පාහර (ස්වර්ණ) වාහිනිය වර්ජනය කරමු

Posted: April 11, 2012 in Uncategorized
Tags:

PC-Boycott-03-300x212

ස්වර්ණවාහිනිය යනු පාහර වාහිනියක් බව අප මීට පෙර කිහිප වතාවක් ම කියා ඇත්තෙමු. ඒ ඔවුන් කරන ජඩ වැඩ නිසාය.
සෑම දිනකම මලමිනියක් විකුණා කා ජීවත් වන මේ පාහරවාහිනියේ ජඩ මාද්දිය කරුවෝ නුවර පලාතේ සිටින අමුම අමු හොර තක්කඩි පූසාරියෙක් සමග එක්ව අහිංසකයයින් රවටමින් රත්තරං ජාවාරමේ යෙදෙයි.

මේ සියලු පාහර වැඩ පරදන වැඩක් ඔවුන් ඊයේ රාත්‍රි ප්‍රවෘත්ති වලින් කලේය.

ඒ පාසල් සිසුවෙකු හරක් හොරෙකැයි කියමින් අමන මිනිසුන් පිරිසක් විසින් ගස් බැඳ තිබු ඒ යොවුන් සිසුවා රටටම ප්‍රදර්ශනය කිරීමය. මේ දරුවා ඇත්තටම හොරෙක්දැයි අප නොදනිමු. සමහර විටක ඔහුත් සමග ඇති අමනාපයකට ඔහු අල්ලා ග බැන්දා විය හැකිය. ඔහු නිර්දෝෂිද නැත්ද යන්න  තීරණය කල යුත්තේ උසාවියයි. එතෙක් ඔහු නිර්දෝෂී මිනිසෙකි. නීතියේ මේ අවම මූලධර්මය ගැන තුට්‍ටුවකට මායිම් නොකළ ස්වර්නවාහිනි ජඩමාද්දිය කරුවෝ ඔහු වරද කරුවෙකු කොට රටටම ප්‍රදර්ශනය කලේ එම සිසුවාගේ ආත්මයම විනාශ කරමිනි.

ලොකු ලොක්කන් බිලියන් ගනනින් ජාතික ධනය සොරා කද්දි ඒ ගැන වචනයක් වත් නොකියන මේ ස්වර්නවාහිනි කරුවෝ පාසැල් සිසුවෙකු අල්ලා ගෙන මහා වීරකමක් කලා මෙන් හැසිරෙති.

මෙය ජඩකමක් නොවේනම් අන් කුමක්ද?

මෙවන් ජඩකම් කරන මේ පාහරවාහිනිය මිනිස්කමට ගරු කරන සියලු දෙනා විසින් වර්ජනය කල යුතුය.

Advertisements
Comments
  1. ඇටමැස්සා හරි, lies@eight.

    • අම්බලමේ පිනා says:

      Lies Ageed Upon@8කිව්වොත් වැරදිද ජරයස්රි ?

  2. චින් says:

    ඒ යෝජනාවනම් ඉතාම වටින එකක්. අපි නම් දැනටමත් ඒ වැඩේ කරල තියෙන්නෙ

  3. vidasa says:

    පිත්තලවාහිණිය මළමිණී විකුණාගෙන ජීවත්වෙනවා, කුණුසිරස අනියම් සබඳකම් වල ආතල් එක පෙන්වමින් තරුණ පරම්පරාවට වැසිකිලි කල්චර් එක විකුණමින් ජීවත්ව් එනවා…..

  4. නාලක says:

    ඔය සේරම “ජරාවාහිනී” තියෙන්නේ UHF චැනල් පරාසයේ නේද? මම නම් මගේ UHF ඇන්ටනාව ගලවා දැම්මා. මට දැන් තියෙන්නේ VHF ඇන්ටනාවක් විතරයි. දැන් මට නරඹන්න පුළුවන් රජයේ රූපවාහිනී නාලිකාවයි, TNL නාලිකාවයි විතරයි. මේ දෙකෙන් එකක් ධන නම් අනිත් එක ඍණ. ඒ නිසා සමබරතාවත් රැකෙනවා කියලා හිතෙනවා.

