ලෝක කාන්තා දිනය හා කාන්තා විමුක්තිය

Posted: March 8, 2012 in Uncategorized
Tags: , , , ,

අද ලෝක කාන්තා දිනයයි. වසරකට වරක් එන මේ දිනයේදී කාන්තා අයිතීන් ගැනත් කාන්තා විමුක්තිය ගැනත්, බොහෝ දේ ,සුපුරුදු පරිදි කියවෙනු ඇත.

කාන්තාවන් කෙතරම් ශ්‍රේෂ්ඨද යන්නත් , ඔවුන් කෙතරම් දුක් විඳිනවාද යන්නත් අපට කියාදෙන්නට ,එම කාන්තාවන් තමන්ගේ බලයෙන්ම පෙලන දේශපාලකයිනුත් ,එම කාන්තාවන්ගේ දුක්ඛ දෝමනස්සයන් විකුණා ජීවත් වෙන ඊනියා සිවිල් සමාජ ක්‍රියාකාරිනුත් පෝලිමේ එන දවස අදයි..

එහෙත් ශ්‍රී ලංකාවේ අපට කාන්තාවන්ගේ දුක් ගැන හෝ ඔවුන්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන හෝ ඉගෙන ගන්නට වෙනම දවස් අවශ්‍ය නැත.

උදේ අවදි වූ මොහොතේ පටන් රාත්‍රී නින්දට යන තෙක් අපි දකින්නේ එයයි. අපි හඟින්නේ එයයි.එහෙත් අප එය නොසලකා හරිමු. නොදු‍ටුවාක් මෙන් සිටිමු. එසේ නම් මේ එක දිනක පමණක් කරන බොරුව කුමක්ද?

එතරම් නොසැලකිල්ලකට ලක් කරනු ලැබූවත් ,ලංකාවේ ආර්ථිකය සහමුලින්ම ‍රැඳී ඇත්තේ කාන්තාවන් මතය

රටේ ලොකුම විදේශ විනිමය උල්පත මැදපෙරදිග වහල් ශ්‍රමය වගුරවන නූගත් පීඩිත ගැමි කාන්තාවන්ය. ඔවුන්ට සේවය කරන්නේ ඉතාමත් අසතු‍ටුදායක හා අනාරක්ෂිත තත්වයන් තුලය. කිසිම නීතිමය හෝ රාජ්‍යතාන්ත්‍රික පිළිසරණක් ඔවුන්ට නැත. කෲර හාම්පුතුන්ගේ වධ බන්දනයන්ට ලක්ව අංග විකල වූ හෝ මරා දැමුණු කාන්තාවන් ගණන කෙතෙක් දැයි කිව නොහැක.

මැදපෙරදිග දුක් විඳින කතුන් මෙන්ම ලංකාවේ ලොකුම අපනයන භාණ්ඩය වන නිමි ඇඳුම් කර්මාන්තයේද ගාමක බලවේගය කාන්තාවන්ය. ශ්‍රමය පමණක් නොව ලිංගිකවද සූරා කැවෙන මේ කම්කරු කතුන්ගේ ජීවිතද එකම ඛේදවාචකයකි. ඉතාමත් අඩු වැ‍ටුපට ,කිසිම කම්කරු නීතියකට යටත් නොවන නිදහස් වෙලඳ කලාප තුල  වැඩ කරන ඔවුන්ගේ  තරුණ විය දිය කර හරිති. පසු ගියදා රජය විසින් ව්‍යාජ විශ්‍රාම වැ‍ටුප් යෝජනාවක් ගෙනවුත් , අර්ථසාධක අරමුදල් කොල්ල කෑමට තැත් කලේ එසේ දුක් විඳින ඔවුන්ගේය.

කලක් රටේ ලොකුම අපනයන භාණ්ඩයව තිබූ තේ කර්මාන්තයෙද ප්‍රධාන භූමිකාව ඉ‍ටු කරන්නේ කාන්තාවන්ය. ඉතා අඩු දෛනික වැ‍ටුපකට මාසයකට දින කිහිපයක් පමණක් වැඩ ලැබෙන  බහුතරයක් දෙමල ජාතිකයන් වන මේ කතුන් , ඉතාමත් අඩු පහසුකම් ඇති, මිහිපිට අපායන් බඳු ලැයිම් කාමර තුල මන්දපෝෂණයෙන් පෙලෙන තම පවුල් සමග ජීවත් වෙති.

