රනිල්,සිරිකොත හා න්‍යෂ්ඨික බෝම්බ

Posted: March 14, 2012 in Uncategorized

ශ්‍රී ලංකාව න්‍යෂ්ඨික බලවතෙක් බවට පත්ව තිබේ. . ලෝකේට කොච්චර හංගන්න හැදුවත් න්‍යෂ්ඨික බලය නම් හංගන්න බැරිය. ඉරානයටත් උතුරු කොරියාවටත් එය හැංගීමට බැරි විය. මොන විදියකින් හෝ හෙලි විය. ලංකාවේදී  එය හෙලි වූයේ  දේශපාලකයින් කිහිප දෙනෙක් පසුගිය දිනවල හැසුරුණු අන්දම නිසාය.

වහෙන් ඔරෝ අවශ්‍ය නැත. කතාව මේකය.

එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොතට පහුගිය දා පිරිසක් කඩා පැන මහත් කල බලයක්  කර පහර දී ගොඩනැගිල්ලට අලාභ කලෝය.

පක්ෂ නායක රනිල් මැති තුමා එම කලබලය නිසා සිදූ වූ අලාභ හානි  අලුත් වැඩියා කර ගැනීමට ආධාර ඉල්ලමින් රට වටේ යයි.ඇත්තටම එතුමාට යන යන තැන් වලින් හොඳ ආධාර ප්‍රමාණයක්ද ලැබේය.

තාමත් එම ආධාර එකතුව  නවත්වන පාටක්ද නැත. ඒ කියන්නේ , තවම සිරිකොත අලුත්වැඩියාවට අවශ්‍ය ප්‍රමාණයට  ආධාර ලැබී නැති බවයි.  ඒ කියන්නේ  සිරිකොතට  බරපතල  හානි  සිදුව  ඇති  බවයි.

රනිල් මැතිඳා පසුගිය කාලයේ එකතු කරගත් ආධාර ප්‍රමාණයේ හැටියට  එයත්   මදි වන තරමේ හානියක් වන්නට නම්  අඩුම තරමේ න්‍යෂ්ඨික බෝම්බ ප්‍රහාරයක් වත් විය යුතුය.

ඒ කියන්නේ ලංකාවේ න්‍යෂ්ඨික ආයුධ තිබේ.

මෙදා පොටේ ඇමෙරිකාවට ලේසි වෙන්නේ නැත.

සටහන- බටහිරයන් ලංකාවට මෙච්චර පහර දෙන්නේ මොකද කියලා දැන් තේරෙනවද?

 

Advertisements
Comments
  1. ranjith says:

    වී මිල ඉහළ දැමීමේ උද්ඝෝෂණ පිටුපස තිරිඟු පිටි සමාගම්…?

    ගොවීන් නොමඟ යෑවීමක්‌ බවට තොරතුරු හෙළිවෙයි

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    ගොවීන් නොමඟ යවමින් වී මිල ඉහළ දමා සහල් පරිභෝජනය අඩු මට්‌ටමක තබා ගැනීමේ කූට උත්සාහයක තිරිඟු පිටි නිෂ්පාදනය කරන සමාගම් යෙදී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකු ඊයේ (13 දා) “දිවයින” ට තොරතුරු හෙළි කළේය.

    වී මිල ඉහළ දැමීම සඳහා රජය පියවර ගත යුතු බවට ඇතැම් පිsරිස්‌ කරනු ලබන උද්ඝෝෂණ පිටුපස මේ තිරිඟු පිටි සමාගම් සිටින බවද හෙතෙම අවධාරණය කළේය.

    මෙය එම තිරිඟු පිටි ව්‍යාපාරිකයන්ගේ සටකපට ප්‍රයෝගයක්‌ මිස වී මිල ඉහළ දැමීමේ සැබෑ ප්‍රායෝගික අවශ්‍යතාවක්‌ නොවන බවද ඔවුන් හදන්නේ වී මිල ඉහළ දමා පාන්පිටි වැඩිපුර පරිභෝජනය කිරීමට යොමු කිරීම බවද ඔහු කියා සිටියේය.

    සහල් මිල ගණන් ඉහළ ගිය විට වැඩි පිරිසක්‌ තිරිඟු පිටි ආහාරයට ගැනීමෙන් තිරිඟු පිටි සමාගම්වල ලාභය උපරිම වන බවද ඔහු කියයි.

    රජය විසින් රුපියල් 350/} ක සහන මිලකට ගොවීන්ට පොහොර ලබාදීම නිසා වී කිලෝවක නිෂ්පාදන මිල සෑහෙන පමණ පහළ වැටී තිබේ. දිවයිනේ සියලුම දිස්‌ත්‍රික්‌කවල දිසාපතිවරුන්ට වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 2,000 ක්‌ මහා භාණ්‌ඩාගාරය විසින් මේ වන විට ලබාදී ඇති අතර මෙම කටයුත්ත සඳහා වී අලෙවි මණ්‌ඩලයටද රුපියල් මිලියන 1,000 ක්‌ ලබාදී ඇත. මීට අමතරව රාජ්‍ය බැංකු වන මහජන බැංකුව හා ලංකා බැංකුවද වී මිලදී ගැනීමේ කටයුතුවලට මුදල් සපයනු ලබයි. දිවයිනේ සමස්‌ත වී නිෂ්පාදනයට විශාල ප්‍රමාණයක දායකත්වයක්‌ ලබාදෙන පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ වී අස්‌වනු නෙලීම මේ වන විට ආරම්භ වූවා පමණක්‌ බැවින් මිලදී ගැනීමට නොහැකි තරම් අතිරික්‌ත වී නිෂ්පාදනයක්‌ තවමත් වෙළෙඳපොළට එකතු වී නොමැති බවද හෙතෙම තවදුරටත් “දිවයින” ට කීවේය.
    please tel this

  2. Ravi says:

    රනිල්ට මදෑ ඕක…හිඟන්නගෙ තුවාලෙ වගෙ ඕක කිය කිය රට වටේ යයි ඊලඟ චන්දෙ එනකල්….

    අඬාගෙන ” අනේ බලන්න අපෙ මූලස්තානෙට මේ අසමජ්ජාතියො කොරපු විනාසෙ….මගෙ පපුව උහුලන්නෙ නෑ, මට වාවන්නෙ නෑ ” කිය කිය හොටු පිහ පිහ අඬනකොට පාක්සිකයොන්ට උනත් අහන්ට ආපු එව්ව අමතක වෙලා ” අනේ අපොයි ඇත්ත නෙවෙන්නම් ” කියල අකම්පාල වෙලා අතේ තියන කීයක් හරිත් රනිල්ටම දීල කියනව ඇති ” අනේ අඬන්ට එපා, ගරු නායක තුමා….. මේ රුපියල් දහයත් අරගෙන විජහට ඔය කොත හදාගන්ට…චන්ද දිනන්ට ඕන නෑ රට වටේ ගිහිල්ල අඬා වැලපිල හරි කොත හදා ගත්තොත් මදෑ ” කියල. 🙂

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s