ආනන්ද මැන්දිස්ගේ නේස් නෝනාලාට

Posted: April 2, 2012 in Uncategorized

 

හැට පැන්නත් බිම නොයන්නේ වඳුරන්ය. හැබැයි වඳුරු වැඩ කරන  ආනන්ද මැන්දිස් කියන්නේ වඳුරෙක් නොවේය. මිනිහෙක්ය.  ඇත්තටම කිව්වොත් එක මිනිහෙක්ද නොවේය.මිනිස්සු දෙන්නෙක්ය.

එක්කෙනෙක් මූ. ආනන්දය. අනික් එක්කෙනා ඒ. මැන්දිස්ය. දෙන්නාම හැට පැනලාය.    මේ දෙන්නා දැන් එක්කෙනෙක් වගේ වෙලාය. ඒ තරමට ගජ මිතුරුය. එකිනෙකාට උදව් කර ගන්නවාය. හැබෑ අඹ යාලු කමක් ය.

මේ ආනන්ද කියන්නේ නේස් නෝනාලාගේ ලොක්කා උන්නාන්සේය.උන්නාන්සේ වටේ හැම තිස්සේම නේස් නෝනලා දහයක් පාලහක් ඉන්නවාය. ඒ මොකටද කියන්ට අපි දන්නේ නැත.

 මැන්දිස් කියන්නේ  ජනරාල කෙනෙක්ය. නිකම්ම ජනරාල නොව සවුක්කිය ජනරාලය.

දැන් මේ උන්නාන්සේත් ජනරාලුත්  එකතු වෙලා හොඳ හොඳ ගේම් දෙනවාය.උපකාරේට ප්‍රති උපකාර කරනවාය.

ජනරාලගේ හොර වැඩ මාට්‍ටු වෙලා කෙලවෙන්ටම ගියේය. ජනාදිපති විමර්සනෙනුත් ආවෝය. එතකොට අඹයාලු උන්නාසේ පැනලා ලොක්කාට කියලා යාලුවා බේරා ගත්තේය. ඒකට හිලව් වෙන්ට ජනරාල නේස් නෝනලාට අත දිග හැර සැලකුවේය.නේස් නෝනලා ඉල්ලන හැම දේම දෙන්නේය. ඒ සලකපු සැලකිල්ල උන්නාන්සේට කොච්චර හිතට අල්ලලා ගියාද කියනවා නම් මේ දවස් වල දවල් රෑ නැතිව උන්නාන්සේ ජනරාලට උදව් කරනවාය.

ජනරාලට හැට පැනලත් ගෙදර යන්ට හිතක් නැත. සවුක්කිය වගේ රස සාගරයක් දාලා කොහේ යන්නද? ඒ වැඩේටත් ජනරාලට උදව් කරන්නේ උන්නාන්සේය. ලොක්කා ලඟට එක්ක ගොහින් නියම සපෝර්ට් එකක් දුන්නේය. වැඩේ දැන් සීයට අනූවක්ම හරිය.

පහුගිය දවස් වල තිබුනු අතුරු වයිද්දිය කාරයින්ගේ   ස්ට්‍රයික් එකට දෙන්නාම එකතු වී බකට්   දැම්මෝය. ජනරාල නම් පරිපාලකයෙක්ය. බකට් දාන එක එයාගේ රස්සාවය. ඒත් වෘත්තීය සමීති නායකයෙක් වෙන උන්නාන්සේ ” මේ ස්ට්‍රයික් කොරන්ට හොඳ කාලයක් නොවේය” වගේ වඳුරු කතා කිය කිය ඇවිදින්නේ ජනරාලට සපෝර්ට් එකටත් , ලොකුම ලොක්කාට ඇති භක්තියත් නිසාය.

මේ වගේ වැඩට වෘත්තීය සමීති බාසාවෙන් කියන්නේ හොරි කඩ වැඩ කියලාය. හොරිකඩයෙක් මූලාසනේ තියාගෙන ඉන්න නේස්  නෝනලාට කියන්න තියෙන්න හොරි හදා ගන්නේ නැතිව පරිස්සමින් ඉන්න බලන්න කියලාය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s