ අයිතිය තිබිය යුතුද නැත්ද යන්න මහ ජනතාව විසින් තීරණය කළ යුතුව තිබිණි.

එවකට පැවති එජාප රජයට අවශ්‍ය වූයේ 1977 පත් වූ පාර්ලිමේන්තුවේ කාලයම 1983 සිට  තව වසර 6 කට  දිගු  කර ගැනීමටය. 1977 මහ මැතිවරණයෙන් ලැබුණු හයෙන් පහක බලය තව දුරටත් තබා ගැනීමට එජාපයේ කපටි නරියා ජේ. ආර්. ට අවශ්‍ය ව තිබිනි. ඒ වන විට සම්ම ත කර ගෙන තිබූ අනුපාත ක්‍රමය අනුව 1983 දී මැතිවරණය පැවත් වුවහොත් එම තත්වය පවත්වා ගත නොහැකි බව ඔහු හොඳින් අවබෝධ කර ගෙන තිබිණි. ලාම්පු කළගෙඩි සෙල්ලම යනුවෙන් ප්‍රසිද්ධ වූ  ජනමත විචාරණය  ඔහු  කැඳවූයේ ඒ අනුවය.

සිදූ බොහෝ අක්‍රමිතා , මැරකම් මැද  මෙරට බුද්ධිමත් ජනතාවගෙන් සෑහෙන ප්‍රමාණයක්ද  තමන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය එපා යැයි චන්දය  භාවිතා කර තිබිණි.  ජේ ආර් ට හයෙන් පහ දිගටම  හිමි වූ අතර චන්දය දුන් නොදුන් සියලු දෙනාට එහි විපාක විඳීමට සිදු විය.
 
83 කලු ජූලිය, ජවිපෙ තහනම, ඊලාම් යුද්ධය, ජවිපෙ කැ‍රැල්ල, ආදිය ඒ අමන තීන්දුවේ ප්‍රතිඵල ලෙස ජනතාවට ලැබිනි.
 
ඇට මැස්සාට මේ අතීත සිදු වීම මතක් වූයේ මේ දිනවල පවත්වන කොලඹ නගර සභා චන්දය ගැන සිතන විටය.
එකම ආකරයෙන් නොවුනත් එම සිදු වීම් දෙකෙහිම  යම් සමානතාවක් ඇත.
   කොලඹ නගරයේ වතු වල  වෙසෙන අඩු ආදායම් ලාභි ඔවුන් නිවෙස් වලින් පළවා හැර එම ඉඩම් අත් පත් කරගෙන ඒවා විදේශිකයන්ට විකිණීමට සියල්ල සූදානම්ය. මේ වන විටත් කොලඹ සමහර වතුවලින් පලවා හැරි ජනතාව තාවකාලික ලී මඩු තුල දහදුක් විඳිමින් සිටිති.
 
ඒ සියල්ල තිබියදී තමන්ට චන්දය දෙන මෙන් ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටිති. එනම් ජනයා ඔවුන්ගේ නිවෙස් වලින් පලවා හරින්නට තමන්ට බලය දෙන්නැයි එම නිවෙස් වලින් පලවා හැරීමට නියමිත ජනතාවගෙන්ම ආණ්ඩුව ඉල්ලමින් සිටිති.
 
ජනතාවගේ ඉඩම් කොල්ල කන සැලසුම් එසේම තිබියදී , තමන් ජනතාව ඔවුනගේ නිවෙස් වලින් එලවන්නේ නැතැයිද , ඔවුන්ට තට්‍ටු ගෙවල් දෙන්නේ යැයිද හත් අතේ දිවුරා පොරොන්දු වෙති.
 
එහෙත් මේ පොරොන්දු දෙන්නේ ,2010 ජනපතිවරණයේදී සරත් ෆොන්සේකා රුපියල් 10,000 ක වැ‍ටුප් වැඩි වීමක් දෙන්නේ යැයි පොරොන්දු වන විට තමන් ඉ‍ටු කිරීමට නොහැකි එවන් පොරොන්දු නොදෙන බවත් තමන් බලයට පත් වුවහොත් රුඉපය්ල් 2500 කින් වැ‍ටුප් වැඩි කරන බවටත් පොරොන්දු වී පසුව තමන් එසේ නොකී බව කියන නායකයන්මය.
 
සටහන- ඒ සියල්ල මැද ජාතියේ ලොකු පුත්‍රයා කියා සිටින්නේ තමන්ට චන්දය නොදුන්නොත් ජනයා කොහේට හෝ ගිහින් දමන ලෙස තම පියාට කියු බවයි.