  5. Harun says:

    Swarnavahiniye Keri Ballo Inne, Unge ammlata H-kawanna one

  6. W. සෝමරතන says:

    දැනට කාලෙකට ඉස්සර එච්.ඩී ප්‍රේමරත්න, හේමනලින් කරුණාරත්න, රොස්මන්ඩ් සේනාරත්න වගේ පිරිසක් ඉන්න කාලෙ ස්වර්නවාහිනී වැඩ සටහන් වල යම් ප්‍රමිතියක් තිබුනා. විශේෂයෙන්ම රොස්මන්ඩ් සේනාරත්න ප්‍රවෘත්ති අධ්‍යක්ශක ධූරයෙන් අස් උනාට පස්සෙ තමයි මාධ්‍ය සදාචාරයක් ගැන තැකීමක් නැතුව ගැලරිය පිනවන නිවුස් දාන්න ගත්තෙ. ග්‍රීස් යක්කු කියල සැක කරල අහිංසක මිනිස්සුන්ට ගහල මරපු සිද්ධි එහෙමත් මේ අය රස කර කර කිව්ව. මර්වින් සමෘධි නියාමකව ගස් බැන්ද එකත් මුන්දැල මහා වීර කමක් වගේනෙ පෙන්නුවෙ.

    වැඩේ කියන්නෙ මේ වගේ නිවුස් වලටත් ප්‍රිය කරන විශාල පිරිසක් ලංකාවෙ ඉන්න එකයි. මේ රටේ ජනමාධ්‍ය කාරයන්ටයි, දේශපාලකයන්ටයි වැඩිය සක්කිලි පිරිසක් තමයි මහජනතාව.

  7. සෝමපාල says:

    ඇට මැස්සටත් විමල්ගෙ ලෙඩේ බෝවෙලා වගේ. විමල් කිව්වෙ ගූගල් වර්ජනය කරන්න. ඇටමැස්සා …………..

  8. maathalan says:

    ඔය මූසල වාහීනිය තමයි වැඩියෙන්ම රට කන්නේ. මම නම් බලන්නෙම් නෑ. මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. කෝ මේ රටේ මානුෂික අයිතිවාසිකම් ගැන කතා කරන සංවිධාන සිවිල් පොරවල් නීති විශාරදවරු ඕවට ගේම් ඉල්ලන. උනුත් කරන්නේ සුදු පිරුවට ඇඳගෙන සෝමා අක්කත් එක්ක බැලුන් උස්සන් පාරේ යන එක.

  9. ආන්ත්‍රවය්!……….තව විනාඩි කිහිපයකින් සුනාමි අනතුරක් පිළිබද අවදානමක්

  10. අම්බලමේ පිනා says:

    කුමාර් ගුණරත්නම්ගේ ආගමනය ඔස්‌ටේ‍්‍රලියානු බලධාරීන් වසන් කිරීම
    April 11, 2012 at 11:02 am | Lanka C News.

    වාමාංශික නායකයකු හා කැරලි කණ්‌ඩායම් ප්‍රධානියකු පැහැර ගෙන යනු ලැබූ බවට පසුගිය සෙනසුරාදා සිට දෙස්‌ විදෙස්‌ මාධ්‍ය වලින් ප්‍රකාශයට පත් විය. ඔහු කුමාර් ගුණරත්නම් නමැත්තෙකි. එහෙත් කොළඹ ඔස්‌ටේ‍්‍රලියානු මහ කොමසාරිස්‌ කාර්යාලය නිහඬව සිටියේය. එහෙත් අතුරුදන් වී ඇත්තේ ඔස්‌ටේ‍්‍රලියානු ගමන් බලපත්‍ර අංක භ – 1016123 අයත් නොයෙල් මුදලිගේ නමැත්තකු යෑයි ඔස්‌ටේ‍්‍රලියානු බලධාරීහු ආරක්‍ෂක බලධාරීන් වෙත දැනුම් දෙනු ලැබීය.

