කලකට ඉහත රූපවාහිනියේ Early Edition  නම් වූ මාලා නාටකයක් විකාශය විය. එහි ප්‍රධාන චරිතය වූ තරුණයාට කලු පූසෙක් විසින් උදයේ පාන්දර පුවත්පතක් ගෙනවුත් දෙයි. එම පුවත් පත අනාගතයට අයිති පුවත්පතකි. එහි තිබෙන වාර්තා දෙස බලා අනාගතයේ සිදු වන විනාශ වැලක්වීමට එම තරුණයාට හැකිය.

මේ ආකාරයේ කලු පූස් මිත්‍රයෙක් ඇට මැස්සාටද සිටියේය. ඔහුගේ පිහිටෙන් ඇටමැස්සා පසුගිය කාලයේ  තම ලිපි ගණනාවක්ම  ලියා අනාගත ලංකාව ගැන අනාවැකි පැවසීය.

ඇටමැස්සා හිතා හිටියේ ලංකාවේ  එවන් කලුපූස් මිත්‍රයෙක් සිටින එකම පුද්ගලයා තමා පමණක් බවයි. එහෙත් එය එසේ නොවන බව පසුගිය දා දැන ගන්නට ලැබුණි.

ඉහල   යන  ජීවන   වියදම  හමුවේ  දිනෙන්   දින  වැඩි  වන  ජනතා  විරෝධය  තොරොම්බල් කර ගැනීම සඳහා ආණ්ඩුව මේ දිනවල නටන ජීනීවා නාඩගමට බෙර ගැසීම සඳහා  අලුතෙන්ම කල එලි බැස ඇති , කලක්  ගඩා‍ෆිට චරිත සහතික ලියමින් සිට හිටි ගමන් ස්වයං අතුරුදහන් වීමකට ලක් ව  සිටි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය නම් වූ සංවිධානයක මහ ලේකම් යැයි කියා ගන්නා වසන්ත බණ්ඩාර නමැත්තාටද කලු පූස් යාලුවෙක් සිටින බව  ඔහු පසුගියදා  වීරවංශගේ වෙබ් අඩවියට ලියූ ලිපියකින් හෙලි වේ. මෙම ලිපිය  බොහෝ විට  දිවයින නම් වූ ජාතිවාදි පත්තර කඩමාල්ලේද පලව තිබෙන්නට ඉඩ ඇත.

මේ දිනවල ජීනිවා හි පවතින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභා වාරයේ න්‍යාය පත්‍රය ගැන ඔහු මෙසේ ලියයි.

“න්‍යාය පත‍්‍රයේ පළමු අංගය වන්නේ ඊනියා දරුස්මාන් වාර්තාවේ නිර්දේශ සමාලෝචනය කිරීමයි. ඊට පසු දෙවන අංගය වන්නේ උගත් පාඩම් කොමිසම් වාර්තාවේ යම් කොටස් දැඩි ලෙස විවේචනය කිරීම සහ ඒ සමගම යම් කොටස් ක‍්‍රියාත්මකකර පෙන්වන ලෙසට රජයට අභියෝග කිරීමයි.”

මොහු මේ කතා කරන්නේ තවම කිසිවෙක් දැක නැති, ඇත්තටම කිවහොත් තවම හදා පවා නොමැති න්‍යාය පත්‍රයක් ගැනය.එහි අඩංගු තාක්ෂණික කරුණු ගැන මෙසේ අති විශ්වාසයෙකින් කතා කරන්නට නම් මොහුට අනිවාර්යෙන්ම කලු පූසෙක්ගේ සහය ලැබිය යුතුය.

ඇමෙරිකානු න්‍යාය පත්‍රයක් ගැන ඔහුට මෙසේ හෙලි කරන කලු පූසා කවුද?

 1989 න් පසු 2004  වනතෙක්ම සැඟවී සැක කටයුතු අතීතයක් ගත කල මොහුගේ කලු පුසා සීඅයි ඒ සංවිධානයද?

සොයා බැලිය යුතු කරුණකි. සියලු දේශප්‍රේමින්ගේ අවධානය පිණිසයි!

