Posts Tagged ‘ඒකාධිපති’

මේ ආණ්ඩුව ගමන් කරන්නේ වැඩවසම් රාජණ්ඩුවාදි ඒකාධිපති යුගයකට යැයි අප කියද්දී එය එසේ නැතැයිද , මේ නම් නියම ලිබරල් ධනපති ආණ්ඩුවක් යැයිද කියු අයගේ මුක පූට්‍ටු වෙන වැඩකට ආණ්ඩුව අත ගසා තිබේ.   එයනම් පාඩු ලබන හා නියමිත ප්‍රතිලාභ ලබා නොදෙන පෞද්ගලික ආයතන සතු දේපල රජයට පවරා ගැනීමේ පනතයි.

මේ පනත යටතේ පවරා ගත හැකි යැයි කියන්නේ ඌන කාර්යසාධන ව්‍යාපාර හා ඌන උපයෝජිත වත්කම් ලෙස හඳුන්වන ආයතන සතු වත් කම්ය. රජයට කොටස්  හිමි සමාගම්, කලක් රජය සතුව තිබි පෞද්ගලික අයිතියට පවරන ලද සමාගම් ඇතුල් සමාගම් වර්ග ගණනාවක් මේ යටතේ රජයට පවරා ගත හැකිය.

මේ පනත අනුව රජයට කොටස් හිමි ඕනෑම සමාගමක් ආණ්ඩුවට පවරා ගත හැකි නිසා ආණ්ඩුවේ යම් යම් ආයතන විසින් කොටස් හිමි කර ගෙන ඇති ඕනෑම සමාගමක් මේ ඉරණමට ගොදුරු විය හැක. ඒ අනුව කොටස් වෙලඳපලේ කොටස් අලෙවි කරන ඕනෑම සමාගමක් තම ග්‍රහණයට ගැනීමට මේ පනත භාවිතා කල හැකි  බව පෙනේ.

ආණ්ඩුවේ බත් බැල මහින්ද අබේසුන්දර ඇතුලු මාධ්‍ය නඩය හරා ආණ්ඩුව අපට කියන්නේ මේ පාඩු ලබන ආයතන රජයට පවරාගෙන ඒවායෙන් නියමිත ප්‍රයෝජයනය ජාතියට ලබා ගත යුතු බවයි.  මේ සමාගම් ආණ්ඩුවට පවරා ගන්නේ ඒවා පාඩු ලබන නිසාය. එසේ පවරාගෙන ඒවා ලාභ ලබන ආයතන බවට පත් කිරීමටය.

ප්‍රශ්නය ඇත්තේ එතැනය. මෙම සමාගම් ඇත්තටම පාඩු ලබන ඒවා ද යන ප්‍රශ්නය පසෙකින් තබා ඒවා පාඩු ලබන ආයතනම යැයි උපකල්පනය කරමු.

එසේනම් ඒවා නැවත ලාභ ලබන ඒවා බවට පත් කිරීමට ආණ්ඩුවට හැකිද?

ආණ්ඩුවට එසේ කළ හැකි නම් ආණ්ඩුව යටතේ තිබෙන පහත ආයතන පාඩු ලබන්නේ ඇයි. ආණ්ඩුවේ කළමනාකරණය හොඳ වැඩි නිසාද?

විදුලි බල මණ්ඩලය

ඛණිජ තෙල් සංස්ථාව

පොහොර සමාගම්

ශ්‍රිලංකන් ගුවන් සමාගම

මිහින්ලංකා සමාගම

මේ ආකාරයේ නිදර්ශන තව බොහෝ දිය හැක. තමන් යටතේ දැනටමත් ඇති මෙවන් ආයතන වලින් ලාභ උපදවා ගත නොහැකි අකාර්යක්ෂම  ආණ්ඩුවක් මේ නව පනතින් සමාගම් පවරා ගන්නේ ඒවා පාඩු ලබන තත්වයෙන් මුදා ලාභ ලබන තත්වයට ආණ්ඩුවේ කළමනාකරණය  යටතේ කිරීමට යැයි විශ්වාස කල හැක්කේ  වීරවංශලා හා ඔවුන් කියන දේවල් තවමත් විශ්වාස කරන මෝඩයින්ට පමණි.

එසේ නම් ආණ්ඩුවේ ඇත්ත අරමුණු මොනවාද?
 
අපට පෙනෙන්නට තිබෙන ආකරයට නම්  තම විරුද්ධවාදින්ගේ දේපල පවරාගෙන ඔවුන් ට පහර ගැසීම, ධනය කේන්ද්‍ර කර ගැනීම සඳහා වූ අසීමිත කෑදර කම ,කොළඹ හා වෙනත් ස්ථාන වල ඇති ආර්ථික වටිනා කමකින් යුත් ඉඩම් පවරා ගෙන ඒවා තම ගැලවුම් කරු වශයෙන් පෙනී සිටින චීනයට පිදීම ආණ්ඩුව මේ පනත ඉදිරිපත් කිරීමේ සැබෑ අරමුණුයි.

මේ ආකාරයේ පසුගාමි නීති තුලින් සිදු වන්නේ ආයෝජකයින් මේ රට තුල ආයෝජනය කිරීම නවතා දැමීමයි. සමහර විටෙක මේ රටට අනාගතයේ එන එකම ආයෝජකයින් වනු ඇත්තේ චීනුන් පමණි. ඔවුන් හා හවුලේ ව්‍යාපාර කරනු ඇත්තේ රජ පවුලේ සාමාජිකයින් පමණි.