ලංකාවේ ආර්ථිකයෙන් වැඩි කොටසක වගකීම කරට ගෙන සිටින කාන්තාවන් මුහුණ පා සිටින තත්වය එයයි.  ඒ අනුව පෙනී යන්නේ මාර්තු අට වෙනිදා පමණක් නොව වසරේ සෑම දිනක්ම කාන්තා දින ලෙස නම් කලත් මෙම දුක් විඳින කතුන්ට නම් ඉන් පලක් නැති බවයි.

 

 

Advertisements
Comments
  1. indika27 says:

    ලංකාවේ කාන්තාවන්ට යම් තැනක් තියෙනවා නේද අනික් රටවල් එක්ක බැලුහම..

    • ඇත්තටම ඔව්

    • Amila says:

      මොනවද ඔය අනික් රටවල්: මුස්ලිම් රටවල් අතහරියකළ, දකුණු ආසියාවේ අනික් රටවලවත් (ඉන්දියාවේ සමහර ප්‍රදේශවලත්) ඇති නිදහසවත් ලංකාවේ නැත. ලංකාවේ හවස 7 න පස්සේ ගනුන්ට තනියම එලියට බැහැල යන්න බැරිය. බස් එකක යන්න බැරිය. තනියම පොදු වැසිකිලියකට යන්න බැරිය, ජනෙල් හිල්වලින් බලන්නන් ගෙන් කරදරය. ගෙදරක තනියම රෑට ඉන්න බැරිය. ගනු බෝඩිමක ඉන්නේ කවු කොයි මොහෙතේ ජනේල්ලෙන් එබෙයි ද කියා බයේය.

      සරල උදාහරණ පෙන්වනවානම්, තායි ලන්තයේ ගනු පිරිමි කියා බේදයක් නැතිව ඕනි වෙලාවක තනියම් නොදන්නා රියදුරෙක් ඉන්න TAXI එකක ගෙදරටම ය හැක. බස් එකක රෑට ය හැක. තම කැමති ඇදුමක් අඩිය හැක.

      ලංකාවේ ගනුන්ට බයන් ජිවත් වීමට සිදුව ඇත.

      • රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන,අධිකරණ ආදියෙහි මුල් පුටු හොබවන කාණ්තාවන් විශාල ගණනක් සිටිති.ඒ ඒ ස්ථාන වලට යාමට කාණ්තාවක් වීම භාදාවක් වී නැත.(සමීක්ෂණයක් කර බලන්න)

        • kevin perera says:

          හැබැයි ජය සිරි ලෝකෙන් උතුම් රටේ කාන්තාවකට බස් එකක යාමටවත් බැරිය. ජැක් ගහනව. ආ මට අමතක උනානේ ජය සිරි මහත්තයෝ සුද්දො අපේ රටවලට ඇවිත් ඔය කැත වැඩ අපේ එවුන්ට උගන්නල නරක් කරල ගියානේ..නේද

          • සිංහලයා ජාතියක් වශයෙන් ශිෂ්ඨය.මත් පැන් නොබොති.ගවමස් නොකති.ඔවුනු කතාකරන භාෂාව ද ඔවුන් සේම මටසිලුටුය – රො‍බට් නොක්ස්, එදා හෙළදිව
            (ඒ මුලුමනින්ම සුදු අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට නතු වීමට පෙර අප රට විදේශිකයෙක් දුටු අයුරුයි.)

            ප.ලි. කෙවින් හමත්මයා, ඔබ මගේ නම වැරදියට ලියන්නේ සිංහල යතුරු පුවරුව නුපුරුදු නිසාද නැත්නම් වෙනත් හේතුවක් නිසාද?