Advertisements
Comments
  1. tom and jerry says:

    ජිනීවා චූන් අස්සේ රුපියල 123ත් පසු කර ඇත. හරි ශෝයි. සිම්බාබ්වේ එක්ස්ප්‍රස්…

    • Buwa says:

      ඒ අස්සෙ මැච් එකත් කෑවා ඕයි , අපේ රටේ බුද්ධිමත් ජනතාව පැරදෙන්න හේතුවත් හොයාගෙන . මානව හිමිකම් වලට ඉන්දියාවේ සහය ගන්න මැච් එක පැරදුනාලු !

      P.S – වැඩි විස්තර සඳහා මුණු පොතේ ක්‍රිකට් ගෲප් , ගොන්වංශයගේ කක්කා නිවුසිය කියවන්න

  2. සරදියෙල් says:

    මැච් එක නම් ජිනීවා වලදී කනවට වැඩිය ලොකුවටයි කෑවේ! බලමු ඕස්ට්‍රේලියාවේ සහයෝගය ගන්න සිකුරාදා මැච් එකට මොකක් කරාවිද කියලා!!!

  3. Herath says:

    වරෙක අම්බානක විප්ලව වාදීන්, මාක්ස් වාදීන්, භෞතික වාදීන් පසු කලක විඤාන වාදී ජාති වදික ක්‍රම රකින්නන් බවට පත්වවන අයුරු අපුරුය. මෙයට හේතුව මිනිසා සහජයෙන්ම ප්‍රග්දන වාදී සත්වයකු වීමද? නැතිනම් ධනවාදියෙක් වීම ඇගට සනීප නිසාද? ධනවාදියෙක් වීම පහසු මුත් අමරුදේ ප්‍රග්දන හිමියෙකු වීමය.

  4. අලස් says:

    උබලගේ අම්මගේ පුසාගෙන් තමා අහගන්න ඇත්තේ

  5. coz says:

    Srilankamirror – ජනාධිපතිවරයාගේ උගත් පාඩම් කොමිෂමේ නිදේශ ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් ඇමරිකාව විසින් ජිනීවා මානව හිමිකම් සැසියට ඉදිපත් කිරීමට නියමිත යෝජනාව හෙලාදකිමින් ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්‌ ඊයේ(28) මිලානෝ නගරයේදී විරෝධතා උද්ඝෝෂණයක නියැළුණහ.

    ජාත්‍යන්තර බලපෑම්වලට එරෙහිව සටන් පාඨ කියවමින් ඔවුහු වීදි කිහිපයක උද්ඝෝෂණවල නිරත විය.

    මේ විරෝධතා උද්ඝෝෂණයේදී ඊට සහභාගි වූවන්ගේ මතය වූයේ එක්සත් ජනපදය හා බටහිර රටවල් කීපයක් මානව හිමිකම්වලට මුවා වී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසමින් රටේ සම්පත් කොල්ලකෑමට අරඅඳින බවයි.

    ඉතාලියේ සෙසු නගරවලින් පමණක් නොව වෙනත් යුරෝපීය රටවලින් ද ශ්‍රී ලාංකිකයන් මේ විරෝධතාවට එක්ව සිටියහ.

    ඉදිරි දිනවලදී ජිනීවා මානව හිමිකම් මූලස්‌ථානය ඉදිරියේ මෙන්ම මානව හිමිකම් සමුළුව අවසන් වන මාර්තු 23 වැනිදා දක්වාම ලෝකයේ වෙනත් ප්‍රධාන නගරවලදීද මෙවැනිම උද්ඝෝෂණ සංවිධානය කිරීමට තීරණය කර ඇති අතර විදෙස්‌ගත වී ජීවත් වන සියලු ශ්‍රී ලාංකිකයන්ට මව්බිමට ශක්‌තියක්‌ කිරීමට සියලු දෙනා සමග අත්වැල් බැඳ ගන්නා මෙන් යුරෝපයේ ශ්‍රී ලාංකික එකමුතුව ඉල්ලා සිටී.

    – එරන්ජන ගමගේ මිලානෝ සිට..

    • coz says:

      මේ ගොල්ලොත් බත් පැකට් එකට සමුර්දියට වෙන්න ඇති නේ පෙළපාලි යන්න ඇත්තේ

      • ජුලියස් සීසර් says:

        මේගොල්ලොද? මේගොල්ලො අමුතුම ජාතියක්!