    2011 සැප්තැම්බර් 7 මෙරටට පැමිණි නොයෙල් මුදලිගේ හෙවත් කුමාර් ගුණරත්නම් සම්බන්ධව සියලු තොරතුරු ඔස්‌ටේ්‍රලියානු බලධාරීහු දැන සිටි බව වාර්තා විය. ඔස්‌ටේ්‍රලියානු ඒ. බී. සී. රූපවාහිsනි සේවාව මේ සම්බන්ධව පැවසුවේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ සාමාජිකයකු විසින් කුමාර් ගුණරත්නම්ගේ ගමන් බලපත්‍රය කොළඹ ඔස්‌ටේ‍්‍රලියානු මහ කොමසාරිස්‌ කාර්යාලය වෙත භාර දුන් බවයි.

    මොහුගේ බිරිය වූ චම්පා සෝමරත්න පවා ඒ. බී. සී. රූපවාහිනි සේවාව අමතමින් තවදුරටත් කියා සිටියේ සිය සැමියා නම වෙනස්‌ කර ගත් බවත්, ඔස්‌ටේ්‍රලියානු පුරවැසි බව ලබා ගත් පසු එය සිදු වූ බවත් ය. සිය සැමියාගේ ගමන් බලපත්‍රය ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ කාර්යාලය වෙත ලබා දී ඇති බව ද ඇය සනාථ කළාය.

    ඒ. බී. සී. රූපවාහිනිය මෙම සිද්ධිය ගැන තොරතුරු හෙළි කිරීමට පෙර චම්පා සෝමරත්න නමැත්තිය ප්‍රංශ ඒ. එස්‌. පී. ප්‍රවෘත්ති සේවාවට ප්‍රකාශයක්‌ කරමින් සිය සැමියාව සන්නද්ධ පුද්ගලයන් විසිපස්‌දෙනකු විසින් කිරිබත්ගොඩ නිවසට පැමිණ පැහැරගෙන ගිය බව දක්‌වා ඇත.

    මගේ සැමියා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය දියත් කළේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම නිසා යෑයි ඇය තවදුරටත් පැහැදිලි කළාය.

    එහෙත් මේ කුමාර් ගුණරත්නම් කවුද?

    කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් මහත්තයා හෙවත් වන්නිනායක මුදියන්සේලාගේ දාස්‌කන් හෙවත් රත්නායක මුදියන්සේලාගේ දයාලාල් 1987 දී පල්ලෙකැලේ හමුදා කඳවුරට පහරදීමේ සිද්ධියට සම්බන්ධය. 1988 දෙසැම්බර් 13 වැනිදා ඔහු වැලිකඩ මැගසින් සිර කඳවුරෙන් පැන ගියේය. 2006 මැයි 30 වැනිදා ඔහු ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ කාර්යාලයට ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර සිය පවුලේ අය සමඟ ගොස්‌ දේශපාලන රැකවරණ ලැබූ බව හෙළිවිය.

    මේ අතර නොයෙල් මුදලිගේ හෙවත් කුමාර් ගුණරත්නම්ව ඔස්‌ටේ‍්‍රලියානු මාධ්‍ය විසින් හඳුන්වනු ලැබුවේ ඔස්‌ටේ‍්‍රලියානු පුරවැසියකු පැහැරගෙන ගිය බව දක්‌වමිනි.

    එසේම කුමාර් ගුණරත්නම් පැහැරගෙන ගිය බව දන්වන රංගනය ඔස්‌ටේ‍්‍රලියාවේ බෙන් ඩෙනර්ටි සහ චයිල්ස්‌ වෙල්ච් යන මාධ්‍යවේදීන් විසින් ඇසින් දුටුවාක්‌ මෙන් මෙලෙස දක්‌වා ඇත.

    පසුගිය සෙනසුරාදා එළිය වැටීමට පෙර නිල ඇඳුම් රහිතව ඔවුහු පැමිණියහ. ඔවුන් ප්‍රේමකුමාර් ගුණරත්නම්ගේ අසල්වැසියන්ට පැවසුවේ නිහඬව සිටින ලෙසයි. නිවසට කඩා වැදීමට පෙර ඔවුහු විදුලිය විසන්ධි කළහ. ගුණරත්නම් යනු ශ්‍රී ලංකාවේ අතිශයින් ම ප්‍රසිද්ධ වූ අයෙක්‌. 1989 දී ඔහුගේ සොයුරු රංජිත්ව එවකට පැවැති රජය විසින් ඝාතනය කෙරුණි. කුමාර් ගුණරත්නම්ව පැහැර ගෙන යැමට ලක්‌ වූයේ මන්ද යෑයි විමසූ විට ඔහුගේ බිරිය චම්පා සෝමරත්න පැවසුවේ ශ්‍රී ලංකාවේ නියම විරුද්ධ පක්‍ෂයක්‌ නැති බවත්, රජය විසින් සියලු විරුද්ධ පක්‍ෂ මර්දනය කර ඇති බවයි. මා මේ බව ඔස්‌ටේ්‍රලියානු විදේශ අමාත්‍යාංශයට දැනුම් දුන්නා. ඒ අනුව ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ රොබින් බුඩි විසින් ආරක්‍ෂක ලේකම් සමඟ සාකච්ඡාවක්‌ පවත්වනු ලැබුවා.

