ඇද බෝලයේ සෙල්ලම හා ඇදගෙන නෑම

Posted: April 24, 2012 in Uncategorized
Tags: ,

rugb225

පිලිපීනයේ පැවත්වෙන රගර් තරඟාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කල ජ්‍යෝෂ්ඨ ක්‍රීඩකයින්ට දේශද්‍රෝහින් යැයි බැණ අඬ ගසමින් පිටත්ව ගිය මහා දේශප්‍රේමියා ඇතුලු රගර් කණ්ඩායම ඉතා දුර්වල පිලිපීනය හමුවේ පරාජය ලබා ඇති බව වාර්තාවේ.

රාජපක්ෂ පන්නයේ දේශප්‍රේමයට ලංකාව ඇතුලේ මැච් දිනා ගත හැකි වූවත් රටෙන් පිටතදී එය වලංගු නැති බව ලඟ ලඟම දෙවැනි වතාවටත් ඔප්පු වී තිබේ. මුල් වතාවේ එය සිදු වූයේ ජීනිවා වලදීය.

මීට කලින් ටායිපේ හා සිංගප්පූරුව පරාජය කරමින් ජය ලබන විට බ්‍රේකින් නිව්ස් ලබා දුන් සිරස ඇතුලු දේශප්‍රේමි මාධ්‍යද ඇටි කෙහෙල් කෑ උගුඩුවන් මෙන්  සිටිති.

මේ ඊනියා දේශප්‍රේමින්ගේ හිස් බව හෙලිදරව් කරනු සඳහා දේශද්‍රෝහින් බවට පත් වූ රගර් ක්‍රීඩකයින්ට අපේ ආචාරය නැවතත්.!!

Advertisements
Comments
  1. රාජ් says:

    පොඩි ඇඩ්එකක් දාන්නං.මෙන්න රග්බි තරගය ගැන මගේ ලිපිය.

    //ලංකාව ඇතුලේ මැච් දිනා ගත හැකි වූවත්// ඇතුලෙ දිනන්නෙ කොහොමද කියලත් මම කිව්ව. එකම ප්‍රථිපලය ලංකාව අපකීර්තියට පත්වීම. චන්ඩිපාට් ලෝකෙට හරියන්නෙ නෑනෙ.

    • බන්ඩාර says:

      හා හා…. හොරේ.. උඹ රනිල්ගෙ ලොල්ලෙක් වගේ මට පේනනේ.

  2. somapala says:

    මීට කලින් ටායිපේ හා සිංගප්පූරුව පරාජය කරමින් ලංකාව ජය ලබන විට නිහඩව ඇටිකෙහෙල් කාපු උගුඩුවාමෙන් සිටි ඇට මැස්සා තරගයක් පැදුනු විට උඩ පනිමින් ආතල් ගනිමින් සිටී.

    • රාජ් says:

      අපි තායිපේ හා සිංගප්පූරුව පරාද කලේ මීට අවුරුදු ගානකට කලින්. එච්චර ඉස්සරහට ගිය කන්ඩායම තමයි මෙදා පිලිපීනයට පැරදුනේ. ‍නොදන්න මගුල් කතා නොකලනම් තමයි හොද. (ඔය කතාවම සිළුමින පත්තරෙත් තිබුන. මගේ ලින්ක්එකේ නං ඇති)

  3. ඇට මැස්සෝ අර දැක්කද ඊ නෙවුස් එකේ තිබ්බ PSD එකේ කපිතාන් කෙනෙක් රංගල නිධන් හරනකොට අල්ලන්න ගිහින් රංගල පොලිසියේ පස් දෙනෙකුගේ වැඩ තහනම් කරලා ,අන්න ඒ පස් දෙනාටත් අපේ ආචාරය හිමිවිය යුතුය් නේද ?

  4. Buwa says:

    // මුල් වතාවේ එය සිදු වූයේ ජීනිවා වලදීය.//

    ඇයි බන් ඊට කලින් පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය ගන්න ගිහින් නාගත්තේ

  5. නලින් ද සිල්වා says:

    රග්බි කියන්නෙ බටහිර සංස්කෘතික ආධිපත්‍ය නිසා ලංකාවට ආපු ක්‍රීඩාවක් විනා සිංහලබෞද්ධ ජාතික චින්තනය ඔස්සේ බිහිවුන ක්‍රීඩාවක් නොවේ. එබැවින්, මැච් එකක් පැරදුන එක ගැන ඒ හිටි හිතන්න දෙයක් නෑ..නමුත් මීට කලින් දිනපු මැච් ගැන කිසිවක් නොලියපු එකෙන් පෙනීයන්නෙ ඇටමැස්සාගෙ බටහිරගැති, අධිරාජ්‍යවාදී, දේශද්‍රෝහී ආකල්ප ඉස්මතු වී ඇතිබවයි.

    • Ranwala says:

      @nalin de silva…OYA KIYANNA EHENAM API MONA WAGE SPORTS DA ME RATE KARANNA ONA CHAKGUDU PORAPOL WAGE GAME DA….moda choon denna epa…any way namal ayyath MP’s la Minister’s lath ekka cricket gahala practise wena widiyata mahelatath langadima topiya set wei……katada adambara Rugby and cricket team dekata princela dennek lead karana kota….

      • අපූර්ව says:

        @ Ranwala

        අයියෝ අර නලින් ද සිල්වා නමින් ලියන කෙනා දාලා තියෙන්නේ උපහාසාත්මක වාක්‍යයක්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s