ස්තූතියි ගැමුණු- Thank you Gamunu

Posted: February 13, 2012 in Uncategorized

පෙට්‍රල් හා ඩීසල් ඇතුලු ඉන්ධන වලින් අධික බදු අය කරමින් එම බදු මුදල් තම සුඛ විහරණයට හා බොරු පම්පෝරි වලට නාස්ති කරන ආණ්ඩුව ලංකා ඉතිහාසයේ  වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල වැඩි කර ඇත.

සියල්ලෝම කසාය බීපු ගොලුවන් මෙන් කට පියා ගෙන සිටී.

ඊයේ ඔහු කලේ මොනවාද යන්නවත් , හෙට ඔහු මොනවා කරනවා ද යන්නවත් අදාල නැත.ඔහුගේ අරමුණ කුමක් වූවත් කම්  නැත.

මේ අවස්ථාවේ  ඔහු පාරට බැස්සේය. 

සමහර විට අද රෑ වන විට ඔහු තම සටන හකුලා ගනු ඈත. එහෙත් ඔහු විරෝධය දැක්වූයේය.  එයම ප්‍රමාණවත්ය.

ස්වයං මෝහනයක ගැලී , පෙරහැරේ ගොස් දැයට කිරුල බලන මිනිසුන්ට මේ අයුරින් හෝ දැන්විය යුතුව තිබේ.

අද උදේ බස් නැතිව වේලෙන විටවත් ඉන්ධන  මිල වැඩි වීමේ  ආනිශංස ඔවුන්ට තේරෙනු ඇත.

ගැමුණු විජේරත්නට හා ඔහුගේ සගයන්ට අප ස්තූති කරන්නේ ඒ වෙනුවෙනි.

සටහන- කෙසේ නමුත් බස් නැති වීම ගැන බස් කරුවන්ට බැනීම  එයට හේතුව  වූ  වැඩි කල ආණ්ඩුවට එරෙහිව පාරට බසිනවාට වඩා පහසුය.

 

Advertisements
Comments
  1. ඉන්ද්‍රජිත් says:

    “ස්වයං මෝහනයක ගැලී , පෙරහැරේ ගොස් දැයට කිරුල බලන මිනිසුන්ට මේ අයුරින් හෝ දැන්විය යුතුව තිබේ. අද උදේ බස් නැතිව වේලෙන විටවත් ඉන්ධන මිල වැඩි වීමේ ආනිශංස ඔවුන්ට තේරෙනු ඇත.”
    මේ තරම් ජීවිතේ සරල නම් කොච්චර හොඳද ඇටමැස්සෝ… මුන්ට ඕව තේරෙන්න තව අවුරුදු 10ක් වත් යාවි. බලන්න දැනටමත් කඩේයන වෙබ් වල කොමෙන්ට් දාලා ඇති “බස් ටික ආණ්ඩුවට පවරාගෙන හමුදාව දාල දුවන්න ඕන ” කියල . තව ටිකකින් tv නිවුස් වලත් ජහමනයා ඒ ජාතියේ වොයිස්කට් දෙවි.

  2. sadam says:

    lankawe minissunta konda pana madi ekai ohama unta ona ona widihata wadi karanne….

  3. Buwa says:

    ගැමුණු අන්කල් දිනුම් 20%ක් වැඩි කරගත්තා ලස්සනට , ඇට මැස්සටත් අපිටත් හෙට වැඩි පුර ගාණක් සාක්කුවෙ දාගෙන ගෙදරින් පිටත් වෙන්න වෙනවා , ලෝක වෙලඳ පොලේ තෙල් මිල සිරාවටම නැග්ග දවසකට ලංකාවේ කීයකඉන් ඉන්ධන මිල වැඩි වෙයිද ?

  4. kathwa sampurana attha…

  5. Ravana says:

    me moda maharaja apita epa

  6. dammika says:

    meka moda kathawak

  7. thameera says:

    මචං, රටේ ලෝකෙ වෙන දේ ගැන හොඳට හොයල බලන්නෙ නැතුව තමන්ගෙ තරහ පිටකරගන්න පුළුවන් නම් ගැමුණු විජේරත්න වගේ මිනිස්සුන්ගෙ ගුණ ගයන්න වුණත් ලෑස්ති අය ඉන්න බවට හොඳ සාක්ෂියක් නේද මේක?

    • gadfly says:

      ලියලා තියෙන දේ තේරුම් ගන්නේ නැතිව බක පණ්ඩිතකම් දොඩවන අය ඉන්න බවට හොඳ සාක්ෂියක් තමීරගේ කොමෙන්ට් එක.

      • thameera says:

        අපොයි, ලියල තියෙන දේ හොඳට තේරෙනව, සිංහලෙන්මනෙ තියෙන්නෙ. 😀 හැඟීම්වලට වහල් වෙන්නෙ නැතුව ලියන්න කියල තමයි කියන්න තියෙන්නෙ. මේක ගොඩක් ජනප්‍රිය බ්ලොග් එකක්. ඒත් මේ වගේ පදනමක් නැති ලිපි පළකිරීම ගැන දුකයි.

      • kevin perera says:

        That’s what I’m talking about..thameera you don’t even have a clue what he is talking about. and no body can’t give you that missing layer of the brain

        • thameera says:

          How dyu know that I don’t have a clue about this? Anyway I wish I had that layer of brain you’re talking about. You seem to be a real smartass.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s