පොලිස් සහතිකයක් සහිත ඇමතිතුමා

Posted: April 23, 2012 in Uncategorized

ws_Girl_with_sword_1024x768

කෞතුකාගාරයේ සිදු වූ කඩු හොරකමට ගරු ඇමති රංජිත් සියඹලාපිටිය තුමා සම්බන්ධ නැතැයි පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ තුමා ප්‍රකාශ කර තිබේ.

කඩු හොරකම් කරන්නේ නැති එක ඇමති කෙනෙක් සිටින බව දැන් අපි  සහසුද්දෙටම දනිමු.

ඒ ගැන  අපි රෝහණ තුමාට ( මෙතනදී රෝහණ තුමා කිව්වේ අජිත් රෝහණ තුමාට මිස ජනරංජන රෝහණ තුමා ට නොවන බව කරුණාවෙන් සලකන්න)  ස්තූතිවන්ත වෙමු. ඇත්තටම අපිට හරි සතු‍ටුය.

දැන් අපිට පොඩි ප්‍රශ්න දෙකක් තිබේ . ඒ දෙකටත් රෝහණතුමා උත්තර දෙන්නේ නම් මැනවි. ( සුදු වෑන් ගෙදරට එවා උත්තර පෞද්ගලිකව දීමට අවශ්‍ය නොවන බව සලකන්න. මෙම බ්ලොගයේ කොමෙන්‍ටුවකින් උත්තර දීම ප්‍රමාණවත්ය.)

1. මේ කඩු හොරකම පිලිබඳ පරීක්ෂණ අහවරද?

2. එසේ නැත්නම් සියඹලාපිටිය තුමා සම්බන්ධ නැතැයි කීවේ කොහොමද?

3. පරීක්ෂණ අහවර නම්ද, සියඹලා තුමා නිර්දෝෂී නම්ද, ඇත්තටම හොරු කවුදැයි අපට කියනවාද?

Advertisements
Comments
  1. ලවා says:

    පුද්ගලයින් සුදු වෑන් සමග හෝ,කඩු කිනිසි කාසි,රෑ එලි වෙද්දි අතුරුදන් විය නොහෑක,මක්නිසාද යත් පදාර්තය මෑවීමට හෝ අතුරුදන් කිරීමට නොහෑක,මේක බේසික්ම නියායක් නේ…

    • gadfly says:

      ඇත්ත ,ඒවා අතුරුදන් වෙනවා නොවේ. වෙනත් ද්‍රව්‍යයක් බවට පත් වෙනවා.
      උදා- රන්කාසි රන් පොලු බවට

  2. Herath says:

    කඩු, රත්‍රන් පුටු, ඔටුනු, නිදන් සමග දේශපාලකින්. මෙය සමිකරනයක්නම් මෙය විසදිමෙන් ලැබෙන පිලිතුරනම් මොවුන් මෙම කෞතුක වස්තු හබා යන්නේ මුදල් සදහා නොව, මෙම කෞතුක වස්තූන් තමන්සතු කරගැනීමෙන් ලේබෙනවයි සිතන බලය හා බැදුණු වෙනත් වරදන නිසා බවය. නැකත්, හැදී හූනියම්, ග්‍රහලෝක , තිස්තුන් කෝටියක් දෙවිවරු සමහර විට විවිද යක්කු ආදී වින්ඥණ වාදී ප්‍රපංචයන් පසුපස යන පාලකින් භෞතික ක්‍රියාවලියන්ගේ සංකලනයක් වන දේශපාලනය කරන්නට යනවිට මෙවැනි විකාර රුපි නාටකයන් බලාපොරොත්තු විය යුතුය.

  3. tom and jerry says:

    පොඩි රෝහණතුමා කවුරුහරි ලියල දීපු දෙයක් ගිරව වගෙ කියවනවා. ඒ නිසා එතුමාගේ මොලේ තරම මනින්න ප්‍රකාස යොදා ගන්න එක හරි නෑ. ලොකු රෝහණතුමත් වැඩි වෙනසක් නැහැ.

  4. මේකෙ සිද්ධිය මේකයි මිත්‍රවරුනි.දිවයින පත්තරේ කිංබානට් තීරුවේ ඔය කඩු සොරකම කළේ “සියඹලාපිට්ටනිය” ඇමති කියල ඇඟවෙන විදියේ ලිපියක් පලවුණා.සියඹලා පිටිය ඇමතිතුමා ඒ අහක යන තොප්පිය ඔලුවට “දාගෙන මම නෙවෙයි හොරා, මම නෙවෙයි හොරා” කියල කෑගහන්න ගත්ත.පස්සේ තමයි පොලිස් ප්‍රකාශකතුමාත් මැදිහත් වෙන්න ඇත්තේ.

  5. mddd says:

    MAHA RAJAPAKSAGE APALETA OYA KADU MADI HANDA HAMUGURUWANWA WALAPALLATA YAWALA KADU HEWWA

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s