ලොකු අය්යාත් පස්ස හරවයි

Posted: March 19, 2012 in Uncategorized

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලයට ඇමෙරිකාව විසින් ගෙන ඒමට නියමිත ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට ඉන්දියාවද සහය දැක්වීමට ඉඩ ඇතැයි එහි අගමැති මන් මෝහන් සිං මහතා කියා තිබේ. ඉන්දියාව ලංකාවේ ලොකු අය්යා යැයිද ඉන්දියාවේ සහය ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයිද පසු ගිය කාලය පුරාවටම රාජපාක්ෂික මාධ්‍ය පමණක් නොව ආණ්ඩූවේ ලොකු ලොක්කන්ද පවසමින් සිටියෝය.ඔවුන් රුසියාව හා චීනය ලඟට බලාපොරොත්තු තබාගෙන සිටියේ ඉන්දියාව ගැනය.

එහෙත් ඉන්දියාවේ ඇත්තේද ලංකාවේම බඳු ආණ්ඩුවකි. ඔවුන් කල්පනා කරන්නේද හැකි තාක් කල් බලයේ සිටින්නේ කෙසේද යන්නයි. එහිදී ඔවුන්ට ලංකාවට වඩා තමිල්නාඩුව වැදගත් වේ. තමිල්නාඩු ප්‍රාන්තයේ පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම එක හඬින් කරන ඉල්ලීමට පි‍ටු පෑමට එරට මධ්‍යම රජයට නොහැකිය.  ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිට තම බල පදනමට හානි කර ගැනීමට ඔවුන්ට  කිසිදු හේතුවක්ද නැත.

ඒ අනුව පෙනී යන්නේ  ඉදිරියේදී ඉන්දියන් බඩු ද වර්ජනය කිරීමට සිදු වන බවයි.

සටහන- මේ ආකාරයෙන් කරුණු කාරණා දිගටම සිදු වුවහොත් අපට අනාගතයේ භාවිතා කිරීමට සිදු වනු ඇත්තේ චීන බඩු පමණි.

සටහන 2 – අද සවස ඩොලරයේ අගය රුපියල් 130 කි.

Advertisements
Comments
  1. ජුලියස් සීසර් says:

    ඩොලර් එක ගණන් යන හැටියට ඉස්සරහට මොන උලව්වක්වත් වර්ජනේ කොරන්ට මහන්සි වෙන්ට ඕන වෙන එකක් නෑ මගෙ හිතේ…

  2. Buwa says:

    චිනේ හදන බස් වර්ගයක් ත්‍රිවිල් වර්ගයක් එහෙම දැන් තියාම ඕඩර් කරලා තිබුනා නම් හොඳයි

  3. maathalan says:

    බංගලාදේශයට පැරදිලා අපේ විරෝධය පෙන්වන්න පුළුවන්. එතකොට ඉන්දියාවට ආසියා කුසලානේ ගැනිලි බොරු..

  4. සූටිං says:

    දැන් මේකට නේද රට පුරා බෝධි පුජා, අධිෂ්ඨාන පුජා, එහෙම තිබ්බෙ ? මේ පුජා නිසා අපි දිනන්න ඕනෙ නේද ?
    ඔන්න අපි පැරදුනොත් එහෙම එදා ඉඳල මම බුද්ධාගමෙනුත් අයින් වෙනවා.

  5. Alchemiya says:

    චීන බඩු මරු…. පාවිච්චි කරන්න කරන්න සැප…. සද්දයත් මරු…

  6. Harsha says:

    මමනං ඕක තේරුන් අරන් ගොඩක් කල්. අපේ රටට තියෙන ලොකුම හෙනේ ඉන්දියාව ළඟ පිහිටා තිබීම.
    ඔය කාලකන්නි රටට ගියාම තමයි නියම මිහිපිට අපාය දැක්කේ. උන් කවදාවත් ලංකාවට ඉස්සරහට යන්න දෙන්නේ නෑ.
    අපේ රටේ ප්‍රශ්න වලින් 80% ක්ම ඇති කරන්නේ ඕකුන්.
    නොදකින් වල් හැත්ත…. උන් කවදාවත් වල පල්ලෙන් ගොඩ එන්නෙත් නෑ… අපිට එන්න දෙන්නෙත් නෑ…

    අපේ රටට ඔය කාලකන්නි රටෙන් ඈතට පාවෙලා යන්න තිබුනනම් අම්මපා මෙලහකටත් අපි Singapore වලටත් වඩා දියුණුයි….
    JR පප්පා විවුර්ත ආර්තිකේ ගේනකොට අමන ජෙප්පොයි මැටි ලංකා කාරයොයි අල්ලගෙන මුළු රටම පස්සට ඇද්දා…
    ඊට පස්සේ LTTE එක හදලා රටම අස්ථාවර කලා…
    ඔක්කොම electronic, hi tech production companies moved away to Singapore, Malaysia, Taiwan ect…
    අපේ හමුදාව LTTE එකේ මහ එකාවයි ඉතුරු උන කීප දෙනාවයි වඩමාරච්චි වලට කොටු කරලා පරද්දන්න ඔන්න මෙන්න තියෙද්දී පරිප්පු දාල උන්ව බේරගෙන ගියා …
    දැන් කරන්න තියෙන්නේ තෙල් ලින් ටික ඔක්කොම චීනේ ට රුසියාව ට දීල දාන එක.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s