Kumar-Sangakkara-011

හිටපු ශ්‍රීලංකා ක්‍රිකට්  නායක වත්මන් ක්‍රීඩක  කුමාර් සංගක්කාරට විස්ඩන් සඟරාවට සම්මුඛ සාකච්චාවක් දීම මෙරට ක්‍රිකට් බලධරයන් විසින් තහනම් කර තිබේ.හේතුව  නොකිව්වත් සියල්ලෝම දනිති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුමක සිටින නිසා ඔහුට එම අණ පිලිපැදීමට සිදු වී තිබේ.

මාස කීපයකට කලින්  ලෝර්ඩ්ස් හිදි දේශනයක් කල කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව තුල  ක්‍රීඩාව දේශපාලනීකරණය වී තිබීම දැඩි ලෙස විවේචනයට ලක් කලේය. ඒ නිසා ඔහු මෙරට දේශප්‍රේමින්ගේ දැඩි වෛරයට භාජනය වූ අතර එතෙක් වීරයෙක් වී සිටි  සංගා   එක ‍රැයින් දේශද්‍රෝහියෙක්, පාවා දෙන්නෙක්  බවට පත් විය.

තත්වය එසේ තිබියදී 2011 වසරේ විස්ඩන් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ‍තෝරාගත්තේ සංගාය. වසරේ ක්‍රීඩකයා සමග කල සම්මුඛ සාකච්ඡාවක් පල කිරීම සාමාන්‍ය සිරිතයි.

අපේ ලොක්කන්  තම බලය යොදවා නතර කලේ එම සාකච්ඡාවයි.

එසේ කර ශ්‍රී ලංකාව කොතරම් ශිෂ්ඨ සම්පන්න, ශීලාචාර හා ප්‍රජාතන්ත්‍රවාදි රටක් ද යනුවෙන් ජාත්‍යන්තරයට නැවත වතාවක් පෙන්වා තිබේ.

 

 

Advertisements
Comments
  1. Raj says:

    කතාව ඇත්තනම් එය ශොචනීය තත්වයක්…දැන් ඔය මාධ්‍ය නිදහස ගැන පාරම් බාන උදවියට ඇයි නිදහසේ අදහස් ප්‍රකාශකිරිමේ වාරණය ගැන කතාකොරන්ඩ බැරි…හැමොම කාට හරි කඩේ යන එකනොවැ කොරන්නේ හේම්

  2. ලවා says:

    මම නම් කියන්නේ සංගට තිබ්නේ කතා කරන්න,ඔය වෑඩිම වුනොත් ටීම් එකන් අයින් කරයි,ඒත් එහෙම අයින් කරන්න හෑකියාවක් මන්ඩලේට නෑ,මේවෙද්දි දක්ශ ක්‍රීඩකයින් සියල්ලම පාහේ පාලක මන්ඩලය ගෑන උපරිම කල කිරිලා ඉන්නේ කියලා මටනම් හිතෙන්නේ,තව දුරටත් ක්‍රිකට් කියලා දෙයක් බලන්න ඉතිරි වෙලානෑ,

  3. Ravi says:

    මේක ප්‍රවෘත්තියක් නෙවෙයි බොලං ඇට මැස්සො….උදේට ඉර පායනව හවහට බැහැල යනව වගෙ සාමාන්‍යයෙන් වෙන දෙයක් මේ..ඔන්න සංගට ඔය සම්මුඛ සාකච්ඡාවට ඉඩ දුන්නනම් ඒක සුවිශේෂී ප්‍රවෘත්තියක්ම තමයි.

    කිරිකට් ආයතනයෙ පාලකයිංට තිබ්බෙ ඔහොම කොරන්ට නෙවෙයි නෙව…මේක දැං අර හත්පලේ ගාගත්ත වගෙ උනා නෙව…කොරන්ට තිබ්බෙ මෙන්න මෙහෙමයි. සාකච්ඡාවට ඉඩ දෙනව හැබැයි කොන්දේසි දෙකක් උඩ.

    1. විස්ඩන් එකෙන් අහන පුරස්න කලින් එවන්න ඕන.

    2. කිරිකැට් ආයතනයෙන් ලියල දෙන උත්තර තමයි සංගා එතන ගිහිල්ල කියවන්න ඕන.

