Posts Tagged ‘ආයෝජනය’

මේ ආණ්ඩුව ගමන් කරන්නේ වැඩවසම් රාජණ්ඩුවාදි ඒකාධිපති යුගයකට යැයි අප කියද්දී එය එසේ නැතැයිද , මේ නම් නියම ලිබරල් ධනපති ආණ්ඩුවක් යැයිද කියු අයගේ මුක පූට්‍ටු වෙන වැඩකට ආණ්ඩුව අත ගසා තිබේ.   එයනම් පාඩු ලබන හා නියමිත ප්‍රතිලාභ ලබා නොදෙන පෞද්ගලික ආයතන සතු දේපල රජයට පවරා ගැනීමේ පනතයි.

මේ පනත යටතේ පවරා ගත හැකි යැයි කියන්නේ ඌන කාර්යසාධන ව්‍යාපාර හා ඌන උපයෝජිත වත්කම් ලෙස හඳුන්වන ආයතන සතු වත් කම්ය. රජයට කොටස්  හිමි සමාගම්, කලක් රජය සතුව තිබි පෞද්ගලික අයිතියට පවරන ලද සමාගම් ඇතුල් සමාගම් වර්ග ගණනාවක් මේ යටතේ රජයට පවරා ගත හැකිය.

මේ පනත අනුව රජයට කොටස් හිමි ඕනෑම සමාගමක් ආණ්ඩුවට පවරා ගත හැකි නිසා ආණ්ඩුවේ යම් යම් ආයතන විසින් කොටස් හිමි කර ගෙන ඇති ඕනෑම සමාගමක් මේ ඉරණමට ගොදුරු විය හැක. ඒ අනුව කොටස් වෙලඳපලේ කොටස් අලෙවි කරන ඕනෑම සමාගමක් තම ග්‍රහණයට ගැනීමට මේ පනත භාවිතා කල හැකි  බව පෙනේ.

ආණ්ඩුවේ බත් බැල මහින්ද අබේසුන්දර ඇතුලු මාධ්‍ය නඩය හරා ආණ්ඩුව අපට කියන්නේ මේ පාඩු ලබන ආයතන රජයට පවරාගෙන ඒවායෙන් නියමිත ප්‍රයෝජයනය ජාතියට ලබා ගත යුතු බවයි.  මේ සමාගම් ආණ්ඩුවට පවරා ගන්නේ ඒවා පාඩු ලබන නිසාය. එසේ පවරාගෙන ඒවා ලාභ ලබන ආයතන බවට පත් කිරීමටය.

ප්‍රශ්නය ඇත්තේ එතැනය. මෙම සමාගම් ඇත්තටම පාඩු ලබන ඒවා ද යන ප්‍රශ්නය පසෙකින් තබා ඒවා පාඩු ලබන ආයතනම යැයි උපකල්පනය කරමු.

එසේනම් ඒවා නැවත ලාභ ලබන ඒවා බවට පත් කිරීමට ආණ්ඩුවට හැකිද?

ආණ්ඩුවට එසේ කළ හැකි නම් ආණ්ඩුව යටතේ තිබෙන පහත ආයතන පාඩු ලබන්නේ ඇයි. ආණ්ඩුවේ කළමනාකරණය හොඳ වැඩි නිසාද?

විදුලි බල මණ්ඩලය

ඛණිජ තෙල් සංස්ථාව

පොහොර සමාගම්

ශ්‍රිලංකන් ගුවන් සමාගම

මිහින්ලංකා සමාගම

මේ ආකාරයේ නිදර්ශන තව බොහෝ දිය හැක. තමන් යටතේ දැනටමත් ඇති මෙවන් ආයතන වලින් ලාභ උපදවා ගත නොහැකි අකාර්යක්ෂම  ආණ්ඩුවක් මේ නව පනතින් සමාගම් පවරා ගන්නේ ඒවා පාඩු ලබන තත්වයෙන් මුදා ලාභ ලබන තත්වයට ආණ්ඩුවේ කළමනාකරණය  යටතේ කිරීමට යැයි විශ්වාස කල හැක්කේ  වීරවංශලා හා ඔවුන් කියන දේවල් තවමත් විශ්වාස කරන මෝඩයින්ට පමණි.

එසේ නම් ආණ්ඩුවේ ඇත්ත අරමුණු මොනවාද?
 
