Archive for the ‘Early Edition’ Category

කලකට ඉහත රූපවාහිනියේ Early Edition  නම් වූ මාලා නාටකයක් විකාශය විය. එහි ප්‍රධාන චරිතය වූ තරුණයාට කලු පූසෙක් විසින් උදයේ පාන්දර පුවත්පතක් ගෙනවුත් දෙයි. එම පුවත් පත අනාගතයට අයිති පුවත්පතකි. එහි තිබෙන වාර්තා දෙස බලා අනාගතයේ සිදු වන විනාශ වැලක්වීමට එම තරුණයාට හැකිය.

මේ ආකාරයේ කලු පූස් මිත්‍රයෙක් ඇට මැස්සාටද සිටියේය. ඔහුගේ පිහිටෙන් ඇටමැස්සා පසුගිය කාලයේ  තම ලිපි ගණනාවක්ම  ලියා අනාගත ලංකාව ගැන අනාවැකි පැවසීය.

ඇටමැස්සා හිතා හිටියේ ලංකාවේ  එවන් කලුපූස් මිත්‍රයෙක් සිටින එකම පුද්ගලයා තමා පමණක් බවයි. එහෙත් එය එසේ නොවන බව පසුගිය දා දැන ගන්නට ලැබුණි.

ඉහල   යන  ජීවන   වියදම  හමුවේ  දිනෙන්   දින  වැඩි  වන  ජනතා  විරෝධය  තොරොම්බල් කර ගැනීම සඳහා ආණ්ඩුව මේ දිනවල නටන ජීනීවා නාඩගමට බෙර ගැසීම සඳහා  අලුතෙන්ම කල එලි බැස ඇති , කලක්  ගඩා‍ෆිට චරිත සහතික ලියමින් සිට හිටි ගමන් ස්වයං අතුරුදහන් වීමකට ලක් ව  සිටි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය නම් වූ සංවිධානයක මහ ලේකම් යැයි කියා ගන්නා වසන්ත බණ්ඩාර නමැත්තාටද කලු පූස් යාලුවෙක් සිටින බව  ඔහු පසුගියදා  වීරවංශගේ වෙබ් අඩවියට ලියූ ලිපියකින් හෙලි වේ. මෙම ලිපිය  බොහෝ විට  දිවයින නම් වූ ජාතිවාදි පත්තර කඩමාල්ලේද පලව තිබෙන්නට ඉඩ ඇත.

මේ දිනවල ජීනිවා හි පවතින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභා වාරයේ න්‍යාය පත්‍රය ගැන ඔහු මෙසේ ලියයි.

“න්‍යාය පත‍්‍රයේ පළමු අංගය වන්නේ ඊනියා දරුස්මාන් වාර්තාවේ නිර්දේශ සමාලෝචනය කිරීමයි. ඊට පසු දෙවන අංගය වන්නේ උගත් පාඩම් කොමිසම් වාර්තාවේ යම් කොටස් දැඩි ලෙස විවේචනය කිරීම සහ ඒ සමගම යම් කොටස් ක‍්‍රියාත්මකකර පෙන්වන ලෙසට රජයට අභියෝග කිරීමයි.”

මොහු මේ කතා කරන්නේ තවම කිසිවෙක් දැක නැති, ඇත්තටම කිවහොත් තවම හදා පවා නොමැති න්‍යාය පත්‍රයක් ගැනය.එහි අඩංගු තාක්ෂණික කරුණු ගැන මෙසේ අති විශ්වාසයෙකින් කතා කරන්නට නම් මොහුට අනිවාර්යෙන්ම කලු පූසෙක්ගේ සහය ලැබිය යුතුය.

ඇමෙරිකානු න්‍යාය පත්‍රයක් ගැන ඔහුට මෙසේ හෙලි කරන කලු පූසා කවුද?

 1989 න් පසු 2004  වනතෙක්ම සැඟවී සැක කටයුතු අතීතයක් ගත කල මොහුගේ කලු පුසා සීඅයි ඒ සංවිධානයද?

සොයා බැලිය යුතු කරුණකි. සියලු දේශප්‍රේමින්ගේ අවධානය පිණිසයි!

Advertisements

2015 වසරේ පැවත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කීපයක් අහම්බෙන් අප  අතට පත් විය. ඔබටත් මේවාට පිලිතුරු  ලිවිය හැකිදැයි බලන්න.

1. ශ්‍රී ලංකාවේ අගනුවර කුමක්ද?
I. කොලඹ
II. මහින්ද රාජපක්ෂ පුරය
III. මහනුවර
IV. බෙලිඅත්ත

2. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන්නේ

I. ඕලු මල
II. නාමල
III. කෙහෙල් මල
IV.කිඩාරම් මල

3. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව

I. අලියාට ඇස තැබීම
II. රගර්
III. කාර් රේස්
IV. කනා මුට්ටිය බිඳීම

4. ශ්‍රී ලංකාවේ ලොකුම ක්‍රීඩාංගනය කුමක්ද?

