ws_Girl_with_sword_1024x768

කෞතුකාගාරයේ සිදු වූ කඩු හොරකමට ගරු ඇමති රංජිත් සියඹලාපිටිය තුමා සම්බන්ධ නැතැයි පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ තුමා ප්‍රකාශ කර තිබේ.

කඩු හොරකම් කරන්නේ නැති එක ඇමති කෙනෙක් සිටින බව දැන් අපි  සහසුද්දෙටම දනිමු.

ඒ ගැන  අපි රෝහණ තුමාට ( මෙතනදී රෝහණ තුමා කිව්වේ අජිත් රෝහණ තුමාට මිස ජනරංජන රෝහණ තුමා ට නොවන බව කරුණාවෙන් සලකන්න)  ස්තූතිවන්ත වෙමු. ඇත්තටම අපිට හරි සතු‍ටුය.

දැන් අපිට පොඩි ප්‍රශ්න දෙකක් තිබේ . ඒ දෙකටත් රෝහණතුමා උත්තර දෙන්නේ නම් මැනවි. ( සුදු වෑන් ගෙදරට එවා උත්තර පෞද්ගලිකව දීමට අවශ්‍ය නොවන බව සලකන්න. මෙම බ්ලොගයේ කොමෙන්‍ටුවකින් උත්තර දීම ප්‍රමාණවත්ය.)

1. මේ කඩු හොරකම පිලිබඳ පරීක්ෂණ අහවරද?

2. එසේ නැත්නම් සියඹලාපිටිය තුමා සම්බන්ධ නැතැයි කීවේ කොහොමද?

3. පරීක්ෂණ අහවර නම්ද, සියඹලා තුමා නිර්දෝෂී නම්ද, ඇත්තටම හොරු කවුදැයි අපට කියනවාද?

president-mahinda-rajapaksa-on-dambulla-development-project

දේශප්‍රේමී , දේශහිතෛශි නායකයින් ලෙස පෙනී සිටින උන්   බලයේ ‍රැඳී සිටීම සඳහා ජාතිවාදි අදහස්  වපුරන විට උන්ගේ අඥාන නූගත්  අනුගාමිකයන් එම අදහස් ක්‍රියාවට නගමින් රටම ගිනි තියන බව අප පවසන විට කොස්,ජයශ්‍රී, ඉන්ද්‍රජිත් කනියා බඳු උන් රෙදි කරට ගෙන අපට පහර දීමට ආවේ ,ලංකාවේ ජාතිවාදයක් නැතැයිද අප බොරු කියන්නේ යැයිද කියමිනි. ගාල්ලේ සිදුවීම ජාතිවාදය නිසා නොවූවක් බවත්, ලංකාවේ එවැනි දෑ සිදු නොවන බවත් ඔවුහු පුන පුනා කීහ. ඔවුන්ට අනුව සිංහලයා ජාතිවාදි නොවේ. ජාතිවාදි වැඩ කරන්නේ සුලු ජාතින් පමණි. එම සුලු ජාතිවාදින්ට උඩගෙඩි දෙන්නේ යැයි අපටද චෝදනා කලහ.

අපට බැන වැදුනු ඒ ගරු කටයුතු මහත්වරුන්ගෙන් අප අසන්නේ දැන් දඹුල්ලේ සිදු වන්නේ කුමක්ද යන්නයි.  පූජාභූමි තුල අන්‍යාගාමිකයන්ට ඉඩ නැතැයි කියමින් උන්ගේ පල්ලිවලට පෙට්‍රල් බෝම්බ ගහන්නේත්, එම පල්ලි සුණු විසුනු කිරීමට කැස කවන්නේත් පෞද්ගලික හේතු නිසාද? නැතිනම් නග්න  වර්ගවාදය  නිසාද? නැත්නම් එය  වෙන කුමක්ද?

