පටිසෝතගාමි ඇනිවසරේ

Posted: March 10, 2012 in රංචාගොඩ ළමයා
Tags: ,

විකිණෙන්නේ නැති පත්තරේ
මාර්කට් කරන්නට
ගත්තා විසිපහ ඇනිවසරේ
අයියෝ අයිවන් අයිඅයියෝ

පැමිණි උන්ගේ ඇට මිරිකා
යුෂ අරගෙන සම්බල් හදලා
සෙකියුරිටි චෙක්ඩ් ලේබල් ගහලා
පටිසෝතගාමි අයිවන් අයිඅයියෝ

-රංචාගොඩ ළමයා-

Advertisements
Comments
  1. maathalan says:

    වික්ටර් ඇයිවන්ට පිස්සු කියන්නේ. එතනට ඇවීල්ලා හැරිලා ගියපු උන්ටත් මැද පිටුවෙන් පාර දිලා. බලාගෙන ගියාම මෙයා තරම් පොරක් නෑනේ. මහින්ද ආපු දවසෙ ඉඳන් කඩේ යනවා. මෙයත් අයිති වෙන්නේ, කඩේ යන පිරිසටම තමයි. පත්තරේ විකීනීම කෙසේ වෙතත්. ගත්ත උනුත් ගන්නේ නෑ.

  2. Herath says:

    අයිවන්ගේ marketing strategy ය වෙනස්. ආණ්ඩුවේ මජර (අයිවන්ගේ වචනයකි) ක්රමයට එරෙහි මුත්, පැවැත්ම උදෙසා ආණ්ඩුව සමග සම්පත වන්නන්ගේ හෟද සාක්ෂිය බේරා ගැනීමට theory අයිවන් සපයය්. ක්රමයට එරෙහි හන්සිපුටු විප්ලව වාදීන් විමලනාත් වීරරත්න චුන් කරය්. ජනරංජන උන්ව උඩදමය්. ටිරාන් කුමාර පට්ටම රැඩිකල් වාදීන්ට බොක්කටම ලියය්. මිට අමතරව නහුතයක් එකී මෙකි නොකී ලියන්නෝ! ඔබේ සැප අපේ පැතුමය්! all in one !! එදා කලේ පොඩි මානසික අතල් එකක් ගැනීමක්. සෙල්ල්ස් වලට ලොකු බලපෑමක් නැ මගේ හිතේ

  3. coz says:

    එල්ටීටීඊයට එරෙහිව කැරෙන යුද්ධය ඔවුන්ගේ කෝපයට හේතුවී තිබුුණද යුද්ධයෙන් එල්ටීටීඊය පරාජය වනු ඇතැ යි ඔවුහු විශ්වාස නොකළෝය. යුද්ධය එල්ටීටීඊයේ අවාසියට හේතුවන ලෙස ඉදිරියට ඇදෙමින් තිබුණු අවස්ථාවේදී පවා අශ්වාරෝහක බලඇණියක හදිසි ප‍්‍රහාරයක් බඳු ආශ්චර්යමත් සිදුවීමක් නිසා යුද්ධයේ ගමන් මග මුළුමනින් වෙනස්වනු ඇතැ යි විශ්වාස කළෝය.

    යුද කාලයේදී එක්සත් ජාතික පක්ෂයද ආණ්ඩුව පෙරළන ව්‍යාපෘතියක් ක‍්‍රියාවට නගා තිබුණි. යුද්ධයෙන් ආණ්ඩුව අනාගනු ඇතැ යිද, ඒ නිසා ජාත්‍යන්තර මැදිහත්වීමක් ඇතිවීමද නොවැළැක්විය හැකිවනු ඇතැයි යන විශ්වාසයේ පිහිටා එම පක්ෂය ආණ්ඩු බලය අල්ලා ගැනීමේ වැඩසටහනකට යොමුවී තිබුණි. එය ආණ්ඩුවේ කෝපයට හේතුවී එවැනි දෙයක් කිරීමට තිබෙන හැකියාව නැති කරනු පිණිස එජාපයේ මන්ත‍්‍රීන් විශාල පිරිසක් ආණ්ඩු පක්ෂයට එකතු කරගැනීම සඳහා ආණ්ඩුව ක‍්‍රියා කළේය. මෙම තත්ත්වය ආණ්ඩුව හා ප‍්‍රධාන විරුද්ධ පක්ෂය අතර තිබුණු ගැටුම උග‍්‍ර කිරීමට හේතුවිය. ජනවර්ග අර්බුදය මුල් කොටගෙන දැඩි යුද විරෝධී ප‍්‍රතිපත්තියකට තල්ලූ වී සිටි මෙම උගත්තු පිරිසද දැන හෝ නොදැන එජාප ක‍්‍රියාවට නගා තිබුණු ආණ්ඩු පෙරළන වැඩසටහනේ ආධාරකරුවන් බවට පත්ව සිටියෝය. යුද බිමෙන් අසන්නට ලැබුණු උද්වේගකර සිද්ධීන් නිසා පමණක් නොව, තමන් ජීවත්වන අගනුවර සිදුවූ උද්වේගකර සිද්ධීන් නිසාද රාජ්‍ය නායකයා හා ඔහුගේ ආණ්ඩුව කෙරෙහි ඔවුන් ඇති කරගෙන තිබුණු කෝපය හා වෛරය තවදුරටත් තීව‍්‍ර කළෝය. කොතරම් බරපතළ ලෙස යුද විරෝධී ප‍්‍රතිපත්තියක පිහිටා ප‍්‍රසිද්ධ විවේචනවල යෙදුණද ඔවුන් වෙත මරණ තර්ජන එල්ලවීමක් සිදුනොවූවද කොයි මොහොතක හෝ තමන්ටද එසේ සිදුවනු ඇතැ යි සිතීම නිසා ඔවුන්ට ජීවත්වන්නට සිදුවී තිබුණේ මවාගත් ජීවිත බියකින් යුතුවය. එම විශේෂ තත්ත්වයද ඔවුන්ගේ කෝපය හා වෛරය තීව‍්‍ර කිරීමට හේතුවී තිබුණි. අවසානයේ ඔවුන්ගේ සියලූ ඉගැන්වීම් හා විශ්වාසයන්ට පටහැනිව, නැවත ගරිල්ලා සටන් ක‍්‍රියාමාර්ගයකට පවා මාරුවීමට ඉඩක් නොලැබෙන පරිදි, එල්ටීටීඊ ව්‍යාපාරය පරාජය කරන ලදි. එය ඔවුන්ට දැනුණේ පිටස්තර වෙනත් කෙනකු පරාජය කිරීමක් ලෙස නොව තමන් පරාජය කිරීමක් ලෙසය. තමන්ගේ ආත්මය කැබලි කොට මරා දැමීමක් වශයෙනි. එතැන් සිට ඔවුන්ට, සිදුවන හැම දෙයක්ම පෙනෙන්නට වූයේ නරකටය.