I.හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය
II. මහනුවර මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය
III. අනුරාධපුර මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය
IV. කොලඹ මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගනය

5. නිමල් සිරිපාල සිල්වා, මෛත්‍රීපාල සිරීසේන , දිමු ජයරත්න යන මහත්වරු තානාපති කම් කරන රටවල් පිලිවෙලින්  ලියූ විට

I. බංග්ලාදේශය, ඉතියෝපියාව, සැම්බියාව
II. ඉතියෝපියාව,බංග්ලාදේශය, සැම්බියාව
III. බංග්ලාදේශය, සැම්බියාව, ඉතියෝපියාව
IV. සැම්බියාව,බංග්ලාදේශය,ඉතියෝපියාව

සටහන- 2015 වසරේ ශිෂ්‍යත්ව විභාගය කරන දරුවන් ඔබට සිටී නම් මේ ප්‍රශ්න මතකයේ තියා ගන්න.

අද උදේ පාන්දරත්  අර පිස්සු පූසා පත්තරයක් ගෙනත් ගෙයි පිල උඩින් දාලා ගොහින්.   අරගෙන   බැලුවාම 2012 ජුනි 28 පත්තරේ. හරියටම අදින් අවුරදු දෙකකට   පස්සේ දවසක්. ඇට මැස්සාත් දඩි බිඩි ගාලා කියවන්න ගත්තා.  මොන කියවිල්ලක්ද , හෙඩිම දැක්කා විතරයි ඇට මැස්සාට කලන්තේ දාලා වැටුනා. විනාඩි දහයකට විතර පස්සේ  සිහිය   ඇවිත්   ලිපිය කියවලා බැලුවා. මෙන්න බඩු.  කියවලාම බලන්නකෝ, කලන්තේ හැදෙන්නේ නැත්ද කියලා.
 
මැති ඇමතින්ට  පාන් , ජනතාවට හුලං.
 
මැති සබය පවත්වන දින වල මැති ඇමතින්ට එහිදී  ලබා දෙන ආහාර  අති සුඛෝපභෝගී ආහාර වට්ටෝරුවක්  ඊයේ පුවත් පතක පල වීමත් සමග ජනතාව තුල මහත්  කැළඹීමක්   ඇතී වී  තිබේ.  සමහර ප්‍රදේශ වල ජනයා වීදි වලට බැස උද්ඝෝෂණය කර ඇති  බවද වාර්තා වේ. දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම  සඳහා විදෙස් වලින්  ගෙන්නන  ආහාර පරිභෝජනය නොකරන ලෙස    සාමාන්‍ය ජනතාවට  උපදෙස් දෙන අයවලුන් මේ අයුරින්  මහජන  මුදලින්ම  අති  සුඛෝපභෝගී ආහාර ගැනීම ගැන ඔව්හු ඉමහත්  සේ  කිපී විරෝධතාවයන්ට එක්ව සිටියහ. 
 
මැති ඇමතින්ට ලබා දෙනවා යයි කියන ආහාර වට්ටෝරුව අප එම පුවත් පතින් උපුටා පල කරමු.
 
 උදේ ආහාරය සඳහා
 
පාන් පිටි ඉඳි ආප්ප පහයි  
කිඹුලා බනිස් එකයි
කිරි තේ එකයි
 
දිවා අහාරය සඳහා
 
 පාන් පෙති දෙකයි ( මීට අමතරව ඇතී තරම් පාන් පෙති එකක්  රුපියල් 75   බැගින්  ගත හැක.)
සැමන් මාළු  කෑලි එකයි හොදි සමග
කැරට් සම්බෝලයක්
 
සටහන- අප රටේ ජන හිතකාමී මැති ඇමතිවරුන් මෙතරම් කාම සුඛල්ලිකානු ජීවිතයක් ගත කරනු ඇති අප නොසිතමු. ඔවුන් මෙතරම් මිල අධික ආහාර ගන්නේ යැයි අප කිසිසේත් විශ්වාස නොකරමු.   අප පුවත් පතේ මේ සටහන පල කරන්නේ රටේ උද්ගතව ඇතී තත්වයක් පිළිබඳව වාර්තා කරනු සඳහාම පමණි.එසේ නැතිව අප ජනහිතකාමී මහජන නියෝජිතයන් අපහසුතාවකට පත් කරනු සඳහා නොවේ.
 
