ඇටමැස්සාගේ පුනරුත්පත්තිය

Posted: April 25, 2017 in Uncategorized

jag_360000-1000x600

පුනරුත්පත්තිය බොරු යැයි කියන අපේ මිත්‍ර භෞතිකවාදින් බියවිය යුතු නැත.මක් නිසා ද යත් නැවත උපදින්නට ඇට මැස්සා මිය ගියේ නැත. ඇත්තටම මෙතැන්ට හොඳම වචනය පුනරාගමනය විය යුතුය. මාතෘකාව යොදන විට සිදු වූ ප්‍රින්ටින් මිස්ටේක් ගැන අපගේ හද පිරි මෙව්වා එක. එම නිසා අපේ මාතෘකාව මෙසේ වෙනස් විය යුතුය.

” ඇටමැස්සාගේ පුනරාගමනය”

පසු ගිය කාලයේ ලංකාවේ ඉන්නට බැරිව , බියොන්ඩ් ෆ්‍රේම් සමග බෝට්‍ටුවක නැගී මියන්මාරයටත් එතැනින් දකුණු අප්‍රිකාව, සුඩානය ,සෝමාලියාව හරහා සීෂෙල්ස් දූපතටත්, ඉන්පසු ඉරාකය, ලිබියාව හරහා සිරියාවටත් පලා ගිය ඇටමැස්සා යහපාලන නම් ක්‍රමයක් ලංකාවේ ආරම්භ වී ඇති බව දැනගෙන ආපසු පැමිණියෙමු.

ඉතින් අපි නැවතත් අපේ අරගලය ඇරඹීමට සූදානම්ය. අපි අතුරුදහන්ව සිටි කාලයේ අතුරුදහන් වූ අපගේ බ්ලොග් අඩවියේ, ඇටමැස්සාගේ අඩවියේ ,සියළු ලේඛන ආරක්ෂා කර, නැවතත් ප්‍රතිස්ථාපනය කර දුන් වර්ඩ්ප්‍රෙස් අඩවියේ  මහත්වරුන්ට අපගේ ස්තූතිය හා ප්‍රණාමය සමග සැලියුට් එකක් ද මේ සමග පිරිනමමි. මෙම ලේඛන යල් පැන ගිය ඒවා යැයි යමෙකු කියන්නට පුලුවන. එහෙත් අප කියන්නේ ඇටමැස්සා මෙන් ඉතිහාසයද නැවත වතාවක් කැරකී එන්නට පුලුවන් බවයි.

අපි බලමු. අපි බලා ඉඳිමු.

සටහන- එසේම අප අතුරුදහන් ව සිටි කාලයේ , එනම් මුල් කාලයේ ඇටමැස්සාගේ අඩවිය ගැන නොයෙක් ආකාරයේ මත පල කල සියලු දෙනාට ද අපගේ මෙව්වා එක. තව කාරණයක් කිවයුතුය. පුනරාගමනයේදී අපට  නම් වෙබ් ලිපිනය අහිමිය. ඉතින් අප බ්ලොගයේ නම පමණක් ගෙන   වශයෙන් වෙබ් ලිපිනයක් අපට දුන් වර්ඩ් ප්‍රෙස් කට්ටියට නැවතත් තෑන්ක් යූ. එසේම ඒ කාලයේ අප යොදා ගත් පිංතූර ද ප්‍රතිස්ථාපනය කරගත නොහැකි වූ බව දන්වා සිටින අතර, හැකිපමණ වෙලාව යෙදෙන හැටියට එම පෝස්ටූ සකස් කිරීමටද සිතා සිටිමු.

Advertisements
Comments
  1. ඇටමැස්සෙකු ගේ වයස කීයද? දැන් අතුරුදහන් වෙලා අවුරුදු පහක් කියා නම් මේ ඉන්නේ ඒ ඇටමැස්සාම ද (ඒ කියන්නේ පුනරාගමනය), අලුතෙන් ඉපදුණු එකෙක් ද (පුනරුත්පත්තිය) කියා කොහොමද අපි දන්නේ?

    http://www.getridoffliesguide.com/how-long-do-flies-live/

  2. හප්පච්චේ මේ මොකද සිංගල බොලොග් අවකාසේට සිද්දවෙන්න යන්නේ, ටයිම් මැසිමේ දොර අරිලදෝ කොහෙද චුතවෙලා ගියවුන් පුනරාගමනය පටන් අරං, එහෙං මහසෝනා ඇවිත් සයිට් එක සුද්දබුද්ද කරනවා ලු, නිරුවත් ඩෙස්මොන්ඩ් ගොය්යත් ඒවිද?

  3. Ian Fernando says:

    රසිකගේ පෝස්ට් එකක් හරහා මේ අඩවියට ආ පලමුවෙනි අවස්ථාව. පරණ ඒවත් කියවන්නම්

  4. මග පෙන්නුවාට තැනක් යූ රසික.
    බලපු ගමන්ම තේරුනා නියම බ්ලොග් අඩවියක් බව.
    බ්ලොග් රෝල්ට දා ගත්තා. ඒ එක්කම මල්ලේ පොල් අයින් කරා.

  5. ආයෙමත් ලියමු ඉස්සර වගේ..

  6. raj1st80 says:

    එලකිරි!

  7. සාදරයෙන් නැවත පිලිගනිමි මිස්ට හෝ මිසිස් හෝ මිස් ඇටමැස්සා!!!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s