    කුමාර් ගුණරත්නම් හෙවත් නොයෙල් මුදලිගේගේ සිද්ධියෙන් සනාථ වන්නේ ඔහු ව්‍යාජ නමක්‌ භාවිතා කළ බවත් මෙරටට පැමිණි බවත් ය.

    මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් 2011 සැප්තැම්බර් 4 වැනිදා මෙහි පැමිණ වීසා බලපත් කාල සීමාව ඉක්‌මවා රෑඳී සිටීමයි.

    එහෙත් ඔස්‌ටේ‍්‍රලියානු මහ කොමසාරිස්‌වරයා නොයෙල් මුදලිගේ නමැත්තකු නැති වී ඇති බව රජයට දැනුම් දී නැත. එහෙත් ඒ. බී. සී. රූපවාහිනිය හෙළි කළේ පෙරටුගාමී පක්‍ෂයේ සාමාජිකයා මහ කොමසාරිස්‌ කාර්යාලයට නොයෙල් මුදලිගේ නමින් ගමන් බලපත්‍රයක්‌ ලබා දුන් බවය.

    කුමාර් ගුණරත්නම් සිද්ධිය සම්බන්ධව ආරක්‍ෂක අංශ වෙත චෝදනා එල්ල වූ අතර එය මෙරට මානව හිමිකම් ක්‍රියකාරීන්ට තව තවත් ඩොලර් ලබා ගැනීමට ඉවහල් වූ මාර්ගයක්‌ බවට පත්විය. මෙහිදී මතුවන ප්‍රධාන කරුණ නම් කටුනායක ගුවන් තොටුපළේ ආගමන හා විගමන අංශයේ පුද්ගලයන්ට ඡායාරූපගත කිරීමට ක්‍රමවේදයක්‌ නොතිබීමයි. දැන් ඒ සඳහා කැමරා පද්ධතියක්‌ සකස්‌ කෙරෙන බව ආගමන හා විගමන බලධාරීහු දන්වා ඇත. කෙසේ වෙතත් විදේශ රටවල පුරවැසිබව ලබාගත් පිරිස්‌ මෙරට දේශපාලන ප්‍රවාහයට එක්‌වන්නේ කුමකටද? 1971 කැරැල්ලේ නායකයකු වන ලයනල් බෝපගේ නමැත්තා ඔස්‌ ටේ‍්‍රලියාවේ පදිංචිකරුවෙකි. ඔහු ජනාධිපතිවරණ සමයේ මෙරටට පැමිණ දේශපාලන කටයුතුවලට සම්බන්ධ විය. මෑතකදී ඔස්‌ ටේ‍්‍රලියාවේ පැවැති ගෝලීය ද්‍රවිඩ සංසදයේ සමුළුවේදී එමානුවෙල් දේවගැති සමඟ සාකච්ඡා කළේ ද ලයනල් බෝපගේය.

    මේ අන්දමට ප්‍රංශයේ කොටි රැලියේ පිනුම් ගැසූ තැනැත්තෙක්‌ ද දැන් ශ්‍රී ලංකාවට පැමිණ විවිධ ප්‍රකාශ කරමින් සිටී. මොවුන්ගේ මේ ආගමනයේ පසුබිම කුමක්‌ද?

    ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය හා ඉන්දීය රෝ බුද්ධි සේවාව ඉතාමත් බරපතළ ලෙස මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී තිබේ.