අපට පෙනෙන්නට තිබෙන ආකරයට නම්  තම විරුද්ධවාදින්ගේ දේපල පවරාගෙන ඔවුන් ට පහර ගැසීම, ධනය කේන්ද්‍ර කර ගැනීම සඳහා වූ අසීමිත කෑදර කම ,කොළඹ හා වෙනත් ස්ථාන වල ඇති ආර්ථික වටිනා කමකින් යුත් ඉඩම් පවරා ගෙන ඒවා තම ගැලවුම් කරු වශයෙන් පෙනී සිටින චීනයට පිදීම ආණ්ඩුව මේ පනත ඉදිරිපත් කිරීමේ සැබෑ අරමුණුයි.

මේ ආකාරයේ පසුගාමි නීති තුලින් සිදු වන්නේ ආයෝජකයින් මේ රට තුල ආයෝජනය කිරීම නවතා දැමීමයි. සමහර විටෙක මේ රටට අනාගතයේ එන එකම ආයෝජකයින් වනු ඇත්තේ චීනුන් පමණි. ඔවුන් හා හවුලේ ව්‍යාපාර කරනු ඇත්තේ රජ පවුලේ සාමාජිකයින් පමණි.

මෙය ධනපති ආණ්ඩුවක් නොව වැඩවසම්,ඒකාධිපති , රාජාණ්ඩුවක් බව අප කියන්නේ එබැවිනි.

සටහන- මෙසේ පවරා ගැනීමට යන ඇතැම් ආයතන පාඩු ලබන ඒවා නොව ඇත්තවශයෙන්ම ලාභ ලබන ඒවා බව අයිති කරුවෝ පවසති.

Advertisements

කලක් ශ්‍රී ලංකාවේ අංක එකේ විප්ලවවාදි,මාක්ස්වාදි, ට්‍රොස්ට්ස්කිවාදි, නායකයෙකුව සිටි හා දැන් එක්සත් ජනතා නිදහස් සංධාන ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන වාසුදේව නානායක්කාර මහතා පසු ගියදා රාවය පත්‍රයට දී තිබූ සම්මුඛ සාකච්ඡාවක කොටසක් මෙසේ උපුටා දක්වන්නේ හුදී ජන පහන් සංවේගය උදෙසාය.

ප්‍රශ්නය– බාල පෙට්‍රල් ආනයනය නිසා ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 49 ක් පාඩු වුනා. මේ වගේ කාරණා හේතුවෙන් සංවර්ධනය අඩාල වීම ඔබේ අවධානයට ලක් වෙන්නේ කොහොමද?
 
පිළිතුර– මේක දූෂණයක්. හැබැයි දූෂණය  නිසා සංවර්ධනය බාල වෙන්නේ නැහැ. නමුත් දූෂණයෙන් ආණ්ඩුවේ වියදම ඉහල යනවා.
 
ප්‍රශ්නය– ඉතින් අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තකට ගත හැකි මුදල් ගසා කෑමෙන් ඒ සංවර්ධන කටයුත්ත ඇන හිටිනවනේ.
 
පිළිතුර– ඒක වෙන්න පුලුවන්. නමුත් ඒ දූෂණයෙන් හොයා ගන්න මුදල ඒ අය කොතන හරි සංවර්ධනයට එකතු කරනවා නම් ,එතකොට සංවර්දනය බාල වෙන්නේ නැහැ.
 
ප්‍රශ්නය– දූෂණයෙන් හොයා ගන්න මුදල් සංවර්ධනයට  වැය වෙනේ කොහොමද?
 
පිළිතුර– ඔව් එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා තමයි. හැබැයි ඉතින් දූෂණයෙන් හොයා ගන්න මුදල් වුණත් නිකං තියා ගන්නේ නැහැ. නිකං තියා ගත්තොත් පාඩුයිනේ . ඒවා කොහේ හරි ආයෝජනය වෙනවා.
 
ප්‍රශ්නය– ඒ මුදල් මේ රටේ ආයෝජනය නොවී පිට රටක බැංකුවක තැන්පත් වෙනවා නම්.
 
පිළිතුරපිටරටක ආයෝජනය වුණාමයි කියමුකෝ. ඒ ආයෝජනයේ ප්‍රතිලාභයන් කවදා හෝ මේ රටට ලැබෙනවනේ. අපේ රටේ දූෂකයා සල්ලි වෙන රටක ආයෝජනය කරලා ඒ රටේම තැන්පත් කරනවා නම් ඒ ක වෙනම කාරණයක්.
 
සටහන- එදා වාසුට හා කාලෝට සෙනෙහසින් පෙම් හසුන් ලියු නිර්මාල්  මේ සාකච්ඡාව ගැන කියන්නේ මොනවාදැයි දැන ගන්නට අප ඉතා ආශාවෙන් සිටිමු.