ඉනාමලුවේ සුමංගලලා පසුපස අද යන්නේ චම්පකලා වීරවංශලා විසින් මොල සුද්ද කල  මිනිසුන් නොවේද? විසකුරු ජාතිවාදි විසබීජ එන්නත් වූ මිනිසුන් නොවේද? සිංහලයින්ට ශ්‍රීලංකාව හැර අන් රටක් නැතැයි කියන කනියා බඳු මිනිසුන් නොවේද? කිසිම මාධ්‍යයකින් මෙතෙක් අනාවරණය නොකළ , ඔහුට පමණක් දැන ගන්නට ලැබුණු දෙමලුන්ගේ කිරිබත් කෑම් ගැන ගල් පැලෙන බොරු ලියන ඉන්ද්‍රජිත් බඳු මිනිසුන් නොවේද?

මේ වෙලාවේ කල යුත්තේ සිදුවන විනාශය දැක එයට එරෙහි වන්නැයි ඉල්ලන උන්ට ගල් ගැසීම නොව  එම විනාශයට එරෙහිව කටයුතු කිරීමයි. වීරවංශ, නලින් සිල්වා, ගුණදාස අමරසේකර, චම්පක බඳු විෂබීජ නිපදවන්නන් හා දිවයින බඳු විෂබීජ ප්‍රවාහකයින් හෙලිදරව් කිරීමයි. අප කිරීමට උත්සාහ කරන්නේ එයයි.

සටහන- මීට වසර ගනනකට කලින් කණ්ඩලම හෝට්ලයට එරෙහිව ගිනි තබා ගන්නවා යැයි දිවුරු මේ ඉනාමලුවේ සුමංගල උන්නාන්සේ අද දානය ලබාගන්නේත් එම හෝටලයෙනි.

logo

නලින් සිල්වා, ගුණදාස අමරසේකර, චම්පික රණවක, විමල් වීරවංශ පමණක් නොව බ්ලොග් අවකාශයේ සැරිසරු පෙරමුණේ රාල, රංග මිගාර වැනි  සකල විධ සිංහල ජාතිවාදි උම්මත්තක පැසිස්ට්වාදිනුත්    අයි ටී  එන් දිණමින , දිවයින වැනි පඩංගු මාධ්‍යයත්  පසු ගිය කාලය පුරාවටම ශ්‍රී ලාංකීය සමාජය තුල වැපිරූ ජාතිවාදි බීජ  දැන් පැලවී පල දරමින් තිබේ.

දෙමල කම්කරුවෙකු තමන්ට සර් නොකීවා යැයි උරණ වූ හමුදා සෙබලෙකු ඇතුලු  වර්ගවාදි උම්මත්තකයින් පිරිසක් ඇල්පිටිය දිවිතුර ප්‍රදේශයේ වත්තකට කඩා පැන වතු කම්කරු නිවාස තිහක් පමණ මංකොල්ල කා ගිනි තබා විනාශ කර ඇත.

මේ ක්‍රියාත්මක වන්නේ පසුගිය කාලය පුරාවටම දිවා රෑ දෙකෙහිම රට තුල ප්‍රචාරය කල මහා සිංහල වර්ගවාදයයි. මේ ක්‍රියාත්මක වන්නේ දේශප්‍රේමය යනුවෙන් හඳුන්වමින් හීන් සීරුවේ ජනතා සිත් තුලට එන්නත්  කල හිට්ලර් පන්නයේ වර්ගවාදයයි. කපටි අමන ජාතිවාදි දේශපාලුවන්  විසින් රවටනු ලැබු නූගත් ගැමියන් තමන්ගේම සහෝදර දෙමල ජනයාට පහර දෙති.

ජාතිවාදය හා ආගම්වාදයට  නූගත්ගැමියන් පමණක් නොව උගතුන් යැයි සැලකෙන උන් පවා ඉතාමත් ලෙහෙසියෙන් ගොදුරු කර ගත හැකි ය. වීරවංශලා හා රණවකලා මේ දෙකම තම බල ව්‍යාපෘති වෙනුවෙන් ඉතාමත් කපටි ලෙස භාවිතා කරමින් සිටිති. මහජන මුදල් රිසී සේ සොරා කමින් , සුර සැප විඳින මේ විගඩමුන්  ඒ සැප සම්පත් දිගටම තබා ගැනීම වෙනුවෙන් නග්න ලෙස ජාතිවාදය හා ආගම්වාදය භාවිතා කරති.