        රටට තියෙන අප්‍රමාණ ආදර කැක්කුම නිසා තමා බෝට්‍ටුවකින් හරි ඉතාලියට පැනගත්තේ…

        ඊලඟට රට දාලා ගිය ගොඩාක් අයට (බඩ රස්සාවට නොවේ) හැදෙන දේශප්‍රේමෙ ෆේස්බුක්, බ්ලොග් වලින් ප්‍රදර්ශනය කිරීමේ රෝගෙ හැදුනා…

        යුද්දෙ කාලෙදි උන් ඒ රටවල්වලට වෙලා ජොලියෙ ඉන්න ගමන්, මේ රටේ අහිංසක කොල්ලො යුද්දෙට ගිහින් මැරෙන හැටි බලාගෙන යුද්දෙට හුරේ දැම්මා!!!

        ඔන්න ඔච්චරයි ඕකුන් කලේ… දැනටත් රට වෙනුවෙන් තඹයක දෙයක් නොකර බොරු දේශප්‍රේමෙ තොරොම්බල් කොරකොර ඉන්නවා…

        යකෝ රටට ඔච්චර ආදරේ නම් ඇවිත් රට හදන්න වැඩ කරපියව්කෝ!!! උඹලා නෙවෙයිනේ මේ රටේ අමන පාලකයින්ගේ තකතීරු වැඩ නිසා දුක්විඳින්නේ…

        අනිත් එක උඹලා ඔය කරන උද්ඝෝශන පඩයක් තරම්වත් ගනන් ගන්නේ නෑ ලෝක ප්‍රජාව, මේ රට ඇතුලේ කරන ඒවත් එහෙමයි… මේ වගේ ප්‍රශ්න විසඳන්න ඕනේ රාජ්‍යතාන්ත්‍රිකව මිසක් තකතීරුකම් වලින් නෙවෙයි!

        රට ඇතුලේ කරන ඒවනම් කරන්නේ මේ වෙලාවෙ රටේ තියෙන ජනතා විරෝධය යටපත් කරන්න බව පැහැදිලියිනේ!

        • Buwa says:

          උගත් පාඩම් කොමිසම දැම්මේ කව්ද ? ඒක නියෝජනය කලේ කව්ද ? ඒක ක්‍රියාත්මක කොර්නව කියල නේද ආණ්ඩුවත් කියන්නේ ? ඉතින් ඇමරිකාවේ යෝජනවක් ගේනව කිව්වාම හෙලා දකින්නේ අහවල් එකකටද ? රටේ සම්පත් ගැන කැක්කුමක් තියේ නම් පිටරට ඉඳන් බම්බු ගහන්නේ ආපහු වරෙල්ලකො .

          • coz says:

            බුවා මෙච්චර මෝඩයෙක් බව ඔප්පුකර පෙන්වා ඇත , මෙමිනිස්සු පිටරට ඉදන් දුක් විදලා සල්ලි හම්බකරලා ලංකාවට එවන එක බොලාට පෙනෙන්නේ නැද්ද, මේ මිනිඉස්සු පිටරට ඉදන් බම්බුගහන එකෙන් රටේ ආර්ථිකයට කොතරම් යහපතක් වී ද ? බුවාගේ මේ මෝඩ කතාවෙන් අපහසු තාවට පත් උණු කවුරු හරි ඉන්නවා නම් සමාවෙන්න

            • ඉන්ද්‍රජිත් says:

              අපි දන්නා විදේශගත ලාංකිකයන් කිසිවෙක් නම් රටට සල්ලි හම්බ කරලා එවන්න එසේ විදේශගතවී නැත. මෙහෙ සාමාන්‍ය තරමේ හොඳ ජීවිතයක් ගතකිරීමට රැකියාවක් නිදහස් අද්යාපනයේ පිහිටින් ලැබී තිබියදීත් තව මදීවී වැඩියෙන් හම්බකරලා තමන් හැදෙන්න ගිහින් එහෙ දෙවන පෙළ පුරවැසියන් ලෙස ඉන්නවා මිස.

  6. Ravi says:

    අනේ නෑ…ඔය උග්ගෝසන වලට යන අයගෙ නම් ලැයිස්තුවක් ගන්නව. ඒ ලැයිස්තුවෙ නම නැත්නම් ඊට පස්සෙ තානාපති කාරියාලෙං වැඩක් පලක් කොරව ගන්න එක බොරු….ඒ ඇර අපරාදෙ කියන්න බෑ, වෙන බලපෑමක් එහෙම නම් නෑ……

  7. කලු "පූසා" says:

    [ඇමෙරිකානු න්‍යාය පත්‍රයක් ගැන ඔහුට මෙසේ හෙලි කරන කලු පූසා කවුද?]