මෙය ධනපති ආණ්ඩුවක් නොව වැඩවසම්,ඒකාධිපති , රාජාණ්ඩුවක් බව අප කියන්නේ එබැවිනි.

සටහන- මෙසේ පවරා ගැනීමට යන ඇතැම් ආයතන පාඩු ලබන ඒවා නොව ඇත්තවශයෙන්ම ලාභ ලබන ඒවා බව අයිති කරුවෝ පවසති.

Advertisements

අද චන්දයේදී ආණ්ඩුවේ ලැයිස්තුවෙන් ඉල්ලන ඊනියා වාමාංශිකයන්ට චන්දය දිය යුතු යැයි ලොකු හා හෝවක් පහුගිය දවස් වල පැතිරුණා. මේ අදහස පතුරුවන්න ලොකු මහන්සියක් ගත්තේ අභාවප්‍රාප්ත එක ඇහේ  වික්ටර් මහත්තයාගේ රාවය පත්තර කෑල්ල.

අයිවන් මහත්තයා හා ගෝල රොත්ත ඇතුලු කට්ටිය මේ ” යහපත් වාමාංශිකයා”  මතය අපේ කර උඩ තියන්න හදන අයගේ තර්කය වෙන්නේ ආණ්ඩුවේ හොරු , තක්කඩියෝ ,  මැරයෝ පිරිලා ඉන්නවා තමා. උන් හොරකම් කරනවා, මැර කම් කරනවා කියන එකත් ඇත්ත තමා. ආණ්ඩුව ඒකාධිපති ගමනක් යන්න හදනවා කියන එකත් ඇත්ත තමා. හැබැයි ආණ්ඩුව ඇතුලේ, නගර සභාවේ , ප්‍රාදේශීය සභාවේ ” වාමාංශිකයෝ ඉන්නවා නම් ඒ වගේ වංචා දූෂණ වලට, හොරමැරකම් වලට,ඒකාධිපති න් වියරුවට එරෙහිව ආණ්ඩුව ඇතුලේ ඉඳගෙනම සටන් කරනවා. එහෙම වුනාම ආණ්ඩුවට ඕනෑ ඕනෑ විදියට නටන්න බැහැ කියන එක.

 
දැන් අපි බලන්න ඕනෑ මේ කාරණය ඇත්තද කියලා.
 
මීට කලිනුත් ඔය තර්කයම උඩ ඊනියා වාමාංශිකයෝ පාර්ලිමේන්තු යැව්වේ නැද්ද?
 
ඒකට හොඳම උදාහරණය තමා වාසුදේව නානායක්කාර. මාර ප්‍රෝ ටෝක් දීලා පාර්ලිමේන්තු  ගියේ. රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මහ ලොකුවට කෑ ගහපු මේ වාමාංශිකයා ආන්ඩුව ගෙනාපු අන්ත ඒකාධිපති දහ අට වෙනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව අත් දෙක විතරක් නෙවේ , කකුල් දෙකත් අනිකුත් අවයව ඔක්කොමත් උස්සලා තමා චන්දේ  දුන්නේ.
 
 ගියදා ඉඳලා මිනිහා පාර්ලිමන්ට් ජෝක් එකක් විතරයි. පහු ගිය දවසක මේ මහා වාමාංශික නායකයාම තමා කියලා තිබ්බේ , වංචා දූෂණ කරාට කමක් නැහැ, මොකද ඒ දූෂණ්යෙන් හම්බ කරන සල්ලිත් මේ රටේ සංවර්ධනයට  යොදවන්න ඉඩ තියෙනවා කියලා.ඔන්න ඔහොමයි එයාලගේ වාමාංශික කම්.
 
ඇත්තටම මේ කට්ටිය ගේ ඩියුටිය තමා ආණ්ඩුවට විරුද්ධව එන සැබෑ විරෝදය මොට්ට කරන එක. වාසුලා අද කරන්නේ ඒක. ආණ්ඩුවට විරුද්ධව ජනතා විරෝධයක් ගොඩ නැගෙන කොට එතැනට ගිහින්

 

” බය වෙන්න එපා, අපි ඔය ප්‍රශ්නේ විසඳන්නම්, අපි ආණ්ඩුවේ ඇතුලේනේ ඉන්නේ. වැඩේ අපිට බාර දෙන්න “

 

 

කියනවා. සටන හමාරයි,. ප්‍රශ්නේ එතැනමයි.

 

 
වාසු ලා වගේ මිනිස්සු ආණ්ඩුව ඇතුලේ ඉන්න එකෙන් ඒකට වාමාංශික පෙනුමක් එනවා.ආණ්ඩුවේ හැබෑ ඒකාධිපති පෙනුම වහ ගන්න  පුලුවන් . ඊලඟට මේ බොරු වාමාංශිකයෝ තමන්ගේ මැතිවරණ ලැයිස්තු වලට දාගන්න එකෙන් ආණ්ඩු විරෝධී චන්ද ටිකක් කඩා ගනත් පුලුවන්.
 
ඒක නිසා ආණ්ඩුවලට චන්දේ දෙන්න ඕනෑම කියලා හිතෙනවනම් දෙන්න. හැබැයි ඔබේ මනාපේ ගහන්න හොරුන්ට , කුඩු කාරයින්ට, මැරයින්ට , පගා කාරයින්ට දූෂකයින්ට.  බොරු වාමාංශිකයෝ පරද්දන්න.
එතකොට ආණ්ඩුවෙ  වාමාංශික වෙස් මුහුණ නැති වෙලා ඒකේ හැබෑ මුහුණ එලියට එනවා.