මේ ආකාරයේම කපටි හා තුච්ච දේශපාලුවන් විසින් රවටනු ලැබු ජනතාව මීට පෙරද, 1958, 1977 හා 1983 දී  මෙරට ගිනි තැබූහ.

වීරවංශලා තමන්ගේ ප‍ටු අභිමතාර්ත වෙනුවෙන් අද  මේ රට නැවතත් දක්කා ගෙන යමින් තිබෙන්නේ එතැනටය.

ඔවුන්ගේ මේ උත්සාහය වහාම පරාජය කල යුතුව ඇත. ජාතිවාදයේ ගිනි දැල් ඇවිලවීමට තම අනුගාමිකයන් පොලඹවන මේ තක්කඩි රොත්ත  පරාජය කල යුතුය. එසේ  නොකලොත් හෙට දිනය දැනට තිබෙනවාටත් වඩා බොහෝ කලුවර වනු ඇත.

සටහන- සිංහලුන්ට නැති දෙමලුන්ට ඇති ප්‍රශ්න මොනවා දැයි කැළණියේ නාථදේවාලයේ ප්‍රධාන කපු තැන්පත් නලින් ද සිල්වා ප්‍රමුඛ ජාතිවාදින් නිතර අසන ප්‍රශ්නයකි. මේ තිබෙන්නේ ගාල්ලේ ජාතිවාදින් විසින් ඊට දී ඇති පිලිතුරයි.

 

 

 

3_660_072113024849

අපේ ලොක්කාට කවුරුන් හරි රීද්දුවොත් එහෙම ආයේ ඉතින් සොරිම තමාය. කෙලවන එක කෙලවනවාමය

පහුගියදා ජිනීවා වලදී ලංකාවට  විරුද්ධව චන්දේ දීම නිසා  ඉන්දියාව සමග ඇති කරගත් කොක්ක දිගටම පවත්වා ගෙන යාමට ලංකාණ්ඩුව තීරණය කර ඇති බවක් පෙනේ.දැන්  ඉතින් ඉන්දියාව ඉවර  වෙනකම් මේ පහර දීම සිදු වනු ඇතිය.

ඉන්දියාවේ හදන  මරුටි කාර් වලට  ලංකාවේ හොඳ වෙලඳ පොලක් සැදී තිබුනේය. ඒ මිල අපේ රටේ  මධ්‍යම පාංතිකයන් බොහෝ දෙනෙකුන්ට ඔරොත්තු දෙන මට්ටමක  තිබූ නිසාය.ඒත්  පසු ගියදා ආනයනික වාහන වල බදු වැඩි කිරීම නිසා කුඩා මෝටර් රථවල මිල සියයට පනහකටත්  වඩා ඉහල ගියේය.  ලක්ෂ 11කට පමණ තිබූ මරුටි කාරයක දැන්  ලක්ෂ 17 ක් පමණ වේය.  ඒ වැඩේ නිසා  ගුරුවරුන්, ලිපිකරුවන් වගේ අයගේ වාහන හීනය අහෝසි වන අතර අපේ සතුරා වන ඉන්දියාවේ  වාහන වෙලඳ පොලට සෑහෙන කොටසක් නැති වෙන්නේය.

වැඩේ එතැනින් නතර නොකර දිගටම කරගෙන යාමට ලංකාණ්ඩුව තීරණය කර තිබෙන බව පෙනෙන්නේ ඊයේ ගත් අලුත් තීන්දුවක් නිසාය.ඒ අනුව පාවිච්චි කරන ලද වාණිජ වාහන ආනයනය කිරීමේ කාලසීමාව වසර 3 1/2 සිට 4 දක්‌වාද, වෙනත් වාහන සඳහා වෙන්කර තිබූ වසරක කාලසීමාව වසර 02 දක්‌වාද දීර්ඝ කිරීමට තීරණය කර තිබේය.

පාවිච්චි කරන වාහන ගෙන්වන්නේ ජපානයෙන්ය. ඉන්දියාවෙන් ගෙන්වන්නේ අලුත් බ්‍රෑන්ඩ් නිව් වාහන පමණක්ය. පරණ වාහන වල කාල සීමාව වැඩි වෙත්දී බද්ද අඩු වෙන්නේය. එම නිසා ජපන් රීකන්ඩිෂන් වාහන වල මිල අඩු වෙන අතර ඉන්දියන් වාහන වල මිල වැඩිය.

