කෞතුකාගාරය ගැන ඔත්තුවක්

Posted: March 18, 2012 in Uncategorized
Tags:

කොළඹ ජාතික කෞතුකාගාරය බිඳ පෞරාණික කඩු හා කාසි තොගයක් ඇතුළු කෞතුක භාණ්ඩ සොරකම් කළ  පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භකර ඇතැයි වාර්තාවේ.

  මෙම සිද්ධිය වූ ස්ථානයේ තිබූ  සලකුණු හා ජාන ලබා ගත් බවත් ඒ අනුව සොරුන් සොයා ගන්නට හැකි බවත්  පොලීසිය පවසයි. . එසේම කවුරුන් හෝ කඩු  හා පරණ කාසි අලෙවි කිරීමට උත්සහ තැත් කලොත්  ජාතික වගකීමක් සේ සලකා වහාම පොලිස් හදිසි ඇමතුම් අංක වලට දන්වන ලෙසද  පොලීසිය ඉල්ලා සිටියි.

ජාතික වගකීමක් ඇති ඇටමැස්සෙකු ලෙස මේ ගැන පොඩි ඔත්තුවක් දීමට අපිද කැමත්තෙමු.

ඒ මෙසේය.

ආරක්ෂක කැමරා වැඩ කලේදැයි කෞතුකාගාරයේ උසස් නිලධාරිනියෙකුගෙන් කෞතුකාගාරයට ගිය මාධ්‍යවේදින් ප්‍රශ්න කල විට ඇය ” වැඩ කලා වැඩ කලා” යනුවෙන් දෙසැරයක්ම කියා සිටි අතර එහි සිටි පොලිස් නිලධාරියෙකු එම කැමරා දර්ශන ගැන පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත් අඩංගුවට ගන්නා බවද  පැවසීය.

නමුත් ඉන්පසු කෞතුකාගාරයට පැමිණි ජාතික උරුමයන් පිලිබඳ ඇමති ආචාර්ය ජගත් බාලසූරිය පවසා සිටියේ මේ මස 15 දින සිටකැමරා ක්‍රියා විරහිතව තිබූ බවයි.

කොහොමද ඔත්තුව.

සටහන- අප කියන දෙය තේරෙන්නේ නැත්නම් බේකර් වීදියට ගොස් ෂර්ලොක් හොල්ම්ස්  හමු වී තේරුම් කර ගන්න.

 

Advertisements
Comments
  1. Thoppiya says:

    ඇට මැස්සො, අපි උඹල හිතනවට වඩා ඒ අය මොළකාරයෝ ගොයියෝ. දැන් ඉතින් ජිනීවා වලදි එයාලට කෙලවල ඉවරයි. ඇමරිකන් කාරයා යෝජනාව ගෙනෙන්ට ඉස්සර වෙලා කඩුව හොයා ගත්තනේ. ආය කොගෙ වට්ටන්නද ? ඔන්න ඔය ලියන එක නවත්තල උල් පිහියක් හොයාගන බඩ කපාගන බේරේ වැවට පැනපං
    අර පද්ද, ජය ශ්‍රී, අමනසේකර එහෙම කොහෙද දන්නෑ නේද ?

  2. tom and jerry says:

    දුටු ගැමුණු රජතුමාගෙ කඩුව ඔය අතර තියෙන්න නැතුව ඇති මයෙ හිතේ…

  3. වැටත් නියරත් ගොයම් කා නම් – කාට පවසමි ඒ අමාරුව !

  4. Thoppiya says:

    ලංකාවේ පොලිසියේ උන්ට ඕක කවදාවත් හොගන්න බෑ. හොයාගත්තොත් ඉතිං පාරේ ගංජ සුරුට්ටුවක්වත් ගහල වැනී වැනී යන එකෙක් අලලල ඌට කටපාඩම් කරවල තමයි. නරකද මෙන් මෙතෙන්ට ගියොත් http://www.gossip9.com/2012/03/blog-post_5070.html

  5. ජාතික කෞතුකාගාරයේ කැමරා වැඩ කිරීම ගැන කිව්වේ උසස් නිලධාරිනියක් නෙමෙයි ඉන්න උසස්ම නිලධාරීනි එහෙමත් නැත්නම් ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂතුමීම තමා ඒ ගැන කිව්වේ 🙂

    @tom and jerry

    මට මතක විදිහට නම් එච්චර පරණ කඩු ජාතික කෞතුකාගාරයේ නැහැ. පරණම කඩු දෙකක් නම් තිබ්බා කෝට්ටේ යුගයේ හිටපු 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කියලා විශ්වාස කරන.

    හොරු අරන් ගියා කියලා කිව්වේ නම් මහනුවර යුගයට අයිති කඩු 6 ක්ලු

    -Hasitha

  6. වන්නියෙන් මංකොල්ලකන කෝටි ප්‍රෝකෝටි රත්ත්‍රන් ඇතුළු ධනස්කන්ධයට මොකද උනේ ?දැයට කිරුල කියල උඩින් එකක් පෙන්වද්දී යටින් කරේ නිධන් මංකොල්ල මෙහෙයුමක් කියා තම ගම් වැසියන් කියන්නේ.කතරගමින් ලැබුනේ මිලකළ නොහැකි මැණික් ගලක් නොව මැණික් නිධියක්!බැසිල් කිව්වේ ඇත්ත,යුරෝපෙටත් ණය දෙන්න පුළුවන් තමා!