    යුද්ධයක් ඇතිවිට එම යුද්ධයට දේශපේ‍්‍රමී පෙනුමක් ලබාදීම ශ‍්‍රී ලංකාවට පමණක් ආවේණික විශේෂ ලක්ෂණයක් නොව යුද්ධයක් කැරෙන ඕනෑම රටක සාමාන්‍යයෙන් සිදුවන දෙයක් ලෙස සැලකිය හැකිය. ඒ දේ ස්ටැලින් පමණක් නොව ලෙනින්ද කළේය. බාහිර හෝ අභ්‍යන්තරික වශයෙන් සිදුවන තීරණාත්මක යුද්ධයක් රාජ්‍යයේ පැවැත්මට එල්ල වන තීරණාත්මක අභියෝගයක් ලෙස සලකා ක‍්‍රියාකරන්නට සිදුවන්නේය. එවැනි අවස්ථාවකදී ජනතාව ඒකමතික තත්ත්වයක තබාගැනීමට ඕනෑම පාලකයකු දේශපේ‍්‍රමය ආයුධයක් කොටගන්නේය.

    යුද්ධයකින් ලබන ජයග‍්‍රහණයකින් පසුව ජනතාව සිය ප‍්‍රීතිය පළකිරීමද ලංකාවට පමණක් ආවේණික විශේෂ තත්ත්වයක් ලෙස සැලකිය නොහැක. බින් ලාඩන් ඝාතනය කැරුණු අවස්ථාවේදී ඇමරිකන් ජනතාවද ප‍්‍රීතිය පළකිරීමට වීදි බැස්සෝය.

    මෙම උගතුන් පිරිස ප‍්‍රකෘති සිහියෙන් යුතුව ක‍්‍රියාකරන තත්ත්වයක නොසිටීම නිසා ඔවුන්ට රටේ සිදුවන හැමදයෙක්ම පෙනුණේ නරකටය. මහජනතාව ප‍්‍රභාකරන් මරා දැමූ අවස්ථාවේදී ප‍්‍රබෝධය පළ කළේ ඔහු දෙමළ වීම නිසා නොව ඔහු මහජනයා දීර්ඝ කාලයක් තිස්සේ ත‍්‍රාසයට පත් කර තිබුණු ඔවුන්ට මරණ බිය ගෙනදීමට හේතුවී තිබුණු සාහසික පුද්ගලයකු වීම නිසාය. මේ පිරිස විපතට පත් දෙමළ ජනතාවට අදාළව සිදුකැරෙන දේවල් දැක්කේද වෛරය මුල් කොටගත් ආකල්පයකිනි. ඒ නිසා ඔවුන්ට හැමදෙයක්ම පෙනුණේ නරකටය. කැරෙන කිසිම හොඳ දෙයක් පවා හොඳ දෙයක් ලෙස නොපෙනුණේය. 2010 ජනාධිපතිවරණයේදී විරුද්ධ පක්ෂය ඉදිරිපත් කළ පොදු අපේක්ෂකයා පළමු මොහොතේ ඔවුන් තුළ බිරාන්තියක් ඇති කිරීමට හේතු වුවද ඊළඟ මොහොතේ හිත හදාගනිමින් තමන් පරාජය කළ ජනාධිපතිවරයා පරාජය කිරීමට තෝරාගත හැකි හොඳම අපේක්ෂකයා ජෙනරාල් සරත් ෆොන්සේකා ලෙස සලකා ඔහු පිළිබඳව තිබුණු සියලූ මතභේද අතහැර ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් උපරිම මට්ටමෙන් දායක වන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළෝය. එහෙත් ඒ සටනින්ද ඔවුන් පැරදුණි. ලැබූ එම පරාජය ඔවුන්ගේ අන්දමන්දභාවය තවදුරටත් තීව‍්‍ර කිරීමට හේතුවීයැ යි කිව හැකිය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s