කොහොමද ටිකිරි මොලේ. ලංකාව එක්ක හැප්පෙන්ට ලේසි නැති බව මන් මෝහන් සිං දැන් දැන ගන්නවා ඇත.

සටහන 1 – වාහන බදු වැඩි කරේ ඩොලර් සංචිත අඩු වීම නිසා බවට භාණ්ඩාගාර නිලධාරින් යොදවා කරවන ප්‍රකාශ අමු බයිලා බවත් එය තනිකරම දේශපාලන ඉවර තීන්දුවක් බවත් මේ නව නීති වලින් පෙනේ.

සටහන 2-   මේ ආකරයටම 1980 ගනන් වලදී ඉන්දියාවට පාඩමක් ඉගැන්වීමට ගිය ජේ ආර් ට පමණකො නොව මුලු ලංකාවටම රජිව් ගාන්ධි පරිප්පු කැව්වේය. මේ සැරේ මන් මෝහන් සිං මොනවා කවන්ට හිතන් ඉන්නවා දැයි දන්නේ එයාම පමණි.

.

 

Chinese-loan-sharks-preying-on-women-with-naked-loans

මේ අධිවේගී මාර්ගයේ වේග සීමාව ලෙස දක්වා තිබුනේ පැයට කිලෝමීටර් 100කි. ඒ උපරිම වේගයයි. උපරිම වේගය පැ.කි.මී. 100 වන මාර්ගයක් අධිවේගී මාර්ගයක් ලෙස හඳුන්වන්නේ මේ සිරි ලංකාවේම පමණක් විය යුතුය. මේ සුවිශේෂි අධිවේගී මාර්ගයේ යා යුතු අවම වේගයක්ද සටහන් කර නැත.

රුපියල් කෝටි දහස් ගණනක් වියදම් කරමින් තැනූ මෙම මාර්ගය නියමිත ප්‍රමිතියට නැති බොරුවක් බව ආණ්ඩුවම දැන් වක්‍රාකාරයෙන් පිලිගෙන තිබේ.

ඔවුන් දැන් කියන්නේ උපරිම වේගය පැ.කි.මී 100 ලෙස සඳහන් කලත් එම වේගයෙන් සැම විටම යාමෙන් අනතුරු වන බවත් එම නිසා අවශ්‍ය පරිදි වේගය පාලනය කරගෙන යා යුතු බවත්ය. අවශ්‍ය නම් ගොලුබෙලි ගමනින් වුවද යා හැකිය. කි.මී 100 ක වේගයෙන්වත් යා නොහැකි මාර්ගයකට අධ්වේගී මාර්ගයක් කියන්නේ මන්දැයි අපට නම් නොවැටහේ. දන්න කෙනෙක් ඇත්නම් කරුණාකර කියා දෙන්න.

සටහන- චීනාගෙන් පොලි සල්ලි වලින් තැනු නාට්‍ය නැති රඟහල්, නැව් නැති වරාය මෙන් වේගයෙන් යා නොහැකි අධිවේගී මාර්ගද තිබේ. පරම්පරා ගණනාවක් ණය කරුවන් කරමින් පොලී සල්ලි වලින් අප කරන්නේ එබඳු දේය.

 

ravensඑක්කෝ උන්ට පිස්සුය. නැත්නම් මුන් කියන මේ තකතිරු මෝඩ කතා අහලා නිකම් ඉන්න අපිට පිස්සුය.

මුන් කට ඇරියොත් කියන්නේ කුමන්ත්‍රණයක් ගැනය. මුන්ට අනුව මේ රටේ සිද්ද වෙන හැම දෙයක්ම වෙන්නේ බටහිර ජාතින් කරන කුමන්ත්‍රණ නිසාය.

හම්බ වෙන පඩියෙන් ජීවත් වෙන්ට බැහැ කියලා කිව්වොත් ඒක බටහිර කුමන්ත්‍රණයක්ය. වැඩි පඩි ඉල්ලා ස්ට්‍රයික් කලොත් එහෙම ඒක ඉතින් බටහිර ආක්‍රමණයක් වගේය.