    • “වන්නියෙන් මංකොල්ලකන කෝටි ප්‍රෝකෝටි රත්ත්‍රන් ඇතුළු ධනස්කන්ධයට මොකද උනේ ?” – වන්නියේ අලුතින් පිහිටුවන ලද රාජ්‍ය හා පුද්ගලික බැංකු ශාකා වල ඒවායේ අයිතිකරුවනගේ නමින් සුරක්ශිතව ඇත.(ටිකක් විපරං කරල බලන්න)

      • koongodawickramapaala says:

        ළමයෝ උඹ මොනවද දන්නේ,පොඩ්ඩක් හොයල බලපල්ලා ශවේන්ද්‍ර ගේ වත්කම් ගැන එහෙම!

      • @වන්නියේ අලුතින් පිහිටුවන ලද රාජ්‍ය හා පුද්ගලික බැංකු ශාකා වල ඒවායේ අයිතිකරුවනගේ නමින් සුරක්ශිතව ඇත.(ටිකක් විපරං කරල බලන්න)

        ඝාතනය කළා යැය් සැලකෙන රයප්පුගේ පියතුමා පෙන්වාදුන් ජන සංක්‍යවල නොමැති 150,000 වැඩි ජනයාගේත් ඒවාත් ඒ ගිණුම් වල තියනවද ?

  7. සූටිං says:

    මේ කතාව 77 ට ඉස්සර වෙච්ච දෙයක්. එතකොට මම හිටියේ පුලස්තිපුර.
    ආන්ඩුවට සෙත් පතල එලිවෙනකම් පිරිත් කිවුව. සංවිධානය කලේ රජයේ නිලධාරීන් සමග ප්‍රාදේශීය දේශපාලූවා. සිරිමා ත් ආවා.
    මහ ජනතාව සහ පොලිසිය, ආරක්ෂක අංශ සියල්ල ගේ අවධානය අර සෙත් පතල කරපු පිරිත් සංදර්ශණයට යොමු කරල, සංවිධාකයයො කළේ එයිට කි. මි. 3 ක් විතර එහායින් තිබ්බ ලොකු නිධානයක් හාරන එක. ආරංචි වල හැටියට, එදා රන් ඔටුන්නක් හම්බ වෙලා තියනවා. ඒ විතරක් නෙමෙයි. ඔය කියන කඩුවත් තිබිල තියෙන්නෙ ඔතන.
    මේකට මුල් උන එකා කසිප්පු මුදලාලි කෙනෙක්. දැන් මිනිහට බාර් ගොඩක් තියනව. දවසට තුන් පාරක් හේවිසි (රෙකෝඩ් කරපු) දාල දාන මාන කරන්න රත්තරං බුදු පිළිම වගයක් තියනවා. වතාවත් නියම වෙලාවට වෙනවා. ප්‍රාදේශීය රජවරු සියල්ල මිනිහට යටයි. හැබැයි, මිනිහ තමන්ගෙ මුල් බිස්නස් එක , ඒකිවුවෙ කසිප්පු පෙරිල්ල තවමත් ඒකියන්නේ අවුරුදු 35 ක් ජයටම කරගන යනවා. මිනිසු කියන හැටියට, ජාතිවාදි දුෂ්ඨ ගාමිණී ගේ කඩුව තියෙන්නේ මිනිහ ගාව.
    ඒ මතය ඇත්ත වෙන්න පුලුවන්. මොකද අවුරුදු 35 ක කාලයක් තිස්සේ ඒ පලාතෙ, වට්ටන්න බැර! එකම මිනිහ ඒ මිනිහ විතරයි. මිනිහට විරුද්දව වචනයක් කතා කළොත්, උට සොරිම තමයි. ඒ මිනිහ මොනවත් කරන්න ඕනෙ නැහැ. අඩු තරමේ ගෙදර පලහිලවුවක් වෙලා, උන් මකබෑවෙනවා.
    මම කියන එක බොරු කියල ඕනැනම් හොයල බලන්න.

    • koongodawickramapaala says:

      නුවර වටේ යන මහවැලි ගගේ වැලි තියෙද්දී නුවර වැවේ වතුර හින්දුවේ වැලි ගන්නම කියලද හිතන්නේ,රාජසිංහ රජතුමාගේ වැවේ හංගල තිබ්බ ජාතික නිධානය
      තමා කැන්ඩි නයිට් රේස් පෙන්නලා ගොඩ දැම්මේ.

  8. maathalan says:

    පුලතිසිපුර පැත්තේ ඉන්න කසිප්පු කාරයන්ට දෙයියන්ගේම පිහිටයි

  9. Shan says:

    Whatever anybody tries, never forget there is a God above watching everything. When the time comes, even the most powerful leader has to go. Look at history – that happened to all those dictators, even Hitler who dreamt of a thousand year Reich!

  10. දුකා says:

    අනේ ඉතින් එකම එක ජාතික කෞතුකාගාරේ රකින්න බැරි ආන්ඩුවක් . . මහා ජනතාවක් කොහොම රකින්නැයි අප්පේ . ..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s