            • ඉන්ද්‍රජිත් says:

              නොක්ස් තවත් දේවල් සිංහලය ගැන කියල තියෙනවා. පොත අතේ නැති නිසා එකින් එක පෙන්වන්න මේ මොහොතේ අමාරුයි, ඒත් සිංහලයා ගැන වරින් වර ඔයවගේ දේවල් කීවට සමස්තයක් හැටියට ඔවුන් බෝධිසත්වයන් ලෙස නොක්ස් තියා මොනම මැදහත් නිරීක්ෂකයෙක් වත් කියල නැහැ. අනෙක අපේ සමාජයේ ගැහැනියකට ජැක් පාර නොකා බස් එකක යන්න බැරිව තියෙද්දී අවුරුදු දෙතුන් සීයකට පෙර මොකා මොනවා කීවත් වැඩක් වේවිද? පුළුවන් නම් ඔබේ වැඩිවියපත් සොයුරියකට නොක්ස් ගේ පොත අතට දීල මහරගම ඉඳන් නුගේගොඩට බස් එකක හිටගෙන යවලා බලන්න. ඔයාට පොත ඉරන්න හිතේවි…

            • Ravi says:

              මට මතක විදිහට ජයශ්‍රී නොක්ස් මෙහෙමත් කිව්ව,

              ” සිංහලයා බොරු කීමට කිසිදු බියක් හෝ ලැජ්ජාවක් නැත. කුමන හෝ බොරුවක් පවසා ගැලවී ඒම ඔවුන් සලකන්නේ ආඩම්බරයට කරුනක් ලෙසයශ්‍රී නොක්ස්ය. ”

              අපරාදෙ කියන්න බෑ. විදෙශිකයන්ට සිංහලයගෙ මේ ගතිගුනේ නම් වෙනස් කරන්ට බැරිඋනා ශතවර්ෂ එකහමාරක් රට යටත් කරගෙන ඉඳලත්,අපෙ ලොක්කන්ගෙ ඉඳල පාතට බලාගෙන යනකොට බහුතරයක් අදත් මෙහෙමයිනෙ.

      • indika27 says:

        ලංකාවේ ගෑනු බයෙන් ඉන්නටද හරි ආසාය..ඉතින් අපි මක්කා කරම්ද…
        ඕක සමාජයෙ කේස් එකක් මිස ගෑනුන්ට විතරක් තියෙන කේස් එකක් නෙමෙ..
        ඇහැට කණට පේන කොල්ලෙක්ටවත් රෑට බස් එකක යන්නත් බෑ..පොඩි ලමයෙක් ගෙදර දාල යන්න බෑ
        එහෙම නැතුව ගෑනුන්ට කියල ලොකු සුවිෂේෂ සමාජය මගින් නියම කරන ලද බැරියර් නැති තරම්…
        එක අතකින් ඕවට විසඳුම් කාන්තාවන් ලගම තියෙන් ඕනි..
        මොන කේස් තිබුනත් රෑට බස්වල යන කාන්තාවො ඉන්නවා..

  2. maathalan says:

    හුටා මම මේ ලිපියක් ලියන්න උන්නේ.. ගෑණුන්ගෙන් කන රටක් කියලා.. පස්සේ කාලෙක දානවා..

  3. praveena says:

    ඇත්ත කතාවක්.

  4. අනේ ඉන්ද්‍රජිත්, මමත් බස්වල තමයි ගමන් කරන්නේ.ඔය කියන තරම් බහුල ලෙස ඔය වැඩේ සිද්ධ වෙන්නේ නෑ.(කාණ්තාව දෙස සමහරු වෙනත් මානයකින් පහත් විදියට බලනව කියල ඔබ කියනව නම් මම ඊට එකඟයි.-ඒත් ඒ ජනගහණයෙන් සීමිත කුඩා කොටසක්)

    නොක්ස් උපුටා දැක්වූයේ කෙවින් උපහාසයට කියූ දේ ඇත්ත බව පෙන්වීමටයි.

    • kevin perera says:

      ජයශ්‍රී ගේ ජාතිමාමකත්වය සමග මගේ ගැටලුවක් නැත. සියලු පරමාදර්ශ විනාශ වී යන යුගයක දේශානුරාගය හෝ ඉතිරිව තිබීම හොඳ දෙයකි ගැටලුව ඇත්තේ අන්ධ භක්තියක් ලෙස ඔලු තුල පමනක් ඉතිරිව ඇති ජාතියේ සාරය මහ පාරේ නොමැති බව පිලි නොගැනීමයි. ජාතිය ගොඩනැගිය යුත්තේ ඔලු තුල නොව මහපාරේ සමාජය තුල බව ඉතා ඉක්මනින් අවබෝධ කර ගත්තේ නැත්නම් ඔය මාරයි කියන සමාජය හෙට අනිද්දා ජය ශ්‍රී ලාගේ ම ශිර්ෂකය සුන් කර දමනු ඇත.