 

Early Edition-2011.06.04

Posted: June 4, 2010 in Early Edition
 
දැනට අවුරුදු  කීපයකට  කලින් රූපවාහිනි නාලිකා වල විකාශය කරපු Early  Edition  ටෙලි කතා මාලාවේ ගැරී හොබ්සන් ට පත්තරේ ලැබෙන්නේ පත්තරේ පිට වෙන්න දවසකට  කලින්.
 
මේ ඊයේ පෙරේදා ඇටමැස්සා උදේ පාන්දර ගමනක් යන්න ලෑස්ති වෙලා එලියට බහින කොට මෙන්න තඩි පුසෙක් දොර ළඟ ඉඳලා දිව්වා. බලන කොට අර වගේ කලින් අච්චු ගහපු පත්තරයක්. හැබැයි මේකේ  දවස දාලා තිබුනේ 2011. 06.04. විදියට. ඒ කියන්නේ හරියටම අවුරුද්දකට කලින්.
 
ඇට මැස්සටත් Early  Edition  එකක් ලැබෙන්න පටන් අරගෙනද කියල හිතෙනවා.  හැබැයි ඉතින් ගැරී හොබ්සන් ට වගේ මේ වෙන දේවල් වලක්වන්න ඇට මැස්සට නම් බැහැ. මොකද  මේවා ඉතින් තනියෙම නවත්වන්න පුළුවන් දේවල් නෙවේනේ. ඒත් ඉතින් ඉඩ ලැබෙන හැටියට ඒ පත්තර වල තියෙන දේවල් ටිකක ඔහෙලාටත්  කියන්නම්. පුළුවන් දෙයක් කරමු බලන්න.
 
මේ  එකේ තිබුණු ප්‍රවෘත්ති ටිකක්
 
1.  ආණ්ඩුකාර  අමිතාබ් බච්චාන් මහතා රෝගී තත්වය නිසා ඊයේ සිය ධුරයෙන් විශ්‍රාම ගත්තේය.   නව ආණ්ඩු කාරයෙක් පත් කරන තෙක් මාල දිවයිනේ ආණ්ඩු කාර වරයාම  ශ්‍රී ලංකාවේ ආණ්ඩු කාර ධුරයේ වැඩ බලන බව  ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේය.
 
2. පසු ගිය 24 දා බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු 30 දෙනෙක් ගෙන් සමන්විත කොල්ල කරුවන් පිරිසක් නිවසේ තිබු අඩක් හිස් වූ ගෑස් සිලින්ඩරයක් කොල්ල කා පලා ගොස් ඇත. ගෑස් සිලින්ඩරය බේරා ගැනීමට උත්සාහ දැරීමේදී කොල්ල  කරුවන් විසින් තබන ලද වෙඩි පහරකින්  තුවාල  ලැබූ නිවසේ හිමි කරු  හදිසි අනතුරු අංශයට ඇතුල් කර ඇත.
 
3. මහජන සම්පත ලොතරැයියේ ප්‍රථම   ත්‍යාගය ලෙස සැමන්   ටින් දෙකක් ලබා දීමට ජාතික ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත. ලොතරැයි පතක මිල රුපියල් 300 දක්වා වැඩි කිරීම නිසා තෑගි මුදල් ද ඒ අනුව වැඩි කරන ලෙස මහජනතාව කරන ලද ඉල්ලීම් නිසා මේ තීරණය ගත් බව ලොතරැයි මණ්ඩලය පවසයි. දෙවෙනි තෑග්ග ලෙස සැමන් ටින් එකක් හා රුපියල් මිලියන පහක මුදලක් හිමි වනු ඇත. තුන්වෙනි  තෑග්ග පැට්‍රොල් හෝ ඩීසල් ලීටරයක් , ජයග්‍රාහකයාගේ කැමැත්ත පරිදි.
 
 
මේවා උපුටා ගත්තේ ලුහුඬු දැන්වීම් පිටුවෙන්.
 
1. අලුත්ම ටොයෝටා 141 මෝටර්  රථ දෙකක් මුදල් හදිසියකට විකුණනු ලැබේ. . පාන් රාත්තල් දෙකකට හා කිරි පිටි පැකට් එකකට මාරු කර ගැනීමට වුවද සලකා බැලේ.  ඉහලම ඉල්ලුමට . බ්‍රෝකර්  වරු අනවශ්‍යයයි.
 
2.කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියෙකු හම්බන්තොට හෝ තංගල්ල රෝහල් වලට සුහද මාරුවක් පතයි
 
3.  ප්‍රබල අමාත්‍ය වරයෙක් රජයේ ඕනෑම කාර්යාලයක කාර්යාල කාර්ය සහායකයෙක්  සමග සුහද මාරුවක් පතයි. විදේශ තානාපති කාර්යාලයක නම් විශේෂයි.