තෙල් මිල වැඩියි කිව්වම ඒකත් කුමන්ත්‍රණයක්ය. තමන් ජීවිත කාලයක් කඹුරලා හම්බ කරගත්ත අර්ථ සාධකේ සල්ලි වලින් බූරුවා ගහන්න එපා කිව්වම ඒකත් කුමන්ත්‍රණයක්ය.

මුන්ගේම ආණ්ඩුව මිනිස්සු පැහැරගෙන් ගිහින් මරන්න හදන කොට ඒකට විරුද්ධ වීමත් කුමන්ත්‍රණයක්ය. කොටින්ම කිව්වොත් මුන්ගේ ගෑනුන්ට ලමයි හම්බ වෙන්නෙත් බටහිර කුමන්ත්‍රණ නිසා කියලා මුන්ට ලඟදීම කියවෙනවා ඇත.

මේ විදියට ගත්තම මේ රටේ කිසිම දෙයක් කරන්ට බැරිය. හැම දෙයක්ම දේශප්‍රේමින්ට විරුද්දව කරන කුමන්ත්‍රණ බවට පත් වෙනවාය.

ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කල නිසා ඊට සමගාමිව හැම දේකම මිල ඉහල යන විට වී කිලෝ එකට ගෙවන සහතික මිලත් වැඩි කරන්න කියලා ගොවියෝ ඉල්ලුවෝය. ආණ්ඩුව ඒ ගැන සොයා බලන්ට කමි‍ටුවක් පත් කල අතර වී කිලෝවකට යන නිෂ්පාදන වියදම සලකා බැලූ එම කමි‍ටුව වී කිලෝවකට දැනට ගෙවන මිල රුපියල් පහකින් වැඩි කර රුපියල් තිස්පහක් ගෙවන්නට යැයි කිව්වෝය.

ලංකාවට විරුද්දව බටහිරයන් කොරන කුමන්ත්‍රණ ගැන හෙවීම තම රාජකාරිය කොරගෙන සිටින දේශප්‍රේමී, දේශහිතෛෂී, මහලේකම් ( මේ යකා බැන් කී මූන්ට විරුද්ද තමන්ගේ මහලේකම් කමට වඩා මූන් ගේ එක ලොකු නිසාය) දත් දොස්තර වසන්ත බණ්ඩාර තුමාට මේ ආරංචිය ලැබුණු  ගමන් කුමන්ත්‍රණ, කුමන්ත්‍රණ  කියමින් තප්පු ලන්ට පටන් ගෙන තිබේය.

ආන්ඩුවේ අයිති කාරයින්ටත් වඩා ආණ්ඩුවට කඩේ යන මේ ඊනියා දේශප්‍රේමින් ට අනුව වී මිල වැඩි කිරීමත් කුමන්ත්‍රණයක්ලු. ඒකෙන් වෙන්නේ හාල් මිල වැඩි වෙලා පාන් කන්ට මිනිස්සු හුරු වීමලු.කරන්ට ඕනෑ වී මිල වැඩි කිරීම නෙවේලු, දැනට තියෙන මිලට වී ටික විකුනන්ට දීමලු.

මේ උන්නැහෙලා බබා පාර්ට් දාන්නේ කාව රවට්ටන්නද?

ලංකාවේ හාල් මිල තීරණය කරන්නේ ඇමතිලා කුට්ටමකුයි, උන්ගේ මල්ලිලා සෙට් එකකුයි කියලා නොදන්නා එකෙක් මේ රටේ නැතිය. ඒක නිසා රටේ ජනතාවට පාන් නොකවා බත් කවන්ටම ඕනෑම නම්  දත් දොස්තර මහත්තයට කරන්ට තිබුනේ , වෙබ්  සයිට්වලට  කොහේවත් නැති කුමන්ත්‍රණ ගැන පල් හෑලි නොලියා නිපුන මුදලාලිටයි,අරලිය මුදලාලිගේ අයියටයි  කැබිනට් මීටිමේ දී කතා කරලා  හාල් මිල අඩු කරන්ට ඉල්ලන්ට  කියලා තමන්ගේ නායකයා වීරවංශට කියන්නය.