    ජංගිය ගලවලා නැවිලා බලපං

  8. coz says:

    ඉන්ද්‍රජිත්
    / මාර්තු 1, 2012

    අපි දන්නා විදේශගත ලාංකිකයන් කිසිවෙක් නම් රටට සල්ලි හම්බ කරලා එවන්න එසේ විදේශගතවී නැත. මෙහෙ සාමාන්‍ය තරමේ හොඳ ජීවිතයක් ගතකිරීමට රැකියාවක් නිදහස් අද්යාපනයේ පිහිටින් ලැබී තිබියදීත් තව මදීවී වැඩියෙන් හම්බකරලා තමන් හැදෙන්න ගිහින් එහෙ දෙවන පෙළ පුරවැසියන් ලෙස ඉන්නවා මිස.

    ———————-
    දන්නේ නැත්තන් බොරු කියන්නේ නැතුව හිටපන් ….. මේක කියවපන්… ඉංග්‍රීසි දන්නේ නැත්තන් මට කරන්න දෙයක් නෑ
    International labour migration from Sri Lanka has grown during the last several decades and has become a part of the country’s economic, social, political fabric in the development process. For Sri Lanka, migrants’ remittances are one of the main sources of foreign exchange earning and national income. In January 2010, USD 289.8 million was received from Sri Lankan migrant workers, recording a growth of 12.3 percent over 2009. By the end of 2009, there were 20 internal and 60.5 international migrants per 1,000 people. Sri Lanka is also one of the top ten migrant sending countries with a net migration rate of -3.0(2005-2010) and over a million Sri Lankans working as migrant workers. Sri Lanka has seen a tenfold increase in migrant numbers in the past two decades. In 2008, there were 252,021 Sri Lankans working abroad (128,821 male and 123,200 female).

    • ජුලියස් සීසර් says:

      මේ කියන්නේ මචං හොරෙන් පැනපු හාල්පාරුවෝ ගැන නෙවෙයි බං! බඩ රස්සාවට විදෙශගත වෙච්ච ගෘහ සේවිකා, කර්මාන්තශාලා කම්කරු වගේ ‍රැකියා කරලා ලංකාවෙ ඉන්න පවුල් වලට සල්ලි එවන අහිංසකයොන්ගේ දායකත්වය ගැනයි.

      PR අරගෙන රට ගිහින් ඉන්න කවුරුත් ලංකාවට සල්ලි එවන්න රට ගිහින් නෑ…

      හොරෙන් පැනපු අනිත් කට්ටියට ලංකාවට සල්ලි එවන්න නීත්‍යානුකූල විදියක් නෑ! එවන්නෙ වංචනික ක්‍රම වලට, එහෙම එවන සල්ලි වලින් රටට ලැබෙන ලබු ගෙඩියක් නෑ!

      මේවා අහලා ලැජ්ජා හිතෙනවනං සද්ද නැතුව හිටපන් බං… නිකං සුද්ද වෙන්න ගිහින් තව ගාගන්නෙ නැතුව!

  9. coz says:

    ඉන්ද්‍රජිත්
    / මාර්තු 1, 2012

    අපි දන්නා විදේශගත ලාංකිකයන් කිසිවෙක් නම් රටට සල්ලි හම්බ කරලා එවන්න එසේ විදේශගතවී නැත.

    —————————-
    අනිවාර්යන්ම … උනුත් උබ වගේම කාලකන්නි වෙන්න ඇති ….

    • ඉන්ද්‍රජිත් says:

      ඔයාට පැටලිලානේ. ලංකාවට සල්ලි හම්බකරලා එවන ශ්‍රමිකයෝ ඉන්නේ කොහෙද, කඩේ යන උද්ඝෂණ කරන උන් ඉන්නේ කොහෙද? පුළුවන් නම් මැදපෙරදිග රටකිනුත් උද්ඝෝෂණයක් පෙන්නන්නකො..

      • coz says:

        විකාර කතා කියන්න එපා බන් … මැදපෙරදිග ඉපදිච්චි එවුන්ටවත් පෙළපාලි යන්න බැරි එකේ ලංකාවේ එවුන් කොහොම යන්නද ?

