බූමිතෙල් කූපන් ෆන්

Posted: February 20, 2012 in Uncategorized
Tags: , , ,

පෙරේදා රාත්‍රී සොනූ  නිගම්ගේ කොන්සර්ට් එකේ  හූ පාරක් කාලා  ඔලුව මඤ්ඤං වෙලා හිටපු අපේ ගරු වීරවංශ තුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කඩුවෙල නගරයේ ලොකු උත්සවයක් තිබුනේය. ඒ ජනතාවට බූමිතෙල් කූපන් බෙදා දෙන්ටය. ලේසි පාසු නැත.සමෘද්ධි ආදාර ලබන පවුලකට රුපියල් දෙසීය ගානේම ෂහනාධාරේ දෙනවාය.

සහනාදාරේ බෙදපු වීරවංශ තුමා කිව්වේ මේ ආණ්ඩුව දුගී දුප්පත් ජනයාට සලකනවාය. වෙන මොන ආණ්ඩුවක්වත් ඒ විදියට දුගීන්ට සැලකුවේ නැතිය. දුගී දුප්පතුන්ට ජීවත් වීම අමාරු නිසා මේ විදියට බූමි තෙල් සහන දෙනවාය ආදි වශයෙනි.

බලන්ට කොච්චර හොඳ ආණ්ඩුවක්ද කියලා. ඉතිහාසේ වැඩිම ප්‍රතිශතේකින් ඉන්දන මිල වැඩි කරා තමයි. හැබැයි ඒකෙන් දුප්පතුන්ට පාර වැදුනා කියලා දැන ගත්ත ගමන් බෙදුවා කූපන් එකක්. ඉන්දන මිල වැඩි වීම හන්දා දුප්පතුන්ට  මූණ දෙන්ට වෙන  ඕනෑ ප්‍රස්නෙකට උත්තර මේ කූපන් එකේ තියෙනවා.

මෙන්න බලන්ට ඒකෙන් කරන්ට පුලුවන් වැඩ.

1. බස් එකේ යනකොට සීසන් ටිකට් එකක් විදියට  පාවිච්චි කල හැකිය. කොන්දොස්තර මහතාට පෙන්වූ විට නොමිලේ යන්ට දෙනු ඇත.

2. කඩේ ගොස් සීනි, පිටි , හාල් එලවලු මිලට ගැනීමට- මුදලාලි කූපන් එකේ චූටි කැල්ලක් කපා ගෙන බඩු ටික දෙනු ඇත.

3. කොල්ලාගේ ටියුෂන් ගාස්තු ගෙවීම සඳහා ටියුෂන් මාස්ටර්ට යැවිය හැක.

4. චැනල් සෙන්ටර් එකේ දොස්තර මහත්තුරු වැඩි කරපු ගාස්තු ගෙවීමට

5. බාර් එකට ගොස් අඩියක් වුනත් ගහන්ට පාවිච්චි කරන්ට හැකිය. ( මල් මිටියක් වුනත්)

 කෙටියෙන් කිව්වොත් වීරවංශ මහත්තයා මේ බෙදපු කූපන් එක සුරබි දේනුව වගේය. ( වීරවංශ මහත්තයාගේ සුරබි දෙන නොවේය). හිතු හිතු සම්පත් දූප්පතුන්ට දෙනවාය.ඒක නිසා දැන් ඔය බටහිර බලවේග වල අතකොලු නොවී, එන් ජී ඕ කාරයෝ ලෑස්ති කරන දේශද්‍රෝහි උද්ඝෝෂණ වලට නොගොහින් ගෙවල් වලට වී , උස්මුරුත්තේ හැදෙන්ට කූපන් හාලේ බත් කා නිදා ගන්ට ඕනෑය.

ප.ලි. – නිදන්ට කලින් මතක් කරලා කුප්පි ලාම්පුව නිවා ගන්ට ඕනෑය.

ප.ප.ලි- ඔය කූපන් එකේ කෑල්ලක් රෙදි කෑල්ලක ගැට ගහලා මේ  ජනහිතකාමි ආණ්ඩුව ආරක්සා කරලා දෙන්ට කියලා කැබලිත්තේ දෙවියන්ට බාරයක් වෙන්ට අමතක කරන්ටත් එපාය.