එහෙම නැතිව පාන් ගෙඩියේ මිල වැඩි කරන්ට ආණ්ඩුවට උපදෙස් දීල දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහන්ට ලෑස්ති වෙන්ට එපාය. ඒවා සහගහන අපරාදය. මොකද කිව්වොත් නිවාස අමාත්‍යාංශේ උපදේශක කමින් ගන්නවා වගේ තඩි පඩි  නොලබන දුප්පත් මිනිස්සු එදා වේල ජීවත් වෙන්නේ පාන් කෑල්ලකින්, රොටී ගෙඩියකින් නිසාය.

සටහන- මේ ප්‍රවෘත්තිය උපුටා ගත්තේ උන්ගේම සීනිව්ස් වෙබ් අඩවියෙනි. මේක කොච්චර මඥඥං කතාවක්ද කිව්වොත් මේ වගේ කුමන්ත්‍රන කතාවලට වෙනදා උඩ පැන පැන හුරේ දාන එක කුක්කෙක්වත් අහල පහලකට ඇවිත් හිටියේ නැත.

 

 

 

 

HH4

 

මේක පහු ගිය 2004 සුනාමි කාලයේ ඉතා ප්‍රසිද්ධ වූ කතාවක්ය. ඊයේ පෙරේදා සුනාමි ගැන කතාවක් නැවත සැරයක් මතු වූ විට මේ කතාවත් මතක් වුනෙමි.

ඒ සුනාමිය ආපු කාලයේ රටේ පාලනය භාරව හිටියේ රජෙක් නොවේය. ‍රැජිනක්ය. එයාගේ කරුමෙටද , හොඳ වෙලාවටද මන්දා සුනාමිය එන වෙලාවේ එයා හිටියේ රටින් පිටය. රටේ නායක කමේ වැඩ බැලුවේ මහ ඇමති තුමාය.

ඔන්න ඉන්දුනීසියාවේ මහා භූමිකම්පාවක් සිද්ද වී ලංකාවටත් සුනාමියක් එනවා කියලා ඇමෙරිකන් භූ විද්‍යා ආයතනයෙන් අපේ කාලගුණේටත් උදේ පාන්දරින්ම පණිවිඩයක් ආවේය. සුනාමියක් එන නිසා වහාම වෙරලබඩ ජනයා ආරක්ෂිත ස්ථාන වලට යවන්න ඕනෑ. කාලගුණේ කට්ටියට ඒ වගේ භාර දූර තීරණයක් ගන්න බැරි හින්දා එයලා කතාකලා වැඩ බලන මහ තැනට.කවුදෝ ලේකම් කෙනෙක් ෆෝන් එක උස්සලා කිව්වා  ලොක්කා ජොගින් ගිහින් ආව ගමන් කියන්නම් කියලා.

ඔන්න විනාඩි 10 කට විතර පස්සේ ලොක්කා ආවා. ලේකම් පණි විඩේ කිව්වා

“සර්, ඉන්දුනීසියාවේ ඉඳලා සුනාමි එනවලු මොකද කරන්නේ කියලා කාලගුනෙන් අහනවා”

” මොනවද අයිසේ? ලේස්ති කරනවා මල් බොකේ එකක්, තව බැනර් එකකුත්  එයාර්පෝර්ට් එකේ ගහනවා ඉන්දුනීසියාවේ සිට පැමිණි සුනාමි මහතා සාදරයෙන් පිලිගනිමු කියලා. මම ටක් ගාලා වොෂ් එකක් දාගෙන එයාර්පෝර්ට් එකට යන්නම්”

ඔන්න ඔහොමයි වුනේ. ලොක්කා නාලා කියලා හොඳට ඇඳගෙන මල් මාලෙකුත් අරගෙන , “ ටී .සුනාමි මහතා සාදරෙන් පිලිගනිමු “ කියලා බෝඩ් එකකුත් අරගෙන එයාර්පෝර්ට් එකට වෙලා බලා ඉන්න අතරේ සුනාමිය ඇවිත් රටෙ න් භාගයක්ම වැනසුවා.