ශ්‍රී ලංකාවේ ජනතාව විරෝධතා පවත්වන ආකාරය සුදුසු නැති බව වීරවංශ ඇමතිතුමා සොයාගෙන තිබේ. ඒවා ප්‍රචණ්ඩකාරි බවත් ඒවායේ සිටින අය උසි ගන්වා එවා ඇත්තේ බටහිට අධිරාජ්‍යවාදින් විසින් බවත් පොලීසිය වෙඩි තබන්නේ ඒ නිසා බවත් එතුමාගේ මතයයි. ඒවායේ සිටින උද්ඝෝෂකයින් පොලිසීයට ගල් ගසන  අතර එවැනි ප්‍රචණ්ඩ උද්ඝෝෂණ ලංකාවට සුදුසු නැත.

ඒ නිසා දීර්ඝ වශයෙන් මේ ගැන කල්පනා කල එතුමා ලංකාවට සුදුසු උද්ඝෝෂණ ක්‍රමයක් ගැන සෙවීම සඳහා තම  දේශපාලන උපදේශකයින්ගෙන් සමන්විත කොමිටියක්ද පත් කලේය. එතුමාගේ දේශපාලන උපදේශකයින් හා පක්ෂයේ සාමාජිකයින්  සියලු දෙනා එතුමාගේ අමාත්‍යාංශයේ නිලධාරින් නිසා මෙය අමාත්‍යාංශ නිලධාරි කොමිටියක් ලෙස හෝ පක්ෂයේ මහ සභා සම්මෙලනයක් ලෙසද  හැඳින්විය හැක. නිල අලයෙන්ම බලයෙන්ම එතුමාම  එම කොමිටියේ සභාපති දූරයට පත් විය.

එම ගෞරවනීය කොමිටිය විසින් කරන ලද නිර්දේශ දුසිම පහත දැක්වේ.

තමන්ගේ උද්ඝෝෂණ වලින් නිසි පල ලබා ගැනීමට නම් එම උපදෙස් තරයේ පිලිපදින මෙන් සියලු දෙනාට මින් දැනුම් දෙනු ලැබේ.

1. උද්ඝෝෂණයට සහභාගි වන සියලු දෙනා සුදු ඇඳුමින් සැරසි සිටිය යුතුය.

2. කාන්තාවන් සුදු ඔසරිය ඇඳ ආ යුතුය.

3. පිරිමි අය සුදු ජාතික ඇඳුමින් සැරසී කුරක්කන් පාට සාටකයක් පැලඳ සිටිය යුතුය.

4. මධ්‍යම පලාතේ කුරක්කන් සාටක පැලඳීම අවශේෂ අයට තහනම් බැවින් එහිදී සුදු පාට හෝ නිල් පාට සාටක පැලඳීමට අවසර ඇත.

5. සියලු දෙනා නිල් මානෙල් මල් වට්ටියක් ‍රැගෙන ආ යුතුය.

6. එක් පේලියක් සැදී  බිමට නෙත් යොමු කරගෙන  සංවරව උද්ඝෝෂණය පවත්වන ස්ථානයට පැමිණිය යුතුය. එක් අයෙක් පැමිණ විනාඩි පහකට පසු අනිකා පැමිණිය යුතුය.

7. උද්ඝෝෂණයේදී සටන් පාට කීම සපුරා තහනම්ය. නිශ්ශබ්දව සිටිය යුතුය.

8.අවශ්‍යම නම්  බුදු ගුන ගාථා හෝ  දේශප්‍රේමි ගී ගායනා කල හැකි  නමුත් ඒ සඳහා පොලිස්පතිගෙන් පෞද්ගලිකවම අවසර ගත යුතුය.

9.උද්ඝෝෂණය පැවත්විය යුතු ස්ථානය පොලිසීය විසින් ‍තෝරාදෙනු ඇත.එය ජනශූන්‍ය ප්‍රදේශයක පිහිටි පාලු පොල්වත්තක් හෝ වෙනත් එබඳු තැනක් විය යුතුය.

10.උද්ඝෝෂණය සඳහා ලැබෙන උපරිම කාලය විනාඩි දහයකට සීමා වෙනු ඇත.

11.උද්ඝෝෂණයට සහභාගි වෙන කිසිවෙකු පෑන්,පැන්සල්, ජංගම දුරකථන,මාරු කාසි ආදි අවි ආයුධ  තමන් ලඟ තබා ගැනීම සපුරා තහනම්ය. ඒවායින් පහර දී අහිංසක පොලිස් හා හමුදා නිලධාරින්ට තුවාල කල හැකි බැවිනි.

12.උද්ඝෝෂණය නිමා වීමෙන් පසු ජාතික ගීය හා යෝවද තම්පව ගාථාව කියා  පැමිණි  ලෙසම එක අයෙක් ගොස් විනාඩි පහකට පසු අනිකා පරිද්දෙන් පිටව යා යුතුය.

