පපර පපර පාං ….මෙන්න පොර

Posted: March 26, 2012 in Uncategorized
Tags:

නෝනා වරුනි, මහත්වරුනි

අප ඊයේ පැවැත්වූ ඒ මහා දේශප්‍රේමී තරඟයේ ප්‍රතිපල එලි දැක්වීමටයි මේ සූදානම.

ඔව් ඔබට මතක ඇති අප ඔබට කිව්වා, ජීනිවා නාඩගම හමාර වී වැලේ වැල් නැතිව සිටින අපේ ජනතාව සතියක කාලයකට අල්ලා තබා ගැනීම සඳහා ඉද්‍රිරිපත් කරන හොඳම දේශප්‍රේමි ටොපියට ඉතා වටිනා තෑගි දෙන බව.

ඔව් පිලිගන්න මෙන්න ජයග්‍රාහකයා, අප වෙත ඉදිරිපත් වූ සියයකට අධික යෝජනා අතරින් ජය ගන්නේ ,………………………

සතියකට නොව මාස තුනකට අධික කාලයක් දවසේ පැය 24 ම ක්‍රියාත්මක කල හැකි ඒ අසහාය යෝජනාව, රට පුරා තාප්ප වනසමින් උදේ රෑ නැතිව යකඩ කටෙන් සටන් කරමි න් , රූපවාහිනි, ගුවන් විදුලි, පත්තර තුලට පවා කා වදින  ඒ අසිරිමත්  යෝජනාව…………

පිලිගන්න මෙන්න  ජයග්‍රාහකයා, මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීමටම උපන් පුතයා…………….

පපර පපර පාං

විමල් පපර පෑන් වීරවංශ!!!!!!!!!!!!!!!!!

ඇමෙරිකන් භාණ්ඩ බොයිකොට් කිරීම  වැනි අදහස් ගෙන ආ  ඒ අභීත දේශප්‍රේමියා ඉදිරිපත් කල ඒ අසම සම යෝජනාව,

පිලිගන්න

” එල් එල් ආර් සී යෝජනා ක්‍රියාත්මක කරනවාද නැත්ද යන්න ජනමත විචාරණයකින් තීරණය කල යුතුයි”

පපර පපර පාං ….

සටහන– ඒ මහතාට තෑගි වශයෙන් ජිනීවා වල කවුදෝ අමතක කර ආ ඒ කලිසම් ජෝඩූ රාජයා හිමි වෙනවා ඇත.

 

Advertisements
Comments
  1. සජීව ධනුද්ධර says:

    //පිලිගන්න මෙන්න ජයග්‍රාහකයා, මෙවැනි යෝජනා ඉදිරිපත් කිරීමටම උපන් පුතයා…………….//

    අම්මපා ඔය යෝදයා ඔයවගේ යෝජනා ගේන්නම උපන් එකෙක්…
    කාටද ආඩම්බර???

  2. asitha says:

    විමලේ මොකෙද්ද අයියා…. මෙන්න නියම ඇමරිකන් විරෝධය
    දේශප්‍රේමී වයලට්….
    http://www.hurulla.com/2012/03/blog-post_26.html

  3. ඕක හරියන්නේ නැහැ.මේක බලන්න.
    http://sinhala-nazi.blogspot.com/2012/03/blog-post_27.html

  4. ජයවි says:

    ජාතික මඤ්ඤං ප්‍රකාෂක

  5. Rambo says:

    උඹට වෙන වැඩක් ඇත්තෙම නැද්ද මේ වගේ හාල්පාරුක්ලා ගැන ලියනවා ඇරෙන්න.

  6. රාජ් says:

    Top 10 දේශප්‍රේමී චාට් එකක් හදන්න බැරිද ඇටමැස්සෝ?
    එය සතියකට වරක් අප්ඩේට් කලයුතුයි. ඒ සදහා පසුගිය සතිය තුල එතුමන්ලාගෙ කියුම් කෙරුම් යොදාගන්න පුළුවන්. මේක අවුරුදු හයක් සිදුකලාම දේශප්‍රේමී ඡන්දටික කාටද දෙන්නෙ කියන නිගමනයට එන්න ඒ ඡන්ද දායකයට පහසුයි.

  7. Observer says:

    තම භාර්යාව KFC අවන්හලේ ඇමරිකන් ආහාර වේලක රස බලද්දී දේශප්‍රේමී සාගරයේ දිය බුං ගසමින් කිමිදෙන මේ සංගිලි විමල්ගේ ඉතිහාසය කියවීමට මෙතැනට යන්න:-
    http://www.thesundayleader.lk/archive/20080511/spotlight-1.htm

    එම වෙබ් පිටුවේ “Wimal Weerawansa: A Profile” යන කොටස කියවන්න.

  8. ka2e says:

    ඇමතිවරු හදපු එකම තමයි ක්‍රියාත්මක කරන්ඩ කියලා එදා තීන්දු වුණේ. එතකොට ලංකාවේ තීරණය ක්‍රියාත්මක කෙරුවත් එහෙ තීරණේ ක්‍රියාත්මක කෙරුවත් දෙකෙන්ම වෙන්නේ එකම ක්‍රියාව තමයි

  9. Ravi says:

    / ” එල් එල් ආර් සී යෝජනා ක්‍රියාත්මක කරනවාද නැත්ද යන්න ජනමත විචාරණයකින් තීරණය කල යුතුයි” /

    අඩේ විමලෙ කොලුවො…ඒ බාං ඇයි එතනිං නවත්තන්නෙ?…එක ජනමත විචාරනයක් ඇතෑ බොල මේ වගෙ අවුරුදු දෙදාස් කීයද්ද තිස්සෙ පැවත එන සබ්බියත්තෙ විනාස වෙන්ඩ තුඩු දෙන කාරනාවක් ගැන තීරණයක් ගන්ට..

    මොකද මෙහෙම ජනමත විචාරණ මාලාවක්ම තිබ්බොත්…..

    1. L. L. R. C. යෝජනා පිලිගන්නවද නැද්ද යන්න ගැන ජනමත විචාරණයක් තියනවද නැද්ද කියල ජහමනයාගෙන් විමසන ජන මත විචාරණය.

    2. පලවෙනි ජනමත විචාරණයෙන් බහුතරයක් ජනමත විචාරණයක් පැවැත්වීමට එකඟ වුනොත් එහෙම එකඟ උන එකට එකඟද කියල අහල ආයෙම තියනව ජනමත විචාරණයක්

    3. පලවෙනි ජනමත විචාරණයෙන් බහුතරයක් ජනමත විචාරණයක් පැවැත්වීමට එකඟ උනෙ නැත්නම් එහෙම එකඟ උනේ නැති එකට එකඟද කියල අහල ආයෙම තියනව ජනමත විචාරණයක්

    ඕං ඔහොම මේ වැඩේ ඇදගෙන ගිහෑකි බඩවැල වගෙ ඔන්නම් තව අවුරුදු දෙදාස් පංසීයක්…..හෙහ්, හෙහ්,

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s