    ඇමරිකානු හා ඉන්දීය ක්‍රමවේදයන්ගෙන් ඒ බව සනාථ වේ. එසේම ව්‍යාජ නම්වලින් විවිධ පාර්ශ්වයන්ට මෙරටට ඇතුළුවීමට ඉඩ ලැබී ඇති බව තවදුරටත් සනාථ වේ.

    මේ හැර ශ්‍රී ලංකාවට එරෙහි බටහිර බලවේග වෙත ඔස්‌ටේ්‍රලියාව ද එක්‌ වී සිටින බව අවබෝධ කර ගත යුතුය. මෙහිදී කුමාර් ගුණරත්නම් පැහැර ගෙන ගිය බවට රජය වෙත චෝදනා එල්ල විය. රජය ඊට නිසි ප්‍රතිචාර දැක්‌විය යුතුව තිබේ.

    මෙහිදී අතීතය විමසා බැලිය යුතුය. පසුගියදා කටුනායක බණ්‌ඩාරනායක ගුවන් තොටුපළේදී ප්‍රශ්න කිරීමට ලක්‌වූ චම්පා සෝමරත්න පැවසුවේ සිය සැමියා ගැන තොරතුරු දන්නේ නැතිs බවය.

    එහෙත් දැන් ඇය ඔස්‌ටේ්‍රලියානු රූපවාහිනියට පවසන්නේ සිය සැමියා ශ්‍රී ලංකාවේ සිටි බවයි. එසේම කුමාර් ගුණරත්නම්ගේ ගමන් බලපත්‍රය ද ඔහු ළඟ තිබී නැත. එය කොළඹ ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ කාර්යාලයට බාර දී ඇත්තේ පෙරටුගාමී පක්‍ෂයේ සාමාජිකයෙකි.

    මෙම තත්ත්වය මත මතුවන ප්‍රශ්නය නම් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා එල්ල වී ඇති අවස්‌ථාවක කුමාර් ගුණරත්නම්, දිමුතු ආටිගල පැහැර ගැනීම්වලට ලක්‌වූවා යයි දක්‌වමින් රජයට නැගෙන චෝදනාවයි.

    මහත්මා ගාන්ධිගේ පිළිරුව කඩා දැමීමේ සිට මෙවන් සිදුවීම් දක්‌වා පසුබිම විමර්ශනය කළහොත් ශ්‍රී ලංකාව අස්‌ථාවර කිරීමේ විෂම ක්‍රමවේදයක්‌ දියත් වන බව පැහැදිලිය.

    මේ අතර කුමාර් ගුණරත්නම් හෙවත් නොයෙල් මුදලිගේ ජීවත් වූයේ ධනපති රජයක්‌ වූ ඔස්‌ටේ්‍රලියාවෙයි. ධනපති රටක රැකවරණ ලැබූ ඔහු මෙරටට පැමිණියේ මානව හිමිකම් රැකීමට යෑයි බිරිය කියයි. එහෙත් මෙරටට මානව හිමිකම් ක්‍රියකාරීහු බුරුතු පිටින් සිටී. මේ නිසා ඔහුගේ අබිරහස්‌ ආගමනය පසුබිමේ පවතින ක්‍රමවේදය තේරුම් ගැනීම අපහසු නැත.

    මේ පැහැර ගැනීමට ලක්‌ වූ බව කියන ක්‍රියාදාමයේ සත්‍ය තොරතුරු හෙළි කිරීම රජයේ යුතුකමකි. නොඑසේ නම් සිදුවනුයේ මානව හිමිකම් එන්.ජී.ඕ.වලට තවදුරටත් සාවද්‍ය ප්‍රකාශ කිරීමට ඉඩ සැලසීමය.

    – කීර්ති වර්ණකුලසූරිය / Divaina

  11. වෙදරාල මාමා says:

    අපේ ජයසිරි ළමයය් මේ කීර්ති වර්ණකුලසූරිය මත්තයය් ලගම ඥාතීන් මයේ හිතේ !

    • ඔව්, ඒ විතරක් නොවේ වෙදරාල මාමේ ඔබත්, මේ බ්ලොගය ලියන ඇටමැස්සාත්, කියවන පාඨකයෝත්, කොකියවන අයත්, සියලුදෙනාම එකම මිනිස් පවුලක ලේ ඥාතීන්ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s