සටහන- ඡායාරූප වලින් දැක්වෙන්නේ වීරවංශ තුමාගේ පාටියේ උදවිය බෑන් කී මූන් ට විරුද්ධව පැවත් වූ උද්ඝෝෂණයේ අවස්ථා දෙකකි. ඒවා මොන තරම් සාමකාමිද බලන්න.

Advertisements
Comments
  1. මොනව උනත් මහත්මා ගාන්ධි තුමා සත්‍යග්‍රහ කලේ මෙයට සමාන විදියකට ලු.(මතක තියාගන්න ඒ සත්‍යග්‍රහ මිසක් උද්ගෝෂන නොවෙයි).සාමකාමී සත්‍යග්‍රහ වලිනුත් පාලකයන්ට බලපෑම් කරන්න පුලුවන්.

    • අකිල ශ්‍රීනාත් says:

      //සාමකාමී සත්‍යග්‍රහ වලිනුත් පාලකයන්ට බලපෑම් කරන්න පුලුවන්.//
      ඔය කියන්නෙ කොයි රටේ පාලකයො ගැන ද දන්නෙ නෑ.. හිකිස්..

  2. බම්බුවා says:

    ජයශ්‍රී, මහත්මා ගාන්ධි තමාගෙ සටන කරගන යනකොට හිතින් මුමුණපු අකුරු දෙකේ වචනයක් තිබුණා. ඒක ඉතාමත් ප්‍රභල විධිහට ගාන්ධිට ආත්ම ශක්තියත්, ආධ්‍යාත්මික ශක්තියත් ලබා දුන්නා. ඔබ දන්නවද ඒක මොකක්ද කියල ?
    අවාසනාවකට අපේ අයට එහෙම පදනමක් නැහැ. කටේ හයිය ගැන විතරයි විශ්වාශය තියෙන්නේ.

    • රාජ් says:

      මහත්මා ගාන්ධි වර්ගයේ උද්ඝෝෂණ අද කලොත් කරන මිනිස්සු පැලවෙලා මුල්ඇදල පොලවටම පස්වෙලා යයි. හැබැයි ඉල්ලීම් නං දිනාගැනීම බොරු.

  3. srilanka94 says:

    මොනවද බං උඹ මේ ලියන්නෙ උඹට පිස්සු හැදීගෙන එනවද?

  4. srilanka94 says:

    මොකක්ද ඔච්චර ඒ මිනිහත් එක්ක තියෙන ඉරිසියාව. ඒ මිනිහා නිර්ධන පංතියෙන් ආපු නිසාද? ගහපන්කො හයිෆයි පොරක් අල්ලගෙන.

    • සජීව ධනුද්ධර says:

      //මොකක්ද ඔච්චර ඒ මිනිහත් එක්ක තියෙන ඉරිසියාව. ඒ මිනිහා නිර්ධන පංතියෙන් ආපු නිසාද?//
      හප්පේ…… එයා නිර්ධන පංතියෙන් ආවට මොකද දැන් ධනපති පංතියත් එක්ක එකතුවෙලා නිර්ධන පංතියටම කෙළවන ගමන් එක එක කෙප්ප දෙසාබාලා නිර්ධන පාංතිකයින්ව තව තවත් අන්දන එකනේ කරන්නේ. අනික එයා දැන් පාරම්පරික ධනපතියන්ටත් වඩා සුපිරි ධනපතියෙක්නේ. ඉතින් එහෙම කෙනෙකුගෙ චර්යාව විවේචනය කිරීම වැරදියි කියලා මමනම් හිතන්නෙ නෑ..

    • වීරවංශ says:

      ඒ….. නිර්ධන පංතිය……. හොදට අහල පුරුදුය් ………ම්.. ම්.. ම්… මේ දිව අග තියනව …….හරි මතක් උනා!! මේ අපේ wife ගේ ටෙලියේ එන දෙබසක කොටසක්නේ!!

  5. maathalan says:

    මේ සැරේ “ඔන්න බබෝ බිල්ලා” එකේ ඇක්ට් කරන්නේ මේ සහෝදරයා විතරයි.. චම්පික මහත්තය බලෙන්ද කොහෙද ගෙනල්ලා තිබුනා අද ප්‍රෙස් කොන්ෆරන්ස් එකට…

  6. සරත් says:

    එක නෙවි… මම UNP කාරයෝ , JVP කාරයෝ, LTTE කාරයෝ මරපු මිනිස්සුන්ගේ ෆොටෝ ටිකක් එකතු කරලා එවන්න්නම් (මහින්ද මරපු එවුන්ගේ ඒවා දල තියෙනවා නේ )… අපි site එකේ දෙපැත්තෙන්ම දාමු හොදේ ………..

    • ඉන්ද්‍රජිත් says:

      අපි මේ බ්ලොග් එකට එන්නේ අද සිදුවෙන දේවල් ගැන කතාබස් කිරීමට මිස, “මුන් වගේම උන් ඉස්සරත් හිටියා ” කියමින් අද සිදුවෙමින් පවතින දේවල් සාමාන්‍යකරණයට ලක්වනු දැකීමට නොවන බව කරුණාවෙන් සලකන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s