වී මිල හා බටහිර කුමන්ත්‍රණ

Posted: April 16, 2012 in Uncategorized

ravensඑක්කෝ උන්ට පිස්සුය. නැත්නම් මුන් කියන මේ තකතිරු මෝඩ කතා අහලා නිකම් ඉන්න අපිට පිස්සුය.

මුන් කට ඇරියොත් කියන්නේ කුමන්ත්‍රණයක් ගැනය. මුන්ට අනුව මේ රටේ සිද්ද වෙන හැම දෙයක්ම වෙන්නේ බටහිර ජාතින් කරන කුමන්ත්‍රණ නිසාය.

හම්බ වෙන පඩියෙන් ජීවත් වෙන්ට බැහැ කියලා කිව්වොත් ඒක බටහිර කුමන්ත්‍රණයක්ය. වැඩි පඩි ඉල්ලා ස්ට්‍රයික් කලොත් එහෙම ඒක ඉතින් බටහිර ආක්‍රමණයක් වගේය.

තෙල් මිල වැඩියි කිව්වම ඒකත් කුමන්ත්‍රණයක්ය. තමන් ජීවිත කාලයක් කඹුරලා හම්බ කරගත්ත අර්ථ සාධකේ සල්ලි වලින් බූරුවා ගහන්න එපා කිව්වම ඒකත් කුමන්ත්‍රණයක්ය.

මුන්ගේම ආණ්ඩුව මිනිස්සු පැහැරගෙන් ගිහින් මරන්න හදන කොට ඒකට විරුද්ධ වීමත් කුමන්ත්‍රණයක්ය. කොටින්ම කිව්වොත් මුන්ගේ ගෑනුන්ට ලමයි හම්බ වෙන්නෙත් බටහිර කුමන්ත්‍රණ නිසා කියලා මුන්ට ලඟදීම කියවෙනවා ඇත.

මේ විදියට ගත්තම මේ රටේ කිසිම දෙයක් කරන්ට බැරිය. හැම දෙයක්ම දේශප්‍රේමින්ට විරුද්දව කරන කුමන්ත්‍රණ බවට පත් වෙනවාය.

ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කල නිසා ඊට සමගාමිව හැම දේකම මිල ඉහල යන විට වී කිලෝ එකට ගෙවන සහතික මිලත් වැඩි කරන්න කියලා ගොවියෝ ඉල්ලුවෝය. ආණ්ඩුව ඒ ගැන සොයා බලන්ට කමි‍ටුවක් පත් කල අතර වී කිලෝවකට යන නිෂ්පාදන වියදම සලකා බැලූ එම කමි‍ටුව වී කිලෝවකට දැනට ගෙවන මිල රුපියල් පහකින් වැඩි කර රුපියල් තිස්පහක් ගෙවන්නට යැයි කිව්වෝය.

ලංකාවට විරුද්දව බටහිරයන් කොරන කුමන්ත්‍රණ ගැන හෙවීම තම රාජකාරිය කොරගෙන සිටින දේශප්‍රේමී, දේශහිතෛෂී, මහලේකම් ( මේ යකා බැන් කී මූන්ට විරුද්ද තමන්ගේ මහලේකම් කමට වඩා මූන් ගේ එක ලොකු නිසාය) දත් දොස්තර වසන්ත බණ්ඩාර තුමාට මේ ආරංචිය ලැබුණු  ගමන් කුමන්ත්‍රණ, කුමන්ත්‍රණ  කියමින් තප්පු ලන්ට පටන් ගෙන තිබේය.

ආන්ඩුවේ අයිති කාරයින්ටත් වඩා ආණ්ඩුවට කඩේ යන මේ ඊනියා දේශප්‍රේමින් ට අනුව වී මිල වැඩි කිරීමත් කුමන්ත්‍රණයක්ලු. ඒකෙන් වෙන්නේ හාල් මිල වැඩි වෙලා පාන් කන්ට මිනිස්සු හුරු වීමලු.කරන්ට ඕනෑ වී මිල වැඩි කිරීම නෙවේලු, දැනට තියෙන මිලට වී ටික විකුනන්ට දීමලු.

මේ උන්නැහෙලා බබා පාර්ට් දාන්නේ කාව රවට්ටන්නද?

ලංකාවේ හාල් මිල තීරණය කරන්නේ ඇමතිලා කුට්ටමකුයි, උන්ගේ මල්ලිලා සෙට් එකකුයි කියලා නොදන්නා එකෙක් මේ රටේ නැතිය. ඒක නිසා රටේ ජනතාවට පාන් නොකවා බත් කවන්ටම ඕනෑම නම්  දත් දොස්තර මහත්තයට කරන්ට තිබුනේ , වෙබ්  සයිට්වලට  කොහේවත් නැති කුමන්ත්‍රණ ගැන පල් හෑලි නොලියා නිපුන මුදලාලිටයි,අරලිය මුදලාලිගේ අයියටයි  කැබිනට් මීටිමේ දී කතා කරලා  හාල් මිල අඩු කරන්ට ඉල්ලන්ට  කියලා තමන්ගේ නායකයා වීරවංශට කියන්නය.

එහෙම නැතිව පාන් ගෙඩියේ මිල වැඩි කරන්ට ආණ්ඩුවට උපදෙස් දීල දුප්පත් මිනිස්සුන්ගේ බඩට ගහන්ට ලෑස්ති වෙන්ට එපාය. ඒවා සහගහන අපරාදය. මොකද කිව්වොත් නිවාස අමාත්‍යාංශේ උපදේශක කමින් ගන්නවා වගේ තඩි පඩි  නොලබන දුප්පත් මිනිස්සු එදා වේල ජීවත් වෙන්නේ පාන් කෑල්ලකින්, රොටී ගෙඩියකින් නිසාය.

සටහන- මේ ප්‍රවෘත්තිය උපුටා ගත්තේ උන්ගේම සීනිව්ස් වෙබ් අඩවියෙනි. මේක කොච්චර මඥඥං කතාවක්ද කිව්වොත් මේ වගේ කුමන්ත්‍රන කතාවලට වෙනදා උඩ පැන පැන හුරේ දාන එක කුක්කෙක්වත් අහල පහලකට ඇවිත් හිටියේ නැත.

 

 

 

 

Advertisements
Comments
  1. කුරුල්ලා says:

    මේවා අහල පණ පලයන් ලබන සුමානේ කිව්වලු

  2. maathalan says:

    එන්න සාමා අමර විමල් ඩලස් දී.මූ චම්පික
    අපි වවමු රට නගමු
    බත් කමු කඹ රෙමු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s