 

Advertisements
Comments
  1. Thisara says:

    ඔය කූපන් පතේ වටිනාකම රු. 200 කි. ඒ කියන්නේ දිනකට රු. 6.45ක් වැනි වටිනාකමකි. ඉන්ධන වැඩිවීම නිසා බස් ගාස්තු, ආහාර, විදුලිය, ජලය ආදී වැඩිවූ ගාස්තු වල දිනක වියදම රු. 64.5 මෙන් කිහිප ගුණයකි. මේ සියල්ල සළකා බලා කූපන් පත පස්ස පැත්තේ ගහගත්තා නම් නරකද?

  2. සරත් says:

    මුන් ඔක්කොම එකයි.. තම තමුන්ගේ දේශපාලනය වාසි වලට අහිංසක මිනිස්සු පාරට බස්සනවා.. අන්තිමට වෙඩි කෑවම, මිනිය උස්සගන මැරෙන්න හදනවා.. මම නම් කියන්නේ උබල එක්කෝ රට අත ඇරලා වරෙල්ල, නැත්නම් වත්ත පහල ගංජා පාත්තියක් වත් දාගන ජීවත් වෙන්න try එකක් දාපල්ලා.. ආණ්ඩුවටවත්, විපක්ෂෙටවත් උබල ගැන කැක්කුමක් නෑ.. බලයේ ඉන්න උන් හදන්නේ බලය රැක ගන්න, බලයේ නැති උන් හදන්නේ බලයට එන්න… ඔය එකකටවත් කඩේ ගියා කියල, උබල හැදෙන්නේවත්, රට හැදෙන්නේවත් නෑ.. හැදෙන්නේ උන් විතරයි.. අද MR පන්නල හෙට වෙන එකක් ආවත් කරන්නේ ඔය ටිකම තාම.. එක නිසා මෙතන මරාගන්න එපා.. තම තමුන් හැදෙන්න බලපල්ලා .

    • Herath says:

      අනුන්ගේ රටක දෙවෙනි පෙළ පුරවැසියෙක් වීමේ අතල් එක(!?) ඔබ ලබනවායයි සිතමි. හාත්පසම කළුවර උවත් ඈතින් පෙනෙනෙන ඉතා කුඩා ආලෝකය දෙසට අමාරුවෙන් ගමන් කරන්නෝ වෙමු!මුන් ඔක්කොම එකනෑ, එකෙකුට එකෙක් වෙනස්!!

      • සරත් says:

        ඔව්ව විකාර කතා බන් …. මොකද උබය් මමය් මෙහෙ හිටිය කියල අගමැතිකම ජනාදිපති කම ගන්න ද ? ලෝකේ කොහේ හිටියත් හොදින් ඉන්නවනම් ඇති ….
        ——–
        මුන් ඔක්කොම එකනෑ, එකෙකුට එකෙක් වෙනස්!!
        ———–
        සිරාවට මචන් එකනේ අපි මෙච්චර රැවටෙන්නේ …. අන්තිමේදී උන් ඔක්කොම එක පැත්තේ …. මහජනතාව විරුද්ද පැත්තේ

  3. අගමැති ඔය කූපන් බෙදන කොට ඒක ගත්තු අසරණ කාණ්තාවක් අගමැතිට වඳිනව පෙන්නුවා නිවුස් වලට.ඒ මිනිස්සු හිතන්නේ ආණ්ඩුවෙන් තෑගි දෙනව කියල.200 ක් දෙනකොට ඒවාගේ දහගුණයක් තමුන්ගෙන් වැඩිපුරගන්නා බව මේ අයට තේරෙන්නේ නෑ.

  4. කුමාර says:

    තාමත් භූමිතෙල් වලින් පාන් පත්තු කරන මිනිස්සු කඩුවෙල පැත්තෙ ඉන්නවද?

  5. maathalan says:

    ඕක මාසයක් දෙකක් දෙයි එච්චරයි. අගමැතිතුමා දීපූ එක දන ගහල වැඳලා ගන්න එවුන් ඉන්න රටක. මේවා ලියන අපියි මෝඩයෝ….

  6. සහනාධාර දෙනවයි කියන්නේ මිනිස්සුන්ගේ මානසිකත්වයට අල්ලස් දීමක්..

    බලගතු රටවල් අපේ ආණ්ඩුවට අල්ලස් දෙනවා.ඊට පස්සේ ආණ්ඩුව උන්ට ඕනෙ විදියට ඉන්නවා..
    ආණ්ඩුව අපිට අල්ලස් දෙනවා.. ඊට පස්සේ අපි ආණ්ඩුවට ඕනෙ විදියට ඉන්නවා..
    විකාරයි…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s