පැරණි රියදුරු බලපත් අහෝසියි.ජනතාව ගසා කෑම දිගටම .

Posted: April 3, 2012 in Uncategorized

රටේ ජාතික ධනය ජාතියේ පුත්‍රවරුන්ගේ කාර් රේස් පිස්සු සඳහා වියදම් කරන රාජපක්ෂ රෙජිමය මේ වන විට වැලේ වැල් නැතිව ගොස්  ජනතාව සූරා කෑම සඳහා අලුත් අලුත් ක්‍රම සොයමින් සිටිත්.

මේ මහත්හොරුන් විසින් ලඟදී හඳුන්වා දුන් රියදුරු අභිවෘධි ලකුණු ක්‍රමයත් එසේ ජනතාව ගසා කෑමට ඉද්‍රිරිපත් කල එකක් බව හෙලි දරව් වෙමින් තීබේ.

මොකො නොහොත් මොටර්  රථ ප්‍රවාහන කොමසාරිස් කියන පරිදි එමා ලකුණු ක්‍රමය පැරණි රියදුරු බලපත් සමග ක්‍රියාත්මක කල නොහැකිය. එය ක්‍රියාත්මක කල හැක්කේ නව ස්මාර්ට් රියදුරු බල පත්‍රය සමගය.

එම නිසා හතලිස් ලක්ෂයක් පමණ වන පැරණි බලපත් හිමියන්ට ලඟදීම අලුත් බලපත් ලබා ගැනීමට සිදු වන අතර ජාතියේ ලොකු පුතා , මද්දු පුතා හා බාල පුතාගේ කාර් රේස් පැදීම සඳහා අවශ්‍ය මුදල් ඒ මගින් සොයා ගැනීමට හැකි වනු ඇත.
සටහන-  මේ යන ආකාරයට ,මල පහ කිරීම , මූත්‍රා කිරීම පමණක් නොව හුස්ම ගැනීමද ආණ්ඩුවට බද්දක් නොගෙවා කිරීමට නොහැකි  කාලය අත ලඟම එනු පෙනේ.

Advertisements
Comments
  1. maathalan says:

    රටක් අයිශ්චර්යා බලන්න යනකොට එහෙම තමයි. ඉරිසියා කරන්න එපා. සල්ලි දීලා අළුත් එකක් අරගෙන සහයෝගයක් දෙන්න.. සල්ලි නැත්නම් අර යුරෝපෙට ණය දෙන සමිතියෙන් ණය ගන්න..

    • emailkavikaari says:

      ++++++ රටක් අයිශ්චර්යා බලන්න යනකොට එහෙම තමයි……….

  2. ලිට්ල් ජෝන් says:

    මේක මහා හෙනගහන ජරා පාලන ක්‍රමයක්.මම නුවර දැක්කා අර ආමි එකේ කොල්ලෝන්ගෙන් නාටාමිලාටත් වඩා ජරා විදිහට පාරෙදී වැලි මුට්ට අද්දවනවා.බේබිලාගේ කාර් රෙස්වලට දාන්න.

    • kafer says:

      හමුදා සොල්දාදුවන් කිසියම් වැඩක් කිරීමේ ඇති වරද කිම? දැන් සිවිල් යුද්ධය අවසන් නිසා ඔවුන්ගේ සේවාව වෙනත් කාර්යයන් සඳහා යෙදවීමේ ඇති වරද කිම?
      මගේ මතය නම් ඇල වේලි ප්‍රතිසංස්කරනය, වාරි මාර්ග ප්‍රති සංස්කරනය කිරීම වැනි කාර්යයන් සඳාහා හමුදා පිරිස් බලය භාවිතා කල යුතුය.

      • Buwa says:

        ඇල වේලි හැදුවට නම් කමක් නෑ , ඒත් අහවල් බබාලගේ රේස් වලට වැලි අද්දවනවා නම් ඒක බරපතල වැරැද්දක් !

      • නලින් ද සිල්වා says:

        කෆිරයො..රටක සංවර්ධනය පිණිස දායක වන, රටේ ජනතාවගේ ජීවිතය ගුණාත්මක කරන්නාවූ ඇල වේලි වැනි යටිතල පහසුකම් සංස්කරණය, පුතිසංස්කරණය කිරීම හා එක එකාගේ පෞද්ගලික දොලදුක් මුදුන්පත් කිරීම පිණිස වැලි ඇදීම යනු එකක් නොව දෙකක් බව මතක තියා ගන්න…

      • ;-( says:

        @Buwa

        `අද්දවනවා නම් නොවේ
        නුවර කාර් රේස් තැබූ දෙවතාවේම වැලි මලු දැමීම, නරඹන්නන් සඳහා ඉදිකල වේදිකා තැනීම ,ලයිට් එල්ලීම වැනි සියලු කටයුතු සිදුකලේ හමුදා භටයින්ය.

  3. රාජ් says:

    මුන්ට හෙනගහනව. කොහොම උනත් මේවායේ අවසානය භයානක වෙන්න පුළුවන්. අනික නිවෙන්න කිට්ටු පහන තමයි වැඩියෙන් දැල්වෙන්නෙ.

  4. HH says:

    boru bail.
    mama 1998 driving licenses eka gannakotath ‘munis points’ kiyala podi pothak dunna licenses ekath ekka.
    ona hatiye eeka paawichchi karannapuluwan aluth ewa nathuwa

  5. TimmBlog says:

    ela kiri blog ekak……mama bookmark karagaththa onna…..digatama liyanna.