  5. කෙවින්,ඉන්ද්‍රජිත් හා රවි ට පොදු පිළිතුරකි,
    අපේ සමාජය පරම පවිත්‍ර, ආදර්ශවත්, සුදෝම සුදු සමාජයක් නොවේ.නමුත් ඔබ ඔය අතිශයෝක්තියෙන් දක්වන තරම් දූෂිත මඩ ගොහොරුවක් ද නොවේ.ගනනින් කිව නොහැකි තරම් විශාල වාර ගණනක් මම ‍පොදු ප්‍රවාහණ සේවාවල (අධික තදබදයක් පවතින විට) ගමන්කොට ඇත්තෙමි.නමුත් ඔබ කියනා අතවරයන්ට කතුන් ලක්වනු දුටු අවස්ථාවක් සිහියට නගාගැනීම අසීරුය.එවන් විකෘති මානසික තත්වන් ඇති අය සමාජයේ දුලබ බව මගේ අත්දැකීමයි.

    • kevin perera says:

      ජයසිරි මෙය දූෂිත මඩ ගොහොරුවක් නොවේ ගූ ගොඩකටත් වඩා අන්ත තැනකි ඔබගේ මානසික රෝගය නම් ඔලුව තුලින් මවාගත් හොඳ සිංහල බෞද්ධ ලෝකය මහපාරේත් ඇතැයි යන සිහින ෆැන්ටසි ලෝකයක ජීවත් වීමයි.ත. මට දැන් වයස 42 කි මා ඇමරිකාවට යනවිට වයස 30 කි ලංකාවේ අවුරුදු තිහක් ජීවත් වී මෙහි වසර 12 සිටින මට ලංකාව හා ඔබලාගේ රෝගී ඔලුවල පමණක් සිටින ලංකාවේ සුන්දර ගෝත්‍රික සමාජය හා ශිෂ්ට සම්පන්න සමාජයන් සැසදීමට ඔබගේ මනෝ ව්‍යාධියේ සහය හෝ අතිශෝක්තිය අවශ්‍ය නැත. අත්දැකීමෙන්ම දනිමි. ඔබට අමතක වුනාට මා උසස් පෙල කරන සමයේ අපේම ගැමි සුන්දර තරුණයන් 60000ක් පාරවල් වල එකිනෙකා මරා මස් පුච්චාගත් හැටි අදටත් මතකය.(ජේ වි පී එකේ සහ හමුදාවේ හිටියේ ඇමරිකන් කාර්යො නොවෙයි සුන්දර ගැමි දහම් පාසල් ගිය තරුණයෝ) ඔබට මා අත්විදින සත්‍ය තේරුම් ගන්නට නොහැකි වීම ඔබේ කරුමයකි මා කවදාවත් ඔය මිනී කන්නන් ගේ දේශයේ ජීවත් වෙන්න අදහසක් නැත. මා ලංකාවේ ජීවත් වූ වසර තිහක ජීවිත කාලය තුල මා ඉපදුන රටේ මගේම ජාතියේ පොලිස් කාරයන් හා ආමි කාරයන් අනන්ත වාරයක් මා ගමන් කරන බස් රථවලින් බස්සවා හැඳුනුම් පත පරීක්ෂා කර ඇත. පැය 24 පුරා වසර 12 නිව්යෝක් නගරයේ කරක් ගහන මගෙන් අදවන තුරු නිව් යොර්ක් පොලිස් කාරයෙකු නුඹ කවුද, ආවේ කොහෙන්ද කියා අසා නැත. පාරවල් වල තුවක්කු අරන් හමුදා කාරයන් ඉන්නවා දැක නැත. මා ගියේ ගාල්ලේ රිච්මන්ඩ් එකටයි මා වයසට ගියේ ලංකාවේ පාරවල් වල කරක් ගසා මිස ඔබ සිටින සිහින ලංකාවේ නොවේ. පරම පවිත්‍ර, ආදර්ශවත්, සුදෝම සුදු සමාජ ලෝකයේ කොහේවත් නැත. මා උදේ හවා දකින දසුනක් නම් මෙහේ මිනිසුන් පොරකෑම වෙනුවට ස්ව්‍යං විනයකින් පෝලිම් සැදී බස් වලට නගී කාන්තාවන් ගේ නොව කිසිවෙක් කිසිවෙකුගේ ඇඟ් නොගෑවී ගමනාන්තය කරා යයි. බස් රියදුරා සුභ උදෑසනක් කියා මිනිසුන් පිලිගනියි. මගීන් බැස යන විට සුභ දවසක් කියා රියදුරාට සුභ පතයි.. මා කියූ දෙය තේරුම් ගැනීමට ඔබ වැනි සයිකෝසික පරම්පරාපරාවට නොහැකිවීම අරුමයක් නොවේ