    අන්න දැක්කද, රැවුලත් හරි කැඳත් හරි….ඔලුව ටිකක් තිබ්බ නම් ඔය ඕනම පුරස්නකින් සේප් වෙන එක නිකං මේ කජු කන්නා වගෙ…

    *******************************

    සංග මල්ලි, පොඩි අදහසක් විතරයි…ආය උඹට අලුතෙන් දිනාගන්ට දෙයක් නෑනෙ ක්‍රිකට් ලෝකෙ…. මොකෝ කියන්නෙ? ඔන්න ඔහෙ යන කැකිරි වත්තකිං පලච්චාවෙ කියල සම්මුක සාකච්චාවට ගියොත් මොකෝ මලේ…

    අනික් අතට හැබැයි මෙහෙම දෙයක් වෙන්ටත් බැයිද කියල මගෙ කම්පනාවට ආව පස්සෙදි.

    ඔය අපෙ කිරිකට් බලදාරීං ඇවිල්ල ලේසි පාසු උදවිය නෙවෙයි නෙව…ඇඟ පුරාම මොලේ…..මෙහෙම හිතුව වෙන්ට බැරිද එතුමාල..

    සංගට මේ අවුරුද්දෙ හම්බ උනානෙ විස්ඩන් වසරේ ක්‍රීඩකයා සම්මානෙ. ඒ එක්කම වාර්ෂිකව තෝරන විස්ඩන් ක්‍රීඩකයින් පස් දෙනාටත් සංගා තේරුනා. මේ ඒ සම්මාන දෙකම එකම ක්‍රීඩකයෙකිට ලැබුණු පලවෙනි අවස්තාව. ඒකත් වාර්තාවක්…මට හිතෙන්නෙ අපෙ පාලකයිංට හිතෙන්න ඇති සංගා වගේ සෙරේස්ට කිරීඩකයෙකුට එහෙම එක වාර්තාවකිං සෑහීමට පත් වෙන්ට දෙන්ට බැහැය, අපි තව වාර්තාවක් හදල දෙමුය සංගට කියල.

    ” විස්ඩන් වසරේ ක්‍රීඩකයා ලෙස නම් කල පසු විස්ඩන් සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වීම ප්‍රතික්ෂේප කල ප්‍රථම ක්‍රීඩකයා ” 😀 😀

  4. රාජ් says:

    සංග ද්‍රෝහියෙක් වෙන්න කලින් කට වැහුව! එච්චරයි.

  5. බන්ඩාර says:

    ඇත්තට මේ ඇටමැස්සගේ කට වහන්නැත්තෙ ඇයි දන්නැහැ. මං ජනාධිපතිනම් ඇටමැස්සගේ ඇට දෙක ගලවනවා. ඇත්තටම යකෝ මේකත් පුදුම ආණ්ඩුවක් ඇටමැස්සා මෙච්චර ආණ්ඩුවට විරුද්ධව ලියත්දිත් සද්ද නැතිව ඉන්නවා.

  6. Ranwala says:

    අම්මප මේ සංගා මලයත් දේශද්‍රෝහියෙක් වෙන්ට යන හැටි.පර සුද්දගේ විජාතික කුමන්ත්‍රණ වලට අහු වෙලා විස්දම් සඟරාවට ඉන්ටව් දෙන්න යන වෙලේ අපේ LAKE HOUSE පත්තරේකට ඉන්ටව් එකක් දුන්න නම් ඉවරනේ කැමතිම ග්‍රවුන්ඩ් එක සුරියවැව ,කැමතිම ක්‍රීඩකය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ ආරම්භක පන්දු යවන විමල් වීරවංස ක්‍රීඩකය, අනාගතයේ වෙන්න කැමති කෙනා දෑත් සවිමත් කරන්නට දේශප්‍රේමයෙන් ඔද වැදුණු සනත් ජයසුරිය මැතිතුමා වගේ ටිකක්.එහෙමත් නැත්නම් ITN දොරමඩලාවට ඇවිත් සූරියප්පෙරුම විද්වතත් එක්ක අද උදා වෙලා තියෙන cricket ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය සහ අපේ පුරාන රජ සමයේදී cricket ඉපදුන හැටි ගැන අපේ දුපත් වාසි තොත්ත බබාලට ලෙක්චර් එකක් දෙන්න තිබුන කොහෙද කා ගත්තනේ …..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s