    Thanks
    http://timmblog.info

  6. මෙහෙම හිතමු,ලංකාව කියන්නේ ගුවන් යානයක් ,මේකේ Pilot රන්ගොජා ,කොක් පිට් එක ඇතුලේ, ඒක මහජනයාට වහලා! සජින් වාස් ගල් කොල්ලා දී මූ ඇතුළු මැති ඇමති මණ්ඩලය තමා Ground ඉදන් Air Trafficමෙහෙයවන්නේ ,දැන් මේකේ ගමන අර ‘මාතලන්; කිව්වා වගේ ‘අය්ශ්චර්යා’ බලන්න යන්නේ ඈත දේශයකට!මහජනයා ගුවන් මගීන්! දැන් ගමනට අසුන්වල වාඩිවෙලා ඉන්නේ ! ගමන පටන් ගත්තේ 2005 දී !අපි හිතමු එක අව්රුද්දක් අපේ ගුවන් ගමනේදී එක පැයක් ලෙස!දැන් පැය7ක් අවසන්,අපි අනිවාර්යෙන් දන්නවා මේ ගමන අවසන්වෙන්නේ Crashඑකකින් කියල,පොඩි එකෙකුට උනත් ඒක තේරෙනවා !Everything is already SET for the Disaster!
    BRACE FOR IMPACT!

    • ඉස්සර නම් තිබිබේ එක පයිලට් කෙනෙකුට යානය පදවන්න උපරිම පැය12යි.
      ඒත් දැන් ඒ නීතියත් නෑ.පයිලට්ට පුලුවන් මැරෙනකන් ම යානය පදවන්න.
      මළාට අයිශ්චර්යා නම් පේන පාටක් නෑ

      • @පයිලට්ට පුලුවන් මැරෙනකන් ම යානය පදවන්න.

        හොද වෙලාවට ‘ඒරෝ ඩයනමික්ස් නිතිය යටතේ ඩිස් ඔරියන්ට් ගුවන් නියමුවෙකුට මැරෙනතෙක් එසේ සිටීමට බැහැ කියා කියවෙන නීතියක් තියනවා ,,
        Ground Air traffic control teamඑක ලෑන්ඩ් කරන්න ඓශ්වර්යා හරියට ඉන්නේ කොහෙද දන්නේ නැතුව අප්සෙට් යන නිසා ත් ,රන්ගොජා අමු ගොනා නිසාත් ලෑන්ඩ් කරන්න බැහැ ,හරියට යන යන එන මන් නැතුව කොහේ ලෑන්ඩ් කරත් ඒක Crash Landඑකක් වෙනවා !
        අහස උඩම යානය පදවමින් හිටියොත් ඉන්ධන ඉවරවී යානය දැවැන්ත ග්ලය්ඩර්යක් බවට පත්වී ටික කලක් පාවෙමින් ඉන්න පුළුවන් නමුත් මේවනවිට ගුරුත්වාකර්ෂණ ශක්තිය (G FORCE)ප්‍රබලවන නිසා අනිවාර්යෙන් යානය පොලවට කඩා වැටෙනවා !
        අපි නොදන්නා එකම දෙය නම් ඒ කවදාද යන්නත් ,අනතුරෙන් මිය යන සමස්ථ පුරවැසියන්ගේ ගණනත් පමණි!(දෙමලු නම් 50,000වඩා මරුන කියල මේවෙනකොට ලෝකයම දන්නවා )
        මේකේ හොදම පුදුමය BLACKBOXඑකත් අපිට දැන්මම පේනවා,Cockpit voice recoder එකත් අපිට ඇහෙනවා ,Flight Data Recoderඑකත් අපි ඉදිරියේ තියනවා ,නමුත් අපිට මේ අනතුර වලක්වා ගන්න පින නැහැ !Karma!

  7. අම්බලමේ පිනා says:

    ඇට මැස්සෝ ඔන්න Martin Niemöller ගිහින්ලු දයාන් ජයතිලක මුණගැහෙන්න නේද ?අපේ ජයශ්‍රී පුතාටත් ඕව හොද පාඩම් !

  8. අම්බලමේ පිනා says:

    වදුරෝ තෝ කට වහපිය ,ජයශ්‍රී උඹත් කට වහපන් ,මම තමා සියල්ල දත් මහා උගතා,ඒ නිසා මගේ ඇගේ වහන්න එන්න එපා ඇට මැස්සෝ එහෙම උනොත් චටස් ගාල පටාස් ගහනවා මැස්සෝ ඔක්කොම වදවෙලා යන්නම , වදුරා කියන ප්ලෛන් එකේ පය්ලටයා මිලකළ නොහැකි සේද රෙදි සරන් කොටයක් ගහගන තමා ඉන්නේ,ජොකා බටහිරට නිසා සරමට යටින් අමුඩේ තමා ගහගන ඉන්නේ ,වල්ලට හුලන් වදින්න සරම උස්සන් ඉස්සරහ කව්ළු වීදුරුව ඇරගන මේ පය්ලොටයා යන්නේ !විදුරු ඇරලා නිසා යකෝ ප්ලෛන් එක ඩී කොම්ප්‍රෙස් වෙලා දැන් මාස්ටේර් වොනින්ග් වදිනවා ,ගානට මතට තිත නිසා මහින්දයට මේවා තේරෙන්නේ නැහැ ,නැත්නම් තේරුම් ගන්න බැරි මිහරකෙක් වදුරා කියන්නහේ !මොනවා උනත් මමත් අයිස්වාර්යට කැමති තමා,හික් (මුණ සගවගනිමි ) !

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s