      • කෙවින් මහත්මයා,
        දැන් ධනවත් දියුණු රටක දිවිගෙවන පලියට මාගේ රටට (වසර 12කට පෙර ඔබේ රට ව තිබූ) අපහාස කරන්න එපා.ඔබ ඉන්නා ඇමරිකාව කුමක්දැයි ඔබම දනී.රතු ඉන්දියානු ස්වදේශිකයන් විනාශ කොට, ඔවුන්ගේ සම්පත් අමු අමුවේ කොල්ලකා බිහි වූ යැංකි සුදු රාජ්‍යයේ ලෙයින් වැකුණු ඉතිහාසය ඔබ හොදින් දනී.මිල ස්ථාවර කිරිමට ඔබේ රට අතිරික්ත තිරිඟු නිශ්පාදනය මුහුදට දමනවා ඔබ හොදින් දනී.අප වැනි දුගී රටවල ස්වාභාවික සම්පත් මංකොල්ල කනයුරු ඔබ හොදින් දනී.(ඛණිජ තෙල් පමණක් නොවේ අප සතු වටිනා ජාන සම්පත් ආදිය).බොරු චෝදනා නගා සම්පත් බහුල රට වල් අක්‍රමණය කරනු ඔබ දනී.
        මට ඇති මනෝ ව්‍යාධීයක් නැත.මා කුඩා කළ සිට දෙමාපිය – ගුරුවරුන් ගෙන් උගත්තේ සදාචාරවත්ව ජීවත්වන අයුරුය.මගේ වාසනාවකට සමාජයේ මට වැඩිපුර මුණ ගැසෙන්නේ සදාචාර සම්පන්න මිනිසුන්මය.

        • ඉන්ද්‍රජිත් says:

          ජයශ්‍රී උදහස් වෙන්න එපා. කෙවින් රිච්මන්ඩ් ගිය කාලේම මමත් මහින්දෙට ගියා. දැන් අපි රටවල් දෙකක හිටියට මෙහෙ මිනිසුන් හා උන්ගේ ක්‍රියාකාරකම් ගැන මගෙත් නිරීක්ෂණ කොහෙත්ම හොඳ නැහැ. මට කවරදාවත් මේ රට දාලා යන්න නොසිතුනත් මා සේවය කරන පරිසරය නිසා ඔබ දකිනවාට වඩා මිනිසත්බවට ආවේනික කුහක, කෑදර, එකිනෙකා පාගාගෙන යන, අසික්කිත ශ්‍රීලාංකිකයන් මට නොඅඩුව දකින්න ලැබෙනවා. මට ඔබ ගැන සතුටු ඒවා නොදකින්න ඔබ වාසනාවන්ත වීම ගැනයි. දේශාභිමානය කොතෙක් තිබුනත් අපේ අඩුපාඩු පිළිනොගන්නා තාක් කල් අපි අතීතය උඩ දමදමා විනාශය කරා ගමන් කරනු ඇති.

          • කොහොමටත් උදහස් වෙන්නේ නෑ ඉන්ද්‍රජිත්.(කවදාවත් ම එහෙම වෙලාත් නෑ).මම කියන්නේ අපි හැමදේම අතිශයෝක්තියට නැගීම වැරදියි.තම ජීවිතය ගොඩනැගූ, තමා උපන් බිමට මිනීකන්නන් ගේ දේශය යයි අපහාස කිරීම සාධාරන නෑ.මේක මිනීකන්නන් ගේ දේශය නම් මෙහි කෙවින් ලා (ඇමරිකාවේ රැකියාව කරන ලාංකීය වෘත්තිකයන්) බිහිවීමට ඉඩක්නෑ.(මම උපකල්පනය කරනවා කෙවින් මෙරට නිදහස් අධ්‍යාපනයේ ඵල උපරිමයෙන් ම ලද උගතෙක් කියා)

  6. kevin perera says:

    සුභ අනාගතයක්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s