        • සිරිනාථ says:

          ඔයා ඉංග්‍රීසි දන්නවා කියලා කියාගත්තට ලෝකේ සිද්දවෙන දේවල් මොකුත් දන්නේ නැතුව වගෙයි නේ.. මැත කාලේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පෙළපාලි සේරම වුනෙත්, ගොඩක් ඒවා ආණ්ඩු පෙරලෙන තරම් දුර ගියෙත් මැදපෙරදිග නෙවෙයිද ?

  10. coz ට පිළිතුරක් ලෙස : ලංකාවට සල්ලි එවන්නේ බහුතරයක්ම රැකියාවල් සඳහා විදෙෂගතවුණු අයයි . ඒ කියන්නේ ගෘහ සේවිකාවන් සහ අනෙකුත් කම්කරු සහ වෙනත් රැකියාවලට තාවකාලිකව විදෙෂගතවුණු අය මිස PR ලබාගෙන ගිය අය නෙමෙයි. මේ රටෙන් පිරටට සල්ලි අරගෙන ඉගන ගන්න ගිය අය නෙමෙයි. ඔය උද්ගොෂනවලට සහබාගීවෙන්නේ වැඩියක්ම මෙහෙට සල්ලි එවන්න ගිය අය නෙමෙයි. අර දෙවෙනි කාණ්ඩයට අයිති අයයි. ලංකාවට සල්ලි එවන්න රට ගිය අය‍ට උද්ගෝෂණ කරන්න වෙලාවක්වත් හැකියාවක්වත් නැහැ. ගෘහසේවිකාවෝ මේ උද්ගෝෂණ වලට ගිහින් තියෙනවද? වැඩියෙන්ම රටට සල්ලි එන්නේ ඒ වගේ දුක් විඳගෙන බැලමෙහෙවර කම් කරන අයගෙන් තමයි. ඒක අපි ආඩම්බර වෙන්ඩ ඕනේ කාරණයක්ද කියල හිතල බලන්ඩ…

    • coz says:

      මම ඉතාලියේ ඉන්න නිසා කියන්නේ … මම දන්න බහුතරයක් ඉතාලියේ ඉන්න ලංකාවෙන් අපු අය මාසෙකට කීය කීය හරි ලංකාවට යවනවා … ඔය මීගමුවේ පැත්තේ ගිහින් බලන්න … මිනිස්සුන්ගෙන අහල බලන්න

      • ආහ් එහෙනම් ඔයත් ඔය වැඩේට යන්ඩ ඇති 😀
        ලංකාවට පිටරටින් එන අදායමෙන් ඉතාලියෙන් එන % එක කීයද? ඉතාලියේ PR දෙනවද ? දන්නේනැති හින්ද අහන්නේ…

      • ඉන්ද්‍රජිත් says:

        මීගමුවෙන් ගිහින් දුකසේ එවන විදේශ විනිමයෙන් ජාත්‍යන්තර ක්‍රීඩා උත්සව වලට, කාර් රේස් වලට, බාල පෙට්‍රල් වලට, මිහින් ඒයාර් වගේ සුදු අලින්ට, වරායේ ගල් කඩන්ට වියදම් කරන හැටි ඒ මිනිස්සු දන්නවද කියල ඔයාත් අහල බලන්න.

  11. ඉන්ද්‍රජිත් says:

    ප.,ලි.– (1)තමන්ගේ ප්‍රියයන්ගෙන් වෙන්වී සීතල රටක පරදේසක්කාරයන්ගේ සුළු සුළු වැඩ කරමින් කීයක් හෝ සොයාගෙන (සෞඛ්‍ය අංශවල සංඛ්‍යා අනුව) ආපහු එන ගමන් පුළුවන් නම් ඒඩ්ස් ටිකකුත් අරන් එන්න ඉන්න කෙනෙක් (මීට වෙනස්ව විදෙස්ගත වැදගත් මිනිසුන් සංවාද වලදී ශිෂ්ට විදියට හැසිරෙති) සහ , (2) උපන් රටේ තමන්ගේ අය අතර හිඳ සාධාරණව උපයාගෙන පිළිවෙලකට සතුටින් ජීවත් වෙමින් රටේ රජයට බදු ගෙවන කෙනෙක් අතරින් කාලකන්නියා කවුදැයි ඔබ මට වඩා හොඳින් දනී. ඔයා කවුද කියා දැනගත්තේ පහුවෙලා.. සොරි…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s